Monday, March 25, 2013

අපේ බාප්පගෙ මිරිස් වගාව (ගජබින්නාලංකාරයේ පළමු කථා වස්තුව)

අපේ බාප්පා ගැන යන්තමින් විතර මගේ මුල් කියන පෝස්ටුවෙන් කිව්වා.

බාප්පා කොලුව කාලේ කන්තලේ පැත්තෙ ඉඩම් හම්බවෙලා වගා කොළා නොවැ. එක පාරක් එයා එහෙ ගොවි රජා හැටියට ත් තේරිලා තියෙනව. එක හැටියකට එක තැනක ඉන්න බැරි කමෙන් එයා ආපහු ගමට ඇවිත් මහගෙදර ඉඩම වගා කර ගෙන, අඩියක් පුඩියක් ගහගෙන, කාට හරි කෑගහගෙන, ආතල් එකේ හිටියා. එයා කොච්චර දක්ෂ ගොවියෙක්ද කියන එක මම පොඩි කාලෙ දැකලා තියෙනව. ඒ කාලෙ අපේ මහ ගෙදර අක්කර දෙකක ඉඩම (සහෝදර සහෝදරියො 8 දෙනෙකුට අයිති උනාට) බාප්පා තනියම වගා කරලා, එළවළු, බුලත් එහෙම පොළට ගෙනියලා තමන්ගෙ හැම ඕනෙ එපා කමක් ම පිරිමහගෙන ජීවත් වුනේ.

බාප්පා ඉතාම දක්ෂයි බොරු විදින්න. එයා බොරු විදිනවා විතරක් නෙවෙයි, අල්ලෙ පැළ කරනවා, පැකැට් කරනවා, තව තව ගොඩක් දේවල් කරනවා. මේ එයා දවසක් අපිට කියපු කතාවක්.

බාප්පා කන්තලේ තනියම මිරිස් හේනක් වගා කළා. ඒක කොච්චර සාරවත් ද කියනව නං, මිරිස් කඩන්න ගහට නගින්න වෙන තරම්. ඒක ට පාවිච්චි කරපු උදැල්ල ට ගහල තිබුණෙ ගංජ ගහකින් හැදුව මිටක් කියනවනෙ. ඒ මිටේ පවර් එකට උදේ වැඩ පටන් ගත්තහම එක දිගට ම වැඩ කරන්න පුළුවන් ලු.

දවසක් එයා උදේ ඉඳන් මිරිස් කඩලා කඩලා හරිම මහන්සියි. ඉතින් හිතුවලු ගහෙන් බැහැලා බීඩියක් බොන්න. ඉතින් ගහෙන් බැහැලා, ළඟම තිබුණු ගළකට හේත්තු වෙලා, කණේ ගහං හිටිය බීඩිය පත්තු කරගෙන, ගිණිකූර ඇතිල්ලුව ලු ගළේ. මෙන්න බොලේ එකපාරටම ගළ හෙල්ලෙන්න ගත්තලු. බාප්පත් බයවෙලා භූමි කම්පාවක් ද කියල බලනකොට තමයි, එයා මෙච්චර වෙලා ගළක් කියලා හේත්තුවෙලා ඉඳල තියෙන්නෙ නිදාගෙන හිටිය පතරංග සයිස් ඇතෙකුට බව දැක්කෙ. ඇතා දැක්ක බාප්පා බය බිරන්තට්ටු වෙලා   ආත බූත නැතුව කැළේ කඩාගෙන දුවලා. ඇතත් ළඟ ළඟම එළවං එනවලු.


බාප්පා දුවලා දුවලා ගිහිං ඉස්සරහට හම්බ වුණු අඩි සීයක් විතර උස ගහකට නැග්ගලු, ඇතාට ළං වෙන්නවත් බැරි. කොච්චර උසද කියනවනං ඒ ගහ, උඩට නැග්ගහම ඇතා පේන්නෙත් නිකං අර ඒ කාලෙ තිබුණ ගිණිපෙට්ටියෙ ඉන්න ඇතා සයිස් ලු. ගහේ උඩම අත්තකට නැගලා යන්තම් හුස්මක් කටක් අරන් බැලුවලු මේ මොන වගේ ගහක් ද කියලා. එතකොට තමයි දන්නෙ;

ඒක මිරිස් ගහක් බව.

ගජබින්නාලංකාරය මේ අයුරින් ආරම්භ කරමි.

මීට අපේ බාප්පගෙ අයියගෙ පුතා,
ඩ්‍රැකියා

පින්තූර ඉස්සුවෙ -
http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2010/8/23/1282575161155/Chillies-006.jpg
http://www.newsonair.nic.in/feature-image/Elephant-Tusker-running.JPG

25 comments:

  1. ඈ බන්, බාප්පා ඕක කියන වෙලාවෙත් අර "උදලු මිට" පත්තු කරගෙනද හිටියෙ?? හික් හික් හික්....

    (මාව හොයාගෙනම ඇවිල්ලා, මග සළකුණු තිබ්බට තැන්කූ ඈ..... follower gadget එක දාන්න. එතකොට follow කරන්න ලේසියි )

    ReplyDelete
    Replies
    1. word verification එකත් අස්කරන්න. settings > posts & comments >comments > show word verification > No

      Delete
    2. බලු පැටවුන්ට පණු ගාය හැදුනම ඒ කාලෙ කළුවර මෝල් ගහ හූරලා කුඩු අරං, කිරි වලට දාලා බොන්න දෙනවා. ඒ වගේ අපේ බාප්පගෙ පුතාට පොඩි කාලෙ උදළු මිට හූරලා බොන්න දෙන්න ඇති කයලා හිතෙනවා, ඌ දැන් කරන වැඩ වල හැටියට. (ලොල්)
      මග පෙන්නුවට, උදව් වලට, උපදෙස් වලට, පිළිගැනීමට, මගෙ බ්ලොග් එකට ආවට, ගොඩක් ස්තූතියි.

      Delete
    3. අමුතුවෙන් ස්තූති කරන්න දෙයක් නෑ බන්... මමත් ඕව කලින් දන්නෙ නෑ.මටත් ඕව කියල දුන්නෙ, කලින් ලියපු කට්ටිය. මම කරේ අලුත් කෙනෙක්ට පොඩි උදව්වක් කරපු එක. උඹත් ඉස්සරහට අලුත් උන්ට ඒකම කරයි.. (සංස්කෘතිය පවරා දීම :D )

      Delete
    4. තැන්කූ තැන්කූ එනි වේ..

      Delete
  2. බාප්පා චේතිය රජ්ජුරුවන්ගේ නෑයෙක්ද :P

    ReplyDelete
    Replies
    1. බාප්පා විතරක් නෙවෙයි, අපේ තාත්තත් ... හිකිස්.

      Delete
  3. මම හිතුවා අර අලියා පන්නගෙන එනකොට අලියව කන්‍ෆියුස් කරන්න වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වෙත් උඹේ බාප්පයි කියලා. :D

    ReplyDelete
  4. අපේ බාසා කැලේනෙ... මෙන්න නියම ගජ බින්න !

    ReplyDelete
    Replies
    1. මොකෝ කැලේ. උත් නියම පොරක් තමා.

      Delete
  5. හප්පා ඔය වගේම පොරක් මට අහු උනා දවසක් මල ගෙදරකදී... මෑන් රාජාංගනේ ගිය කතාව දාන්න ඕන වෙලාවක...

    ReplyDelete
    Replies
    1. දාන්න දාන්න. මං මෙව්ව එකතු කරනවා.

      Delete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා, අත්‍යලංකාර ගජබින්න අහන්න ලැබෙන වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා බතී... කොහොමත් පළාත් සභා ඡන්දෙ ළඟ එනවනේ. අත්‍යලංකාර එව්වම අහන්න ලැබෙයි.

      Delete
  7. Replies
    1. කරුණාකර පහත කමෙන්ටුව බලන්න. ඔබත් අදම ප්‍රතිශක්තිකරණය කර ගන්න. :)

      Delete
  8. Replies
    1. කල් යාමේදී කම්මල සින්ඩ්‍රොම් හෙවත් කමෙන්ට් ඩබොලියාව වැළඳීමට ඉඩ ඇත...

      Delete
  9. Replies
    1. ඒක නිකං ගෙම්බෝ වගේනෙ... :-)

      Delete
  10. අනෙ එහෙම තව කීප දෙනෙක් අපිට හිටියනම් අලි ඇත්තු ඔක්කොම ඉන්දියාවටවත් පලව හරින්න තිබ්බ නෙ?

    ReplyDelete
    Replies
    1. කරුණාකර, පහත රිප්ලයි එක බලන්න...

      Delete
  11. අනෙ එහෙම තව කීප දෙනෙක් අපිට හිටියනම් අලි ඇත්තු ඔක්කොම ඉන්දියාවටවත් පලව හරින්න තිබ්බ නෙ?

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ, බාප්පට සිද්ධ වෙනව උන්ට ඉස්සරහිං දුවන්න. එතකොට තමයි අලි ඇත්තු දුවන්නෙ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි