Friday, December 19, 2014

ලංකාවෙ යහපාලනයක් නැද්ද...?

http://www.apubb.ro/goodgovernancestudies
/wp-content/uploads/2014/01/Good-governance-V2.jpg

2010 දී හෙවත් ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය හමාර කොට ලංකාවේ සමස්ත භූමි භාගයම ශ්‍රී ලංකාණ්ඩුවේ පාලනයට යටත් කර ගත් උණුසුමේ පැවති ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව තරඟ කළ, යුද්ධය දිනන විට යුධහමුදාවේ හිටපු හමුදාපති, තරු හතරේ ජනරාල් වරයෙකු තත්ත්වයට උසස් වූ, සරත් ෆොන්සේකා මහතා කියූ ප්‍රධානතම වචනය වූයේ යහපාලනයයි. (ඇතැම් මාධ්‍ය වලට අනුව නම් ෆොන්සේකා මහතා වැඩියෙන්ම කියා ඇත්තේ, වහලවල් දිගේ බඩගාන නිශාචර සිවුපා සතෙකුගේ නමකි) 

දැන් ෆොන්සේකා මහතාගේ ද සහාය ඇතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ජනාධිපතිවරණයට තරඟ වදින මෛත්‍රීපාල සිරිසේන මහතාද කියන්නේ ලංකාවේ යහපාලනයක් නැති බවය. ඒ අනුව එතුමා බලයට පත්වූ විට ලංකාවේ යහපාලනය ඇති කරන බවට පොරොන්දු වන බව සැළකිය හැකිය.

යහපාලනය ගැන කතා කරන මෛත්‍රීපාල මහතා සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වන විට කලින් දැනුම් දීමක් නොකළ නිසා, එතුමා ළගත් ඇති යහපාලනයක් නැති බව ලංකාවේ ප්‍රධාන පුරවැසියන් කීප දෙනාගෙන් එක් අයෙකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කතාවක් ද කළේය.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිර්වචනය අනුව, යහපාලනය අංග අටකින් සමන්විතයි:

1. පොදු එකඟතාවය (Consensus Oriented)
2. සහභාගීත්වය (Participatory)
3. නීතියේ පාලනය (following the Rule of Law)
4. ඵලදායීතාව සහ කාර්යක්ෂම බව (Effective and Efficient)
5. වගවීම හෙවත් උත්තරදායී බව (Accountable)
6. විනිවිදභාවය (Transparent)
7. ප්‍රතිචාරාත්මකබව (Responsive)
8. අපක්ෂපාතීබව හා පාලනයට සියල්ලන් ඇතුළත්කරගැනීම (Equitable and Inclusive)
(උපුටාගැනීම - විකිපීඩියා)

ඒ අනුව:
1. ජනතාවගේ පොදු එකඟතාවය අනුව රටේ පාලනය ගෙනයාම, 
2. මහජන නියෝජිතයන්ගෙන් බහුතරය රටේ පාලනයට නීති සකස් කිරීම සඳහා යොදා ගැනීම,
3. නීතියේ පාලනයට සියල්ලන්ම සමානව යටත් වීම,
4. රටේ ආර්ථිකයේ සිදුවන සෑම කාර්යයකම ඵලදායිතාව (පිරිවැයට සරිලන ප්‍රතිලාභ) තිබීම සහ ඒවා කාර්යක්ෂමව (අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක්) ඉටු කිරීම,
5. ආර්ථික කළමණාකරණයේ සහ රාජ්‍ය පාලනයේ සියළුම කාර්යයන් විගණනයට ලක් කිරීම සහ ඒවා සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් උත්තර දිය යුතු තත්ත්වයක් පවත්වා ගැනීම,
6. සිදු කරන සෑම කාර්යයක්ම නියමිත රීති කාර්ය පටිපාටි වලට අනුකූලව සිදු කිරීම,
7. දේශයේ වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීම,
8. පාලන තන්ත්‍රය සියල්ලන්ට අපක්ෂපාතී වීම සහ ඊට පක්ෂ විපක්ෂ සියල්ලන්ම ඇතුළත් කර ගැනීම.


ඉතිං මේවා ලංකාවෙ තියෙනවද / නැද්ද?

තීන්දුව ඔබේ - උපකාරය අපෙන්...!

11 comments:

  1. ඩ්‍රැකියෝ තරු හතරේ ජනරාල් ලා ලංකාවේ නැත......... ජනරාල් කියන්නේ කඩුවයි කොපුවයි, තරුවයි, රාජ්‍ය ලංජනයයි........... මං වැරදිද මන්දා..........................

    ReplyDelete
    Replies
    1. මාත් හරියට දන්නෙ නෑ. විචාරක මහත්තයගෙන් තමා අහන්න ඕනෙ.

      Delete
    2. කුරුටු හරි.
      http://www.globalsecurity.org/military/world/sri-lanka/rank.htm

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. One star = Brigadier
      Two star = Major General
      Three Star -= Lieutenant General (Army Commander - Sri Lanka)
      Four Star = General
      Five Star = Field Marshal

      Delete
    5. ස්තූතියි කැන්ඩියන්

      Delete
  2. මරා ගෙදර යවා මයි3 බලයට පත් කර බලමු...කොහොමත් මේ කාලකන්නි හොරු එළවිය යුතුම එවස්ථාවක්...

    ReplyDelete
    Replies
    1. මේ ඡන්දෙදි මරා නීතියට හිස නමා, ගෙදර නොගියොත්, මරා ගැනිල්ලක් තමා වෙන්නෙ..,!!!

      Delete
  3. 7 නං තියෙනවා වගේ. ඒකත් දේශයේ නෙමේ ජනතාවගේ.

    ReplyDelete
    Replies
    1. ජනතාවගෙ යහපාලනයත් නැතිවෙයි මරා තුන්වෙනි පාර ආවොත්. bloodbath තමයි අන්තිමට...

      Delete
  4. "ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනැම නැත" කියන තියරිය මරාටත් අදාල විය යුතුයි.. නැත්නම් අපිටත් අසාඩ් කෙනෙක්, ගඩා‍ෆි කෙනෙක් තමා ඉතුරු වෙන්නෙ..

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි