Tuesday, September 24, 2013

රුහිරෙන් පුදමි - 11 කොටස

මෙතෙක් කතාව

8 කොටස
9 කොටස
10 කොටස

වේගය අඩු කරමින් ඇදී ආ දුම්රිය, දුම්රියපොළට සේන්දු විය. එහි එක් අසුනක ශාම් සහ නිර්මලී වූහ. විඩාපත් තරුණිය ශාම්ගේ උකුළෙහි හිස හොවා, නිදාගෙන සිටියාය. තරුණයා ඇගේ කම්මුලකට මෘදුව තට්ටු කළේය. ඇ සෙමෙන් දෑස් විවර කළා, තමන් වෙත නැඹුරු ව තිබූ තරුණයාගේ මුහුණ දුටුවාය.

‘‘බහිමු.....’’

නිර්මලී සෙමෙන් හිස එසවූවාය. අවුල් ව තිබූ වරළස දැතින් සකසා ගනිමින් ඈ නැගිට්ටාය. ඈ සැරසී සිටියේ චාම් ගවුමකිනි. ඒ මතින් ඈ පිරිමි ජර්සියක් ඇඳ සිටියාය. අසුනට ඉහළින් වූ රාක්කයෙන් ශාම් සිය ගමන් මළු බිමට ගති.

දෙදෙන දුම්රියෙන් බසිද්දී, අරුණෝදයේ සීත සුළඟ දෙදෙන නහවමින් ගලා බැස්සේය. තවම නිඳිබර බව පහව නොගිය තරුණියගේ දෙකොපුල් මතින්.....

‘‘ගොඩක් දුර පයින් යන්න තියෙනවා.....’’ ශාම් කීය. ‘‘පාරෙන් ගියොත් හැතැප්ම දෙක තුනක්..... කැළෑ පාරෙන් ගියොත් ළඟයි.....’’

නිර්මලී ඔහුගේ මුහුණ බැලූවාය. ‘‘කැළෑ පාර ඒතරම් කරදර නැතුව ඇති නේ.....?’’

ශාම් හිස සැළීය.

දෙදෙන දුම්රියපොළ පර්යන්තය දිගේ ඇවිද ගොස්, දුම්රිය පාරට බටහ. දුම්රිය පාරේ සිල්පර දිගේ ටික දුරක් ගිය ඔවුහු බිංගෙය ද පසු කළෝය.


https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRgjqTWqWc_KqqmaMzvypknoDKMuugUo-18lA4pZ2z1m95NoMmhEwYA

දුම්රිය පාරේ දකුණත් පස පහළට බෑවුම් වූ අතර, අනෙක් ඉවුර කන්දක් සේ උන්නත විය. ශාම් එක් තැනක නැවතිණ. එතැන ගස්වැල්, පඳුරු අතරින් කන්ද මුදුනට දිවුණු පටු අඩිපාරක් විය.

ශාම් ගමන් මළු දෙකම දෙවුරහිසෙහි එල්ලාගෙන අඩිපාර දිගේ උඩට නැංගේය. තවමත් නිඳිබර වූ තරුණිය ඔහු අනුව ආවාය. ගස්වැල් අතරින්, ඇවැසි වූ විට කුඩා පඳුරු වල එල්ලෙමින්..... අඩිපාරේ තැන් තැන් වල වූ ගල් මතින් නඟිමින් දෙදෙන ඉදිරියටම, ඉහළට පා නැගූහ. විටෙක පාර හරහා නැමුණු, පින්නෙන් පෙඟුණු බට පඳුරු යටින් රිංගමින්..... පාර හරහා වැටී දිරාපත් වෙමින් පැවති ගස් කඳන් මතින් පනිමින්.....

පාර අයිනේ වැටී තිබූ කොටයක් අසළ ශාම් නතර විය. ගමන් මළු වල බර, කොටය මතට පවරා ඔහු තරුණිය වෙත හැරිණ.

‘‘මහන්සිද?’’

‘‘එච්චර නෑ.....’’ ඈ සිනාසුණාය.

කොටය මත වාඩි වූ ශාම් සිය ලේන්සුව එළියට ඇද කොටය මත එළීය..... නිර්මලීට වාඩිවිය හැකි වන සේ..... මාර්ගය දුෂ්කර වුවද එහි එක්තරා වින්දනයක් විය. එය එක්තරා දුරකට, ශිෂ්ඨාචාරයට පෙර මිනිසා සොබාදහම සමඟ ඒකාත්මිකව විසූ අවදියට ආපසු පියනැඟීමක් සේය. සෑම තැනම නැවුම් පින්නෙන් වැසුණු වර්ණවත් කුඩා මලින් පිරි පඳුරු විය, අඩිපාර වසාගන්නට මෙන් වැවී.....

‘‘නැග්ම තව ටික දුරයි. ඊට පස්සෙ තැනිතලාව.....’’ ශාම් කීය.

‘‘ඔයා ගාව වතුර බෝතලයක් තියෙනවද?’’ ඈ හිස ඔසවා, දැස් ඉහළ නඟා ඔහුගේ දෑස් දෙස බැලූවාය.
ශාම් හිස දෙපසට සැළීය. ‘‘මටත් තිබහයි. තව ටික දුරක් ගියාම පොඩි උල්පතක් හම්බවෙනවා. එතනින් බොමු.’’

‘‘උල්පතකින්.....?’’ දෑස් අයාගත් නිර්මලී ඇසුවාය.

ශාම් මඳ සිනාවක් පෑවේය. ‘‘ඔව්. පිරිසිදුම වතුර.....’’

ශාම් කොටය මතින් නැගිට්ටේය. පාරෙන් ඉවතට ගිය ඔහු ගසකින් දණ්ඩක් කඩා ගෙනවුත් නිර්මලීට දිගු කළේ ය.

‘‘මේක අරං ගියොත් නගින්න ලේසියි.’’

නිර්මලී සිනාමුසුව එය පිළිගත්තාය. දෙදෙන නැවත සිය ගමන පටන් ගත්හ.

මීටර් කිහිපයකදී ශාම් කීවා සේම කැළෑ රොද එක්වනම අතුරුදහන් විය. පාර වෙත නැඹුරු වූ ගස් අතු අතරින්, දැවැන්ත තැනිතලාව ඔවුන් ඉදිරියේ දිස් විය. කළුවන් පසින් සැදුනු අඩිපාර, කසාවන් තණ පඳුරු අතරින් වංගු ගැසෙමින් ඉදිරියට දිව ගියේය. කළාතුරකින් හමුවන හුදෙකළා කුරු ගසක් හැරෙන්නට පේන තෙක්මානයේ වූයේ කුඩා තණපඳුරින් පිරි තැනිතලාවයි. සීත සුළඟ තරුණ යුවළ නහවමින් අතිමානුෂික වේගයෙන් ගළා ගියේය.

නිර්මලී සිය දෑත් පොරවාගත්තාය. ශාම් ගමන්මළු බිම තබා සිය බෑගයෙන් විශාල තුවායක් එළියට ඇදගති. ඔහු එය නිර්මලීගේ උරහිස මතින් පෙරවීය. තරුණිය එහි උණුසුමෙහි ගළි වූවාය. තරුණයා සිය වැසිකබාය ගෙන ඇඟලාගත්තේය.

ශාම් නැවත ගමන් මළු කරට ගනිද්දී නිර්මලී සිය බෑගය ඔහුගෙන් උදුරා ගත්තීය.

‘‘ඔයාට දෙකම ගෙනියන්න දෙන්න බෑ.....’’ ඈ ළදැරියක සේ සුරතල් ස්වරයෙන් කීවාය. ‘‘..... තැන්නට ආවට පස්සෙ මගෙ බර මම ගෙනියන්නම්.’’

ශාම් යටහත් ලීලාවෙන් හිස වැනීය.

සිය බෑගය කරේ එල්ලාගත් ඔහු සැහැල්ලූවෙන් ඇගේ අත ගෙන ඉදිරියට පිය නැගීය.

ළා දුඹුරුවන් තණ පඳුරු අතරින් අඩිපාරේ කළු පස කැපී පෙනින. සෑම අතම කුඩා මල් කැකුළු, හිමිදිරි උදෑසන උදෑසන හිරු සමඟ පිබිදෙමින් පැවතිණ. ඔවුන්ට ඉහළින් දැවැන්තව දිගහැරුණු අහස ළා අළුවන් දිය සායම් සිතුවමක් සේ පැතිර තිබිණ. ඈත සිතිජය පෙදෙස රතුවන් පැහැයට හැරෙමින්.....

තරුණ යුවළ සෙමෙන් ඇවිද ගියහ. හදිසියකින් තොරව..... සැහැල්ලූවෙන්..... වටපිටාවේ නැවුම් බව ඔවුන්ගේ විඩාබර සිත් ප‍්‍රබෝධවත් කළේය.

දෙදෙනා කුඩා බෑවුමක් දිගේ ඉදිරියට එද්දී, තැනිතලාව හරහා ඇද ගැසුණු දිග දීප්තිමත් ඉරක් බඳු වූ දියපහරක් ඔවුන්ට දැකගත හැකිවිය. අඩිපාර දිය පහර තරණය කළේ සිහින් යකඩ ඒදණ්ඩකිනි. තවත් ඉදිරියට යද්දී තරුණයින් හට දියපහරේ සිනාබර සිරි සිරිය ඇසෙන්නට විය. ඒ තරමටම හාත්පස සාමකාමී නිසලබව පැතිර තිබිණ.


‘‘මෙතනින් වතුර බිව්වෑකි’’ දිය පහර අසළට එත්ම ශාම් කීවේය.

ඔහු ඒදණ්ඩ ගාවින් පහතට බැස දිය පහර ඉවුරේ ඇණතබාගති. අයිස් වැනි සීතල දියෙහි, ඔහුගේ ඇඟිලි හිරිවැටිණ. නැවුම් සීතල දිය ඔහු දෝතින් ගෙන බොන්නට ගති.

පරෙස්සමින් ඔහු පසුපසින් ඉවුර දිගේ බැස ආ නිර්මලී ඔහු පසෙකින් වාඩි වූවාය, පින්නෙන් වැසුණු තණපත් මත.....

‘‘සීතලද.....?’’ ඇගේ මුහුණ පිරිසිදු සිනාවකින් ආලෝකමත්ව තිබිණ.

ශාම් ඈ වෙත හැරිණ. සිය තෙත් දෑතින් ඔහු සෙමෙන් ඇගේ දෙකොපුල් පිරිමැද්දේය. ළදරුවෙකු මෙන් කෑගැසූ ඈ ඉවත හැරුණාය. අයිස් බඳු සීතලෙන් ඈ වෙව්ලූවාය.

නිර්මලී දිය පහරට නැඹුරු වූවාය. අඩියේ වූ සියුම් වැළි කැට පවා පෙනෙන තරම් දිය පහර පැහැදිළි විය. ඇ සිය දෑතින් සීතලම සීතල දිය ගෙන බීවාය. දෙතොල්, දත්, දිව අතරින් අයිස් බඳු සීතලක් ගළා ගියේය. ඈට එය අමුතුම වින්දනයක් විය.

සිහිල් දියෙන් මුහුණ දොවාගත් දෙදෙන නැගී සිටියහ, ප‍්‍රබෝධමත්ව.....

දිය පාරේ වතුර මතුපිටින් සිහින් වාෂ්පයක් නැඟෙමින් තිබිණ. පින්නෙන් පෙඟුණු යකඩ ඒදණ්ඩෙන් සියුම් මළකඩ සුවඳක් නැඟී ආයේය. ශාම් ගේ සීතල අතින් අල්ලාගත් තරුණිය ඔහු පසුපසින් ඒදණ්ඩ තරණය කළේ සීරුවෙනි.

ඒදණ්ඩ කෙළවර අඩිපාර දෙකට බෙදී තිබිණ. කෙලින් දිවුනු එක් මඟක් වඩා පැහැදිළිව තණබිම මැදින් ඇතට විහිදුණු අතර, තණ පඳුරින් අඩක් වියැකී ගිය අනෙක් පෙත්මඟ වම්පසට විහිදී, තණබිම සීමා කළ වනරොද වෙත වැටී තිබිණ.

ශාම් ස්ථිර නමුත් මෘදු පියවරින් දෙවැනි පෙත් මඟ දිගේ පියනගන්නට විය. තමා පිටුපසින් එන තරුණියද කැටිව..... සිහිල් සුළඟ තැනිතලාව හරහා කඩාවදිමින් තරුණ සිරුරු සියුම් වාෂ්පයෙන් නහවමින්, ගළා බැස්සේය.

තුනී මිහිදුමින් මඟ දෙපස වූ කුඩා වල් පඳුරු මත වූ මල් තෙත් බර පින්නෙන් නැහැවෙමින් තිබිණ. අඩක් වියැකුණු පෙත් මඟ ඔස්සේ වන රොදට ඇතුල් වෙත්ම, මෙතෙක් තෙත්බරව ඇඟට කඩා වදින සුළඟින් වූ හිරිහැරය පහව යනු නිර්මලී හැඟුවාය. එතැන් සිට ඔවුන් වටකරගත් පින්නෙන් බර වන ගහණයත්, සීතල මඳ අඳුරත් ඒතරම් අවහිරයක් වූයේ නැත.

පාර හරහා කඩා වැටී දිරා යමින් තිබූ ගස් කඳක් මත වූ වල් උඩවැඩියා මල් මුතු වන් පිණි කැට වලින් වැසී දීප්තිමත්ව තිබිණ. ඒ අසළම ගස් කඳ මතට වී හිස සළමින් සිටි, වේලාසන අවදි වූ කටුස්සෙක් තරුණ යුවළ දැකීමෙන් තිගැස්සී, පඳුරු තුළට දිව ගියේය.

පාරට නැමීගිය ගස් අතු යටින් රිංගා යමින්, කුඩා ගල් මතින් පනිමින්, දෙදෙන ඉදිරියටම පිය නැගූහ. ඒකාකාර නැග්මක් හෝ බැස්මක් හෝ නොවූ තැනිතලා බිම තරුණයින්ට අසීරුවක් ඇති කළේ නැත.

පෙත් මෙඟහි වංගුවක් පසු කරත්ම ඔවුන් ඉදිරියෙහි වූයේගස් වදුලෙන් වැසී ගියලී කඳන් වලින් සෑදූ මඩුවකි. එය නොබෝ දිනකට පෙර අත්හැර දමා ඇති බව දක්වන ලකුණු ඔවුන් ඒ වෙත ළඟාවෙද්දී දක්නට ලැබිණ.

‘‘මේකද ඔයාගෙ ගෙදර?’’ නිර්මලී සිනාසෙමින් ඇසුවාය.

ශාම් හිස සැළීය. ‘‘ගෙදර යනකල්.....’’ ඔහු කීය, ‘‘..... මේක අපේ ගෙදර වෙයි.’’

මඩුවෙහි එක් කෙළවරක රළු ලෙස සෑදූ මැස්සක් විය. ශාම් මඬුවට ඇතුල් වී සිය බෑගය ඒ මත තැබීය. තරුණිය මැස්ස මත වාඩි වූවාය. ඒ අසළම බිම වියළි දර ගොඩක් විය. ශාම් වැසි කබාය ගළවා මැස්ස මතට විසි කරමින් ඒ වෙත ගියේය.බිම ඇණ තබාගත් ඔහු දර කැබළි එකිනෙක ගෙන කඩිසර ලෙස ඒවා ගිනි මැළයක ආකාරයට එක මත එක තබන්නට විය. හිමිදිරි සීතලෙන් ද, විඩාවෙන් ද මිරිකුනු නිර්මලී දෙපය ද මැස්ස මතට ගෙන, සිය උර වටා වූ තුවායෙහි ගුලි ගැසෙමින් ඔහු දෙස බලා සිටියාය.

ශාම් සිය කලිසමේ සාක්කුවකට අත යැවීය. නැවත අත එළියට ගත් ඔහු නැගී සිට සිය දෑත් සාක්කු දෙකටම රිංගවීය.

‘‘අමතක වුනානෙ ලයිටර් එක නෑ කියලා.....’’ ඔහු මැස්ස මත වූ තරුණිය වෙත හැරිණ. ‘‘මගෙ බෑග් එකේ සයිඩ් එකේ ඇති ගිණිපෙට්ටියක්.....’’

නිර්මලී ඔහුගේ බෑගය තමා වෙත ඇද ගත්තාය. එය විවර කළ ඈ අත රුවා ගිණි පෙට්ටිය එළියට ගෙන ශාම් වෙත පෑවාය.

කීප මොහොතක ඇවෑමෙන් තරුණයා ගිණි මැළය දැල්වීය. මඳ වේලාවක් ගතවී යත්ම තරුණ සිරුරු උණුසුම් වන්නට විය. නිර්මලී තම සිරුර වටා ඔතාගෙන සිටි විශාල තුවාය මුදා ගත් ශාම්, සිය වැසි කබාය මැස්ස මත එළා, ඒ මත තුවාය ද ඇතිරීය. තරුණිය විඩා බර සිරුරින් ඒ මත වැතිරුණාය. ශාම් ඒ අසළින් වාඩි වී සිගරැට්ටුවක් කමිස සාක්කුවෙන් ගෙන මුවග රඳවාගති. ගිණි මැළයෙන් දර කැබැල්ලක් ඇද ගත් ඔහු ඉන් සිගරැට්ටුව දල්වා ගත්තේය. සිහින් සුළං රොදකට හසු වූ සිගරැට්ටුවේ දුම් රැළි ඔහුගේ සිරුර වටා එතී යන්නට විය.

නිර්මලී ඔහු වෙතට ඇදුණාය.

‘‘ශාම්.....,’’

තරුණයා ඈ වෙත හැරිණ.

‘‘කොහොමද  ඕක බොන්නෙ?’’

මඳ සිනාවක් පෑ ඔහු සිගරැට්ටුව ඈ වෙත දිගු කළේය. තරුණිය එක් අතකට වාරු දෙමින් කෙළින් වී, අනෙක් අතින් එය ගත්තාය.

‘‘ටිකක් ගන්න.....’’ ඔහු කීය. ‘‘පස්සෙ..... ඒක හුස්මක් එක්ක උඩට අදින්න.’’

නිර්මලී සිගරැට්ටුව සිය දෙතොළතර රඳවා දුම් පොදක් ඇද්දාය. ඔහු කී අයුරින්..... නැවත ප‍්‍රාශ්වාසය සමඟින් එය පිට කළ ඈ මඳ සිනාවක් පෑවාය.

‘‘මොකද්ද ඉතින් මේකෙන් ලැබෙන්නෙ.....?’’

තරුණයාද සිනාසිණ.

‘‘තව උගුරු තුන හතරක් අරන් බලන්න.....’’

තරුණිය නැවත සිගරැට්ටුව උරන්නට වූවාය.

‘‘එක පාරකට ගොඩක් ගන්න එපා.’’ ශාම් කීය. ‘‘.....කැස්ස හැදෙයි.’’

දුම්කොළ පිළිස්සුණු දුම සමඟ සිය සිරුරේ මසු පිඬු සැහැල්ලූ වී යන අයුරක් ඈ හැඟුවාය. උගුරු කිහිපයකින් ම එහි චමත්කාරජනක මෝහණයට හසුව ඇගේ දෑස් අඩවන් ව ගියේ ය.

ඈ සිගරැට්ටුවෙන් උගුරක් ගෙන එය නැවත ශාම් වෙත දිගු කළාය.

‘‘ඇද්ද.....?’’ ඔහු සිනාසෙමින් ඇසීය.

නිර්මලී මඳ සිනාවක් නැඟුණු මුහුණින් ඔහු දෙස බැලූවාය.

‘‘මේකද දැනෙන්නෙ?’’ ඈ ඇසුවාය. ‘‘මුළු ඇඟම ශාන්ත වෙලා යන මත් ගතිය?’’

ඔහු හිස සැළීය.

සිගරැට්ටුව තවත් දෙතුන් පාරක් ඉරූ හෙතෙම, එය ගිණි මැළයට විසි කළේය.

‘‘පුරුදු වෙන්න නං එපා‘‘ ඔහු කීය. ‘‘මුල් වතාවට ඔහොම දැනුනටඕක ඔයාගෙ උගුරටයි, පපුවටයි නරක බලපෑමක් කරනවා. මම අත්දැකීමෙන් දන්න විදියට, කාලයක් යද්දි හතිය, මහන්සිය ඇතිවෙනවා. අන්තිමේ උගුරෙත් පෙනහළු වලත් පිළිකා ඇති කරන්න මේ මිනිත්තු කීපයක සතුට බලපානවා.’’

‘‘එහෙනම් ඔයා බෙන්නෙ?’’

ශාම් මඳක් පැකිළිණ. වරදක් කර හසුවූ ළමයෙකු මෙන් ඔහු සිනාසිණ.

‘‘මට කොහොමත් එකයි. එක අතකට මගෙ පැවැත්ම මේ ලෝකෙට ගොඩක් වැදගත් බවක් මට දැනිලාම නැහැ වගේ. අනික් අතට, යමකට ඇබ්බැහි වුණාම නවත්වන්න අමාරුයි. ඒ වගේම මේක නොබී ඉන්න විශේෂ හේතුවකුත් නෑ’’

නිර්මලී කෙළින් වී, තමා අසළ හිඳ සිටි තරුණයාගේ ඉඟ වටා සිය දෑත් යවා බැඳ ගත්තාය. ඇගේ ළයෙහි ස්ත‍්‍රී උණුසුම ඔහුගේ පිට මතින් දැනිණ.

‘‘මට බැරිද හේතුවක් වෙන්න.....?’’ ඔහුගේ උරහිස මත සිය නිකට තබාගත් ඇය ඇසුවාය.

මීළඟ කොටස...

30 comments:

  1. අමාරුවෙන් හොදම හරියට එද්දි මතුසම්බන්ධ වුනානේ :(

    ජය !

    ReplyDelete
    Replies
    1. දිග වැඩි උනානෙ මචං. ඉතිරිය ළඟදීම.... :-ඩී

      Delete
  2. අද කථාවට උඩ තියෙන බිංගෙයි ෆොටෝ එක නියමෙට ගැලපෙනවා ඩ්‍රැකියො..මේ කථාවත් එක්ක මම ටිකක් වෙලා ඒක දිහා බලාගෙන හිටියා කොච්චර සුන්දර ද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක මාත් අවුරුදු පහළොවකට කලින් විඳපු සුන්දර අත්දැකීමක් සිරා...

      Delete
    2. ඒක තමයි. මෙගා කරන්න එපා. අදත් කියෙව්වා ඔන්න කුතූහලයෙන්....

      Delete
    3. මෙගා කරන්නෑ දිලිනි. තව කොටස් දෙක තුනකින් ඉවරයි...

      Delete
  3. අද කොටස වෙනම දාන්න දඟකාර යොවුන් ආදරයක් ගැන කතාවක් කියලා. පට්ටයි

    ReplyDelete
    Replies
    1. පූමා, පූමා,
      කවුද කියන්නෙ දැං ලියන කතා ත්‍රාස ජනක, එහෙම නැත්තං රොමෑන්ටික් කියලා වර්ග කරන්න පුළුවන් කියලා....?

      Delete
    2. ඔව් ඒක ඇත්ත. ඒත් මේ කොටස විතරක් කියවන කෙනෙක් ගැන හිතමු. එයාට නිකමටවත් හිතෙන්නේ නෑ අර මුල් කොටස් වල තිබ්බ අත්භූත ගතිය නැතිනම් පස්සේ තිබ්බ රහස් පරීක්ෂක කතාවේ රහ. මේකෙන් කියන්නේ අපේ ඩ්‍රැකියාගේ හැකියාව තමා

      Delete
    3. හැකියාවකට වඩා පූමා, මට ඕනෙ උනා මෙහෙම මික්ෂර් එකක් කරන්න. ඒක නූතනවාදී කතා කළාවේ එක ලක්ෂණයක්. මේ කාලෙ ලියවෙන හරි ෆිල්ම් එකකට නැගෙන හරි කිසිම කතාවක් කෙළින්ම ඇඩ්වෙන්චර්, රොමෑන්ටික්, හොරර්, ආදී එක කැටගරියකට, එක රාමුවකට දාන්න බෑ. ඉතිං මගෙ කතාවටත් ඒ ලක්ෂණය එකතු කරන්න ඕනෙ වුනා.

      මගෙ හැකියාව ගැන වැඩිය කෑගහන්න එපා මස්සිනා, මං ඔව්වට හොඳට සළකන්නම් පස්සෙ... :-)

      Delete
  4. අද කොටස, කොටස් වශයෙන් පළවෙන නවකතාවක කොටසක් කියලා නොහිතා රොමෑන්ටික් කෙටිකතාවක් හැටියටත් රස විඳින්න පුළුවන්. අපි කවුරුත් මේ ෆැන්ටසියේ ජීවත් වෙන්න ආසයි.

    මේක උඹේ කතාව ගැන නෙවෙයි. ඕනැම දෙයක් පණ පිහි‍ටුවලා කියන්න පුදුම හැකියාවක් තිබ්බ, මගේ කට හැකර යාලුවෙක් කිව්ව ඇන්ටික්ලයිමැක්ස් ජෝක් එකක්.

    ඌ ඒක කිව්ව විදිය ඒ විදියටම මට මතක නැතත්, ටිකක් මේ වගේ.

    "අපි දෙන්නා
    සීතල සුදු මීදුම් ගලන ලස්සන කඳුකරේ,
    නිල්පාට කඳු වලල්ලක් මැද්දේ තියෙන,
    ලස්සන කඳු ගැටයක් පාමුල,
    රන් වන් මාලු කෙළිදලෙන් පෙම් කෙලින,
    රිදීවන් පෙණකැටි නංවමින් නිල් කැටයක් වගේ පිරිසිදු වතුර ගලා බහින,
    දොළ පාර අයිනේ,
    සුදෝ සුදු වැලි තලාවේ ඇණ තියාගෙන
    බර බර ගාලා රෙමු."

    මේක අහං හිටිය අපි හැමෝම මුලින්ම මුගේ පරිසර වර්ණනාවට ඔකඳ වෙලා ගිහින් එක පාරටම බිමට වැ‍ටුනා, පෙරේතයා පොළොවේ ගැහුවා වගේ .

    අපි හැම එකාම එක හඬින් එකටම කෑගැස්සුනා,

    "නෙද්දකිං ***ගේ පුතා!"

    ReplyDelete
    Replies
    1. එළ එළ ඩූඩ්.... මං ඕක අහල නෑනෙ....

      Delete
    2. අන්තිම පේලියට කලින් "මූණෙන් මූණ බලාගෙන" කියලත් පේලිය තියෙනවා. දැනුයි මතක් වුනේ. :D

      Delete
    3. @ Henry.....මූණෙන් මූණ කෑල්ල එකතුවුනාම රසය ඩබල් උනා.

      Delete
  5. ඉතුරු කොටස් ටික එනකම් ඉන්න අමාරුයි බන් අන්තිමට වෙන්නේ මොකද කියල මට මේල් එකක් දාපන්කෝ ...... අන්තිමට ඉවර උනා කියලනම් කියන්න එපා ඕන්

    ReplyDelete
    Replies
    1. මේල් එකක් දැම්මා ඕං. වැඩි විස්තර නං අහන්න එපා රාළේ....

      Delete
  6. ඩ්‍රැකි.....අද කොටස කියවනකොට බ්ලැක් පූමා සහ හෙන්‍රිගේ අදහසමයි මටත් ආවේ. හෙන්‍රිගේ මූණට මූණ බලාගෙන රීම නම් මරු බං.

    ReplyDelete
    Replies
    1. ‘‘හෙන්‍රි‘‘ගෙ අදහස තමා මාත් දැකපු හොඳම කමෙන්ට් එක අරූ.

      මටත් පුදුමයි අපි ඒ කාලෙ විඳලා තියෙන ෆැන්ටසි ගැන...

      Delete
    2. මචං අරූ, හෙන්රි කියලා ගහන්න මෙහෙම කරපං. හෙන් රි වෙනම ගහපං ස්පේස් එකක් තියලා. උඹ ඒක කොපි පේස්ට් කලාට පස්සෙ කමෙන්ට් බොක්ස් එකේදි 'රි' බැක්ස්පේස් කරපං 'හෙන්' ගාවට. එතකොට හෙන්රි.

      නැතිනම් ඔය අනිත් උන් වගේ ඩූඩ් කියහං බං.

      Delete
    3. @ඩූඩ්.........ඩූඩ් කියන එක ලේසියි තමයි. උපදෙස වැදගත් වෙනත් වචණයක් ලියන්න.තෑන්ක්ස්.

      Delete
  7. අද නම් කතාව ටිකක් මට අබිලික්.
    දුම්රියට නැග්ගෙත් සීතලේ....බැහැල තැන්නට ආවමත් සිතල...
    තැන්නෙ දිය උල්පතේ පින්තුරය අස්වාභිකයි කියල හිතුන මට.
    මගෙ කොලු වයසෙ වැරැද්දද මන්ද...?

    ReplyDelete
    Replies
    1. උඩහ පළාතක ඉඳං කෝච්චියෙන් ඔහිය පැත්තට යන්න කොච්චර වෙලාවක් යනවද කෙංජි සං, හෝටන් ප්ලේන්ස් වල කොයි වෙලේද සීතල නැත්තෙ? ඕක තමා කොලු වයසෙ වැරැද්ද.

      අර උල්පතෙන් මම සිරාවටම වතුර බීලා තියෙනවා. ඒක මාර අත්දැකීමක්...

      තැන්කුයි ඈ දිගටම මේ පැත්තෙ ඇවිදිං දිරිගැන්වීමට....

      Delete
    2. පළගැටියෝ බයිස්කෝප් එක කරන්න ගිහිල්ල "පාර් ඉන්"එකේ නැවතිලා දවස් පහක් පුදුම ආතල් එකක් ගත්ත ධර්මසිරි B ඇතුළු පිරිසක් සමග.
      කියවගෙන යද්දී හෝටන් තැන්න තමා සිහි වුනේ.

      Delete
    3. අම්මෝ කෙංජි අංකල්....!!!

      Delete
    4. @කෙන්ජි.......සිනමා ජීවිතේ ගැන ලිපි පෙලක් ලියපන් මචං. මම කැමතිම සබ්ජෙක්ට් එකක් තමයි සිනමාව.

      Delete
    5. ඇත්තටම කෙංජි අයියා බ්ලොගක් ලියන්නැත්තෙ ඇයි? ලිව්වොත් ලොවෙත් නැති තරං වැදගත් දේවල් ලියන්න පුළුවංකොට?

      Delete
  8. කියෙවුව. සතියකින් නොකියවපු ඔක්කොම කියවන්න ඕනෙ.. හෆොයි..

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකයි ලංකයියේ....

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි