Wednesday, December 10, 2014

තුන්කල් දැක්මෙන් හඳුන්වා දෙන නව මැතිවරණ නීති...


1. සියලුම මැතිවරණ අපේක්ෂකයින් හට කටවුට් සවිකිරීම සඳහා සාධාරණ ඉඩ ප්‍රස්ථා සැළසේ:

මැතිවරණ අපේක්ෂකයන් විසින් තමන්ටඅවශ්‍ය තැන් වල ලයිට් කණු සිටුවාගත හැකි වන සේ විදුලි බල මණ්ඩලයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික අංශයන් වෙත මැතිවරණ සමයට සීමා වන සේ පවරා දෙනු ලැබේ.

මැතිවරණයෙන් පසු අයකරගැනීමේ පදනම මත ලයිට් කණු සිටුවීමේ සහ කටවුට් මුද්‍රණය කරවීමේ ණය ආධාර ක්‍රමයක් සමෘද්ධි හා දිවිනැගුම බැංකු හරහා ක්‍රියාත්මක කෙරේ.

ඕනෑම තැනක කටවුට් සවිකිරීමට, ඒ සඳහා ඕනෑම දේපළකට පිවිසීමට සහ ඊට එරෙහි වන්නන්ට පහර දීමට ඇති අයිතිය තහවුරු කෙරේ.

2. විරෝධතා මෙහෙයවන්නන් රක්ෂණය කෙරේ:

වීදි ගායකයන් හා විරෝධතා මෙහෙයවන්නන් හට සහනදායී ගෙවීම් ක්‍රමයක් යටතේ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රමයක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් පිහිටුවේ.

පළා දමන එක් ඔළුවකට අවම වශයෙන් රුපියල් තිස් දහසක් වන්දි වශයෙන් තම තමන්ගේ මුදලින් ගෙවීමට අදහස් කෙරේ.

ඔළු පළන්නන් සහ සෙල්ලම් පිස්තෝල රැගෙන දුවන්නන් සඳහා ද, හොඳම නිර්මාණාත්මක මඩ ප්‍රහාර සඳහා ද රූපවාහිනී රියැලිටි තරඟ ආරම්භ කෙරේ.

3. පාතාල සාමාජිකයන් සහ මැරවරයන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කෙරේ:

ත්‍රිවිධ හමුදාවට අමතර වශයෙන් දිවයින පුරා ලියාපදිංචි මැර හමුදාවක් ඇති කෙරෙන අතර, දැනට ක්‍රියාත්මක වන මැරයන් අත ඇති ආයුධ වල අඩු ලුහුඬුකම් හමුදා ආයුධ මඟින් පිරවේ.

ඔවුන් හට පහත සඳහන් කාර්යයන් පවරා දීමට අදහස් කෙරේ:

1.  ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වෙන ස්ථාන වල ආණ්ඩුවට පක්ෂපාතී විරෝධතා පැවැත්වීම,

2. ප්‍රතිවාදීන් පංසල් වලට යන විට පංසල් වටා රැස්වී හූ කීම,

3. තමන්ට දැනුම් දෙන ඕනෑම අවස්ථාවක දිවයින පුරා රතිඤ්ඤා පත්තු කර ජය ඝෝෂා කිරීම,

4. ප්‍රතිවාදීන්ගේ නිවාස සහ දේපළට ගල් සහ බෝම්බ ගසා හාණි සිදු කිරීම හා වෙඩි තැබීම.

5. කටවුට් හා මැතිවරණ කාර්යාල ආරක්ෂා කිරීම හා ප්‍රතිවාදී මැතිවරණ කාර්යාල වලට පහර දීම.

මෙම හමුදාව උදෙසා මෙරටට ගෙන්වන සුදු වෑන් සඳහා විශේෂ තීරු බදු සහන හඳුන්වා දෙනු ලැබේ.


මෙකී හමුදාවට අමතර වශයෙන් රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිසියේ සාමාජිකයන් යොදවා ගැනීමට ඉඩ සැළසේ.

ප/ලි
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරමු!

10 comments:

  1. එල ද බ්‍රා..
    අපි වගේ පෞද්ගලික අංශයේ නාකි සුද්දියන්ට ඡංගි මහන වුන් ගන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බං මෙන්ඩා, හැබැයි නාකි සුද්දියන්ට විවාහ යෝජනා කරන පිස්සු පීකුදු මැර ඩයල් නං ගන්නවා එකෙම්ම...

      Delete
  2. මැකෝ නම් බය කරන්න හම්බවෙන්නෙ නෑ බං. පේන හැටියට පොරට ආතතියක් හැදෙන පාටකුත් නෑ. කොහොමටත් මම හිතන්නෙ ආතතිය ඇති වෙන්නෙ හෘදසාක්‍ෂියක් කියල එකක් යාන්තමට හරි තියෙන මිනිහෙකුට විතරයි. අනිත් මොනදේට මෛත්‍රී කර කර හිටියත් අර රාජ් කියනව වගේ මැතිවරණ දිනයෙදි අදාල කටයුතු ගැන විශේෂ වැඩපිළිවෙලක් තිබීම ඉතාම වැදගත්. නැත්නම් ඉතින් දිගටම මෛත්‍රී කරන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඡන්දෙ දානවට වඩා වගකීමකින් දාපු ඡන්ද පරිස්සම් කරගන්න වෙනවා...

      Delete
  3. අපිටත් මොකක් හරි චෑන්ස් එකක් දියන්කෝ ;)

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අාණ්ඩුවේ ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ අමතන්න...

      Delete
  4. ඡන්ද පොල නිලධාරින් ගහලා පන්නලා ඡන්ද පත්‍රිකා පොතෙන් ඉර ඉරා ඡන්දය දානවා වගේ ආතල් වැඩ නැද්ද මේ නීති රාමුව යටතේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ සිරා, එ්වා පුංචි කාලෙ පරණ කතා නෙ. මේ පාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය අාරක්ෂා කරගැනීම තමා අපේ ලොකුම වගකීම.

      Delete
  5. අපේ රටේ මෙතෙක් කල් චන්ද දිනුවෙ දාපු චන්ද වලින්ම නෙමේ.පික් පොකට් ගහන චන්දත් ඒවට එකතු වෙනව.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි