Sunday, August 3, 2014

පරණ රසකතා

අද මා ඔබට ගෙන එන්නේ පරණ ශ්‍රී සඟර‍ා දෙකකින් උපුටා ගත් රස කතා සහ කාටුන් ටිකක්...

මෙහි කාටුන්, අපේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වන ජනක රත්නායක ගේ. ඔහුගේ අත්සන දැකපු විට මටත් පුදුම හිතුණ‍ේ, මෙයා මෙච්චර පරණ කෙනෙක්ද කියන හැඟීමෙන්...



ඊට පස්සෙ තව ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත විහිළු කතා දෙකක්... මුල්ම කතාවෙ නං, හිනා යන්නෙ කතාවටත් වඩා ඔසීගෙ කාටුන් චිත්‍රයට...






50 comments:

  1. පරණ විහිළු.. මරු..

    ජනක රත්නායකගෙ චිත්‍ර හෙන වෙනස්නෙ ඒ කාලෙ.. අලුත් චිත්‍ර කතා පත්තරයක් අද පටන් ගත්තා.. 'සිත්තරු' . ජනක රත්නායකගෙත් කතා දෙකක්ද කොහෙද තිබුනා ඒකෙ..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතිය් ‍සෙන්නා...

      ජනක රත්නායකගෙ කාටුන් ජනක රත්නායකගෙම සීරියස් චිත්‍ර වලින් හරිම වෙනස්. මං අන්තිමටම චිත්‍රකතා බලපු කාලෙ තිබ්බෙ සත්සිරි, සිත්තර, මධුර, සතුට වගේ පත්තර...

      මයෙ හිතේ පරණ පත්තර ගැන අපි සෑම් ගෙන් අහන එක හොඳයි...

      Delete
  2. බුහ් හඃ හඃ හා......

    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. හිකිස්.....

    මුල් පින්තූරේ තේරුන් නෑ

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කොරන විදිය දැක්වෙන උපදෙස් ටිකනේ මුලින්ම පිච්චිලා තියෙන්නේ

      Delete
    2. @ රෙහානි... විසංවාදාත්මක හාස්‍යය වගේ නමක් තමා ඒකට දාන්න වෙන්නෙ.

      Delete
  4. මොකක්ද මේ හැඟීමට කියන්නේ... අතීතකාමය කියන්න කැමති නෑ...
    මම හිතන්නේ කියවන්න දේවල් ඒ හැටි සුලභ නොවන කාලයක අපි මේව දැඩිව වැළඳගන්න ඇති!
    ඒත් මෙව්වායේ අන්තර් ගතය නම් මරේ මරු කියල හිතෙනව!
    "මහ දිග කථාව" "අහන්න ආසයි අපටත් කියන්න" අන්තිමට තියන චිත්‍ර කථාව.... හ්ම්ම්ම්ම්....
    ඒ කාලෙ ගියා නේද ඩ්‍රැකී....
    මොනවද බං අපි අද කරන්නේ?
    බොහොම ස්තූතියි මචං මේ කහ ගැහිච්ච පිටු පරිස්සං කරල තියාගත්තට
    මමත් ගොඩක් තියාගත්ත...වේයෝ මට වඩා ඒවට ආදරේ කරල... අනිච්චේ :-(

    ReplyDelete
    Replies
    1. මේ හැඟීමට ඩෙස්මන් මොරිස් නං කියන්නෙ කාවැදීම කියලා... අපි මුල්ම කාලෙ දැක්ක දේවල් ට අපේ හිත් ඇබ්බැහි වෙලා වගේ දෙයක්. ඒත් එක්කම දැන් තියෙන දේවල හරසුන් සහ බිස්නස් ගතිය නිසා මුල් කාලීන දේවල් වඩා වටින බවක් දැනෙනවා.

      පස්සෙ දාලා තියෙන කතා දෙක මං ගත්තෙ අහන්න “ආසයි අපිටත් කියන්න“ කෑල්ලකින්.

      මේ කහ ගැහිච්ච පිටු වලට මං ම පොඩි කාලෙ කරල තියෙන විනාසෙ දැක්කහම නං ඉතිං...

      Delete
  5. පත්තර එකතු කිරිල්ල පට්ට හොබිය මචං.
    මගේ ගාවත් තියෙනවා අවුරුදු 12ක නවයුගය පත්තර, අවුරුදු 15 ක විතර විදුසර, ඇතුළුව පත්තර බැදලා හදපු පොත් 100ක් විතර.
    සුනාමියට අහු උනාට පස්සේ පොත් පත්තර ටික විතරයි ආරක්ෂා කරත්තේ. අනිත් ඔක්කොම විසි කරලා සති තුනක් එක දිගට පොත් වේලලා තමා ගොඩදාගත්තෙ.

    ReplyDelete
    Replies
    1. පත්තර ඔය විදිහට සංරක්ෂණය කරන එක නං මාර කැපකිරීමක්... ඒක මං ගොඩක් අගයය කරනවා.

      පරණ විදුසර නං මාත් එකතු කළා, ඒ ටිකත් ජීවන කියපු විදිහට පොත් බඳින්න ඕනෙ.

      Delete
  6. අපිත් පොඩි කාළේ ඉඳන් අඳින එකෙක් නේ. ඒත් පොර තාම තරුණයි. ඒකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. ජනක තාම තරුණයි තමා. ඒ ගැන මාත් එකඟයි...

      Delete
  7. කොන්දොස්තරගෙ සීන් එක තමයි පට්ට....වැස්ස දවසක බස් එක හැප්පිලා වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු පට්ටම් වෙලා රියදුරු තැන රථය නැවැත්තුවාම ආච්චි කෙනෙක් ඇහුවලු ඇයි ළමයො නැවැත්තුවෙ කියලා....එතකොට ඩැයිවර් අයියා කිව්වලු අනේ ආච්චියෙ වින්ඩ්ස්ක්‍රීන් එක කැඩුනා යන්න විදියක් නෑ කියලා. අපේ ආච්චි කිව්වලු අනේ ළමයො අපි අයිස් ක්‍රීම් එකක් හරි දාගෙන යමු කියලා...

    මේවා ඉතිං මෙහෙම කිව්වට ඇත්තටම උනාද කියලා කවුද බං දන්නෙ....මොකද මම දැක්ක එකක් කියලයැ...

    ReplyDelete
    Replies
    1. ඔය ආච්චිමද දන්නෑ කියල තිබ්බෙ. “ගියර් එක දාන්න ඉඩ නැත්තං මගෙ මල්ලට හරි දාන්න“ කියලා...

      ඔව්වා ඇත්තටම වෙච්ච කතා වෙන්නැති ඉතිං (අපේ බාප්පගෙ සීන් වගේ). කටිං කට යන කොට තව ඔපමට්ටම් වෙලා එනවනෙ.

      Delete
  8. අඩා මහත්තය උබත් මකබෑ උනයි කියලා තමයි අපිත් හිතාන හිටියේ

    ReplyDelete
    Replies
    1. අම්මෝ රාළ. ඒකට නං හොඳටම හිනා...

      මට ඉතිං රාළට වගේ කාම පැයේ බ්ලොග් එන්න බෑනෙ. සතියකට දෙක්කට සැරයක් තමා ඉතිං.

      Delete
    2. මමත් මකබෑ උනයි කියලා තමයි ගොඩක් එවුන් හිතාන හිටියේ

      Delete
    3. මාත් හිතං හිටියෙ එහෙමයි...

      Delete
  9. මේ කොයි කාලේ වගේ එවද ඉතින්??

    ReplyDelete
  10. ජනක රත්නායක කාටූන් (මම අදහස් කරන්නේ හාස්‍ය දනවන) වල තියෙන්නේ මේ ශෛලිය තමයි. උඹලා නිතර දකින්නේ ජනකගේ චිත්‍ර කතා වල තියෙන ශෛලිය. ඒකයි ඒ වෙනස් වගේ පේන්නේ. ජනක මුලින්ම දවස කන්තෝරුවෙන් ගහපු ටිකිරි පත්තරේට බව්වා කියලා චිත්‍ර කතාවක් ඇන්දා.

    ReplyDelete
    Replies
    1. ජනකගෙ ශෛලි දෙකක් තියෙනවා. මං මීට කලින් අවුරුදු උත්සවේ ගැන දාපු පෝස්ටුවෙත් තිබ්බෙ ජනකගෙ කාටුන් එකක්.

      Delete
  11. හිකිස්....
    පපට්ට අඩේ...
    අර සත්තු වත්තෙ කේස් එක නං පටේ පට්ට

    ReplyDelete
    Replies
    1. ඇයි අර යුද්ධ ටැංකියට රැවටිච්ච අලියගෙ සීන් එක?

      Delete
  12. පරණ විහිළුත් එළ නේ බං. උම වගේ බොරු කාරයෙක්...

    ReplyDelete
    Replies
    1. මොකද්ද මෙයා බොරු?

      Delete
    2. මෙන්න මේ කියපු ඒවා.. අර ගජබින්න නං අමුලික ඇත්ත නේ.. හැක්...

      Delete
  13. ජනක රත්නායකගේ චිත්‍ර මම මුලින්ම දැක්කේ විදුසරේ විද්‍යා ප්‍රබන්ධ වල. ඒ දවස් වල මම හිතන් හිටියේ ජනක රත්නායක කියන්නේ නිකන් පොඩි කොල්ලෙක් වෙන්න ඇති කියල. දැන් බලනකොට හෙන වයසයි නේ.. කොහේ දැක්කත් නම බලන්නේ නැතුව චිත්‍රෙන් අඳුර ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ චිත්‍ර වල.

    විදුසර පත්තර එකතු කළා මමත් අවුරුදු 10ක් විතර. දැන්නම් තියෙනවද දන්නේ නෑ.. ඔය බස් වල සීන් ඇහෙද්දී මට මතක් වෙන්නේ ඉස්සර ඉරිදා හෝ සෙනසුරාදා උදේ රේඩියෝ එකේ ගිය බස් රස බස් කියන පොඩි ප්‍රෝග්‍රෑම් එක... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. බස් රස බස් ගියෙ ඉරිදා වගේ මටත් මතක... මාත් ඒ කාලෙ ආසාවෙන් ඇහුවා.

      මං ළඟ තියෙනවා 85 ඉඳන් විදුසර බොස්... (හැබයි පු‍තෝ ඉල්ලන්න නං එපා. ) :-)

      Delete
  14. චූටිම කාලේ ගජමෑනුයි, ගැටයයි විතරක් කියවන්න අවසර ලැබුනා.... මේක කියවද්දි මට ඒ කාලේ මතක් උනේ. ..

    ReplyDelete
    Replies
    1. මා්ත ඉස්සෙල්ලම කියෙව්වෙ ගජමෑන් තමා. ඊට පස්සෙ ගැටයා. සිරා චිත්‍රකතා ටික...

      Delete
  15. කතා ටිකනම අහලා තිබුනා, නමුත් චිත්‍ර ටිකනම් මරු..

    ReplyDelete
    Replies
    1. චිත්‍ර තමා බොස්... මාර ඇක්ෂන් තියෙන්නෙ එව්වයෙ.

      Delete
  16. දැන් කාලේ ඒවාට වඩා මාර ගති

    ReplyDelete
  17. දැන් ඉන්න පට්ට කාටුන්කරුවෙක් තමයි අවන්ත ආටිගල.

    ReplyDelete
    Replies
    1. අවන්තගෙ කාටුන් නං ජාත්‍යන්තර මට්ටමේ තමා...

      Delete
  18. ස්‍රි සගරාව මාත් ආසවෙන් කියවපු එකක්

    ReplyDelete
  19. අපේ තාත්තා ඒ කාලේ ශ්‍රී සඟරාවට ලියලා තියෙනවා. ජනක රත්නායකගේ අඩ නිරුවත් කාන්තා රූප තමයි ලස්සනම. පුදුම තාත්වික ගතියක් සහ කාලීන ගතියක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ජනකගෙ දක්ෂතාවය ගැන මාත් එකඟයි සුදික.

      මං ගාව තියෙන සඟරා වල මං බලන්නං කන්නන්ගර කෙනෙක්ගෙ ලිපි තියෙනවද කියලා...

      Delete
  20. එලඑල ඩ්‍රැකියෝ

    ReplyDelete
  21. Keep on working, great job!

    My page - this domain ()

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි