Wednesday, December 17, 2014

දිනුවත් පැරදුනත් ජනාධිපති - බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මුසාවාද

http://www.defence.lk/img/20080613_05.jpg
ජනාධිපති උපදේශක, මානෙල්මල් ව්‍යාපාරයේ පුරෝගාමි සාමාජික, තවළම සංවර්ධන පදනමේ අනුශාසක, ජාතික ත‍්‍රිරෝදරථ සංගමයේ උපදේශක, හෙළබිම සංවිධානයේ අනුශාසක, ලංකා මිතුරෝ ශිෂ්‍යත්ව සංවිධානයේ ලංකා කමිටුවේ සභාපති, දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ ලේකම්, චින්තන පරිෂදයේ සභාපති. ශ‍්‍රී ලංකා ශිෂ්‍යෝපකාර සමිතියේ අනුශාසක හා පන්සලෙන් ගමට ඔසු උයන් ව්‍යාපෘතියේ උපදේශක හා නිර්මාතෘ, මහින්ද රාජපාක්ෂික, දේශ මාමක, පාලි භාෂාව පිළිබද විශේෂවේදී, විද්‍යාලංකාර පිරිවෙනේ සහ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය බෙංගමුවේ නාලකාභිධාන ස්ථවිරයන් ඊයේ හෝ පෙරේදා මාධ්‍ය හමුවකදී දෙසා වදාළ කතාවක් ඩ්‍රැකියාගේ අවධානයට ලක් වුණේය.

“...මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කැඳවා ඇත්තේ තවත් අවුරුදු දෙකක ධූරකාලයක් ඉතිරිව ඇති අවස්ථාවකය. ඒ නිසා බැරිවෙලාවත් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනුවත්, තවත් අවුරුදු දෙකක් මේ රටේ ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ යි...”

බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් එළිවෙයි:

1. මෛත්‍රීපාල මහතා දිනන්නට ඉඩ තියෙන බව මේ උන්නැහැලා ගේ යටිහිත පිළිගන්න බව මෙයින් හෙළිවන්නේය.   

2. සමහර විට විදෙස් පුවත් ප්‍රකාශ කර ඇති ආකාරයට, මෛත්‍රීපාල මහතා දිනුවාට පසු ජනාධිපති ධූරය අත්නොහැර, ඒ මැතිවරණ ප්‍රතිඵල නිශේධ කිරීමේ අදහසක් මහින්ද මහතාගේ හිතේ ඇති බවට මේක හෝඩුවාවක් ද වන්නට පුළුවන.

3. භයාණකම ඇත්ත වන්නේ, මහරජාගේ සුභසිද්ධිය වෙනුවෙන් කටේ දිවේ නොගෑවෙන පරිදි අල්ලේ පළකර බොරු දෙසා බෑමට මෙකී දේශ මාමක සංඝ පීතෘවරුන්ට කිසි ම ආකාරයේ සීලයක්වත්, ලැජ්ජාවක් වත් නැති බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, දහඅටවන සංශෝධනය ද ඇතුළත් කොට සංශෝධනය කර ඇති අලුත්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඕනෑම කෙනෙකුට බාගත හැකි පරිදි ඇතුළත් කර තිබේ. (ලිංකුව මෙන්න) ඒ අනුව මෙම ප්‍රශ්නයේදී ගන්නා ක්‍රියාමාර්ගය සඳහන් කර ඇත්තේ මේ පරිද්දෙනි:

“...**[(3අ) (අ) (i) මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරා පත් කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය] ***[තම වත්මන් ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවසථාවක] ****[ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේ ය:

(ඈ) මේ අනුව්‍යවස්ථාව යටතේ පවත්වන ලද ඡන්ද විමසීමක දී ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇතැයි ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තා

(ii) එවකට ධුරය දරන ජනාධිපතිවරයා නොවේ නම්, ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබූ දිනයෙන් ආරම්භ වන අවුරුදු හයක කාලයක් ධුරය දැරිය යුත්තේ ය....”

(7 පරිච්ඡේදය - 31 (3අ) (අ) (1) වගන්තිය සහ (ඈ) (2) වගන්ති)

ප/ලි


පාලි විශේෂ වේදී බෙංගමුවේ නාලක හාමුදුරුවෝ කියවන්නට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමහර විට පාලියෙන් තිබුණු එකක් වන්නට ඇතැයි හිතී,  මං හොයා බැලූ නමුත්, හොයාගන්නට තිබුණේ නැත.

14 comments:

  1. මේ වාගෙ මුසාවාදයක් වත් නොකීවොත්,පැනල යන මීයො ටික නවත්තගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. පර පණ නසන රාජකාරියට පත් වෙච්ච අයට පිරිත් නූල් ගැටගහන සංඝයාට, මහරජ හිත සුව පිණිස පොඩි බොරුවක් කියන්න බැරිද, නේ...?

      Delete
  2. උඔට වැඩි ලස්සනට ගඡබින්නාලංකාරය එයා ලියනවා අයියන්ඩි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මෙන්ඩා, මට ඊරිසියයි...!

      Delete
  3. මම හිතන්නෙ ඒකට පූර්වාදර්ශයකුත් තිබෙනව. හිටපු ජනාධිපතිනියටත් තමන්ගෙ ඇරියස් අවුරුද්ද හම්බ උනේ නෑ, (ඒ අවුරුද්ද රැකගන්න ඇයගෙ දෙවැනි ධූර කාලයෙන් වසරකට පසු ඇය හොර රහසෙ දිව්රුම් දීමක් සිදුකරපු බව දැන් කවුරුත් දන්නව) වත්මන් ජනාධිපතිවරයා 2005 මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරල (මට මතක හැටියට) දිනකින් හරි දෙකකින් හරි ධූරයේ දිව්රුම් දුන්නා. ඒ අවස්ථාවේදි මේ ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා වගේ මතකයි. එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඒ කාලවකවානුව වන විට කටයුතු කරපු හැටි රටම දන්න නිසා ඔහුගෙන් ලැබෙන්න තිබුණු අර්ථ නිරූපණය ගැන අමුතුවෙන් හිතන්න දේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. අගවිනිසුරුට දිව දෙකයි... චන්ද්‍රිකාට එකක්, මහින්දට එකක්. ඒ හිටපු අගවිනිසුරු වරු දෙන්නටම වඩා අපකීර්තිමත් ඉතිහාසයක් තියෙන වර්තමාන අගවිනිසුරු මීට වඩා ලස්සන අර්ථ නිරූපණයක් දීලා, ඡන්ද ප්‍රතිඵල නිශේධ කරයි කියන අවදානම තමා දැන් තියෙන්නෙ.

      Delete
  4. එහෙමනම් මොන අහවල් එකකටද මෙච්චර කෝටි ගාණක් වියදම් කරන් ජන්ද තියන්නේ,දින්නත් පැරදුණත් උන්ට ඉන්න පුළුවන් නම්.?

    ReplyDelete
    Replies
    1. ඇයි මහරජා කිව්වෙ, “ප්‍රොජාචන්චරවාදෙට... මහින්ද චින්තන ඉදිරිදැක්මෙ තිබ්බ ඔක්කොම දේවල් කොරලා ඉවර හින්දා, අලුත් ප්‍රතිපත්ති වලට මහජන අනුමැතිය ගන්ඩ“

      (බම්බුව තමා...!)

      Delete
  5. මුන්නාන්සේ ඒ කාලේ හමුදා කඳවුරු වලට ආවම හැසුරුනේ බ්‍රිගේඩියර් වරයකු මෙනි. කවදාවත් මූනේ හිනාවක් මා දැක නැත.

    පාලියෙන් ලියා තිබුනත්, මුන්නාන්සේ දන්නේ පාලි හයියෙන් කීමට පමණි.

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවන්ගෙ බල්ලා, බල්ලන්ට රජ්ජුරුවො වෙන්න යනවා.

      මුන්ට ගහන්ඩ ඕනෙ පාලි හකෙන්...

      Delete
  6. පාලි එක නැත්තං ඒක සහිස්කුරුත වෙන්න බැං
    ටිකක්ත හොවල බලන්න තිබ්බෙ

    ReplyDelete
    Replies
    1. හෙව්වා මහේෂ්... සඟිස්කුරුතහ් අනේ බෑහ්...

      Delete
  7. බලෙන් හිටියොත් බලෙන් පන්නනවා..............
    ව්‍යවස්තාවට පයින් සා ජනාධිපතිවරණය කැදවා කරගත් මෝඩකමක්.........
    අහෝ රාජකීය දෙෙවඥයා.......
    ජෝතිෂ්‍යය බොරුකළ දෙෙවඥයා.......

    ReplyDelete
    Replies
    1. ///බලෙන් හිටියොත් බලෙන් පන්නනවා///
      අපිට අපේ නොවන... අපේම පාලකයෙක් හිටියා... කියලා කියන්නත් පුලුවන්.
      ඇත්තට මේ අපකීර්තිමත් පාලකයා එළවන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයතින් බැරි උනොත්, ජනතා නැගිටීමක් තමා ඊළඟට එන්නෙ.
      ජෙනරාල් ෆොන්සේකාකිව්වෙ, “ඉස්සෙල්ලා මිලිටරි ජෙනරල් - ඊට පස්සෙ සෙකට්‍රි ජෙනරල් - ඊළඟට පබ්ලික් ඉන් ජෙනරල්“

      රාජකීය දෛවඥයා විතරක් නෙවෙයි, රාජකීය වන්දි භට්ටයොත් රජාව අන්දලා තියෙන්නෙ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි