ලබ්බෙ කානිවල් එක - ගජබින්නාලංකාරයේ තවත් හරවත් කොටසක්...

කලකට පස්සේ වෙලකට බැස්සේ කියාගෙන, ඩ්‍රැකියා ආපහු බ්ලොග පැත්තට ආවා. ඩ්‍රැකියාගෙ සූර වීර මුතුන් මිත්තන්ගෙ කෙරුවාවල් ගැන ඩ්‍රැකියත් එක්ක ඉන්න හැමෝම දන්නවනෙ. දන් නැති කෂ්ඨිය මෙතනින් ගිහින් කියවලම ආවොත් පංකාදුයි...

මේං ලිංක් එක කලින් කතා වලට

ඩ්‍රැකියගෙ බාප්පා කන්තලේ හිටිය කාලේ, එක සැරයක් කානිවල් එකක් ආවනෙ කන්තලේ ටවුමට. කානිවල් එකක් ය කියන්නේ, ඒකෙ තිබ්බා අරුම පුදුම දේවල් පෙන්නන ප්‍රදර්ශනයක්, සර්කස් එකක් එහෙමත්. ඉතිං කන්තලේ වැසියන්ට බාප්පගෙ හේනෙ තිබ්බ බෝග ජාති එහෙම දැකලා පුදුමයක් නොවුනට, කානිවල් එකට ආව සෙනගට පුදුමයක් වෙන්න පුළුවන් ය කියලා, බාප්පත් මිරිස්, වට්ටක්කා, පතෝල වගේ එයාගෙ හේනෙ තිබ්බ බෝග වර්ග අර ප්‍රදර්ශනේට ඉදිරිපත් කළා. ඒකෙන් පළමුවෙනි තැනට ආවෙ බාප්පගෙ හේනෙ තිබ්බ දියලබු ගෙඩියක් තමා ඕං.

http://jangun.files.wordpress.com/2012/04/labukendit.jpg
මේ පින්තූරෙ නොකියා ඉස්සුවට විචාරක තුමාට
අපගේ බලවත් වෙරි සොරිය 

කානිවල් එකේ අන්තිම දවසෙ තිබ්බා සංගීත ප්‍රසංගයක්. ඒකාලෙ හිටිය නැගල ගිය හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, වල්පොළ යුවළ වගේ ගායක ගායිකාවො ඔක්කොම ආව ඒ සංගීතෙට. ඒත් කරුමෙ කියන්නෙ, එදා උදේ ඉඳං මුරුගසං වරුසාව වගේ වැස්සක් ඇද හැළෙන්න ගත්තනෙ.

ඉතිං සංවිධායක කණ්ඩායම දහ අතේ කල්පනා කරද්දි තමයි, බාප්පා අර පළවෙනි තෑග්ග හම්බ වුණ ලබුගෙඩිය අරං යන්න ලෑස්ති වෙන හැටි දැක්කෙ. ඒ ලබ්බ කොච්චර ලොකුද කියනවනං, ඔතෙන්ට ගෙනාවෙත් අලි හතර දෙනෙක් බැඳපු කරත්තෙක. කරත්ත කාරයත් බර ගාණක් ඉල්ලනවලු ආපහු ලබු ගෙඩිය ගෙදර අරං යන්න.

ඒ අතරෙ සංවිධායක කට්ටිය බාප්පගෙන් බර ගාණකට අර ලබුගෙඩිය ඉල්ලුවලු. බාප්පත් ඔය කිසිම ලෝබ කමක්, කපටිකමක් නැති හරිම යහපත් මනුස්සයා හින්දා, ඒ කාලෙ වටිනාකම හැටියට රුපියල් දාහකට අර ලබු ගෙඩිය දීලා දැම්මලු. (මං කියන්නෙ එක්දාස් නමසිය හැටේදි විතර)

අන්තිමේ අර සංගීතෙ තියන ස්ටේජ් එක ගැහුවෙ ලබු ගෙඩිය ඇතුලෙ. සංගීතෙ බලන්න ආව දාහක් විතර සෙනගටත් ඒ ලබ්බ ඇතුලෙ අත පය දිග ඇරලා නටන්න ඉඩ තිබ්බා. කොච්චර තදින් වැස්සත් කිසි කරදරයක් නැතුව සංගීතෙ නැගලා ගියා.

අර වරුසාවත් අතෝරක් නැතුව වැහැලා වැහැලා අන්තිමේ කන්තලේ ටවුමට ගං වතුර දැම්මා. ලබු ගෙඩිය ගං වතුරේ පාවෙලා පාවෙලා ගිහිං, ගඟට වැටුණා. ගඟේ පාවෙලා යද්දි, ගං ඉවුරෙ ඉඳං ගොදුරු හොයන තඩි කොකෙක් ඕක දැකලා, එක පාරටම, ඒක තඩි හොටෙන් අල්ලගෙන ගුඩුස් ගාලා ගිල්ලා.

ඒ කොකා අර ලබ්බ දිරවගන්න බැරුව, (හරියට මහින්ද උන්නැහැට පළවෙනි ජනාධිපතිවරණෙදි ඡන්දෙ දීපු ඡන්ද දායකයෙක් වගේ) ගං ඉවුරෙ ලැගල ඉද්දි, දඩයමේ ගියපු සුවාතට හම්බ වුණා. සුවාතගෙ වෙඩි පාරෙන් අර කොකා මැරිලා ගඟට වැටුනා. සුවාතට ඌව අල්ල ගන්න බැරි වුනා.

අර කොකා පාවෙලා පාවෙලා ගිහිං මුහුදට වැටුණා. මුහුදෙ හිටිය පතරංග සයිස් මාළුවෙක් අර කොකාව ගිල්ලා. ඒ මාළුවා කොකා දිරවගන්න බැරුව උඩ පාවෙවී ඉද්දි මුහුදු ගිය අන්දිරිස් ආතගෙ දැලට අහුවුණා. අන්දිරිස් ආතත් අර තඩි මාලුවව ගෙදර අරං ගිහිං ආච්චිට දුන්නා ඌව කපලා අහළ පහල හැම ගෙදරකටම බෙදන්න කියලා.

ආච්චිත් බණ්ඩි කියත අරං අන්දිරිස් ආතත් එක්ක එකතු වෙලා මාලුවගෙ බඩ පැලුවා. එතකොට අර පත සයිස් කොකා මතුවුණා. ඒපාර අර දෙන්නා කොකාගෙ බඩ පැලුවා. එතකොට බාප්පගෙ ලබු ගෙඩිය එළියට පෙරලිලා ආවා. ආච්චිටයි ආතටයි මාර හැපි. මොකද දැන් බතට හරියන්න මාළුයි, මසුයි, එළවළුයි තුනම හරි. ඊළඟට දෙන්නා කළේ, අර ලබු ගෙඩිය පළපු එකයි. ඒ පළනකොටත් සංගීත ප්‍රසංගය ජයටම යනවා ලබු ගෙඩිය ඇතුලේ.

ප/ලි
මේ පට්ටපල් ඇත්තම ඇත්ත කතාව කොච්චර ප්‍රසිද්ධියට පත් වුණාද කියනවනං, අන්තිමේ කුමාරොදය වගේ පොත් වලටත් ඇතුල් වුණා. කටින් කට යද්දි ඔරිජිනල් කතාවෙ විස්තර වෙනස් වෙලා ලබු ගෙඩියේ යාගය කියලා තමයි දැන් කියන්නෙ. ඒ වුණත් කන්තලේ බාප්පගෙ හේන තිබ්බ පළාතේ තාමත් කටවහරෙ තියෙන කියමනක් තමා, ‘‘ලබ්බෙ කානිවල් එක වගෙයි‘‘ කියන කතාව

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි