Tuesday, December 31, 2013

බාප්පගේ පතෝලේ - ගජබින්නාලංකාරය ඉවර නෑ...

ඩ්‍රැකියා හෙණම සත්‍යවාදියෙකි. ඌ කට ඇරියොත් කියන්නේ පට්ටපල් හෙණම ඇත්තකි. අපේ සමාජයෙන් ඈත් වී යන ජනශ්‍රැතියේ අංගයක් ලෙස හඳුනාගත හැකි ගජබින්න එකතු කිරීමට ඩ්‍රැකියා හිතුවේ කෞතුක දේට තියෙන ආසාවට සහ ඒවායේ ඇති දේශපාලනමය වටිනාකම නිසාය. ගජබින්නාලංකාරයේ කලින් කොටස් මේ ලිංකුවෙන් ගිහිං බලාගත හැක.

මේං ගජබින්නාලංකාරයේ කතා සැට් එක

අද අපි කියවන්නට යන්නේ ඩ්‍රැකියාගේ සුප්‍රකට බාප්පා කන්තලේ ගොවි රජාව සිටි කාලයේ (ඒක නං සිරාවටම ඇත්තය) සිදු වුණු ගල් පැලෙන බේගලයකි ඇත්තම ඇත්ත කතාවකි.

බාප්පා කොච්චර මහන්සි වෙන, කොච්චර අත්ගුණයක් තිබ්බ, කොච්චර සාර්ථක ගොවියෙක්ද කියනවනං, උන්දැගෙ හේනක හැදුණා මහ විසාල වට්ටක්ක ගෙඩියක්. ඒක පැහීගෙන එද්දි තමා, කන්තලේ දිසාපති තුමා මැරුණෙ. ඉතිං ඒ අවමඟුලට ආව කෂ්ඨිය කොච්චරක්ද කියනවනං, ඒ අවමඟුලෙ මළ බතට ගන්න වට්ටක්ක හොයන්නම සෑහෙන පිරිසක් කන්තලේ හේන් හොයාගෙන ආවා.

බාප්පා කොහොමත් මේ විසාල වට්ටක්කෙ කොහොමද මං පොළට අරං යන්නෙ කිය කියා කල්පනා කර කර උන්න වෙලාව. උන්දැත් අර දිසාපති උන්නැහැගෙ අවමඟලට බොහොම කැමැත්තෙන් මේ වට්ටක්කෙ දෙන්න පොරොන්දු වුණා.

ඉතිං අර මිනිස්සු ගස් අදින කඹ, බණ්ඩි කියත්, බර කරත්ත, ආදී දේවල් අරගෙන බාප්පගෙ හේනට ඇවිදින් අර විසාල වට්ටක්ක ගෙඩියෙන් බාගෙයක් විතර කපාගෙන යන්න ගියා. ඒ වැඩේ නිසාම කන්තලේ මහ පාරෙ ඉඳන් බාප්පගෙ හේනට හොඳ කරත්ත පාරකුත් කපන්න සිද්ධ වෙලා තියෙනවා.

එදා, ඒ කියන්නෙ දිසාපති ගෙ මළ ගේ දවසෙ හවස මහ අනෝරා වැස්සකුත් වැස්සයි කියනවා. ඉතිං බාප්පා පහුවදා උදෙන්ම හේනට ගියාලු අර වට්ටක්කෙ ඉතුරු කොටහ කොහොම හරි පොළට ගෙනිහිං විකුණගන්න හිතාගෙන.

ඒ යනකොට ඈත තියාම බාප්පට ඇහෙනවලු, ‘ජබු... ජුබු‘ කියලා සද්දයක්. තව ටිකක් ළඟට යනකොට තමයි සිද්ධිය දැකල තියෙන්නෙ.

වට්ටක්ක බෑවෙ වතුර පිරිලා, අලි රංචුවක් ඒකෙ බැහැගෙන දිය කෙළිනවා තමා බාප්පට දකින්න හම්බවෙලා තියෙන්නෙ. ඒ වෙනකොටත් අලි දෙන්නෙක් ගැඹුරු දියේ ගිළිලා මැරිලා, උඩ පාවෙනවලු...

අදටත් කන්තලේ ‘අලි වට්ටක්ක හේන‘ කියලා ඒ ප්‍රදේශය හඳුන්වනවා.

----------------------------------------

තව දවසක් බාප්පා හේනෙ පැල්කොටේ නිදාගෙන ඉද්දි, හීනෙන් වගේ දැනුනලු තමන්ගෙ ඔළුව කවුරු හරි උස්සන්න හදනවා. ඒත් එක්කම ‘බර බර බර බර‘ ගාලා බාහෝම හෙමිහිට සද්දයකුත් ඇහෙනවලු.

බාප්පා ඇහැරිලා බලනකොටයි දන්නෙ, හේනෙ හිටෝපු කිරි අල ගස් බොහොම සාරෙට හැදිලා, ඒවයෙ අල බහින සද්දෙ තමා අර ඇහිලා තියෙන්නෙ. පැල් කොටේ ගාව හැදිච්ච කිරි අල ගහක එක අලයක් පැලට යටින්  බැහැගෙන බැහැගෙන ඇවිත් උඩට මතුවෙලා එනවා, හරියටම බාප්පා නිදාගෙන හිටපු තැනට යටින්. ඒ අලේ  තමයි බාප්පගෙ ඔළුව උඩට උස්සගෙන මතු වෙලා තියෙන්නෙ.

----------------------------------------

http://www.silumina.lk/2011/04/17/ab1104174.jpg

බාප්පගෙ හේනෙ පතෝල මැස්සකුත් තිබුණයි කියනවනෙ. ඒකෙ හැදිච්ච එක පතෝල කරලක් කොච්චර ලොකුද කියනවනං, පොළට අරං ගියේ බාප්පයි ලප සාන්ති මාමයි තව කීප දෙනෙකුයි එකතු වෙලා කරේ තියාගෙන පාර දිගේ. (අර කලිං කතාවෙ කිව්ව කරත්ත පාර දිගේ)

ඔහොම කට්ටිය පතෝලෙ අරං යනකොට, ඉස්සරහින් ආවලු ටැක්ටරයක්. දැං මොකද කරන්නෙ, පාරෙන් අයින් වෙලා ඉඩ දෙන්න හැටියකුත් නෑ, පතෝල කරල පාරෙන් එකයි.

බාප්ප කරපු වැඩේ, කට්ටිය ඔක්කොම එකතු වෙලා පතෝල කරල පාර දිගේ බිම තිබ්බලු. තියලා, ඒකෙ අගිස්සයි නැට්ටයි කපලා, ටැක්ටරේ යැව්වලු පතෝල කරල මැද්දෙන්.

72 comments:

  1. //බාප්පා ඇහැරිලා බලනකොටයි දන්නෙ, හේනෙ හිටෝපු කිරි අල ගස් බොහොම සාරෙට හැදිලා, ඒවයෙ අල බහින සද්දෙ තමා අර ඇහිලා තියෙන්නෙ.

    පොලෝ පලාගෙන බහින්න අැති නේ! :D සුභ අලුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. අලියටත් එසේම වේවා! කියවලා බලන්න අනිත් කොටස් ටිකත්, පොළෝ පළාගෙන ගිය එව්වත් තියෙනවා.

      Delete
  2. අපරාදේ වට්ටක්ක ගෙඩිය... :) බොහොම දක්ෂ ගොවි මහතෙක්

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නේන්නං නෑනන්ඩි.

      Delete
  3. ඩ්‍රැකි අයියාට සුභම සුභ අලුත් අවුරුද්දක් කියනවා ඔන්න.
    මම අහන්නේ මේ විදියට අවුරුද්දක් පටන් ගන්න හොදයිද ආ?
    අර පතොලේ කතාව නම් සුපිරි ආ

    ReplyDelete
    Replies
    1. පූමා මල්ලිටත් එසේම වේවා!

      මම කියන්නෙ, අලුත් අවුරුද්දෙ මෙහෙමවත් ආතල් එකක් ගම්මු. අනිත් හැම දවසෙම ඉතිං ලේ කෝප වෙලානෙ ඉන්නෙ.

      Delete
  4. සරු සාරයි ඵල බරයි කියන්නේ මේවට වෙන්ටෑ..

    සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා දිනේශ්, එසේම වේවා!

      Delete
  5. ආඩම්බරයි උඹ වගේ එකෙක්ව මෙහෙම දැනගන්න ලැබුන එක ගැන.....

    සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා, ස්තූතියි.

      සුබ නව වසරක් වේවා!

      Delete
  6. අපේ පැත්තේ හිටියා සීයා කෙනෙක්. උන්දැත් ඔය ගැහෙ නැගලා මිරිස් කැඩුවා කියන්නේ.

    සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අර සීයා විතරක් නෙමෙයි, නත්තල් සීයත් කන්තලේ ට බැස්සෙ ඔය මිරිස් ගහ දිගේ.

      එසේම වේවා සුදික!!!

      Delete
  7. තෝ ඡන්දෙටවත් ලැස්ති වෙනවද?

    මචං වට්ටක්කෙ කියන්නේ තඩි පස්ස පැත්තවල් වලට, පතෝලෙ කියන්නෙ අපේ අහවල් එකට... අලුත් අවුරුද්දෙ ඇයි බං ඔය දෙක කතාවට පූට්ටු කලේ??

    වසරම..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක...

      උඹ ඉතිං බැඳපු අලුතනෙ, අපි කොච්චර අහිංසක කතා ලිව්වත්, උඹට ඔය වගේ දේවල් තමා මතක් වෙන්නෙ, නේ?

      සෑමටත් කිටියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  8. පුතත් බාප්පගේ ජාතියෙද මන්දා

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව අටං...

      ලැබුවා වූ නව වසරේ...
      (ගල් පොල්) ඉතිරේ මිතුරේ...

      Delete
  9. ඔන්න ඊළඟ සැරේ නොවරදවාම බාප්පාගේ හේනේ බණ්ඩක්කා ගැන කියන්න ඕනේ හොඳේ.

    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. නොවරදවා, නොවරදවා...

      සුභ නව වසරක් විචාරක තුමාටත්!

      Delete
  10. පට්ට කෙබර ටික බං.
    කාඩ් එක ලැබුන නේද?

    ReplyDelete
    Replies
    1. කෙබර කියන්නෙ මොනවද කෙංජි? මං තේරුම දන් නැති වචන දෙකයි තියෙන්නෙ. එකක් 'බය' අනික 'කෙබර'

      කාඩ් එක ලැබුණා. ටැංකිව් ඈ. කෙංජිටත් එසේම වේවා!!!

      Delete
  11. අනේ අම්මප උඹ වගේ එකෙක් ඉන්න එක කොයි තරං වටිනවද??

    ඔසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. මගෙ බේගල් ‍නං මොනවද දේශක,

      එවේ... එවේ...!!

      Delete
  12. මෙව්ව නම් බොරුද කොහෙදෝ,පණට ආදරයක් තියේ නම් වැව් තියෙද්දි අලි වට්ටක්ක පලුවට බහීද ගිලිල මැරෙන්න.

    ReplyDelete
    Replies
    1. අලින්ට ඔව්ව තේරෙනවනං ලණු කයිද දේශ් ???

      Delete
  13. අලෙ මේ ගජබින්න නැතුව තවත් වැම්පයර් කතාවක් ලියමුකො...
    අඳුරගන්න ලැබීම සන්තෝසයි! සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ඉදිරියෙදි.

      අඟහරුවවත් අඳුනගන්න ලැබීම ඇත්තටම සතුටක්. අගහරු ලෝකෙටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  14. උඹ දැකලා තියෙනවද රෑට මූදේ කෙලවරේ ලයිට් වැලක් දාලා තියෙනවා.. ඒ අපේ සීයගෙ වැඩක්.. නමුත් මෙළෝ දෙයක් නොදන්න හරක් කියන්නේ.. මාළු බෝට්ටුවල එළි කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අපේ බාප්පා කියලා තියෙනවා, ඒ ලයිට් වැල අරං ගියෙ මාතලං ගෙ සීයයි, අපේ සුවාතයි කියලා.

      Delete
  15. අද ජනවාරි 1 ද අප්‍රේල් 1 ද මන්ද.

    ඩ්‍රැකියටත් උදාවූ නව වසර සුබ නව වසරක් වේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ඕනෙම දවසක් ප්‍රසන්නගෙ දවසකි.

      උඹව ගිය 21 දා අඳුනගන්න ආසාවෙන් හිටියෙ ප්‍රසා...

      එසේම වේවා!

      Delete
  16. බාප්පගෙ හෙන අත්ගුනේ නේ බං?

    පුංචිගෙ කොහොමද දන්නෑ???

    සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මේ අපේ වඳ බාප්පා මචං. එයාට දුවයි පුතයි දෙන්නෙක් ඉන්නවා. ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති නේ?

      ධනාටත් එසේම වේවා!!!

      Delete
  17. යකෝ එහෙමත් අත්ගුණයක්.
    මේ අලුත් අවුරුද්ද සාමය,ප්‍රේමය පිරි නව වසරක් වේවා....!!!!!

    ReplyDelete
  18. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නලීන්... එසේම වේවා!

      Delete
  19. Replies
    1. අපූර්වී ඔමායාටත් එසේම වේවා!

      Delete
  20. පතෝල කරල මැද්දෙන් ට්‍රැක්ටරේ ගිය එක නම් පට්ටම පට්ට....ඔය ගිය ට්‍රැක්ටරේ රෝද හතරෙ එකක්ද ? නැත්තං රෝද දෙකේ එකක්ද ?

    නව වසරේ ගෙයි කටයුතු නිම වේවා...

    ReplyDelete
    Replies
    1. ඒක රෝද හතරෙ ට්‍රැක්ටරයක්. ට්‍රේලරෙත් එක්කම...

      ස්තූතියි සිරා. දැන්නං ඉවර වෙන්න ළගයි - ගෙයි වැඩයි, අතේ මිටේ තිබ්බ සල්ලියි දෙකම... ලංකාවෙආව වෙලාවක එන්න

      Delete
    2. අනාවා එමි...පත්තර කොලයකින් බෝතලයක් ඔතාගෙනම එමි...

      Delete
    3. වෙල්කම් වෙල්කම් සිරා,

      කලින් කියලා එන්න. මගෙ තව යාළුවෙක් ඉන්නවා විකුම් කියලා, උඹ වගේම ඇන්ටික් වාහන පෙරේතයෙක්. ඌටත් එන්න කියන්නම්. පත්තරේ මට, බෝතලේ උඹටයි විකුමටයි... :-ඩී

      Delete
  21. බාප්පා තාමත් වගා කටයුතු කරනවද ..

    සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බාප්පා දැන් සමහරවිට එලොව වගා කරනව ඇති මයෙ හිතේ. නැතිවෙලා අවුරුදු දහයක් විතර...

      එසේම වේවා!

      Delete
  22. අත්ගුනේ කියන්නෙ අතට සැප දෙනකොට මොන වගේ ගංවතුරකට ගෙදර අයව අහුවෙනව ඇද්ද කියල මං මේ බැලුවෙ :D

    සුභ නව වසරක් !! :D

    ReplyDelete
    Replies
    1. ‘පීනන්න පුළුවන් එවුං අමුඩ ගහගනිව්, බැරි උන් දැම්ම දුවපියව්...‘ කියල කියනවා. :-ඩී

      එසේම වේවා සමී!!

      Delete
  23. නගා මැරූ අල ගැන අහලා තිබ්බට, දිසාපති මැරූ වට්ටක්කා ගැන ඇහුවමයි, හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. හයියෝ ඩූඩ්, බිම පෙරළි පෙරළී සිනා...

      Delete
  24. අනේ මන්ද ඩ්රකියො අප්‍රේල් පළවෙනිදා ලියන්න ඕනෑ එව්වා ජනවාරි පළවෙනිදා ලියලද කියල.
    සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපයියටත් එසේම එසේම වේවා!!!

      Delete
  25. Replies
    1. මේ වගේ අමුලික ඇත්ත කියන අය අද කාලේ කොච්චර හිඟද අප්පා ....

      Delete
    2. ඒකනේන්නං අප්පා...

      Delete
  26. ඇමෙරිකාවේ එහෙම ටොන් ගණන් වල වට්ටක්කා තියෙනවා නේද ද්රාකී ..? ඒ වර්ගයෙන් ඇට දෙකක් හොයාගත්තා නම් වැඩේ හරිනේ ...!

    සුබ නව වසරක් වේවා ද්රකි සහ මිසිස් ද්‍රකීට ...!

    ReplyDelete
    Replies
    1. මොකද බන් මිනිස්සුන්ගේ නම් වෙනස් කරන්නේ...???? මුගේ නම ද්රකි නෙවි ඩ්‍රැකී..... :D

      Delete
    2. @ සහන්
      ඇයි ඇට දෙකක්?

      සුභ නව වසරක් වේවා සහන්ටයි දුවටයි තාත්තටයි තුන් දෙනාටම...! (ඇයි වටේ ඉන්න ඇනෝලට? උන්ටත් වේවා!)

      @ මැලේ රාළ
      ඒකනෙ බං, සහන් සිංහලෙන් ඩ්‍රැකී කියල ලියන්න දන් නෑනෙ.

      Delete
    3. ගූගල් IME එකෙන් කොච්චර කරත් ගහන්න බැහැ බන්...

      Delete
    4. කමක් නෑ බොස්, කොහොම ලිව්වත් එකයි.

      Delete
  27. ඩ්‍රැකීයෝ........ අහුවයින් ඇහුවේ නැහැ මේ වගේ කෙප්ප සෙට් එකක් සුපිරියි කියන්නේ උපරිමයි :) ශ්‍රී සුභ නව වසරක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ‍කෝරළේ මහත්තයා...

      පරණ කතා සැට් එකත් කියවලා බලන්න. මීට වඩා සුපිරි කතා තියෙනවා...

      Delete
  28. නියම කතන්දර ටික. හිටු මාත් ලියනව මේ සිකුරාද මේ වගේම බොරු සැට් එකක්.

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි, සිකුරාදා රෑ එළිවෙනකං හරි මාත් රාජ් ගෙ බ්ලොග් එකේ පැළපදියං වෙලා ඉන්නව ඔය පෝස්ටුව කියවන්න.

      Delete
  29. මං දන්න අල නම් බැස්සෙ පොලොව යට.. මේ බාප්පගෙ අල පොලොව පලාගෙන ගස් වගෙ අහසට නැගලා.

    ReplyDelete
    Replies
    1. ඇයි සරත් අයියා කියවල නැද්ද මාර්ටින් වික්‍රමසිංහගෙ බේගල්, අපේ ගම පොතේ තියෙන්නෙ... ඒවත් මේ වගේ තමා...

      21 දා සරත් අයියව අඳුනගන්න ලැබීම ලොකු සතුටක්. අපිට කතා කරන්න ලැබුණෙ ටික වෙලාවක් වුණත් ඒ ටික අවුරුද්දකට විතර ඇති...

      Delete
  30. kohenda draky mewage ideas hoyaa gaththe.
    hinaawelaa kadhuluth aswala. :D

    ReplyDelete
    Replies
    1. මේ කතා දෙකෙං වට්ටක්ක කතාව මං ඇහුවෙ පදවියෙදි. ඒක මං යාළුවෙක්ට කිව්වම උන්දැ මට ඔය පතෝල කතාව කිව්වා. මං ටිකක් උපමට්ටම් කරල ලියපු එක විතරයි කළේ... :-)

      Delete
  31. මේවගෙ ගොවිමහත්තුරු ඉදපු රටකනෙ අපි ඉන්නෙ.......සැහෙන්න ආඩම්බර වෙන්න ඕනි ඒගැන.....

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි ලෝවා මහ පායෙ කණූ කියල කිව්වෙ...

      Delete
  32. මං හිතන්නෙ අර ජැක්ගෙ මායා බෝංචි වැලටත් බොලාගෙ පරම්පරාවෙ උදවියගෙ සම්බන්ධයක් තියෙන්නම ඕන ඩ්‍රැකියෝ 😂

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මායා බෝංචි තමා පස්සෙ කාලෙක නම පොඩ්ඩක් වෙනස් වෙලා සෝයා බෝංචි කියල හැදුණෙ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි