Tuesday, May 28, 2013

අපිට පිස්සු ඕයි !


අපිට පිස්සු ඕයි

ලසන්තට වෙඩිතිබ්බා ඕයි
එක්නැලිගොඩ අතුරුදහන් ඕයි
(එක්නැලිගොඩ විදේශ ගත වුනා කිව්වෙ කවුද ඕයි
දැන් අගවිනිසුරු එයාද ඕයි)
ලලිත්, කූහන් කියන්නෙ කවුද ඕයි
බාලචන්ද්‍රන් මැරුවද ඕයි
හරක් මරණ එක නම් හෙණ වැරදියි ඕයි

හලාල් ගියා ඕයි
ලයිට් බිලක් ආව ඕයි
21 වැඩ වර්ජනයක් තිබ්බද ඕයි
දැන් මොකුත් මතක නෑ ඕයි

හාරත ලක්ෂ්මන් මැරයෙක්ද ඕයි
එයා මැරුවෙ කවුද ඕයි
සැකකරුවට ඇප දුන්නද ඕයි
හාස්කමින් හොඳ වුනාද ඕයි
(ස්කෑනර් එකක් පුපුරලා දරුවෙක් මළෙත් එහෙදිමද  ඕයි)
මට ඔය මොකුත් මතක නෑ ඕයි

අධිකරණය යටපත් වෙලාද ඕයි
මානව හිමිකම් කියන්නෙ මොනවද ඕයි
සම්බාධක පණවයිද ඕයි
පොදුරාජ්‍ය මණ්ඩලේ මෙහෙ ගෙනෙයිද ඕයි

ලැම්බෝගිනි අඩුවුනාද ඕයි
නයිට් රේස් තිබ්බද ඕයි
තාරුණ්‍යයට හෙටක් අරමුදල් කෝ ඕයි
ලංවිම පාඩුයිද ඕයි

කොටකෙතන ඝාතකයා කොහෙද ඕයි
සිංගප්පුරු පැන්නෙ කොහොමද ඕයි
පොල්ගෙඩි අටට මොකද උනේ ඕයි

හාමුදුරුවන්ගෙ දේහය කොළඹ තියන් අවසන් කටයුතු කරමු ඕයි
පෙළපාලිත් යමු ඕයි
මස් කඩ වලටත් ගහමු ඕයි
ඕකද රටේ තියෙන ප්‍රශ්නෙ ඕයි
සෝම හාමුදුරුවොත් මෙහෙම විකුණං කෑවද ඕයි

මාවිල් ආරු වීරයා අතනද මෙතනද දැං කොතනද ඕයි
යුද්ධෙ දිනපු මාධ්‍ය වීරයා කෝ ඕයි
තරප්පු කඩං වැටුනෙ ඇයි ඕයි
ලෝකෙ හොඳම හමුදාපති කවුද ඕයි
ප්‍රභාකරන්ට නැව් අරං දීපු කේපී කෝ ඕයි
ඝාතන කරපු කරුණා - පිල්ලෙයාන්, කොටි නෙවෙයි ඕයි
උතුරෙ සංවර්ධන කරන කේපීගෙ එන්ජීඕ එක හොඳයි ඕයි
නිව්මාන් පදනම නාකයි ඕයි
උං එක්ක එකතු උන යූඑන්පී, ජේවීපී ත්‍රස්තවාදියො ඕයි
ලයිට් බිලට විරුද්ධ වෙලා රට බෙදනව ඕයි
පාක්‍යසෝති නඩේ දැං කෝ ඕයි

යුද්දෙට ගිය වියදම දැං නෑ ඕයි
ජාතිය ගොඩනගන්ඩයි බදු ගහන්නෙ ඕයි
දිනූ නිදහස රැකගන්ඩ ඕනෙ ඕයි
විපක්‍ෂෙ හරි නරකයි ඕයි

උතුරෙ ඡන්දෙ තියන්ඩ හොඳ නෑ ඕයි
එතකොට ආයෙ ඊළමක් හැදෙනව ඕයි
ඒ කියන්නෙ ඊළම හැදෙන්නෙ ව්‍යවස්ථාවෙන්මයි ඕයි
ඒක වෙනස් කරන්ඩත් බෑ ඕයි
ජනාධිපති ධූරයෙ වාර ගාන නං වෙනස් කළෑකි ඕයි
ස්වාධීන කොමිෂනුත් වෙනස් කළෑකි ඕයි

පාරවල් හදනව ඕයි
වරායයි එයාපෝට් එකයි සිනමා ගම්මානෙයි හැදුව ඕයි
කුළුණු, හෝටල් හදනව ඕයි
මිනිස්සු මහපාරෙ ඕයි
කන්ඩ නෑ ඕයි
ඉඩම් වලින් එළවනව ඕයි
ඒත් අපිට ආතල් ඕයි

මේ ඔක්කොම වෙන රටේ
ඉන්නෙ සංවේදී පළපුරුදු ජනමූල නායකයෙක් ඕයි
උගන්ඩාව, බුරුමෙ වගේ හාල්පාරු රටවල් අපේ යාළුවො ඕයි
නලාකාරයො කලාකාරයො කඩේයන්නෑ ඕයි
උන් කරන්නෙ පුරවැසි යුතුකම් ඕයි

දැං නං සිරාවටම පිස්සු ඕයි
අපිට විතරද පිස්සු ඕයි
????????????????????????????????????????????

36 comments:

  1. සති දෙකේ කේස් ඔක්කොම තියනවද කොහෙද :)

    ReplyDelete
  2. සුදු වෑන් එයි ඕයි

    ReplyDelete
  3. හදිස්සියකට පාවිච්චි කිරීම සඳහා මත්තල සිට ගුවන් පථයක් හම්බන්තොට නැව් නැති වරායටත්, හම්බන්තොට වරායේ සිට නැව් යන්ඩ පුළුවන් විසාල ඇලක් මත්තල ප්ලේන් නැති ගුවන් තොටුපොළටත් කපනවා කියන්නේ ඇත්තද ඕයි?

    ReplyDelete
  4. මෑත කාලීන ලංකාවේ හරස්කඩක්...

    ReplyDelete
    Replies
    1. හරස්කඩක් නොවේ බන් සිරායියේ මේක තමයි මතුපිටින් පෙන්න තියෙන්නෙත්...

      එත් අවාසනවට අපිටත් චන්දයක් ආවම මේ මුකුත් මතක නෑනේ ඕයි... එකනේ මේ යක්කු හැමදාමත් බලයේ ඉන්නේ අපිටම පාර්ට් දම,දමා.....

      Delete
  5. සිරාවට ම ලියලා ඕයි
    බොක්කට ම වැදුණා ඕයි
    හාස්කම් පිරිලා ඕයි
    පරිස්සමින් හිටු ඕයි

    ReplyDelete
    Replies
    1. //සිරාවට ම ලියලා ඕයි//!!!!!

      Delete
    2. මෙහෙට වෙල්කම් ඕයි
      මේ වගේ දේවල් සිරාවටම ලියවෙනවා ඕයි
      මොකද මෙව්ව අපිට කෙළින්ම බලපානවා ඕයි

      Delete
  6. මේ ඔක්කොම ඇත්තම,ඇත්ත තමයි ඕයි...
    මැදමුලන ජනනයක සංවේදී පියා කෝ ඕයි....:D

    ReplyDelete
  7. උන්ට ඩබල් පිස්සු ඕයී.

    ReplyDelete
  8. ප්‍රභා හිටියනං ඕයි
    ලංකාවේ උන්ට සේරම අමතකයි ඕයි.
    හැම දේම මතක සති දෙකයි ඕයි......

    ReplyDelete
  9. මාලන් වැහුවා ඕයි
    බුවා නෑ ඕයි
    උදිත බිසි ඕයි
    මූට පිස්සු ඕයි
    මට මඤ්ඤං ඕයි
    රට පෙරට ඕයි
    අපි බිමට ඕයි
    මට මතක නෑ ඕයි

    ReplyDelete
  10. කියවනකොට ඔලුව හොල්මං වෙනවනෙ ඕයි

    ReplyDelete
  11. හප්පට සිරි ඕයි.. මෙතන සේරම වගෙ තියනව නෙ ඕයි... :)

    ReplyDelete
  12. අපිව අමාරුවේ දාල ඕයි
    ඩ්‍රැකිය නිදිලු ඕයි...

    ReplyDelete
  13. පට්ට...
    ++++++++++++++++++

    ReplyDelete
  14. සබ්බේ පෘථජනා උම්මත්තකා ලු නේ ?

    :ඩී

    ReplyDelete
    Replies
    1. සබ්බේ විපක්ෂා දේශද්‍රොහියා
      සබ්බේ විපක්ෂා කුමන්ත්‍රණකාරයා
      සබ්බේ විපක්ෂා බෙදුම්වාදියා

      Delete
  15. අනේ මන්ද ඕයි...

    ReplyDelete
  16. @ ගමන් මගේ මඟියා,
    @ Black Puma,
    @ Anonymous May 28, 2013 at 5:14 PM
    @ සිරා
    @ Manoj Fernando
    @ ධාරා
    @ priyantha hewage
    @ Kenji @ Japan
    @ Naleen Dilruksha
    @ Helapa kade
    @ Chandana
    @ SilentSahan
    @ sAm (සෑම්)
    @ තිසර

    මේක ලිව්වෙ නොලියාම බැරි තරම් ආව ආවේගයෙන්. මම විශ්වාස කරන්නෙ මේ තත්ත්වය අපිට ආතල් එකක් නෙවෙයි. අපි කරන්න ඕනෙ මොනවම හරි. නැත්නම් අපිට මීළඟ ලයිට් බිල ආවහම ඉන්න වෙන්නෙ මොනවද කාපු රිලව් වගේ.

    හලාල් වගේ දෙයක් සමාජයෙ උපරි තලයට ගෙනත් අපි නැටෙව්ව වගේ, ‘ජාතියේ කිරිමව‘ බේරගන්න සටනක් ඇති කරලා අපිව ආයෙමත් නටවන්නයි හදන්නෙ. හැමතැනම මිනීමැරුම්, දූෂණ, මෙව්වට විරුද්ධව නැගිටින්න ඕනෙ ජනමතය, වෙනත් සිල්ලර දේකට කොටුකරලා දාන්නයි මේ වෑයම. ජනතා නැගිටීමක් එනකොටම අපිව කරකවලා අතඇරියහම මුන්ට ආතල් එකේ පාලනය කරන්න ලේසියි.

    ඔන්න නොකිව්වයි කියන්න එපා !

    ReplyDelete
    Replies
    1. යාන්තම් එකෙක් හරිම කොණින් අල්ලලා වගේ...

      එන්න පරක්කු උනාට සොරි ඕයි ඩ්‍රැකියෝ... හි හි

      Delete
    2. පරක්කු වෙලා හරි ආවනේ. ඒක ලොකු හයියක්. ඔයා පස්සෙන් ‘හි හි‘ ඇනෝවත් එයිනේ මේපැත්තෙ.

      Delete
  17. මොනව වුණත් ඇත්තම කියලා.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගැනීම අපේ වගකීමයි, අනාගත පරපුර වෙනුවෙන්වත්.

      Delete
  18. KATHAWA ATHTHAI OOI, PARISAMMIN OOI.

    ReplyDelete
  19. අනේ මංදා ඕයි..,
    කියන්න දෙයක් නෑ ඕයි..,
    ඔක්කොම ටික කියලානෙ ඕ‍යි..,
    එකක් අමතක කරන්නෙපා ඕයි..,
    මතක ඇතුව ඊළඟ සැරෙත්..,
    අර කොළේට ම
    කතිරෙ ගහලා වරෙන්කො ඕයි.........

    ReplyDelete
    Replies
    1. මොකක් වුනත් කුමන්ත්‍රණයි, ජාතිය නිදහස් කරපු මහරජායි නෙව ඕයි

      Delete
  20. ජීවිතේ එපා වෙලාද ඕයි
    ලේ ටිකක් බීලා පාඩුවෙ ඉන්නව ඕයි
    නැත්නම් කැළණියෙන් ඇවිත් උල් දත් 2 ගලවයි ඕයි

    ReplyDelete
    Replies
    1. මරාගෙන මැරෙන්න හිතෙනව ඕයි
      කැළණියෙ ලයිසන් චණ්ඩියට බය නෑ ඕයි
      මං සෑමව අඳුනනව ඕයි

      Delete
  21. මේක සිරා ඕයි
    මට ඇඩුනා ඕයි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා ඕයි

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි