සුරංචියා වීරවංශ ගේ මහා මගඩි නාටකය

http://sunandadeshapriya.files
.wordpress.com/2013/06/wimal.jpg

කෙටියෙන් කියන්නට මහා දිග කතාවක් ඇත.

ලංකාවේ ජනතාව ගෙවන බලු බළල් ජීවිත වලට වග කිව යුතු මූලික ප්‍රශ්නය, රට පාලනය කරන ජඩ දේශපාලනික සම්ප්‍රදාය බව අමුතුවෙන් කීමට ඕනෑ කර ඇත. මොකද, මඩ වලේ ඉන්නා ඌරන්ට මඩ ගඳ දැනෙන්නේ නැතුවා ව‍ාගේම, ලංකාවේ මහජනතාවගෙන් බහුතරයකට තමන් භුක්ති විඳන ජන ජීවිතයේ ඇති ප්‍රශ්න පේන්නේ නැත. ඒ ප්‍රශ්න වලින් බොහොමයක් පහතින් සටහන් කරන්නට වෑයම් කරන්නෙමි.

1. විදුලි බිලේ ඉඳ පොඩි එකාගේ කිරිපිටි දක්වා පාරිභ‍ෝගික භාණ්ඩ වලින් ආණ්ඩුව අපිව සූරාකෑම,
2. ජනතාවට, පරිසරයට, වෘත්තියට, අධ්‍යාපනයට කෙළවන්ඩ යන විට ඊට විරුද්ධව නැගී හිටින උන්ට වෙඩි තියා, ඔළු පැලෙන්නට පහර දීමට පීඩිත පන්තියේම කොටසක් වෙන හමුදාව හෙවත් හිටපු රණවිරුවන් උසිගැන්නීම,
3. පාරක තොටක යන්නට බැරි තරමට නීතියේ පාලනය බල්ලට යවා තිබීම,
4. චීනය වගේ බලවතුන්ට ඕනෑ විදිහේ සංවර්ධන ව්‍යාපෘති කරමින් රටේ ණය බර වැඩිකරමින්, කොමිස් ගැහීම,
5. බලු සේනා වලින් අන්තවාදී අදහස් අවුස්සා, පෑගෙන පංතිය භේද කිරීම,
...

මතක් කරමින් ලියන්නට ගියොත්, "මහින්ද හිංසන ඉදිරිදැක්මේ" ඇත්තටම ක්‍රියාත්මක වෙන කරුණු ලියලාම මට පෝස්ටු දහයක් විතර ලියන්න පුළු‍වන් වෙතැයි හිතේ. පීඩනය කොතෙක්ද කියතොත්, හරියට කල්පනා කරන විට අද හෙටම ලිබියාවේ, ඊජිප්තුවේ වගේ ජනතා නැගීටීමක් ඇති වෙන්නටත් පුළුවන් තරමේ ජනතා පීඩනයක් දකින්නට තිබේ.

එහෙව් රටක විපක්ෂය බම්බු ගහමින් ඉන්නා අතරේ පොඩි පොඩි සංවිධාන මට්ටමින් හරි ජනතාව පාරට බහින්න පටන් ගන්නා විටම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන් මොකක් හරි නාඩගමක් පටන් ගනිති.

එක වංගියක් හලාල් ප්‍රශ්නයක් උඩ නැටුවෝය. ලයිට් බිලට එරෙහි සටන වෙලාවේ හරක් මැරිල්ලට විරුද්ධව පෙළපාලි යාම පටන් ගත්තේය. දැන් විමල් ගොයියා රටට කිසි පළක් නැති යෝජනා 12 ක් ලැයිස්තුගත කරගෙන ආර්ථික ඝාතකයෙකුට එරෙහිව නටන්නට පටන් ගෙන තිබේ.

මඩොල් දූවේ මගඩි නාටකය රටේ බහුතරයක් දෙනාට මතක ඇත.

මගඩි නාටකය කියා පෝස්ටර් ගසා, ටිකට් විකුණා, ස්ටේජ් ගසා, නිළියක් ගෙනැවිත් පෙන්නා, සුරංචියා සෑහෙන සල්ලියක් හම්බ කරගත්තේය. මිනිස්සු ටික නාටකය බලන්නට ඇවිත් නාටකය පරක්කු වෙනකොට "අපේ සල්ලිවත් දියව්" කියා කෑගහන්නට පටන් ගත්තෝය. එතකොට සුරංචියාගේ කොළර් එකෙන් අල්ලාගත් පොලිස් කාරයෝ දෙන්නෙක් එළියට ඇවිත්, මූ හොරෙක්ය කියා එළියට ඇදගෙන ගියායින්, මිනිස්සුන්ගේ කෝපය තරමක් සංසිඳුනේය.

පස්සේ එළි වුන විදිහට ඒ හොරා පොලිස් කාරයොත් සුරංචියාගේම ගෝළයන් දෙන්නෙකි.

විමල් උන්නැහැ දැන් යටිගිරියෙන් කෑගහමින් ආර්ථික බිල්ලන් පෙන්නන්නේ අර සුරංචියාගේ මගඩි නාටකය වගේම, මිනිස්සුන්ගේ කෝපය වෙන පැත්තකට එල්ල කරවා, මිනිස්සු වෙනුවෙන් ඉදිරි‍පත් වෙනවා කියා පෙන්නාගෙන, ජනතාවගේ කෝපය සංසිඳුවා, මහරජාගේ කලදවස යහපත් කරලා දීමට බව හොඳින් ඇස් ඇර බැලූ කෙනෙකුට පෙනේ.

http://bandaragama.files.wordpress.com/2008/10/c1.jpg

කන්තලේ මහ වන මැද - ගජබින්නාලංකාරයෙන්...

ගජබින්නාලංකාරයේ පාඨකයන් හට ඩ්‍රැකියාගේ හත්මුතුපරම්පරාවේ වීරක්‍රියා ගැන අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැතැයි සිතෙන්නේය. බාප්පාගේ මිරිස් වගාව, වට්ටක්කා, පතෝල සහ දියලබු පළදාව, අලිමාලය, සුවාතාගේ දඩයම්, ඉර හඳ ඇතිවුණ හැටි, අන්දිරිස් ආතාගේ මුහුදු වික්‍රම, බාප්පයි තාත්තයි ළිඳක් කැපූ හැටි ආදී ඇත්ත කතා මීට කලින් පෝස්ටු වලින් කියවා ගත හැකිය. මුල සිට සරළව කියවීම සඳහා ලිංකුව මෙතැනඇත.

අද ඩ්‍රැකියාගේ අඩවියට පිවිසෙන ඔබට කියා හිටින්නේ, ඩ්‍රැකියාගේ තාත්තයි බාප්පයි දෙන්නා කන්තලේ මහ කැළේ ගස් කපන්නට ගිහින් වෙච්ච ඇත්තම ඇත්ත සිද්ධියක්.

http://deehymn.homestead.com/files/thetreetop.jpg


සති ගාණක් තිස්සේ සාමාන්‍ය තරමේ ගස් කපලා කපලා එපා වෙලා හිටපු තාත්තයි බාප්පයි දෙන්නා, අතේ පයේ හිරි අරින්නත් එක්ක තමන්ගේ තරමට හරියන ගහක් හොයාගෙන එක දවසක් කැළේ මැදටම යන්න පිටත් වුණා. වාඩියෙ හිටපු අය අතරින්, අපේ ගමෙන් ගියපු ලප සාන්ති මාමයි, රජා හෙවත් විල්බටුයි, සාන්තිගෙ අයියා වුණ මහත්තයා මාමයි විතරයි මේ දෙන්නා එක්ක මේ ගමනට එකතු වුණේ. සෑහෙන දුරක් ගියාට පස්සේ, කන්තලේ ඔය අසබඩ තිබ්බ කන්දක් ගාවට ඒ කට්ටිය ළං වුණා. ළං වුණහම තමයි දැනගත්තේ ඒ කන්දක් නොවෙයි, සරුවට හැදුණු අවුරුදු දෙතුන් දාහක් වත් පරණ විශාල කුඹුක් ගහක් බව. ඒක නම් තමන්ගෙ තරමටම ගැලපෙන අභියෝගයක් බව සහෝදරයො දෙන්නට තේරුණා.

මේ ගහ කපන එකේ, ප්‍රයෝජනවත් දෙයකුත් වෙන්න කියලා, කට්ටිය කල්පනා කළේ, ගහ ගඟ හරහට කපලා දාලා, විශාල ඒදණ්ඩක් විදිහට භාවිතා කරන්නයි. අඩි දාහක් විතර උස ගහකට කඹයක් දාන්නත් පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ නිසා තාත්තා යෝජනා කළා, ගඟ පැත්තෙ කැපුම් කට්ටය පහතට හිටින විදිහටත්, ගොඩ පැත්තෙ කැපුම් කට්ටය ඊට වඩා ඉහළින් හිටින්නත් කපලා, ගුරුත්වාකර්ෂණයෙ උදව්වෙන් ගහ තමන්ට ඕනෙ පැත්තට පෙරළගන්න.

ඔන්න ඉතින් ලෝකෙ දිගම කතාව වගේ, මේ කට්ටිය මාරුවෙන් මාරුවට ගහ කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා,...

තාත්තා මුලින්ම පොරොවෙන් කොටන්න ගත්තා. පැයක් විතර කොටලා, කොටලා, බාප්පට දුන්නා. බාප්පා කොටලා ලප සාන්තිට, එයා රජාට ආදී වශයෙන් ගහට කෙටිල්ල මාරුවෙන් මාරුවට කෙරීගෙන ගියා. බාප්පගෙ මිරිස් වගාවෙදි කිව්වා වගේ, මේ කට්ටියම තමන්ගෙ පොරෝ වලට මිටවල් ගහලා තිබ්බෙ ගංජා ගස් වලින්. ඉතින් පටන් ගත්ත වැඩේ එක දිගටම නවත්තන්නෙ නැතුව කරගෙන යන්න පුළුවන් වුනා.

දවල් කෑමට වුනත් කෂ්ටිය වැඩේ නැවැත්තුවෙ නෑ. පාන්දරින් ඔතාගෙන ආව බත්මුල් දිග ඇරගෙන කෑවෙත් මාරුවෙන් මාරුවට.එක්කෙනක් ගහට කොටන අතරෙ, අනිත් අය තමන්ගෙ පොරෝ මුවහත් තියාගත්තා. කොච්චර වාර ගාණක් මුවහත් කළාද කිව්වොත්, පීරි ටික කන් හැඳි තරමටම ගෙවිලා ගියා.

ගහට කෙටිල්ල කොච්චර සූර වීර විදිහට කෙරුණත්, එදා රැ වෙනතුරුත් කපන්න පුළුවන් වුනේ ගඟ පැත්තෙ කැපුම් කට්ටෙ විතරයි. රෑ බෝවේගෙන එද්දි, ගහට කොටද්දි විසි වෙන පතුරු එකතු කරලා මහ ගිණි මැළයක් ගහගෙන, රෑ තිස්සෙත් ගහ කපන්න තමයි කට්ටිය හිතාගෙන උන්නෙ. ඒත් රෑ දහය විතර වෙද්දි අකුණු ගහගෙන මහා ධාරානිපාතයක් වහින්න ගත්තා. ගිණිමැලේ චූස් ගාලා නිමිලා ගියා. ඉතින් කට්ටිය බොහොම අකමැත්තෙන් වුනත් තීරණය කළා වැඩ නවත්තලා, එදා රෑ ගහේ කැපුම් කට්ටෙ ඇතුලෙම ගත කරන්න. ඒ කැපුම් කට්ටෙ ඇතුලෙ පස් දෙනාට හොඳට අතපය දිග ඇරලා නිදාගන්න වුණත් ඉඩ තිබුණා.

ඒත්, ගිණිමැළයක් ගහගන්න විදිහක් තිබ්බෙ නෑ. ඉතින් තාත්තා මොකද කළේ, මොකක් හරි අරිෂ්ඨ වාගෙයක් දාගෙන ගිය බෝතලයක් අරගෙන, ඇබේ ගළවලා, එළියෙන් හිටෙව්වා. අකුණක් ගහන කොටම දුවල ගිහින් බෝතලේ ඇබේ ගැහුවා. අර ගහපු අකුණෙන් කොටහක් අර බෝතලේ ඇතුලෙ. ඇබේ වහපු නිසා පිට වෙන්න බෑ. වොට් දාහෙ ෆ්ලෑෂ් ලයිට් දහයක විතර එළියක් ඒ බෝතලෙන් ලැබුණා.

ඒ එළියට තමයි දැක්කෙ, වැස්සට ගඟේ හිටිය අලි කූඬැල්ලො රංචු පිටින් ගහ වට කරගෙන උඩට ඇදෙන බව. අපි අහල දැකලා තියෙන මීහරක් කූඬැල්ලන්ටත් වඩා ලොකු, මේ අලි කූඬැල්ලො, එකෙක් අඩි දෙකක් විතර දිගයි. ඉතින් බාප්පා කරපු දේ, තමන්ගෙ ජටාව බැඳගෙන හිටපු ලේන්සුව ගළවලා, ගහ වටේටම මිරිකුවා. ඩ්‍රැකියට වගේම බාප්පටත් ගොඩක් දාඩිය දානවා. ඉතින් බාප්පගෙ ජටාවෙ තිබ්බ දාඩිය කොච්චරද කියනවනං, ඒ ලුණු ගතියට අර කූඬැල්ලන්ට ගහට කිට්ටු වෙන්නවත් බැරි වුනා. ළඟින්ම හිටිය සමහර කූඬැල්ලො මැරුණා.

ඒ අතරෙ ලප සාන්ති මාමා කෑගහන්න ගත්තා, මොකක්දෝ දිළිසෙන ඇස් දෙකක් දැකලා, “මේක දෙයියන්නෙ අඩවිය ද දන්නෑ. අපි මේ ගහ කපපු එක නරකයි. අන්න දෙයියො බිමට වැඩලා...“ කියලා. බාප්පා කරපු දේ, අර මැරිලා හිටිය කූඬැල්ලෙක් අරගෙන, එක කොණකින් අල්ලලා, අනිත් කොණට පුවක් කෑල්ලක් තියලා ඇදලා අත ඇරියා - පොඩි ළමයි රබර් පටි වලින් සෙල්ලම් කරනවා වගේ - අර දිළිසෙන ඇස් දෙක මැද්දට. ඒක වැදුණා විතරයි “බෑඈඈ“ ගාගෙන අර ඇස්දෙක බිම වැටුණා. මොකද්ද ඒ කියලා බලන්න තාත්තා අකුණු බෝතලේ උස්සලා ඒ පැත්තට ඇල්ලුවා. එතකොටයි දැක්කෙ ඒ තඩි ගෝණෙක් බව. ඌ එකපාරින්ම මැරිලා වැටිලා, අර පුවක් කෑල්ල වැදිලා.

ඉතින් කොහොමින් කොහොමින් හරි එදා රෑ ගහේ කැපුම් කට්ටෙ ඇතුළෙ ගත කරලා, පහුවදාට එළි වුණා. එදා උදේට මහත්තයා මාමා බොහොම රසට පුළුස්සලා දීපු ගෝනමස් කාලා, කට්ටිය ආයෙත් පටන් ගත්තා ගහ කැපිල්ල. හැන්දෑ වෙද්දි ගහ කපලා බිම දාන්න පුළුවන් වුනා. පළාතම දෙදරවාගෙන දැවැන්ත කුඹුක් ගහ ගඟ හරහට ඇදන් වැටුනා. කට්ටියම උඩ ගිහින් බිම වැටුනා ඒ ගහ වැටෙද්දි. ඉතින් හැමෝටම හරිම ජොලියි. ඔක්කොමල්ලා ගහ දිගේ ගඟෙන් එගොඩට දිව්වා. ඒ දුවද්දි ගහේ මැද හරියෙ තිබ්බා බෙණයක් බාප්පගෙ කකුළක් ඒ බෙණේට වැටුණෙ අහම්බෙන්. බාප්පා කකුල ඇදල ගනිද්දි, කකුලෙ පැටලිලා මොනවදෝ පොට්ටණියක් එලියට ආවා. ඒක දිග ඇරලා බලද්දි ඒකෙ තිබ්බෙ, එක එක වර්ග වල එළවළු ඇට සහ අංකුර. වට්ටක්කා, පතෝල, දිය ලබු, මිරිස් වගේ ඇට වර්ගයි, හබරල, කිරිඅල වගේ අංකුරයි.

ගහේ මුදුන, ගඟේ එගොඩටත් වඩා තව හැතැම්මක් විතර දුර තමයි තිබුනෙ. ඒ තරම් ඒ ගහ උසයි. තාත්තා තමයි ගහේ මුදුනට ඉස්සෙල්ලම ළං වුනේ. ගහේ මුදුනෙ තිබ්බ දේ දැකලා තාත්තා පුදුම වුනා වගේම, ගස් කැපිල්ල අත් අරින්නත් තීරණය කළා.


ගහේ මුදුනෙ තිබ්බා තවත් බෙණයක්. ඒ බෙණේ ඇතුලෙ මුවො තරම් ලොකු හා පැටව් තුන් දෙනෙක් හිටියා ඇස් ඇරලවත් නැති. ලප සාන්තියි, බාප්පයි උන් තුන් දෙනා මස් කරලා කදක් බැඳගෙන වාඩියට ගෙනාවා. ආපහු වාඩියට එන අතරේ, තාත්තා දිගින් දිගටම කල්පනා කරද්දි තමයි තේරිලා තියෙන්නෙ, ඒ පැටවු තුන්දෙනා හඳේ හාවගෙ පැටවු කියලා.

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි