Monday, April 8, 2013

ඉඩෝරෙට වෙලේ ළිඳක් - ගජබින්නාලංකාරයේ දෙවන කථා වස්තුව

බාප්ප යි තාත්තයි කරපු සමාජ සේවයක් ගැන බාප්ප කියපු කතාවක් මේ. බාප්පා ගැන පළවෙනි කතාව මෙතනින් කියවන්න ඇහැකි.

අපි පොඩි කාලේ වෙල අයිනේ නාන ළිං වලින් තමයි නෑවෙ, රෙදි හේදුවෙ එහෙම. මේ වගේ ළිඳක් ගැන සුනිල් පෙරේරා සූරීන් තමන්ගෙ ‘ළිඳ ළඟ සංගමය‘ කියන සිංදුවෙනුත් කියනවනෙ.

හොඳටම පායන කාලෙට ගමේ ළිං වල වතුර අඩු වෙනවනේ. එතකොට මිනිස්සු ගෙදර ළිඳේ වතුර බොන්න තියාගෙන, වෙළ මැද්දෙ ළිඳක් කපනවා. ඒ වගේ හොඳටම පායන කාලෙක බාප්පයි තාත්තයි ගමේ අනික් කාණ්ඩෙත් එක්ක වෙළේ අපේ වත්තට අයිනෙන් ළිඳක් හාරන්න පටන් ගත්තා.


කට්ටියත් ඉන්න එකේ ලේසියෙන් දවසකින් විතර ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන හෑරුවට, මේ ළිඳ කපනවා කපනවා ඉවර වුනේ නෑ. ඔන්න එක්කෙනෙක් බැහැලා හාරනවා. ඊට පස්සෙ එයා කූඩෙට පස් පුරවනවා. අනික් කට්ටිය කරන්නෙ ඒ වෙනකල් වටේට ඉඳගෙන කයිවාරු ගහ ගහ ඉන්න එක. පුරවලා ඉවර උනහම අනික් අය කූඩෙ උඩට ඇදලා ගන්නවා දබරෙන්.

බාප්පගෙ හොඳම යාළුවෙක් හිටියා ලපයා හෙවත් සාන්ති කියලා. එයාගෙ නම ට තේරවිල්ලකුත් හදලා තිබුණා ‘ඉන්දිරා ගෙ ලොකු පුතා‘ කියලා. ඉන්දිරා ගාන්ධි ගෙ ලොකු පුතාගෙ නම ‘සන්ජේ ගාන්ධි‘ ඒක අනිත් පිට පෙරළුවහම ‘ගංජ සාන්ති‘ ‍වෙනව, කටේ හුරුවට. තව හිටියා විල්බට් කියලා උස මහත හරිම අහිංසක මිනිහෙක්. එයාට කිව්වෙ ‘රජා‘ කියලා. ගැමියන්ගෙ තිබුණ උත්ප්‍රාස රසයට ඒක උදාහරණයක් කියලා මට තේරුණේ ගොඩක් පස්සෙ.

හාරගෙන හාරගෙන දවස් ගාණක් ගියාට පස්සෙ, ළිඳේ අඩියෙ ගළක් මතු වුනාලු. (මෙතන ඉඳන් මම ‘ලු‘ ප්‍රත්‍යය එකතු කරනවා.) මේ ගළ තිබුණාවෙකො. ඒකෙන් අමුතු සද්ද ඇහෙන්නත් ගත්ත ලු. යට හිටිය ‘රජා‘ හොඳටම බය වෙලා උඩට නැග්ගලු.

යකාටවත් බයනැති අපේ බාප්පයි තාත්තයි බැස්සලු ළිඳට මොකද්ද වෙන්නෙ කියල බලන්න. ගැට උණගහ දිගේ ටික ටික අඩියට ළං වෙනකොට ඇහෙනවලු ‘මරපිය, කොටපිය, ඉරපිය,...‘ වගේ සද්ද. බොහොම භයානක කටහඬවල් වලින්.  මොනව වුනත් බයට වඩා කුතුහලය තිබුණු තාත්තයි බාප්පයි කුළු ගෙඩියක් අරං ගළ කඩන්න පටන් ගත්තලු. ටිකෙන් ටික ගළ කැඩෙනකොට තමයිලු දැක්කෙ‍:

ගලට යටින් මතු වුනේ අපාය ලු.

හමුවෙමු නැවතත් ගජබින්නාලංකාරයේ තවත් හරවත් කථාවක් සමඟින්.

පින්තූරෙ ඉස්සුවෙ - http://marionmedical.org/images/MalawiFall07d_018.jpg

12 comments:

  1. හික් හික්... ඇති ඔයින් ගියා.

    ReplyDelete
  2. කිව්ව ගජබින්නෙට තව පොඩ්ඩෙන් දෙන්නාව පොළොව පලාගෙන අපායට යනවා :P

    ReplyDelete
  3. තව තියෙනවා, දැන්ම අපායෙ ගිහින් බෑ.

    ReplyDelete
  4. සුනිල් පෙරේරා සූරීන් කියනවා, මම දන්න සුනිල් පෙරේරට ඇහුනොත් නම් ඒකා බෙල්ලේ වැල දාගන්නවා.

    ඉතින් එහෙමම ගල කැඩිල්ල නැවැත්තුවද නැතිනම් කොන්ක්‍රීට් දාලා ලිඳ වැහුවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගේ, මම කැමති අයට ගෞරවය දෙනවා.

      මම හිතන්නෙ ඒ ළිඳ තවම තියෙනවා. දැන් නම් ටිකක් ගොඩ වෙලා.

      Delete
  5. ඒ වෙලවෙ බාප්ප දැක්කලු ඩ්‍රැකියා ලෝදිය හැලිය ඇතුලෙ නානව. දුක හිතිම්ල අයියට කිවුවලු ආං උඹේ කොල්ල වෙන්ඩ ඉන්න එකා ලෝදිය හැලියෙ නානවා කියලා. ඌ මොකටද ලෝදිය හැලියෙ වැ‍ටුණෙ ? ඇයි බං අයියෙ ඌ ඉස්සරහට ලියන ගජ බින්න වල පවටයි උගෙ කටේ ලෝ දිය දාන්නෙ..

    ReplyDelete
    Replies
    1. එතකොට සරත් ලංකාප්‍රිය ඒක දැකල තියෙන්නෙ කටු ඉඹුලෙ උඩට ලිෆ්ට් එකෙන් යද්දි...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි