Posts

Showing posts from July, 2014

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

බාප්පගේ සත්ත්ව පාලනය - ඉවරයක් නැති ගජබින්නාලංකාරයෙන්

Image
බ්ලොගර් මුත්තා මට එවලා තිබ්බා කවියක්...

අනේ ඩ්‍රැකි මල්ලේ
උඹටත් බ්ලොගක් ඇත්තේ
මොකදැයි කරන්නේ
පොස්ට් නැතිවී වේලියන්නේ...

කියලා.

ඒක දැකපු ගමං මටත් බ්ලොගක් තියෙන බව මතක් වු‍නා.

ඕං ඉතිං කාලෙකිං බාප්පගෙ තවත් කතාවක් ‍අරගෙන මේං මං ආවා.

මේ කියන්නෙ බාප්පලා කන්තලේ ගස් කැපිල්ලට පස්සෙ, කන්තලේ වගා කිරීමටත් පස්සෙ, ආපහු ගමට ඇවිත් ගෙදර වත්ත පිටියෙ වගා කරගෙන දැහැමෙන් සෙමෙන් අඩියක් පුඩියක් ගහගෙන හිටිය කාලෙ. ඩ්‍රැකියගෙ බාප්පගෙ හොඳම යාලුවෙක් තමා මහත්තයා මාමා. මහත්තයා මාමාට තිබුණෙ පර්චස් දහයයි ඉඩම. හැබැයි එයා ඒකෙ හැදුවා හරක්, එළුවො, කුකුළො, ගිණි කුකුල්ලු, තාරාවො... ආදී සත්තු වර්ග ගණනාවක්. බාප්පටත් එකසැරයක් දුන්නා එළු පැටියෙක්.


බාප්පා ඉතිං හරි ආදරෙන් මේ එළු පැටියව හදාගත්තා. ඒ කාලෙ බාප්පා ධනාත්මක චින්තනය ගැන මාර උනන්දුවකින් හිටියෙ. ධනාත්මක චින්තනය අඩංගු වුණු දේශන පටිගත කරපු කැසට් එහෙම ගෙනත් බාප්පා අහනවා. ඉතිං එළු පැටියටත් පොඩි කාලෙ ඉඳන්ම උදේ හවස අහන්න ලැබුණෙ එව්වා. අන්තිමේ බාප්පා ධනාත්මක චින්තනය අත්ඇරියා. එළුවා අත්ඇරියෙ නෑ. ඌ අනිත් එලුවො වගේ "බෑ... බෑ..." කියන්නෙ නැතුව "හා... හා..." කියන…