Friday, December 20, 2013

කාලිදාස ජාමෙ බේරගත්ත හැටි

කාලිදාස ගැන මුල්ම කතාව ආටිකල්ස් බ්ලොගේ තිබ්බා දැක්කා. ඒ දැකලා සංස්කෘත සාහිත්‍ය ප්‍රේමී ඩ්‍රැකියට කසන්න ගත්තා. ඉතිං මේ කොට කතාව දාන්න හිතුනා බ්ලොගේ පාළුව යන්නත් එක්කම.


කාලිදාස කවියා සේවය කළේ භෝජ රජතුමාගෙ රාජ සභාවෙයි. ඒ රාජ සභාවෙ හිටිය කවියන් හැමෝටම වඩා දක්ෂතා පෙන්නපු නිසා රාජ සභාවෙ හිටිය ගොඩක් දෙනා කාලිදාසට හිත යටින් නුරුස්සන ගතියක් තිබ්බා. දවසක් අනිත් කවියො සෙට් එකක් එකතු වෙලා කාලිදාසට සිරා මඩක් ගහන්න කල්පනා කළා. ඒකට ඒ කෂ්ඨිය හොයාගත්තා මෙලෝ හසරක් දන්නැති මෝඩ බමුණෙක්ව. එයාට සල්ලිත් දීලා, ගෝළයො කියන්න පුළුවන් ළමයි ගොඩකුත් සෙට් කරලා, අගනුවරට එව්වා. එයාට කියන්න කිව්වා මම තමයි කාලිදාසගෙත් ගුරු තුමා කියලා.

ඉතින් අර අහිංසක බමුණත් ලණුව කාලා, අගනුවරට ආවා. දවසකින් විතර කාලිදාසටත් ආරංචි වුණා එයාගෙ ගුරුවරයා ‍කියාගත්ත කෙනෙක් ඇවිත් ඉන්නවයි කියලා. කාලිදාස ගියා එයාව බලන්න. ගියාම තමයි දැනගත්තෙ මේ ජීවිතේටවත් දැකපු නැති බොරු ගුරුතුමෙක් කියලා.

කාලිදාස එතන හිටිය ගෝළයින්ට කිව්වලු, මට මගෙ ගුරුතුමත් එක්ක ප්‍රයිවට් එකේ කතා කරන්න ඕනෙ කියලා. ගෝළයො ටික එහෙට මෙහෙට උනාට පස්සෙ, කාලිදාස ඇහුවලු මොකද්ද මේ කරන වැඩේ තෙරුම කියලා. ගුරුතුමත් කිව්වලු, 'අනේ මන්දා මහත්තයෝ, මේ කට්ටිය මට ගෙවනවා, මාත් ඉතින් කියන විදිහට කරනවා' කියලා.

කාලිදාස කිව්වලු, 'හොඳා කමක් නෑ. ඔයාට සමහර විට රාජසභාවටත් ගෙන්නයි. එතෙන්දි ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න යන්නෙ නැතුව මට අත දික් කරන්න. මං උත්තර දෙන්නම්' කියලා.

ඒ කිව්වා වගේම පහුවදා අර ගුරුතුමාව රාජසභාවට කැ‍‍ඳෙව්වලු. කියන්න එපැයි, භෝජ රජතුමා බොහොම සම්භාව්‍ය, උගත්, විචාර ශීලී රජෙක්. ගුරුතුමා යනකොට රාජසභාවෙ පොඩි පහේ විවාදයක්ලු. රජතුමත් අර ගුරුතුමා ආව ගමන් විවාදයට මාතෘකා වෙච්ච ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවලු.

'රාවණා' කියලා ලියද්දි, සමහරු මුර්ධජ 'ණ' කාරයත්, සමහරු දන්තජ 'න' කාරයත් යොදනවා. හරි අකුර මොකද්ද? කියලා. (මං එතන හිටියනං නලීන් දිහාට අත දික් කරනවා)

ගුරුතුමාට එකපාරටම 'මොකද්ද මේ ගිණිගෙඩිය' කියලා කල්පනා වෙලා, දුන්නලු කැරකිලා යන්න උත්තරයක්. පොර කිව්වලු, '‍ඔය දෙකම වැරදියි. රාභණ කියන එකයි හරි' කියලා. ඊට පස්සෙ මතක් වුනාලු කාලිදාසට අත දික් කරන්න.

කාලිදාසත් නැගිට්ට ගමං කිව්වලු,

භකාරහ් කුම්භකර්ණෙච
භකාරෂ්ඨ විභීෂණෙ
තයෝර් ජ්‍යෙෂ්ඨ කුලශ්‍රේෂ්ඨ
භකාරං කිං න විද්‍යන්තෙ

කියලා.

කාලා වරෙංකො. මොකද්ද මේ ‍ශ්ලෝකෙ තේරුම?

'කුම්භකර්ණට 'භ' යන්නක් ඇත
විභීෂණටක් 'භ' යන්නක් ඇත
‍ඒ දෙන්නාටම වැඩිමල්, ගෙදර ලොක්කට
'භ' යන්නක් නැතිවෙන්නෙ කොහොමද?

ඕං ඔහොමයි කාලිදාසගෙ ස්ථානෝචිත ප්‍රඥාව.

මට නං මේ කතාව, අපේ දේශපාලනයෙ මූලික හරය එක්ක සෑහෙන සම්බන්ධයක් ‍තියෙන බව පේනවා.

ප/ලි

ඩ්‍රැකියා මේ ටිකේ ගෙදර වැඩ නිසා හිර වෙලා හිටියා. ඩ්‍රැකියා දිගටම ලියාවි. මේ පැත්ත අත නොහැර එන හැමෝටම ඩ්‍රැකියාගේ ප්‍රණාමය!

21 බීච් පාටියට බෙල්ල කඩාගෙන හරි එන්නයි අදහස. ජීවිතේට දැකපු නැති ඩ්‍රැකියාගේ හෘදයංගම යාළුවන්ගෙන් වැඩි දෙනෙක් එදාට අඳුනගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

50 comments:

  1. :-DD හරි වචනෙ 'රාවණ'. රාවණා නෙමේ.

    ReplyDelete
    Replies
    1. අනේ ටැංකිව් ඈ... නිවැරදි කළාට

      Delete
  2. ඕං බලහන්කෝ මේ අහක ඉන්න එකෙක් දිහාවට ඇගිල්ල දික් කොළානේ මේකා. අලේ අපි ඕවට නෑ.. ඔන්න දිලිනියා ඇගිල්ල එයා පැත්තට හරවං....
    හමුවෙමු හෙට

    ReplyDelete
    Replies
    1. ඉතිං නලීන් නෙව අපේ අක්ෂර වින්‍යාසය නිවැරදි කොරන ජාතික මෙහෙවරට උර දීලා කර දීලා ඉන්නෙ.

      හම්බවෙමු!

      Delete
  3. රාවණ මිත්යවක්ලු නේද,පුරා විද්‍යා චක්රවර්තියෙක් මේ ඊයෙ පෙරේද කියල තිබුණා. එහෙම උනොත් ඔය රාවණ බලකාය විසුරුවා හරීද දන්නේ නෑ නේද,හැබයි විසිරෙව්වොත් එහෙම හරි අපරාධයක් නේද බං ඩ්රැකියෝ.නලින්ගෙන් වත් අහල කියනවද.

    ReplyDelete
    Replies
    1. හෑගොඩ විපස්සි හාමුදුරුවොත් ඔහොම කියලා තිබුනා.

      Delete
    2. චක්‍රවර්තියා කියන දේවල් ගණන් ගතන්න ගියොත් ඉතිං... දවසක් උන්නැහැ කිව්වනෙ පොළොවෙ තියෙන නිධාන රජ්ජුරුවන්ට අයිතියි කියලත්.
      රාවණා හඬ, බොදු බලු සේනා වගේ ඒවා විසුරුවන එක ගැන නං ඉතින් අහන්න වෙන්නෙ අර ගෝඨයිම්බර ගෙන් ම තමා. නලීන් විශේෂෙන් දන්නෙ ‘නණලළ‘ නේ.

      Delete
  4. ලොක්කටනම් භයන්නක් ලැබෙනවා ඊළඟ මැතිවරණ වලදී.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හයියෝ විචාරක, ඒ කතාවට නං හෙට ගල්කිස්සෙ යන ගමනුත් හිනා...

      Delete
  5. ඔය තියරිය තමයි අදත් යන්නේ.ප්‍රශ්නේ එකක්.ඇහුවේ අහන්න ඕන කෙනෙකුගෙනුත් නෙවෙයි.දුන්නෙත් විකාර උත්තරයක්.ඒකටම හරියන තාර්කික ඒත් අද්භූත උත්තරයක්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. හරියට හරි අමුත්තා, ස්තූතිි මාව හොයාගෙන ඇවිත් මං සළකුණු තිබ්බට. ඒ පැත්තෙත් එන්නං. පුළුවන් වෙලාවක ‘අමුත්තා‘ කියන වචනය විසන්ධි කරන්න බලන්නකො.

      Delete
  6. මල්ලිටත් හරි, මද්දුමයටත් හරි ඒ නිසා අයියටත් හරි යන්න ඔනේ කියන ඒකත් මාර තර්කයක් තමයි...ගණිතයේ ඔය වගේ සාධනයකුත් තියෙනවා...ගණිත අභ්‍යුනය මගින් සාධනය කියලා

    ReplyDelete
    Replies
    1. ඒක පොඩ්ඩක් විස්තර කොරහංකො මයියො...

      Delete
  7. // (මං එතන හිටියනං නලීන් දිහාට අත දික් කරනවා)//

    හී හී....මම හිටියානම් ඇඟිල්ල දික් කරන්නේ කෙන්ජි දිහාවට...

    ReplyDelete
    Replies
    1. අයියෝ කියල වැඩක් නෑ. කෙංජි තමා සිරාම උත්තරේ දෙන්නෙ... මට හාංකවිසියක් මතක් උනේ නෑනෙ.

      Delete
    2. ඇයි ලොක්කෝ හැලපයියාත් ඉන්නේ....:D

      Delete
    3. ඔය ඉන්නේ හැබෑට උත්තර දෙනවනං...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඕක ස්ථානෝචිත ප්‍රඥාව තමයි, ඒක ඇත්ත... ඒත් ඕව මොනවද, අද කාලේ අහන්න ලැබෙන දේවල් එක්ක...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ආපහු හැරිලා බලපුවාම, දයාසිරි, ජොන්ස්ටන්, එස්බී, කරු ජයසූරිය ආදී ඔක්කොම කාලිදාසගෙන් පැවතෙන බව පේනවා... නැද්ද?

      Delete
    2. අනික, ප්‍රේමදාසගෙ කාලෙ මානව හිමිකම් ගැන ජිනීවා යන්න ගිය එක්කෙනාම නේද දැන් චොගම් එකේදි කියන්නෙ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපාය කියලා...?

      Delete
  10. කාලිදාසව හොයන්න ගිහිල්ලාද උඹ මෙච්චර දවසක් නොපෙනී හිටියේ.

    ReplyDelete
  11. අනේ මන්දා මමනං ඔය සිංහල වැඩිය දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. මං දන්නෙත් නෑ නාඩියො...

      Delete
  12. මේ කට්ටියගෙ නංගිටත් භයන්න තිබ්බද???

    ReplyDelete
    Replies
    1. ඇයි තනි අලියො, එයාගෙ නම ‘ශුපර්නඛා භාග්‍යා‘ නෙ...

      Delete
    2. භාග්‍යා කියල කෑල්ලකුත් තියනවද? :O

      Delete
    3. ඒකනෙ කියන්නේ...

      Delete
  13. මෙන්න බොලේ ඩ්‍රැකීයා ඇවිත් ....... නිකන්ම නෙවි මහාප්‍රාණ භ යන්නත් අරන් :D

    ReplyDelete
    Replies
    1. මැලේ රාළටත් 'භ' යන්නක් ලැබෙන්න ඉඩ තියෙනවයි කිව්වා, 21 දා හම්බවෙච්ච එක්කෙනෙක්. පරිස්සමින් කොරන දෙයක් ඕං...

      Delete
    2. අඩේ ඒ මොකද්ද ඒ භ යන්න මට කියපල්ලකෝ ටිකක් තේරෙන්න

      Delete
    3. මං අර විචාරක තුමා උඩින් කියල තියෙන එකම රිපීට් කොළා. රාළ මැලේ ඉඳං කියන කරන දේවල් පරිස්සමින් ඕං...

      Delete
  14. යකෝ මහප්‍රාණ "භ "යන්නයි කාලිදාසයි හොයන්න මේකාට ගිය කාලයක්, ආයේ එහෙම ඔය එක එකාව හොයන්න යන්නේ නැතුව ලියපන් බ්ලෝග

    ReplyDelete
    Replies
    1. ෆිට් තමා ඉවෝන්, එළ කිරි...

      Delete
  15. හැබැව හැබව නැතිවෙන්න බැ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. 21 දා දැක්කනෙ දමිත්ටත් 'භ' යන්නක් තියෙනවයි කියලා.

      Delete
  16. මේ ‍ශ්ලෝක වල පට්ට තේරුම් නොවැ තියෙන්නේ.තවත් ශ්ලෝක කතා ටිකක් ලියහන්කෝ.

    ReplyDelete
  17. ගෙදර වැඩ කිව්වෙ...ගේ හදාගෙන යන වැඩ වෙන්ට ඕනෙ..සාර්ථකව ඒ වැඩ කටයුතු අවසන් වෙන්ට කියා පතමි...

    ReplyDelete
    Replies
    1. ඉතසිතින්ම ස්තූතියි සිරා...

      Delete
  18. ජීවිතේට අහලවත් නැති කතාවක්. ස්තූතී ඩ්‍රැකී...

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ධනා මේ පැත්තෙ ආවට. වෙල්කම් කිව්වා. පොඩ්ඩක් කලින් කතා කියවල බලන්න වෙලාවක, 'ගජබින්නාලංකාරය' එහෙම...

      Delete
  19. හ්ම්ම්ම්ම් අලුත් කතාවක් ඩ්‍රැකී. සිරාවටම අපේ දෙසපාලුවොන්ට තියෙන්නේ කපටි කම විතරයි

    ReplyDelete
    Replies
    1. ඉෂ්ටූටියි කෝරළේ මහත්තයා, මේ පැත්තෙ ආව වගට මං සළකුණු දැක්කෙ අදමයි. සාදරයෙන් පිළිගන්නවා.

      මගෙ ආතල් කතා කොහොමත් දේශපාලනිකයි. කළින් ඒවත් පුළුවන් වෙලාවක කියවලා බලන්න...

      Delete
  20. මට හෙන අවුලක් ඈ ..

    කාලිදාස ලංකාවෙ මිනිහෙක් නෙමේන කැපිටල් භ යන්නයි සිම්පල් බ යන්නයි ගැන මේ ප්‍රශෙ හැදුනෙ කොමද ඈ ?

    නැත්නං කාලිදාස කියන්නෙ ලංකාවෙ කෙනෙක්ද ? :P

    ReplyDelete
    Replies
    1. දන්න විදිහට ප්‍රශ්නෙට උත්තර හොයන්න පොඩි රිසර්ච් එකක් කළා. කාලිදාස ගැන කෙටියෙන් මෙතන තියෙනවා. (http://www.silumina.lk/punkalasa/20090913/_art.asp?fn=ar0909136)

      කාලිදාස උතුරු ඉන්දියාවෙ සංස්කෘත කවියෙක් කියන එකයි මං දන්නෙ.

      කැපිටල් භ යන්නයි සිම්පල් බ යන්නයි ගැන සමීගෙ අවුල මටත් හරියට තේරුන් නෑ ඕං...

      Delete
  21. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    කලි දාස කෙසේ වෙතත් සියලු දෙනාටම ජාමේ බේරා ගන්න හැකි වේවා!

    ReplyDelete
    Replies
    1. මේ සියළු දේම එසේම වේවා!

      ලංකාවාසීන්ට මිනිස්සුන්ට වගේ සළකන දිනයක් ළඟා‍ වේවා!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි