Monday, August 12, 2013

රුහිරෙන් පුදමි - 4 වන කොටස

මෙතෙක් කතාව


දොරට තට්ටු කිරීම විකුම් යම්තාක් දුරකට බලාපොරොත්තුව සිටියේ ය. දොර ඉදිරිපිට වූයේ අකිල වීම ඔහුට පුදුමයක් වූයේ නැත.

‘‘වරෙං ඇතුළට.....,’’

අකිල හාත්පස විමසිල්ලෙන් බැලීය. ‘‘අපේ ගෙදර නම් උඩු යටිකුරු කරලා’’

‘‘ඒ උඹේ ගෙදර කවුරුත් නැති හින්දා.’’ විකුම් ඇඳ මත වාඩි විය. ‘‘මෙහෙ අපේ බෝඩිමේ ආන්ටි හිටපු හින්දා වැඩිය කළබල කරලා නෑ.

‘‘මතුපිටින් එකපාරට ම පේන්න නැතත්, මේ කාමරෙත් කවුදෝ සෝදිසි කරලා තියෙනවා. මේසෙ උඩ තිබුණු පොත් ටික, කලින් තිබුණු පිළිවෙලට නැහැ. ඇඳුම් ටිකත් අවුස්සසලා..... පොත් රාක්කෙත් හදිස්සියෙ අවුස්සලා තියෙනවා.

‘‘කළිසම් සාක්කු ඇදලා තිබුණු නිසා මම මුලින්ම හිතුවෙ, ආන්ටිගෙ වැඩක් කියලා..... ඒත් ඒ මනුස්සයා මේ ගැන මොකුත්ම දන්නෙ නෑ.

‘‘වැදගත්ම දේ.....’’ විකුම් කටහඬ බාල කළේය. ‘‘කොන්වන්ට් එකෙන් ගෙනාපු රෝස නැටියි, මිනීමල් කොළෙයි බෑග් එක පිටින්ම අතුරුදහන්.....’’

----------------------------------------

උදෑසන වුවද, හාත්පස වූයේ මන්දාලෝකයකි. වලාබර අහස නිසා පරිසරය පුරා සෞම්‍ය බවක් පිරී තිබිණ. මඳ සුළඟේ පවා සුවදායක බවක් විය.

පාර අයිනේ වූ දැවැන්ත මැයි මාර ගසේ සිහිල යට කුඩා තරුණියක වූවාය. පොත් කිහිපයක් හා කුඩයක් ඇගේ සුරතට හා ළයට තුරුළුව තිබිණ. ඇඳ සිටි සැහැල්ලූ ගවුමින් හා ගෙතූ එකම කොණ්ඩ කරළින් ඇයට චාම්, සරළ බවක් එක් විය. විල්ලූද පෙනුමැති කුඩා පාවහන් සඟලක් ඇගේ පතුල් ආවරණය කළේ ය.

පාරේ අනෙක් පැත්තේ අයින දිගේ තරුණයෙක් සෙමෙන් පියනඟා ආයේය. මාරගසට මුහුණලා, අනෙක් පැත්තේ වූ කුඩා කඩයේ, ඉදිරිපස බංකුව මත කිහිප දෙනෙක් ආගිය කතා කියමින් පසුවූහ. තරුණයා කඩයට ගොඩවී, කවුන්ටරය වෙත ගොස්, යමක් මිළදී ගනු තරුණිය බලා සිටියාය. මිළදී ගත් දෙය කළිසමේ සාක්කුවට දමා ගන්නා ගමන් හැරුනු ඔහුගේ දෑසට ඇගේ බැල්ම හසු වූයෙන්, ඇගේ දෑස සැණින් බිමට හැරවිණ. තරුණයාගේ දෑසේ සුහද සිනාවක් වූ බව ඈ ඇස්කොණින් දුටුවාය.

තරුණයා බංකුවේ කෙළවරක සැහැල්ලූවෙන් වාඩි විය. ඔහුගේ දෑස් තවමත් තරුණිය දෙස එල්ල වී තිබිණ. ඇය නැවත හිස ඔසවද්දී, තමා වෙත යොමුවූ තරුණයාගේ දැස් තෙත් අයිස් කැට මෙන් දිළිසෙණු දුටුවාය.

ඇය එක්වරම බිම බලාගත්තේ නැත.  තම දෑස් පාර සිසාරා යැවූ ඈ බසයක් එන්නේදැයි බැලීමට මෙන් පාරේ කෙළවර දෙස බැලූවාය. ඔහු තවමත් තමා දෙස බලා සිටින බව නොදුටුවද, ඈ දැන සිටියාය.

ඊළඟ වාරයේ ඈ ඔහු දෙස බලන විට, තරුණයාගේ දෑසේ කෙතරම් මෘදු බවක් වූයේද යත්, තරුණිය හැඟීමකින් තොරව මිනිත්තු කීපයක් පුරා ඔහු දෙස බලා සිටියාය.

තරුණයාගේ කෘෂ සිරුර, සුදුමැළි හම, ගිළුණු කම්මුල් හා තද කළු පෑ කෙස්, ඈ තුළ ඇති කළේ ගුප්ත කොහොල් හැඟීමකි. බසය ළඟටම එනතුරු ඈ හට දැනුනේ නැත. ඇය කඩිමුඩියේ බසයට නඟිද්දී, බසයට අත දිගු කළ තරුණයාද, පාර පැන දිව ආයේය.

-----------------------------------------------

ළා අඳුරක් දේවස්ථානයේ මුළු වල සිට මැදට විසිරී විත් තිබිණ. ශාලාවේ ආසන පේළි අතර සිටගත් පිරිස එකම සිහින් හඬින් ගායනා කරමින් උන්හ. හරියටම පාළු..... නිහඬ තැනිතලාවක කුඩා උල්පතකින් නැගෙන සිහින් මරුමුරුවක් සේ..... ඉතා සුමට වූ..... ගීතිකා පද..... ඉදිරිපස පේළි වල සිටි කන්‍යා සොයුරියන් ගේ සිහින් හඬින් නැඟී, දේවස්ථානයේ දැවැන්ත බිත්ති මත රැව් නැංවීය. සැබැවින්ම එය ඉතා සරු..... උත්කර්ෂවත් මොහොතක්.....

එය එසේ ඇගේ හදට දැනින..... ගීතිකාවේ පද, එකිනෙක රැළි මෙන් වර නැඟෙද්දී..... රැල්ලෙන් රැල්ලට..... කෙමෙන් කෙමෙන් යොවුන් කන්‍යා සොයුරිය ගීතිකාවේ විභූතිමත් නින්නාදයේ පරමෝත්කර්ෂය දෙසට නැඟී ගියාය. ආනන්දයෙන් පියවී ගිය දෑසින්.....

සියුම් ස්ත‍්‍රී කටහඬවලින් වාතස්කන්ධය පිරී ගති. හරියටම..... සුරංගනා කතාවක බඳු කුමක්දෝ යමක් එතුළ විය.

අතිශය ශාන්ත ස්වප්නයක් බඳු වූ ගීතිකාව..... ඉතාම සරළ ලෙස අවසානය වෙත ළඟා විය..... ස්ථායී කොටස දෙවරක් ගැයී..... මෘදු ලෙසින්.....

නිහඬතාව මධ්‍යයේ දේශක මව්තුමියගේ හඬ නින්නාද වී, බොල් වතස්කන්ධයේ රැව් නැඟී ආයේ ය. සෙමෙන්..... කුඩා කන්‍යා සොයුරිය තම ආසනය වෙත නැඹුරු වූවා.....

‘‘.....දෙවියන් වහන්සේ අපට දුක් කරදර පමුණුවන විට හෝ ආත්ම පරිත්‍යාගයන් කිරීමට සලසන විට හෝ, අප දේව අභිමතයට අවනත විය යුතුය. දේව අභිමතය ඉෂ්ට කළ යුත්තේ එය අපගේ යහපත සඳහා පවතින නිසාය.....’’

කුඩා දෑත් ළය මත ගුළි කරගත් වනම..... තවමත් ගීතිකාවේ චමත්කාරයට ඒකාත්මිකව සිටි යොවුන් කන්‍යා සොයුරියගේ දෙතොල් කොන්, සිනා රැල්ලකින් නැවිණ. ඈ වහාම සිනහව යටපත් කර ගනිමින්, බිය පත් දෑසින් ඈ අසළම සිටි වෘද්ධ කන්‍යා සොයුරිය දෙස බැලූවාය.

--------------------------------------------------------- 

අකිල දොර ඇරියේ කැමැත්තකින් නොවේ. මෙතෙක් ගිළී සිටි නින්දෙන් හදිසියේ අවදි කරවනු ලැබ ඇතිවන නුරුස්නා හැඟීමෙන් සහ බමන ගතියකින් ඔහුගේ හිස පිරී තිබිණ.

‘‘ආරංචි නැද්ද.....?’’ දොර ඉදිරිපස වූ විකුම් ගේ හදිසි ස්වරය.

‘‘මොකද්ද?’’ අකිල නැවත තම සරම හරිගස්සා ඇඳගත්තේය.

‘‘වරෙං යන්ඩ. ඉක්මණට ෂර්ට් එකක් දාගනිං.’’

‘‘කොහෙද?’’

‘‘විස්තර යන ගමන් කියන්නම්. දැන් ඉක්මන්කරපං.’’

අකිල ආපසු හැරිණ. කළිසමක් ඇඳ, කමිසයක් ඇඟට දමා ගනිමින් ම ඔහු ආපසු ආයේය.
දෙමිතුරෝ හණික මඟට බටහ.

එය මීදුමින් පිරුණු, තෙත්ම තෙත් උදෑසනක් විය. පාර දෙපස මල් වැටවල් පින්නෙන් බර වී, කඩා හැළී තිබිණ. ඇසට නොපෙනී සැඟවුණු කුඩා කුරුල්ලෝ හදිසියකින් මෙන් කෑගැසූහ.

‘‘උඹ මොකද හිතන්නෙ..... නෙල්කගෙ සිද්ධිය ගැන.....?’’ විකුම් සිගරැට්ටුවක් මුවෙහි රුවා ගෙන, ගිණි කූරක් ගැසීමට නැවතිණ.

අකිල සැණින් ඔහු වෙත හැරිණ, විස්මයාර්ථ නෙතින්.

‘‘ටිකක් හිතපං.....,’’ විකුම් නැවත ගමන් ඇරඹීය. ‘‘මුළු ඇඟම සුදුමැළි වෙලා.....’’

‘‘හුඟක් ලේ ගිහිල්ලා.....’’

‘‘ඔව්..... නමුත් උඹ හිතුවද..... කොහොමද, කොහෙටද ඒ ලේ ගියෙ කියලා.....?’’

‘‘කොහොමද?’’

‘‘එදා ලොකු සිස්ටර් මාත් එකක් කිව්වා.....’’

‘‘මොකද්ද?’’

‘‘නෙල්කගෙ තුවාලයක් තිබුණලූ.....එයාගෙ තොල් දෙක වගේම..... සුදුමැළි වෙලා, තුවාල ගැටි ඉදිමිලා..... එයාගෙ බෙල්ලෙ.’’

‘‘මොනවා?’’

‘‘ඔව්.....’’ විකුම් ගේ ස්වරය පහත් විය. ‘‘හිතන්න පුළුවන්ද මොකක් නිසාද කියලා..... ඒ විදිහට තුවාල වුනේ?’’

‘‘..........?’’

‘‘අකිල.....’’ තත්පර කීපයකට පසු විකුම් කටහඬ අවදි කළේය. ‘‘අපට ඇහැට පේන දේට, කණට ඇහෙන දේට එහා ලෝකයක් තියෙනවා මචං. අපට වටහගන්න බැරි..... අපි දන්න දේවලට අනුව විශ්වාස කරන්න බැරි..... අබිරහස් දේවල්, මේ ලෝකෙ හැම කාලෙකම තිබිලා තියෙනවා.’’

‘‘විකුම්?’’

‘‘උඹ දන්නවද.....? පැම්පාස් තණබිම් වල ඉන්නවා වැම්පයර් වවුල්ලූ, උන් රෑට නිදාගෙන ඉන්න සත්තුන්ගෙ උණුසුමට ඇදිලා ඇවිත්, දත් වලින් උන්ගෙ නහර හිල් කරලා, ලේ උරා බොනවා..... හිස් වෙනකල්.....’’

අකිල එක්වරම නැවතී, විකුම්ගේ අත තදින් අල්ලාගත්තේය. ‘‘උඹ කියන්නෙ ඒ වගේ වවුල්ලූ ගැනද? .....මෙහෙ?’’

‘‘මං එහෙම කියන්නෙ නෑ. පේන හැටියට තත්ත්වෙ ඊට වඩා වෙනස්. කොහොම හරි..... අපට මේ ගැන හොයා බලන්න තවත් ටිකක් පහසු වෙලා තියෙනවා.’’

‘‘ඒ කොහොමද?’’


‘‘තවත් මේ ගමේම කෙල්ලෙක්ගෙ බොඩි එකක් අද උදේ හොයාගෙන....., පාළු පිට්ටනියෙ තිබිලා.....’’

මීළඟ කොටස...

37 comments:

  1. දැන්නම් වැඩේ එලිවෙගෙනයි එන්නේ, උඹම තමයි කෙල්ලගේ ලේ උරාබිල තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. //‘‘මං එහෙම කියන්නෙ නෑ. පේන හැටියට තත්ත්වෙ ඊට වඩා වෙනස්.‘‘//

      Delete
  2. එකම කතාවෙ දෙපොලක ලිවුවා. බ්ලොග් එකට ලෙඩක් හැදිල වගේ ..මේක නම් වෙන ඩ්‍රැකියෙකුගෙ වැඩක් වෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ඒක වෙච්ච හැටි විස්තරාත්මකව පහළින් දානවා ලංකයියේ.

      Delete
  3. උඹල වැම්පයර් ලා.. අපි එන්නේ මේවට

    ReplyDelete
    Replies
    1. වර වර දේශකයා.... බුහුහ්, බුහු හු හු හුහූ... (සන්ත්‍රාසජනක හිනාව)

      Delete
  4. හපොයි ලේ බොන වවුල්ලු.... :O

    ReplyDelete
  5. මේ මොකද යකෝ මු එකක කතාව දහා දොළොස් සැරයක් දාලා ..... ඩ්‍රකියට මහසොනවත් ගහලද ?

    ReplyDelete
    Replies
    1. උගේ ලිස්ට් එකත් අවුල්. අපේ ලිස්ට් එකත් අවුල්..

      Delete
    2. මගේ බ්ලොග් රෝලේ උදේ බලද්දී තියෙන්නේ මේක විතරමයි. මේ post එකම 29 වතාවක්. නිකමට අහන්නේ බන්. මට මේක කරපු විදිය කියපන්කෝ

      Delete
  6. මොකක්ද බං මේ කරලා තියෙන්නෙ,බලපුවම උඹගෙයි ලේ බීලා තියෙන්නෙ

    ReplyDelete
  7. Replies
    1. @ මැලේ රාළ
      @ දේශකයා
      @ ලංකයියා
      @ පූමා
      @ හැලපයියා
      @ ඉවෝන්
      එකම පෝස්ටුව හැට පාරක් පබ්ලිෂ් කරන ආකාරය

      අවශ්‍ය ද්‍රව්‍ය
      1. පෂ්ට කොම්පියුටරයක්
      2. බ්ලොග් පෝස්ටුවක්
      3. සිග්නල් ඉඳහිට ඇති, මඤ්ඤං කෙලින ඉන්ටර්නෙට් සබඳතාවයක්

      ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේද?

      Delete
    2. දැන් එහෙනම් මේ වැඩිපුර දාපුව අයින් කරපන් .... නැත්නම් අනික් එවුන් අනුකරණය කරයි අලුත් ට්‍රේන්ඩ් එක මේක කියල හිතලා .... හරියට 18+ වගේ

      Delete
    3. අයිං කළා රාළ, කොපි දෙකයි ඉතුරු කළේ. කමෙන්ට් තියෙන හින්දා.

      Delete
    4. 18+ ට්‍රෙන්ඩ් එකත් හතර හිනා තමා.

      Delete
  8. උබ තමයි කෙල්ලගෙ ලේ බොන්නේ!
    නපුරු ඩ්‍රැකියා!

    ReplyDelete
    Replies
    1. මට කෙල්ලංගෙ ලේ අප්පිරියයි බං. මං ලේ බැංකුවෙ එකවුන්ට් එකෙන් යැපෙන්නෙ.

      Delete
  9. ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න වෙනවා. දැන් නම් කතාවේ යන පැත්ත ගැන පොඩි අයිඩියා එකක් තියනවා, ඒත් ලෙහෙලා බලන්න තියන එක ඔබ ඔබා බලන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. බලමුකො පූමා හිතන දේම වෙයිද කියලා....

      Delete
  10. කෝ මගෙ කොමෙන්ටුව නෑ නේ :-(

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කොමෙන්ටුව මීට කලින් පෝස්ටුවෙ තියෙනවා දිලිනි, වෙච්ච දේට වෙරි සොරි බ්ලොගර් වෙනුවෙන්...

      Delete
    2. ඔච්චර කෙල්ලො මරන්න එපා යකො

      Delete
    3. ඉවසපං දමිත්, ලංකාවෙ කොල්ලන්ට වඩා කෙල්ලො ගහනය වැඩියි. තව ටික දෙනයි බං මරන්නෙ.

      Delete
  11. ඩ්‍රැකී ඔක්කොම ටික එකවර කියවන්නම් වෙලාවක හොදද දැන් වෙලාවක් නෑ

    ReplyDelete
  12. මේ Twilight අහවල් එහ හන්දද මන්දා ඇ‍ඟේ ලේ නැතිව සුදුමැලි වෙච්ච බලුදත් උල් කොල්ලන්ට හෙන ඩිමාන්ඩ් එකක්නේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං කළු ඩූඩ්ට ජෙල නේ?

      Delete
  13. ඇත්තටම එහෙම වවුල් විශේෂයක් ඉදල තියෙනවද?ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමට විශ්වාස නැත්තං කියවලා බලන්ට විකියෙ

      Delete
  14. ඇයි බං කෙන්ජිට මාමා කිව්වේ?

    ReplyDelete
    Replies
    1. උගෙයි මගෙයි වයසේ හැටියට නෙමෙයි බං ආදරේට මාමා කිව්වෙ.

      Delete
  15. පොඩිකාලේ ඩ්‍රැකීට හොඳ සුරංගනා කතා කියලා දීලා තියෙනවා. ඒ මතකය තමා අද මේ ආවර්ජනය කරන්නේ. ඔය වවුලුන්ට වඩා භායානක මිනිසුන් ද අද මිනිස් සමාජයේ සිටිනවා.

    ReplyDelete
    Replies
    1. පොඩිකාලෙ ඩ්‍රැකීට සුරංගනා කතා කියා දීලා නෑ ඒතරම්. ඉතින් පුංචි ඩ්‍රැකියා සුරංගනා කතා පිපාසයකින් පෙළුනා. ඒකෙ ප්‍රතිඵල තමා මේ. ගෑණු ළමයෙක්ගෙ සමාජ ජීවිතය ගැන බැලුවොත් වැම්පයර් වවුල්ලු තව හොඳයි තමා.

      Delete
  16. අකිලගේ ජීවිතෙත් අනතුරේ වගේ ..කොහොමද අර මල් නැටි දාපු පාර්සලය ගැන දැනගෙන තියෙන්නේ ...?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි සහන් නියම ප්‍රශ්නෙ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි