Tuesday, June 17, 2014

බෞද්ධයිනි අවදිවව්! - (2014 පොසොන් කළාපය 2 කොටස)

http://dhammamedicine.net/wp-content/uploads/2011/04/malak-vee.jpg

මේ පෝස්ටුව සාකච්ඡා කරන්නේ කාලීන ප්‍රශ්නයක් ගැනයි.

බුදුන් වහන්සේ සමඟ වාද කිරීමට, නිඝණ්ඨනාථ පුත්‍ර හෙවත් මහාවීරගේ ප්‍රධාන දායකයෙක් වූ උපාලි ගෘහපති පැමිණීම ගැන,  සූත්‍ර පිටකයේ, මඣ්ඣිම නිකායේ, මඣ්ඣිම පන්නාසකයේ, උපාලි සූත්‍රයේ සඳහන් වෙනවා. අවසානයේ බුදුන් දේශනා කළ ධර්මය තේරුම් ගෙන උපාලි ගෘහපති තෙරුවන් සරණ යාමට තීරණය කරනවා. ඒ බව බුදුන්ට දැන්වූ විට එතුමා ඔහුට කියන්නේ, "සිතා බලා කටයුතු කරන්න. ඒක ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට මැනවි" යන්නයි.

ඒ ප්‍රකාශයෙන් උපාලි ගෘහපති තව තවත් බුදුන් ගැන පැහැදීමක් ඇති කර ගන්නවා. ඔහු කියනවා, "වෙනත් ශාස්තෘවරයෙක් නම්, මාවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගේ දායකයෙක් වූවා නම්, ඒ ගැන නගරය පුරා ප්‍රචාරය කරවනවා. එහෙත් බුදුන් වහන්සේ කීවේ සිතා බලා කටයුතු කරන්න කියායි. එනිසා මම වඩාත්ම උන් වහන්සේ ගැන පැහැදුනා" කියා.

එවිට බුදුන් වහන්සේ ඔහුට මෙසේ කියනවා, "ඔබගේ ගෙදර මෙතෙක් කල් නිඝණ්ඨ ශ්‍රාවකයන්ට නිරන්ත‍රයෙන් දන් දුන් තැනක්. එය දිගටම එසේම කරගෙන යාම වඩා සුදුසු බව මගේ හැඟීමයි."

-----------------------------------

සංඝයා වහන්සේ ගේ ගුණ:

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.


මේ ගාථාවෙ තේරුම හොයාගෙන යද්දි මට හම්බ වුණා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ‍පොතක් මෙන්න මේ සයිට් එකෙන්. (මෙතනින් බාගත කරගන්න පුළුවන්)  උන්වහන්සේ පැහැදිලි කර දෙන ආකාරයට තේරුම මෙන්න මේකයි:

නිවණට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
කෙළින්ම නිවණට යොමු වූ සෘජු මාර්ගයට පිළිපන් භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන ශ්‍රාවක සංඝයා,
සියළු සත්ත්වයන් කෙරේ මෛත්‍රියෙන් කටයුතු කරන නිසා ගුණවතුන්ට මෙන් සැළකීමට සුදුසු ශ්‍රාවක සංඝයා,
සරණ යා යුතු යුග පුරුෂයන් වෙති,
අට විධ පුරුෂයන් වෙති (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල වලට පිළිපන් සහ මාර්ගඵල ලබා ඇති වශයෙන්)
එසේවූ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා:
දන් සකස් කර කොතරම් දුරකට හෝ ගෙන ගොස් පිළිගැන්වීමට සුදුසුය, වෙනත් ආගන්තුකයෙක් වෙනුවෙන් වෙන් කළ දෙයක් වුවත් දානයක් ලෙස පිළිගැන්වීම සුදුසුය, පරලොව අරමුණු කරගෙන දන් දීමට සුදුසුය,
දෝත් නඟා වැඳීමට සුදුසුය, මේ ලෝකයේ ඇති උත්තම වූ පින් කෙතකි, (පින් වර්ධනය කරවා ගැනීම පිණිස කුසල් ක්‍රියා වැපිරීමට සුදුසුය)

බෞද්ධයන්ගේ වැඳුම් ලැබීමට සුදුසු වූ සංඝයා වහන්සේ ඉහත ගාථාවේ සඳහන් ලක්ෂණ වලින් යුක්තයි.

අන් ආගම් ගැන බුදුන් දැරූ සහනශීලී සහ සුහද ශීලී පිළිවෙත ගැන මුලින් කියූ කතාව උදාහරණයක් ලෙස ගොඩක් තැන් වල දැක්වෙනවා.

ඒ වගේම, සංඝයා යැයි කියාගන්නා ප්‍රචණ්ඩකාරීන් පහුගියදා අලුත්ගමදී කරපු ආවේගශීලී ප්‍රචණ්ඩකාරී කතා, සහ හැසිරීම් බොහෝ අන්තර්ජාල පුවත් අඩවි වලින් දැකගන්න පුළුවන්.

සැබෑ බෞද්ධයින් මොකද්ද කරන්න ඕනෙ?

1. බුදුන් අනුගමනය කරනවාද?
2. නැත්නම් (ගෝඨාභයගේ කොන්ත්‍රාත් මත ජනතාව භේද කරන) බොදුබලුසේනාව අනුගමනය කරනවාද?

39 comments:

  1. බලපං ඉතිං මේ අගනා පෝස්ටුවට කමෙන්ටුවක් දාන්න බැරි විදියට අන්තිමට ප්‍රශ්න දෙකක් ඇහුවනේ. ඕං ඒ හන්දා ඇනෝ ආවා. සුපිරිම තමයි ලිපිය. කාලිනයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ, එකම ප්‍රශ්නෙ කොටස් දෙකක් ඇහුවෙ.
      ස්තූතියි අගය කිරීමටයි, කොමෙන්ටුවටයි.

      Delete
  2. ඩ්‍රැකීයෝ.. ඔන්න අපිත් මේ පැත්තේ ආවා....! ජය...!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් නිමෝ... ඔබටත් මටත් දෙන්නටම ජය!

      Delete
  3. නැත
    බුද්ධ දර්ශනය අනුගමනය කරමි...

    ReplyDelete
  4. මටවත්, වෙන එකෙකුටවත් කරදරයක් නොවීමේ තියරිය පාවිච්චි කරන්නෙමි. එනම් බුද්ධ දර්ශණය අනුගමනය කරමි.

    ReplyDelete
  5. බල්ලෝ කිසිදිනක අර වගේ පහත් වැඩ නොකරන හෙයින්ද බල්ලන්ට බෞද්ධ සිංහල කතා කරන්න බැරි හෙයින්ද බළු සංහතිය වෙනුවෙන් ඔවුන්ගේ බලවත් විරෝධය පලකරමි..

    ReplyDelete
    Replies
    1. සරත් කිව්වහම තමයි මමත් ඒකෙ බැරෑරුම් කම දැක්කෙ. බල්ලන් වෙනුවෙන් මගෙත් බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, ඒ ප්‍රකාශයෙන් බල්ලන් හට ආදරය කරන අයට යම් කිසි සිත් තැවුලක් ඇතිවී නම් සමාව ඉල්ලා සිටිමි.

      Delete
  6. මට තේරෙන විදියට නම් රට අවුලවන මේ ගින්නෙන් දැවෙන්නේ අන්තවාදි බො.බ.සේ. වත් අන්තවාදි මුසල්මානුවොවත් ගින්නට පෙට්‍රල් දාන ආණ්ඩුවවත් නෙවි, විනාශ වෙන්නෙ මේ රට. නැතිවෙන්නෙ යන්තමින් හරි ඉතුරුවෙල තිබුනු රටේ කීර්තිනාමය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙ නැති මේ මිනිස්සු මොන හරක්ද මන්දා. සුද්දගෙන් නිදහස ලැබුනු දා ඉඳල අන්තවාදි සිංහලයො ටිකකි, ද්‍රවිඩයො ටිකකි නටපු නැටුම ඉවර උනේ මහා ව්‍යසනයකින්. දශක ගානකින් රටේ සංවර්ධනය පස්සට ගිහින්. හැමෝටම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් දෙයියනේ රටේ නීතියක් තියෙනවනේ. එක එකාට ඕන ඕන විදියට පිස්සු කෙළින්න දෙන්න නම් රටට නීතියක් මොකටද? පොලිසියක් මොකටද? අධිකරණයක් මොකටද? ආණ්ඩුවක් මොකටද? මෙහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන්ද, මේ වැඩවලින් අන්තිමට වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙනඑකනේ.

    ReplyDelete
    Replies
    1. ඩීඩීටී ගොඩ දවසකින්...

      නැති ප්‍රශ්න ඇති කරන්නේ කවුද? අලුත්ගමත්, ධර්ගා නගරයත් ගිනි තිබ්බේ සහ කෝලහාල ක‍ළේ පිටින් ආපු අය බව ප්‍රදේශ වාසීන් කියනවා. අද වෙනකොට වැලිපැන්නත් ගිණි තියලා. ඒත් පිටින් ආපු උන්. පොලිසිය මොන බම්බුවක්වත් ගැහුවෙ නෑ කියලා වාර්තා වෙනවා.

      ගෝඨාභයට තරයේ කිව යුතුයි: උඹලා මේ රට කන්න එපා කියලා.

      Delete
  7. මේ විදියට ගියෝත් නම් ඔය බෝ.බ.සේ. අපිවත් මේ රටින් දොට්ට දම්මවනවා ... ඕ යේස් (ඕ යේස් සඳහා අනුග්‍රහය පත්තර මල්ලි)

    ReplyDelete
    Replies
    1. දැන් කාම පැය වෙන්නැති? (ඒකත් ඕ යේස්ද?)

      Delete
    2. කාම පැය :O ?

      Delete
    3. ඇත්ත ඇත්ත..රාළගෙ කථාව ඇත්ත...නමුත් එක දෙයක් ඉතාම පැහැදිලිව කිව යුතුයි. මැලේ රටේ වෙසෙන මුස්ලිම් ප්‍රජාව ලංකාවෙ වෙසෙන මුස්ලිම් අය මෙන් අන්තවාදී නොවේ...මැලේසියාවට එන්නට පෙර මුස්ලිම් රටක් ලෙස මේ රට පිළිබද මා සිත පැවති අදහස සම්පූර්ණයෙන් වෙනස් වූ වටපිටාවකයි මා මෙහි සිටින්නේ...

      Delete
    4. ලංකාවෙ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් අන්තවාදී නෑ. අන්තවාදයක් ඇත්නම් මේ වන විට තිහාරිය, ලක්ෂපාන වගේ ප්‍රදේශ ලේ විලක් වෙන්න තිබුණා.

      Delete
    5. අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා සම්බන්ධ වූයේ දර්ගා නගරයේ වැසියන් නොවන බව එම නගරයේ වෙසෙන සිංහල හා මුස්ලිම් වැසියන් කියා සිටිති.

      රාත්‍රියේ විශාල වශයෙන් පිට පළාත් වලින් පැමිණි පිරිස් නගරයේ කලහකාරී ලෙස හැසිරුණු බවයි ගම්වාසීන් පවසන්නේ.

      ගැටුම් පැවති බොහෝ ස්ථානවලට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් පොලිස් ආරක්ෂාව ලැබෙන මොහොත වන විට පහර දීම් සිදු වී අවසන්ව තිබුණු බවත් ඔවුන් කියා සිටියි.
      - බීබීසී සන්දේශය

      Delete
    6. බීබීසී සංදේශය උපුටා දක්වන්න එපා...එය තනිකරම එක් පැත්තකට පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කරන පිරිසක්...විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ රුචිකත්වය අනුව

      Delete
  8. මේ ටිකවත් තෙරුම් ගන්න පුළුවන් නම් මෙහෙම වෙයි ද ?දැන් බෞද්ධයන් කියන්නෙ ගුටි කෙල ගන්න උන් කියන ලෙබල් එක වදින තැනට ඇවිත් ,ඔහොම ගියාම බෞද්ධ දර්ශනය විකෘති නොවුනොත් පුදුමයි ගුටි කෙල ගන්න එවා ඇතුලත් කරලා

    ReplyDelete
    Replies
    1. බීබීසී එකේ වාර්තා කරලා තිබ්බෙ දැඩි මතධාරී බෞද්ධයන් සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් කියලා. දැං ආඩම්බර ඇති නේද නානසාරට?

      Delete
  9. චිවරයා වලිගය උස්සා රටම ගඳ ගස්සා අපට මෙසේ වදාළ සේක

    "ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න"
    ඥනසාර හිමියෝ ඉල්ලති

    සිරිමන්ත රත්නසේකර

    අලුත්ගම හා අවට ප්‍රදේශවල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉවසීමෙන්, කල්පනාවෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සියලු සිංහල බෞද්ධ ජනතාවගෙන් ඊයේ (16 දා) ඉල්ලීමක්‌ කළහ.

    ReplyDelete
    Replies
    1. අලුත්ගම රැළියක් පැවැත්වීමට ගත් තීරණය තමා අනුමත නොකරන බව බොදු බල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ පවසති.
      - බීබීසී සන්දේශය

      Delete
  10. Athatama banda hamuduru waru desapalaneta gattha eke prsthipala thamayi me, ita passe awa aya hamoma kare ekamayi

    ReplyDelete
    Replies
    1. බණ්ඩ විතරක් නෙවෙයි, අපේ සිංහල නිදහස් සටන මෙහෙයවූ අනගාරික ධර්මපාල වගේ උදවියත් වග කිව යුතුයි.

      Delete
  11. "පිස්සුද බං.. ඔහොම හිටියොත් සිංහල බෞද්ධයට කෙල වෙනවා. අපේ ආගම, ජාතිය විනාශ කරද්දී බලන් ඉන්නේ කොන්ද පන නැති පො***යෝ." ඔය නාන සාර අනුගාමිකයෝන්ගේ උත්තරේ ඕකයි. ඔවුන්ට අනුව බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වැරදි බුදු දහමක්. හරි එක කියල තියෙන්නේ නාන සාරු සාදු.

    ReplyDelete
    Replies
    1. //බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ වැරදි බුදු දහමක්.//

      බුදු සහ බුදු? :-)

      Delete
  12. බුද්ධ දර්ශණය අනුගමනය කරන හැබෑ බෞද්ධයෝ අද නැත... ඒ ගැන උගන්වන අයද අල්පය...

    ReplyDelete
    Replies
    1. ත්‍රිපිටකය කියවනවා වෙනුවට, හිස් මුදුනින් වඩා හිඳුවා පුද සත්කාර කිරීමත් එක්තරා හේතුවක්...

      Delete
  13. මෙතැන ඇත්තේ ඇදහීම සහ අනුගමනය අතර ප්‍රශ්නයක් නේද? බෞද්ධයන් බුදුන් අනුගමනය නොකොට බුද්ධාගම ඇදහීම ( සාධුලාගේ බණ අසා ) වසර 2500 කට පසු එවැන්නන් අන්තවාදය දක්වා ගෙනගොසින්.
    ආගම සහ දහම යන්න දෙකක් බව නොහදුනාගැනීම මෙයට මුලයි.

    ReplyDelete
    Replies
    1. අැදහීම සහ ශ්‍රද්ධාව යන දෙකත් හරි හැටි තේරුම් නොගත් බෞද්ධයන් යැයි කියාගන්නා උන් නිසයි මේ හැම දෙයක්ම පාලකයන්ට ලේසි වී තියෙන්නේ.

      Delete
  14. මම මේ ආව දුවගෙන හොල්මන් කතාවක් කියවන්න බලාගෙන.. බලද්දී මේකත් බෞද්ධ එකක් නේ.. මෙහෙමයි, මම දහම්පාසල් ශිෂ්‍යයෙක් සහ ගුරුවරයෙක් හැටියට, බොදු බල සේනාවේ ක්‍රියා සීයට සීයක් අනුමත කරන්නේ නෑ.. ඒ වගේම, මුස්ලිම් අන්තවාදයක් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන්නෙත් නෑ.
    ඒ වගේම, මෙතනින් එහාට මේ ගැන කතා කරන්න කැමතිත් නෑ.

    ReplyDelete
    Replies
    1. කතා නොකළත්, මේ අවුළුවන ගින්න නිවීමට මොනවා හරි කරනවනං...

      Delete
  15. පිංවන්ත පෝස්ටුවක් ....පිංවන්ත පෝස්ටුවක් ....

    හැබැයි බණ කියලා පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ...

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනාව දෙසන්නෙත් පොලු පාරවල් නේ. ඉතිං ඒකෙ කවුන්ටර් පාර්ට් එකත් එහෙමම වෙන්න ඕනෙ.

      රෙහානි කාලෙකින්...

      Delete
  16. මුන් ඇවිල්ලා බුදුන්ගේ ශාවකයෝ නෙමේ දෙව්දත් ගේ ශ්‍රාවකයෝ.. මේ වගේ අශ්චීල බික්ශූන්ව නෙරපා බුදු සසුන ගලව ගන්න නැවතත් සංඝායනාවක් අත්‍යවශ්‍ය කාලයක් මේක.

    ReplyDelete
    Replies
    1. සංඝායනා කරන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන් නෙ, සෙන්නා. එහෙම බැලුවහම මෙහෙම වඩා හොඳයි වගේ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි