Saturday, March 29, 2014

කුතුහලාත්මක අලි පැටියා - සයිලන්ට් සහන් ගේ ඉල්ලීමක් වෙනුවෙන්...

සයිලන්ට් සහන්ගේ පෝස්ටුවකට මං දැමූ කමෙන්ටුවක මේ කතාව ගැන සඳහන් කළා. ඒකට සහන්ගෙන් ලැබුණු උත්තරය අනුව මේ කතාව පරණ සගරාවකින් උපුටාගෙන පළ කරන්න හිතුවා. මේ කතාව ලිව්වේ රඩ්යාඩ් කිප්ලිං, (මං දැකපු හොඳම ධනාත්මක චින්තකයන්ගෙන් කෙනෙක්) පරිවර්තනය රංජිත් අමරසේකර. පළ වුනේ 1992 මැයි මුතුහර කළාපයෙ. කතාවේ ජීවගුණය නොමකා පළකරන්නත්, ඉක්මණටම පළකරන්නත් ඕනෙ නිසා ස්කෑන් කළා.







සහන් ටික කාලෙකින් ලිව්වෙ නැත්තෙ මොකද? මං හිතන්නෙ නෑ, මේ ස්ටෝරිය කිප්ලිංගෙ හොඳම ධනාත්මක ස්ටෝරිය කියලා. නමුත්, තමන් කරන දෙයින් ප්‍රතිඵලයක් නෑ කියලා හරි, ලැබෙන්නෙ නරක ප්‍රතිඵල විතරයි කියලා හරි හිතෙනවනං, හිතන්න, අලි පරම්පරාවටම ප්‍රයෝජනවත් හොඬ වැල ලැබුණෙ අලි පැංචා ගුටි කාගෙන හරි තමන්ගෙ කුතුහලය තියාගත්ත නිසා නේද කියලා.

සහන් දිගටම තමන් කරගෙන ආව කාරිය කරනවනං, ඒක තමා සමරහ අයට දෙන්න පුළුවන් ලොකුම උත්තරේ.

51 comments:

  1. අලින්ටත් පාඩම් අපිටත් පාඩම්. ස්තූතියි පළකරාට.

    ReplyDelete
    Replies
    1. @ අරූ සහ දිලිනි
      ස්තූතියි අගය කිරීමට. ගොඩක් අලි නං පාඩම් ඉගෙන ගෙන නෑ නේද තවම?

      Delete
  2. කතාවනම් අපූරුයි. මීට කලින් අහලවත් තිබුනේ නෑ..

    ඇත්තටම කෝ සහන් ? නම සයිලන්ට් සහන් වුනාට නිහඬව ඉන්න එක නම් හරි නෑ...

    ReplyDelete
    Replies
    1. මං දෙපාරක් පුදුම වුනා. එකපාරක් සහන් මේ කතාව අහල නෑ කිව්වම. දැන් සෙන්නා...

      ඇත්තටමම සහන් නිහඬව ඉන්න සුදුසු නෑ. කාලයක් බලාගෙන ඉඳලා තමයි මං මේ ප්‍රශ්නෙ මතු කළේ.

      Delete
    2. සහන් නොසුදුසු වෙලාවකයි නිහඬ වුනේ.. මම චන්දනගෙනුත් ඇහුවා එයත් විස්තරයක් දන්නේ නෑ. ඩ්‍රැකීට වෙන කන්ටැක්ට් එකක් තියනවද සහන් ගැන දැනගන්න? මේලකුත් දාලා බලන්න ඕනා.

      Delete
    3. මටත් පුළුවන් මේල් විතරයි. සහන්ගෙ ස්කයිප් එකටත් කතා කරල බලනවද? මට ස්කයිප් පහසුකම් නෑ.

      Delete
    4. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැ .

      වැරදි තියනවා තමයි , ඒත් අහිංසක මනුස්සයා ,

      Delete
    5. වැරදි නැත්තෙ කවුද අටං?

      මොකෝ මෙදා පොටේ දෙපැත්තට ඇනෝ කමෙන්ට් දාන් නැතැයි? :-)

      Delete
    6. උඹ මේක කියුවේ ඇත්තටද , විහිලුවටද

      Delete
    7. ඇයි යකෝ, උඹටත් කෙංජිට වගේ විහිළු තේරෙන් නැද්ද?

      //කෝ බං අර පෝස්ට් එක , අපරාදේ ඒ පැත්තටයි මේ පැත්තටයි දෙපැත්තටම ඇනෝ දාන්ඩ කියලා මං එන කොට උඹ ඒක මකලා . ආතල් කඩන්ඩ එපා බං//

      Delete
  3. බොහොම ස්තුතියි. බොහොම ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහත්තයා...

      Delete
  4. අහල නැති කතාවක්. ස්තුතියි.

    ReplyDelete
  5. ඇත්තටම කො සහන්.මේල් වලට උත්තර දෙන්න්නෙත් නැ කියල අටම කිවුව

    ReplyDelete
    Replies
    1. හෙයල බලන්න වටින මිනිහෙක්. සහන් ම දවසක් කිව්ව වගේ, මේ බ්ලොගර්ස්ලා, සමහරක් පාරක වැටිලා මැරිලා හිටියත් කවුරුවත් අඳුනගන්න එකක් නෑ.

      Delete
  6. ලස්සන කතාවක්. ස්තුතියි ඩ්‍රැකි.

    ReplyDelete
  7. ඔවු මගෙ යාලුවෙකුත් කිව්ව මට උගෙ wedding එකට invite කරාට homecoming එකට කියන්නෙ නෑ කියල! :D






    (ප්‍රශ්ණ අසන නිසා ය! )

    ReplyDelete
    Replies
    1. හයියෝ බං. බැඳපු උන්ගෙන් අහන ප්‍රශ්න නං... මතක් කොරන්න එපා...

      Delete
  8. Sahan was silent by Indika sub santha?????????????????????

    ReplyDelete
    Replies
    1. Who the heck is Indika Upashantha? Is he a brainless thug or a silencer bass to make someone silent?

      Delete
    2. No, he is a man with a balls and dick. Do you like to taste it?

      Delete
    3. //silencer bass to make someone silent//

      So you know that Sahan is just a bloody exhaust system of someone’s engine ha? :D :D

      Delete
    4. @ Indika Upashantha
      1. Calling one's self in third person has become a poor joke since Julius Caesar.
      2. Talking about tasting Balls & Dicks, sickens.
      3. Calling one has something aloud, proves that he doesn't have it that much.
      4. Criticising someone in the absence is like playing chicken

      These describes you, from your responce. I feel sorry for you

      Delete
    5. //1. Calling one's self in third person has become a poor joke since Julius Caesar.//

      // ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හිතුනෙමි.//

      // ඩ්‍රැකියා හෝඩියේ ඉන්න සන්දියේ තමා අපේ ගමේ පෙන්නුව අන්තිම නාට්‍යය පෙන්නුවේ.//

      //මේ දවස් වල ඩ්‍රැකී බොහොම කාර්ය බහුල වුනා.//

      මේ බ්ලොග පටන්ගනිද්දිම ඩ්‍රැකියා පොරාන්දු වුන විදිහට ඩ්‍රැකියා පරක්කු වෙලා හරි හැම කොමෙන්ටුවකටම උත්තර බඳිනවා.

      Delete
    6. සහන් ට බ්ලොග් ලිවීම නවත්වන්නට කවුරුත් කීවේ නැත.

      සහන්ගේ ලිපි වල තිබූ විද්‍යාත්මක සහ කරුණුමය සත්‍ය බව නම් (මා ඇතුළු) කිහිප දෙනෙකු විසින් ප්‍රශ්න කිරීමට ලක් කරන ලදී. උදාහරණයක් හැටියට චන්ද්‍රිකාවක් නිර්මාණයට තමා සමීපව සම්බන්ද බව, වීඩියෝ වලින් සොරකම් කරන ලද පින්තූර තමා විසින් ගත් බව, කුඩා ලමුන්ගේ සෙල්ලම් බඩුවක් චන්ද්‍රිකාවේ කොටසක් බව කීම.

      සහන් මේවාට පිලිගත හැකි උත්තර දෙනු වෙනුවට ලිවීම නැවැත්තුවේය.

      // Criticising someone in the absence// අදාළ නොවන්නේ ඒ විවේචන සිදු වූයේ සහන් දැනුවත්ව නිසා සහ සහන්ට ඒ අදාළ තැන් වල උත්තර දෙන්නට කවුරුවත් එපා කියා නැති බැවිනි. දැන් වුවත් කෙනෙකුට ඒ විවේචන වලට කරුණු සහිතව උත්තර දීමට ඒ සියළු සයිට් විවෘතය. සහන්ගේ බ්ලොගය පමණක් කමෙන්ට් මොඩරේෂන් දමා ඇත.

      Delete
    7. ඩ්‍රැකියා මේකට උත්තර දෙන්නට ගියොත් වෙන්නේ අර, කවුදෝ එක්ක තර්ක කරන්න ගියාම, උගේ මට්ටමට ඇදලා අරගෙන, එක්ස්පීරියන්ස් එකෙන් ගහන වැඩේ ය. ඒ නිසා සෑමා කලින් කියූ කියමනක් මතක් කරන්නට අදහස් කරමි.
      "It's time that you enjoy a real life"
      ඒක සමහර විට වචන කෑලි අල්ලගෙන තර්ක ගොඩනගනවාට වඩා හොද වෙයි මයෙ හිතේ...
      පොඩ්ඩක් නිදහසේ කල්පනා කළොත් මං කලින් කියලා තියෙන දේ තේරෙයි. නැත්තං වඩා හොඳයි තව තවත් සමාජ ආශ්‍රය වැඩි කරගෙන සමාජ සත්ත්වයෙක් බවට පත්වෙන එක.

      Delete
    8. තමා හෙළුවෙන් ඉඳගෙන අනුන්ගේ අමුඩයට හිනා වෙන හැටි උඩම පෙන්වා ඇති නිසා ඩ්රැකියාගේ 'මට්ටම' ගැන නම් කියවූ කාටත් අවබෝධයක් ඇත. එනිසා කොහොමත් උඩ ටික ලිව්වේ ඩ්‍රැකී වගේ කෙනෙක් එක්ක වාදයක් බලාගෙන නොවේ, මගේ පැත්තෙන් කීමට ඇති දේ කීමටයි. ඒක නිසා උත්තර දෙන්න කරදර නොවුනට කාරි නෑ!

      මේක මේ සම්බන්ධයෙන් මේ බ්ලොගයේ මගේ අවසාන කමෙන්ටුවයි.

      Delete
    9. බොහෝම ස්තූතියි... මං කියපු දේත් පොඩ්ඩක් කරලා බලන්න. එතකොට ආයෙ රූ නිිදි මරන්න වෙන්නෙත් නෑනෙ.

      Delete
    10. //Who the heck is Indika Upashantha? Is he a brainless thug or a silencer bass to make someone silent? //

      ඩ්‍රැකී, Criticising someone in the absence is like playing chicken

      //එතකොට ආයෙ රූ නිිදි මරන්න වෙන්නෙත් නෑනෙ.// ලෝකෙ පැතලියි කියල හිතන උන් තාම ඉන්නව කියන එකට තව උදාහරණයක්!! (ඉතින් සහන්ට කඩේ යන එකේ පුදුමයක් නෑනෙ )

      ඩ්‍රැකී, ඔබේ සිඟිති ආතල් ඔබ ගන්න, ඒ සඳහා ඔබට ඇති අයිතියට ගරු කොට පිටව යන්නෙමු!

      Delete
    11. ආයෙ එන්නෑ කියලත් කියන නිසා මං පොඩ්ඩක් ඔය ලෙවල් එකට බහින්නං.

      Criticise කියන්නෙ මේ පැත්තෙ නං විවේචනය කරනවයි කියන එකටයි. උඩ උපුටනය ඒ අර්ථයට අදාළ කරගන්න පුළුවන්නං ඒ අයගෙ චින්තන පරාසයෙ තරම ඒකෙන්‍ පේනවා.

      ඔයාට ඕනෙ ඔයා ලංකාවෙ නෙවෙයි ඉන්නෙ කියලා කියන්න නං, මම ඒක දැනං උන්නෙ නෑ. ඇරත් බ්ලොග් වල එල්ලීගෙන වචන හරඹ කරනවට වඩා සැබෑ ජීවිතයෙ ගොඩක් දේවල් අපිට නං තව තියෙනවා.

      පිටව යන්න මත්තෙන් ආයෙත් මතක් කරන්නං, දැන්වත් සැබෑ ජීවිතයට බහින්න... සමාජයෙ හැසිරෙන්න. එතකොට ඔය පොඩි පොඩි වචන වල එල්ලිලා තර්ක කරන එකේ පුහු බව වැටහෙයි.

      Delete
  9. සහන් නිහඩ වෙලා...නමුත් ඔහු වැරදි තීරණයක් ගෙන තිබුනේ...ලිපියේ රස වින්දෙමි..අප වෙනුවෙන් මේවා මෙතනට ගෙන ආවාට ඔබට තුති....

    ReplyDelete
    Replies
    1. සහන් නිහඬ වුනානම් ඒක වැරදි තීරණයක් තමා. ඩේවි ක්‍රොකට් කිව්වා වගේ, තමන් නිවැරදියි කියා තමන්ට සහතිකනම්, ඉදිරියටම යාමයි කළ යුත්තේ.

      ස්තූතියි සිරා...

      Delete
    2. නිවැරදි නැති නිසාද දන්නේ නැහැනේ ඩ්‍රැකියෝ සයිලන්ට් වෙලා ඉන්නේ..

      Delete
    3. වැඩක් පටන් ගද්දි අපි දන්නවනෙ මේක නිවැරදියි කියලා...

      Delete
  10. මෙහෙම කතාවක් මේ ඇහුවමයි.. කෝම වුනත් කතාවනම් රසවත්..

    ReplyDelete
  11. බෝම ස්තුතියි.. අපතේනොගිය කාලයක්...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි දේශකයා...

      Delete
  12. ඩ්‍රැකීට මගේ යෝජනාව ප්‍රයෝජනවත් වෙලා වගේ. දැන් නම් හෙඩර් එකේ පෙනුම මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝශ්. දැන් හොඳයි තමයි. හෙඩර් එක එක්කම ආපහු ක්‍රිස්ටෝෆර් ලී ගැන උනන්දුවත් අලුත් වුණා.

      Delete
  13. පිබුරා ඒ කියන්නේ අලියාගේ හොද යාළුවෙක් කියන එකනේ.?
    නියම කතාවක්..:)

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ යාළුවො වගේ පෙන්නගෙන ආවට, අලි පරිස්සම් වෙන එක හොඳයි නේද?
      ස්තූතියි ම‍නෝජ්. කාලෙකින් දැක්කෙ...

      Delete
  14. කතාව අහල තිබුනට මෙච්චර වැල්වටාරං නං තිබුනෙ නෑ. හොඳ කතාව.
    සහන් දැං තමයි සයිලන්ට්.

    ReplyDelete
    Replies
    1. කිප්ලිං ගෙ වැල්වටාරම් හරි රසවත් නේද?
      සහන් සයිලන්ට් වෙන්න ඔහුගේම හේතු ඇති කියලා හිතනවා.

      Delete
  15. කතාව නම් රසවත්.
    තමන් නොදන්නා දේ දන්නා පරිදි ලියන්න ගියාම වෙන වැරදීම් ඒ ගැන දන්නා අය පෙන්වන විට ඔවුන්ට අපහස කිරීමට තරම් සවුත්තු පුද්ගලයෙක් වූ ඔහුගේ නිරුවත පැහැදිලි තර්ක සහිතව පෙන්වාදී තිබියදීත් ඒවා නොතේරෙන පුද්ගලයන් සිටීම නම් කණගාටුවට කරුණක්. තවම නොතේරෙනවා නම් මේවා නිදහසේ කියවා බලන්න.
    අඳුර විනිවිද
    Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය
    විශවගේ අදහස.... පිළිතුරු දීමේ අයිතිය සහ එක් කතාවක අවසානය!
    මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ ( බොරුව, මවා පෑම සහ සැබෑව අතර වෙනස )
    මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස..
    මේවායේ කියවා ඇති දේ තේරුම් ගන්න අදාල ක්ෂේත්‍ර වල දැනුම නැතත් තර්කනුකුලව යමක් බැලීම සහ සාමාන්‍ය දැනුම ප්‍රමාණවත්.

    මේවා බිඳින්න තර්ක කරන්න සහන්ට හැකියාවක් නැහැ. මොකද සියලු දේ පෙන්වා ඇති නිසා. ඔහුට තිබෙන්නේ විසදුම් තුනයි. ඒවා නම්
    1 - තර්කනුකුලව යමක් බැලීම සහ සාමාන්‍ය දැනුම රහිත ප්‍රේක්ෂක පිරිසක්(සහන් ඉදිරියේ නැවෙන) සමග ඉදිරියට යාම (මෙය පැවැත්මක් නැති විසදුමකි)
    2 - වරද පිළිගෙන ඉදිරියට යාම.(කොන්ද පන ඇත්නම් කිරීමට සුදුසු වුවත් සහන්ගේ හැසිරීම අනුව ප්‍රයෝගික නොවේ මෙය සිදු වුවා නම් මම කැමතිය)
    3 - නිශ්ශබ්ද වීම.(තමන්ගේ ප්‍රොෆයිල් එකම නිර්නාමික නිසා තවත් නෝන්ඩි නොවී මෙය සිදු කිරීම පහසුම විසදුම වේ.)

    පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණය මගින් සැකයකින් තොරව තීන්දු දුන් මරණ ගොඩ ගැනීම පලක් නොමැති දෙයකි. ඇපිල් කර ගොඩ ගැනීම මලකුනට කරන අගවුරවයක් වන්නේ නැවතත් පෙර තීන්දුවම නිකුත් වන බැවිනි. මලකුනට සමාදානයේ සැතපෙන්න දෙනු මැනවි.

    ReplyDelete
    Replies
    1. දක්නට ලැබෙන ළදරු වළිප්පු තත්ත්වය සුවපත් කිරීමෙහි සමත් වෙදෙක් නැති බව මගේ හැඟීමයි. එය, තමන් පරිණත වීමෙන් හෝ, කාලයත් සමඟ තම දැක්ම පුළුල් වීමෙන් දුරුවී යයි. ඒකපාර්ශ්වීය තීන්දු සහ ප්‍රකාශන ශ්‍රී ලාංකීය දේශපාලනයට දැන් හුරු කර ඇතත්, එය වැඩි කල් නොපවතී. ඒකපාර්ශ්වීය තීන්දු වල ප්‍රතිඵලය හුදෙක් ‘මගේ චූන් මටම චූන්‘ වීම හැර වෙනත් දෙයක් නොවේ. මේ හැර ඔබට කීමට වෙනත් යමක් නැත. කරුණාකර චින්තන විශ්වය පුළුල් කර ගන්න.

      Delete
    2. ඉහත සඳහන් ලිපි කිසිවක සාක්ෂි ගොනුකිරීමක් මිස තීන්දුවක් නොමැත. සරල තර්කන හැකියාවක් සහ සාමාන්‍ය දැනුමක් සහිත ඕන කෙනෙකුට එම කරුණු හොඳින් අවබෝද වේ. ඔබගේ පිළිතුරෙන් ගම්‍යවන්නේ ඔබද ඔබගේ චින්තන විශ්වය පුළුල් ලෙස ස්වයංව සිතුවත් රාමුවෙන් පිට දැක්මක් නොමැති බවයි. එනම් ‘මගේ චූන් මටම චූන්‘ වීම හැර වෙනත් දෙයක් ඔබ සතුව නැත.

      Delete
    3. //පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණය මගින් සැකයකින් තොරව තීන්දු දුන් මරණ ගොඩ ගැනීම පලක් නොමැති දෙයකි. ඇපිල් කර ගොඩ ගැනීම මලකුනට කරන අගවුරවයක් වන්නේ නැවතත් පෙර තීන්දුවම නිකුත් වන බැවිනි.//

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි