Thursday, March 20, 2014

විදුලි පුටුව සහ දෙබිඩි රාජ්ජේ

http://1.bp.blogspot.com/_X24iO8Ixh9k/SFdDX1aMw1I/AAAAAAAAAEs/
0WeimdU5Zjc/s400/chrc%2Belectric%2Bchair.jpg

සකල සිරින් පිරි සිරි දූපතේ නැත්තේ මොනවාද? මේ ප්‍රශ්නෙට උත්තරේ මේ පෝස්ටුව අවසානය වන විට අපිට එකතු කර ගන්න පුළුවන් වෙයි කියා හිතමු.

මුලින්ම ඕං තිස් අවුරුදු යුද්ධයක් තිබුණේය. ඒකේ අවසාන බාගයේ, මානුෂික මෙහෙයුම් හිටු කියා දියත් වුනෙමු. මානුෂික මෙහෙයුම් ය කියන්නේ මොකද්ද?

දෙමළ ඊළාම් විමුක්ති අරගළයක් කියා එකක් කරමින් - ඒ කියන්නේ:
1. තමන්ගේ සංවිධානය එක්ක එකටම ඇති වුණු අනිත් සංවිධාන වල (බහුතරය ලාංකීය දෙමළ) සාමාජිකයන් දරුණු අන්දමින් මරා දමමින්,
2. සමහරුන් ආණ්ඩුවට එකතු වෙන තැනට වැඩ සළස්සමින්,
3. ඒ අනිත් සංවිධාන අතුගා දමමින්,
4. තමන්ට අවනත නොවෙන වැසියන් මර්ධනය කරමින්,
5. ළමයින් සොල්දාදු කමට ගනිමින්,
6. මරාගෙන මැරෙන මානසිකත්වයක් තම කාඩර් එකේ වාටියේ හිටිය මිනිස්සු තුළ ඇතිකරමින්
7. දෙබිඩි රාජ්ජේ නායකයන් මරා දමමින්,
8. මහජන දේපොළ විනාශ කරමින්,
9. ජාත්‍යන්තර ජාවාරම් සහ සම්මාදම් මඟින් අරමුදල් රැස්කරමින්,

කටයුතු කරපු ත්‍රස්තවාදීන් හෝ විමුක්තිකාමීන් ලෙස හැඳින්වුනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය,

1. තමන්ගෙ පළිහ විදිහට භාවිතා කරපු සාමාන්‍ය ජනතාව බේරමින්, (විමුක්ති කොටි බහුතරය හැසිරුණේමත් සාමාන්‍ය ජනතාව විදිහට සරං, කමිස ගහගෙන, වෙස් වළාගෙනයි)
2. රෝහල්, පාසල් වගේ තැන් බේරලා උඩින් ගුවන් ප්‍රහාර එල්ල කරමින්,
3. යුද්ධයෙ අවසාන දින කීපය වෙනතුරු බර අවි භාවිතා කරමින්, දුර සිට ෂෙල් වැනි ආයුධ වලින් පහර දෙමින්

විමුක්ති කොටි සංවිධානයෙ සන්නද්ධ අංශය විනාශ කරලා, උන් යට කරගෙන හිටිය භූමිය අත්පත් කරගැනීම මානුෂික මෙහෙයුම වශයෙන් ඩ්‍රැකියා විසින් අර්ථ දක්වනු ලැබේ.

ජයග්‍රහණයට පියවරුන් බර ගාණකි.
1. හමුදාපති සරත් ෆොන්සේකා මහතා (හමුදා අධිකරණයේ තීන්දුවට අනුව එහෙම කෙන‍ෙක් හමුදාවේ ඉඳලා නැත)
2. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
3. අතිගරු විධායක ජනාධිපති සහ සන්නද්ධ හමුදාවල සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා
4. හමුදාවට බර අවි බර ගාණක් ලබා දී ඇති හිටපු ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය (සරත් ෆොන්සේකා මහතා කියන විදිහට)
5. ලොකුම පාවාදීම විදිහට හංවඩු ගහපු සටන් විරාම ගිවිසුම හේතුවෙන් කොටි සංවිධානය කෑලි වලට කැඩීමට හේතු වුණු රනිල් වික්‍රමසිංහ මහතා
6. ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරලා කොටි පරාජය කරන්නට සපෝට් කරපු කරුණා සහ පිල්ලෙයාන් ගරු මැති ඇමති වරු.
7. යුද්ධයට යුද්ධයම විසඳුමක් විදිහට යෝජනා කරමින් කෑගහපු ජෙප්පන් රැළ
8. මාවිල් ආරු සොරොව්ව බේරාගත් අතුරලියේ අතන හාමුදුරුවෝ
9. කොටි හඬ නිහඬ කළ කෙහෙළිය
10. ඉතාලියේ කොටි හඬ නිහඬ කළ මර්වින් සිල්වා
(මේ දැක්වෙන පියවරු බොහොමයක් එළි බහින්නේ ඡන්දයක් ආ විටය)

මානුෂික මෙහෙයුම ගැන සිහිමොළේ ඇති කෙනෙකුගේ හිතට නැගෙන ප්‍රශ්න බර ගාණකි:

1. කොටි හිටියේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක නම්, සාමාන්‍ය මිනිස්සු බේරලා කොටියා විතරක් මරන්නේ කොහොමද?
2. යුද්ධෙ අවසාන දවසේ හෝ දෙකේ වෙඩිබෙහෙත් ගබඩාවක් පුපුරවා ඇති බව කියමින් විශාල දුමාරයක් නිකුත් කෙරුණේ චන්ද්‍රිකා ඡායාරූප හෝ වෙනත් සන්නිවේදන මාර්ග ආවරණය කරන්නද?
3. ප්‍රභාකරන්ගේ හිස දෙපළු වෙන විදිහට තුවාල කළේ කවුද? කොටියෙක්මද? හමුදාවද? හමුදාව නම්, අල්ලගත්ත කෙනෙක් (සිරකාරයෙක්) ඒ විදිහට මරන්න පුළුවන්ද?
4. රෝහල් ලෙස යොදාගත් තැන් වලට ෂෙල් ගහපු බව කියාපු දොස්තර කෙනෙක්, කොළඹ සීඅයිඩියට ගෙනාවට පස්සේ ‘මං එහෙම කිව්වේ කොටි තර්ජනය කරපු නිසයි‘ කියලා කිව්වේය. එයා දැන් කියන්නේ ‘ඒ වෙලාවේ සීඅයිඩිය තර්ජනය කරපු නිසා එහෙම කිව්වා. දැන් මගෙ නංගිටත් පොලිසියෙන් තර්ජනය කරනවා‘ කියලාය. කෝකද ඇත්ත වෙන්න පුළුවන්?
5. ඇස් බැඳපු මිනිස්සුන්ට වෙඩි තියන දර්ශන, මැරුනු කොටි සෙබළියන්ට අතවර කරපල්ලා කියන දර්ශන, ආදිය චැනල් ෆෝ එකට ලැබෙන්න පෙර ඉඳන්, ලංකාවෙ ජනතාව අතර සංසරණය වුන බව ප්‍රසිද්ධ රහසකි. දැං ඒ ෆෝන් හිමියන් කෝ?
6. රතුපස්වල උද්ඝෝෂණය කළ සාමාන්‍ය මිනිස්සුන්ට, හලාවත උද්ඝෝෂණය කළ ෆැක්ටරි සේවකයන්ට, ධීවරයන්ට සහ බොරැල්ලෙ බන්ධනාගාරයෙ රැඳවියන්ට වෙඩි තියපු හමුදාව - උතුරේ දෙමළ මිනිස්සුන්ට වෙඩිතියන්න බැරිද? (වෙහෙර ගිල්ල එකාට අග්ගලේ...)
7. (අන්තිමට මාදුළුවාවෙ සෝභිත හිමි අහන සරළ ප්‍රශ්නෙ) අපි යුධ අපරාධ කළේ නැත්තම් පරීක්ෂණ වලට ඇයි ඔයතරම් බය?

අපේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මට්ටමේ එකකි.

1. අපි අපේ රටේ ස්වෛරීත්වයට ඇඟිලි ගහනවාට විරුද්ධය (රුසියාව ක්‍රිමියාවට හමුදා යවා යුක්රේනයට ඇඟිලි ගහනවාට හැබැයි එකෙන්ම පක්ෂය)
2. අපේ රටට එන එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ නියෝජිතයන්ව, ස්වාධීන මානව හිමිකම් ක්‍රියාධරයන්ට හමුවෙන්නට බාධා පමුණුවනු ලැබේ.
3. චෝගම් කාලයේ උද්ඝෝෂණ කරන්නට එපා යැයි ජනතාවට කිව්වෙමු. හැබැයි එංගලන්තෙ අගමැති එක්ක ආව කැලම් මැක්රේ ට යාපනේ යන්න නොදී කෝච්චි නවත්තගෙන උද්ඝෝෂණය කරන්න බාධාවක් තිබුනේ නැත. උද්ඝෝෂණ කරන්නට බැරි, ලංකාවෙ අභ්‍යන්තර ප්‍රශ්න (පානීය ජලය, විදුලි බිල, සරසවි ශිෂ්‍ය ගැටළු, පරිසර සංරක්ෂණය වගේ දේවල්) ගැන විතරය. විජාතික බලවේග ගැන, හරක් මැරීම ගැන, හලාල් ගැන එහෙම උද්ඝෝෂණ කරන්න කිසිම බාධාවක් නැත.
4. හැම අවුරුද්දකම මාර්තු ළං වෙනකොට (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය ළං වෙනකොට) උතුරේ යුද්ධ‍ය හෝ බලය බෙදීම හෝ සංහිඳියාව ගැන මොකක් හරි දෙයක් පටන් ගන්නෙමු. ගියපාර නොකෑ පපඩම් හා තෙල්හිඳියා කෙමිසමය. මෙදා පොටේ මෛත්‍රීපාල ඇමති තුමා දකුණු අප්‍රිකාවේ සංහිඳියාව ඉගෙන ගන්ට තකහණියක් දකුණු අප්‍රිකාවටම ගියෝය.
5. මානව හිමිකම් ක්‍රියාධරයන්ව බෙදුම්වාදී චෝදනා මත අත් අඩංගුවට ගන්නෙමු. පස්සෙ අධිකරණ නියෝග මත නිදහස් කරන්නෙමු.
6. අපිට ඇඟිල්ල දික් කරන්න කලින් ඇමරිකාව අැෆ්ඝනිස්ථානෙ කරපුවා, ආදී දේවල් ගැන හොයාපල්ලා කියා සිංහලෙන් කෑගහන්නෙමු.

මෙහෙම තියෙන සිරි දූපතට දැං මහා හෙණ ගෙඩියක් පාත් වෙන්නට යන්නේය. ඒ නවී පිල්ලේ (දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා යටතේ පත්වුණු අගවිනිසුරු වරිය) ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, මුරුසිය, ආදී රටවල් මූලිකත්වයෙන් ගේන්නට යන යෝජනාවකි. ඒ යෝජනාවෙන් ඉල්ලන්නේ මොනවද?

1. ලංකාවෙ මානව හිමිකම් සුරැකිය යුතුය, අතුරුදන් කිරීම් ගැන සෙවිය යුතුය.
2. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කාලේ දෙපාර්ශවය අතින් වුනු අකටයුතුකම් සෙවිය යුතුය,
3. ජාතීන්, ආගම් අතරෙ සංහිඳියාව ඇති කළ යුතුය,
4. පොරොන්දු වුණු අන්දමට තෙල්හිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය,
5. 13 සංශෝධනයේ ප්‍රකාර බලය බෙදීම කළ යුතුය,
6. නීතියේ ආධිපත්‍යය නැවත ඇති කළ යුතුය
7. හිරකාරයන්ව ආයුධ පෙන්නන්න එක්කගෙන යන එක නැවැත්විය යුතුය... ආදී හෑල්ලකි.

මේ යෝජනා ක්‍රියාත්මක වුනොත්, අපේ අතිගරු (අපිට හැම අවුරුද්දකම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා එස්එම්එස් කරන, අපේ ළමයි වඩාගන්නා, අපේ වක්කඩින් වතුර බොන, පළපුරුදු සංවේදී ජනනායකයා වන, ජනතාවට හමුදාව වෙඩි තියන එක ගැන මොනවත් දන්නෙ නැති, දන්නවනං ඒ අයව දහ අට මාසෙකට විතර එල්ලුම් ගස් අරින) විධායක ජනාධිපති තුමා විදුලි පුටුවේ ඉන්දවන්නට ඇමරිකාවට සහ අනිත් ජාත්‍යන්තර බලවේග වලට හැකියාව ලැබේ. (ඔබාමට නින්ද යන්නෙත් නැත අපේ සිරි දූපතේ ජනාධිපති යහතින් ඉන්න තාක්)

මෙච්චර අප්සට් රජයක් තියෙද්දි අපේ විපක්ෂය කරන්නේ මොනවද?
1. ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නායකත්වය, බෑණා හැදිලා වැඩිලා එනතෙක් මාමා අල්ලගෙන ඉන්නෙමි. ඒ වෙනුවෙන් එක එක මගඩි කරන්නෙමි.
2. ඉඳ හිටලා පොළකට, බස් හෝල්ට් එකකට ගිහින් පත්‍රිකා බෙදලා, ජනතාව දැනුවත් කරන්නෙමු. (ජනතාව මුන්ට වඩා මේ ගැන දැනුවත් ය කියලා වෙලාවකට හිතෙන්නෙමු.)
3. තුන්වෙනි බලවේගය වෙන්නට, කලින් තුන් වෙනි බළවේගය වෙලා හිටපු එක රැකගන්නට වෙර දරන ගමන්, ‘අපිට යූඇන්පියේ ඡන්ද පදනම තිබ්බනං දෙන්නෙ දොඹෙං‘ කියා වහසි දොඩවමු.

මේ එකෙකුවත් පාරට බැහැලා වරෙව් මිනිස්සුනේ කිව්වනං, මිනිස්සු පාරට බැහැලා, උණ්ඩයට පපුව දීලා හරි මේ ආණ්ඩුව පෙරළන එක සහතික ඇත්තකි. මිනිස්සුන්ට ජාත්‍යන්තර බලවේග වල සහාය ලැබිලා යහපත් හෙට දිනක් උදාවෙන එක තවත් ආත්ම ගාණක් තිස්සේ බලාගෙන ඉන්න වෙන වැඩකි. සටන පටන් ගත යුත්තේ ඇතුළතිනි.

ඊසොප් ගේ උපමා කතාවකින් මේ පෝස්ටු හෑල්ල ඉවර කරන්නට සිතේ.

ග්‍රීසියේ කරත්ත කාරයෙක් අතර මගදී තමන්ගෙ කරත්තෙ රෝදයක් මඩේ එරී අමාරුවේ වැටුණා. එයා එතනම ඉඳන් හර්කියුලීස් දෙවියන්ට යා‍ඥා කළා. හර්කියුලීස් එතනට පහළ වෙලා මෙහෙම කිව්වා.
“මං උදව් වෙන්න තිබ්බා. ඒත් මේක තමුසෙගෙ රෝදෙ නෙ, තමුසෙ ඉස්සෙල්ලා ඔය රෝදෙ කර ගහලා උස්සන්න වෑයම් කරනවා. ඊට පස්සෙ මගෙන් උදව් ඉල්ලනවා. එතෙකොට මං උදව් කරන්නං“

http://4.bp.blogspot.com/-i9Nv1fdzWrw/
UHLOrOKmetI/AAAAAAAAD6o/
QMTXcoEEvRw/s1600/kevin-sorbo-hercules.jpg

30 comments:

  1. ඔය කියන කාරනා 7 ඉටු නොකරන තාක් මහින්දය,බලයේ ඉඳිය්.ඒව ඉටු කෙරුවොත් මහින්දයව හොයා ගන්න වෙන්නෙ කානුවකින් තමා.ඒක අපිටත් වඩා හොඳින් මිනිහ දන්නවා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ඇනෝ... ස්තූතියි මගෙ පෝස්ටුව පේළි තුනකට සංක්ෂිප්ත කළාට...

      Delete
  2. අනේ බම්බුව.. ඔක්කොම කැටයම් අපිට තමා...

    ReplyDelete
    Replies
    1. මෙව්වා යොදාගන්න හැටි ගැන ලියන්න අමතක වුනා.

      ජිනීවා යෝජනා බිල්ලෙකි. ඒ බිල්ලාට විරුද්ධව අපි කටයුතු නොකළොත් රටේ එ්කීයත්වය, සාමය නැතිවෙන්නේය. ඒ හින්දා පළාත් සභා ඡන්දෙදි සන්ධානයට ඡන්දෙ ‍දීලා ජාත්‍යන්තරයට පෙන්නන්න ඕනෙය.

      Delete
  3. ජයග්‍රහනය සදහා එක් පියෙක් පමණයි ඉන්නේ ඩ්‍රැකි.. ඒ අපේ මහරජානන්.. බොලාට ඒවා අමතකයි..

    ReplyDelete
    Replies
    1. ජයග්‍රහණයෙ විපාක වලට ප්‍රතිකර්ම ගැනත් මහරජා වගකිව යුතුයි නේද එහෙනං?

      Delete
  4. බය වෙන්න දෙයක් නෑ අපේ ස්ටේජ් වල සිංහලෙන් කෑ ගහන ඔක්කොම සුද්දන්ට ඇහෙන්නෙ ට්‍රාන්ස්ලේට් වෙලාලු. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ලිප්ටන් වටරවුමෙ කරන උද්ඝෝෂණ?

      Delete
  5. අපේ මේ මුතු ඇටේ ආසියාවේ ආශ්චර්ය බව උඹට අමතකද ඩ්‍රැකි.රටක් ආශ්චර්යට යනකොට වෙන රටවල් වල නොවෙන දේවල් මෙහේ වෙනවා තමයි.එකට තමයි ආ....................ශ්චර්ය කියන්නේ.

    ReplyDelete
  6. හම්මෙ ආස්චාර්‍යය බොලන් ,ඔවා ඔහොම තමා

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සහෝ දර.

      ඒවා ඔහොම තමා කියලා කට පියං ඉන්න බෑ. මොනව හරි කරන්න ඕනෙ. අපිට මිනිස්සුන්ට විදිහට සළකන්න කියලා බල කරන්නෙ නැත්නං, අපිට සළකන්නෙ ගොන්නුන්ට අන්ත විදිහට...

      Delete
  7. ඇඩොවු,,,(සරම කොනකින් උස්සා) ජාතිද්‍රොහියා.පරගැතියා,ඩොලර් කාක්කා,...................................( :D එකකුත් දැම්ම හොදේ)

    ReplyDelete
    Replies
    1. ඇඩෝව්...! ඇයි කියහං මෙව්වත්...
      ඩයස්පෝරාවා... බෙදුම්වාදියා... එන්ජීඕ කාරෙයා... මේ ආදී දේවල් තව ගොඩක් හොයාගන්න පුළුවනං මැතිවරණ වේදිකාවක් ළඟට ගියොත්

      Delete
  8. අවුරුදු 30 ක් තිස්සේ ජාතී බේදයකින් තොරව ජනතාව විඳී දුක නිමා කල සියළුම දෙනාට මාගේ ප්‍රණාමය. ජිනීවා වල බම්බු ගහයි. උන් මොනවා කරන්නද බන් ස්වාධීන රටකට එරෙහිව.

    උඹගේ ළිපියේ කරුණු දැක්වීම නම් මල් මසුරන්....

    ReplyDelete
    Replies
    1. කවුද බොස් කියන්නෙ ජනතාව විඳි දුක් නිමා වුණයි කියලා? උතුරෙ ජන ජීවිතය තාම අඩාලයි. ඒකෙනුත් සංවර්ධනය උනේ බැසිලුයි නාමලුයි.

      ඉස්තූතියි මාතලං අයියා. දිග කාලෙකට පස්සෙ දේශපාලනය කෙලින් කතා කරන්න ලැබුණ එක හිතට ලොකු සහනයක් විදිහට දැනෙනවා.

      Delete
    2. ඇත්ත.. ඔක්කෝම යතා තත්වයට ගෙනත් නෑ. ඒක අසාධාරණයි. ආන්ඩුවේ දැක්මත් එක්ක, ඒකට තව කාළයක් යයි.

      Delete
    3. කොටි සංවිධානයෙ සන්නද්ධ අංශය විනාශ වුණු එක ගැන විතරක් හිතලා පක්ෂග්‍රාහී වෙන්න එපා මාතලං අයියා...

      Delete
  9. කාලෙකින් ඩ්‍රැකී පෝස්ට් එකක් ලියල තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිලිනි. මටත් ඒක ගොඩක් දැනෙනවා...

      Delete
  10. සුදු වැන් .... සුදු වැන්

    ReplyDelete
    Replies
    1. බොට ඕනෙද සුදුවෑන්? ඇයි විෂ්කි ගහල ඇති වෙලාද?

      Delete
  11. හැබැයි ඩ්‍රැකීයෝ වෙහෙර ගිල්ල එකාට අග්ගලේ...... කිව්වා එකනම් මමත් වෙලාවකට හිතෙනවා. මොකද ඒ වෙලාවේ නීතිය නැති පෙදෙසක් වෙලාවක්

    ReplyDelete
    Replies
    1. ඕක ගොඩක් මිනිස්සු හිතන සැක කරන දෙයක් තමයි කොරළේ මහත්තයා...

      Delete
  12. උතුරේ යුද්දය ඇතිවීමට හේතුව තවමත් දකුණේ එකෙක්වත් අවබෝධ කරගෙන නැහැ. 1971 දී ජේවීපී එක මැරුණේ නෑ කියලා මම කිව්වම අපේ තාත්තා මගේ කනටත් ගැහුවා. නමුත් ජේවීපී එක 1988 දී අයෙත් ආවා. එල් ටී ටී ඊ එකත් මැරුණේ නැත. ඊළඟට ඔලුව උස්සන්නේ (දැන් උස්සන්න පටන් අරන්) සන්නද්ධව නොව දේශපාලන මූනකින්. ඊට පෙර උතුරේ යථාර්ථය තේරුම් නොගත්තොත් කොටියා අපිට...................(නොගලවාම අරිනු ඇත)

    හමුදාව පාලනය කිරීම ඉතා අසීරු වැඩකි. හමුදාව පාලනය කලයුත්තේ පළපුරුදු සෙනෙවියන් විසින් මිස, දේශපාලන බම්මන්නන් විසින් නොවේ.

    ReplyDelete
    Replies
    1. මුල් ඡේදය ගැන එකහෙළාම එකඟයි. හමුදාව පාලනය සහ, මෙහෙයවිම ගැන විචාරක තුමාට පැහැදිලි කිරීමක් (සමහර විට පෝස්ටුවක් හෝ මාලාවක්) අපට දෙන්න පුළුවන්නං ඒක ලොකු සේවයක් කියා හිතනවා.

      Delete
  13. ඩ්‍රැකියා මොකද දැන් අපේ බොග් අස්සෙ බොලා පේන්න නැත්තෙ...ගජබින්නාලංකාරයට තිත තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. මං මුලින්ම කියවපු බ්ලොග වෙන, සිරාගෙ කාමරේ අතහරින්න තුං හිතකවත් අදහසක් නෑ. ගජබින්නාලංකාරය ඉවර කළෙත් නෑ. ඉඩක් ලැබුණු ගමං ඔය දෙකම කන්ටිනිව් කරනු ලැබේ.

      Delete
  14. ඒ ඩ්‍රැකී, ප්‍රොෆයිල් එක දැක්කගමන් බය හිතුන එන්නත්. හෙඩර් එකේ ඉමේජ් එකෙත් කාටූන් ඩ්‍රැකා අයින් කරල ඔරිජිනල් එකෙක් දැම්මනම් හොඳයි කියල හිතෙන්නැත්ද? අදහසක් විතරයි. අදයි ආවෙ මං මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මනෝශ්... හෙඩර් එක අලුත් කරන්න කාලෙ ඇවිත් වගේ. ස්තූතියි අදහසට...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි