අමනදීපේ කතාවක්...

ඕං එකෝමත් එක කාලෙක තිබ්බා අමනදීපේ කියලා රටක්. ඒකෙ රජකම් කළේ මහා අමනෝඥ මහ රජතුමා.

http://i.ytimg.com/vi/TmQKihNpsHk/hqdefault.jpg

දවසක්දා එතුමට අහන්න ලැබුණා, මීට කලින් හිටිය එක රජෙක් එතුමන්ගෙ බලපරාක්‍රමය ගැන කියලා තිබුණ කතාවක්.

"දැං ඉතින් මට කොරන්න බැරි රෑ දවල් කොරන එකත්, දවල් රෑ කොරන එකත් විතරයි..."

'ඒ රජා වගේද මං? මං ඕක කොහොම හරි කරනවා' කියලා හිතාගත්ත මහා අමනෝඥ මහරජතුමා, රටවැසියන්ට ආඥාවක් පැණෙව්වා.

අද පටන් අමනදීපේ සියළුම වැසියන් පස්වරුව පෙරවරු කියාද, පෙරවරුව පස්වරු කියාද වෙනස් කරගත යුතුයි. රටවැසියන්ගේ සියළුම කටයුතු ඒ අනුව වෙනස් කළ යුතුයි.

"ඒක නෙවෙයි කරනවනං..." නාකි පුරෝහිත කෙනෙක් ආඥාව ලියවන අතරෙ මහරජාගෙ කණට කරලා කිව්වා: "රටේ බඩුමිල හොඳටම වැඩිවෙලා. ඒකට පිළියමක් කරනවනං හොඳයි නේද?"

"ඇත්ත නේන්නං." මහරජා කිව්වා. "ඕකටම මේකත් ලියාපිය..."

අදපටන් අමනදීපේ තුළ විකුණන සියළුම භාණ්ඩ වල මිල රුපියලක් විය යුතුයි.

එදා පටන් අමනදීපෙ මිනිස්සු රෑට වැඩ කළා, දවල්ට නිදාගත්තා.

"අපේ රට ‍ලෝක ප්‍රසිද්ධ වෙන වැඩක් මේක. කාටද පුළුවන් වුනේ දවල් රෑ කරන්නයි, රෑ දවල් කරන්නයි. දැන් මහ රටවල එවුන් හරි තරහෙන් ඇත්තෙ අපේ මහ රජ්ජුරුවො එක්ක" මහරජා වටේ හිටපු උං ප්‍රශස්ති හදලා ගායනා කළා හන්දියක් හන්දියක් ගානෙ.

දවසක් වෙන රටක ගුරුවරයෙකුයි ගෝලයෙකුයි අමනදීපෙට ආවා. ඇවිත් කෑම කන්න තැනක් හොයාගන්න සෑහෙන්න මහන්සි වුනා. මොකද, යන යන තැන කඩ, සාප්පු, ගෙවල් දොරවල් හැම එකක්ම වහලා. සත්තු පවා ගාල් වල නිදි.

හැබැයි ඉර බැහැගෙන ගියාට පස්සෙ මිනිස්සු අවදිවෙලා, දත කට මැදලා, මූණ හෝදලා, කඩ සාප්පු අරින්නයි, කුඹුරු වැඩ ආදිය පටන් ගන්නයි වුනා. ගුරුවරයටයි ‍ගෝළයටයි හරි පුදුමයි මේක දැකලා. පුදුම වෙවී ඉන්නැතුව දෙන්නා ළඟම තිබුණු හෝටලේට ගිහිං, බඩ දිගඇරෙන්න කෑවා, මොකෝ, දවසක්ම බඩගින්නෙ නෙ හිටියෙ.

දෙන්නට තරු පෙනුනෙ බිල දැක්කහමයි. දෙන්නා කාපු කෑම බීම ඔක්කොටෝම බිල වුනේ, රුපියලයි.

"මේ රට නම් තවත් ඉන්න හොඳ තැනක් නෙවෙයි" ගුරුන්නාන්සෙ ගෝළයට කිව්වා. "මේක මෝඩයින්ගෙ රටක්. දැනට කොයි හැටි වෙතත්, අන්තිමේ මොන මොනව වෙයිද දන්නෑ. අපි ඉක්මණටම වෙන රටකට ගියොත් තමා හොඳ."

"ගුරුන්නාන්සෙ යන්න. මට නම් මේරට හොඳා." ගෝළයා කිව්වා. මොකද, රුපියලකට බඩ පිරෙන්න කෑව හැකිනම්, වෙන රස්සාවක් මොකටද?

ගුරුතුමා කොච්චර කිව්වත්, ගෝළයා කැමති වුනේ නෑ අමනදීපෙ දාල යන්න. ඉතිං ගුරුතුමා පහුවදා උදෙන්ම අමනදීපෙන් පිටවුනා.

ගෝළයා අමනදීපෙ කාලසටහනට හුරු වුනා. දවල්ට නිදාගෙන ඉඳලා, රෑට හෝටලේකට ගිහිං බඩ පිරෙන්න කනවා. දෑතෙ රස්සාවක් නොකර කකා බිබී හිටිය නිසා ගෝළයා අපේ විපක්ෂ නායක වගේ තරබාරු මිනිහෙක් උනා.

දවසක් දවාලක හොරෙක් ගෙයක් බින්දා. ගෙදරක බිත්තියට අවලංගුවෙන් පාරවල් දෙකයි ඇන්නෙ, බිත්තිය කඩාගෙන වැටුනා හොරාගෙ ඇඟට. හොරා මළා. හොරාගෙ අයියා පැමිණිලි කළා මහරජාට.

"මගෙ බාල මල්ලි හොරෙකි. එයා රස්සාව කරන්න ගමේ හිටපු පෝසත්ම මිනිහගෙ ගෙදර බිත්තියකට ඇන්න පාර, බිත්තිය කඩා වැටී මල්ලි මළා. මේ මරණෙට වගකිව යුතු ගෙදර අයිතිකාරයාට දඬුවම් පමුණුවන්න"

පැමිණිල්ල විභාග කරන්න මහරජා, විත්තිකාර පෝසත් මිනිහව කැඳෙව්වා.

"අනේ මහරජතුමා, මං නිර්දෝශයි. බිත්තිය කඩං වැටුණෙ ඒක දුර්වල විදිහට බැඳපු මේසන් බාස්ගෙ වරදින්" පෝසතා කිව්වා. මහරජා මේසන් බාස් කැ‍ඳෙව්වා.

"අනේ මහරජතුමා, බිත්තිය දුර්වල විදිහට බැඳුනෙ අනපු බදාමවල වරදින්. මගෙ ගෝළයා තමා වැරදිකාරයා." මහරජතුමා ඒකත් පිළිගත්තා. ගෙන්නුවා ගෝළයව.

"මගෙ නෙමෙයි වැරැද්ද. බදාමෙට වතුර වැඩි උනා. වතුර වක්කරපු කළේ කට ලොකුයි. කළේ හදපු කුඹලා තමයි වැරදි."

"හැබෑ නේන්නම්" මහරජතුමා කිව්වා. "ගේනවා කුඹලව...!"

"මං කළේ සකපෝරුවෙ හදද්දි, තරුණ ගැටිස්සියෙක් ඒ ළඟින් ගියා. එයා දිහා බලපු නිසයි කළේ කට ඇද වුනේ."

"හැබෑට? ගෙන්නපිය තරුණ ගැටිස්සි...!" මහරජා තොළකට ලෙවකෑවා.

ඒ කාලෙ ගැටිස්සි දැන් වයසයි. "අනේ මහරජතුමෝ. මගෙ රත්තරන් බඩු හදල දෙන්න ජුවෙලරිකාරයෙකුට දුන්නා. එයා නියම දවසට ඒක හදල දුන් නෑ. එයා තමයි ලොකුම වැරදි කාරයා. " ආච්චි අම්මා වැඳ වැටුණා.

"වෙලාවට බඩු හදල දුන්නෙ නැති ජුවෙලරිකාරයව මෙහෙට ගෙන්වනු!" මහරජා අණ කළා. "ඔහේ දැන් යනවා..." රජතුමා අහක බලං, ආච්චි අම්මට කිව්වා.

ජුවෙලරිකාරයා රාජසභාවට ඇවිත් වටපිට බැලුවා. "ආ... මේ ඉන්නෙ." එයා අර පෝසතාව පෙන්නුවා. "මේ මහත්තයගෙ මඟුල් ගෙදරට බඩු හදන්න තිබුණ නිසා තමයි අර ආච්චිගෙ රත්තරන් බඩු ‍හදල දෙන්න පරක්කු වුනේ."

"බේරෙන්න හැදුවෙ නේද?" මහරජා දත්මිටි කෑවා. "මං ඉන්නකම් වැරදිකාරයන්ට බේරිලා යන්න බෑ. උලතියනවා මෙයාව."

"අනේ රජතුමා, මං නෙවෙයි ඒ රත්තරන් බඩු ඕඩරේ මෙයාට දුන්නෙ."

"එහෙනම් කවුද?"

"අ.. අ.. අපේ තාත්තා..."

"ගෙනාපිය මුගෙ තාත්තව. අදම උලතියාපිය"

"පොඩි කේස් එකක් ඇත මහරජ..." දණ්ඩනායක මහරජතුමාට කිව්වා. "අපේ උල මොට්ට වෙලා..."

"ඉතිං හදාපිය අලුත් එකක්. ගෙනල්ල උලතියාපිය මුගෙ අප්පව. මං ඉන්නකම් කාටවත් වැරදි කරලා බේරෙන්න බෑ, අපෙ හාන්දුරුන්නේ, ප්‍රොජාචන්ච්‍රවාදය තියෙනවා..." මහරජා පපුවට ගහගත්තා.

රාජපුරුෂයො හැදුවා අලුත් උලක්. ඒත් කරුමෙ කියන්නෙ, අලුත් උළ මහත වැඩියි. පෝසතාගෙ තාත්තා උලටත් වඩා කෙට්ටුයි.

මේ කාරණේ රජතුමාට සැළ කළාම රජතුමා ඔළුවෙ අත ගහගත්තා.

"අපි මේ රටේ ඉන්න මහතම මිනිහව අල්ලලා උළ තියමු" රාජකීය පුරෝහිත අමනවංශ රජතුමාට උපදෙස් දුන්නා.

ඉතිං අන්තිමේ අර නිකම් ඉඳං රුපියලට කකා හිටිය ගෝලයව රාජපුරුෂයො අල්ලගෙන ආවා.

"අනේ මහරජතුමා, මාව උල තියපු ගමන්ම මගෙ ගුරුතුමාව උල තියන්න..." ගෝළයා මහරජතුමාට වැඳ වැටුණා.

"ඒ මොකද බොල?"

"අලුත හදපු උල හිටවපු නැකතෙ හැටියට, ඒකෙ මුලින්ම උල තියපු කෙනා මේ රටේ මහරජු වෙනවා. දෙවෙනියට උල තියපු කෙනා පුරෝහිත වෙනවා."

මහරජතුමා පුරෝහිතගෙ මූණ බැලුවා. පුරෝහිත රජතුමාගෙ මූණ බැලුවා.

"දාපිය මේකව හිරේ. මුගෙ ගුරාවත් ගෙනත් දාපිය හිරේ." මහරජතුමා අණ කළා. "අද දවල්ම මූව උල තියනවා. මං කියන පිළිවෙලට, ඉස්සෙල්ලම එන එකා පළමුවත්, දෙවෙනියට එන එකා දෙවනුවත් උල තියනු"

ගෝළයා හිරේ දැම්මා. ගුරුන්නාන්සෙවත් ජාත්‍යන්තර රාජපුරුෂයන්ට කියලා අල්ලගත්තා. මහරජයි පුරෝහිතයි හිරගෙදරට රිංගලා, අරුන් දෙන්නට තර්ජනය කරලා, උංගෙ ඇඳුම් උදුරගෙන, ඇඳගෙන, මහරජා පළමුවෙන් උලට ගියා. පුරෝහිත දෙවෙනියට උලට ගියා.

ගුරයි ගෝලයයි අමනදීපෙ රජවුනා.

ඕං ඔහොමයි තව පාරක් රජවෙන්න ගිය මහරජාට අන්තිමට වෙච්ච සන්තෑසිය...

ප/ලි
කන්නඩ ජනකතාවක් ඇසුරිනි.


ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස් - ගජබින්නාලංකාරයෙන්...

ඩ්‍රැකියාට ඩොක්ටර් මාමෙක් සිටී. එයා එසේ මෙසේ ඩොක්ටර් මාමෙක් නොවන නිසා, ඩ්‍රැකියා කවදාවත් එතුමාට අංකල් කියා අමතන්නේ නැත. ඉතාම ගෞරවයෙන් "ඩොක්ටර්" යන පදයෙන් පමණක් එතුමා සමඟ කතා කරයි. එහෙත් ඩ්‍රැකියාගේ ගජබින්නාලංකාරයෙන් නම් ඔය කිසිම නෑයෙකු ලේසියෙන් ගැළවෙන්නේ නැත.

http://www.glasbergen.com/wp-content
/gallery/doctor-cartoons/med13.gif

අපේ ඩොක්ටර් දෙන බෙහෙත් වලට ලෙඩ්ඩු ඉතා ප්‍රිය කරති. එක වරක් එතුමාගෙන් බෙහෙත් ගත් විට තිබූ ලෙඩ පමණක් නොව, ඊළඟ අවුරුද්දේ හැදෙන්නට නියමිතව ඇති ලෙඩ පවා හොඳ වෙති. ඒ හින්දාම ගොඩාක් උදවිය අපේ ඩොක්ටර් හඳුන්වන්නේ "වන් ෂොට්" කියා ය.

අපේ ඩොක්ටර්, වෛද්‍ය වරයෙක් වූයේ එතුමා ගේ පියා ගේ උවමනාව මතය. නැතිනම් ඩොක්ටර් ගේ ආසාව තිබුණේ ඉලෙක්ට්‍රොනික් වැඩ වලටය. ඉතින්, ඩොක්ටර් කමේ කටයුතු කරන අතර, එතුමා එක් එක් ආකාරයේ ඉලෙක්ට්‍රොනික් වැඩද ඉතා සාර්ථක විදිහට කරති.

ඩොක්ටර් මේ මෑතකදී හිරමනයක් වාගේ දිග සහ කොට වූ ද, කන් කඩාහැලෙන්නාවූ ද බලු තඩියෙකුට පිහිට වුනෙමු. ඒ බලු තඩියා, කාලයක් තිස්සේ ඉතා නොසැළකිල්ලෙන් හැදූ එකෙක් නිසා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගැනීමට එන සෑම දෙනාම දෙස බැලුවේ සැකයෙනි. එහෙයින් සමහර ලෙඩ්ඩුන් උඩ යන පරිදි බුරන්නට බලු රාළ පැකිළුනේ නැත.

මේ මෑතක ඩ්‍රැකියා තම මෑණියන්ද සමඟ ඩොක්ටර් බලන්නට ගිය විට, සුුපුරුදු ලෙස බලු රාළ ඉදිරියට ආවත්, උන්දෑ බිරුවේ නැත. ඌ කට අරිද්දී, ඉතා තදින් වෙව්ලන්නට ගත්තේය.

"මේ බලුරාළට උණ වත් ගැනිලද?" අම්මා ඇහුවේ බල්ලා දිගින් දිගටම වෙව්ලන්නට ගත් නිසාය.

"නෑ. නෑ. ඔය බලු රාළ බුරන එක ලෙඩ්ඩුන්ට කරදරයක් නිසා, මම එයාගෙ වයිබ්‍රේට් ඔන් කළා." ඩොක්ටර් හිනා වෙමින් කිව්වේය.

ඩ්‍රැකියාගේ එච්. මාක් නමැති ඉතා දක්ෂ ඉලෙක්ට්‍රොනික් ටෙක්නිෂන් යාළුවෙක් සිටී. උන්නැහැ ඉලෙක්ට්‍රොනික් විෂයය න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවද ඉතා හොඳින් දන්නා අතරම, ලංකාවේ පාරම්පරික දේ ගැනද ඉතා උනන්දුවෙන් හදාරන්නෙකි. දේශීය යාග හෝම, ඉතිහාසය, ඉතිහාසය ලියවෙන්නට කලින් පැවති අතීතය, අපේ මුුතුන්මිත්තන්ගේ පැවති තාක්ෂණික දැනුම ආදී දේ ගැන ඉතා උනන්දුවෙන් සොයයි.

මෙයා කොච්චර නම් තදට මේ පාරම්පරික දේවල් හදාරන්නේද යන්න මේ මෑතක උන්දෑ හොයාගෙන ගිය මාගේ යාළුවන් දෙන්නෙකුම මට කීවෙමු:

එකෙක් ටීවී එකක් හදා ගන්නට ගිය විට, එයාගේ අත බැලූ එච්. මාක්, ටීවී එකේ රෝග ලක්ෂණ තිතටම කියා, ඒකට දාන්නට ඕනෑ කෑලි ටිකත් කියා තිබුණි.

තව එකෙක්ගෙදර තිබුණු ටීවී එකේ රෝග ලක්ෂණ කියා, හදන්නට බැරි / පුළුවන්කම අහන්නට ගිය විට, එච්. මාක් උගේ හිසට තඩි ටොක්කක් ඇන, ඌත් එක්ක ගෙදර ඇවිත් ටීවී එක හැදුවෙමුය.

දැන් පොර, ගේ ඉදිරිපිට මේ වගේ බෝඩ් එකක් සවිකරන්නට යන බව ආරංචිය:

"දේවාරූඪයෙන් ටීවී රෙපෙයාර් කරනු ලැබේ.
අත බලා සීසී ටීවී කැමරා සවි කරනු ලැබේ..."

නැකැත් ගැන - 2015 වෙසක් කළාපයෙ දෙවෙනි ලිපිය

ජාතක කතා පොතේ දැක්වෙන 46 වන ජාතක කතාව වන නක්ඛත්ත ජාතකය මෙවර වෙසක් කළාපයෙන් ඉදිරිපත් කරනවා.

http://www.silumina.lk/2015/04/12/af15041214.jpg

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලයක, එක් ආජීවකයෙක් පිළිබඳව මේ කතාව දේශනා කළා.

සැවැත්නුවර එක් ගෙදරක දියණියක්, අසළ ගමක එක් තරුණයෙකුට යෝජනා කරලා, කැන්දාගෙන යාමට දිනයකුත් නියම කර ගත්තා. මනමාලයාගේ පියා ඒ දිනයේ නැකැත් තියේද යන්න ගැන එක ආජීවකයෙකුගෙන් විමසුවා.

ඒ ආජීවකයා, 'මගෙන් අහන්නේ නැතිව තමන්ම දින නියම කරගෙන, දැන් මගෙන් නැකැත් අහනවා' යැයි සිතා කෝප වී, "ඒ දිනයේ කිසිම නැකැතක් නෑ. කිසිම සුභ කටයුත්තකට සුදුසු නැහැ. මොනවා හරි කළොත් මහා විනාශයක් තමයි වෙන්නේ" කියා අර තැනැත්තාව බයකළා.

ඉතින් මනමාලයාගේ පැත්තේ අය එදා මනමාලිය කැන්දාගෙන එන්නට ගියේ නෑ. නගරයේ, මනමාලියගේ ගෙදර උදවිය, මඟුල් ගෙදර ලෑස්ති කරලා, මනමාලයා එනතුරු බලා හිටියා. ඉතින් මනමාලයා ආවේ නැති නිසා, වෙනත් තරුණයෙක් සොයාගෙන, එයාට ඒ ලෑස්ති කරපු මඟුල් උත්සවයෙන්ම, මනමාලිය සරණපාවා දුන්නා. (මේ වගේ දේවල් අදටත් ඉන්දියාවෙ සිද්ධ වෙනවා.)

ගම්වැසි මනමාලයාගේ පිරිස වෙනත් දිනයක සැවැත් නුවර ඇවිත්, විවාහ උත්සවය කරමුයි කීවා. එවිට සැවැත් නුවර උදවිය, "නුඹලා දුෂ්ට මිනිස්සු, ලැජ්ජා නැති උදවිය, අපිට මඟුලට දින නියම කරලා, එදා ආවේ නෑ. අපිට ලැජ්ජා කළා. ඒ නිසා ආ මඟින්ම ආපසු යනු, අපේ දියණිය අපි වෙනත් තරුණයෙකුට දුන්නා" යි කීවා.

මේ කතාව භික්ෂූණ් වහන්සේ අතරටත් ආරංචි වී, දම් සභා මණ්ඩපයේදීත් කතාවට ලක් වුණා. බුදුන් වහන්සේ "මේ ආජීවකයා මීට පෙර ආත්මයකදිත්, මෙවැනිම දෙයක් කළා" යැයි කියා, නක්ඛත්ත ජාතකය දේශනා කළා.

ජාතක කතාවේදීත් සිද්ධ වුනේ ඉහතින් දක්වපු සිදුවීමට සමාන දෙයක්මයි. හැබැයි මනමාලි ගම්වැසි ගෙදරක, මනමාලයා නගරයේ ගෙදරක කෙනෙක්.

ඒ කතාවේ, අවසානයේ ගම්වැසියන් සහ නගර වැසියන් අතර අඬදබරය දුටු නුවනැති මිනිසෙක් ඔවුන්ට මෙසේ අවවාද කළා:

"නැකැත් බැලීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? මනමාලිය කැන්දාගෙන යාම ම නැකැතක් වාගේ නේද?

නැකැත් බලමින් ඉන්නා බාලයාගේ කටයුතු ප්‍රමාද වෙනවා. බලාපොරෙත්තු වන දෙය ඉටුවෙනවා නම් එයම තමයි නැකැත. තාරකා කුමක් කරන්නද?"

නක්ඛත්ත පතිමානෙන්තං
අත්ථො බාල උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි