Friday, December 5, 2014

ජනාධිපතිවරණ ශබ්දකෝෂයෙන්...

http://afunblog.com/wp-content/uploads/2014/10/
Funny-Quotes-about-Elections-1.jpg

අර්ථ දැක්වීම්
    1. සංවර්ධනය (අලුත් වචනය - දැවැන්ත සංවර්ධනය) –
               1. අධිවේගී මාර්ග ඉදි කිරීම 
               (කිලෝ මීටරයක් සඳහා පිරිවැය රු. මි. 16කට වඩා වැය කර),
               2. කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘති,
               3. නීත්‍යානුකූල පාරම්පරික පදිංචිකරුවන් සහ පැල්පත් වාසීන් හමුදාව යොදවා ඉවත් කර, හෝටල් සංකීර්ණ හා වර්ග අඩි 300-400 අතර වන හුංඩු තට්ටු නිවාස ඉදිකිරීම, හා පැරණි තට්ටු නිවාස වල තීන්ත ගෑම,
               4. ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළ, නැව් නොඑන වරාය, ඉඳහිට භාවිතා කරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ඉදිකිරීම,
               5. ජාතික ගුවන් සේවාවක් තිබියදී පාඩු ලබන තවත් ගුවන් සේවයක් පවත්වාගෙන යාම,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               1. ජාතික නිෂ්පාදිතය අවුරුදු ගණනාවක් තිස්සේ නොකඩවා වැඩිවීම,
               2. එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස සියලු රටවැසියන් අතර බෙදී යාම, සහ
               3. එයින් රටවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම

    2. නීතියේ පාලනය - 
               1. ඇමතිවරයෙකුගේ පුතෙක් මාසයක් රක්ෂිත බන්ධනාගාර ගත කර (රෝහලේ) තැබිය හැකි වීම,
               2. මහ නගර සභා සීමාවේ අනවසරයෙන් ප්‍රචාරක පුවරු සවි කිරීම,
               3. ප්‍රචාරක පුවරු සවිකිරීමට එරෙහි වූ අයට පහර දීම,
               4. පහර දුන් අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන සේ සැඟවී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කිරීම,
               5. රාජ්‍ය සේවකයන් යොදවා පෝස්ටර් ඇලවීම,
               6. අල්ලස් ගැන ප්‍රකාශ කරන විරුද්ධ පාක්ෂීකයන් ගැන පරීක්ෂණ පවත්වන අතර, ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු වීරයන් බවට පත්වීම,
               7. ජනතාව කුපිත කරවන ප්‍රකාශ කළ බල සේනාව රහස් පොලිසියට ගෙනවුත් ප්‍රකාශ සටහන් කරගෙන අමතක කිරීම,
               8. අගවිනිසුරු ඉතා හදිසියෙන් තනතුරින් පහ කොට අපකීර්තිමක් අයෙක් අගවිනිසුරු ලෙස පත් කිරීම.
               9. අතීතයට බලනොපාන ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපතිවරණයක් කැඳවීම,
               10. ජනාධිපතිවරණය ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම අත්සන් කිරීම මඟින් ඊට විරුද්ධව නඩු පැවරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම,
               11. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සහ ප්‍රසිද්ධියට පත් නොකිරීම,
               12. ඇමතිවරයෙක් ඝාතනය කළ අපකීර්තිමත් මන්ත්‍රීවරයෙකුට එරෙහි නඩුව දිගින් දිගටම ඇදි ඇදී යාම,
               13. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වීමට එක්කරගෙන යාම,
               14. රාජ්‍ය නොවන සංවිධාන පැවැත්වීමට අදහස් කරන වැඩසටහන් වලට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වීම,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               1. අධිකරණය ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ පාලනයෙන් ස්වාධීනව පවත්වාගෙන යාම,
               2. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන ලෙස සැළකීමට භාජනය වීම,
               3. වරදකරුවෙකු, වරද කළ අවස්ථාවේ පැවති දඬුවමට වඩා වැඩි දඬුවමකට යටත් කළ නොහැකි වීම,
               4. වරදකරු යැයි ඔප්පු කරන තෙක් සැකකරු නිවැරදිකරු යැයි සැළකිය යුතු වීම.

    3. රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ) -
               1. අධිරාජ්‍යවාදී ගැත්තන්,
               2. ඇමරිකානු ඒජන්තයන්,
               3. කොටි,
               4. ඩයස්පෝරා,
               5. ඩොලර් කාක්කන්,

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
               රාජ්‍යයක, ආණ්ඩුව විසින් ඉටු නොවන මහජන අවශ්‍යතා ඉටුකිරීමට පිහිටුවාගත්, ලාභ අපේක්ෂා නොකරන සංවිධාන.

   4. ප්‍රජාතන්ත්‍රවාදය -
               විටින් විට මැතිවරණ පැවැත්වීම මඟින් මහජන මුදල් කාබාසිනියා කිරීම හා රටේ ජන ජීවිතය අස්ථාවර කිරීම

(පැරණි / තහනම් කළ අර්ථ නිරූපණය)
සමාජය පාලනය කෙරෙන නීති සකස් කිරීම හා ස්ථාපනය කිරීම සඳහා
ඉදිරිපත් කෙරෙන කෙටුම්පත්: 
සහ එම කාර්යය සඳහා ආයතන පවත්වාගෙනයාම
ජනතාවගේ සෘජු ඡන්දයෙන් හෝ
ජනතාවගේ ඡන්දයෙන් පත්කෙරෙන නියෝජිතයන් මඟින් වක්‍රව
සම්මත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම

කොටස - තහනම් කළ යුතු කුණුහරුප
    1. යහපාලනය (සමාන පද - බෙදුම්වාදය, රට අස්ථාවර කිරීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ)

                           (විරුද්ධ පද - යුධ ජයග්‍රහණ, මාර්ග ඉදිකිරීම්, දැවැන්ත සංවර්ධනය)

ප/ලි
දොස්තර රාජිත සේනාරත්න මන්ත්‍රී වරයාගේ නිවසට කුඩු කාරයෙක් හොරෙන් ඇතුල්වී රැගෙන ගොස් ඇති බඩු:
1. අයිපෝඩ් එකක්,
2. ටැබ් එකක්,
3. දොර ජනෙල් වල සරනේරු,
4. ලිපිගොනු කිහිපයක්.

කෞතුකාගාරයට දෙවෙනි වර ඇතුල් වෙච්ච හොරා මොකුත් ගෙනිහිං නැතිලු

අපිට පිස්සු වගෙයි ද මංදා...

20 comments:

  1. මේක බලල මටත් පිස්සු වගේ.. පැහැදිලි මදි.. ඒකමත් නෙමෙී. පිළිවෙළ අපිළිවෙලයි වගේ..

    ReplyDelete
    Replies
    1. කියන්න දේ ගොඩයි

      තියෙන කාලය හරිම අඩුයි

      ඒකයි...

      Delete
  2. මට නං මේ තියන විදිය හොදයි...
    අර අංතිමට කියල තියන දේ නං පට්ට...
    හිහි
    මට පුදුම අර යකාට ගයි සරනේරු ටික ගලව ගලව ඉන්න වෙලාව තිබ්බ එක ගැන

    ReplyDelete
    Replies
    1. ටැංකිව් මහේෂ්.

      තව තව පුදුම දේවල් අහගන්න පුළුවං පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන්...

      Delete
  3. සම්පුර්ණ ෆොටෝ එක ලොකු කරලම උඩින්ම දාපු එක හොඳයි ................. සුදු වැන් කට්ටියට මේ චන්දෙන් පස්සේ ලොකු පොටෝඑක නිසා පහසුවෙන්ම ඔයාව හොයාගන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. ඡන්දෙන් පස්සෙ බලමු නේ... සුදුවෑන් වලට මාව හොයාගන්න පුළුවන් වෙයිද, නැත්තං අපිට සුදුවෑන් හොයාගන්න බැරි වෙයිද කියලා.

      Delete
  4. බුදු අම්මෝ ! මූ වගේ දේශද්‍රෝහියෙක්. :)

    ReplyDelete
    Replies
    1. “බුදු අම්මෝ මෙන්න දේශප්‍රේමියෙක්...“ කියලා මිනිස්සු හැංගෙන දවස වැඩි ඈතක නෑ මේ පාර ආඩම්බොරුකාර තාත්තා ආයෙ පත් උනොත්.

      Delete
  5. Replies
    1. මරලත් මදි මට පේන්නෙ. රටෙන් බාගයක් විතර මිනිස්සු මරන්න වෙයි මෙහෙම ගියොත්...

      Delete
  6. අපිට පිස්සු නේන්නම්..

    ReplyDelete
    Replies
    1. අපිටත්, අපිටත්... ඇයි අපි?

      Delete
  7. අර උඩින්ම දාලා තියන පෝටෝ එක ලස්සනයි

    ReplyDelete
  8. මට මේ ජනාධිපතිවරණය එපා වෙලා තියෙන්නේ... පත්තරයක් බලන්න බෑ... ටීවී බලන්න නෑ.. මොන මගුලක්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඇයි, පාරක යන්න බෑ, කටවුට් පිරිලා...

      Delete
  9. වැඩේ කියන්නෙ ඩ්‍රැකියො ප්‍රේමදාස ජනාධිපති හදපු මහල් නිවාස වලත් තීන්ත ගාලා පෙනුම අලුත් කරලා..පංචායුදේ සමරු ඵලක විවෘත කරන එකනෙ...

    ReplyDelete
    Replies
    1. උන්නැහැ හිතං ඇති, තීන්ත ගාලා විවෘත කරපුවාම අපි මැරිලා ඉපදෙනවයි කියලා. ඔක්කොම අමතක වෙන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි