Tuesday, August 27, 2013

අපේ රටේ ආර්ථිකේ අනාගතේ අනා ඇතේ !


ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස කියන අපේ රටේ උන්න කීර්තිමත් දේශපාලකයන් දෙන්නා අපායට ගියේ එකට නෙවෙයි. ඒත් යමරජු කියන්නේ බොහොම සාධාරණ කෙනෙක් නෙ. (උන්නැහැට ධර්ම රාජ කියන්නෙ ඒකයි. මහා භාරතයෙ යුධිෂ්ඨිර යම රජු ගෙ පුතෙක් ය කියනවනෙ.) ඉතින් එයා ජේ ආර් ටයි ප්‍රේමදාසටයි දඬුවම් කළේ එකටයි. මොකද්ද ඒ දඬුවම?

දෙන්නට දුන්නා කඩල බේසමකුයි, රටකජු බේසමකුයි. ‘තොපි දෙන්නා දැනගන්න ඕනෙ ලංකාවෙ අසරණ මිනිස්සු කොහොමද එදා වේල හම්බකරගන්නෙ කොහොමද කියලා. ඉතිං ඔය බේසම් දෙක ගෙනිහිං විකුණගෙන වරෙව්‘ කියලා යමරජ්ජුරුවො මේ දෙන්නට අණකළා.

ඉතිං ඕං අපේ තකට තක පාලකයො දෙන්නත්, අර බේසම් දෙක උස්සගෙන මිනිස් ලෝකෙට ආවා. අතර මගදි ජේ ආර් උන්නැහැට පුළුවන් වුනා, බිම වැටිල තිබ්බ රුපිල් දහයක් අහුලගන්න.

පොට් එකට ඇවිල්ලා දෙන්න බිස්නස් එක පටන් ගත්තා. කොහොමද? මුලින්ම ජේ ආර් ප්‍රේමදාසගෙන් රුපියල් දහයක රටකජු කනවා, පස්සෙ ප්‍රේමදාස ජේ ආර් ගෙන් රුපියල් දහයක කඩල කනවා. ආයෙ ජේ ආර් ප්‍රේමදාසගෙන් රුපියල් දහයක රටකජු කනවා, ඊට පස්සෙ ප්‍රේමදාස ජේ ආර් ගෙන් රුපියල් දහයක කඩල කනවා. ඔහොම ඔහොම බිස්නස් එක ඉවර කරගෙන, දෙන්නම යමරජ්ජුරුවන්ට ගිහිං දුන්නලු රුපියල් දහය, ‘ඕං අපේ දවසෙ ආදායම‘ කියල.

යමරජුජ්රුවො කිව්වලු, ‘තොපි දෙන්න මිනිස් ලෝකෙ ඉන්න කාලෙත් කොළේ ඕකම තමා‘ කියලා.

ලංකාවෙ ආර්ථිකය ගැන අපේ මාගල් මුදියන්සේ නොහොත් සහන් සිරා විග්‍රහයක් කරලා තියෙනවා. මේ වගේ සරළ එකක් නෙවෙයි, ඒත් අපේ රට මුහුණ දීලා තියෙන සැබෑ අනතුර මොකද්ද කියලා හොඳින් ම තේරුම් ගන්න පුළුවන් සරළ, විස්තරාත්මක පෝස්ටුවක්. මෙතනින් ගිහින් බැලුවෑකි.

ඉතින් අපි තවත් මේ කාබාසිනියා පවුලට අපේ රට කාලා විනාශ කරන්න ඉඩ දෙමින් ඒ අය අපිට දෙන තාවකාලික ආතල් විඳිමින් ගොන් රැළක් සේ කල් අරිමුද? අපිට තීරණය කරන්න කාලය....


53 comments:

  1. අපේ උන්ට මොන රෙද්දක්ද තේරෙන්නේ කියලා ඒකේ තියෙන කොමෙන්ට් වලින්ම පේනවා. පරිඝණකයක් එක්ක හරඹ කරන්න දන්න උනුත් මේ පොඩි දේත් දන්නේ නැතිනම්. අහිංසක ගැමි ජනතාව ගැන තව මොන කතාද ඩ්‍රැකී...

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට මාධ්‍ය හරහා දෙන තාවකාලික ආතල් වලින් ඇස් වහලා තියෙන්නෙ. අපි පුළුවන් තරමින් ඒක නැතිකරන්න ඕනෙ. නැත්තං මුළු ලෝකෙම අන්ධ කරලා තියෙද්දි අපිට විතරක් ඇස් පේන එකෙන් ඇති වැඩක් තියේ යෑ....

      Delete
  2. ස්තූතියි මාතලන් සහ draki දෙන්නටම තම තමන්ගේ බ්ලොග් වල මේ වෙනුවෙන් ඉඩක් වෙන් කිරීම ගැන. මෙතන තියෙන දේ සරල නැහැ මාතලන්. අපිට හෙමීට අමතක වෙලා තියෙන දේවල් මේ. එක එක සුරංගනා කතා වලින් තව තවත් මුලාවට පත් කරලා තියෙන්නේ රටේ ජීවත් වෙන මනුස්සයන්ව. මීළඟ කොටස් තුළින් තවත් දේවල් ගැන කතා කරනවා. එතකොට තේරෙයි අපි ඉන්න බරපතල තත්වය ගැන.
    සියලු දෙනාටම ගොඩක් ස්තූතියි මෙවැනි දේවල් තව තව අය අතර බෙදාහැරීම ගැන.

    නම් ගම් නොදන්නා තවත් බොහෝ පිරිසක් ලින්ක් එක share කරලා තියෙනවා. දිගින් දිගටම එවැනි උදව් ඕනේ. මොකද මේ පණිවිඩය යන්න ඕනේ බ්ලොග් බලන අපි අතරින් රටේ සාමාන්‍ය ජනතාව අතරට. ඒ නිසා ලින්ක් මගින් , ප්‍රින්ට් අවුට් මගින් , කට වචනෙන් හැකි සෑම අයුඉරකින්ම මේ දේවල් තව තව අයට දැනගන්න සලස්වන්න ..

    සියලු දෙනාටම බොහොම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. සහන් මල්ලිගෙ ඒ ලිපි හුගක් අයගේ දැනුමට ප්‍රයෝජනවත් ලිපි පෙළක් වෙනව කියලයි මම හිතන්නෙ.

      Delete
    2. @ සහන්
      @ කෙංජි
      මේ දේවල් පැහැදිලිව ලියන්න සහන්ට ඇති හැකියාව ගොඩක් වටිනවා. මේ දේවල් ජනතාව අතරට යවන්න ඇති ඉඩ අඩුයි, ඒත් අපි පුළුවන් දේ කළ යුතුයි.

      Delete
  3. උන් දෙන්නට වගේ අපිටත් වෙලා තියෙන්නෙ පිට රටින් අහුල ගත්ත සල්ලි වලට ණයට කන්න....

    ReplyDelete
    Replies
    1. හයියූ..... අපි විතරක් නං මදෑ, අපේ දරු මුණුපුරොත් ණය කරවලනෙ මුන් සැනකෙළි කෙළින්නෙ.

      Delete
  4. Replies
    1. ඒකත් කියවන්න එන්නං විවේකීව...

      Delete
  5. ඇයි උන් දෙන්න විතරක්.... දැන් ඉන්න උනුත් කරන්නෙ ඕකම තමයි.. මුන් දෙන්න යම රජ්ජුරුවොන්ට රු:10ක් හරි දුන්න. දැං ඉන්න උන් ඒ 10ත් තියාගෙන කියාවි
    "අපි රටේ මිනිස්සුන්ට නිකන් රටකජු ටික බෙදුව" කියල

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක....

      Delete
    2. ඒක තමා මේ පෝස්ටුවට ආව හොඳම කමෙන්ට් එක. යසිත් ඒ වෙනුවෙන් දිනාගත් තෑග්ග සුදු වෑන් එකකින් ගෙදරට ම ඒවි. අපෙන් සුබ පැතුම්!

      Delete
  6. රටේ බහුතරයකට ඔය අවශ්‍යතාව තියෙනවා...නමුත් නිසි නායකත්වයක් නෑ...විපක්ෂයෙ ඉන්න වැල්පෙනෙල කැද බීපු හැතිකරේ තමයි ඒකට වගකියන්න ඕනෙ...අද රටේ විපක්ෂයක් නෑ...ආණ්ඩුව විතරයි ඉන්නෙ...තමන්ට හිතෙන දෙයක් කරන්න උන්ට හැකි වුනේ තුනෙන් දෙකේ බලයක් අරන් මේ නපුංසක රොත්ත නිසයි.

    ReplyDelete
    Replies
    1. විපක්ෂය දියාරු වෙන්නෙ මේ විධායක ජනාධිපති ක්‍රමයේම එක් ප්‍රතිඵලයක් විදිහටයි කියලා, ටෙරන්ස් පුරසිංහ කියනවා. මේ සමාන තත්ත්වයක් තමා, ප්‍රේමදාස ජනාධිපති ගෙ කාලෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තිබ්බෙ. මන්ත්‍රී වරුන්ගෙ ලැජ්ජා නැති කම දැන් ඉස්සරටත් වඩා වැඩි නිසා, තුනෙන් දෙකේ බලය හදාගන්න හරි ලේසි වුණා.

      Delete
  7. මරු කතාව.හෑබෑයි මුන්ව මෙතෙන්ට යෑවුවෙ අපි.මුන්ට රට කන්න දුන්නෙත් අපි දෙන්නෙත් අපි.අතින් අපි අඩමුද? සිනාසෙමුද ?(අටම්පහුරට පොඩ්ඩක් එන්ඩො )

    ReplyDelete
    Replies
    1. ‘අගමැති මහින්ද ජනපති කරවමු‘ කියගෙන ආව ජෙප්පොත් දැන් අවලාද කිය කිය ඉන්නව මිසක් හරි හමන් අරගලයක් කරන්නෑනෙ මර්ධනයට එරෙහිව.

      Delete
  8. සිරා කියල තියෙනව වගේ ශක්තිමත් විපක්ෂයක් නැතිකම තමයි බොහෝ දුරට හේතුව.

    ReplyDelete
    Replies
    1. මූලිකම හේතුව අපි කියලයි මට හිතෙන්නෙ

      Delete
  9. ඕනෑම පිස්සුවක් කෙලින්න පුලුවනිනෙ බං කිසිම අවුලක් නැතුව,වන් හෝස් රේස් එකනෙ.

    ReplyDelete
    Replies
    1. වන් හෝස් රේස් කිවවහම මතක් උනේ, රෝම අධිරාජ්‍යය වැටුණෙත් නීරෝ, කොමොඩස්, කැලිග්‍යුලා වගේ අත්තනෝමතික පාළකයො නිසා. නීරෝ සැරයක් චැරියට් රේස් එකක් කළාලුනෙ කොලොසියමෙ. හිටියෙ එක තරඟකාරයයි. නීරෝ විතරයි.

      Delete
  10. කොහෙද බන් යම රජ්ජුරුවන්ට ධර්ම රාජ කියන්නේ... ධර්ම රාජ කියන්නේ බුදුරජාණන් වහන්සේට.

    ReplyDelete
    Replies
    1. ධර්මරාජ කියලා යම රජ්ජුරුවන්ට කියනවයි කියලා මම ඉස්සෙල්ලම දැක්කෙ 'රොමා ගෙ වාසනාව' පොතේ. ඊට පස්සෙ මහා භාරතයෙ යුධිෂ්ඨීර ගැන සඳහන් වෙන තැනකත් තියෙනව දැක්කා. බෞද්ධයන්ට බුදුහාමුදුරුවො ධර්ම රාජ වෙනව වගේම, හින්දූන්ට යම රජු හෙවත් මාරයා ධර්ම රාජ වෙනවයි කියල පේනවා.

      Delete
    2. ඔව් ඩ්‍රැකී, ධර්මරාජ කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඔප්පු කරන්නම්!

      "සමනාමයං මහා රාජ,ධම්මරාජස්ස සාවකා"
      සමාවන්න රජතුමනි,අපි ධර්මරාජයන්ගේ ශ්‍රාවකයෝ වෙමු

      එතකොට මේ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බව.

      Delete
    3. ඒක සිරා උපුටාගැනීම දුලා! ඉඳපං මාත් මහා හාරතේ හොයං එන්න.

      Delete
    4. Ayilas A , Dula , හින්දුන්ට ධර්ම රාජ වෙන්නේ යම රජ තුමා තමයි. ඒ ඔහු කිසිදු පැත්තක් නොගෙන ධාර්මිකව වැරදිකරුවන්ට විනිශ්චය ලබා දෙන නිසා. බෞධයන්ට ධර්මය බුද්ධාගම නම් හින්දුන්ට ධර්මය වෙන්නේ හින්දු ආගම. ජයින වරුන්ට ජයින ආගම. ධර්මය කියන වචනය කිසිම ආගමකට සින්නකර ලියල දීපු වචනයක් නොවෙයි. එක බුදුන්ට පෙර කාලයේ ඉඳන් විවිධ ආගමික ශාස්තෘ වරු භාවිතා වචනයක්. එම නිසා මෙතන ඩ්‍රකී නිවැරදියි.
      (එක ආගමක් විතරක් හැදාරපුවම ඔහොම වෙනවා.එහෙම අයට හිතෙනවා අපේ ආගමේ විතරයි මෙහෙම තියෙන්නේ කියල. එක ආගමක් පරතෙරට හදාරන ගමං අනිත් ආගමික දර්ශන ගැනත් යම් අවබෝධයක් ලබාගැනීම වටිනවා )

      Delete
    5. බොහොම ස්තූතියි ටිරාජ්, පැහැදිලි කිරීමට...

      Delete
  11. මට කියහං ඕවා නොදන්නේ කව්ද කියලා. කව්රුත් දන්නවා නොදන්න ගානට හිටියට. ඒකට තමා පතිවත කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වචනෙට, උඹේ කටේ මසුරමක් දාන්න කට ඇරහං...

      Delete
  12. Replies
    1. ඕකනෙ කියන්නෙ, මුන්ගෙ මොළේ ගැන කවර කතාද?

      Delete
  13. ඇහිඳ ගත්ත දහය ඔන්න ඔහේ කමක් නැහැවත් කියපංකෝ.දැන් ඉන්න එවුන් පොලියට අරංනේ බං කජු කන්නේ.

    ReplyDelete
    Replies
    1. පොළියට කජු කන එවුං නෙමේනෙ ණය ගෙවන්නෙ, අපිනෙ.

      Delete
  14. උන් අනාගතය ණයට අරගෙන කාල නිදා ගත්තා.. අපි.. !

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. අපි උන් දෙන අතල් බලලා, විසිල් ගහලා, හුළං බීලා නිදාගන්නවා...

      සික් බං උඹේ ලිංක් එක, වැඩකරන්නෑනෙ. ඉඳහං මං පාර හෙයං එන්නං.

      Delete
  15. ඔව් තව ටික දවසකින් තව කුළුණක් විවෘත කරල, නැත්තම් තියෙන බම්බුවක් ලොකු කරලා,ජනතා ප්‍රදර්ශනේට තිව්වාම අපේ එවුන් හිතන්නෙ රට දියුණු වෙලාය කියලා.
    ඒව්වා කරන්නේ දහ අතේ ණය වෙලා.

    ඩ්‍රැකියො මේක බැලුවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හයියූ ඒක තමා බං මාකටිං...

      උඹේ ලිපිය කියෙව්වා. මුකුත් ලියන්න කලිං ෆෝන් එකේ බැටරි බැස්සා.

      Delete
  16. උන් දෙන්නට කඩල කන්න රුපියල් දහයක්වත් තිබුනා , අපිට මොනවද තියෙන්නේ.?

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙ ඔරිජිනල් වර්ෂන් එකේ තිබුණෙ රුපියල් දෙකක් බං. දැන් රුපියල් දෙකට ඒ වටිනාකම නෑ. ඕක තමා අපිට ඉතුරු.

      Delete
  17. මුං යමයගෙ කණෙනුත් රිංගල ගියාද :O

    ReplyDelete
    Replies
    1. අඩේ තනියා, සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට. ජේ ආර් ගැන තව මොන කතාද බං?

      Delete
  18. අම්මට සිරි බොලා. අර උඩ පින්තූර කටුවේ ඉන්න පප්පලා, පිප්පිලා ගේ වැඩ කිඩ බලපුවාම ඩ්‍රැක්‍යුලා හෙඳයි බං. අනේ බං මට හැංගෙන්න බිත්තර කටුවක් දීපංකෝ. අර සාටකයා මම දිහා ඉතා ඕනෑකමින්බලා ඉන්නවා. ඒ විතරක්යෑ බං. මේ ලියන වේලාවේ දකුණු පැත්තේත් (මාතලන්ගෙ සින්ඩිය ) මෙකා ඉන්නවා.
    -කා(Ka)

    ReplyDelete
  19. දැන් ඉතිං ඔය දහ අතේ ණය වෙලා හදන ඒවගෙත් ආදායම් පිටටනේ,.. මවා පානවා විතරයි ..අන්තිමේ අපේ ළමයින්ට මොනා වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එව්වනං අඩුගානෙ සංවර්ධනේ හරි කියමුකො. ලෝස් නැතුව වියදං කොල්ලා කොරන සැනකෙළි වලට මොකද කියන්නෙ?

      Delete
  20. බ්ලොග් ලෝකෙ ඉන්න බහුතරයක් මේක හොඳින් දන්නවා මේක යන්න ඕනෙ බ්ලොග් නොකියවන රංගොජාලටයි ඩ්‍රැකි..

    ReplyDelete
    Replies
    1. හැබෑව ලංකයියා. බ්ලොග් කියවන උං ගෙදර ඇත්තො එක්ක හරි මේව ගැන කියවයි නෙ.

      Delete
  21. ඇත්ත කතාව ඇඬෙන එකක් උනත් පප්පල දෙන්නගෙ කතාව කියවල මම හොඳටම හිනා වුනා බං.

    මේ රටේ අද තත්ත්වෙ ගැන කතාකරල වැඩක් නෑ බං. ඉතිහාසෙ කවරදාටත් වඩා අද මිනිස්සු ඇඳගෙන ඉන්නෙ, හෙට ඡන්දයක් තිබ්බත් ප්‍රතිඵලේ බලාගන්න තිබ්බා. නමුත් කවදකහරි මේ දේවල් වෙනස් වෙනවා. එදාට ඉමෙල්ඩා මාකෝස්ගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳලම එළියට එන්නෙ නැතෑ.

    ReplyDelete
    Replies
    1. //නමුත් කවදකහරි මේ දේවල් වෙනස් වෙනවා. එදාට ඉමෙල්ඩා මාකෝස්ගෙ සෙරෙප්පු කුට්ටම් කලෙක්ෂන් එකේ ඉඳලම එළියට එන්නෙ නැතෑ.// ඒක තමා ඩ්‍රැකියගෙත් බලාපොරොත්තුව ඩීඩීටී.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි