Wednesday, May 28, 2014

සුරංචියා වීරවංශ ගේ මහා මගඩි නාටකය

http://sunandadeshapriya.files
.wordpress.com/2013/06/wimal.jpg

කෙටියෙන් කියන්නට මහා දිග කතාවක් ඇත.

ලංකාවේ ජනතාව ගෙවන බලු බළල් ජීවිත වලට වග කිව යුතු මූලික ප්‍රශ්නය, රට පාලනය කරන ජඩ දේශපාලනික සම්ප්‍රදාය බව අමුතුවෙන් කීමට ඕනෑ කර ඇත. මොකද, මඩ වලේ ඉන්නා ඌරන්ට මඩ ගඳ දැනෙන්නේ නැතුවා ව‍ාගේම, ලංකාවේ මහජනතාවගෙන් බහුතරයකට තමන් භුක්ති විඳන ජන ජීවිතයේ ඇති ප්‍රශ්න පේන්නේ නැත. ඒ ප්‍රශ්න වලින් බොහොමයක් පහතින් සටහන් කරන්නට වෑයම් කරන්නෙමි.

1. විදුලි බිලේ ඉඳ පොඩි එකාගේ කිරිපිටි දක්වා පාරිභ‍ෝගික භාණ්ඩ වලින් ආණ්ඩුව අපිව සූරාකෑම,
2. ජනතාවට, පරිසරයට, වෘත්තියට, අධ්‍යාපනයට කෙළවන්ඩ යන විට ඊට විරුද්ධව නැගී හිටින උන්ට වෙඩි තියා, ඔළු පැලෙන්නට පහර දීමට පීඩිත පන්තියේම කොටසක් වෙන හමුදාව හෙවත් හිටපු රණවිරුවන් උසිගැන්නීම,
3. පාරක තොටක යන්නට බැරි තරමට නීතියේ පාලනය බල්ලට යවා තිබීම,
4. චීනය වගේ බලවතුන්ට ඕනෑ විදිහේ සංවර්ධන ව්‍යාපෘති කරමින් රටේ ණය බර වැඩිකරමින්, කොමිස් ගැහීම,
5. බලු සේනා වලින් අන්තවාදී අදහස් අවුස්සා, පෑගෙන පංතිය භේද කිරීම,
...

මතක් කරමින් ලියන්නට ගියොත්, "මහින්ද හිංසන ඉදිරිදැක්මේ" ඇත්තටම ක්‍රියාත්මක වෙන කරුණු ලියලාම මට පෝස්ටු දහයක් විතර ලියන්න පුළු‍වන් වෙතැයි හිතේ. පීඩනය කොතෙක්ද කියතොත්, හරියට කල්පනා කරන විට අද හෙටම ලිබියාවේ, ඊජිප්තුවේ වගේ ජනතා නැගීටීමක් ඇති වෙන්නටත් පුළුවන් තරමේ ජනතා පීඩනයක් දකින්නට තිබේ.

එහෙව් රටක විපක්ෂය බම්බු ගහමින් ඉන්නා අතරේ පොඩි පොඩි සංවිධාන මට්ටමින් හරි ජනතාව පාරට බහින්න පටන් ගන්නා විටම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන් මොකක් හරි නාඩගමක් පටන් ගනිති.

එක වංගියක් හලාල් ප්‍රශ්නයක් උඩ නැටුවෝය. ලයිට් බිලට එරෙහි සටන වෙලාවේ හරක් මැරිල්ලට විරුද්ධව පෙළපාලි යාම පටන් ගත්තේය. දැන් විමල් ගොයියා රටට කිසි පළක් නැති යෝජනා 12 ක් ලැයිස්තුගත කරගෙන ආර්ථික ඝාතකයෙකුට එරෙහිව නටන්නට පටන් ගෙන තිබේ.

මඩොල් දූවේ මගඩි නාටකය රටේ බහුතරයක් දෙනාට මතක ඇත.

මගඩි නාටකය කියා පෝස්ටර් ගසා, ටිකට් විකුණා, ස්ටේජ් ගසා, නිළියක් ගෙනැවිත් පෙන්නා, සුරංචියා සෑහෙන සල්ලියක් හම්බ කරගත්තේය. මිනිස්සු ටික නාටකය බලන්නට ඇවිත් නාටකය පරක්කු වෙනකොට "අපේ සල්ලිවත් දියව්" කියා කෑගහන්නට පටන් ගත්තෝය. එතකොට සුරංචියාගේ කොළර් එකෙන් අල්ලාගත් පොලිස් කාරයෝ දෙන්නෙක් එළියට ඇවිත්, මූ හොරෙක්ය කියා එළියට ඇදගෙන ගියායින්, මිනිස්සුන්ගේ කෝපය තරමක් සංසිඳුනේය.

පස්සේ එළි වුන විදිහට ඒ හොරා පොලිස් කාරයොත් සුරංචියාගේම ගෝළයන් දෙන්නෙකි.

විමල් උන්නැහැ දැන් යටිගිරියෙන් කෑගහමින් ආර්ථික බිල්ලන් පෙන්නන්නේ අර සුරංචියාගේ මගඩි නාටකය වගේම, මිනිස්සුන්ගේ කෝපය වෙන පැත්තකට එල්ල කරවා, මිනිස්සු වෙනුවෙන් ඉදිරි‍පත් වෙනවා කියා පෙන්නාගෙන, ජනතාවගේ කෝපය සංසිඳුවා, මහරජාගේ කලදවස යහපත් කරලා දීමට බව හොඳින් ඇස් ඇර බැලූ කෙනෙකුට පෙනේ.

http://bandaragama.files.wordpress.com/2008/10/c1.jpg

33 comments:

  1. ඒක නං සහතික ඇත්ත මේක නං මගඩියක්ම තමා.. ඒත් අපේ උං අන්ධාණුකරණයෙන් මෙ ගොයියලාම උඩ තියන හිංද ඒ නාට්ටි ටිකත් ඉතිං සෑර්තකයි තමා

    ReplyDelete
    Replies
    1. අන්ධානුකරණයකට වඩා මට නං පේන්නෙ, මෙහෙම දෙයක්:

      අපේ ප්‍රශ්න තියෙනවා. අපි පාරට බහින්න බයයි. වෙන කෂ්ටියක් වෙන ප්‍රශ්න වලට අපේ හතුරට විරුද්ධව පාරට බහිනකොට අපි අප්පුඩි ගහනවා. පස්සෙ බලනකොට ‍අපි අපිටම කෙළවෙලා, අර දෙගොල්ලො එකතු වෙලා.

      Delete
  2. අපි ගතානුගතිකයි..

    ReplyDelete
    Replies
    1. ගං කබරයො කිය කියා ඉන්නවට වඩා, ගං කබරයින්ගෙ කපටි සූත්තර අධ්‍යයනය කිරීම වැදගත්...

      Delete
  3. කලින් ෂෝ එක තරමට මේ සැරේ විසීල් ,අත්පුඩි නෑ!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. එකම ෂෝ එකේ විවිධ වර්ෂන් එද්දි එහෙම වෙන බව දැන ගත යුතුයි...

      Delete
  4. හි හි... ඩ්‍රැකී කාලෙකින් ඇවිත්!

    ReplyDelete
    Replies
    1. හි හි... දිලිනිව කාලෙකින් දැක්කෙ...

      Delete
  5. මේකේ පිටපතේ පොඩි අවුලක් තියෙනවා. හැබයි ඒක ලේසී ස්ටන්ට් එකක් නෙමෙයි. ඇමතිකමෙන් අයින් වෙලා කලා නම්. මිනිස්සු ගිලිනවා. එහෙම ස්ටන්ට් පාරක් වත් නැතුව මෝඩයො ටික අන්දන්න ලේසී නෑ.

    ReplyDelete
    Replies
    1. ස්ටන්ට් එකේ ඒ පාර්ට් එක පී බී ජයසුන්දරට කරලා නේද?

      Delete
  6. ඇත්තටම අර ලියලා තියෙන ප්‍රශ්න ලංකාවේ තියෙනවද බන් ???

    ReplyDelete
    Replies
    1. ඔය මූලිකව දැනෙන ප්‍රශ්න වලින් ටිකක් විතරයි...

      Delete
  7. මුන් හිතන්නේ ජනතාව මීහරක් කියලා.එක අතකින් එහෙම හිතුවට කමක් නැහැ වෙච්ච දේවල්වලට. අර විමලයගේ මුසම්මිල්ගේ මූණ බලපන් මේ දවස්වල. ඌවත් දන්නේ නැතුව ඇති මේක නාඩගමක් කියලා.

    ReplyDelete
    Replies
    1. විමල් සහ මුසම්මිල් මුලින්ම රඟපාපු "ජෙනරාල් ෆොන්සේකාගේ අල්ලස්" කියන නාඩගම මතක නම්, උන් දෙන්නා මේක නාටකයක් කියන එක ගැන දැනුවත් බව පැහැදිලි වෙනවා නේද අරූ?

      Delete
  8. සුරංචියා කවුද කියලා අපි උඹලා තේරුම් ගත්තා වුණත් හුගක් අය තේරුම් අරන් නැහැ.
    විමලේගේ විවේචනයේ හැටියට හරිනම් මේ වෙද්දීත් මිනිහා ආණ්ඩුවෙන් අයින් වෙලා ගිහින් තියෙන්නේ ඕනේ.
    පි.බි කියන්නේ ආර්ථික ඝතකයෙක් නම් ඒ ඝතකය මෙහෙයවන්නේ ජනාධිපති ඇතුළු කැබිනට් එකයි.පි.බිට ඇගිල්ල දික් කරන විමල්ටත් ඇගිලි දික් වෙන එක වලක්වන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ, ප්‍රශ්නය විසඳන්න ඕනෙ නං, ප්‍රශ්නය බෙල්ල මුලින් අල්ලගන්නෙ නැතුව එක එක පොඩි කොන් අල්ලගෙන බොරුවට නටන්න ඕනෙ නෑ කියන එකයි. එහෙම බොරුවට නැටීමෙන් ජනතාව කුල්මත් කරලා, මූලික ප්‍රශ්නය යටපත් කිරීම ජරා වැඩක්.

      Delete
  9. හැමදාම ඡන්දයක් තිබ්බාම මහින්ද හිංසනේ දිනන එකනෙ බොලං වැඩේ....විමල් ගොයියා ඉතින් රූකඩයක් නොවැ...ලොක්කගෙ පිටපතට රගපාන නලුවෙක් කිව්වත් වරදක් නෑ...මතකනෙ ලෙමන් පෆ් නාටකය....

    ReplyDelete
    Replies
    1. ලොක්කගෙ පිටප‍ත් වර්ග කීපයක් තියෙනවා:
      1. කොස්තාපල් පුඤ්ඤසෝම හෙවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
      2. ගිණිතියන සේනා මගින් බෙදා වෙන් කර පාලනය කිරීම,
      3. නීතියේ දෙව්දුව ගණිකා වෘත්තියේ යෙදවීම,
      4. ජනතාව මුළාකරන නාටක.

      ඔයින් හතරවෙනි එක තමා මේ සුරංචියා කරන්නෙ. රූකඩයක් නෙවෙයි, තමන්ගේ කාර්යය හොඳින් තේරුම්ගත් ආයුධයක් කියලා තමයි මට පේන්නෙ.

      Delete
  10. වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට නායකත්වය දෙන්න පුළුවන් විශ්වාසවත් නායකත්වයක් ඉදිරිපෙලේ නැතිකමයි..එහෙම එකක් ඒමට ඇති අවස්ථා ඔක්කොම අහුරලත් හමාරයි..ඉන්න විපක්ෂෙ හරියට මීහරකයි එලහරකයි අස්සයයි වගෙ තුන්පැත්තට අදිනවා. මිනිස්සු මුනා කෙන්නද ?

    ReplyDelete
    Replies
    1. සරත්ට මතක ඇති ජේආර්-ප්‍රේමදාස පාලන සමයෙදි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩලා තිබ්බ හැටි. ඒක විධායක ජනාධිපති ක්‍රමයේ ලක්ෂණයක් කියලා ටෙරන්ස් පුරසිංහ කියලා තිබ්බා.

      අනික ගංකබර දේශපාලනයට තරඟයක් දෙන්න රනිල්ගෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයට බැරි බව පේනවා.

      ඔක්කොටමත් වඩා, මුන් ටික ජනතාවගෙ පිරේ පැටවිලා තියෙන නියම ප්‍රශ්න හඳුනාගෙන උද්ඝොෂණ මෙහෙයවන්නෙ නැති එක තමයි ගැටළුව.

      Delete
  11. වැඩේ කියන්නෙ, මෙහෙම ලිව්වට, සමාජය තුල කතිකාවට ලක් කලද. මඩේ නොලගින, මඬ ගඳ දැනෙන "ඌරොත්" ආපහු මේකටම ඡන්දෙ දෙන එකනේ.

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දෙන එකටත් වඩා තියෙන්නෙ ඔය කියන ඌරො ටික විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට යොදා නොගැනීමයි.

      Delete
  12. කාට කියන්නද ඉතිං මෙව්ව.

    ReplyDelete
    Replies
    1. ජනතාව බයයි - කොස්තාපල්ට
      කොස්තාපල් බයයි - සාජන්ට
      සාජන් බයයි - ඕඅයිසීට
      ඕඅයිසී බයයි - සහකාර පොලිස් අධිකාරිට
      සහකාර පොලිස් අධිකාරි බයයි - පොලිස්පතිට
      පොලිස්පති බයයි - ආරක්ෂක ලේකම් ට
      ආරක්ෂක ලේකම් බයයි - ජනාධිපතිට
      ජනාධිපති බයයි - ජනතාවට

      ඒක හින්දා කියන්න ඕනෙ ජනතාවටම තමයි ප්‍රසන්න

      Delete
  13. හැමදාම තිබ්බේ මගඩියි විගඩනුයි විතරනේ ඉතින්.. කෝම වුනත් මේ පාර එච්චරම නැගලා ගියේ නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. නැගලා යාම කොහොම වෙතත්, මුන්ගෙ මගඩි ගෙඩි පිටින් ගිළින මීහරක් තවම ලංකාවෙ ඉන්නව දිනේශ්.

      Delete
  14. ඇස් ඇරලා බලන, හරියට කන්දෙක පාවිච්චි කරන, කට වගගෙන වැඩේ විතරක් කරන තත්වයට අපි මිනිස්සුන්ව පොළඹවන්න ඕනේ. මමනම් මාසෙකට එක මිනිහෙකුටවත් යථාර්ථය තේරුම්කර දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක අපේ පුරවැසි යුතුකම නේද විචාරක?

      Delete
  15. ඩ්‍රැකී, උණු හිංද විසික්කන්ඩත් බෑ කිරි හිංද බොන්ඩත් බෑ......

    ReplyDelete
    Replies
    1. මේවවනං එච්චර හොද කිරි නෙවෙයි. ඒ හින්ද විසික්කරන්ඩ පුළුවං. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට ඒක විසි කරන්ඩත් ලෝබයි වගේ පේන්නෙ.

      Delete
  16. යකො මිනිහ තමගෙ ජිවිතෙ කැපකරල දුක් විදින මිනිස්සුන්ට වැඩ කරනව.බොල කතා හදනව

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි