Friday, May 15, 2015

ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස් - ගජබින්නාලංකාරයෙන්...

ඩ්‍රැකියාට ඩොක්ටර් මාමෙක් සිටී. එයා එසේ මෙසේ ඩොක්ටර් මාමෙක් නොවන නිසා, ඩ්‍රැකියා කවදාවත් එතුමාට අංකල් කියා අමතන්නේ නැත. ඉතාම ගෞරවයෙන් "ඩොක්ටර්" යන පදයෙන් පමණක් එතුමා සමඟ කතා කරයි. එහෙත් ඩ්‍රැකියාගේ ගජබින්නාලංකාරයෙන් නම් ඔය කිසිම නෑයෙකු ලේසියෙන් ගැළවෙන්නේ නැත.

http://www.glasbergen.com/wp-content
/gallery/doctor-cartoons/med13.gif

අපේ ඩොක්ටර් දෙන බෙහෙත් වලට ලෙඩ්ඩු ඉතා ප්‍රිය කරති. එක වරක් එතුමාගෙන් බෙහෙත් ගත් විට තිබූ ලෙඩ පමණක් නොව, ඊළඟ අවුරුද්දේ හැදෙන්නට නියමිතව ඇති ලෙඩ පවා හොඳ වෙති. ඒ හින්දාම ගොඩාක් උදවිය අපේ ඩොක්ටර් හඳුන්වන්නේ "වන් ෂොට්" කියා ය.

අපේ ඩොක්ටර්, වෛද්‍ය වරයෙක් වූයේ එතුමා ගේ පියා ගේ උවමනාව මතය. නැතිනම් ඩොක්ටර් ගේ ආසාව තිබුණේ ඉලෙක්ට්‍රොනික් වැඩ වලටය. ඉතින්, ඩොක්ටර් කමේ කටයුතු කරන අතර, එතුමා එක් එක් ආකාරයේ ඉලෙක්ට්‍රොනික් වැඩද ඉතා සාර්ථක විදිහට කරති.

ඩොක්ටර් මේ මෑතකදී හිරමනයක් වාගේ දිග සහ කොට වූ ද, කන් කඩාහැලෙන්නාවූ ද බලු තඩියෙකුට පිහිට වුනෙමු. ඒ බලු තඩියා, කාලයක් තිස්සේ ඉතා නොසැළකිල්ලෙන් හැදූ එකෙක් නිසා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගැනීමට එන සෑම දෙනාම දෙස බැලුවේ සැකයෙනි. එහෙයින් සමහර ලෙඩ්ඩුන් උඩ යන පරිදි බුරන්නට බලු රාළ පැකිළුනේ නැත.

මේ මෑතක ඩ්‍රැකියා තම මෑණියන්ද සමඟ ඩොක්ටර් බලන්නට ගිය විට, සුුපුරුදු ලෙස බලු රාළ ඉදිරියට ආවත්, උන්දෑ බිරුවේ නැත. ඌ කට අරිද්දී, ඉතා තදින් වෙව්ලන්නට ගත්තේය.

"මේ බලුරාළට උණ වත් ගැනිලද?" අම්මා ඇහුවේ බල්ලා දිගින් දිගටම වෙව්ලන්නට ගත් නිසාය.

"නෑ. නෑ. ඔය බලු රාළ බුරන එක ලෙඩ්ඩුන්ට කරදරයක් නිසා, මම එයාගෙ වයිබ්‍රේට් ඔන් කළා." ඩොක්ටර් හිනා වෙමින් කිව්වේය.

ඩ්‍රැකියාගේ එච්. මාක් නමැති ඉතා දක්ෂ ඉලෙක්ට්‍රොනික් ටෙක්නිෂන් යාළුවෙක් සිටී. උන්නැහැ ඉලෙක්ට්‍රොනික් විෂයය න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවද ඉතා හොඳින් දන්නා අතරම, ලංකාවේ පාරම්පරික දේ ගැනද ඉතා උනන්දුවෙන් හදාරන්නෙකි. දේශීය යාග හෝම, ඉතිහාසය, ඉතිහාසය ලියවෙන්නට කලින් පැවති අතීතය, අපේ මුුතුන්මිත්තන්ගේ පැවති තාක්ෂණික දැනුම ආදී දේ ගැන ඉතා උනන්දුවෙන් සොයයි.

මෙයා කොච්චර නම් තදට මේ පාරම්පරික දේවල් හදාරන්නේද යන්න මේ මෑතක උන්දෑ හොයාගෙන ගිය මාගේ යාළුවන් දෙන්නෙකුම මට කීවෙමු:

එකෙක් ටීවී එකක් හදා ගන්නට ගිය විට, එයාගේ අත බැලූ එච්. මාක්, ටීවී එකේ රෝග ලක්ෂණ තිතටම කියා, ඒකට දාන්නට ඕනෑ කෑලි ටිකත් කියා තිබුණි.

තව එකෙක්ගෙදර තිබුණු ටීවී එකේ රෝග ලක්ෂණ කියා, හදන්නට බැරි / පුළුවන්කම අහන්නට ගිය විට, එච්. මාක් උගේ හිසට තඩි ටොක්කක් ඇන, ඌත් එක්ක ගෙදර ඇවිත් ටීවී එක හැදුවෙමුය.

දැන් පොර, ගේ ඉදිරිපිට මේ වගේ බෝඩ් එකක් සවිකරන්නට යන බව ආරංචිය:

"දේවාරූඪයෙන් ටීවී රෙපෙයාර් කරනු ලැබේ.
අත බලා සීසී ටීවී කැමරා සවි කරනු ලැබේ..."

62 comments:

  1. මරු කතා දෙක. බල්ලන්ට වයිබ්‍රේටි දාන්න පුළුවන් නං හොඳයි. අපේ පැත්තෙත් ඉන්නව වරත්තු බල්ලෙක් යන්තං ඇහැ පියවෙනකොටමයි බුරන්නෙ.

    අපි අපේ සර්වර් රෙපෙයාර් කරන්නෙ නං දුරස්ථ ක්‍රමයට. කොලඹට කතා කරල අවුල කිව්වම කියනව කරන්න ඕන දේ. බොහෝ විට හරියනව. අද උදෙත් ඉන්ටනෙට් අවුලක් වෙලා කතා කරල ගොඩදාගත්ත.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් රාජ්,

      අර කිව්වෙ දුරස්ථ ක්‍රමයක් නෙවෙයි. ලෙඩේ වැඩි වෙයි කියලා, වෙදරාළ පිටත් වෙන්න කළින් කරන කෙමක්. ඊට පස්සෙ ලෙඩා ගාවට ගිහිං ආපහු ප්‍රතිකාර කරන්න ඕනෙ. :-)

      Delete
  2. අනේ ඔය දොස්තර මාමාගෙ නම්බරේ කියහන්.. අපේ බලු නරකාදියාවත් වෛබ්‍රේට් කරගන්න. ඒ නරියා හින්දා මට ලොකු පාඩුවක් වෙලා මේ ඉන්නෙ...

    දේවාරුඩයෙන් ටීවී හදන්න පුළුවන් තමා.. ඉස්සර මමත් කළා...

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් ගෙන් අහලම නම්බරේ දෙන්නං...

      මොකද්ද වෙච්ච පාඩුව? ඒකවත් කුරුන්දෙ ලියහං, පාළු මැකෙන්න වත්.

      අරූ නම් ටීවී හදන්නෙ ආවේස වෙලා වගේ තමා වෙලාවකට.

      Delete
    2. පාළු මකලා තියෙන්නේ.. ගිහින් බලහන්...

      Delete
  3. බල්ලො වයිබ්‍රෙට් කොරන මෙතඩ් එක මටත් කියා දියන්කෝ... එහා ගෙදර බල්ලෙක් ඉන්නවා ඌව වයිබ්‍රෙට් කොරල දාන්න. ගෙදර මිනිස්සු නැති වෙලාවට ඌ පලාතම දෙවනත් කරනවා. මේ ලඟදි ගලකින් ගහල වයිබ්‍රෙට් කොරන්න හැදුවත් හරිගියෙ නෑ..
    අපේ කලින් තිබ්බ ටීවී එකත් ටච් සිස්ටම්. රූප පේන්නේ නැති වෙනවා වෙලාවකට. ඒ වෙලාවට උඩ පැත්තෙන් දඩොන් ගාල ටච් එකක් දුන්නම පේන්න ගන්නව.

    ReplyDelete
    Replies
    1. බල්ලව දිග පොල්ලකින් තදින් වයිබ්රේට් කරන්න ට්‍රයි කරලා බලහං, සජ්ජා.

      මගෙත් තිබ්බා ඔය වගේ මොනිටර් එකක්. එක එක ටච් එකට එක එක පාට පේනවා.

      Delete
    2. සජ්ජෝ ටීවී එකට ඊයම් ටිකක් තියාගනින්. මට තේරෙන තරමින් ඊට එහා ලෙඩක් නෑ. :)

      Delete
    3. මාත් ඒක තමයි කළේ (ටච් මොනිටරේට)

      Delete
  4. බල්ලා වගේම බළලකුත් වයිබ්‍රේට් කරගන්න අපට ඕන වෙලා තියනවා. පිහිට වෙන්න පුළුවනි ද

    ReplyDelete
    Replies
    1. බළලෙක්?

      අහල බලමු ඩොක්ටර් ගෙන්... :-)

      Delete
  5. අන්න දොස්තරලා...............

    ReplyDelete
  6. හයියෝ............ කීයක් ගෙවලා හරි ඔය දොස්තර මහත්තයා අපේ ගෙදර එක්ක එන්න ඕනේ.

    මළ කෙලියයි. යකෝ මේක දකියිද මන්දා අපේ උන්දෑ.

    මොකවත් උනොත් ඒ දොස්තරටම කියලා බේරගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඕකට බල්ලන්ට දෙන ඉන්ජෙක්ෂන් එක හරියන එකක් නැතිවෙයි විචා. :D

      Delete
    2. @ විචාරක
      විචාරිකා ගෙන් එල්ල වෙන ගුවන් යානා නාශක ප්‍රහාර වලට ඩොක්ටර් වග කියන එකක් නෑ මයෙ හිතේ. රණවිරුවෙක් වෙච්ච එකේ ඒකට මුහුණ දෙන්න අමාරු වෙන එකක් නෑ.

      @ ප්‍රසා
      බෙහෙතක් නෙවෙයි බොලං, ඩොක්ටර් ගෙ ඉලෙක්ට්‍රොනික් ගැජමැටික් එකක්.

      Delete
  7. වල්ලා පට්ට! වන්ෂොට් පොරවල් ගොඩක් ඉන්නවා අපි දන්න. සැල්බියුටමෝල් වලින් තමා වෙව්ලවන්නෙ.
    මේ දෙකද අර දානවා කීවේ?

    ReplyDelete
    Replies
    1. සැල්බියුටමෝල් නෙවෙයි මදාවි, වෙන ජිමික්ස් එකක්.

      මේ දෙක නම් නෙමෙයි. ඉක්මණට දාන්නං...

      Delete
  8. අර බලු තඩියව වයිබ්‍රේට් කරපු හැටි ලියපංකො.. අපේ ෆ්ලැට් එකෙත් ඉන්නවා කොයි වෙලෙත් ඉවරයක් නැතුව බුරන එකෙක්..

    ReplyDelete
    Replies
    1. "ෆන් විත් ඩික් ඇන්ඩ් ජේන්" ෆිල්ම් එකේ මං දැක්කා හොඳ විසඳුමක්. පොඩ්ඩක් හොයාගෙන බලන්න. මුලම හරියෙ තියෙනවා. මිනිස්සුන්ටත් හරි යනවා ඒක.

      Delete
  9. ඩොක්ටර් වෛද්‍යවරයකු වූයේ//

    අනේ නිකං ඉදහං...

    ReplyDelete
  10. "නෑ. නෑ. ඔය බලු රාළ බුරන ලෙඩ්ඩුන්ට එක කරදරයක් නිසා, මම එයාගෙ වයිබ්‍රේට් ඔන් කළා." ඩොක්ටර් හිනා වෙමින් කිව්වේය.

    මෙතන එක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා වගේ මචෝ.....

    උබත් බලන් ගියාම පට්ට පරම්පරාවක පොරක්නේ........... අර පනාපුත්රයත් උබලගේ නැයේක්ද??? මොකද උත් මේ වගේ ගජබින්න කියනවනේ

    ReplyDelete
    Replies
    1. උඹට පේන්නෙත්, මගෙ "එක" එහාට මෙහාට වෙන එක තමා නේද? ඕං හැදුවා. ඉස්තූතියි පෙන්නුවට.

      පනාපුත්තරයා මගෙ නෑයෙක් කියලා හිතෙන්න, මං ඩොක්ටර්ව බුදුන්ට සම්බන්ධ කළේ නෑනෙ. මොකද්ද මෙයා... මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න එපා.

      Delete
  11. අඩේ බල්ලංගෙ වයිබ්‍රේට් ඔන් කරන ක්‍රමේ දැනගත්තනං හොඳ ගානක් හොයාගන්න පුලුවන් වෙයි වගේ. මෙතන කොමෙන්ට් කරල තියෙන වැඩි දෙනෙකුට තියෙන දැවෙන ප්‍රශ්නයක් වගෙයි ඒක.

    දේවාරූඩයෙන් හුලං ගහන පෙරක් එහෙම නැද්ද ඔය පැත්තෙ.
    කොහොමත් සමහර උං ටීවී රෙපෙයාර් කරල ගාන කිවුවට පස්සෙ අයිතිකාරයට දෙයියො සිහිවෙනව.

    ReplyDelete
    Replies
    1. මං ඩොක්ටර්ව සෙට් කරලා දෙන්නං. ප්‍රසා දාගනිං බෝඩ් එකක් "පූසන් වයිබ්‍රේට් කරනු ලැ‍බේ" කියලා.

      පරණ කතාවක තිබ්බා, "දේවාරූඪයෙන් හුළං ගහනු ලැබේ - අත බලා පැච් දමනු ලැබේ" කියලා.

      ටීවී රෙපෙයාර් නං ඉතිං... ඕනෙ ගාණක් කියන්න පුළුවන්නෙ, කරනවනං

      Delete
  12. බල්ලො වයිබ්‍රෙට් කොරන විදියෙන් බැරිද බං අර දියවන්නාවේ ඉන්න වුන් ටිකත් වයිබ්‍රෙට් කොරන්න.පඩුරු කියක් ගියත් කමක් නැත්තෙමු.

    ReplyDelete
    Replies
    1. ළඟදි මහ ඡන්දෙයක් එනවනෙ. එතකොට ටර්න් ඕෆ් ම කරලා දැම්මැකි. මනෝජ් කතා දෙක පටලවගෙන වගෙයි. පඬුරු ඕනෙ එච් මාක්ට. වයිබ්‍රේට් ඔන් කළේ ඩොක්ටර් ය.

      Delete
  13. මාත් අහන්ට හිටියේ මිනිස්සුන්ටත් ඕක කරන්ට බැරිද කියලා...:P

    ReplyDelete
    Replies
    1. ‍ඇයි, හබියගෙ සද්දෙ වැඩියිද?

      Delete
  14. කට්ටිය මහලොකුවට හුරතලේට හැදුවට ඔය බව්වෝ බළල්ලු වටපිටාවේ ඉන්න මිනිස්සුන්ට කොයි තරමක් කරදරද කියල හිතා ගන්න පුළුවන් මේ වයිබ්‍රේටර් එක ගැන අහන කමෙන්ට් තොගයෙන්ම.
    මම මේ ලඟදි පුසෝ දෙතුන් දෙනෙක්ව වයිබ්‍රෙට් කලා, නිදා ගන්න බැරි කමටම. ක්‍රමේ අහන්න එපා. ඒකනම් බරපතල රහසක්.

    කොල්ලුපිටිය හන්දියෙත් ඉන්නවා දොස්තර බුවෙක් "වන්ෂොට්" කියලා.
    මිනිහගේ බෙහෙත් වලටත් එක පාරෙන්ම හරි යනවලු, කෝ ඒකට අපිට.
    මට කාලෙකට හැදෙන කැස්ස ඔය එකෙක්ගෙවත් බෙහෙත් වලට හරි යන්නේ නැහැ.
    කැස්සටම එපා වෙලා මාව දාල යනවා මිසක්.
    උඹේ දොස්තර අන්කල්ගේ බෙහෙත් ටිකක් අරගෙන බැලුවනම් දෙකෙන් එකක් වෙයි වගේ... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ බල්ලා, අනුන්ට කොච්චර කරදරද කියලා, අපිට තේරෙන්නෙ නෑනෙ.

      පූසො වයිබ්‍රේට් කරන හැටි අයිතිකාරියො දන්නවා හොඳටම, බරපතළ අබිරහසක් වුනාට.

      මං නං කැස්සට කරන්නෙ, තල්සූකිරියි, මී පැණියි, ඇඹුල් දොඩං ඉස්මයි කළවං කරලා කන එක. නැත්තං, ඉඟුරු කෑල්ලක් පුච්චලා, සීනිත් එක්ක කනවා.

      නැත්තං ඩොක්ටර් ගෙ නම්බරේ එවන්නං ඊමේල් එකේ.

      Delete
  15. මම මේ කල්පනාකලේ බල්ලෝ වයිබ්‍රේට් මෝඩ් දාන එක කී දෙනෙකුට කරගන්න ඕනෙ වැඩක්ද කියලා.

    මේ පාර උඹේ කතා දෙක සුපිරියි ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. ටීවී බලන කොට, පත්තර කියනවකොට පේනවා කොච්චර බල්ලො ඉන්නවද වයිබ්‍රේට් කරන්න කියලා.

      ටැංකිව් ඩූඩ්...!

      Delete
  16. ඩ්‍රැකියා ඉන්න අහලකින් පහලකින් යන්න හොද නෑ වගේ...මොනවා උනත් පැත්ත ගියත් ඇත්තම කියන පොරක්

    ReplyDelete
    Replies
    1. අපිත් ගම්පහ කොල්ලො තමයි හරිය?

      Delete
  17. ඩ්‍රැකිය වයිබ්‍රේට් වෙලාද සද්දයක් නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. සති අන්තයෙ ස්ටෑන්ඩ්බයි වුනා. :-) දැන් ඔන්ලයින්...

      Delete
  18. Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      (ඒ වුනාට බොන්නෙ වැට්)

      Delete
    2. දෙපිට බෙබා... :-)

      Delete
    3. ආයත් අහලා
      දෙන්නෙ ටෝක් කන්නෙ පාන්

      Delete
  19. http://en.wikipedia.org/wiki/Devocalization

    ReplyDelete
  20. පූසන්ට නම් වයිබ්‍රේටර් එකක් දීලමයි මේ ලෝකෙට එවල තියෙන්නෙ උන් කරන්නෙ ඒක දාල අපිව රවට්ටන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව... හැම පූසම එකයි බැලුවම.

      Delete
  21. හෙහ් ඒක නං මරු කතාව
    අර අන්තිමට දාල තියෙන ඇඩ් එකනං පංකාදු පහයි...
    හැබෑට බල්ලට මක්ක කොරලද ඩ්‍රැකෝ

    ReplyDelete
    Replies
    1. බල්ලගෙ වයිබ්‍රේට් ස්විච් එක ඔන් කරලා... ;-)

      අන්තිමේ තියෙන ඇඩ් එක පරණ කතාවක රිමික්ස් එකක් මහේෂ්...

      Delete
  22. බලු වැඩක්නෙ බං හි හී

    ReplyDelete
    Replies
    1. හි හී... :-)

      අපේ ඩොක්ටර්ට සමහරු කියනවලු, "බල්ලො මහත්තයා" කියලා. කොතන ගියත් බල්ලො කාර් එකේ දාගෙන යන හින්දා.

      Delete
  23. ඔයවගේ එකෙක් දාන්න ඕන ලෙඩෙක් ඉන්නවා මැදමූලනේ. බල්ලෙක්ද දන්නේ නැහැ. හැබැයි කලේ ඔක්කොම වගේ ඒවගේ වැඩ. එකක් හැර.

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට ආදරය කරන කෙනෙක් හැටියට, බල්ලන්ට අපහාස කිරීම තරයේම හෙළා දකිමි... :-)

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. හුටා ... දැන් බල්ලන්ටත් වයිබ්රේටර් හයිකරනවනං .. වයිෆ්ලට හයිකරන ඒව හදල නැද්ද ? දැන්වෙ වෙන වෙන වයිබ්රේටර් ජාති ගැන කියාගෙන ආවොත් අර උඩුකුරිඤ්ඤං මන්තරේ කියනව !

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා මලා. ඒ හින්දා රිප්ලයි කරන්න බැරිවුණා.

      Delete
  26. BIJJA VIBRATE KAR AGANNA BARIDA KOLLO

    ReplyDelete
    Replies
    1. ඒ්වට උපකරණ තියෙනව නේද?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි