ගමේ බේකරියේ මුදලාලි ගජ පෝසතෙක් ය. තමන්ගේ පාඩුවේ ගුල්ලන් කැරපොත්තන් වැඩිය අඩංගු නොකර සුමිහිරි පාන්, බනිස්, කිඹුලන් ආදියත්, ඉතුරු වෙන ඒවායින් ඥාණකථා, හුළං විස්කෝතු, ඇඟිලි, විස්කිරිඤ්ඤා ආදියත් සාදමින්, ගෝලයින් ලවා ගම් කිහිපයක ම බෙදා හරිමින් පොහොසත් වූ මුදලාලි දැහැමින් සෙමෙන් සල්ලි අට්ටි ගැසූ, ටිපිකල් ගැමි මුදලාලියෙකි. බේකරියත් නිවසත් ඇතුළත් අක්කර බර ගණනක ඉඩම වටේ කටු කම්බි වැටක් ගසා තිබූ අතර, උන්නැහේ මෑතකදී පාර පැත්තේ මනරම් තාප්පයක් බැන්දෙව්වේය. එයා ඒ තාප්පෙට බොක්කෙන්ම ආදරේ ය. උදේ පාන්දරින් අවදි වන මුදලාලි, ඇඟිල්ලෙන් දත් මදිමින් පාරට බැස, හුණු පිරියමින් සුදට සුදේ බබළන තාප්පය දිහා බලාගෙන සෑහෙන වේලාවක් ගත කරන්නේය. ඊට පස්සේ රවුමක් ගසා, කෙලින්ම ගොඩ වෙන්නේ බේකරියට ය.
මේ ළඟදි කියන්නේ, ගිය අවුරුද්දේ දවසක උන්නැහැ උදෙන්ම තාප්පෙට අනිමිස ලෝචන කරන්න යද්දී තමයි ය, ඇගේ මාලු නටන සිද්දියක් දැක්කේ. තාප්පේ හරි මැද පොල්ගෙඩි අකුරෙන්,
‘සරත් පොන්සේකා නිදහස් කරනු !‘
කියා ලියා තිබුණේ ය.
මුදලාලි උඩ විසි වී ගිහින්, ඔලුවත් කහමින් කල්පනාවකට වැටුණා ය. (මෙගා ටෙලි වල වගේ උන්නැහැ කල්පනා කරපු දේ මට ලියා දක්වන්න නිදහසක් තිබේ.)
‘මොන සරතෙක් ද, මේ බේකරියෙ මම හිර කරන් ඉන්නෙ?‘
කෝකටත් කියා මුදලාලි තාප්පේ තිබ්බ අර වගන්තියට යටින්, පොඩි අකුරෙන් මෙහෙම ලිව්වාය,
‘සරත් පොන්සේකා මෙහේ නැත !‘
මේ වගන්ති දෙක සතියක් විතර තාප්පේ තිබී, ආයෙම පාරක් මුදලාලි ගෝලයො ලවා ගාවපු හුණු කෝට් කීපයකින් මැකුණා විතරයි, ඊළඟ දවසක පාන්දර මුදලාලි ආයෙම පාරක් උඩ යවාපු වගන්තියක් තාප්පේ ලියා තිබුණේ ය.
‘ඇමරිකන් අධිරාජ්‍යවාදය ලිබියාවෙන් ඉවත් වෙනු !‘
‘මේ මොන මගුලක් ද?‘ එහෙම හිතපු මුදලාලි, කෙලින්ම දත් මැද මැද ගියේ පොලිසියට ය. ගිහින් ඕඅයිසී මහත්තෙයාට මුල ඉඳන් කතාව කිව්වේ ය.
‘හරි. මුදලාලි යන්ඩකො. මම බලාගන්නම්‘ ඕඅයිසී මහත්තයා ඈණුමක් ඇර, පත්තරේ දිග ඇරගන්න ගමන් කීවේ ය.
මුදලාලිත් තටු කැඩිච්ච කුකුළා වගේ ආපහු හැරී ගෙදර ආවේ හුළං බැස්ස ටියුබ් එකක් වගේ හිතකින් ය. ඒ වුනත් ඊළග සතියේ පත්තරේ බලන කොට තමයි ඕඅයිසී මහත්තයා කිව්ව කාරණේ මුදලාලිට තේරුණේ.
“ඇමරිකානු හමුදා ලිබියාවෙන් ඉවත් වෙයි“ දිණමින පත්තරේ මුල් පිටුවෙම තිබ්බේ ය.
‘ඕඅයිසී මහත්තෙයත් ලේසි පුතෙයෙක් නෙවෙයි‘ මුදලාලි හිතුවෙ ය.
ඔන්න ඔහොම කාලයක් යද්දී, ගමේ ඉළන්දාරි ටික වේදිකා නාට්ටියක් හැදුවෝය. වේදිකා නාට්‍ය වල තියෙන්නෙ අමුතු නම් නොවැ. ඉතින් මුන් ටිකත් ප්‍රසිද්ධ නාට්‍ය වලට නොදෙවෙනි වෙන විදියට නමක් දැමෝය.
‘කාමරයක් කුළියට දීමට තිබේ‘
ඒක තමයි නාට්ටියෙ නම. ඉතින් ඔය පෝස්ටරයක් මුදලාලිගෙ තාප්පෙත් ගැහුවයි කියමුකො. එදා ඉදන් මිනිස්සු මුදලාලිගෙන් කුළියට කාමර ඉල්ලන්න එනවා ඉවරයක් නැත. බැරිම තැන මුදලාලි ගියේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ලිබියාවෙන් එළවා දමපු සර්ව බලධාරී වැඩකරු වන ඕඅයිසී මහත්තයා ගාවට ය.
ඕඅයිසී මහත්තයත් මුදලාලිගෙ විස්තරේ අහන් හිටියේ ය.
‘සුළු දෙයක්නෙ මුදලාලි. ඔය ගෙදර කාමරයක් කුළියට දීලා ප්‍රශ්නෙ විසඳගන්නවකො. ආදායමකුත් එනවනෙ‘ ඕඅයිසී එහෙම කිව්වේ, ප්‍රශ්නෙ ගොඩින් විසඳීමට ය. ඒ ඇසූ මුදලාලි ගේ මුහුණ ගොනා පයින් ගැසූ ලන්තෑරුම වගේ විය.
‘කොහෙ තියෙන කාමරද මහත්තයො?‘ මුදලාලි කීවේ ය. ‘කාමර ඔක්කොම ගාමන්ට් කෙල්ලන්ට කුළියට දීලා. සාලෙ බිම පැදුරක් එළාගන්න ඉඩ වලට වෙන් කරලා බේකරියෙ ගෝළයින්ට කුළියට දිලා, වෙන එකක් තියා සාලෙ මහ ජනෙල් දෙකත් බස් කොන්දොස්තරල දෙන්නෙකුට කුළියට දීල තියෙන්නෙ. උන් දෙන්නා ඒ ජනෙල් වල එල්ලිලා බුදියෙන්නෙ. ඒ මදිවට මහ රෑට ‘හා කොටුව කොටුව නගින්ඩ නගින්ඩ‘ කියලා බෙරිහන් දිදී, සාලෙ බිම බුදියගෙන ඉන්න එවුන් ඇදලා ඇරං ජනේලෙන් එළියට දානව. එක බිම් අඟලක්වත් නෑ ආයෙ කුළියට දෙන්ඩ...‘
‘එහෙනම් මෙහෙම කරන්ඩ‘ ඕඅයිසී බැරිම තැන සාමාන්‍ය දැනීම පාවිච්චි කළේ ය. ‘තාප්පෙ ලියන්ඩ “මේ තාප්පය ඔබගේ ය- එය රැකගැනීම ඔබගේ යුතුකමයි“ කියලා. ඔය හැමතැනම බේරගන්ඩ බැරී දේවල් ට ඔය වගන්තිය තමයි ගහන්නෙ. හවසට අපේ ගෙදර පාටියකුත් තියෙනව. පුළුවන්නම් කේක් කිලෝ තුනකුයි, ළඟ බාර් එකන් ගල් බෝතල් හතරකුයි එවන්ඩ කොල්ලෙක් අතේ.‘
මුදලාලිත් ඕඅයිසී ට පින් දීලා ගෙදර ගියෝය. එදාම හවස ගමේ ආට් ගුණේ මුදලාලිගේ තාප්පේ අර කී වගන්තිය පින්තාරු කර දී ගතමනාව ගත්තේ ය.
පහුවදා මුදලාලි දත් මැද මැද පාරට ගිය විට මොකද්දෝ අමුත්තක් ඇති බව දැක්කේ ය.
.... බැලින්නම් තාප්පේ එහෙම් පිටින්ම අතුරුදහන් ය.
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
නියම කතාව මට නම් හිනා ගියා හොඳටම ..
ReplyDeleteලස්සනට ගලපලා තියෙනවා ..දිගටම ලියන්න ..
තැන්කූ තැන්කූ... දිගටම මේ පැත්තෙ එන්න.
Deleteඅපූරුයි. අර ඕඅයිසී මහත්තය ලිබියාවෙ ප්‍රශ්නෙ විසඳුව කොටසට තමා වැඩියෙන්ම හිනා ගියෙ. :D
ReplyDeleteලංකාවෙ ඉන්න සමහරු හිතන් ඉන්නෙ තමනුත් ඒ වගෙයි කියලනෙ. හිකිස්...!
Deleteහික්ස්..... ඇත්ත අතමයි "අපේ" දේවල් මොකටද වෙනින් තැන්වල තෙමෙන්න අරින්නෙ ...... :D :D
ReplyDeleteඒකනේ කියන්නේ... :-D
Deleteආතල් කතාවක්. අන්තිම වෙනකං ම ඉණ ඇදෙනකං හිනා වුණා. දිගට ම ලියන්න.
ReplyDeleteඉෂ්ටූටියි ඉෂ්ටූටියි !! ඉණ නේද ඇදුනේ ?
Deleteරසවත් ලිපි පෙලක්
ReplyDeleteබ්ලොග් අඩවිය ඉදිරියට කරගෙන යාමට සුභ පැතුම්
ස්තූතියි, ස්තූතියි.... දිරිගැන්වීම ලොකු හයියක්...
Deleteමගෙ අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
නියම කතාව මේක නම්. අලුත් මාලු විකිණීමට තිබේ කතාව වගේ ෆන් කතාවක් තමා මේකත් :D
ReplyDeleteටැංකූ ටැංකූ... මම පොඩි කාලෙ ‘හිනා‘ පත්තරේ තිබ්බ කතාවක්. කාලීන වෙනස්කම් ටිකක් කළා විතරයි.
Deleteපට්ට ලිවිල්ලක්නෙ. ඕන මම ගෝනි නැතිවම සින්ඩියෙත් එල්ලුවා. කේක් එකක් ගල් භාගයක් ගෙනාවට අමනාප වෙන්නෙ නෑ. හරිම රහයි..
ReplyDeleteඅනේ ටැංකූ ටැංකූ... ලොකු හයියක් සින්ඩියට ඇතුල් කරගත්ත එක. බ්ලොග් එක තව දවසක් දෙකක් පරණ වෙනකල් ඉඳලා මාතලං අයියගෙන් ඉල්ලන්නමයි හිටියෙ සින්ඩියට දාන්න කියලා. ගල් නං ඉතින් මොනවද මෙයා?
Deleteබස් කොන්දාගේ කෑල්ල නම් පට්ට ඈ
ReplyDeleteමටත් හිතට ඇල්ලුවෙ ඒකමයි....
Deleteමෙච්චර ජොලිකතා ලියන එකා මේ ඇඟේ ලේ වතුර වෙන නමක් දාගෙන ඉන්නේ බොකෝ බං ? පට්ට කතාවකට පට්ට කතාව නොකියා මොනවා කියන්නද? පට්ට කතාව ඩ්රැකී!
ReplyDeleteඉස්තූතියි හෙන්රි අයියා. මගෙ නම ගැන පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නවා. දිගටම මේ පැත්තෙ එන්න.
Deleteමරු ඈ... අදමයි ආවේ..... සුපිරි..
ReplyDeleteමාතලන්ගෙන් පාර හම්බුනේ....
අනේ බුදු මාමේ... මෙච්චර කල් කොහෙද අනේ ගිහිං හිටියෙ.?
Deleteඋපරිමයි !!
ReplyDeleteටැංකූ ටැංකූ....
ReplyDeleteහිනා යනවා ඔයි ...
ReplyDeleteජයවේවා
ඉස්තූතියි... (රිවස් නොකළට)
DeleteMaru...
ReplyDeleteThanx
Deleteඅන්නේකයි මාත් කියන්නෙ.... තාප්පෙ අපේ නං අපි ගෙදර ගෙනියනවා... කොන්දොස්තර සීන් එක තමයි ආතල්ම... හැක්
ReplyDeleteකියල වැඩක් නෑ දිලා... තාමත් මට මේක මතක් වෙනකොට හිනා යන්නෙ ඒ හරියට තමා. මේක හිනා පත්තරෙං ගත්තෙ. අපි පොඩි කාලෙ ආව පත්තරයක් ඒක. තව තව කතා තිබ්බ, මතක නෑ.
Deleteමේ කතා රසවත්.
ReplyDeleteFace Book එකට එකතු කරන්ඩෝ.
ඉස්තූතියි... ඕං දැම්මා!
Delete