Tuesday, June 30, 2015

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රපටයේ ඔහු දැක්වූ රංගන කුසලතාවය සහ මහා පෞරුෂය ඉන් පසුව මාහට Ben Hur, 10 Commandments, True Lies, වැනි චිත්‍රපට වලින් හමු වූ අතර, මා අවසාන වරට නැරඹූවේ ඔහු Planet of the Apes චිත්‍රපටයේ කළ සාමාන්‍ය චරිත නිරූපණයයි. චාල්ටන් හෙස්ටන් මියගිය පුවත මා දුටු විට, ඇත්තටම දැනුනේ මාගේ පියා අහිමි වූ විට ඇති වූ හැඟීමයි.

http://www.karwansaraypublishers.com/
pw/site/assets/files/5120/el-cid.jpg

දෙවනුව මාගේ මනසට ගොඩවූ චරිතාංග නළුවා වූයේ බටහිර ගොපළු සිනමාවෙන් මතු වූ නමක් ගමක් නැති හුදෙකළා දඩයක්කාරයා ය. අති විශිෂ්ඨ නළුවෙක් සහ අධ්‍යක්ෂ වරයෙක් වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, ඔහුගේ මානවීය ගුණාංග මැනැවින් ඉස්මතු කළේ, Unforgiven වැනි පසුකාලීන සිනමා නිර්මාණ තුළිනි.

http://www.movingimage.us/images/
calendar/media/Unforgiven_1992_5_lowres-detail-main.jpg

තෙවනුව, ගැටවර වියේ පසුවූ මාගේ සිත අරක් ගත්තේ බාබේරියානු කෝනෑන් වූ ද, කෙළවරක් කරන්නට අනාගතයෙන් පැමිණි රොබෝ වරයෙකු වූ ද ආනෝල්ඩ් ෂ්වෝට්සෙනෙගර් ය. ක්‍රියාදාම, පවුලේ කථා, විකට චරිත වැනි පුළුල් පරාසයක රංගන ප්‍රතිභාවක් ප්‍රකට කළ ඔහුගේ, මා වඩාත් ම ප්‍රිය කරන්නේ (තවමත්) True Lies සහ Last Action Hero හි දැක්වූ චරිතාංග කළවමයි.

http://images2.cinema.de/imedia/0227/
1890227,3xi6zTx_hymqGeTDzJ9JmG0fe
WbeE2OkkolngvzaAlssgy48osdIEnwqc
JFJ7RUv21bLezPOdtU5J1RRBADAdQ==.jpg

මේ සියල්ල අතර, එක් නළුවෙක් පමණක් පෙනුමෙන්, කඩවසම් සිරුරින්, කටහඬින්, සියල්ලටමත් වඩා - දුෂ්ටයෙකු වීමට දැක්වූ නිර්භීත බවින් මාගේ පෞද්ගලික තරාගත කිරීම් වල ඉහළින්ම සිටියි. ඒ වෙන කිසිවෙකුත් නොව, මාගේ බ්ලොග් අඩවියේ මුහුණුවර සැරසූ, ක්‍රිස්ටෝෆර් ලී ය. රිදී තිරයේ වීරයෙකු වීමට වඩා, දුෂ්ටයෙකු ලෙස ඉස්මතු වීමෙන් කීර්තියට පත්වීම මා ඔහුගේ දකින විශිෂ්ටතම ගුණාංගයයි. ඔහු පණහේ දශකයේ රඟපෑ ඩ්‍රැක්‍යුලා චිත්‍රපට එහි ඇති දිළිඳු බව නිසා ම දැන් දකින විට සිනහ පහළ වූවත්, එයින්ම ඔහු රිදී තිරයේ පුරාවෘත්තයක් බවට පත් වූයේය.

http://vignette3.wikia.nocookie.net/
dracula/images/3/35/Url.jpg/revision
/latest?cb=20130421135630

James Bond චිත්‍රපටයක රන් පිස්තෝලය දරන මිනිසා, Star Wars චිත්‍රපට මාළාවේ ඩූකූ සිටුවරයා, Lord of the Rings හි සරුමාන්, වැනි ප්‍රකට දුෂ්ට චරිත මෙන්ම, Charley and the Chocolate Factory හි විලී වොන්කා ගේ පියා ගේ චරිතය වැනි ජ්‍යෙෂ්ට චරිත ද නිරූපණය කිරීමෙන් මොහු තම පුළුල් පරාසයක පැතිරි හැකියාවන් පෙන්වා තිබේ.

ඩ්‍රැක්‍යුලා මිය ගිය වග මා දැනගත්තේ මධුමදාවියාගේ කවිකොලයේ කැමරාවෙන් එහා ලෝකයෙන් ආ කමෙන්ටුවකිනි. මේ තරම් කල් ගොසින් වුවද, එම ආරංචිය මා දැනගත් විට, මුලින් චාල්ටන් හෙස්ටන් ගේ අභාවය දැනගත් විට ඇති වූ හැඟීමටම ආසන්න හැඟීමක් මා තුළ ඇති විය.

කාලයකින් නොලියා සිටිය ද, ලියන්නට කොතෙකුත් දෑ තිබුණ ද, මාගේ රෝල් මොඩලය වූ ක්‍රිස් ලී ගේ අභාවය වෙනුවෙන් යමක් නොලියා සිටින්නේනම් මා මහ ගුණමකුවෙකි. එහෙයින්...,

ඩ්‍රැක්‍යුලාගේ අභාවය වෙනුවෙන් ඩ්‍රැකී ජූනියර් ගේ සාතිශය සංවේගය මෙසේ පළ කර සිටිමි...

ප/ලි

ටෝනි, වතුර (ජෝ) අබේවික්‍රම, ගාමිණී යන අය මෙම ලියවිල්ලෙන් මඟ හැරියේ කුඩා / මහත් භේදයක් නිසා නොව, ලියවිල්ලේ ආවේගය නිසා බව කරුණාවෙන් සළකන්න...

38 comments:

  1. ඩ්‍රැක්‍යුලාගේ අභාවය වෙනුවෙන් මගේ සාතිශය සංවේගය ද මෙසේ පළ කර සිටිමි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න, එකතු වීම ගැන...

      Delete
  2. ආර්අයිපී!
    ඩ්‍රැකී ජූනියර් ඉන්නව නෙව අපිව බය කරන්න

    ReplyDelete
    Replies
    1. ආර් අයිපී කිව්වම මතක් උනේ, ‘ඩියුක් න්‍යුකම් මෑන්හැටන් ප්‍රොජ‍ෙක්ට්‘ ගේම් එකේ ඩියුක් කියනවා, “රෙස්ට් ඉන් පීසස්“ කියලා...

      ටැංකිව් රාජ්...!

      Delete
  3. හේමත් එකක්ද.. ඔන්න එහෙනම් සංවේග ලිස්ටුවට පිටින් එන මාවත් දාගන්ඩේ!

    ReplyDelete
    Replies
    1. පිටින් කිව්වෙ මොකෝ...?

      Delete
  4. 1960 දශකයේදී පාසල් සිසුවකු ලෙස නැරඹු පළමුවැනි ඩ්‍රැකියුලා චිත්‍රපටියෙන්ම ඔහු අපේ සිත් තුලට කිඳා බැස්සා. සැබවින්ම ඔහු නිකම්ම නිකම් පෙනීසිටින නළුවන් අතර සැබෑ චරිතාංග නළුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... ඒ ෆිල්ම් එක මා ගාව තියෙනවා. ‘හොරර් ඔෆ් ඩ්‍රැක්‍යුලා‘ ෆිල්ම් එක නම් දැන් නිකම්ම ජෝක් වගේ, හැබැයි ක්‍රිස්ටෝෆර් ලී ගෙ රඟපෑම තාම නැවුම්...

      Delete
  5. ඩ්‍රැක්‍යුලා මලා කියන්නේ ඉතින් දැන් අපිට ඒ හැටි බය වෙන්න දෙයක් නෑ. ඔය කියපු ෆිල්ම් ටික බලන්න ඕනේ. මම පරණ ෆිල්ම් රසිකයෙක් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටුද ක්ලබ් කිව්වා... අයිඑම්ඩීබී එකේ තියෙනවා ක්‍රිස් ලී ගෙයි අනිත් අයගෙයි ෆිල්ම් සෙට් එකම ලිස්ට් එක...

      Delete
    2. හෙහ් හෙහ් මම මේක කියවල ගිහින් පෙරේදා රෑ බැලුව Clint Eastwood ඉන්න Escape from Alcatrez

      Delete
    3. අන්න ෆිල්ම්... පුළුවන්නං හොයාගන්න තව, High Plains Drifter, Thunderbolt and Lightfoot, Joe Kidd, Dirty Harry, The Good The Bad and the Ugly, Every which way but loose සහ any which way you can... අන්තිමට කිව්ව දෙක කොමඩි.

      Delete
    4. මේකට සම්බන්ධයක් නැති වුනත් මම ඊට කලින් සතියේ බැලුව The Hindenburg (1975). මේ දාල තියෙන ෆිල්ම් ටිකත් හොයාගන්න ඕනේ.

      Delete
    5. ටැංකිව්. අදම බාගන්නවා... තව බලන්න, Magnificent Seven එහෙම...

      Delete
  6. ඌ මලාට මොකෝ..කමක් නෑ බං අපිට උඔ ඉන්නවනේ...

    ReplyDelete
  7. දැං සෑහෙන දාසක් නේ ද බං. මට මතක විදියට සතියකට දෙක්කට විතර කලිං
    හරි හරි අර මෙනඩ කියපු එකම මාත් කීව කියල හිතාගං

    ReplyDelete
    Replies
    1. සෑහෙන දවසක් තමා. තව ටික දවසකිං මං ටෝනි ගැනත් ලියන්න ඉන්නෙ...

      ඉස්තූතියි මහේෂ්...

      Delete
  8. ඇත්තමයි මම හිතුවේ ක්‍රිස්ටෝෆර් ලී කලින් මැරුණා කියලා.
    මම දැක්කා බ්ලොග් එකෙත් මේ ගැන ලිපියක් තියෙනවා.
    http://transyl2014.blogspot.com/2015/06/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. මළේ කලින් තමයි ඩූඩ්. මං දැනගත්තෙ පෙරේදා...

      Delete
  9. ඩ්‍රැකියුලා හින්දා සාමදානයේ සැතපේවා කියන්නත් බෑ නෙව?

    නියම සිත්තරපටි පෙලක් නෙව? ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සිත්තරපටි ටිකයි බස්...,

      ඩ්‍රැකියුලා හින්දා “රණ්ඩු දබර කොර කොර සැතපේවා“ කියමු?

      Delete
  10. ක්‍රිස්ටෝපර් ලී, ඒ චරිතයට ඉතාම උචිත නළුවා ඔහු. උස සහ මුහුණේ ස්වභාවය මනාව ගැලපුණා. ඉන් පසුව කිසිම නළුවෙක් මමනම් හිතන්නේ නෑ ඒ රූපය තරම් සිතේ ඇඳෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. Police Academy: Mission to Moscow බලන්න. ඒකෙත් සෙසු චරිතයකට පණ පොවනවා.

      Delete
    2. පොලිස් ඇකඩමිය මගෙ මතකයෙන් ගිලිහිලා තිබුණෙ. ඒකෙ ලාවල් ජෝන්ස්ට හුණු කොට්ටෙං ගැහිල්ල තමා මරු. අනික කොමන්ඩාන්ට් ලසාර්ඩ්ට දෙන කිස් එක... :-)

      ඇත්තටම අදටත් ඩ්‍රැක්‍යුලා කියපුවාම මතක් වෙන්න‍ෙ ක්‍රිස්ටෝෆර් ලී තමයි. ඩීමන් ආනන්දගෙ ඩ්‍රැක්‍යුලාගේ මනාලියෝ පොතේ අලුත් මුද්‍රණයෙ කවරෙටත් ගත්තෙ මෙයාමයි.

      Delete
  11. ඇත්තටම ඩ්‍රැක්‍යුලා නිසා ඒ චිත්‍රපටි වල වීරයෙක් ඉන්නවාද කියන එකත් අමතක වෙලා ගිහින්. අවසානයට ඩ්‍රැක්‍යුලව මරලා දාන චරිතය ගැන ඇහුවොත් කාටවත් මතක තියෙනවද දන්නෑ. ඒකට ගොඩක් හේතු වෙන්න ඇති ක්‍රිස්ටෝපර් ලී ගෙ තිබුනු පෞර්ෂය. ඒ මුහුණෙ තිබුණු හැඩය නම් ගැලපෙන්නෙම ඒ වගේ චරිතයකට තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකට මාත් එකඟයි. ඇත්තටම ඩ්‍රැක්‍යුලා ෆිල්ම් වල වැන්හෙල්සිං ට රඟපෑ නළුවා මේ තරම් ප්‍රසිද්ධ වුනේ නෑ.

      The Magic Christian කියන අවර චිත්‍රපටියෙත් කුඩා චරිතයක් තදින්ම මතක හිටින හැටියට මෙයා රඟපෑවා.

      මට නම් මෙයාගෙ හොඳම ලක්ෂණය තමයි කටහඬ...

      Delete
  12. මේ රුව නොහඳුනන කෙනෙකු නැති තරම් ! මගේත් සාතිශය සංවේගය පළකරනවා

    ReplyDelete
  13. ක්‍රිස්ටෝපර් ලීගේ ඒ කාලේ ෆිල්ම් නම් මම ඒ හැටි බලලා නෑ. ඒත් විශිෂ්ඨ නළුවෙක් කියන එකනම් හොදාකාරවම දන්නවා.

    ක්ලින්ට් ඊස්ට්වුඩ් මම හැමදාම ප්‍රියකරන නළුවෙන්.. ආර්නොල්ඩ් ගේ අළුතෙන්ම ආව Maggie ෆිල්ම් එක බලන්න කියලා මම ඩ්‍රැකීට යෝජනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්, මැගී ටොරන්ට් එකක් හම්බුනා. අදම බලනවා. ඒක හොඳ ෆිල්ම් එකක් බව පේනවා තියෙන කමෙන්ට් වලින්ම.

      ආනෝල්ඩ් ගෙ මම අන්තිමට බැලුවෙ ‘ද ලාස්ට් ස්ටෑන්ඩ්‘ (අන්තිම බස්හෝල්ට් එක :-) ) දිනේශ් බලල තියෙනවද, ද ලාස්ට් ඇක්ෂන් හීරෝ, ට්වින්ස්, කින්ඩර්ගාටන් කෝප්, ජිංගල් ඕල් ද වේ...

      Delete
    2. Collateral Damage ?

      Btw, ෂෝන් කොනරි ට කැමැත්තක් තිබුනේ නැද්ද?
      දැන් බලනකොට චුට්ටක් ඕවර් ඇක්ටින් (සමහර චිත්‍රපටිවල) තිබුනට මං නම් හුඟක් කැමතියි
      Untouchables .. වගේ ඒවල

      Delete
    3. කොලාටරල් ඩැමේජ් මරු තමා. ඇයි තව, “සික්ස්ත් ඩේ“? ආනෝල්ඩ් ගෙ ඕවර් ඇක්ටින් ගොඩක් ම තිබුණෙ “හර්ක්‍යුලීස් ඉන් නිව්යෝක්“ ෆිල්ම් එකේ. පස්සෙ පස්සෙ හරි ගියා.

      ෂෝන් කොනරිගෙ මං ආසම එක තමා “එල්එක්ස්ජී“. උන්නැහැට වඩා මං එයාගෙ පුතාට නං කැමතියි. අර සුදු කොණ්ඩෙ තිබ්බ රොබින් හුඩ්...

      ෂෝන් කොනරිත් එක්තරා අයිඩල් එකක් තමා. මට එයාව මගඇරුණා මේක ලියද්දි.

      Delete
    4. මට එදා Escape from Alcatrez බලද්දී Clint Eastwood නිකන් ආනොල්ඩ් වගේ කියල හිතුනා. කොටින් ම ෆිල්ම් එකේ පෝස්ටර් එක මුලින්ම දැක්කම මම හිතුවේ ආනොල්ඩ් කියල හෙහ් හෙහ්

      Delete
    5. ෂෝන් කොනරි ගේ ඕවර් ඇක්ටින් ගතිය මටත් දැනිල තියෙනවා. වයසට යනකොට වෙන සීන් එකක් නේද ? ලංකාවේ අර මැණිකේ අත්තනායකගේත් ඒ ගතිය තියෙනවා

      Delete
    6. ක්ලින්ට් ඊස්ට්වුඩ් රැවුළ නැතුව ඉන්නකොට ඒ වගේ තමා. අපි එච්චර දැකල නෑනෙ පොර රැවුළ නැතුව. :-) “එස්කේප් ‍ෆ්‍රොම් ඇල්කට්‍රාස්“ නම් මාර ෆිල්ම් එක.

      ෂෝන් මයෙ හිතේ මාධ්‍ය වලින් එහෙම පිම්බුණ හින්දා ඕවර් ඇක්ට් කරනව ඇති. පොර මාර චරිතයක් රඟපෑවා Indiana Jones and the Last Crusade එකේ, ඉන්ඩි ගෙ තාත්තට.

      Delete
    7. LXG තව ෆිල්ම් එකක් හදන කතාවක් තියෙනව නෙද? ටි.වි සිරිස් එකක් ආව නම් මරු.
      බ්‍රම් ස්ට්‍රොකර් ගෙ ඩ්‍රකියුලා කතාවෙ ඉන්න මිනා හාකර් LXG එකෙත් ඉන්නව . :D
      LXG කියන්නෙ කතා ලොකයක් මවන්න පුලුවන් කන්සෙප්ට් එකක්

      Delete
    8. LXG ඒකේ චරිත: අැලන් ක්වාටර්මේන්, ඩෝරියන් ග්‍රේ, මීනා හාකර්, ටොම් සෝයර්, කැප්ටන් නීමෝ... තව තව කෂ්ඨිය දාගෙන සීක්වල් ගහන්න පුළුවන්. ෂර්ලොක් හොම්ස්, ටාසන්, වගේ උදවිය... අර ජැකී චෑන්ගෙ ෂැංහයි නයිටිස් ඒකේ ඉන්නවා සර් අාතර් කොනන් ඩොයිල් සහ චාලි චැප්ලින්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි