Tuesday, April 28, 2015

ආරස්සාවට බුද්ධ දර්ශනය... 2015 වෙසක් කළාපය

https://lh3.googleusercontent.com/
-cko8ah6a_JQ/VDgb1pD3OCI/
AAAAAAAAAFw/fLk_LCrMJJI
/w426-h280/14%2B-%2B1

බෞද්ධයන්ගේ ආරක්ෂාවට යැයි කියමින් උදේ හවස රේඩියෝ චැනල් කීපයක ප්‍රචාරය කරන සූත්‍ර කීපයක් අතරින්, ධජග්ග සූත්‍රය මේ පාර වෙසක් කළාපයේ පළවෙනි ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය අඩංගු වෙන්නේ, සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ, සගාථා වර්ගයේ, සක්ක සංයුක්තයේ, සුවීර වර්ගයේ, තුන්වෙනි සූත්‍රය හැටියටයි.

බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයා පූජා කළ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයක, භික්ෂූන් වහන්සේට මෙසේ දේශනා කළ සේක:

සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් පැවතුණු කාලයක දී, ශක්‍ර දෙවියන්, තව්තිසාවේ අනෙක් දෙවියන් අමතා, මෙසේ කීවා,

"යුද්ධයේදී ඔබ කිසිවෙකුට බියක් ඇති වුනොත්, මාගේ (රථයේ ඇති) කොඩියේ අග බලන්න. (සමහර විට එයින් අදහස් කෙරුණේ, එතකොට, ශක්‍ර දෙවියනුත් අනෙක් දෙවියන් සමඟ යුධ පිටියේ ම සිටින බව දැකලා, දෙවියන් ධෛර්යවත් වීම වෙන්න පුළුවන්.) මාගේ කොඩියේ අග දුටු විට ඔබට ඇති වන බිය, තැති ගැන්ම හෝ ලොමුදැහැ ගැන්ම පහ වෙනු ඇති.

මගේ කොඩියේ අග නෙපෙනේ නම්, ප්‍රජාපතී දෙව්රජගේ කොඩියේ අග දෙස බලන්න. එයත් නොපෙනේ නම්, වරුණ දෙව් රජගේ කොඩියේ අග බලන්න. එයත් නොපෙනේ නම් ඊසාන දෙව් රජගේ කොඩියේ අග දෙස බලන්න. එම කොඩි දකින විට ඔබගේ බිය පහ වී යනු ඇති."

නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හෝ, වරුණ දෙවියන්ගේ හෝ ඊසාන දෙවියන්ගේ හෝ කොඩි දිහා බැලීමෙන් බියක්, තැතිගැනීමක් හෝ ලොමුදැහැගැනීමක් පහ වෙන්නටත්, නොවෙන්නටත් ඉඩ තියෙනවා. (බියපත් වූ තැනැත්තාගේ මනසේ ස්වභාවය අනුව එසේ වන්නේයැයි මගේ පුද්ගලික අදහසයි) මක්නිසාද, ඒ දෙවි රජ වරු, රාගය, ද්වේෂය හෝ ‍මෝහය පහ කළ අය නොවේ. එසේම, ඒ දෙවි රජවරු පවා, බිය වනසුළුයි, තැති ගැනෙනසුළුයි, ත්‍රස්ත වනසුළුයි, පළා යනසුළුයි.

http://1.bp.blogspot.com/-iz5W0i4LDXU/
Tyj50NF-U8I/AAAAAAAAAvU/
xywYoJcs2P8/s1600/indra.jpg

මම ඔබට කියන්නේ, ඔබ ආරණ්‍යයකට (වනගත ප්‍රදේශයකට) හෝ ගසක් මුළකට හෝ ශූන්‍යාගාරයකට (සොහොන්පිටි සහ එවැනි ජනශූන්‍ය පාළු තැන්) වලට ගිය විට, බයක් තැති ගැනීමක්, ලොමුදැහැ ගැනීමක් ඇති වුනොත්, එවිට මා සිහිකරන්න. නැත්නම් මා දෙසා ඇති ධර්මය සිහිකරන්න, එසේත් නැත්නම්, මාගේ මාර්ගය අනුගමනය කරන සංඝයා වහන්සේ සිහිකරන්න. එවිට ඔබට ඇති වන බිය, තැතිගැනීම හෝ ලොමුදැහැගැන්ම පහ වී යාවි.

මක්නිසාද, අර්හත් වූ, සම්මා සම්බුද්ධ වූ (මේ බුදු ගුණ වල තේරුම ඕනෙ නම් මෙතන තියෙනවා.) බුදුන් කියන්නේ, රාගය, ද්වේෂය, මෝහය පහ කළ තැනැත්තෙක් වගේම, බිය නොවන, තැති නොගන්නා, කිසි දෙයකින් ත්‍රස්ත නොවන, පළා නොයන තැනැත්තෙක් වන නිසා.

මේ සූත්‍රයෙන් අපිට වටහා ගන්න පුළුවන් මොනවද:

1. අපට ඇතිවන බියට ස්ථිරසාර පිළියම වන්නේ බුදුන්, දහම්, සඟුන් සිහිපත් කිරීම පමණක් බව. 

ධර්මය සිහිපත් කිරීමෙන් මිසක්, ධර්මය ඇතුළත් පාලි පාඨ (තේරුම නොදැන) උච්ඡාරණය කිරීමෙන් හෝ අසා සිටීමෙන් හෝ, ඇහුනොත් ඇහුනාවේ කියා ඔහේ රේඩියෝ එක දාගෙන සිටීමෙන් හෝ බෞද්ධයන්ට බිය දුරු කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

2. අපට ඇතිවන බිය ට පිහිටක්, කිසි දෙවිකෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව. 

ගොඩක් දෙවි වරු, ආභරණ පොරවාගෙන, අඹුවන් දරුවන් පිරිවරාගෙන, රාගයෙන් පිරුණු අය විදිහටයි නිරූපණය වෙන්නෙ. ඒ වගේම යුද්ධයට, නපුරු වැඩ වලට දක්ෂ නිසා ද්වේෂයෙනුත් අඩුවක් නෑ. ඒ වගේම මිනිස්සු පිහිට පතාගෙන යද්දි ඉල්ලන දේවලට ගාස්තු විදිහට අපි එක එක  දේවල් දෙන්න භාර වෙනවා. ඒ කියන්නෙ ඒ දෙවියන්ට තෘෂ්ණාවත් තියෙනවා. අපි භාර වෙන දේවල් ඔප්පු කරද්දි, දෙවියන්ව බොහොම පහත් විදිහට රවට්ටනවා. ඒ කියන්නෙ ‍ඒ දෙවි වරුන්ට මෝහයත් අඩු නැතිව තියෙනවා.

ඒ වගේ දෙවියන්ගෙන් අපිට ලැබෙන පිහිට ... ?

48 comments:

  1. සන්තෝසයි ඩ්‍රැකි.. මාත් ඔය ධජග්ග නිකං ඇහෙන්න දාලා තියනවා රෑට.. ඇති වැඩකට නෙමෙයි බං පිට සද්ද නෑහෙන්න..

    ReplyDelete
    Replies
    1. මායි, සෝබනයයි, ආසිරියයි, සාගලයයි, කේපියයි (මගෙ ඒලෙවල් යාළුවො ටික) රෑ දෙගොඩහරියෙ පාර දිගේ සිංදු කිය කියා එනවා පිරිත් වල තාලෙට... :-)

      (90 දශකයේ අග භාගයේ අත්දැකීමකි.)

      Delete
    2. අඩේ කේ.පී. කියන්නෙ මුගේ ඉස්කෝලෙ යාලුවෙක්ද. :D

      Delete
    3. කේපී විතරක් නෙවෙයි ප්‍රසා, වරුණ දීප්ති රාජපක්ෂත් අපේ ඉස්කෝලෙ යාළුවෙක්.

      Delete
  2. ඔය සුර අසුර යුද්දේ ගැන තව විස්තර දන්නේ නැද්ද ?

    මම නම් ඔය යන්ත්‍ර මන්ත්‍ර කියවද්දී කියන ඔය යුද්ධ සීන් ටික අහන්න හෙන ආසයි හෙහ් හෙහ් (අහස පලාගෙන මුහුද පලාගෙන එන සීන් තියෙන්නේ)


    මේ වැඩේ නම් වටිනවා. සුත්‍රවල අදහස සරල විදියට මෙහෙම තේරුම් පුළුවන් වුනාම එදිනෙදා ජිවිතේට ඕවා ඉබේම පාවිච්චි වෙනවා .


    ReplyDelete
    Replies
    1. සුර අසුර යුද්ධය ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා. තව පෝස්ටුවකින් දාන්නං, පැත්තා...

      මගෙ බුද්ධ දර්ශනය කියන ලේබලේ යටතේ තියෙනවා ඔය වගේ ප්‍රායෝගික කාරණා ටිකක්. කියවලා බලන්න...

      Delete
  3. තේරුම නොදැන බුදු දහමේ තියෙන පාඨ උච්චාරණය කිරීමෙන් හෝ අසා සිටීමෙන් කිසිම ඵලයක් නෑ. වටහා ගැනීම තමයි වැදගත්.

    වටින වැඩක් මේක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රසා...

      අපේ උන්දලා කරන්නෙ පාලි පාඨ උච්ඡාරණයෙන් හෝ අසා සිටීම නෙවෙයි, ඇහෙන කෙනෙක් අහගනිල්ලා කියා නිකම්ම රේඩියෝ එක හරි සීඩී එකක් හරි දාගෙන ඉන්න එකයි.

      Delete
    2. දැන් තියන පිරිත් වලට පාලි කියන්නත් බෑ.. මොකද පාලි හෝඩියේ නැති අකුරු පවා උච්ජාරණය කරනවා..
      "සංදිට්ඨිකෝ" කියන වචනය හරි අපූරුවට "සංදිෂ්ටිකෝ" කියල උච්ජාරණය කරනවා. පාලි හෝඩියේ "ෂ" අකුරක් කොහේ වත් නෑ. ඒ වෙනුවට යෙදෙන්නේ "ස".
      තව ගාථා වලට සිංහල, හින්දි කෑලි දාල කියනවා.. මේවයින් මොන මොනවා අදහස් වෙනවද කියල අංශු මාත්‍රයක තේරුමක් නෑ.

      Delete
    3. සංදිට්ඨිකෝ කියන වචනෙ වචනාර්ථයෙන් මට හිතෙන්නෙ බුදු දහම සාංදෘෂ්ඨිකවාදීයි කියන අදහස. හරියටම කියන්න දන්නෙ නෑ හැබැයි.

      පිරිත් පාඨ හදලා තියෙන්නෙ ගණ පිහිටුවලයි කියලා සමහරු කියනවා. එතකොට ඔය මික්ස් එකෙන් ඒ අදහස් කරන ශබ්ද ගුණය එන්නෙ නං නැතුව ඇති.

      Delete
    4. ඔව්. අදහස නිවැරදියි. ඒ කියන්නේ මේක තමා සම්‍යක් දෘෂ්ටිය කියන එකයි කෙටියෙන්ම කිව්වොත්.

      Delete
    5. සම්‍යක් දෘෂ්ඨිය වෙන්න ඕනෙ තමා, සාංදෘෂ්ඨික නෙවෙයි.

      Delete
  4. දැන් මචං පිරිත් කියන්නෙත් පොඩි ෆැෂන් ඒකක්නේ බොල

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම ෆැෂන් තමා පාරිභෝගිකයට, බිස්නස් කාරයට හැම දෙයක්ම පාරිභෝගික භාණ්ඩයකි. (බුදු දහමත් ඇතුළත්ව...)

      Delete
  5. වැම්පයර් දෙසූ බුදු බණ...
    මම නම් ඔය සත්‍ය අත්දැකීමෙන්ම තේරුම් අරගෙන තියනවා. ඒ වගේම පිරිතේ බලය දැකල තියනවා. මම ප්‍රතිපත්තියක් වශයෙන් කිසිම දෙවියෙක් වන්දනා කරන්නේ වත් පූජා තියන්නේවත් නැහැ. ගෞරව කිරීම පිං දීම වෙනම දෙයක් වන්දනා කිරීම, යැදීම වෙනම දෙයක්. අපිට ඇති එකම පිහිට බුද්ධ ධර්මය සහ තමාගේ පිහිටම පමණයි.
    "තමාම පිහිට කොට, ධර්මයම පිහිට කොට ජීවත් වන්න..."

    ReplyDelete
    Replies
    1. පිරිත් කියන කොට පිරිත් පැන් වල සංයුතිය වෙනස් වෙනවද කියලා ජර්මන් විද්‍යාඥයො ටිකක් පර්යේෂණයක් කළා කියලා, ඒකට සහභාගි වුණයි කියන මගේ මිත්‍රයෙක්ද වෙන ආයුර්වේද වෛද්‍යවරයෙක් කිව්වා.

      අඟහරුවා කියන දේම තමයි මටත් හිතෙන්නෙ.

      (තව කතාවක් ගොතාගෙන යනවා අඟහරුවා, ළඟදිම දාන්නං ඈ...)

      Delete
    2. අන්න නියම සුභ ආරංචියක්!!
      ඒත් මෙන්න තව එකක්- මම බ්ලොග් අවකාෂෙන් යන්නයි යන්නේ.. ඊට කලින් දාමු ඈ..

      Delete
    3. ඒ... යන්න එපා අඟහරුවා. කොහෙ ගියත් නෙට් එකෙන් හම්බ වෙන්න පුළුවන්නෙ. පටං ගත්ත බ්ලොග් එක නවත්තන්න එපා. අපි ට්‍රේන් ගැනයි, සංචාරක ස්ථාන ගැනයි තව ගොඩක් දෙවල් ගැනයි කියෙව්වෙ අඟහරු අඩවියෙන්. නවත්තන්න එපා.

      Delete
    4. කෝච්චි ගැන ලිව්වට කවුරුත් කියවන්නේ නෑ අෆ්ෆා.. දැන් ලියන්න දෙයක් නැති තරම්.

      Delete
    5. කියවන් නැති එක නෙමෙයි, කමෙන්ට් දාන්න කම්මැළිකම. පසුබහින්න එපා. ලියන්න මොනව හරි හොයාගන්න පුළුවන් වෙයි.

      Delete
  6. ආගම ධර්මය සහිත දේවල් ගැන අදහස ඵල කිරීමෙන් වැලකෙමි. මට ඒ ගැන පෘතුල දැනුමක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බහුතරයකට කරන්නම බැරි දේ ඕකනෙ, සුදික. ඔන්ලයින් පත්තර වල තියෙන කමෙන්ට් දැක්කහම විලිලැජ්ජයි වෙලාවකට.

      සුදික ගෙ කමෙන්ට් එකෙන්ම සුදිකගෙ කොලිටිය පැහැදිලි වෙනවා.

      Delete
    2. ඒ කිව්වේ මෙලෝ කොලිටියක් නෑ කියලද බං.. හැක්

      Delete
    3. සුදිකගෙ අනන්‍ය කොලිටියක් තියෙනවා දේශා...

      Delete
  7. උබ ගජබින්න වලට ඈරෙන්න බණත් කියනවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඇයි මං හැම වෙසක් පොසොන් එකටම බණ කියනවනේ. රාළ දැකලා නැද්ද?

      Delete
  8. කවුන්ට් ඩ්‍රැකියුලා බණ දෙසයි....:D

    ඒ වුනාට කියලා තියෙන දේවල් ඇත්තයි.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි, ඉස්තූතියි... :-)

      මගෙ පරණ වෙසක් කළාපත් කියවලා බලන්න.

      Delete
  9. දැං රේඩියෝ වල යන්නෙ පිරිත්ද සින්දුද කියලත් වෙලාවකට හිතෙනව අප්ප

    ReplyDelete
    Replies
    1. ඇයි අර තව එකක් තියෙනවා හැම පදයකම අගට “අම්මා“ කියල ඉවර වෙන සිංදුවක්... :-)

      Delete
  10. මා බොහෝවිට මගේ බිරිඳට කියනවා තේරුම නොදැන ගාථා කියන්නවත් අහන්නවත් එපා කියලා. ඇය දවස පුරාම වගේ ගුවන්විදුලියේ බෞද්ධ නාලිකා දමාගෙන ඉන්නවා. එය අන්ධ භක්තිය පමණයි. මම තවමත් වරින්වර සිංහල තේරුම සහිත ධම්මපදය කියවනවා.

    ReplyDelete
    Replies
    1. අන්ධ භක්තිය හොඳයි ආගමකට නම්. බුදුන් දේශනා කර ඇති දර්ශනය වටහා ගැනීම ටිකක් වෙහෙසකර දෙයක්නෙ. හැබැයි අපි බෞද්ධ කියගෙන බුදුන් ඇදහීම හරිම ලේසියි.

      ධම්මපදයෙ මාර සමාජ අවබෝධයක් ලබා දෙන තැන් තියෙනවා නේද? නරකද ඒ ගැන මොන මොනව හරි “අසමි දකිමි සොයමි“ එකේ ලිව්වොත්?

      Delete
  11. එක කාලයක් නෙත් එකේද කොහෙද සිංහලෙන් පිරිත් කිව්වා නේද? එතකොට ඔය ගණ එහෙම කොහේ පිහිටයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. සිංහල පිරිත් වලට එරෙහිව තිබුණ ලොකුම තර්කය වුනේ “ගණ“ තමා. ශබ්ද රසයෙන් බලපෑමක් එන්න නම් (එහෙම දෙයක් ඇත් නම්) ඒක නියම ශාස්ත්‍රානුකූලව කළ යුතුයි.

      Delete
  12. ඩ්‍රැකිය බොරු ව ට වගේම බණ කියන්ටත් දස්සයි නෙව ඈ
    හොදා හොදා....
    කොරගත්තා වූ මේ කුසලානිසංසයේ බලයෙන් ඩ්‍රැකියා ඩ්‍රැකියෙක්ම වී ඉපදෙන්ට ඕන
    ඔව් ඉදගෙන

    වටන වැඩක් ඩ්‍රැකෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්ටත් ජයවේවා!

      අර ප්‍රාර්ථනාවත් ඉෂ්ට වේවා.!!

      Delete
  13. ඔය මල ඉලව් සූත්‍ර විකිණිල්ල හින්දා මම රේඩියෝ අහන එක නවත්තල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සෙන්නා, මුංට මොනව හරි කම් නෑ විකුණන්න පුළුවන් නම්.

      Delete
  14. Replies
    1. අත දීමට ගොඩක් ස්තූතියි...

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16808-2015

    ReplyDelete
    Replies
    1. මේ දුන් ප්‍රචාරයට, ස්තූතියි අජිත් ධර්ම...

      Delete
  16. ගිය අවුරුද්ද‍ෙ වෙසක් වලටත් ඩ්‍රැකියා මෙවැනිම ලිපියක් පල කලා නේද..මට මතකයි...ඉතාම අගය කරනවා ධර්ම ඥානයෙන් බිඳක් ලබාදෙන්නට ඔබ ගත් උත්සාහය.

    ReplyDelete
  17. //නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හෝ, වරුණ දෙවියන්ගේ හෝ ඊසාන දෙවියන්ගේ හෝ කොඩි දිහා බැලීමෙන් බියක්, තැතිගැනීමක් හෝ ලොමුදැහැගැනීමක් පහ වෙන්නේ නෑ.//

    Meke aga kotasa " Wenath puluwan, Nowennath puluwan" lesa wenas wiya yuthui........

    Anek siyallata ekanga wemi....


    ReplyDelete
    Replies
    1. //මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).//

      ඔයා හරි හර්ෂන... මං එතන නිවැරදි කළා. වරද පෙන්වා දීමට ස්තූතියි...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි