Tuesday, June 30, 2015

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රපටයේ ඔහු දැක්වූ රංගන කුසලතාවය සහ මහා පෞරුෂය ඉන් පසුව මාහට Ben Hur, 10 Commandments, True Lies, වැනි චිත්‍රපට වලින් හමු වූ අතර, මා අවසාන වරට නැරඹූවේ ඔහු Planet of the Apes චිත්‍රපටයේ කළ සාමාන්‍ය චරිත නිරූපණයයි. චාල්ටන් හෙස්ටන් මියගිය පුවත මා දුටු විට, ඇත්තටම දැනුනේ මාගේ පියා අහිමි වූ විට ඇති වූ හැඟීමයි.

http://www.karwansaraypublishers.com/
pw/site/assets/files/5120/el-cid.jpg

දෙවනුව මාගේ මනසට ගොඩවූ චරිතාංග නළුවා වූයේ බටහිර ගොපළු සිනමාවෙන් මතු වූ නමක් ගමක් නැති හුදෙකළා දඩයක්කාරයා ය. අති විශිෂ්ඨ නළුවෙක් සහ අධ්‍යක්ෂ වරයෙක් වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, ඔහුගේ මානවීය ගුණාංග මැනැවින් ඉස්මතු කළේ, Unforgiven වැනි පසුකාලීන සිනමා නිර්මාණ තුළිනි.

http://www.movingimage.us/images/
calendar/media/Unforgiven_1992_5_lowres-detail-main.jpg

තෙවනුව, ගැටවර වියේ පසුවූ මාගේ සිත අරක් ගත්තේ බාබේරියානු කෝනෑන් වූ ද, කෙළවරක් කරන්නට අනාගතයෙන් පැමිණි රොබෝ වරයෙකු වූ ද ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර් ය. ක්‍රියාදාම, පවුලේ කථා, විකට චරිත වැනි පුළුල් පරාසයක රංගන ප්‍රතිභාවක් ප්‍රකට කළ ඔහුගේ, මා වඩාත් ම ප්‍රිය කරන්නේ (තවමත්) True Lies සහ Last Action Hero හි දැක්වූ චරිතාංග කළවමයි.

http://images2.cinema.de/imedia/0227/
1890227,3xi6zTx_hymqGeTDzJ9JmG0fe
WbeE2OkkolngvzaAlssgy48osdIEnwqc
JFJ7RUv21bLezPOdtU5J1RRBADAdQ==.jpg

මේ සියල්ල අතර, එක් නළුවෙක් පමණක් පෙනුමෙන්, කඩවසම් සිරුරින්, කටහඬින්, සියල්ලටමත් වඩා - දුෂ්ටයෙකු වීමට දැක්වූ නිර්භීත බවින් මාගේ පෞද්ගලික තරාගත කිරීම් වල ඉහළින්ම සිටියි. ඒ වෙන කිසිවෙකුත් නොව, මාගේ බ්ලොග් අඩවියේ මුහුණුවර සැරසූ, ක්‍රිස්ටෝෆර් ලී ය. රිදී තිරයේ වීරයෙකු වීමට වඩා, දුෂ්ටයෙකු ලෙස ඉස්මතු වීමෙන් කීර්තියට පත්වීම මා ඔහුගේ දකින විශිෂ්ටතම ගුණාංගයයි. ඔහු පණහේ දශකයේ රඟපෑ ඩ්‍රැක්‍යුලා චිත්‍රපට එහි ඇති දිළිඳු බව නිසා ම දැන් දකින විට සිනහ පහළ වූවත්, එයින්ම ඔහු රිදී තිරයේ පුරාවෘත්තයක් බවට පත් වූයේය.

http://vignette3.wikia.nocookie.net/
dracula/images/3/35/Url.jpg/revision
/latest?cb=20130421135630

James Bond චිත්‍රපටයක රන් පිස්තෝලය දරන මිනිසා, Star Wars චිත්‍රපට මාළාවේ ඩූකූ සිටුවරයා, Lord of the Rings හි සරුමාන්, වැනි ප්‍රකට දුෂ්ට චරිත මෙන්ම, Charley and the Chocolate Factory හි විලී වොන්කා ගේ පියා ගේ චරිතය වැනි ජ්‍යෙෂ්ට චරිත ද නිරූපණය කිරීමෙන් මොහු තම පුළුල් පරාසයක පැතිරි හැකියාවන් පෙන්වා තිබේ.

ඩ්‍රැක්‍යුලා මිය ගිය වග මා දැනගත්තේ මධුමදාවියාගේ කවිකොලයේ කැමරාවෙන් එහා ලෝකයෙන් ආ කමෙන්ටුවකිනි. මේ තරම් කල් ගොසින් වුවද, එම ආරංචිය මා දැනගත් විට, මුලින් චාල්ටන් හෙස්ටන් ගේ අභාවය දැනගත් විට ඇති වූ හැඟීමටම ආසන්න හැඟීමක් මා තුළ ඇති විය.

කාලයකින් නොලියා සිටිය ද, ලියන්නට කොතෙකුත් දෑ තිබුණ ද, මාගේ රෝල් මොඩලය වූ ක්‍රිස් ලී ගේ අභාවය වෙනුවෙන් යමක් නොලියා සිටින්නේනම් මා මහ ගුණමකුවෙකි. එහෙයින්...,

ඩ්‍රැක්‍යුලාගේ අභාවය වෙනුවෙන් ඩ්‍රැකී ජූනියර් ගේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමි...

ප/ලි

ටෝනි, වතුර (ජෝ) අබේවික්‍රම, ගාමිණී යන අය මෙම ලියවිල්ලෙන් මඟ හැරියේ කුඩා / මහත් භේදයක් නිසා නොව, ලියවිල්ලේ ආවේගය නිසා බව කරුණාවෙන් සළකන්න...

Wednesday, June 10, 2015

බාප්පගෙ හේනෙ විත්ති... ගජබින්නාලංකාරයෙන්

අපේ බාප්පා, කන්තලේ වගා කරන කාලේ වෙච්ච සිදුවීම් ගැන මීට කලින් ගජබින්නාලංකාරයෙන් කියවලා ඇතිනේ. මේ ත්, ඒ දවස් වල වෙච්ච සිදුවීමක් මයි. මට මේ කතාව මතක් උනේ මැංචෝසන් චාරිකා කියන හස්තසාර, භූගර්භ සාරගර්භ පොත් වහන්සෙ කියවං යද්දි.

බාප්පා වගා කරපු හේනට නිතර ඇවිත් ගිය කෙනෙක් තමා කටුරොද අදිරියං ආතා. කාලයකට කලින් හොඳ ගොවිරාළ කෙනෙක් වෙලා හිටිය එයා, තමන් වගේම සූර වීර ගොයියෙක් වුණ අපේ බාප්පත් එක්ක කතා බහ කරන්න නිතර නිතර එහෙ ආවා ගියා.

මේ කාලෙ බාප්පගෙ හේන අවට කැලේට මහ කරදරකාර වඳුරු සෙට් එකක් බෝ වෙලා තිබුණා. මුං හේනෙ තිබ්බ කිසිම බෝගෙකට වඩා ආසා කළේ, බාප්පා උයන කෑම වලටයි. බාප්පා ඔය තලප ටිකක්, රොටි දෙක තුනක් හදලා, හේනෙ පැලේ තියලා, පහළ දොළට ගිහිං නාගෙන එද්දි ගිණි සැරේට බඩගින්න වැඩි වෙනවා. දොළ පාරකින් නාගෙන හුළං වැදීගෙන එද්දි ඇති වෙන බඩගින්න ඉතිං අමුතුව‍ෙන් කියන්න දෙයක් යැ. (අර ජය ශ්‍රී බෑන්ඩ් එක කියන්නෙ, “මඤ්ඤොක්කා ටික ලිපේ ඉදෙන්නා - පොල් සම්බෝලෙත් සැරට කොටන්නා - දොළේ පැනල නාගෙන එනකොට මට - සිහිල් සුළං වැදි හිරිගඩු පිපුණා...“ කියලා)

ඉතිං ඔහොම ගිණි සැරේට බඩගින්නෙ “යමං පැළට - අද දෙන්නං“ කියලා හිත හිතා, එන බාප්පට යකා ආවේස වෙන්නෙ අර හදල තිබුණ කෑම ටික ට වඳුරො වැඩේ දෙනව දැක්කහමයි. බාප්පා පැළට ළං වෙනකොට අන්තිම කෑල්ලත් කටේ දාගෙන වඳුරො ටික “අහික් - හික් හික්“ ගගා ගස්වලට පැන ගනිද්දි බාප්පට ඉතිං මතක් වෙන්නෙ වඳුරු කුණුහරුප තමා. (“පලා රික“ එවැනි එක් වඳුරු කුණුහරුපයකි.)

http://www.tattoo-wallpapers.com/user-content/
uploads/wall/o/30/funny_monkeys_tattoo.jpg
දවසක් බැරිම තැන මේ ගැන බාප්පා අර අදිරියං ආතත් එක්ක කතා කළා. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා වඳුරන්ට හොඳ උගුලක් ඇටෙව්වා.

පෙරේත වඳුරන්ට අටවන උගුල - 

මුලින්ම වඳුරන් ඉතාම වැඩියෙන් කන කෑම ජාතිය සෑහෙන පමණ සාදාගන්න. එසේ කෑම පිසිද්දී, අමු මිරිස්, ගම් මිරිස්, නයි කොච්චි, පොළොං කොච්චි, පිඹුරු කොච්චි, මාපිල් කොච්චි, කුණකටු කොච්චි ආදී සැර කාරක ඉතාම යහමින් යොදා ගන්න.

වඳුරු රැලේ ඉන්නා වඳුරන් ප්‍රමාණය ගණන් බලා, උන් එකාට එක බැගින්වත් වන සේ සවි ශක්තිය හා බර ඇති පොළු කපාගෙන පැළේ මැද ගොඩ ගසන්න.

කෑම ටික වෙනදා මෙන්ම පැළේ වසා තබා, දොළට නාන්න යන්න.

බාප්පා මේ විදිහට කුරහං රොටි සෑහෙන ප්‍රමාණයක් හැදුවා. රොටි හදද්දි පිටි අනන්න තෙලිජ්ජ ටිකකුත් ගත්තා. (රොටි මිශ්‍රණය තෙලිජ්ජෙන් ඇනුවහම, ඒ තෙලිදිය රොටිය පුච්චන වෙලාව වෙනකොට රා වෙලා.)

පස්සෙ දෙන්නම ගිහිං දොළෙන් නාගෙන හිමින් හිමින් ආවා. ඇවිත් බලනකොට, පැල මැද්දෙ වඳුරො රංචුවම වැටිලා ඉන්නවා ඔළු පළාගෙන. බාප්පට හිනාව නවත්තගන්න බැරි වුනා වෙලා තිබුණ දේ දැකලා.

වෙලා තිබුණෙ මේකයි: වඳුරො ටික රොටි ටිකට උඩ පැන පැන වැඩේ දීලා. ඒවට කළවං කරලා තිබුණු රා වල ආතල් එකට කෑවට, නයි මිරිස් සැර උන්ට දැනෙන්න ගත්තෙ ටිකක් වෙලා කනකොටයි. මිරිස් සැරට ඉහමොළ රත්වෙලා ගිය වඳුරො ටික අතට අහු වෙච්ච පොලු වලින් එකා එකාට හිතූ පදමෙ නෙලාගෙන. වඳුරො රංචුවම අන්තිමේ මැරිලා.

බාප්පටයි අදිරියං ආතටයි එදා වඳුරු මස් එක්ක රොටි කන්න පුළුවන් වුනා. (පස්සෙ උන් දෙන්නත් අර පොලු වලින් ගහගත්තද කියලා නං බාප්පා කිව්වෙ නෑ.)

තව දවසක්දා ඔය අදිරියං ආතා බාප්පගෙන් විටක් ඉල්ලගෙන කොටද්දි, එයා දන්නෙම නැතුව විට හෙප්පුවෙ තිබුණු පළතුරු ඇට වගෙයක් වැටිලා විට කොටන වංගෙඩියට.

ටික දවසකින් හේනෙ පැල අයිනෙ පොඩි පැළයක් හැදුනා. කුවුරුවත් කවදාවත් දැකලා නැති ජාතියක පැළයක්. බාප්පත් මේක ගළවලා විසි කරන්නෙ නැතුව හැදෙන්න ඇරියා. ටික කාලෙකින් කවුරුවත් දන්නෙ නැති විදිහෙ ගහක් හැදුනා. ඒ‍ක‍ෙ ගෙඩිත් හැදුනා, සෑහෙන තරමෙ හකුරු ගෙඩියක් විතර ඇති ගෙඩියක්. මේ මොකද්ද කියලා බලන්න බාප්පා එක ගෙඩියක් කඩලා දෙකට පැලුවා. ඒ ගෙඩියෙ පිට පොත්ත හරි ගණකමයි. දෙකට පැළුවහම මැටි කෝප්පයක් වගෙයි. ඒක ඇතුළෙ, එක එක ජාතියෙ පළතුරු පොඩි පොඩි කෑලි කළවම් වෙලා තිබුණෙ. අන්නාසි, කෙසෙල්, ගස් ලබු, අඹ, මුද්දරප්පළම්, රට ඉඳි, කොමඩු ආදී වශයෙන්... ඒ කියන්නෙ, ඒක කොටිම්ම ෆෘට් සැලඩ් ගෙඩියක්. ඒ ගහ හැදිල ඇත්තෙ අර එදා අදිරියං ආතා විට කාලා කෙළ ගහපු තැනක.

වැඩිපුර බලපු ලිපි