Wednesday, May 22, 2013

බෞද්ධයෙක් කියන්නේ කවුද? - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 3 කොටස


බුදුන් සරණ යන කෙනෙක් ළඟ ඇති ගුණාංග ගැන බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රෙය් දේශනා කරනවා.

බුදුන් ගේ අදහස අනුව, බෞද්ධයෙක් කියන්නේ,

1. ආත්මය කිළිටි කරන කරුණු 4 කින් ඈත් වුණු,
2. කරුණු 4 ක් නිසා කරන පවු වලින් වැළකුණු,
3. වස්තු විනාශයට හේතු 6 කින් වැළකුණු,
4. සදිසාවන් මනාව පවත්වාගන්නා, තැනැත්තෙක්.

1. ආත්මය කිළිටි කරන කරුණු:
    (අ)  පණ නැසීම,
    (ආ) සොරකම,
    (ඇ) අනිසි කාම සේවනය,
    (ඈ) බොරුකීම සහ කිරීම.

2. පවු කිරීමට මුල් වන කරුණු:

    (අ)  පක්ෂග්‍රාහී බව,
    (ආ) ද්වේෂය හෙවත් තරහබව,
    (ඇ) බය,
    (ඈ) මුළාව.

3. වස්තු විනාශයට හේතු:

    (අ)  මත්ද්‍රව්‍ය,
    (ආ) අවේලාවේ රස්තියාදුව,
    (ඇ) නැටුම් පොළවල හැසිරීම හෙවත් වල බැසීම,
    (ඈ) සූදුව,
    (ඉ)  නරක මිතුරන් ඇසුර,
    (ඊ)  කම්මැලි බව.

     (අ) මත්ද්‍රව්‍ය වල ප්‍රතිවිපාක:
          1) ධනය නැතිවීම,
          2) කෝළහාල වල පැටළීම,
          3) රෝග පීඩා,
          4) අපකීර්තිය,
          5) ලැජ්ජාව නැතිවීම,
          6) නුවණ දුර්වල වීම.


     (ආ) රස්තියාදුවේ ප්‍රතිවිපාක:
          1) තමනුත්, තමන්ගෙ අඹුදරුවොත්, තමන්ගෙ ධනයත් අනාරක්ෂිත වීම,
          2) අපරාධ වලට සැකයට ලක් වීම,
          3) නැති කතා (පද) ඇති වීම,
          4) බොහෝ දුක් හිරිහැර වලට ලක් වීම.


     (ඈ) සූදුවේ ප්‍රතිවිපාක:
          1) දිනුව කෙනා වෛරයට ලක්වීම,
          2) පැරදුන කෙනා දුකට පත් වීම,
          3) ඇස්පනාපිට වස්තුව නැතිවීම,
          4) තමන්ගෙ අදහස් ගැන අනුන් ගේ පිළිගැනීම නැතිවීම,
          5) අසල්වැසියන්ගේ නින්දාවට ලක්වීම,
          6) ගැහැනියෙකුට කන්න අඳින්න දෙන්න බැරි වීම යන සාධකය මත කෙල්ලගෙ දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වීම.


නරක මිතුරන් ඇසුරු කිරීමෙන්: සූදු කාරයන්, සල්ලාලයන්, බේබද්දන්, කපටින්, වංචාකාරයන්, සාහසිකයන් ඇසුරට වැටෙයි.

කම්මැලිකම කියන්නේ, ‘දැන් හරි සීතලයි, රස්නෙයි, දැන් හවස් වුනා වැඩියි, තාම උදේ වැඩියි, දැන් බඩගිනියි, දැන් කෑවා විතරයි‘ වගේ හේතු කියමින් වැඩ නොකර ඉඳීමයි. ඒ වගේ මිනිහෙක්ට ලබා ගත යුතු දේවල් ලැබෙන්නෙත් නෑ, ඒ වගේම තියෙන දේවලුත් නැති වෙනවා.

ඉර පායනතුරු නිදාගැනීම, අනුන් තම පණ වගේ රකින ගැහැණුන් ආශ්‍රය, තරහ බැඳගැනීම, අයහපත් ප්‍රතිඵල ඇති දේ කිරීම, සහ තද මසුරුකම නිසා මිනිසුන් විනාශ වෙනවා. ඒ වගේම  නරක මිතුරන් ආශ්‍රය, ළාමක වැඩ කිරීම, සූදුව, නුසුදුසු තැන් වල ඉඳීම, යහපත අයහපත දන්නා ‍ඥාණවන්තයින් ඇසුරු නොකිරීම, වතුර වගේ සුරා බීම, දවල් නිදාගැනීම, රෑට අවදි නොවීම නිසා ඔවුන්ගේ ධනයත්, කීර්තියත් පිරිහෙනවා.

සීතලද රස්නෙයිද කියා නොබලා උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා පිරිහේනනේ නෑ.

සිඟාලක ගෘහපතිට දේශනා කරපු මේ සූත්‍රයේ ඉතිරි තොටස ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. එයින්, පාප මිතුරන්, කළණ මිතුරන්, සදිසා රක්ෂණය වගේ දේවල් විස්තර කෙරනවා. අද ලිපියෙන් කියවෙන්නේ බෞද්ධයෙක් නම් එයා තුළ තිබිය යුතු ලක්ෂණ.

(එක කාලයක් බුදු පිළිම වලින් රැස් විහිදෙනහැටි බලන්න ගාල කඩාගෙන දුවපු අපේ කෂ්ටියකට, ඒක වෙන හැටි විද්‍යාත්මකව පහදන්න ගියපු ඩ්‍රැකියට, එක ගෑණු කෙනෙක් ගෙ හොඳ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුනා. එයා ඇහුවා, ‘ඔයා බෞද්ධයෙක් ද?‘  කියලා.)

බෞද්ධයෙක් කියලා කියාගන්න ගමන් අපි මේ දේවල් ඇතිකරගන්න ඕනෙ අතරම, බෞද්ධයින් වෙනුවෙන් බල සේනා හදාගත්ත අය සහ අපෙන් වැඳුම් පිදුම් ලබාගන්නා හාමුදුරුවරු තුළ මේ කියන ලක්ෂණ තියෙනවද කියලා විමසන එකත් අපේ වගකීම. චීවරයට වඳින්න කැමති අය මරදානේ මාලිගාකන්ද පාර දිගට පෙරළි පෙරළි වැන්දට ඩ්‍රැකියා මොකුත් කියන්නේ නැත.

ප/ලි
සූත්‍ර පිටකය අමු සිංහලෙන් අධ්‍යයනය කරන්න හොඳ බ්ලොග් එකක් http://dahamsithum.wordpress.com
පින්තූරය ණයට ගත්තේ : http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/Meditation-hands1-550x364.jpg

ප/ප/ලි
වෙසක් කියලා ගජබින්න සහ ආතල් ඉස්ටෝරි නොකීම පවු නේද? කවුද කැමති ගාථා ධර්මයන්ට ඩ්‍රැකියා ගේ නව අර්ථකථනයන් අසා අපා මාර්ගය හෙළි පෙහෙළි කරගන්න? මේ ගැන දක්වන අදහස් අනුව මීළඟ පෝස්ටු පළ කෙරෙන බව කරුණාවෙන් සළකන්න

20 comments:

  1. මේ කාරණා ටික තියෙන්නෙත් සිඟාලෝවාද සුත්‍රයේ කියලා දැනගෙන හිටියේ නැනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ, සිඟාලෝවාද සූත්‍රෙය් මුල් ගාථා ටිකේ තමයි තියෙන්නෙ.

      Delete
  2. ගොඩක් වැදගත් මේ දේවල් ගැන ලියන එක.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි, ඉස්තූතියි...

      Delete
  3. ඉතින් අද මහා බෞද්ධයන් ලෙස පෙනි ඉන්න අය ගාව ඔය එකක්වත් තියෙන්වද...?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් මතු කරන්න උත්සාහ කරන්නෙ. බුද්ධාගමේ රැකවල් දේවදූතයො විදිහට පෙනී හිටින උන්ගෙ ප්‍රතිපත්ති. එළිපිටම පේන ඒ අය‍ගෙ චරිතය.

      Delete
  4. නියම අඩවියක්නේ ඩ්‍රැකී. අදයි ආවේ. ඔන්න ෆලෝ පාරකුත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා නලීන්, මුල ඉඳන් කියවන්න පෝස්ට් එච්චර නෑ. 16 යි තව තියෙන්නෙ. බලලා අදහස් දක්වන්න. ඔයාගෙ අදහස් මට වටිනවා.

      Delete
  5. බොහොම් හොඳයි ඩ්‍රැකී. මේවා කාටත් වැදගත් කරුනු. ඔහොම ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන, දිරිගැන්වීමට.

      Delete
  6. ඔන්න නියම බෞද්ධයා සොයාගැනීමට ක්‍රමය.. දෙන ඔය අනුව පාරට බෙහැගෙන සිවුරු කඩාගෙන පොලු අරං බුද්ධගම රකින්න "සටන්කරන" (ඒ අතරෙ බීල සිවුරපිටිං වාහන එලවලා මිනිස්සු හප්පල දඩ කාපු අයත් ඉන්නවද මන්දා )අය කීදෙනෙක් සැබෑ බෞද්ධයෝද කියල කියවන්නෝ සිතත්වා.

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලෙ තිබ්බ දේ තමයි මටත් එළියට ගන්න ඕන වුනේ සරත් අයියා. කියවන්නෝ සිතත්වා!

      Delete
  7. https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete
    Replies
    1. හනේ ඉතිං ඔබටත් සුභ වෙසක් මංගල්‍යයක් ම වේවා!

      Delete
  8. කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
  9. බහුතරයක් දෙනා ධර්මයේ සරණ සොයන්නෙ කරදරයකට පත් වුනාම. නමුත් ඒ බහුතරය දන්නෙ නෑ ඊට වේලාසන ධර්මයට අනුව කටයුතු කලා නම් එවැනි කරදර බොහොමයකට පත්නොවෙන බව...

    තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. සිරා ගෙ අදහස සිරා ම තමයි.
      මගෙ යාළුවෙක් ඉන්නවා කපු මහත්තයෙක්. එයා දවසක් මට කිව්වා, ‘දේවාලෙ වැඩ කළාට මාත් කොල්ලෙක්. මාත් බ්ලූ එහෙම බලනවා‘ කියලා. ඒ වගේ, වෙසක් මාසෙ ධර්මය ගැන කතා කළාට මාත් ජොලියට ලොල් මනුස්ස පරාණයක් මචං.

      Delete
  10. වෙසක් කලාපයට තුති පුදමු
    වාරණ රජමහ විහාරයේ සිරීපාද අනුරැවක් හදලා,කොහොමද නැගල වැඳල පුදල ආවොත්
    පර්යේෂකයා

    ReplyDelete
    Replies
    1. වාරණත් වැඳගෙන, සිරිපාදෙත් කරුණාකරගෙන එමු නේද එහෙනං.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි