Wednesday, January 22, 2014

ඒ කාලෙත් මෙහෙම තමා - ඇන්ටික් සඟරාවකින්

ඩ්‍රැකියාගේ දෙමාපියන්ගෙන් උරුම වෙච්ච පරණ ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත නිර්මාණයක් මෙදා පාර හුදී ජන පහන් (ඉටිපන්දම් හරි කමක් නෑ) සංවේගය උදෙසා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ 1979 අවුරුද්දේ පළ වෙච්ච ශ්‍රී සඟරාවකින්, මේක කියවද්දි ඉතින් දැනුත් මෙහෙමම තමයි නේද කියලා හිතෙනවා.




සිරාගෙ කාමරෙන් ඇන්ටික් පත්තර කෑලි, ඇඩ් වගේ දේවල් කීප වතාවක්ම එළි දැක්වෙද්දි, ඩ්‍රැකියවත් කහන්න පටන් ගත්තා, පොඩි කාලෙදි කියවපු, (ඒකාලෙත් මෙව්වා ඇන්ටික් තමා) රසවිඳපු මේ වගේ කෑලි ටිකක් බ්ලොග් එකෙන් එළියට දාන්න ඕනෙයි කියලා. 

ඒ කාලෙ සඟරා, පත්තර වල තිබ්බ අකුරු ඉෆෙක්ට්, චිත්‍ර එහෙම පත්තර කන්තෝරුවෙ වැඩ කරපු අය විසින් ම අතින් ඇඳපු දේවල්. මේ ආටිකල් එකේ මාතෘකාව දාලා තියෙන්නෙත් ඒ වගේ ඉතා දක්ෂ විදිහට කරපු භාව ප්‍රකාශන කාටූන් එකකින්. ඇත්තටම හිතෙනවා, අද අපි බොහොම ලේසියෙන් කරන දේවල් එක්ක, අපේ කලින් පරම්පරාවෙ අය මොන තරම් අමාරුවෙන්, මොන තරම් තමන්ගෙ දක්ෂතාවයන් තියුණු කරගෙන කටයුතු කරලා තියෙනවද කියලා.

44 comments:

  1. අගේ ඇති කයි කතන්දරේ,, කිව්වත් වාගේ අද කියල වෙනසක් නෑ. හැබැයි අද කියවෙන්නේ කවි නෙවෙයි. :)

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව්... මං දැක්කා චන්දනත් ලංකා සඟරාවෙ කොටස් දාලා තිබ්බා කාලෙකට කලින්.

      අද කියවෙන්නෙ කවි නෙමේ... %$#@&*&^%$#*&

      Delete
    2. මෙන්න මේ චන්දන තමයි පරණ පත්තර ලෙඩේ මටත් බෝ කලේ....

      Delete
    3. සිරා තමයි මට ඒක බෝ කොළේ...

      Delete
  2. ඒ කාලෙත් දැන් වගේමයි නේද :D

    ReplyDelete
  3. ඒ කාලේ දේවල් මෙහෙම හරි රසවිඳින්න ලැබෙන එක ගැන සතුටුයි ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. ඉෂ්ටූටියි ඉෂ්ටූටියි

      Delete
  4. අඩේ බස් කියන්නේ හැමදාම එකම සෙතේ නෙව. සිරා විතරක් නෙමෙයි බං චන්දනත් ගෙනාවා පරණ පත්තර කෑලි..

    ReplyDelete
    Replies
    1. අන්ධ බින්දුව ලියපු මොරබ්බාත් ගෙනාවා පරණ පත්තර.....ඌ කෝ බන්

      Delete
    2. @ දේශකයා

      කොහොමද ඒකාලෙ ලදරං ලංගම බස් වල තාර පාරවල්වල යනකොට ආතල් එක?

      මං ඒ කාලෙ කියෙව්වා චන්දන දාලා තිබ්බ ටික. පෝස්ටුව ලියද්දි අමතක වුණා.

      @ අරූ

      මං දැන්ම යනවා අන්ධ බිංදුව දිහාට. මයෙ හිතේ මට මග ඇරිලා.

      Delete
  5. කවි කතාව නියමෙට ගිහිල්ල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ප්‍රසා... තව තියෙනවා. වෙලාවක ආයි දාන්නං

      Delete
  6. එදාත්,අදත් එකම සංසිධ්ධිය තමයි වෙලා තියෙන්නේ එහෙනම්.කිවාත් වගේ මරු කවි කතාව.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මනෝජ්... මුල් ලේඛකයා මාර සිරා පොරක්...

      Delete
  7. හැබැයි දැන් නම් බස්වල කරන්නේ සයට යටින් ෆෝන් අල්ලලා වීඩියෝ කරන එක නොවැ. ඒ අතින් ඒ කාලේ බස් එකෙක් හිර වීමත් සාහිත්‍ය රසයක් වුනා . අද එක කාමුක රසයක් වෙලා ..කාලය මැව් වෙනසක අරුමේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, අපිට තාක්ෂණය එනකොට, ඒකෙන් ගන්න පුලුවන් එක එක වැඩ අපේ උන් ලෙසටම හොයාගන්නවා.

      Delete
  8. කවි ටික නම් නියමයි. :) 

    ReplyDelete
  9. බොහොම රසවත්, තවත් ඒවා තියනවනම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් තියෙනවා, ළඟදිම දාන්නං.

      Delete
  10. ඒ කාලෙ බස්වල ජැක් කාරයෝ ඉඳලා නෑ !

    ReplyDelete
    Replies
    1. සරත්ගෙ හිනාව නං....

      ජැක්සන්ලත් ඉන්න ඇති, ඒ වුනා‍ට මෙහෙම හිර වෙනකොට ඒ විදිහෙ දෙයක්වත් කොරගන්න බැරුව ඇති හරියට.

      Delete
  11. නියමයි අද වගේම තමයි නේද

    ReplyDelete
    Replies
    1. අද වගේ කොහෙද බොල...අද නාකි සීයලනෙ තරුණ කෙල්ලන්ට ජැක් ගහන්න ගිහිල්ලා කොල්ලන්ගෙන් බඩ කට පුරා කන්නෙ....

      Delete
    2. @ අපූ
      කවදත් අපේ බස් ඔය වගේ තමයි නේද?

      @සිරා
      මම දවසක් දැක්කා, වයස 40ක විතර පොරක්, ස්කූල් ටයිම් එකේ අපි ආව බස් එකේ ජැක් එකක් ගහන්න සෑහෙන්න ට්‍රයි කොළා. පස්සෙ අපි බැහැපු තැනින්ම බැහැලා, ආපහු යන බස් එකක එල්ලුනා. මයෙ හිතේ දවස ගානෙ පුරුද්දකට කරන පොරක් වෙන්න ඇති.

      Delete
  12. ශ්‍රී සඟරාව කියන්නේ ලොකු ඉතිහාසයක්. ඊට පෙර රසවාහිනි. ඔය සඟරා දෙකේම හොඳ එකතුවක් අපේ ඥාතියෙක් ගාව තිබුනා. ශ්‍රී සඟරාව වඩාත් ජනප්‍රිය වුනේ කාන්තා පක්ෂය තුල.

    1979 වෙනකොට ප්‍රයිවට් බස් තිබුනේ නැද්ද මන්දා. 70 මුල් කාලයේ නම් මෙහෙම තද බදයක් තිබුනේ නැහැ කියලා තමයි මතක. නියම කවි ටික.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී සඟරාව කලෙත් කාන්තා සංස්කාරකවරියක්. කාන්තා පාර්ශවය තමා ප්‍රධාන වශයෙන් ඉළක්ක කරගන්න ඇත්තෙ. හොඳම විහිළුව හැටියට මම දැක්කෙ, එච්චර පරණ සඟරාවල ගිය නිළියන්ගෙ විස්තර. ඒ නිළියො මෑතක් වෙනතුරුම සිංහල සිනමාවෙ කෙල්ලගෙ පාට් එක කරන එක නෙව වැඩේ.

      79 වෙනකොට බස් ජනසතුව වෙලා සෑහෙන කාලෙයක් නේද? මං ඒ තරම් දන්නෙ නෑ ඔය කාලෙ ගැන. සහන්ගෙන් ඇහුවනං කියයි තාත්තගෙන් අහලා...

      Delete
  13. දැන්නම් ලංකාවේ බස් එකක යන්නත් ආසයි බන්

    ReplyDelete
    Replies
    1. අපිටත් ආසයි ටීවී වල පෙන්නන පිටරට බස් වල හිරවෙන්නෙ තෙරපෙන්නෙ නැතුව මිනිස්සු වගේ යන්න, මෙහෙ බස් වල මීහරක් මරන්න අරං යනව වගේ යන් නැතුව. අම්මප...!

      Delete
  14. අපේ තාත්තගේ ශ්‍රී සඟරාවට ලියපු ලිපියක් තිබුණා. ගෙදර තිබුනොත් හොයලා දාන්නම්.

    ReplyDelete
    Replies
    1. මාරයිනෙ සුදික, දාන්න වෙලාවක...

      Delete
  15. ඇයි යකෝ ඒකාලේ CTB බස් විතරයි නේද තිබුනේ?
    දැන් ප්‍රයිවට් ඒවාට අදටත් ගැලපෙනවා නොවැ.

    ReplyDelete
    Replies
    1. හැබැයි දැන් ප්‍රයිවට් බස් මෙයිට වඩා දියුණුයි. කොටනවා, රුපියල වංචා කරනවා වගේ අලුත් තාක්ෂණික උපක්‍රම හඳුන්වලා ‍දීලා තියෙනවා. කොට කොටා ඉද්දි අපි බෙල් එක ගහයි කියලා, සමහර බස්වල බෙල් එකත් ගළවලා තියෙන්නෙ.

      Delete
  16. ෂග් සුපිරි කවිටික නේද.මමත් ඉස්සර ඉය ශ්‍රි සගරාව කියවලතියෙනව.ඔකෙ චිත්‍ර කතාවකුයි නවකතාවකුයි ගියා නේද.

    ReplyDelete
    Replies
    1. සිරා චිත්‍රකතාවක් තියෙනවා මං ළඟ. වෙලාවක දාන්නං.

      Delete
  17. පෙම්වතා කියපු කවියට මට හිනා ගියේ.. :D

    ReplyDelete
    Replies
    1. මටත්. ඒකෙ අන්තිම පදේ තමයි සිරාම...

      Delete
  18. පට්ට කවි සෙට් එක...මෙන්න මේ තාලෙ කවි වලට තමයි මම නම් ගොඩාක්ම කැමති...සරල වචන...ඕනෑම කෙනෙකුට අදහස එකවර තේරුම් ගන්න පුලුවන්....කිසිම බොග් කාරයෙක් මේ වගේ කයි ලියන්නෙ නෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. සිරාවටම. මේ කවි නං හදන්න හරි ලේසියි වගේ පේන්නෙ. පරණ කවියක් හොයාගෙන, අපේ අදයස එන විදිහට වචන වෙනස් කරලානේ තියෙන්නෙ. ඒක නිසාම තමයි ඒකෙ උපහාසය සහ රසවත් බව වැඩි වෙන්නෙ. හරියට සින්දුවක වචන වෙනස් කරලා කියනවා වගේ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි