Wednesday, June 10, 2015

බාප්පගෙ හේනෙ විත්ති... ගජබින්නාලංකාරයෙන්

අපේ බාප්පා, කන්තලේ වගා කරන කාලේ වෙච්ච සිදුවීම් ගැන මීට කලින් ගජබින්නාලංකාරයෙන් කියවලා ඇතිනේ. මේ ත්, ඒ දවස් වල වෙච්ච සිදුවීමක් මයි. මට මේ කතාව මතක් උනේ මැංචෝසන් චාරිකා කියන හස්තසාර, භූගර්භ සාරගර්භ පොත් වහන්සෙ කියවං යද්දි.

බාප්පා වගා කරපු හේනට නිතර ඇවිත් ගිය කෙනෙක් තමා කටුරොද අදිරියං ආතා. කාලයකට කලින් හොඳ ගොවිරාළ කෙනෙක් වෙලා හිටිය එයා, තමන් වගේම සූර වීර ගොයියෙක් වුණ අපේ බාප්පත් එක්ක කතා බහ කරන්න නිතර නිතර එහෙ ආවා ගියා.

මේ කාලෙ බාප්පගෙ හේන අවට කැලේට මහ කරදරකාර වඳුරු සෙට් එකක් බෝ වෙලා තිබුණා. මුං හේනෙ තිබ්බ කිසිම බෝගෙකට වඩා ආසා කළේ, බාප්පා උයන කෑම වලටයි. බාප්පා ඔය තලප ටිකක්, රොටි දෙක තුනක් හදලා, හේනෙ පැලේ තියලා, පහළ දොළට ගිහිං නාගෙන එද්දි ගිණි සැරේට බඩගින්න වැඩි වෙනවා. දොළ පාරකින් නාගෙන හුළං වැදීගෙන එද්දි ඇති වෙන බඩගින්න ඉතිං අමුතුව‍ෙන් කියන්න දෙයක් යැ. (අර ජය ශ්‍රී බෑන්ඩ් එක කියන්නෙ, “මඤ්ඤොක්කා ටික ලිපේ ඉදෙන්නා - පොල් සම්බෝලෙත් සැරට කොටන්නා - දොළේ පැනල නාගෙන එනකොට මට - සිහිල් සුළං වැදි හිරිගඩු පිපුණා...“ කියලා)

ඉතිං ඔහොම ගිණි සැරේට බඩගින්නෙ “යමං පැළට - අද දෙන්නං“ කියලා හිත හිතා, එන බාප්පට යකා ආවේස වෙන්නෙ අර හදල තිබුණ කෑම ටික ට වඳුරො වැඩේ දෙනව දැක්කහමයි. බාප්පා පැළට ළං වෙනකොට අන්තිම කෑල්ලත් කටේ දාගෙන වඳුරො ටික “අහික් - හික් හික්“ ගගා ගස්වලට පැන ගනිද්දි බාප්පට ඉතිං මතක් වෙන්නෙ වඳුරු කුණුහරුප තමා. (“පලා රික“ එවැනි එක් වඳුරු කුණුහරුපයකි.)

http://www.tattoo-wallpapers.com/user-content/
uploads/wall/o/30/funny_monkeys_tattoo.jpg
දවසක් බැරිම තැන මේ ගැන බාප්පා අර අදිරියං ආතත් එක්ක කතා කළා. ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා වඳුරන්ට හොඳ උගුලක් ඇටෙව්වා.

පෙරේත වඳුරන්ට අටවන උගුල - 

මුලින්ම වඳුරන් ඉතාම වැඩියෙන් කන කෑම ජාතිය සෑහෙන පමණ සාදාගන්න. එසේ කෑම පිසිද්දී, අමු මිරිස්, ගම් මිරිස්, නයි කොච්චි, පොළොං කොච්චි, පිඹුරු කොච්චි, මාපිල් කොච්චි, කුණකටු කොච්චි ආදී සැර කාරක ඉතාම යහමින් යොදා ගන්න.

වඳුරු රැලේ ඉන්නා වඳුරන් ප්‍රමාණය ගණන් බලා, උන් එකාට එක බැගින්වත් වන සේ සවි ශක්තිය හා බර ඇති පොළු කපාගෙන පැළේ මැද ගොඩ ගසන්න.

කෑම ටික වෙනදා මෙන්ම පැළේ වසා තබා, දොළට නාන්න යන්න.

බාප්පා මේ විදිහට කුරහං රොටි සෑහෙන ප්‍රමාණයක් හැදුවා. රොටි හදද්දි පිටි අනන්න තෙලිජ්ජ ටිකකුත් ගත්තා. (රොටි මිශ්‍රණය තෙලිජ්ජෙන් ඇනුවහම, ඒ තෙලිදිය රොටිය පුච්චන වෙලාව වෙනකොට රා වෙලා.)

පස්සෙ දෙන්නම ගිහිං දොළෙන් නාගෙන හිමින් හිමින් ආවා. ඇවිත් බලනකොට, පැල මැද්දෙ වඳුරො රංචුවම වැටිලා ඉන්නවා ඔළු පළාගෙන. බාප්පට හිනාව නවත්තගන්න බැරි වුනා වෙලා තිබුණ දේ දැකලා.

වෙලා තිබුණෙ මේකයි: වඳුරො ටික රොටි ටිකට උඩ පැන පැන වැඩේ දීලා. ඒවට කළවං කරලා තිබුණු රා වල ආතල් එකට කෑවට, නයි මිරිස් සැර උන්ට දැනෙන්න ගත්තෙ ටිකක් වෙලා කනකොටයි. මිරිස් සැරට ඉහමොළ රත්වෙලා ගිය වඳුරො ටික අතට අහු වෙච්ච පොලු වලින් එකා එකාට හිතූ පදමෙ නෙලාගෙන. වඳුරො රංචුවම අන්තිමේ මැරිලා.

බාප්පටයි අදිරියං ආතටයි එදා වඳුරු මස් එක්ක රොටි කන්න පුළුවන් වුනා. (පස්සෙ උන් දෙන්නත් අර පොලු වලින් ගහගත්තද කියලා නං බාප්පා කිව්වෙ නෑ.)

තව දවසක්දා ඔය අදිරියං ආතා බාප්පගෙන් විටක් ඉල්ලගෙන කොටද්දි, එයා දන්නෙම නැතුව විට හෙප්පුවෙ තිබුණු පළතුරු ඇට වගෙයක් වැටිලා විට කොටන වංගෙඩියට.

ටික දවසකින් හේනෙ පැල අයිනෙ පොඩි පැළයක් හැදුනා. කුවුරුවත් කවදාවත් දැකලා නැති ජාතියක පැළයක්. බාප්පත් මේක ගළවලා විසි කරන්නෙ නැතුව හැදෙන්න ඇරියා. ටික කාලෙකින් කවුරුවත් දන්නෙ නැති විදිහෙ ගහක් හැදුනා. ඒ‍ක‍ෙ ගෙඩිත් හැදුනා, සෑහෙන තරමෙ හකුරු ගෙඩියක් විතර ඇති ගෙඩියක්. මේ මොකද්ද කියලා බලන්න බාප්පා එක ගෙඩියක් කඩලා දෙකට පැලුවා. ඒ ගෙඩියෙ පිට පොත්ත හරි ගණකමයි. දෙකට පැළුවහම මැටි කෝප්පයක් වගෙයි. ඒක ඇතුළෙ, එක එක ජාතියෙ පළතුරු පොඩි පොඩි කෑලි කළවම් වෙලා තිබුණෙ. අන්නාසි, කෙසෙල්, ගස් ලබු, අඹ, මුද්දරප්පළම්, රට ඉඳි, කොමඩු ආදී වශයෙන්... ඒ කියන්නෙ, ඒක කොටිම්ම ෆෘට් සැලඩ් ගෙඩියක්. ඒ ගහ හැදිල ඇත්තෙ අර එදා අදිරියං ආතා විට කාලා කෙළ ගහපු තැනක.

51 comments:

  1. Replies
    1. එල ද පෑන්...

      මේ වගේ කතා පොඩි මෙන්ඩට කියනකොට පරිස්සමෙන් බං. මං දවසක් අපේ ගෙවල් ගාව දුවෙකුට බණ්ඩක්කා ගහක් පෙන්නලා කිව්වා බණ්ඩයියා ගහක් කියලා. එයා ගෙදර ගිහිං අම්මත් එක්ක වාද කළාලු, බණ්ඩයියා කියලා ගස් ජාතියක් තියෙනවයි කියලා.

      Delete
    2. How to train your Dragon film එක බලලා ඌ මකර පැටියෙක් ඉල්ලනවා පොරට හදන්න..අපේ ගල් ඉබ්බට කොච්චර තෙරැම් කරත් මු පිලිගන්නෙම නෑ..බංඩි මකරෙක් හරි විදුලි මකරෙක් හරි ගිනි මකරෙක් හරි පොලොං මකර පැටියෙක් හරි ඉන්නවානම් කියපල්ලා...
      මම ඔයාගේ පරන කතා ටික ඊයේ ආයෙත් බලලා කතන්දර ටිකක් එකතු කර ගත්තා...
      දැන් පොඩි මෙන්ඩා දැන් ඩ්‍රැකි මාමව දන්නවා..

      Delete
    3. පොඩි මෙන්ඩා මොකෝ, මාත් ඔය ෆිල්ම් එක බලලා සති දෙකක් විතර සික් එකේ හිටියෙ.

      පොඩි මෙන්ඩව දකින්න ආසයි බං. දවසක ගෙට්ටුවකට එක්ක වරෙං... :-)

      Delete
    4. මුනු පොතේ ඉන්නෙ බං...
      පොඩි මෙන්ඩාගේ උපන් දිනේ උඔලාට කියන්න ඉන්නෙ

      Delete
    5. “දකින්න“ කිව්වෙ මුණගැහෙන්න බං.

      Delete
    6. රාය්ට්..වෙලාවක සෙට් කරනවා

      Delete
  2. ෆෘට් සැලඩ් ගහෙන් අත්තක් බට් කරල දියංකො ඩ්‍රැකියො.

    ReplyDelete
    Replies
    1. ඊට හොඳයි කම්මලේ, විටක් කාපං කොටාගෙන...

      Delete
  3. ලබන සතියෙ විස්ස පාර්ලිමේන්තුවට දැම්මම අර වඳුරු නැ‍ටුම බලතෑකි...

    ReplyDelete
    Replies
    1. ඒක දිහා බලං අපිට හිනාවෙන්න පුළුවන්නං හොඳයි. ඒත් බෑනෙ...

      Delete
  4. පෙරේත වඳුරන් දුන්නු බෙහෙත පාර්ලිමේන්තුවේ භෝජනගාරයට දෙන්ට ඕනේ.

    ReplyDelete
    Replies
    1. උන් ඕවා කාල තියෙන්නෙ. වෙලාවකට ඔය පළතුරු මිරිකලා ඇට ගන්නත් ට්‍රයි කොරන්නෙ.

      Delete
    2. @ මනෝජ්

      ඒ බෙහෙත උන්ට කොච්චර සැරට හදල දුන්නත් වැඩක් නෑ. උන්ට ඒක හොඳට පුරුදුයි. පාර්ලිමේන්තුවෙ නයිටක් ගැහුවෙත් ඕක කකා ය කියන්නෙ.

      @ මධුමදාවී

      ඒක වුනේ මෙහෙමනෙ: හෙළ උරුම හාමුදුරුවරු පාර්ලිමේන්තුවට පත් වෙච්ච අලුත, මහින්ද මර්වින්ට කිව්වා, "හාමුදුරුවන්ගෙන් කොහොම හරි තුනෙන් දෙක ගන්න ඕනෙ" කියලා. මර්වියා ඒක තමන්ට තේරුණ විදිහට ක්‍රියාත්මක කළා...

      Delete
  5. (පස්සෙ උන් දෙන්නත් අර පොලු වලින් ගහගත්තද කියලා නං බාප්පා කිව්වෙ නෑ.)

    අනිවා ගහගන්න ඇති බං. මරු කතාව

    ReplyDelete
    Replies
    1. ඒක තමා, බාප්පගෙ ඔළුවත් ටිකක් ඉදිමිලා තිබුණෙ කන්තලේ ඉඳල ආවට පස්සෙ...

      ටැංකිව් රාජ්...

      Delete
  6. ඔච්චර කොච්චි හොයන්නේ නැතුව ගංජා රොටි ටිකක් හදල තිබ්බනම් ලේසියෙන්ම වඳුරු මොටව්ස්ල අල්ල ගන්න තිබ්බා...

    උඹ මේ කතාව කිව්වම මතක් උනේ. වතාවක් අපේ උන් දෙතුන් දෙනෙක් යාල ගිහින් කෑම්ප් කරන්න...
    කළින් වතාවක කාපු කස්ටක් නිසා මුන් යද්දී මදනමෝදක ත් අරගෙනමයි ගිහින් තිබ්බේ...
    කෑලි කෑලි වලට කඩලා තැන තැන තිබ්බ මදනමෝදක ටික කාපු රිළා මොටන්ස්ලා තැන තැන වාඩිවෙලා බකන් නිලාගෙන ඉන්න ගත්තලු.
    හැබැයි එදායින් පස්සේ රිලවුන්ස් ලා මුන්ගේ ටෙන්ට් එක පැත්ත පළාතෙවත් ආවේ නැහැල්ලු...

    ReplyDelete
    Replies
    1. apith trip ekak giyaa topi kaalaa. thawa podden drayiwarayaa happagannawa nidimathata. ayi yako kawuruth kathaa ne.Okkoma podi hinaawak ekka bara kalpanaawaka.

      Delete
    2. ඇනෝ යාළුවා,
      මගේ නරක වෙලාව කියන්නේ මට ඔය ටොපි(මෝඩක) වලින් කිසි වගතුවක් වෙන්නේ නැහැනේ...
      අන්න ඒකට රොකට්. හෙහ් හෙහ්...

      Delete
    3. අපේ සාගලයා දවසක් සෝබනයත් එක්ක ටොපි කාලා, මෝටර් බයික් එකක යනවලු, - සෝබනයා මට කිව්වෙ, - සාගලයා බයික් එත එලවගෙන යනවලු, පාරෙ පයිං යන පොරක් ගෙ පිටිපස්සෙන් හිමින් හිමින්...

      අර රොටි වලට ගංජා දැම්මට නම් වැඩක් වෙන්නෙ නෑ. මොකද, ගංජා වලින් ප්‍රචණ්ඩකාරී හැසිරීම් එන්නෙ නෑනෙ. ඒකෙන් වෙන්නෙ වඳුරො ගංජා වලට ඇබ්බැහි වෙන එක විතරයි.

      සමහර විට ගංජා රොටි කෑව වඳුරො ටික කොටියෙක් ගාවට යැව්වනං පට්ට ආතල් එකක් ගන්න තිබ්බා.

      මාත් දැකල තියෙන හොඳම මත්ද්‍රව්‍යය තමයි ගංජා. හැබැයි "තණමල්විල ස්පෙෂල්"...

      ලොකු පුතා ටයි ඇනෝ ටයි ඉස්තූතියි අත්දැකීම් බෙදාගත්තට

      Delete
  7. පලතුරු අැට ටික මික්ස් වෙන්න අැති නේ! :D

    ReplyDelete
    Replies
    1. කාලා බලහං අලියා, හැමදාම දිවුල් ගෙඩි ගිලින් නැතුව...

      Delete
  8. Replies
    1. මදි තමා, මොනව කරන්නද? ගජබින්න හිඳීගෙන එන්නෙ.

      Delete
  9. ෂහ්. නියම කෙරේමයක්නෙ බාප්පත් හොයාන තියෙන්නෙ.
    මම හිතුවෙ අර අන්තිමට හැදිච්ච ගහෙ හැදුනෙ බුලත් විට ගෙඩි කියල.

    ReplyDelete
    Replies
    1. බුලත්විට ගෙඩි ගහක් හදාගන්න තිබුණා, ‍ඔතල තිබ්බ කොලෙත් එක්ක වංගෙඩියෙ කෙටුවනං...

      Delete
  10. ජයශ්‍රී කියන්නේ අර උන්ගේ චූන් උන්ටම චූන් වර්ගයේ සින්දු කියන ඇස්බැස්ටෝස් ගොඩක් උඩින් ගල් මෝලක් යනවා වගේ සද්දෙකින් සින්දු කියනවා කියලා තටමන එකා නේද?

    ReplyDelete
    Replies
    1. ඒක මරු කමෙන්ට් එක... ජයශ්‍රී කියන්නෙ එකෙක් නෙවෙයි, කලින් තුන්දෙනෙක්, දැන් දෙන්නයි.

      Delete
    2. ජය ශ්‍රී කියන්නෙ නියම දක්ෂයෙක්...ඒකෙ දෙකක් නෑ...ජාත්‍යන්තර ගීත දර්ශකයක මුලින්ම තමන්ගෙ ගීතයක් ලංකාවෙ කෙනෙක් විදියට දාගත්තෙ ජය ශ්‍රී.

      Delete
    3. සිරා එක්ක එකඟයි. උන්ගෙ මං අර උඩින් කියපු සිංදුවෙ මං දැකපු හොඳම දේ තමයි, සිංහල ගමේ ගොඩේ විදිහට රැප් කරන්න පුළුවං කම.

      Delete
  11. අපේ රඹුටන් ගහටත් රිලව් එනවා. මම හිතාගෙන ඉන්නේ උන්ට කියවන්න පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ටිකක් රඹුටන් ගහේ එල්ලලා තියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු උපක්‍රමේ. රිලව්ට පිස්සු හැදෙයි අන්තිමේ. හැබැයි රිලව් කුණුහරප ඉගෙනගනියිද දන්නෑ...

      Delete
    2. එකනේ ඔතන වාසුලගේ පරම්පාරවෙන් එන එකෙක් හිටියොත් විචා මාමාට "මොකා" කියලා කථා කරයිද දන්නේ නෑ

      Delete
    3. මොකා නෙවෙයි, වෙන එකක්... :-)

      Delete
  12. කලෙකින් ගජබින්නාලංකාරය ලියන්න මතක් වෙලා..

    ReplyDelete
  13. හිකිස්! මාර මිරිස් ජාතිනොවැ තියෙන්නෙ ඒ පැත්තෙ.
    ඔහොම පළතුරු ඇට කලවං වෙලා හැදිච්ච පැලයක් ගැන අද මාත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. කොක්කු ජාති ගොඩක් ඉන්නවා එහෙ. උං ගෙනත් දාපු ඇට ජාති වලින් තමයි ඔය කොච්චි මිරිස් හැදිලා තියෙන්නෙ...

      මදාවියගෙ පැලෙත් බලමු... :-)

      Delete
  14. අඩේ මම මේ ගජබින්න කියවන්නේ අදමනේ... පරණ ඒවා හොයල බලන්න ඕනේ.
    මොනවා උනත් පට්ට කතා වගේ
    මේ අර මන්චෝසන් චාරිකා කියන පොත කාගේ එකක් ද?

    ReplyDelete
    Replies
    1. මොනවා පැතුම්? ඕං මගෙ කැටගරි ලැයිස්තුවෙ තියෙනවා කතා දහයක් විතර.

      මැන්චෝසන් චාරිකා පරිවර්තනයක්...

      ග්‍රන්ථ නාමය - මැංචෝසන් චාරිකා
      ලේඛකයා - ආර්. ඊ. රාස්ප් / ඩී. බී. කුරුප්පු
      පිටු - 105ක් වේ.
      ග්‍රන්ථ අංකය -ISBN 955-5911-49-2
      ප්‍රකාශකයෝ - කුරුලු පොත් ප්‍රකාශණයකි.
      (විස්තර උපුටා ගත්තෙ මෙතනිං )

      රාජගිරියෙ කෝට්ටෙ නගර සභාව ඉස්සරහ ඔය කුරුලු ප්‍රකාශකයො තියෙන්නෙ. මං ගත්තෙ එතනිං.

      පීඩීඑෆ් එක මෙතනින් ගන්න

      Delete
  15. මට අඩවෙනකන් හිතා ගන්න බැරුව හිටියේ අපේ හන්දියේ ස්නැක් බාර් එකේ අඹ බිම, අලිගැට පෙර බිම, පැෂන්පුට් බිම , ගස්ලබු බිම, දොඩම් බිම ඔක්කොමත් එක්ක අන්තිමට මික්ස්පුට් බිම එක හදන්නේ මොන පලතුරෙන්ද කියලා .... ආ.... පුට් සැලට් ගෙඩියෙන්

    ReplyDelete
    Replies
    1. ඔය ඉස්නැක් බාර් එක තියෙන්නෙ මැලේසියාවෙ හංදියෙද? වෙන්න පුළුවං කන්තලේ තවම ඉන්නවා මැලේසියාවට "පුට් සැලට්" ඉම්පෝට් කරන පොරක්...

      Delete
  16. රිළවුන්ට මිරිස් දාල කෑම දෙන සිද්දිය මාත් අහල තියෙනවා. උන්ගෙන් තියෙන වදේ හැටියට ඔහොම නොකරත් බෑ. ගජබින්නාලංකාරය යටතේ තියෙන අනිත් කතා ටිකත් කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මිරිස් කතාව කි‍ව්වෙ අපේ ඔෆිස්සෙකේ පොරක්, ඌ හරියටම කතාව කිව්වෙ නෑ. කතාව කිව්වෙහිනාවෙනවට අමතර වශයෙන්...

      Delete
  17. ඩ්‍රැකි ගෙ සයිට් එකට ආවම, මේකට එන්න පාර හොයාගත්ත, වෙන ටැබ් එකක ඇරිල තිබුණු අනෙක් වෙබ් පිටුවත් මෙන්න මේ 1 සයිට් එකෙන් ගිහිල්ලා 2 ට රිඩිරෙක්ට් වෙනවනෙ. මොකක් හරි කරන්න බලන්න.

    1) http://safetracking.net/path/lp.php?trvid=10013&trvx=c55a84de&subid=77387636923&country=LK&zoneid=5131&media=pop

    2) http://offer.alibaba.com/?imp=2m19brl19nt222ffi60n&xp=70OI0m1aQ35QwfrT9sRMc5EU4eVztCi7F5U3m_34VbvLBiUdib8Hj9q9Og-SRdg7o4TryVYRyxGrRqVENgNBpywxt5qccAirBxMQBFPntL4&pid=16553_P11&td=cldlr&cv=1&aff_id=182850737&ct=2&size=300_250&cn=LK&an=1000000016001&bm=cpa&tp1=3227704219&src=saf

    ReplyDelete
    Replies
    1. මාත් ඒක දැක්කා. තේරෙන්නෙ නෑ මොනවද වෙන්නෙ කියලා. චන්දන හරි සහන් හරි හිටිය නං අහගන්න තිබ්බා.

      Delete
  18. හුග දවසකින් බොලං මේ පැත්තට ආවෙ...පහුගිය ටිකේ අදිරියන් ආතා එක්ක ෆුට් සැලඩ් ගෙඩි වගයක් පැටෙව්වා දකුණු මෙසපොතේනියාවට...ඒකයි කාරණේ.

    ReplyDelete
    Replies
    1. මාත් ආවෙ හුග දවසකින් තමා. මං ෆුට් සැලඩ් ගෙඩි කැඩුවා උඹට පටවන්න... :-)

      Delete
  19. wadhuro ekekwath ethuru novi okkoma walakjja gahapu ekai lassana wAde. :-D

    ReplyDelete
    Replies
    1. අර නැටි දෙක විතරක් ඉතුරු වෙච්ච සීන් එකේ අනික... :-)

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි