Sunday, June 2, 2013

ඉර හඳ පල්ලා බොරු නෙවේ... ගජබින්නාලංකාරයේ පස් වන අදියර


මේ ගජබින්නය එකතු කළේ සරුබීජ ලියන අපේ පර්යේෂක මහත්තයා. පන්සලක ඉන්න ඇබිත්තයෙක් තමා මේ ගජබින්නයෙ නිර්මාතෘ. මොඩිෆයි කළ ස්ටෝරියේ අයිතිය පරම සත්‍යවාදී ඩ්‍රැකියා සතුයි.

ඉර හඳ හැදුනෙ කොහොමද කියන එක විවිධ ආගම් වල සහ ජනශ්‍රැතියේ විවිධාකාරයේ කතා මඟින් පැහැදිළි කරනවා. ඒ වුනාට ඇත්තම ඇත්ත සිද්ධිය තමයි මේක.

ඕං අපේ සුවාතා දවසක් දඩයමේ ගිහිං නොසෑහෙන්න රෑ බෝ වෙලා, හිස් අතින්ම ගෙදර ආවා. එනකොටම, ටෝච් එකකුත් පත්තු කරං මග බලාන හිටිය සුවාච්චි උන්දැගෙ ඇඟට ගොඩ වුණා.

‘කොහෙද මිනිහො රෑ බෝවෙනකල් ඇවිදින්නෙ?...‘ යනාදී වශයෙන් උන්දෑ කෑගහන්න පටන් ගත්තා.

සුවාතා ඒකාලෙ හොඳ ගිණි විසික් වෙන පෙනුමක් ඇති ගජ ඉළන්දාරියා නෙව, කවුරු හරි සුවාච්චිට කේළමක් කියලා තියෙනවා සුවාතට වෙන වෙන ස්පෙයා වීල් තියෙනවා කියලා. ඒකයි මේ ගෝරියට හේතුව.

ආච්චිගෙ බැණිල්ලට හොඳටම මල පැන්න සුවාතත් උන්දැගෙ මී මුණුපුරා වන ඩ්‍රැකියා වගේ ම, බොරුවට කෑගහ ගහ ඉන් නැතුව කෙළින්ම ඇක්ෂන් එකක් ගත්තා. අංගම්, කරාටේ ආදී අඩි දැනං හිටිය ආතා, උඩ පැනලා ගැහුවා වම් පයින් සුවාච්චිගෙ මූණ ළඟින් යන්න බටර්ෆ්ලයි කික් එකක්. (කොච්චර කළත් සුවාච්චිට ආදරෙයි නෙව. වදින්න ගැහුවෙ නෑ. බයකරන්නයි ගැහුවෙ)


ආච්චි බයවෙච්චි පාර, අත උස්සලා කවර් කරන්න හැදුවා. ඒ පාර, සුවාතගෙ කික් එක වැදුනෙ ආච්චිගෙ අතේ තිබ්බ ටෝච් එකට. කික් එකේ සැර කොච්චර ද කියනවනං, ටෝච් එක කැරකි කැරකි උඩ ගිහිං පොළොවෙ ගුරුත්වයෙනුත් එහාට ගියා. ඒ ටෝච් එක තමයි ඕං අපි ඉර කියලා හඳුන්වන්නෙ.

ආච්චිට මළ පැන්න පාර ගෙට පැන්නා. අතට අහුවුනේ සුවාතට කෑමට හදල තිබ්බ රොටිය. ඒකෙන්ම දමල ගැහුවා සුවාතට. සුවාත ඒ රොටි පාර කවර් කරන්න ආයෙත් පයිං කික් එකක් දුන්නා. හිතුවට වඩා ඒ පාරත් සැර වුනා. මොකද බඩගින්නෙ හිටිය මනුස්සයනෙ. රොටියත් කැරකි කැරකි උඩ ගියා.

උඩ ගිය රොටිය කැරකෙන කොට ටෝච් එකේ (ඉරේ) එළිය වැදිලා, පොළොවට රොටිය පේනවා. ඒකට තමයි අපේ උදවිය හඳ කියලා කියන්නෙ. රොටිය කැරකෙද්දි, රොටියයි ටෝච් එකයි අතරින් පොළොව පිහිටන විදිහට ආවහම මිනිස්සු කියනවා චන්ද්‍රග්‍රහණයක් කියලා. රොටියට ටෝච් එක මුවා වෙනකොට කියනවා සූර්යග්‍රහණයක් කියලා.

හමුවෙමු ගජබින්නාලංකාරයේ තවත් ආදර්ශවත් කතාවක් සමඟින් පොසොන් පෝයට කළින් (ඊට කලින් යමක් කොටාගන්න පුළුවන් උනොත්. මොකද ගජබින්නයක් ලියන්න ගන්නකොටම හෙණ ගහ ගහ වහින්න ගන්නවනෙ. ඩ්‍රැකියත් ඉතින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරියට නියම දිනේට බිල් ගෙවනවා. උන්දැල අහනවනෙ ඊළඟ කුණාටුවට සුවාතගෙ නම දාන්නද කියලා. ඩ්‍රැකියා තාම උත්තරයක් දුන්නෙ නෑ)

ගජබින්නාලංකාරයේ මීට කලින් කොටස් වලට ලිංක්:

1. කොටස - මිරිස් වගාව
2. කොටස - ළිඳක කතාව
3. කොටස - අලි මාලය
4. කොටස - සුවාතගේ දඩයම් ශිල්පය

ප/ලි
මේ එළිදරව් කිරීම කලින් කරන්න හැටියක් තිබ්බෙ නෑ. මොකද හඳට ගියාය කියන නීල් ආම්ස්ට්‍රෝං උන්නැහැ ලැජ්ජාවට පත්වෙයි කියලා. ගිය අවුරුද්දෙ උන්නැහැ කළුරිය කළා. ඩ්‍රැකියත් ගියා කිරිල්ලවල ආම්ස්ට්‍රොං කොන්ක්‍රීට් වැඩපොළේ තිබුණ උන්නැහැගෙ මළගෙදර.

ඒකාලේ ගම්පහ හිටියා චක් කියලා නොතාරිස් කෙනෙක්. එයත් සුවාතගෙන් තමයි මාෂල් ආට්ස් ඉගෙනගත්තෙ. පස්සෙ එයාගෙ පුතෙක් ඇමරිකාවෙ ජනාවාස ඉදි කරන්න ගියා. එයාගෙන් පැවත එන නොතාරිස් පරම්පරාවෙ කෙනෙක් තමා ඔය චක් නොරිස් කියලා රැවුළෙක් ඉන්නෙ. කාලයක් යනකොට පරම්පරා නම පොඩ්ඩක් කොට වෙලා තියෙනවා.

පින්තූර ඉස්සුවෙ:
1. http://fc09.deviantart.net/fs37/f/2008/254/f/5/Earth_sun_and_moon_by_DeCORinASON.jpg
2. http://fc05.deviantart.net/fs70/i/2011/342/2/7/ac___butterfly_kick_by_leahhimura24-d4ijatc.jpg

48 comments:

  1. එතකොට මේකයි මේ ඉර හඳ.. හරි හරි.

    ReplyDelete
    Replies
    1. ඉර හඳ පල්ලා මේක තමයි ඇත්ත. ඉර හඳ පත්තරේට නම දැම්මෙත් අපේ පවුලෙ අවසර ඇතුව.

      Delete
  2. ඒ කියන්නේ ඉරයි හඳයි ගිහින් තියෙන්නේ ලංකාවෙන් ...?

    ReplyDelete
    Replies
    1. ඉර මේඩ් ඉන් ඉංග්ලන්ඩ්. හඳ මේඩ් ඉන් ශ්‍රී ලංකා. දෙකම සෙන්ට් ෆ්‍රොම් ශ්‍රී ලංකා, බයි සුවාතා.

      Delete
  3. උඹට කියන්න අමතක වෙලා ඕක බැස්ටි කෑලී පහේ ටෝච් එකක්. එ මදිවට රෑට ඔටෝ ඕෆ් වෙන සිස්ටම් එකකුත් තීලා තියෙනවා ඒ කාළේ වෙලත්.. අපේ උන් හාවා කිය කියා සින්දු ලියන්නේ ආච්චිට, වලිය නිසා කරවෙච්ච රෝටියේ පැච් වලට..

    ඊට පස්සේ ආච්චි ආවලු ලිපේ තිබුන දර කෑල්ලකුත් අරගෙන ඒකට ගහපු පාරට ඒකේන් විසි වෙච්චර ඉනි අඟුරු කෑලී තමයි ඔය තරු කියලා තියෙන්නේ..

    වැස්ස වෙලාවට අර ටෝච් එකේ බැට්‍රි වලට වතුර ගිහිං ෂෝට් වෙන කොට තමයි අර අකුණු ගහන්නේ....

    ReplyDelete
    Replies
    1. විසි වෙච්ච අගුරු කෑලි ටිකත් එකතු කලා නම් පට්ට.
      කොහොමත් ගජබින්නෙ රසයි.

      Delete
    2. @ මා තලං
      අයියත් දන්න දේවල් ඈ... සුවාත කොහෙං හරි නෑයො වෙනවද ?
      @ ජපානෙ කෙන්ජි සං
      ඔහයො ගොසයිමස්

      Delete
  4. අෆ්ෆා.. පොල් රොටිය තාම හොඳට තියෙනවද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අභ්‍යවකාශයේ අධි ශීතලට අහුවෙලා සංරක්ෂණය වෙලා තියෙන්නෙ.

      Delete
  5. ගජබින්නෙ හොදම එක....

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි, නැද්ද විදේශීය ගජබින්න එහෙමෙ හම්බවුනේ?

      Delete
  6. මාර යි, ඈ :D සුවතා හෙන වැඩකාරයෙක්නේ. ඒ කාලේ ගහපු පාරට තාමත් කැරකෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ. හිතන්නකො මී මුණුපුරා කොහොම වැඩ්ඩෙක්ද කියලා ඉතිං.

      Delete
  7. හලේ ඉතින් අපි දන්නේ මොනවද ඈ? මෙච්චර කල් මිත්‍යාවිස්වාස වල එල්බගෙනනේ ඉඳලා තියෙන්නේ. මෙව්වා තමයි ඩ්‍රැකිලීක්ස්.

    ReplyDelete
    Replies
    1. හලේ ඉතිං, තව තියෙනවා. මිථ්‍යාව දුරලන්න, ගජබින්න වපුරන්න. කොහෙද මේ අයිටීඑන් එකයි රාවණා සංවිධානයි එක්ක මගෙ වැඩ පිළිවෙල අවුල් වෙනවනේ.

      Delete
  8. නාසා එකට යවන්න වටින සොයා ගැනීමක් නොවැ....

    ReplyDelete
    Replies
    1. නාසා එකෙන් මගෙ පස්සෙං පන්නනව, ඊයෙ ඉඳං. තාම ඇඳ යටින් එළියට ආවෙ නෑ නෑනො.

      Delete
  9. මිස්ට ගජබින්න,නරකද ඊලග ඉලෙක්ෂන් එකට ඉල්ලුවොත් එහෙම....

    ReplyDelete
    Replies
    1. මට ඇපත් නෑ බං දැන් ඉන්න මැති ඇමති වරු එක්ක

      Delete
  10. ඒ කාලේ අපිට ස්කොලේ උගන්වලා තියන කෙප්ප. දැනන් හිටියා නම් මම ස්කොලේ යන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. උඹ හැබෑටම ගියාද මලේ එහෙ? මොන විදිහෙ එකක්ද ඔය ඉස්කෝලෙ කියන්නෙ?

      Delete
  11. දැන් ඕක පොල් රොටියක්ද, යීස්ට් රොටියක්ද? හොඳ වෙලාවට එළවලු රොටියක් හරි කොත්තු රොටියක් හරි නොවුනේ. එතකොට රොටිය කන්න හදපු ලුණුමිරිසට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. මාර අදහස!
      ගහපු පාරට ලුණු මිරිස රොටිය පුරා විසිරුණා. ඒකට තමා උඹලා දැං හඳේ හාවයි කියන්නෙ.

      Delete
    2. එතකොට මාතලන් කියලා තියෙන්නේ බොරු ද? "අපේ උන් හාවා කිය කියා සින්දු ලියන්නේ ආච්චිට, වලිය නිසා කරවෙච්ච රෝටියේ පැච් වලට" අනේ, ඩ්‍රැකියෝ, හදේ හාව රතු පාට ද? නැත්තං ලුණු මිරිස් කළු පාට ද?

      Delete
    3. ගජබින්නාලංකාරයේ තියෙන එක පෝස්ට් එකක්වත්, එක කොමෙන්ටුවක් වත් බොරු නෙවෙයි නඟා. ලුණු මිරිස් තියා මොන දෙයක් උනත් රෑට පේන්නෙ අඳුරු පාටටනෙ.

      Delete
  12. Replies
    1. පුළුවං පුළුවං වෙලාවල මෙහෙ වරෙං පුතේ.

      Delete
  13. අනේ අම්මාපල්ලා ඔන්න ඔය වෙලාවට තමා අපිට ඉස්කෝලෙදි බොරු උගන්නපු උන් එක්ක මලම පනින්නෙ..

    හැබෑටම ඔය ටෝච් එකේ බැට්රි මාරු කරන්නෙත ආතමද බන්..?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, ඉස්කෝලෙ ගිහිං කාටද හරි ගියේ?
      ටෝච් එක සෝලර් පවර් බං.

      Delete
  14. අඩේ ඔන්න බලහල්ලකෝ ඒකෙත් හැටි. ඉදහන්කෝ ඔය සුවතාගේ පිළිමයක් තුන් මං හන්දියේ හදනවා යන එන උන්ට බලා ගනින් කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං. සුවාතා වගේ උං තමා දැන් ජාතික වීරයො විදිහට සැළකෙන්නෙ.

      Delete
  15. අඩේ එතකොට ටෝච් එකේ බැටරි බහින්නෙ නැතෙයි?? ඒකත් මාරයිනෙ බං..

    අන්න දැක්කද ලංකාවෙ මිනිස්සුන්ගෙ හැකියාව.. එහෙම රටක්නෙ මේ දැන් ආශ්චර්‍යට ලං වෙලා ඉන්නෙ.. :(

    ReplyDelete
    Replies
    1. ටෝච් එකට සෝලර් පැනල් එකක් හයි කරලා තියෙන්නෙ බං. ඒකෙ බැටරි චාජ් වෙන්නෙ ඉර එළියෙන්. ලංකාවෙ උපන්න එක ගැන ආඩම්බර වෙමු.
      හෑ බං, ආශ්චර්යට ළං වෙන්නෙත් ගජබින්න වලින්ද එතකොට?

      Delete
    2. නැතුව නැතුව මචෝ..

      Delete
  16. hari..hari..dan teruna..hoda welawata uba kiyala dune.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මටත් ජය වේවා! උඹටත් ජය වේවා!

      Delete
  17. තවත් වර්ගපුර්ණිකාවක් හදනවද යකෝ

    ReplyDelete
    Replies
    1. කොහොමද කැමති? අයිටීඑන් නිව්ස් වගේ කතා වලටද, වර්ගපූර්ණිකාවෙ පෝස්ට් වගේ කතා වලටද?

      Delete
  18. Replies
    1. ඉරහඳ පල්ලා කිව්වම තව අහනව. උඹ පල්ලා ඇත්ත.

      Delete
  19. එතකොට අර කාලෙකට ඉස්සර හ‍ඳෙන් හරි හාල් ගෙනත් දෙනවයි කිවුව අගමැතිනි ආච්චි කිවුවෙ ඇත්තනෙ. හඳ හදන්න ඇත්තෙ හාල්පිටිවලිං..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ, ඒ ආච්චිගෙ දැනුම කොයි වගේ ද කියලා.

      Delete
  20. යකෝ මේක දැක්කේ අදනේ, මටත් හිතෙනවා හඳ රොටියක්ම තමයි කියලා.

    ReplyDelete
    Replies
    1. හඳ රොටියක් තමා. ඉර ටෝච් එකක්.

      Delete
  21. Era handha pallaa kiwwama thawa ahanawa, uba pallaa aththa. .. :D

    ReplyDelete
  22. අම්මප මෙහෙමත් ගල් පැලෙන සැටිපිකෙට් ඇත්ත !

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි