Thursday, July 9, 2015

බාප්පගෙ කතන්දර - 3 කොටස...

නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. 

“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)

(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ... අද එතැන් සිට. කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)

1. කොටස
2. කොටස

බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචි‍ගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා.

ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.

http://www.styrorail.ca/images/bluefox.jpg

නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේ කළවැද්දෙක්ව වළහෙක්ව දාගත්තා. මේ වළහා ගිහිං අර කොටියව මරළා දැම්මා. ඒ ගමන නිල් නරියයි අනිත් නරියි කියන්න ගත්තා අන්න විෂ්ණු දෙයියො එවපු අපේ මහරජතුමා ගෙ නායකත්වයෙන් කොටියව මරලා දැම්මයි කියලා.

දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා.

ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?"

"ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා ‍පාරෙං ෂේප් උනා.

ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා.

හංසයා ක‍ැළේ රජ උනා. අලියා මහ ඇමති උනා. කළවැද්දට නාකි වළහට වෙල්විදානෙ කම දුන්නා. නිල් නරියා ඇරෙන්න අනිත් නරි සෙට්එකටයි උරුලෑවටයි ඇමතිකම් උප ඇමතිකම් දුන්නා.

රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාස‍ලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.

ඔය අතරෙ මහඇමති  අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා.

අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා.
අලියගෙ කණ අතගාලා තව‍ එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා.
තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා.
තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා,
අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා.
නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.

http://inquiry111westminster.wikispaces.com
/file/view/blindmenandelephant.jpg/
163983601/blindmenandelephant.jpg
ඊටපස්සෙ ඔය අන්ධයො ටික කැඳහැලියක් උයන්න පටන් ගත්තා. ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, ඒකට එක එකා හාල් මිට ගානෙ දාන්න පොරොන්දු වුනා. මුට්ටිය හොඳට නටාගෙන එද්දි, අන්ධයො ටික හාල් දාන්න අතපත ගගා ගිහිං, මුට්ටියෙ හැප්පිලා මුට්ටිය පෙරළිලා බිඳුනා. අන්ධයො ටික උණු වතුරට හොඳටම පිච්චුනා.

ඔය අතරෙ රයිගමයා ගම්මිරිස් කොළ වගයක් කදක පුරවාගෙන වෙළඳාමෙ ගියා ගම්පොළ දිහාවට. ගම්පොළයා කිතුල් ඇට වගයක් කදක පුරවාගෙන රයිගම දිහාට වෙළඳාමෙ ගියා.

ඉතිරි කොටස ළඟදීම...

65 comments:

  1. බාප්පගෙ කතන්දරෙත් අර ඉවර වෙන්නෙ නැති කතාව වගේ......
    එහෙම නමක් තියෙන ලස්සන පොතක් තියෙනවා. ළමා කතාවක්. ඒ උනාට ඕනෙම වයසකට ඔට්ටුයි.

    ReplyDelete
    Replies
    1. මම ඒ පොත අහල නෑනෙ. හොයාගන්න ඕනෙ. ඉස්තූතියි දැනුවත් කිරීමට.

      බාප්පගෙ කතාව කොහෙං හරි ඉවර වෙන්නෙ පොඩි උං දෙන්නට නින්ද ගියාමයි. උං නිදාගන්නෙම නෑනෙ.

      Delete
    2. ඉවර නොවෙන කතන්දරය" වගේ නමක් ඒකට තියෙන්නෙ. පරිවර්තනයක්. සම්මාන දිනපු ෆිල්ම් එකක් හැදුනු කතාවක්. ආසාවෙන් කියවන්න පුළුවන්. සරසවි පොත් හලේ සමහර විට තියෙන්න පුළුවන්. ගුණසේන එකේ නම් නෑ.

      Delete
    3. ඉස්තූතියි කැමරාස්... මං යනවා මරදාන සිසාරා...

      Delete
    4. පොත කියවලා කොහොමද කියලත් කියමු එහෙනම්...

      Delete
    5. ඩ්‍රෑකි මටත් පොතේ නම දියන්

      Delete
    6. "ඉවර නොවෙන කතන්දරය" තමා නම. තවම හම්බුනේ නෑ.

      Delete
    7. ආ... අර එන්ඩ්ලස් ටේල් කියන එකේ සිංහල පරිවර්තනයනෙ ඔය... මං නොදන්නවැයි.

      Delete
    8. හැබෑට උඹ නොදන්න දේවලුත් මේ ලෝකෙ තියෙනවද?

      Delete
  2. ලමා කතන්දර නොසෑහෙන්න අහල තියන පාටයි...
    ඒත් මෙහෙම කම්බයින් කරන එක මැක්සා වැඩක්!!
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා තිස්ස මහත්තයා. මට කතන්දර කියල දුන්නෙ අපේ අම්මා. ඒ වුනාට කම්බයින් කරන ටෙක්නික් එකනං තනිකරම බාප්පගෙ ආභාසය...

      Delete
  3. නියමයි බං... සුරංගනා කතාවක්ම තමා මේ දවස්වල යන සිනාරියෝ එකනං... (මට පුරස්නෙ කවුද අර උරුලෑවා කියලා. අනික් උන්නං ඔක්කොම අඳුනගත්තා)

    ReplyDelete
    Replies
    1. අන්ධයො අලියගෙ හැඩේ කිව්ව වගේ තමයි දැන් තියෙන දේශපාලන වාතාවරණය. ඉස්තූතියි වල් මදාවියා... උරුලෑවයි කිව්වෙ සවුක්කිය ඇමතිට...

      Delete
    2. ෂැක් විතරක්... මගේ නාම විශේෂණයේ කැත.

      Delete
    3. ඒක උඹට ගෞරවේටනෙ කිව්වෙ... නම්බුනාමයක්... :-)

      Delete
  4. රයිගමයටයි ගම්පලයටයි වෙච්ච දේවල් ගැන බාප්ප කියාපු හැටි අහනකං ඉවසිල්ලක් නෑ.

    ReplyDelete
    Replies
    1. තව ටික දවසයි අයියා... 13 න් පස්සෙ දාන්නං. :-)

      Delete
  5. මෙහෙම ගියොත් මේ කතාව ඉවරවෙන්නෙ ලබ්බෙ තොයිලෙ කතාවෙන් තමයි . 13 න් පස්සෙ බලමුකෝ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හංසයා නරියෙක් වෙයිද? අලියා කලවැද්දෙක් වෙයිද? වෙල් විදානේ ලැබිච්ච විදානේකම තියාගෙන නම්බුව රැක ගනියිද?

    අනේ මන්දා ඊළඟ කොටස 13 න් පස්සේ. හැබැයි ඊටත් පස්සේ කොටස අගෝස්තු 18 වෙනිදා ලියන්න හිතාගත්තොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කවුරු කවුරු වෙයිද දන්නෑ. කොටළු හම පොරොවගත්ත සිංහයොයි, සිංහ මහ පොරොවගත්ත ඌරොයි, තව මොන මොන එවුන් මතුවෙයිද ඉස්සරහට?

      වෙල්විදානෙ නං ආයෙ ආදර බර භාර්යාවත් එක්කම ඡන්දෙ ඉල්ලනවලු නේ.

      ඉතුරු කොටස මොකක් වෙයිද කියලා තාම කියන්න බෑ බොස්. මෙව්ව ගැන හිතනවට වඩා හොඳයි මදු මදාවියගෙ කයියක් රසවිඳින එක.

      Delete
  8. මට මේකෙ පොඩි ‍‍ෆැමීලියර් ගතියක් දැනෙනව වගේ.
    ඉතුරු කොටසුත් ළඟදිම ලියැවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ෆැමිලියර් කියන්නෙ පවුලේ අරගලය වගේ දෙයක් ගැනද ප්‍රසා?

      Delete
  9. අන්තිමට හංසයයි අලියයි නරියයි එකතුවෙලා කැලේ සත්තු ටික රැවට්ටුවලු ...

    ReplyDelete
    Replies
    1. අර සුපර් මෑනුයි ඉස්පයිඩර් මෑනුයි දියවන්නාවෙ ඩයිනමයිට් දාලා මාළු ඇල්ලුවා වගේ...

      Delete
  10. වට්ටක්කාවලට වස දාලා අලින්ට දෙනවා හේන් ගොවියො.

    නරින්ට වුනත් දෙන්න පුලුවන්
    වස, ගුලි, ලණු ඕනැ එකක් වට්ටක්කා අස්සෙ තියෙන්න පුලුවන්.....වේලුන ඒවගෙත්

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපේ වේලිච්ච වට්ටක්කා පුහුනෙ... ඒකනෙ මලපනින්නෙ.

      Delete
  11. උඹ කතාවෙ ආතල් එක කාල ඒකට ද්සපාලු ගතියක් දීල
    ඩිස්ලයික්
    (තරහ වුණත් හිතට දැණුන දේ තමා කීවෙ.)
    මෙලෝ ගතියක් නෑ

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි. මගුල... ලියවෙන්නෙම එව්වමයි.

      Delete
  12. දේශපාලනය එපා බං..
    උඔව දන්නෙ අදුරන්නෙ අපි විතරක් නෙමෙයි අපේ පොඩි එවුන්ටත් උඔ විරයෙක්..ෆිට් පොරක්. පොඩි මෙන්ඩියාට උඔ ඩ්‍රැකි මාමා.
    උඔ විශ්වාස කරපන් ඊයේ රෑත් පොඩ්ඩා උඔ ගැන ඇහැව්වා..
    මේ ස්ටැයිල් එක හැකියාව උඔට විතරක් තියන දෙයක් ඒක නැතිකර ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මෙන්ඩා... ඡන්දෙ ඉවර වෙනකල් ‍මොකවත් ලියන් නැතුව ඉන්නයි බැලුවෙ. මේක, ලියවෙන්නෙත් ඒවමයි. යසට හිටිය යාළුවොත් සමහරු කැඩෙනව...

      Delete
    2. ඒ වගේද පොඩි මෙන්ඩා තරහා වුනොත්?

      Delete
    3. ඒක තමා ආයෙ හදාගන්ඩම බැරි වැරැද්ද. මට හිතයි මේ කොටහ ආයෙ ලියලා පළ කරන්න.

      Delete
    4. එපා...ගිය දේ ගියා අත ඇරලා දාපන්..හැමදේම වෙන්නෙ හොදටයි කියලා දැන් උඔ දන්නවනේ උඔට පොඩි පාඨකයොත් ඉන්නවා කියලා

      Delete
    5. එහෙනං ඉතුරු ටිකවත් හරියට ලියන්නං ඈ.

      Delete
    6. දහ අට හවස අපි මෙන්ඩලාගේ ගෙදර ගිය වෙලෙත් පොඩි මෙන්ඩා හෙව්වේ ඩ්‍රැකී මාමව..

      Delete
    7. දහ අට හවස අපි මෙන්ඩලාගේ ගෙදර ගිය වෙලෙත් පොඩි මෙන්ඩා හෙව්වේ ඩ්‍රැකී මාමව..

      Delete
    8. ඒ කතාව නම් පපුවට ගොඩක් දැනුනා ක මි...

      Delete
  13. ඒ මේ වගේම ස්ටොරියක් මේ දවස් වල මෙහෙත් පෙන්වනවා.

    ReplyDelete
    Replies
    1. ඒක මෙයිට වඩා හරිම සංකීර්ණයි. ඒ වගේම අර නරි ඔක්කොම පන්නනවා වගේ දේවල් වෙන එකකුත් නෑ.

      Delete
  14. නරිය හැමදාම වගේ අලි සිංහයො ඔක්කොම ගොනාට ඇන්දුවා. අර කොටියට නරියා කල වැඩේත් කරලා පහුවදාට පත්තරෙත් දායිද මන්දා

    ReplyDelete
    Replies
    1. පහුවදා නෙමෙයි, වේලෙන්ඩත් කලින් රාජිතයා කියනව එහෙම එකක් වුනේම නෑ කියලා... :-)

      Delete
    2. සරත් අයියන්ඩි ලියන්නෙ නැත

      Delete
  15. හෙහ්..මරු කතාව මලේ...:)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි රවි තුමා...

      Delete
  16. බාප්පගෙ කථාව අස්සෙ වර්තමාන දේශපාලනයත් ගෑවිලා....

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යනකොට නොදැනිම වගේ ඒ පැත්තට යනවා මේ දවස් වල...

      Delete
    2. එහෙම නොවෙන්නත් හොඳ සංයමයක් තියෙන්න ඕනේ බොලව්...

      Delete
    3. සංයමේ නැතිවෙනව අෆ්ෆා මේ කාලෙ අහන්න තියෙන දේ වලින්...

      Delete
  17. රයිගමයයි ගම්පලයයිම තමා . හැමදාම මිනිස්සු රවට්ටන්නේ.
    http://nelumyaya.com/?p=3527

    ReplyDelete
    Replies
    1. රයිගමයයි ගම්පොළයයි උං දෙන්නවමත් රවට්ටනවා. සමහර ලොවට බලනකොට තමන්වමත් රවට්ටලා.

      ස්තූතියි අජිත් ධර්ම...

      Delete
  18. මේකට ලාවට දේශපාලනේ එහෙම ගෑවිලා තියනවද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ කියන්නෙ කුමකටදෝ - මම දන්නේ එකම එකයි
      මැජිකල් කතා විතරයි...

      Delete
  19. කතාව ආතල්...
    දේසපාලනේ නැත්නම් ආතල් එක තව වැඩි වෙන්නත් ඉඩ තිබ්බ කියල හිතෙනවා...
    කෙසේ නමුත් හොඳ නිර්මාණයක් ඩ්‍රැකියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු පුතා...

      දේශපාලනේ මෙච්චරම එළිපිට කතා නොකරන ආතල් කතන්දර විතරයි මීට පස්සෙ ලියන්නෙ.

      Delete
  20. යකෝ මේකත් අර සහන් කසීරගෙ "ආච්චිගෙ කොලම" පොත වගේනෙ. සුපිරි එකේ ඉහලම එක!

    ReplyDelete
    Replies
    1. ආච්චිගෙ කමෙන්ට් එක? ඒ මොකද්ද? :-)

      බයි ද වේ, ඉස්තූතියි බස්සි,

      Delete
  21. කියවන්න හුඟාක් පහු උනා බං.. ඒත් රසනම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.. එළ..

    ReplyDelete
  22. කියවන්න හුඟාක් පහු උනා බං.. ඒත් රසනම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.. එළ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ක මි. ලෝන්ග් ලාස්ටින්ග් විදියට දේශපාලන කතා ලියන්න අමාරුයි මේ දවස් වල වෙන පෙරලිත් එක්ක.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි