Sunday, June 16, 2013

ධම්මස්සවණ කාලෝ.... ඩ්‍රැකියාගේ පොසොන් කළාපය ආරම්භ වෙයි


මහින්දාගමනය ලංකාවේ ජනතාවට වැදගත් වෙන්නෙ ඇයි?

ඩ්‍රැකියා දකින්නෙ මේ විදිහට.

මිහිඳු රහතන් වහන්සේ ත්, සමකාලීනව ඊට පස්සෙ ආව සංඝයා වහන්සේලා ත් සමඟ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුදහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කිරීම නිසා, ලාංකීය ජනතාවගෙ දාර්ශනික සහ ආධ්‍යාත්මික පැත්ත බුද්ධ දර්ශනය සමඟ හැඩ ගැසීම,

ඊට කලින් ලංකාවෙ බුදු දහම තිබුණද? මහාවංශය ප්‍රමුඛ ලිඛිත මූලාශ්‍ර වල හැටියට නං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කරලා, ලංකාවෙ මුල්ම චෛත්‍ය වන ගිරිහඬු සෑය සහ මහියංගන චෛත්‍යය ඉදි වෙලා, සිරිපතුල පිහිටුවලා, ආදී වශයෙන් බුද්ධාගම ලංකාවෙ තහවුරු වෙන්න ගොඩක් වැඩ කටයුතු කෙරිලා තියෙනවා. ඒ විතරයැ, පෙර බුදුවරුන් තුන් නමත් ලංකාවට වැඩම කරලා තියෙනවාලු.

ආසියාතික වෙනත් බෞද්ධ රටවලත් මේ වගේම මූලාශ්‍ර වල තියෙනවා බුදුන් තමන්ගෙ රටට වැඩම කළ බව සහ ඒ ආශ්‍රිත කටයුතු ගැන. ඒත් බුද්ධ චරිතය හැටියට අපි ඉගෙන ගන්නා කතා වල ඒ කිසිම දෙයක් ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ නෑ. මෑත කාලෙදි රාවණා පාක්ෂිකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් අහපු සහ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට තම ජීවිතය කැප කරමින් සේවය කළ මහාචාර්ය පරණවිතාන ත් කිව්වනේ බුදුන් ලංකාවට වැඩි බවට පුරාවිද්‍යාත්මක සාධක නෑ කියලා. ඒ නිසා, මේ කාරණාව විවාදයට ලක් කළ යුතු දෙයක් හැටියට ඩ්‍රැකියා දකිනවා.

නැවතත් මාතෘකාවට

මහින්දාගමනයත් එක්ක ලංකාවට ලැබුණු සංස්කෘතිකමය දායාද

සමහරු කියන විදිහට අක්ෂර මාළාව, ගොඩනැගිලි ඉදිකිරීම්, ආදී වශයෙන් හැම දෙයක්ම අපිට ලැබුණෙ මහින්දාගමනයෙන් කියලා කියනවා. ඒ අනුව මහාවංශයෙ කියන විජය ඉඳන් දේවානම්පියතිස්ස රජු දක්වාම රජවරු පාලනය කරලා තියෙන්නෙ බොහොම ප්‍රාථමික සංස්කෘතියක් සහිත රටක්. ගෙයක් දොරක් හදාගන්න දන්නැති, ලියන්න කියන්න දන් නැති රජෙක් හැබැයි ධර්මාශෝක රජු සමඟ ලියුම් හුවමාරුත් කරගෙන තියෙනවා.

(මහාවංශයෙ කියන විදිහට ධර්මාශෝක රජු කොච්චර පිංවන්තද කියනවානම්, සයංජාත ඇල් වී ගිරවු කපාගෙන ඇවිත් එයාගෙ අටු කොටු පුරවනවා. මීයො ඒ වී ඇට සුද්ධ කරනවා. පාඨලීපුත්‍රය අවට මැරෙන්න ඉන්න මුවො, මොනරු ආදී සත්තු ඒ රජුගේ කුස්සිය ළඟට ඇවිත් මැරෙනවා, මේං මාව කාපං කියලා.)

ඩ්‍රැකියාගේ අදහස මහින්දාගමනයෙන් අපිට මෙලෝ කජ්ජක් ලැබුණෙ නැත කියන එක නොවෙයි. මෙ වෑයම, ඓතිහාසික මූලාශ්‍ර වල තාර බර ඇරළා හැදෑරිය යුතුයි මිස, සියල්ල සත්‍යයි කියා ගෙඩි පිටින් ගිළ දැමිය යුතු නොවේ යන අදහස මතු කිරීමයි.

මධ්‍යස්ථව බැලීමේදී මහින්දාගමනයෙන්, 

1. බුදු දහම
2. බුදු දහමේ එන දාන සීල සමානාත්මතා ආදී යහපත් සංකල්ප බහුලව සමාජගතවීම
3. වන්දනා ක්‍රම ආදී අභිචාර සහ බැඳුනු සංස්කෘතිය
4. බෞද්ධ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය (ලංකාවට හුරු විදිහට අනුවර්තනය කර)
5. රජවරු ධාර්මික වීමට පෙළඹවීම

ලංකාවට ලැබුණා කියන එක පැහැදිළියි.

ඩ්‍රැකියාට මාර ප්‍රශ්නයක් වෙලා තිබුනේ ඔය මොනවත් නොවෙයි. මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩලා, දේවානම්පියතිස්ස රජු ගේ අයිකිව් ත් චෙක් කරළා, ඉස්සෙල්ලාම දේශනා කරපු චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ මොනවද තිබුණේ කියන එකයි. ඒකට ඩ්‍රැකියා පරිශීලනය කළ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මුල් කොටස (විතරක් නෙවෙයි සම්පූර්ණ ත්‍රිපිටකය ම වුනත්) මෙතනින් ගිහිං බාගන්න පුළුවං.

ඉතිං ඩ්‍රැකී උපාසක තමන්ගේ මුල්ම පොසොන් කළාපයේ මුල්ම කොටසින් දෙසන්න ලෑස්ති වෙන්නේ, වාර්තාගත හැටියට ලංකාවෙ රජෙකුට මුලින්ම දේශනා කරන ලද සූත්‍රය සරළ සිංහලෙන්.

චුල්ල හත්ථිපදෝපම හෙවත් ඇතෙකුගේ පාද සටහනේ උපමාව ආශ්‍රිත සුළු සූත්‍රයේ මුලින් ම සඳහන් වෙන්නේ, පිලෝතිකා නම් පාරිව්‍රාජකයෙක්, තමන් බුදුන් ගැන පැහැදීමට හේතු වූ කරුණු හතරක් ගැන ජාණුස්සොණි නම් බ්‍රාහ්මණයා හට පැහැදිලි කරන ආකාරයයි.

පිලෝතිකා පාරිව්‍රාජකයා කියනවා, ‘ඇතුන් ඉන්න කැළෑවක් ආශ්‍රිතව ඉන්න දක්ෂ මිනිහෙක්, කැළෑවට ඇතුල් වෙලා දකිනවා, දිගිනුත් වැඩි, පළලිනුත් වැඩි ඇත් පිය සහටනක්. එයින් එයා නිගමනය කරනවා, මේ නම් විශාල ඇතෙක් කියලා. අන්න ඒ වගේ බුදුන් වහන්සේ ගැන කරුණු හතරක් දැකපු මම නිගමනය කරනවා, බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය, යන වග‘ කියලා. 

මොනවද මේ කියන කරුණු හතර?

1. 
සියුම් බුද්ධියක් ඇති, තර්ක ශාස්ත්‍රයේ කෙළ පැමිණි අන් මත බිඳීමට දක්ෂ ක්ෂිත්‍රියයෝ සමහරු කල්පනා කරනවා, බුදුන් හමුවුනොත් මම මේ ප්‍රශ්නය අහනවා, එතකොට මෙහෙම උත්තර දුන්නොත් මම බුදුන් මෙහෙම වාදියෙක්ය කියනවා, ඒ නැතුව මේ විදිහට උත්තර දුන්නොත් මම බුදුන් එහෙම වාදියෙක් ය කියනවා, කියා හිතාගෙන, බුදුන් අසළ ගමකට වැඩිය වෙලාවක උන් වහන්සේ හමු වෙනවා.

එතකොට බුදුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු පැහැදිලි කරලා, ඒ තැනැත්තා ගේ දැනුම තවත් තියුණු කරලා, ඒ තැනැත්තා සතුටු කරනවා. එතකොට ඒ පණ්ඩිත මනුස්සයා කලින් කරන්න හිතාගෙන ආව වැඩේ, කරලා වැඩක් නැති තත්ත්වයට පත් වෙනවා. අන්තිමෙ එයත් බුදුන් ගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.

2. ඉහත කාරණය ම බ්‍රාහ්මණ පණ්ඩිතයන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා,
3. ගෘහපතියන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා,
4. ශ්‍රමණ දාර්ශනිකයන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා.

මේ හතර වර්ගය, බුදුන් ළඟ මහණ වෙලා, උපසපන් වෙලා, ජනතාවගෙන් ඈත්ව කෙළෙස් තවලා, අන්තිමේ තමන් මහණ වීමෙන් ලබා ගැනීමට අරමුණු කළ අර්ථය ලබාගන්නවා. ඒ අය කියනවා, ‘අපි තව පොඩ්ඩෙන් විනාසයි. කලින් අපි රහත් නොවී රහතුන් කියා හිතාගෙන හිටියා. දැන් අපි රහත් බවට පත් වෙලා.‘ කියලා.

මේ ඇසූ ජාණුස්සෝණි බමුණා, බුදුන් ගැන පැහැදිලා, බුදුන් වැඩ වාසය කළ ජේතවනාරාමයට ඇවිත් බුදුන් හමුවෙලා, පිලෝතිකා පාරිව්‍රාජකයා සමග ඇති වුණු සල්ලාපය බුදුන් එක්ක කියනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.

සූත්‍රයේ ඉතිරි කොටසේ බුදුන් සවිස්තරාත්මකව කියනවා, බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය, යන වග නිශ්චිතවම නිගමනය කරන්නේ කොහොමද කියන එක. පෝස්ටුව දිග වැඩි වෙන නිසා ඩ්‍රැකියා ඒක පොසොන් කළාපයේ ඉදිරි කොටසක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

පින්තූරය ණයට ගත්තේ : http://www.lankapuvath.lk/sinhala/images/stories/newstext/General/SS/Latest/Poson_02.jpg

24 comments:

  1. Replies
    1. මේ සූත්‍රය මේ පටන් ගත්තා විතරයි. තව තියෙනවා.

      Delete
  2. හයවෙනි කරුණක් තියෙනවා.
    මහරජ ඔබ මේ මහපොලොව සහ එහි ඉන්න සත්වයින්ගේ භාරකාරයාමිස පාලකය නොවේ කියල පලවෙනි වතාවට කිවුවනෙ,

    ReplyDelete
    Replies
    1. ඕක මහින්දල ම නෙව කියන්නෙ. ඔය කතාවෙත් භාරකාරය මහින්දම වෙන්න ඇති.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පස්සේ කෙලින්ම කිව්වලු මහරජ ඔබ මේ පොළොවේ අයිතිකාරයාය යනුවෙන්

      Delete
    4. මොකද හැලපයිය ඩබල් ඩබල් ?

      Delete
  3. Replies
    1. සාදු සාදු බුදු පෙරහැර....

      Delete
  4. draki මේ දේ දිගටම පුළුවන් විදිහට කරන්න..ධර්ම කරුණු සරළව පැහැදිළි කිරීම වටිනවා..අද වෙනකොට " දක්ෂ ගුරුවරුයි "අඩු..ඉගෙන ගන්න ඕනේ තරම් පිරිස ඉන්නවා...දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. අනේ මං ගුරෙක් නෙවෙයි. මාත් ඉගෙන ගන්න ගමං තමා මේ ලියන්නෙ.

      මොකෝ මූණ වෙනස් කරං? මාගල් මුදියන්සෙ කියන නමට හරියන්න මූණක් දාගත්තද?

      Delete
  5. නියමයි, මම ඉස්සෙල්ලම බැලුවා අර ගථා වල තේරුම කියපු එක වගේ වැඩක්ද කියලා

    ReplyDelete
    Replies
    1. මම හිතුවා වගේම කොල්ලා වැඩ පටන් ගෙන. එල ආ

      Delete
    2. @ පව්ලූෂා
      මේ වගේ ලිපි ටිකක් ලියනකොට අර වගේ එව්ව හිතේ එකතු වෙනවා. බණ ලියල ඉවර වෙනකං එව්ව ලියන්න බෑනෙ. ඉතිං, පස්සෙ ලියන්නෙ.

      @ පූමා
      ටැංකුයි ආ...

      Delete
  6. මම නම් හිතන්නේ බුද්ධාගම ආවට වඩා නාවනම් හොඳයි කියලා. එහෙනම් බටහිර ආක්‍රමණ වලින් පස්සේ රට මීට වඩා දියුණු වෙනවා. පන්සල තමයි මිනිස්සුන්ගේ මොළ හේදුවේ. එදත් එහෙමයි, අදත් එහෙමයි...

    මර අර අන්තිම එකට පුකෙන් හිනා ගියා ....

    5. රජවරු ධාර්මික වීමට පෙළඹවීම

    ReplyDelete
    Replies
    1. ඔය කොයි ආගමක් උනත්, රටේ පාලන තන්ත්‍රය විසින් තම අරමුණු වලට යොදා ගැනීම ඉතිහාසයේ දකින්න පුළුවන්.

      අපේ ඉතිහාසයේ කීප පොළකම දකින්න පුළුවං බුද්ධාගම නිසා රජවරු තමන්ගෙ කීර්තිය වැඩිකරගන්න හරි, පන්සලේ බලපෑමට හරි ධාර්මිකයැයි සම්මත දේවල් කරපු අවස්ථා. (මගෙ මතකය ඒ තරම් හරි නෑ. සමහර විට හසිත චාමික මාව හරිගස්සයි, වැරදෙන අවස්ථාවල) ආමණ්ඩගාමිණී රජු ප්‍රාණඝාතය තහනම් කිරීම, සිරිසඟබෝ බෝසත් ගතිගුණ ප්‍රකට කිරීම, ඊට පස්සෙ ගොඩක් රජවරු සිරිසඟබෝ කියන නම තමන්ගෙ නමට එක් කරගෙන යහපත් යැයි සම්මත කටයුතු කිරීම, බුද්ධදාස රජු වෙදකම ප්‍රචලිත කරවමින් ගම් දහයක ඒකකයකට වෙදෙක් බැගින් රජයෙන් පත් කිරීම, වගේ දේවලින් ලංකාවෙ පාලකයෝ තමන් ධාර්මිකයි කියා ප්‍රකට වෙන කටයුතු වලින් තම කීර්තිය පතුරවන්න වෑයම් කළා. ඒ ගැන තමා ඩ්‍රැකියා ඉහළින් කෙටියෙන් කියා තිබෙන්නෙ.

      Delete
  7. ඔය මහින්දාගමනයෙන් ලංකාවට බුද්ධාගම ආව කියන එක පට්ටපල් බොරුවක් නෙව... කොටින්ම සිංහබාහු රජ්ජුරුවොත් බෞද්ධ පවුලක කෙනෙක්.. එහෙවු එකේ විජය කුමාරයත් නමට හරි බෞද්ධ.. එතකොට විජය කුමාරයා ලංකාවට එනකොටම ලංකාවට බුද්ධ ධර්මය ඇවිත් තියෙනවා... මං නෙවෙයි ඕනනං ඕකට එදිරිවිර සරත්චන්ද්‍ර ආචාර්යතුමත් සාක්කි...

    ReplyDelete
    Replies
    1. පට්ට අදහස මාරයියේ. මෙහෙ ආවට වෙල්කම් ඈ. මාර ආගමනය මං ඉහළින්ම සමරනවා.

      Delete
  8. මෙවර සෑමාගේ පොසොන් කලාපය නොමැත මචං..

    ස්තුති මේ ලිපියට. ඇත්තටම නොදන්න කරුනු ගොඩයි. හැම එකාම කියන්නෙ බුද්ධාගම ගෙනාවා, කලා ශිල්ප අරන් ආව කියන ටික විතරයි.

    ජයසේන ජයකොඩි මහත්තයගෙ මහ මිහිදු හිමි පොත ටිකක් කියවල බලපං. නියමයි..

    ජය !

    ReplyDelete
    Replies
    1. අෆොයි! සෑමාගේ පොසොන් කළාපයට මොකෝ උනේ?

      අර කිව්ව පොත මම කියවල නෑනෙ. ඉෂ්ටූටියි, හොයාගෙන කියවන්නං.

      Delete
  9. මගෙනම් අදහස මහින්දාගමනයට පෙර සිටම අපේ රටේ බුද්ධාගම තිබුනා කියන එකයි නමුත් ව්‍යාප්ත වෙලා තිබුනේ නැති වෙන්න පුළුවන් නමුත් තිබුනා

    ReplyDelete
    Replies
    1. කෝරළේ මහත්තයව බොහොම සාදරයෙන් පිළිගන්නවා.

      මගෙත් මතය තමා, ‘දෙදෙනෙක් එක මඟ නොයා, ජන හිත සුව පිණිස සංචාරය කරන්නැ‘ යි බුදුන් විසින් වදාළ සංඝයා වහන්සේ, මෙච්චර විදේශ වෙළෙඳාම පැවති පුරාණ ලංකාවට නොආවයි කියන්න බැරි බව.

      Delete
  10. මමත් හිතන්නේ මහින්දාගමනයට කලින් බුදු දහම තිබුනා ලංකාවේ...මගේම මතයක් නෙවෙයි අපිට බන කියද්දීත් එහෙමනේ කියන්නේ ඉතිං නේද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන තැන තැන තියෙන කරුණු පරස්පරයි. ඒ නිසා තමා මම මේ කතිකාව ගැන මතු කළේ. උමා(දසුන්) මේ පැත්තෙ පැමිණීම මම සාදරයෙන්ම පිළිගන්නවා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි