Tuesday, August 26, 2014

මොළයට ආහාර දන්සැලක් - හැමෝටම ආරාධනා...!!!!

සරු බීජ ලියන අපේ පර්යේෂක මහත්තයා හෙවත්, ප්‍රවීණ ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරළ කාලාන්තරයක් තිස්සේ දිවයින බදාදා අතිරේකයට ලියපු ලිපි වලින් තෝරාගත් ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කරපු පොතක්, දොරට වඩිනවා.

පොතේ නම, "ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, සංස්කෘතිය සහ සන්නිවේදනය"


ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී
2014-09-13 සෙනසුරාදා  උදේ 9.30 ට තමයි දොරට වඩින උත්සවය...

එදාට එහෙ යන එකේ වැදගත්කම:

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ප්‍රමුඛ දේශනය
මාතෘකාව - "සිංහල සංස්කෘතියේ විශේෂ ලක්ෂණ"

ඊළඟට - කෘතිය ගැන හැඳින්වීම
ශ්‍රී ලංකා සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා,
සමාජ ‍සේවා විද්‍යාලයේ කථිකාචාරිනී,
ශාමිණි අත්තනායක

මෙහෙයවීම සහ කථනය:
ප්‍රවීණ කිවි,
දෙ. වි. ගාල්ලගේ සහ
රන්බිම ප්‍රධාන කතෘ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කථක,
රන්ජිත් ප්‍රේමතිලක

පොතේ පිදුම:
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේද අධයයන අංශයේ අංශාධිපති
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර

පුළුවන් අය එන්න... ඔළුවට හරවත් යමක් දාගෙන යන්න...

31 comments:

  1. ඩයරි එක පිරිල බං.. පොත්, බ්ලුක්, නාට්ටි වලින්.. හැක්.. කෝම උනත් තැන්කුයි. උන්නැහැහේ බ්ලොග් කටුවට කනකොකා අඩල නෙවද සෑහෙන කාලෙක ඉදල...

    ReplyDelete
    Replies
    1. ඒ... ටැංකිව් බොස්... කෝමහරි වරෙං. මාත් එනවා. දකින්නත් ආසයි බොලං...

      මගෙ බ්ලොගට වෙච්ච දේම තමා සරුබීජෙටත් වෙලා තියෙන්නෙ. ඔපිස්සෙකේ වැඩ වැඩියි...

      Delete
    2. ඒ උඹ කියපු ඇත්ත කතා වලට බොට පඩිසන් දීලා..

      Delete
  2. උත්සවයට නම් යන්න බැරිවෙයි නමුත් පොතනම් ගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අයියෝ... මං ශුවර්ම කරපු කෙනෙක්. කොහොම හරි එන්න...

      Delete
  3. Replies
    1. මං එනවා නිකං එළ කිරි වගේ ... ඕයේස්...!

      Delete
  4. ට්‍රයි එකක් දෙන්නං ඩ්‍රැෙකා්...
    බට් සුවර් නෑ සුදෝ

    ReplyDelete
  5. බොසා දුර රටක ඉන්න මනුස්සයා නෙවැ.. තරහ අවසර ආයිබෝං …

    ReplyDelete
    Replies
    1. ළඟ හිටියත් තෝ නම් එන්න එපා පැත්ත පළාතේ

      Delete
    2. තොපි දෙන්නම වෙල්කම් ! ඕයේස්...!

      Delete
  6. මම නම් එනවා හැබැයි මැලේසියන් එයාර්ලයින් එහෙක

    ReplyDelete
    Replies
    1. අනේ එපා.. පොතට ආවා වගේද උඹ අතුරුදහන් උනොත් එහෙම..

      Delete
    2. වරෙං කාම පැයේ හරි...!!
      @ දිනේශ්... හැබැයි අපිට මාර පාඩුව වෙන්නෙ රාළ අතුරුදහන් වුනොත්.

      Delete
    3. රාළයා කලින් එක යකඩ වලට කපලා වික්කා කියලා මට ආරංචියක් ආවා....

      Delete
    4. රාළ එව්වා එහෙම උගෙ සුන්දර මැලේසියාවෙන් කියන්නෙ නෑ නේ... අනුන්ගෙ ගැහිලි තමා කියන්නෙ.

      Delete
  7. අපි ඉතින් කොහොම එන්නද සහෝ..

    ReplyDelete
    Replies
    1. නාවත් ආවා වගේ තමා... පොඩි පබ්ලිසිටියක් දුන්නොත්...

      Delete
  8. පොතට සුභ පැතුම්.පිටරට ඉන්න වුන් එන්නෙ කොහොමද බන් ලන්කාවෙ ඉන්න අපිටත් බැරිකොට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව... ඒත් එකෙක්ට හරි එන්න පුළුවන් නං වටිනවා.

      Delete
  9. ට්‍රයි කරල බලමු! අනේ මන්ද!

    ReplyDelete
  10. ඔත්තුවට ස්තූතියි ගොයියො...බොහොම රසවත් පොතක් කියලා හිතෙනවා...මේ මාතෘකාවට ලියවුනු ලියවිලි එතරම් සුලභ නෑ නේද....

    ReplyDelete
    Replies
    1. ඒ තරම් සුලභ නැති නිසා තමා අපි ලියන්නෙ බොස්... :-)

      පොඩ්ඩක් ජාලෙ බලන්න දිවයින බදාදා අතිරේකෙ සුනිල් කුමාරසිංහ අයියගෙ ලියවිලි, වෙලාවක් තියෙනවනං... මෙයා ලියන්නම උපන් මිනිහෙක්.

      Delete
    2. හරියට සක්විති ගොයියා මම ඉගැන්වීමටම උපන්නෙමි කියලා කිව්වා වගේද....

      Delete
    3. මෙයා නං එහෙම කියන්නෙ නෑ. ඒ වුනාට මාර ලියවිල්ලක් තම ලියන්නෙ...

      Delete
  11. සරු බීජ කිව්වෙ මේ බ්ලොග් එක වෙන්ටැ. http://sarubeeja.blogspot.com/

    කියවල නෑ වාගෙ කලින්. බලමුකෝ පොඩ්ඩක් අවුස්සලා.

    ඩ්‍රැකීගෙ, අර අකුණක් බෝතලේට ගත්ත ලිපියත් කියෙව්වා. ඒක නම් මරේ මරු... :D

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැරදුනා. කමක් නෑ. ඔන්න ඔහෙ තිබුනාවෙ. :)

      Delete
    2. ඉස්තූතියි චන්දන, ගොඩ කාලෙකින්...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි