Thursday, April 23, 2015

බාප්පගෙ කතන්දර - අංක 2

බාප්පා තමන්ගෙ දුවයි පුතයි නින්දට යනකන් කියපු කතන්දරයක් මීට කලින් පෝස්ටුවකින් කියෙව්වා මතක ඇති. අද ඒ කතන්දරයේ ඉතිරි කොටස...

http://www.sundaytimes.lk
/030810/images/fun7.jpg

කොක්කු දෙන්නට ටැංකිව් කියන්න ගිහිං ඉබ්බා කෝට්ට අත ඇරිලා බිමට වැටුණා. බිමට වැටිච්ච පාරට උගෙ කකුලක් ඇමැට්ටි උනා. ඒකට බෙහෙත් ගන්න ඌ වෙදමහත්තයා ගාවට ගියා. වෙදමහත්තයා එයාගෙ ගෝලයො වෙච්ච ගිරව් දෙන්නෙකුට කිව්වා ඉබි කකුලට බෙහෙත් කරන්න කෝඳුරු තෙල් හොයාගෙන එන්න කියලා.

ඉබ්බට බෙහෙත් හොයන්න ගිරව් දෙන්නා දෙපැත්තකට පියාඹලා ගියා. එක ගිරවෙක් තාපසයො වගයක් ඉන්න හරියකට ගිහිං බොහොම ධාර්මික විදිහට හැදුනා. අනිත් ගිරවා ගියෙ කැලේ හොරු හතර දෙනෙක් ගාවට. ඒ ගිරවා මහ දාමරික විදිහට හැදුනා.

ඒ හොරු රැළ දවසක් හොරකමේ යද්දි වෙල් යායක් මැද්දෙන්, ඒ වෙලේ ගොයම් කකා හිටපු අලියෙක් දැක්කා. හොරු හතර දෙනා ඒ අලියගෙ වලිගෙ එල්ලුනා දිවිය ලෝකෙ යන්න හිතාගෙන. ඒ වුනාට අලියා උන්ට පයිං ගහලා කැලේට දිව්වා.

අලියා දුවනකොට, හම්බවුනා අර ඉබ්බට පැරදිච්ච හාවා. ඒ හාවට හම්බවුනා ලබු ඇට දෙකක්. ඌ ඒ ලබු ඇට දෙක අරං යද්දි අත් වල කොහොල්ලෑ ගාගත්ත නරියෙක් මුණ ගැහුණා. හාවා ඌට හමුබවුනු ලබු ඇට දෙකෙන් එකක් නරියට දුන්නා.

දෙන්නම ඒ ලබු ඇට ගෙනෙහිං හිටෙව්වා. හාවා ලබු ඇටේ හිටෙව්වෙ පාත්තියක. ඒකට ඌ උදේ හවස වතුර දැම්මා. අන්තිමේ වතුර වැඩි වෙලා ඒ ලබු ඇටේ පැළවේගෙන එද්දි මුල් කුණු වෙලා මැරුණා.


නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. 

“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)

ඉතිරි කොටස ළඟදීම... (ඒ කියන්නෙ කතාව එතන ඉඳං ‍අමුණගන්න තාම බැරි උනා)

42 comments:

  1. ඉතිං බං කවද්ද ඕක හමුනන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ කොටස උඹට අමතක වෙලා ගියාට පස්සෙ...

      Delete
    2. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
    3. මම ඒ වීඩියෝව දැක්කෙ නෑ. බලු වැඩක් තමා.

      Delete
  2. අය්යෝ.. පිස්සු වගේ මං බාප්පත් එක්ක වනගත වෙනවා .....

    ReplyDelete
    Replies
    1. බාප්පා එක්ක කන්තලේ යමං... :-)

      Delete
  3. දැං එතකොට ඉබි කකුළට බෙහෙත් කරන්නෙ පොලීසියෙන් ද?

    ReplyDelete
    Replies
    1. කැම්පස් කොල්ලන්ගෙ කොඳු අත පය වලට මිසක්, ඉබ්බන්ගෙ කකුල් වලට නං පොලිසියෙන් බෙහෙත් කරනවයි කියල මං හිතන්නෑ.

      Delete
  4. බාප්පට පොඩි මෙන්ඩාගේ නෑ කමක් තියනවා ඇයි දන්නවද මම කතාව අමුනනකොට පොඩ්ඩා කතාවේ ඉතුරැටික අමුනනවා..
    එල ද බ්‍රා
    මේ ක්‍රමය බොලෝග්වල වෙනසක්

    ReplyDelete
    Replies
    1. නෑ බං... දැන් හැදෙන පොඩි උන් හෙන ඇඩ්වාන්ස්ඩ්. අපි මොකක් හරි හිතනකොට උන් ඒක අල්ලගෙන ඩිවලොප් කරනවා...

      ටැංකිව් බං... එතකොට බ්‍රෑන්ඩ් එක?

      Delete
    2. ප්‍රසා නොහොත් දෙමල නයන්න මරනවා උඔ
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. ප්‍රසා මරන්න කී දෙනෙක් නං ට්‍රයි කොළාද? ඌ පණපිටිං ගිණී තියන්නත් ගියා මාරයා...

      Delete
    4. මම අපේ කෙළීට නින්ද යන්න කිව්වේ එළු පැටියයාගේ කතා සීරීස් එකක්. ඒවත් මේ වගේ තමයි. සමහරක් වෙලාවට මට නින්ද යන්න ගිහිං වෙන වෙන වචන කියවෙනවා. නිදිමත නැතිව ඉන්න පොඩි එකී අහනවා එහෙම වුණේ කොහොමද කියලා.

      Delete
    5. දාන්නකො සුදික බ්ලොග් එකේ, (ඇවිද්ද පය) එළුපැටියගෙ සීරිස් එක අහන්න අපිත් ආසයි...

      Delete
  5. මේ පාර නිවාඩුවට ගෙදර ගිහින් පොඩි උන්ට කියල දෙන්නං

    ReplyDelete
    Replies
    1. බලමු... මෙන්ඩට වෙච්ච දේම වෙයිද කියලා වැව් ටත්.

      Delete
    2. වෑවා උඔ පටන් ගනින් පොඩ්ඩෝ ඉවර කරයි

      Delete
    3. අනේද කියන්නෙ මෙන්ඩි

      Delete
  6. බේරෙන්නම බැරිවුනාම මාත් කියනව ඔය ජාතියෙ කතා.

    ReplyDelete
    Replies
    1. රාජ් ට බැරිනං කාටද කතා කියන්න පුළුවන්...?

      Delete
  7. මොනවා වුණත් මචං අර හෙඩර් ඒකේ තිබුණ පත්තර පිටුවක් විතර රූපය අයින් කරලා පොඩි ඒකක් දාපු ඒකට උඹට පිං

    ReplyDelete
  8. දැන් ඔය බාප්පාගේ කතාව මැද්දට පුංචි කොමද ආවේ??
    එයාට පුංචි කියන්නේ එයා අගුටු මිට්ටෙක් නිසාද?
    එතකොට අගුටුමිට්ටන්ගේ ගැනු සතාට කියන්නේ මොකද්ද? (අගුටුමිට්ටිද)
    එයා අගුටු මිට්ටිනම් අලියාගේ ගැනු සතාට කියනේ මොකද්ද ?
    ......................................................???
    ..............................................??
    .........................................?

    ReplyDelete
    Replies
    1. අලියගෙ ගෑණු සතා, අලි කෑල්ල හරි අලි ගෙඩිය හරි නෙ බං.

      ඒක නෙමේ. සිරාගෙ පෝස්ටුවකින් මැලේ රාළව හැබැහින් දැක ගත්තා. අප්‍රමාණ සන්තෝෂයි... :-)

      පුංචිඅම්මා කියලා නෑදෑ කොට්ඨාෂයක් ඉන්නව බං, බස්නාහිර පළාතෙ උදවියට. උන්ට කෙටියෙන් කියන්නෙ පුංචි කියලා.

      Delete
  9. බාප්පා කිව්වේ අර මොකක්දෝ මන්දා රේඩියෝ චැනල් එකක ඉන්න බාප්පද උඹට මේ කතා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. නෑ. නෑ. ටාසන් බාප්පා කැළේ අපේ බාප්පට අහු උනානං...

      Delete
  10. ආච්චිව ගාවගත්තනම් වැඩේ වකූර් වෙනවා.

    මෙන්න මම ලියපු ඉබි කතා

    ReplyDelete
    Replies
    1. විචා දන්නවැයි බාප්ප ඒක කොහොමද සෙට්ල් කළේ කියලා..., තුන්වෙනි කොටසින් දැන ගන්න පුළුවන්.

      ඔයාගෙ ඉබි කතා ටික මාත් කාලෙකට කලින් කියෙව්වා, හරිම දේශපාලනිකයි.

      Delete
  11. කතාව අහල පොඩි එකා කෙසේ වෙතත් පුංචිට ඉර පැනලා වගේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, පොඩි උං නිදාගන්නෙම නෑනෙ ඉතිං... :-)

      Delete
  12. අච්චර සැලකිල්ලෙං හදපු පැලේ කුණුඋනා, චූ කරපු පැලෙ හැදුන :O

    ReplyDelete
    Replies
    1. බාප්පා හරිම ප්‍රායෝගිකයි බොස්...

      Delete
  13. ලබ්බ.. ඉබ්බව වතුරට දැම්මෙ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ "ලබි ඉබ්බා" ගැනනෙ. මේ කතාවෙ පළවෙනි කොටසෙම ඌව වතුරට දැම්මා නරියෙක්...

      Delete
  14. ඔතන කෝදුරු තෙල් හොයන්න ගිය ගිරවුගෙයි තාපසයන් එක්ක උං සැන්ටිමැන්ටල් වෙන එකෙයි අවස්තා සම්බල්ධෙ මක්කද හැබෑට

    හිහි

    ටොපේ ටොප් ඈ
    ජයෙන් ජයම වේවා මේ වගේ කතා තවත් සැට් වේවා හිහි

    ReplyDelete
    Replies
    1. අවස්ථා සම්බන්ධෙ...? ඒ මොකද්ද?

      ටැංකිව් මහේෂ්... බොටත් ජය වේවා!

      Delete
  15. මරු බාප්පාගේ ලබු ඇට දෙක. හෝව් ... හෝව්... කවුද කිව්වේ කුණුහරප කියලා.

    ReplyDelete
    Replies
    1. ලබු ඇට = ලබ්බේ ඇති ඇට...

      මාර කතාව. :-)

      Delete
  16. ලබ්බෙ තොයිලෙ තිබුනෙ ඔය හැදුන ලබ්බකද බං...

    ReplyDelete
    Replies
    1. ලබ්බෙ තොවිලෙ නෙවෙයි සිරා, ලබ්බෙ කානිවල්එක. බැලුවෙ නැද්ද?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි