Saturday, March 8, 2014

නලීන් දිල්රුක්ෂ - ජනතාවට පුවත් දැන ගැනීමට ඇති අයිතියට අත නොතබනු !

පුරාණ කාල වල රජවරුන්ගේ කතා, ප්‍රේම කතා, යුද්ධ කතා, වීර කතා ආදිය ගී විරිත් වලින් (අතිශයෝක්තිය සහ අලකංකාර බහුල ශෛලියෙන්) ගොතා ජනතාව රැස්වෙන තැන්වල ගායනා කළ කවියෝ සිටියෝය. ඉලියඩ් ගොතපු හෝමර්, රාමායණය ගොතපු වාල්මිකී, මහාභාරතය ගොතපු වේදව්‍යාස ඒ අතරින් දැවැන්තයෝය. රොබින්හුඩ් ගෙ කතාව පවා මුල්ම කාලීන ජන කවි පේළියක් කියා කියන්නේය. මුල්ම කාලීන ඉතිහාසය බොහොම ආශ්චර්යමත් සිදුවීම් වලින් පුරවලා කවියට, ජන ශ්‍රැතියට එකතු කරවපු අපේ මුල්ම කාලීන කතන්දර කාරයෝ, අපේ ඉතිහාසය යම් තරමකට හරි මතු පරපුරට දායාද කරන්න දායක වුණ බව අමතක කරන්නට බැරිය. (පණ්ඩුකාභය කුමාරයාගේ කතාව, හර්කියුලීස් ගේ කතා වගේ ඒවා, ඒ විදිහෙ ආශ්චර්යමත් ඉතිහාස කතා ලෙස සළකන්න පුළුවන්.) මේ ආශ්චර්යාත්මක අතිශයෝක්තිය කරේ තියොගෙන ඒ කාලේ පරමාණු අවි තිබුණාය, ගුවන් යානා තිබුණාය කිය කියා ඇවිදින...

http://mscait.info/files/2013/03/old-comm-tech-uf8qm1.jpg

පස්සෙ කාලේ ලංකාවේ සිදු වෙන ඛේදනීය සිදුවීම් ජනතාව අතරට ගෙන ආවේ සති පොළේ කවි කොළ කාරයා ය. මිනී මැරුම්, දූෂණ, ශ්‍රී මහා බෝධියේ අතු කැපූ පිස්සා වගේ සිදුවීම් ගැන තොරතුරු ඉතා බුහුටි ලෙසට කවි කර අච්චු ගසා, පොළට ගෙන එන කවි කොළ කාරයා, එක අතක් කණේ තියාගෙන, අනිත් අතේ කවි කොළය දිග ඇරගෙන ඈතට ඇහෙන ලෙසට කවි කතාව කියවන හැටි බලන් ඉන්න ආස හිතෙනවාය. (හැබැයි ඩ්‍රැකියා නං කවි කොළ කාරයෙක් ඇහින් දැකලා නැත. කවි කොළ නං දෙක තුනක් දැක ඇත) කවි කොළ කාරයා අපේ ජනශ්‍රැතියේ එක පරිච්ඡේදයක් සනිටුහන් කරන්නෙකි. මේ කාර්යය තවත් පස්සෙ කාලෙ ඇන්ටන් ජෝන්ස් මහත්තයා බාර ගෙන...

ඒත් දැන් මිනිස්සු සති පොළට ඉස්සර වගේ උත්සවාකාරයෙන් යන්නේ නැත. ඒ වගේම සිදුවීමක් වුන ගමන් අපට ආරංචි වෙන මාධ්‍ය වැහි වැහැලාය. දැන් කඩදාසියේ මුද්‍රිත පත්තර පවා කියවන්නේ එක්තරා පරම්පරාවක් විතරය. ඒකත් අන්තර්ජාලයෙන් කියවන්න ඇහැකිය. පත්තර වලටත් වඩා, අන්තර්ජාලයේ ගොසිප් අඩවි වලින් ජනතාව අතරට නිවුස් යන්නේ උණු කැවුං වගේය.

පත්තර කාරයා පුවත් වාර්තා කරන්නා කොච්චර අසීරු කටයුත්තක් කරනවාද කියන එක උන්දැලාට දහපදුරාවේ බණින අයට තේරෙන්නේ නැත. (ඒ අය දන්නේ නණලළ විතරය) දැන් කොච්චර වේගෙන් පුවත් ජනතාව අතරට යනවාද කියතොත්, පත්තර මුදලාලිලාට පුවත් වාර්තා කරන්නන්ට තමන් වාර්තා කරන පුවත පුළුවන් තරම් රසවත්ව ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තිබේ.

ඒ කාරිය සඳහා ඒ අය වෙන්නේ පුදුමාකාර මහන්සියකි. ඒ අය කොච්චර තියුණු ඉවක් දියුණු කරගෙන ඉන්නවාද කියතොත්, මිනිහෙක් මොකක් හරි අපරාධයක් කරන්නට යන වග මුලින්ම දැනෙන්නේ ඒ අයටය. ඒ ගොල්ලන් නගරයේ ඉඳන් ඈත ගම්මාන වලට පවා ගිහිං, අර අපරාධය කරන්නට නියමිත තැන කාටවත් නොපෙනී හැංගිලා ඉන්නවෝය. ඒ ඉඳගෙන අර අපරාධ කරායා තමන්ගෙ ගොදුර එක්ක කරන හැම කතා බහක්ම පටිගත කරගන්නවෝය. ඊටත් අමතරව අපරාධ කාරයාට සහ ගොදුරට ඒ ඒ වෙලාවේ හිතුනේ මොනවද කියන එකත් ඒ අයට දැනෙනවාය. ඒ ඔක්කොම එක්කාසු කරලා ඒ අය ලියන පුවත් වාර්තාව හරියට චිත්‍රපටියක් වගේ කියවන්නාට රස විඳින්නට ඉඩ ලැබේ. අසූව දශකයේ ඉඳන් මේ මෑතක් දක්වා කාලේ උතුරේ යුද්ධය ගැන වාර්තා කළෙත් වැඩියක්ම මේ විදිහට තමාය 

කවුරුන් හරි මිනී මැරුමක් කළානං, ඒ මිනීමැරුම කළ හැටි පියවරෙන් පියවර අපේ වාර්තා කාරයා විස්තර කරනවාය. මැරෙද්දී මිය ගිය කෙනා වින්ද වේදනාව පවා එයා විස්තර කරයි. කවුරු හරි එල්ලිලා මළා නං එයා මැරෙන්න කලින් මතක් වෙච්ච දේවල්, හිතිච්ච දේවල් වරාතා කාරයා දන්නවාය. හරිනං නඩුකාරයා මුලින්ම උසාවියට කැඳවන්න ඕනේ ඒ වාර්තා කාරයාවය. ඒත් එහෙම කරන් නැත්තේ වාර්තා කාරයන් හරිම කාර්ය බහුල විදිහට ජනතාවට පුවත් වාර්තා කරන නිසාය. ඒ අයට උසාවි ගානේ ලගින්නට වෙලාවක් නැත.

මෙච්චර ආයාසයක් අරගෙන මුදලාලිලා මිනිස්සු ඉල්ලන දේවල් දීලා මිනිස්සුන්ව පිණවන, මිනිස්සුන්ට සේවය කරන වාර්තා කාරයන්ට බණින එක හරි නැත. ජනතාව අපරාධ වලට, සියදිවිනසා ගැනීම් වලට පෙළඹෙන්නේ පේස්බුක් හින්දාමය. ඒ අය නිසා නෙමෙයිය. ඒ නිසා නලීන් දිල්රුක්ෂ කියන එක්කෙනා මේ ලියා තියෙන දේට අපි බොක්කෙන්ම විරුද්ධ වෙමු. පත්තර වල, ගොසිප් සයිට් වල සහ සමහර ටීවී නිවුස් වල පෙන්නන දේවල් වලට විරුද්ධ වෙන්නන් සියල්ලන්ගේම පස්ස පැති වලට ඩ්‍රැකියාගේ පයින් පහර මෙන්න! ඔක්කොගෙම බියගුළු ක්‍රියාව මෙයින් තරයේ හෙළා දකිනු ලැබේ. සමහර විට මෙහෙම ඒ අයට විරුද්ධ වෙන්නේ, වාර්තා කාරයෝ පරිණාමය වෙලා තියෙන්නේ අර කවි කොළ කාරයන්ගෙන් කියා දන්නේ නැති අය වෙන්නත් පුළුවං ය.

29 comments:

  1. නලීන් දිල්රුක්ෂ කියන නම අහලා පුරුදුයි වගේ...

    ReplyDelete
    Replies
    1. අර මතුගම සමන් කුමාර මරපු එකේ කවි ක‍ොළේ ගැහැවුවෙ මිනිහලු නෙ. :D

      Delete
    2. @ හෙන්රි සහ ප්‍රසා

      අනේ මං ඔය මුකුත් දන් නෑ... සමහර විට දිනමිණේ අැති...?

      Delete
  2. ඔච්චර අපරාද ගැන සහ සුද්දෙං දැනගෙන එතන බලාගෙනත් ඉඳල ඒක වලක්වන්න යන්නෙ නැති එක ගැන මට තියෙන්නේ මෙවුව එකක්ය.

    නලීන් දිල්රුක්ෂ කියන්නෙ කවි කොළ කාරයෙක්ද.

    ReplyDelete
    Replies
    1. අපරාද වළක්වන ඒක කැත වැඩේ නේද? ඒතකොට ජනතාව පුවත් දැනගන්නෙ කොහොමද?

      නලීන් වාර්තා කාරෙයක් නෙවෙයිනෙ. ඒයා ලේක්හවුස් ඒකේ අැතුලෙ වැඩ කරන්නෙ.

      Delete
  3. නලින් දිල්රුක්ෂ ...අර තට්ට පොර නේද? හැක්

    ReplyDelete
  4. නම පොඩ්ඩක් අහල පුරුදුයි වගේ මේ අපේ හිතහොඳ තරුණයා එහෙම නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අෑ??? තරුණයා... ! ඒ් කවුද?

      Delete
  5. එහෙනම් ඔය නලින් කියන එකාව හොයලා මෙහෙට එවපන් මම ඇපල් වත්තක ඔකාව වැඩට දාන්න

    ReplyDelete
    Replies
    1. අැයි පහුගිය දවසක අාවෙ... දාන්න ඒපැයි...?

      Delete
  6. අර මතට තිත වැඩසටහනේ උඩින්ම හිටපු වාර්ථාකරු නේද??

    පව් යකෝ..

    ReplyDelete
    Replies
    1. හනේ බං, මං ඌට බැන්නා නෙවෙයි... පොඩ්ඩක් ආයි කියවහං...

      Delete
  7. ඔය අර ලිංගිකත්වෙ ගැන සමීක්ෂණ කරපු ඩෑල් එක නේද

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට මොළයක් දෙන්යි කියලා කෑගැහුව කෙනා...

      Delete
  8. ලැක්චරයායි උඹයි එකතුවෙලාද නලීන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ :D

    ReplyDelete
    Replies
    1. ලැක්චරයා කියන වචනෙ නිකං වනචරයා කියන වචනෙ වගේ නේද?

      Delete
    2. ඔය අපේ රවීගේ නිර්මාණයක්.....ලැක්චරයා....ලැච්චරයා...
      වනචරයා (ඒ උඹේ නිර්මාණයක් )

      Delete
    3. ඒ විදිහට දේශකයව හඳුන්වන එක මාර ලෙංගතුයි නේ...?

      Delete
  9. අර අහිංසක හාදයට ඉන්න දෙන්නේ නැති හැටි හැබෑටම..

    ReplyDelete
    Replies
    1. නලීන්ට නිකම් ඉන්න දීලා බෑ...

      Delete
  10. කෝ මගේ කමෙන්ට් එක.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක නෑනෙ...! ස්පෑම් වෙලත් නෑ. මට ඊමේල් එකක් ඇවිල්ලත් නෑ.

      Delete
    2. ඒ වගත් එසේදැ. නැවත කොටමි. :)

      ඒක හරි මචං. දැන් සිස්ටම් එක මැරෙන්න යන මිනිහ නවත්වන එක නෙවි, කොහොම හරි ඌව මරල නිව්ස් එක පළකරගන්න එක. අර ගිනිතියාගත්ත හාමුදුරුවො ඒක කරන බව වාර්තාකාරය දැනගෙන හිටියා කියල සීන් එකකුත් ගියානේ. තව ඉස්සරහට ඔය මුදලාලිලාම අපරාධ සැලසුම් කරන්නත් ඉඩ තියෙනව නිව්ස් එක මාකට් කරගන්න, තව ඕන නම් මුලින්ම අපෙන් කියලත් කියන්න බැරියැ එතකොට.

      කොහොම උනත් රටේ වෙන දේවල් දැනගන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව. ඒ උනාට පුවතක් වාර්තා කිරීමෙන් ඔබ්බට ගිහින් අර පිත්තලවාහිනියෙ නිව්ස් වගේ ඇඟෙන්ම ප්‍රවෘත්තිය දෙන්න ගියාම නම් ඒක නිකන් කුණුහරුපයක් වගේ වෙනව. මට හිතෙන්නෙ මෙතන තියෙන්නෙ ක්‍රමයෙ වැරැද්දක්.

      නලීන් අයියා නම් අහිංසකයා අනේ, ඒ මනුස්සයගෙ බෙල්ල අතෑරපන් ඩ්‍රැකී. :)

      Delete
    3. ගොඩක්ම වටිනවා මේ කමෙන්ට් එක නැවත කොටපු එක.

      මං නලීන්ට බණිනව නෙමෙයි බොලල්ලා... මං උන්දැට සප් එකක් දෙන්නයි මේක ලිව්වෙ... මටත් පේන්න බෑ මේ කවි කොළ කාර සිස්ටම් එකෙන් පුවත් වාර්තා කරන එකට. මුන්ට ඕනෙ කොහොම හරි තමන්ගෙ පත්තරේ හරි නාලිකාව හරි මාකට් කරගන්න. ඉන් එහාට වෙන දේවල් උන්ට සත පහකට වටින්නෑ.

      Delete
  11. යකඩෝ අර මනුස්සයාට මේකයි,දේශකයි ඉන්න දෙන්නේ නැති හැටියක් අම්මපා...

    ReplyDelete
    Replies
    1. නලීන් වගේ ලියන්නෙකුට නිකං ඉන්න දීලා බෑ. වැඩක් ගන්න අප් එකක් දෙන්න ඕනෙ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි