මෙහි කාටුන්, අපේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වන ජනක රත්නායක ගේ. ඔහුගේ අත්සන දැකපු විට මටත් පුදුම හිතුණේ, මෙයා මෙච්චර පරණ කෙනෙක්ද කියන හැඟීමෙන්...
ඊට පස්සෙ තව ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත විහිළු කතා දෙකක්... මුල්ම කතාවෙ නං, හිනා යන්නෙ කතාවටත් වඩා ඔසීගෙ කාටුන් චිත්‍රයට...
පරණ විහිළු.. මරු..
ReplyDeleteජනක රත්නායකගෙ චිත්‍ර හෙන වෙනස්නෙ ඒ කාලෙ.. අලුත් චිත්‍ර කතා පත්තරයක් අද පටන් ගත්තා.. 'සිත්තරු' . ජනක රත්නායකගෙත් කතා දෙකක්ද කොහෙද තිබුනා ඒකෙ..
ඉස්තූතිය් සෙන්නා...
Deleteජනක රත්නායකගෙ කාටුන් ජනක රත්නායකගෙම සීරියස් චිත්‍ර වලින් හරිම වෙනස්. මං අන්තිමටම චිත්‍රකතා බලපු කාලෙ තිබ්බෙ සත්සිරි, සිත්තර, මධුර, සතුට වගේ පත්තර...
මයෙ හිතේ පරණ පත්තර ගැන අපි සෑම් ගෙන් අහන එක හොඳයි...
බුහ් හඃ හඃ හා......
ReplyDeleteජ ය වේ වා !!!
එසේ ම වේවා විදානෙ...
Deleteනියමයිනෙ.
ReplyDeleteඒකනෙ...
Deleteහිකිස්.....
ReplyDeleteමුල් පින්තූරේ තේරුන් නෑ
පාවිච්චි කොරන විදිය දැක්වෙන උපදෙස් ටිකනේ මුලින්ම පිච්චිලා තියෙන්නේ
Delete@ රෙහානි... විසංවාදාත්මක හාස්‍යය වගේ නමක් තමා ඒකට දාන්න වෙන්නෙ.
Deleteමොකක්ද මේ හැඟීමට කියන්නේ... අතීතකාමය කියන්න කැමති නෑ...
ReplyDeleteමම හිතන්නේ කියවන්න දේවල් ඒ හැටි සුලභ නොවන කාලයක අපි මේව දැඩිව වැළඳගන්න ඇති!
ඒත් මෙව්වායේ අන්තර් ගතය නම් මරේ මරු කියල හිතෙනව!
"මහ දිග කථාව" "අහන්න ආසයි අපටත් කියන්න" අන්තිමට තියන චිත්‍ර කථාව.... හ්ම්ම්ම්ම්....
ඒ කාලෙ ගියා නේද ඩ්රැකී....
මොනවද බං අපි අද කරන්නේ?
බොහොම ස්තූතියි මචං මේ කහ ගැහිච්ච පිටු පරිස්සං කරල තියාගත්තට
මමත් ගොඩක් තියාගත්ත...වේයෝ මට වඩා ඒවට ආදරේ කරල... අනිච්චේ :-(
මේ හැඟීමට ඩෙස්මන් මොරිස් නං කියන්නෙ කාවැදීම කියලා... අපි මුල්ම කාලෙ දැක්ක දේවල් ට අපේ හිත් ඇබ්බැහි වෙලා වගේ දෙයක්. ඒත් එක්කම දැන් තියෙන දේවල හරසුන් සහ බිස්නස් ගතිය නිසා මුල් කාලීන දේවල් වඩා වටින බවක් දැනෙනවා.
Deleteපස්සෙ දාලා තියෙන කතා දෙක මං ගත්තෙ අහන්න “ආසයි අපිටත් කියන්න“ කෑල්ලකින්.
මේ කහ ගැහිච්ච පිටු වලට මං ම පොඩි කාලෙ කරල තියෙන විනාසෙ දැක්කහම නං ඉතිං...
පත්තර එකතු කිරිල්ල පට්ට හොබිය මචං.
ReplyDeleteමගේ ගාවත් තියෙනවා අවුරුදු 12ක නවයුගය පත්තර, අවුරුදු 15 ක විතර විදුසර, ඇතුළුව පත්තර බැදලා හදපු පොත් 100ක් විතර.
සුනාමියට අහු උනාට පස්සේ පොත් පත්තර ටික විතරයි ආරක්ෂා කරත්තේ. අනිත් ඔක්කොම විසි කරලා සති තුනක් එක දිගට පොත් වේලලා තමා ගොඩදාගත්තෙ.
පත්තර ඔය විදිහට සංරක්ෂණය කරන එක නං මාර කැපකිරීමක්... ඒක මං ගොඩක් අගයය කරනවා.
Deleteපරණ විදුසර නං මාත් එකතු කළා, ඒ ටිකත් ජීවන කියපු විදිහට පොත් බඳින්න ඕනෙ.
අපිත් පොඩි කාළේ ඉඳන් අඳින එකෙක් නේ. ඒත් පොර තාම තරුණයි. ඒකයි වටින්නේ..
ReplyDeleteජනක තාම තරුණයි තමා. ඒ ගැන මාත් එකඟයි...
Deleteකොන්දොස්තරගෙ සීන් එක තමයි පට්ට....වැස්ස දවසක බස් එක හැප්පිලා වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු පට්ටම් වෙලා රියදුරු තැන රථය නැවැත්තුවාම ආච්චි කෙනෙක් ඇහුවලු ඇයි ළමයො නැවැත්තුවෙ කියලා....එතකොට ඩැයිවර් අයියා කිව්වලු අනේ ආච්චියෙ වින්ඩ්ස්ක්‍රීන් එක කැඩුනා යන්න විදියක් නෑ කියලා. අපේ ආච්චි කිව්වලු අනේ ළමයො අපි අයිස් ක්‍රීම් එකක් හරි දාගෙන යමු කියලා...
ReplyDeleteමේවා ඉතිං මෙහෙම කිව්වට ඇත්තටම උනාද කියලා කවුද බං දන්නෙ....මොකද මම දැක්ක එකක් කියලයැ...
ඔය ආච්චිමද දන්නෑ කියල තිබ්බෙ. “ගියර් එක දාන්න ඉඩ නැත්තං මගෙ මල්ලට හරි දාන්න“ කියලා...
Deleteඔව්වා ඇත්තටම වෙච්ච කතා වෙන්නැති ඉතිං (අපේ බාප්පගෙ සීන් වගේ). කටිං කට යන කොට තව ඔපමට්ටම් වෙලා එනවනෙ.
අඩා මහත්තය උබත් මකබෑ උනයි කියලා තමයි අපිත් හිතාන හිටියේ
ReplyDeleteඅම්මෝ රාළ. ඒකට නං හොඳටම හිනා...
Deleteමට ඉතිං රාළට වගේ කාම පැයේ බ්ලොග් එන්න බෑනෙ. සතියකට දෙක්කට සැරයක් තමා ඉතිං.
මමත් මකබෑ උනයි කියලා තමයි ගොඩක් එවුන් හිතාන හිටියේ
Deleteමාත් හිතං හිටියෙ එහෙමයි...
Deleteමේ කොයි කාලේ වගේ එවද ඉතින්??
ReplyDelete1971
Deleteජනක රත්නායක කාටූන් (මම අදහස් කරන්නේ හාස්‍ය දනවන) වල තියෙන්නේ මේ ශෛලිය තමයි. උඹලා නිතර දකින්නේ ජනකගේ චිත්‍ර කතා වල තියෙන ශෛලිය. ඒකයි ඒ වෙනස් වගේ පේන්නේ. ජනක මුලින්ම දවස කන්තෝරුවෙන් ගහපු ටිකිරි පත්තරේට බව්වා කියලා චිත්‍ර කතාවක් ඇන්දා.
ReplyDeleteජනකගෙ ශෛලි දෙකක් තියෙනවා. මං මීට කලින් අවුරුදු උත්සවේ ගැන දාපු පෝස්ටුවෙත් තිබ්බෙ ජනකගෙ කාටුන් එකක්.
Deleteහිකිස්....
ReplyDeleteපපට්ට අඩේ...
අර සත්තු වත්තෙ කේස් එක නං පටේ පට්ට
ඇයි අර යුද්ධ ටැංකියට රැවටිච්ච අලියගෙ සීන් එක?
Deleteපරණ විහිළුත් එළ නේ බං. උම වගේ බොරු කාරයෙක්...
ReplyDeleteමොකද්ද මෙයා බොරු?
Deleteමෙන්න මේ කියපු ඒවා.. අර ගජබින්න නං අමුලික ඇත්ත නේ.. හැක්...
Deleteෆල ෆල ඩෝ...
Deleteජනක රත්නායකගේ චිත්‍ර මම මුලින්ම දැක්කේ විදුසරේ විද්‍යා ප්‍රබන්ධ වල. ඒ දවස් වල මම හිතන් හිටියේ ජනක රත්නායක කියන්නේ නිකන් පොඩි කොල්ලෙක් වෙන්න ඇති කියල. දැන් බලනකොට හෙන වයසයි නේ.. කොහේ දැක්කත් නම බලන්නේ නැතුව චිත්‍රෙන් අඳුර ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ චිත්‍ර වල.
ReplyDeleteවිදුසර පත්තර එකතු කළා මමත් අවුරුදු 10ක් විතර. දැන්නම් තියෙනවද දන්නේ නෑ.. ඔය බස් වල සීන් ඇහෙද්දී මට මතක් වෙන්නේ ඉස්සර ඉරිදා හෝ සෙනසුරාදා උදේ රේඩියෝ එකේ ගිය බස් රස බස් කියන පොඩි ප්‍රෝග්‍රෑම් එක... හෙහ් හෙහ්
බස් රස බස් ගියෙ ඉරිදා වගේ මටත් මතක... මාත් ඒ කාලෙ ආසාවෙන් ඇහුවා.
Deleteමං ළඟ තියෙනවා 85 ඉඳන් විදුසර බොස්... (හැබයි පුතෝ ඉල්ලන්න නං එපා. ) :-)
චූටිම කාලේ ගජමෑනුයි, ගැටයයි විතරක් කියවන්න අවසර ලැබුනා.... මේක කියවද්දි මට ඒ කාලේ මතක් උනේ. ..
ReplyDeleteමා්ත ඉස්සෙල්ලම කියෙව්වෙ ගජමෑන් තමා. ඊට පස්සෙ ගැටයා. සිරා චිත්‍රකතා ටික...
Deleteකතා ටිකනම අහලා තිබුනා, නමුත් චිත්‍ර ටිකනම් මරු..
ReplyDeleteචිත්‍ර තමා බොස්... මාර ඇක්ෂන් තියෙන්නෙ එව්වයෙ.
Deleteදැන් කාලේ ඒවාට වඩා මාර ගති
ReplyDeleteඒකනෙ කියන්නෙ...
Deleteදැන් ඉන්න පට්ට කාටුන්කරුවෙක් තමයි අවන්ත ආටිගල.
ReplyDeleteඅවන්තගෙ කාටුන් නං ජාත්‍යන්තර මට්ටමේ තමා...
Deleteස්‍රි සගරාව මාත් ආසවෙන් කියවපු එකක්
ReplyDeleteමාත් මාත්...
Deleteඑල ද බ්‍රා
ReplyDeleteමොන බ්‍රා ද?
Deleteඅපේ තාත්තා ඒ කාලේ ශ්‍රී සඟරාවට ලියලා තියෙනවා. ජනක රත්නායකගේ අඩ නිරුවත් කාන්තා රූප තමයි ලස්සනම. පුදුම තාත්වික ගතියක් සහ කාලීන ගතියක් තියෙනව.
ReplyDeleteජනකගෙ දක්ෂතාවය ගැන මාත් එකඟයි සුදික.
Deleteමං ගාව තියෙන සඟරා වල මං බලන්නං කන්නන්ගර කෙනෙක්ගෙ ලිපි තියෙනවද කියලා...
එලඑල ඩ්රැකියෝ
ReplyDeleteටැංකිව් ටැංකිව්
DeleteKeep on working, great job!
ReplyDeleteMy page - this domain ()