Wednesday, July 16, 2014

බාප්පගේ සත්ත්ව පාලනය - ඉවරයක් නැති ගජබින්නාලංකාරයෙන්

බ්ලොගර් මුත්තා මට එවලා තිබ්බා කවියක්...

අනේ ඩ්‍රැකි මල්ලේ
උඹටත් බ්ලොගක් ඇත්තේ
මොකදැයි කරන්නේ
පොස්ට් නැතිවී වේලියන්නේ...

කියලා.

ඒක දැකපු ගමං මටත් බ්ලොගක් තියෙන බව මතක් වු‍නා.

ඕං ඉතිං කාලෙකිං බාප්පගෙ තවත් කතාවක් ‍අරගෙන මේං මං ආවා.

මේ කියන්නෙ බාප්පලා කන්තලේ ගස් කැපිල්ලට පස්සෙ, කන්තලේ වගා කිරීමටත් පස්සෙ, ආපහු ගමට ඇවිත් ගෙදර වත්ත පිටියෙ වගා කරගෙන දැහැමෙන් සෙමෙන් අඩියක් පුඩියක් ගහගෙන හිටිය කාලෙ. ඩ්‍රැකියගෙ බාප්පගෙ හොඳම යාලුවෙක් තමා මහත්තයා මාමා. මහත්තයා මාමාට තිබුණෙ පර්චස් දහයයි ඉඩම. හැබැයි එයා ඒකෙ හැදුවා හරක්, එළුවො, කුකුළො, ගිණි කුකුල්ලු, තාරාවො... ආදී සත්තු වර්ග ගණනාවක්. බාප්පටත් එකසැරයක් දුන්නා එළු පැටියෙක්.

http://bzupages.net/attachments/
12217d1262042203-goat-funny-animal-picture-4-.jpg

බාප්පා ඉතිං හරි ආදරෙන් මේ එළු පැටියව හදාගත්තා. ඒ කාලෙ බාප්පා ධනාත්මක චින්තනය ගැන මාර උනන්දුවකින් හිටියෙ. ධනාත්මක චින්තනය අඩංගු වුණු දේශන පටිගත කරපු කැසට් එහෙම ගෙනත් බාප්පා අහනවා. ඉතිං එළු පැටියටත් පොඩි කාලෙ ඉඳන්ම උදේ හවස අහන්න ලැබුණෙ එව්වා. අන්තිමේ බාප්පා ධනාත්මක චින්තනය අත්ඇරියා. එළුවා අත්ඇරියෙ නෑ. ඌ අනිත් එලුවො වගේ "බෑ... බෑ..." කියන්නෙ නැතුව "හා... හා..." කියන්න පටන් ගත්තා.

මේක දැකපු බාප්පට මාර අදහසක් ආවා. එලුවගෙ උපන්ගෙයි පුරුද්ද අත් අරින්න පුළුවන් වුනා නං, වෙන සත්තුත් එහෙම පුරුදු කරන්න පුළුවන් වෙයි නේද කියලා. එයාගෙ ඊළඟ ඉළක්කය උනේ මාලුවෙක් ගොඩබිමට පුරුදු කරන එක.

ඉතිං බාප්පා දැළක් දාලා අල්ලගත්තා හුංග පැටියෙක්. (මාදු ග‍ඟෙන් නෙමෙයි, වත්ත පහළ ඇළෙන්) ඇති කරනවත් වෙලා, ටිකක් සැර වැර තියෙන සතෙක් ඇති කරන්න එපැයි? මුලින්ම බාප්පා, හුංගව දවසකට තප්පර දෙකක් වතුරෙන් පිට තිබ්බා. සතියක් විතර යනකොට හුංගා ඒකට හොඳටම පුරුදු වුනා. ඊට පස්සෙ ඒක තප්පර හතර, තප්පර හය, තප්පර අට... ඔය විදියට ටිකෙන් ටික වැඩි කරලා, මාසයක් විතර යනකොට හුංගා ගොඩබිමට හොඳටම හුරු වුනා. මාස දෙකක් විතර යද්දි ඌට පැයක් දෙකක් ගොඩබිම ඉන්න පුළුවන්. ඒ එක්කම බාප්පා හුංගව දම්වැලට පුරුදු කළා. මාස හයක් විතර යද්දි බාප්පා හුංගව දම්වැලෙන් ගැටගහගෙන කඩමණ්ඩිය පැත්තෙ එහෙම යන එන එක කාටත් පුරුදු දර්ශනයක් වුනා.

ශෝකදායක සිද්ධියක් වුනේ ඔය අතරෙදියි. දවසක් බාප්පා අඩියකුත් ගහලා වෙලෙන් පැනලා එනවා, පුරුදු පරිදි හුංගවත් දම්වැලෙන් ගැටගහගෙන. දෙන්නම වැනි වැනී ඒදණ්ඩෙන් එගොඩ වෙනකොටම, මාලුවා ලිස්සලා වැටුනා වතුරට. අනේ ඌට හොඳටම වතුර පෙවිලා, හුස්ම හිරවෙලා, බාප්පා දම්වැලෙන් ඇදලා ගොඩ ගනිද්දිත්, හුංගා මැරිලා.

89 comments:

  1. හුටා...
    යකෝ මං මේ ඇහුවමයි මාළුවෙක් වතුර පෙවිල මළා කියල...
    හයියෝ..
    හගේ බලවත් මෙව්ව එක..




    ගජ බින්න උනත් ඔය පට්ටෙට ලියල තියෙන්නෙ... ආයෙ මක්කෙයි

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් මහේෂ්... මේක ලිව්වට මට එච්චර සැටිස් වුනේ නෑ. මහේෂ් ගෙ කමෙන්ට් එකෙන් ඒ මෙව්ව එක හරි ගියා.

      Delete
    2. සැක සංකා මොටද?
      නස‍්රුදින්ගෙ කථා මොනවද මේවනෙ කථා
      ජය!

      Delete
    3. අනෙ අම්මෝ තිස්ස මහත්තයා... කාලෙකින් දැක්කේ...!!

      Delete
  2. adooo daya rajapakshage kavi panthiya copy kara neda

    ReplyDelete
    Replies
    1. මතක තිබුණා නේද? අවුරුදු දෙසීයකට විතර කලින් ලංකාදීප පත්තරේ ගියපු, දයා රාජපක්ෂගෙ මඩිස්ස‍ලේ කවි පංතියක තිබුණා මේ ගැන.

      Delete
    2. මේක දයා රාජපක්‍ෂටම අයිති කතාවක් නොවෙයි. මං කියවලා තියෙන්නේ ගද්‍යයෙන්. අවුරුදු හාරසීයකට විතර කලින්!

      Delete
    3. ගොඩක් ස්තූතියි කතන්‍දර අයියා...

      බලං ගියාම කොපිකරන්නන්ගෙන් කොපි කරන්නෝ කම්බ කොපියො නේද?

      Delete
    4. ඔක චින ජන කතවක් ඩය රජපක්ශ එක කොපිකලා උබ උගෙන් කොපි කර

      Delete
    5. ඉස්තූතියි ඇනෝ...

      Delete
  3. බොලාලගේ බාප්පා කෙරුවොත් කොරන්නෙම ඔහොම අසමජ්ජාති වැඩක් තමයි, පවු අප්පා අහිංසක හුංග.

    ReplyDelete
    Replies
    1. ඔහොම අහිංසක හුංගෙක් මේ ළඟදි දෙරණ වාදපිටියෙදි මිරිදිය මාලුවෙකුට ගැහුවා... :-)) හතර හිනා...!!!!

      Delete
  4. ඔය මැරිච්ච හුංගාව බෝලාලගේ බාප්පා ඊට පස්සේ ආයෙත් වේලට දාලා උ ගහගෙන ඇවිල්ල එතනින් ගගට ඉට පස්සේ මුහුදට ඊට පස්සේ පැසිපික් සාගරයට එතැනදී මැලේසියාවෙන් මුදු ගිය බෝට්ටු කාරයෙක්ට අහුවෙලා උව අල්ලාගෙන ඇවිත් අපේ ගෙවල් ළඟ කඩේට දිල විකුනන්න....කරුමෙට මම උව අපේ ගෙදර ගෙනල්ල උයන්න කියලා කපන කොට උගේ බඩේ තනිකර වෙලේ වතුර...... එත් මම කල්පනා කොර කොර හිටියේ එහෙම උනේ කොමද කියලා අදනේ කතාව දැන ගත්තේ

    ReplyDelete
    Replies
    1. රාළගෙ මාළු කාරයා අපේ මුහුදු සීමාව උල්ලංඝනය කොරලා, අපේ රටේ ස්වෛරීත්වයට ඇඟිලි ගහල නෙව. ඉඳිංකො අපේ ගොඨයියටයි විමල් මාමටයි කියලා ඉල්ලලා දෙන්න.

      Delete
    2. ඞ්‍රැකි අයියන්ඞි පරාදයි මැලේට

      Delete
    3. හෆූ... අපට වෙච්ච දෙයක්...!!!

      Delete
  5. කුමාරයගෙ ඔලුවට වැඩේ දුන්නෙ ඔය හුංග වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැලප අයියට දැක්කොත් හඳුන ගන්න බැරිවෙයිද ඕකව. :)

      Delete
    2. @ හැලපයියා
      අයියෝ ඒක මතක් වෙලා හිනාව නවත්තගන්න බැරුව ගියා...!!
      @ චතුරංග ප්‍රියා
      මොකක් දැක්කොත්ද, කුමාරයගෙ ඔළුවද?

      Delete
  6. උඹලාගේ බාප්පාව නරකද ඌව ජන්දේට ඉදිරිපත් කෙරුවොත්.

    ReplyDelete
    Replies
    1. නරක නෑ. ඒ වුනාට පොර මළානේ...!!!

      Delete
  7. හොන්දවෙලාවට බාප්පා හුංගට බොන්න පුරුදු කලේ නැත්තේ , නැත්තම් කලින්ම් ඕකා වතුරට පැනලා මැරෙනවා

    ReplyDelete
    Replies
    1. නැත්තං හොද්දට හරි පනිනවා...

      Delete
  8. මම කවදා හරි ලොකු වෙලා ජනාධිපති උනාම උඹලෑ බාප්පව පොලිස්පති කරනවා. කරලා පොලෝසියට ජරාව නොකන්න පුරුදු කරවනවා. :D :D

    කතාව පට්ට.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ජනාධිපත් උනාම මං සරත් ෆොන්සේකා වෙනවා. හුංගව දයාසිරි කරනවා... :-ඩී

      Delete
  9. හුංගට කෙඋතිම ස්වසනේ දුන්නා නම් ගොඩ ගන්න තිබුනා. ඒත් ඉතින් ගොඩ ගන්න කොට ඌ මැරිලා නේ. පවු අප්පා. ඔය මිරිදිය මාළු මරණ එක පවක් කියලා ඒ කාළේ බුදු සාධු කියලා තියෙනවා. සොරි. දේසනා කොරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බුදු සාධු දෙසල තියෙන්නෙ "හරක්" මරන්න පව් කියල නේද මචෝ.........?

      Delete
    2. @ මාතලං
      මිරිදිය මාළු මැරුවට පව් සිද්ධ වෙන්නෑ. මොකද ප්‍රේමදාසගෙ කාලෙ ධීවර අමාතයාංශෙ පිරිතකට හාමුදුරුවරු කෂ්ඨියක් වැඩලා තිබ්බා.
      @ කෙංජි
      හරක් මැරිල්ලට කෂ්ඨිය විරුද්ධ වෙන්නෙ බුදු සාධු කියු දෙයක් හින්දා නෙවෙයි, සහෝදර ප්‍රේමයට. නැත්තං මෙච්චර මිනිස්සු මරණ රටේ...

      Delete
  10. ඉස්සර තරුනයා පත්තරෙ ගියා අයිඩියානන්ද කියල කතා සිරිස් එකක්.එකෙත් පොරට ඔය වැඩෙම වෙනව.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... මං දැනං හිටියෙ නෑ. මං දැක්කෙ දයා රාජපක්ෂගෙ කතාව විතරයි. මරු නම නේද අයිඩියානන්ද...?

      Delete
  11. හැබැයි බාප්පා ඇලට වැටුනනම් හුංගා බාප්පාවත් ගොඩට ඇන්න ගෙදර එනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. දවසක් බාප්පා එළුවෙක් ගැටහගන්න වෙළ දිගේ ඇරන් යනගමං තරුණ පහේ කොල්ලෙක්ට මොක්දෝ පාට් එකක් දාලා. අර කොල්ලා බාප්පව අ්ලලලා වෙලේ ඔබලා, එලුවවත් ඇදලා ඇරං වෙලේ ඔබලා තිබ්බා.

      Delete
  12. ඇයි බොල අවාරෙට පොල් හැලෙනවා වගේ ලියන්නෙ...බාප්පගෙ කෙරුවාවල් ගැන නිතරම ලියහංකො...අර හුංගා මලේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින්ද කියලයි මම කල්පනා කලේ...

    ReplyDelete
    Replies
    1. හරී කාර්ය බහුලයි සිරා... මේ ඔෆිස් එක හරියන්නෑ. වෙන තැනකට මාරු වෙන්න හදන්නෙ.

      ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඔක්කොම ඇත්තෙ මේ ලංකාවට විතරය් නේ...?

      Delete
    2. සිරා
      පිස්සු කෙලින්න එපා. ලග ලග ලියල කතා ඉවර උනාම නියවං ඉන්න තමයි අපිට වෙන්නෙ

      Delete
    3. මට දැනටම නියවං ඉන්න තමයි වෙලා තියෙන්නෙ. බේගල් ඉවර වේගෙන එන්නෙ...

      Delete
  13. අර අයිතිකාරයගෙ නම කියල කෑ ගහන හරකත් බාප්ප ලඟ හිටිය එකෙක්ද? :D

    ReplyDelete
  14. මාදු ගඟේ මා නාන වෙලාවේ,
    ආ.. වා.. මේ...................ම හුංගා..
    ආ..වා.. මේ...........ම හූං....ගා....
    මාදු ගගේ....

    මට තියන ප්‍රශ්නේ හුංගට දංවැල දැම්මේ කොතනටද කියන එකයි....

    අ බ ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. ඔච්චර දේවල් කොරපු බාප්පට දම්වැල දාන්න තැන්ද නැත්තෙ බං ......

      Delete
    2. ඔය කෙංජි දීලා තියෙන්නෙ උත්තරේ...

      Delete
  15. No animals were harmed (especially Hungaas) during the writing of this blog post.
    Sri Lanka Blog Humane Society.
    මෙහෙම disclaimer එකක් දැම්මොත් මොකෝ

    ReplyDelete
  16. උඹට හපන්නේ බං ඒ බුවා

    ReplyDelete
  17. කෙටියි......රසයි බං .......
    මාසෙකට සැරයක් හරි මෙහෙම වරෙන් යකූ'''''''''''! ..........................

    ReplyDelete
  18. සික් ඕකනේ බං මම කිමිදෙන්න ඉගෙන ගන්නෙ නැත්තෙ...

    පුරුදු වුනොත්, ගොඩ ආවම වතුර නැතුව මාව මැරෙයි..

    ReplyDelete
    Replies
    1. උඹේ කිමිදීම ගැන දන්නෝ දනිති (වට පිට බලමින්...)

      සෑම වතුර නැතුව මැරෙන්නෙ හරියට අටම අරක්කු නැතිවුනොත් මැරෙනවා වගේ...

      Delete
  19. බලාපං ඔච්චර වැඩ කාරයා වෙච්චි බොගාගේ එකාට පොඩි වැඩක් වත් කරල අර අහිංසක හුංගව බේරගන්න බැරි උනා නෙව...

    ReplyDelete
  20. හිනා කාලා මැරෙනවා යකෝ මේ කියන කතා වලට....

    කොහොම උනත් උඹ ආයෙම බ්ලොග ලියන්න ගත්ත එක නම් නියමයි. මේ කතා කියෙව්වම තමා අපේ ස්ට්‍රෙස් බහින්නේ....

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ගලේ...

      මටත් මෙව්වා ලියලා කමෙන්ට් දකිනකොට තමා ස්ට්‍රෙස් නැතිවෙන්නෙ. හෙණ කාලෙකින් ආවත් කස්ඨිය අපිත් එක්ක තවමත් ඉන්නව‍ කියලා දැනෙනකොට.

      Delete
    2. අනිවා ඩෙෆා... වෙලාව අඩු උනාට කොහොම හරි ඔළුව දානවා

      Delete
    3. ටැංකිව් ටැංකිව් අෆ්ෆා...

      Delete
  21. හෆ්ෆා ඇති යන්තම් මේක මතක් උනා.. හොල්මන් කතාවක් නොවුනත් ඔය ලියල තියන්නේ BBC (බොරු බින්න කෙප්ප) කතාවක්..

    ReplyDelete
    Replies
    1. හොල්මං කතාවක් හිත ඇතුලෙ හැදී ගෙන එනවා අඟහරුවා... තව ටික කාලෙයක් යයි.

      Delete
  22. මාදු ගගේ මම නාන වෙලාවේ ආවානේ මෙහේ.....ම හූං....ගා

    ReplyDelete
    Replies
    1. ඔය හුංගගේ සිංදුව නග්ගල ගත්තේ අර අපි නොදන්න ලයිව් බුවා....

      Delete
    2. ඊට කලින් අර ලයිට් කපන කාලෙ තිබ්බා මතකද, සිරස රේඩියෝ එකේ ලයිට් එනතුරු කියලා වැඩසටහනක්? ඒක කළෙත් ගාමින්දයයි සුනෙතුයි. අරේ සහ මරේ පැදුරු පාටිය කියල කෑල්ලක් ගියා දවසක්. ඒකෙන් තමා මාත් ඕක ඉස්සෙල්ලම ඇහුවෙ. හැබැයි ඒක අහං හිටිය අපේ තාත්තා කිව්වා ඒ සින්දුව ඊටත් පරණයි කියලා.

      Delete
  23. අද දේශපාලනේ කරන හුංගොත් එහෙමයි.. ගොඩ පීනනවා. වතුරට වැ‍ටුණාම මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩට ආවහම වතුරෙ හිටිය හැටි මතක නෑ... ආණ්ඩුවක් මාරු වෙනකොට ඒ පැත්තට පනින හැම එකාම ඔය හුංගා වගේ තමා.

      Delete
  24. හරි දැන් කියහන්කෝ හුංගා වතුරට වැටිලා මලාට පස්සේ කොලේ මොකක්ද කියලා.....!

    කතාව පට්ට, කොමෙන්ට් ඒ වගේම පට්ට. ජය...!

    ReplyDelete
    Replies
    1. බාප්පගෙ කල්කිරියාවෙ හැටියට නං හුංගව තෙලට දාලා අරං, ආයෙ පාරක් බොන්න යන්න ඇති.

      ඉස්තූතියි ඉස්තූතියි !!

      Delete
  25. බප්පා රජ පොරක් නේ ,එ කතාව එල ,

    ReplyDelete
    Replies
    1. බාප්පගෙ අයියගෙ පුතා තමයි රජ පොර... :) ඉස්තූතියි...!

      Delete
  26. දැන් අද්දියාපනෙත් අන්න ඔය වගේ. හැම දේටම හරවල ගන්න පුළුවන් උපමාවක්

    ReplyDelete
    Replies
    1. පශ්චාත් නූතන තත්ත්වය තුළ නූතනවාදයේ සංකල්ප හැම එකකටම ඔය දේ තමයි වෙලා තියෙන්නෙ.

      Delete
  27. උඩට ඇදලා ගන්න හදද්දී දංවැලට බෙල්ල හිර වෙලා වෙන්න ඇති මගේ හිතේ හුංගා මැරෙන්න ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. නෑ දිනේශ්, ජලසන්නිය හැදිලා හුංග මළේ...

      Delete
  28. හුංගා රකනවා.....නියම කතාව.

    ReplyDelete
  29. එල ද බ්‍රා. පට්ටයි සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් මෙන්ඩා...

      Delete
  30. එකතු වෙමුද..??? එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/ අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..

    ReplyDelete
  31. උඹලගේ බාප්පට හිතුනේ නැද්ද අම්මප මෝරෙක් තල්මහෙක් එහෙම ඇති කරන්න, සැරවර තියන සත්තු නේ අම්මපා..

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙ අහන්න තිබ්බෙ මේ කතාව ලියන්න කලින් නෙව...

      Delete
  32. පිස්සු හැදෙයි..!!!!

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. උඹට හොදටම ෂුවර්ද ? මහත්තය මාම මහත්තය අර ගම පුරා ඇදං ගියේ හුංගො කරවල නෙමෙයි කියල :-D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... එයිට කලිං බාප්ප මළා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි