Monday, July 27, 2015

ලොව පුරා ජනකථා අතරින් - ලෝකෙ දිගම කතාව...


සිරා ගේ ආරාධනයෙන්, 
මෙන්ඩා ගේ මග පෙන්වීමෙන්, 
අපේ තාත්තාගේ මුල් ගල් තැබීමෙන් 
මේ කැටගරිය ආරම්භ වන්නේය...

මීට කලින් කණ්ණඩ ජනකතාවක් පෝස්ට් කළා. ඒක මේ කැටගරියේ මුල්ම කතාව විය යුතුයි. ඒත් මේ කැටගරිය ආරම්භ කරන අද, මුලින්ම කියන්නට යන්නේ ලෝකයේ තියෙන දිගම කතාවයි. 

ලෝකෙ දිගම කතාව කිව්වම, මා ළඟ තියෙන්නෙ චීන කතාවක් සහ අප්‍රිකානු කතාවක්. ඕං ඉස්සෙල්ලම චීන කතාව...

චීනෙ හිටියා අධිරාජයෙක්. එතුමා හරිම ආසයි කතන්දර අහන්න. එතුමා කලින් අහලා නැති කතාවක් කියන්නට පුළුවන් වුනු කතන්දර කාරයන්ට එතුමා බොහොම ඉහළින් සැළකුවා.

දවසක් අධිරාජයට හිතුනා ලෝකෙ තියෙන දිගම කතන්දරය අහන්නට. ඉතින් කරපු වැඩේ, චීනය පුරාම අණබෙරයක් යැවුවා, ලෝකෙ දිගම කතාව කියන්න පුළුවන් තැනැත්තාට ඇතෙක් ගෙ බරට රත්තරන් දෙනවාය කියලා.

ඉතින් කතන්දර කාරයො රජමාළිගාවෙ පිරුණා. අධිරාජයා එක එක්කෙනා බැගින් ගෙන්නුවා කතන්දර අහන්නට. එක් කෙනෙක් එදා උදේ පටන් ගත්ත කතාව ඉවර කළේ පහුවදා පාන්දර. ඒ තරමට දිගයි කතාව. නමුත් අධිරාජයාට ඒ කතාව දිග මදි.

තවත් කෙනෙක් දවස් දෙකක් තුනක් ගත්තා කතන්දරය කියන්න. ඒත් අධිරාජයාට දිග මදි වුනා. සමහරු සතියක්, සති දෙකක් විතර කතා කිව්වා.

අධිරාජයා සෑහීමකට පත් නොවෙන තැන කතන්දර කාරයන් මාළිගාවට එන එකත් ටිකෙන් ටික අඩු වුනා. ඒත් දවසක් එක කතන්දර කාරයෙක් ඇවිත්, කතාවක් කියන්න පටන් ගත්තා.

".. ඔන්න එක්තරා කාලයක චීනයේ හිටියා මහා ඉඩම් හිමි ගොවියෙක්..." එයා කතාව පටන් ගත්තා. රජතුමා ඔහු ඉදිරියේ වාඩි වෙලා ඔළුව වන වනා කතාව අහනවා. "..එ් ගොවියාට තිබුණු ඉඩම් චීන මහා ප්‍රාකාරයේ සිට කහ මුහුද දක්වාම පැතිරී තිබුණා. එක පැත්තකින් ධාන්‍ය අස්වනු නෙළාගෙන අනෙක් පැත්තට යනවිට මුලින් අස්වනු නෙළූ පැත්තේ ආයෙත් අස්වනු පැහිලා. ඒ වගේම එයාගෙ අටු කොටු ම තිබුණා අක්කර ගණානාවක. 

ඔහුට හිටියා බොහොම දක්ෂ, ශූර වීර සහ නැණවත් පුතුන් තුන් දෙනෙක්. වැඩිමල් පුතා අශ්වයන් දමනයට විශේෂයෙන් දක්ෂයි. මද්දුම පුතා ගණිත ශාස්ත්‍රයට දක්ෂයි. බාල පුතා ප්‍ර‍ායෝගික බුද්ධිමතෙක්.

ඔන්න දවසක් වී කුරුල්ලෙක් ඇවිත් අර ගොවියාගේ එක අටුවකින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. මුර කාරයො මේක දැක්කා. ඒත් ඉතින් මේ පොහොසත් ගොවියාගේ අටු කොටු කොයිතරම් පිරී තිබුණාද කිව්වොත්, ඔවුන් මේ එක වී ඇටයක් අඩුවීම ගැන මොනවත් ම කළේ නෑ.

https://public.dm2301.livefilestore.com
/y3pNgp52DGKzk3cDVHJDIwuahm4-
Zjsh1LVOPtuvyy1N3TAoQeOFTl7
u34zFv_8UOjmz3TPS2KdQ7IsKWhYaa_
tbaaZmr-XtKJes8qBv3OHsDU/
Gela%20Kalu%20Vikurulla%20-2.jpg?rdrts=112611686

ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා.

ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."

"ඉතින්?" අධිරාජයා ඇහුවා.

"...ඊ ළඟ ද‍වසෙත් අර වී කුරුල්ලාම ඇවිත් තවත් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා."

"හරි ඉතින් ඊට පස්සෙ?" අධිරාජයා නොඉවසිල්ලෙන් ඇහුවා.

"...ඊ ළඟ දවසෙත් වි කුරුල්ලා ඇවිත්..."

"හරි හරි... වී කුරුල්ලා ගියාට පස්සෙ මොකද වුනේ කියනවකො." අධිරාජයා කිව්වා.

"... එහෙම කිව්වට රජතුමනි, මේ පොහොසතාගෙ වී අටු ම තියෙනවනෙ අක්කර ගාණක්. මේ වගේ වී ඇටෙන් ඇටේ අඩුවෙලා, වී වල අඩුව පොහොසතාට දැනෙන්න සෑහෙන කාලයක් ගතවෙනවනෙ. වී කුරුල්ලගේ මී මුනුපුරන්ගේ කාලයට එනතුරු මේ විදිහට වී ඇටෙන් ඇටේ අරං යන්න වෙනවා. එයින් පස්සෙ තමයි මේ ගොවියාගේ පුත්තු තුන්දෙනාගෙ වික්‍රමාන්විත ක්‍රියා වලට ඉඩ ලැබෙන්නෙ. ඒ නිසා ඉවසා වදාරන්න හොඳා..."

‍අධිරාජයා එකඟ වුනා.

"... ඔන්න ඉතින් අනික් දවසෙත් වී කුරුල්ලා තව වී ඇටයක් අරගෙන ගියා."

"ඇති ඇති..." අධිරාජයා කතාව නැවැත්තුවා. "මට දැන් ඔය මූසල වී කුරුල්ලන්වත් පේන්න බැරුව යනවා මේ කතාව නිසා. මොහුට හොඳින් සළකා. තෑගි භෝග දී පිටත් කරනු. ඒ වගේම - මගේ අණබෙරය නැවැත්වීමට අණ කරනු..." අධිරාජයා මහ ඇමතිට කිව්වා.

---------------------------------

ඔන්න එහෙනම් අප්‍රිකානු කතාව...

කලින් කතාවෙ චීන අධිරාජයා වගේම, අප්‍රිකානු රජෙකුටත් ආසා හිතුනා ලෝකේ දිගම කතාව අහන්න. ඉතින් එයත් කරපු වැඩේ තමන්ගෙ රාජ්‍යය පුරා අණබෙරයක් යැව්වා.

කලින් වගේම එක එක දිගැති කතා අරන් කතන්දර කාරයො මාළිගාවෙ පිරුණා. එක එක දිග කතා අහන්න ලැබුණට රජාට ඒ කතා වල දිග මදි වුනා. ඉතින් අර කතන්දර කාරයන්ට සිද්ධ වුනේ තෑගි භෝග ලබන්න නෙවෙයි. දංගෙඩියට යන්න. අන්තිමේ එක කතන්දර කාරයෙක් ඇවිත් රජ්ජුරුවො කවදාවත් අහලා නැති විදිහේ කතාවක් කිව්වා.

"ඔන්න අප්‍රිකාවෙ හිටියා උබන්බාවු කියලා මිනි‍හ‍ෙක්. එයාට කවදාවත් ම බඩ පිරෙන්න කන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද, ‍කොච්චර කෑවත් එයාගෙ බඩ පිරුණෙ නැති නිසා.

http://ahfesl.free.fr/Images/
Basil_Cartoon_LNW_11.10.10.jpg

"මේ රටේ මහ රජාටවත් බෑ මගෙ බඩ පිරෙන්න කන්න දෙන්න" දවසක් උබන්බාවු කඩමණ්ඩියෙදි කිව්වා.

මේ කතාව කටින් කට ගිහින් රජමාළිගාවටත් ආරංචි උනා. රජතුමාට බොහොම කේන්ති ගියා. එයා කරපු දේ, උබන්බාවු රජ මාළිගාවට ගෙන්නුවා. 

"ඇත්තද බොල, මටවත් තොගෙ බඩ පුරවන්න බැරිය කියන්නෙ?" රජතුමා ඇහුවා. 

"එහෙමයි..." උබන්බාවු බය පක්ෂපාත කමින් උත්තර දුන්නා.

හොඳටම කේන්ති ගියපු රජතුමා, රට පුරා අණබෙරයක් යැව්වා, රටේ හැම මිනිහෙක්ම මොනවා හරි කෑමක් රජමාළිගාවට එවන්න ඕනෙය කියලා.

රජතුමාගෙ කෝපයට බයේ, රටවැසියො තමන්ට කන්න තිබුණ දේ පවා රජ මාළිගාවට එව්වා. ඒ විදිහට රජමාළිගාවෙ මිදුලෙ එකතු වුනා,

හරක් මස් කරත්ත 700
පරිප්පු කල්දේරම් පුරවපු කරත්ත 500
අල කරත්ත 600
බෝංචි කරත්ත 500
මාළු කරත්ත 800
උෟරු මස් කරත්ත 400
කුකුල් මස් කරත්ත 500
කරවල කරත්ත 500
අච්චාරු කරත්ත 200
පපඩම් කරත්ත 200
චිලි පේස්ට් කරත්ත 1 යි

රජ අණ විදිහට රජමාළිගාවෙ මිදුලෙ මේසයක් පුටුවක් තියලා උබන්බාවු ව ඉන්දෙව්වා. සේවකයන්ට කිව්වා අර කරත්ත වලින් කෑම වර්ග අරං උබන්බාවුට බෙදලා දෙන්න කියලා.

ඔන්න ඉතිං උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

ඔහෙම කිය කියා ඉද්දි රෑ වුනා. කතන්දර කාරයා හෙටත් උදෙන්ම එන්නම් කියලා රජතුමාට වැඳලා පිටත් වුනා.

පහුවදා පාන්දරින්ම කතන්දර කාරයා ආවා. රජතුමාත් කතාවෙ ඉතුරු ටික අහන්න ඉඳගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

"හරි හරි ඉතින් කියනවකො ඉතුරු ටික!" රජතුමා කිව්වා.

"ඉතින් රජතුමනි, උබන්බාවු අර එකතු වෙච්ච කෑම වලින් කරත්ත10 ක් වත් තාම කාලා ඉවර නෑනෙ. ඒ ටික ඉවර වුනාම තමා හොඳම හරිය තියෙන්නෙ." 

රජතුමා ඔළුව වැනුවා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාත් සෑහෙන වෙලාවක් ඉවසගෙන හිටියා. මොකද එයාගෙ අණනෙ, ලෝකෙ ලොකුම කතාව කියන එක.

"... කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..." කිය කියා ඉඳලා අර කතන්දර කාරයා රෑ වෙනකල්ම කිය කියා ඉඳලා, රෑ වුනහම ගෙදර ගියා.

පහුවදා කතන්දර කාරයා මාළිගාවට ඇවිත් රජතුමා ඉස්සරහ ඉඳගෙන ආයෙම කතාව පටන් ගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාට හොඳට හිනා ගියා. "හරි හරි..." කියලා රජතුමා කතාව නැවැත්තුවා. හිනා වෙලා හිනාවෙලා අන්තිමේ රජතුමා කතන්දර කාරයට තෑගි බෝග ගොඩක් දීලා පිටත් කළා.

ප/ලි

අටු කොටු වලින් වී ඇටේ ඇටේ හොරකම් කරන වී කුරුල්ලනුත්, උබන්බාවුත්, මහරජ වරුත්, ඇතෙක් බරට රත්තරන් පොරොන්දු වෙලා නිකං තෑගි වලින් ශේප් වෙන අධිරාජයොත්, අණබෙර කාරයනුත්, සියල්ල දැනට ජීවත් ව සිටින හෝ මියගිය, කිසිම දේශපාලනඥය‍ෙකුට, අගවිනිසොරෙකුට හෝ මාධ්‍ය කා‍රයෙකුට හෝ දක්වන කිසිම සමානත්වයක් කතා කතුවරයන් වන ජනප්‍රවාද කාරයන් අදහස් නොකරන බව තරයේ මතක් කර සිටිමි.

89 comments:

  1. මාත් අද තමයි ලෝකේ දිගම කතන්දර දෙක කියෙව්වේ.. කොච්චර දිගද කියනවනම් ඒක කියවනවා..කියවනව.. කියවනවා.......

    ReplyDelete
    Replies
    1. මාත් තා දෙකෙන් කැමතිම එක තමා උබන්බාවුගෙ කතාව. ඒක මුලින්ම ඇහුව දවසෙ ඉඳලා, මතක් වෙන මතක් වෙන පාරට හිනා යනවා, හිනා යනවා, හිනා යනවා, හිනා යනවා....

      Delete
    2. මටත් දැන් හිනා යනවා, හින යනවා, හිනා යනවා.....

      Delete
    3. මටත් මේ කථාව කියෙව්ව වෙලේ ඉදන් හිනා යන්වා, හිනා යන්වා, හිනා යනවා...

      Delete
    4. කියල වැඩක් නෑ. මෙත්මිගෙ කමෙන්ට් එකට මටත් හිනා යනවා හිනා යනවා හිනා යනවා හිනා යනවා හිනා යනවා හිනා යනවා හිනා යනවා හිනා යනවා...

      බැලුවද අපේ බල්ල ගැන වචන සීයෙ රචනාව? ඒකත් එහෙමයි...

      Delete
  2. හම්බේ, මෙහෙමත් කෙබර කන්දක්. අර මොකද අර අහිංසක සාටක මහත්තයව රිංගෙව්වෙ? හිටුකො 17 වෙනකං.
    ඒයි... අර කරත්ත ලිස්ට් එකේ නෑනෙ..ගොං කරත්ත, අත් කරත්ත එහෙම.

    ReplyDelete
    Replies
    1. මේක කෙබර නෙවෙයි බොලං.

      උබන්බාවු කනවා කනවා කනවා කියනකොට මට මැවිල පේන රූපෙ තමා ඔය දැම්මෙ. ඒක ජීවත් ව සිටින හෝ නැති කිසිම අහිංසක මනුෂ්‍යය‍ෙකුට සමාන වන්නේ නම් එය හිතා මතා කළ දෙයක් නොව, සම්පූර්ණයෙන්ම කියවන්නා පිට වගකීම පැවරෙන මන:කල්පිතයක් බව කරුණාවෙන් සළකන්න.

      අත් කරත්ත නං මතක් කරන්න එපා. වෙන ඕනෙ එකක්.

      Delete
  3. TVS Metro ඇඩ් එක වගේ.. යනවා.. යනවා.. යනවා.. යනවා.. යනවා.. යනවා..
    තව ඔය වගේ කතාවක් තියෙනවා "හාවෙක් උඩ පැනගෙන පැනගෙන පැනගෙන පැනගෙන......."
    අර පොත හොයා ගත්තද?

    ReplyDelete
    Replies
    1. පොත තාම හොයාගත්තෙ නෑ බොස්...

      තව කතාවක් තියෙනවා නේද අර “අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා“ කියලා?

      Delete
    2. මේල් ඇඩ්‍රස් එක දුන්නොත් අර හාවා උඩ පැනපු කතාව එවන්නම්.

      Delete
  4. මේවා නම් කෙබර නෙමෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. කෙබර නෙමෙයි ලොක්කො, ජනකතා... බලාගෙන ඉඳහං. හොඳ හොඳ එව්වා ඉදිරියට...

      Delete
  5. draki.. ප/ලි කොටසේ තියෙන කතාවට දැඩි විරෝදය... ඇයි දැන් ඉන්න දේශපාලකයෝ ඉබන් බාහු වගේ කනවා ,... කනවා,,, කනවා,,.. ඊළගට දැරූ පරපුරත් එනවා කනවා,,, කනවා,,, කනවා

    ReplyDelete
    Replies
    1. දැඩි විරෝධය ඈ?

      ඉබන් “බාහු“ කිව්වෙ, අර ගෙඩියා ගැනද?

      ඕං බලන්නකො ඉතින් මෙච්චර අහිංසක කතාවක් කියලත් ඒකත් දේශපාලනේට ගෑවෙන්න යන හැටි...

      Delete
  6. ඒ දෙන්නගෙම කතනදර ඩ්‍රැකි ගෙ කතන්දර වගෙමයි. කියනවා කියනවා කියනවා කියනවා කියනවා
    අපිත් අහනවා අහනවා අහනවා අහනවා
    බ්ලා බ්ලා බලා බ්ලා
    පස්ටයි හිහි

    ReplyDelete
    Replies
    1. ටැංකිව් මහේෂ්... මෙව්වා නං මගෙ නිර්මාණ නෙමෙයි ඈ...

      Delete
  7. ඔය පළවෙනි කතාව අපේ තාත්තා අපිට කියන එකක් ඉස්සර. හැබැයි අපිට නින්දයනවා. ඒ කතාවේ හිටියේ කූඹි. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඒක දැකපු තව කූඹියෙක් ආවා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා. ඇවිල්ල ඌත් තල ඇටයක් අරං ගියා.
    Closed for lunch. Will be back soon. Thanks for your patience.

    ReplyDelete
    Replies
    1. හි හි හි නොටිෆිකේෂන් එක දැකලා ඔයත් කතාවක් ලියලා ඇති කියලා කියවන්න ආවේ :(((

      Delete
    2. හෙන්රි අය්යත් ඉදලාම හොද හොද ආතල් දෙනව වගේ හිහි

      Delete
    3. මේ කතාව නම් අහලා තියෙනවා මතකයි. Dude, ඔයා ලන්ච් අරගෙන පොඩ්ඩක් විවේක ගන්ට. කතාවේ ඉතුරු හරිය අපිම කියාගන්නම්...:P

      Delete
    4. හෙන්රි,

      මොකක් දැකලද කූඹි තල ඇට ගෙනියන්න පටං ගන්නෙ හැබෑට.
      අනික, කතාව ඉතුරු ටික කියන්න ආයෙත් එන්න. මාර දිග ලන්ච් අවර් එකක් නෙ හැබෑට. ඒක කෑම පැයද නැත්තං අර මැලේ රාළගෙ වගේ කාම පැයක් ද දන්නෑ.

      අර අපි නොදන්න ලයිව් එකේ පොඩි මල්ලියි චූටි මල්ලියි දවසක් ඔය වගේම කතාවක් කිව්වා. ඒක මේ විදිහයි.

      “මං දවසක් නාන්න යද්දි, තලගොයි පැටියෙක් දැක්කා. මං ඌව හදාගන්න හිතලා ගෙදර අරං ඇවිත් ලණුවකින් ඇඳේ කකුලක ගැටගැහුවා. ඒ අතරෙ පාරෙ පෙරහැරක් ගියා. මං ගියා පෙරහැර බලන්න. පෙරහැර වඉවර වෙලා මං ආපහු ඇවිත් බලද්දි, තලගොයි පැටියා ඇඳේ අනිත් පැත්තට පනින්න ගිහිං, ලණුව දිග මදි නිසා ඒකෙන් බෙල්ල හිර වෙලා මැරිලා. ඉතිං මං ඒකව අරගෙන ගියා වළලන්න.

      එහෙම යද්දි අපේ බාප්පා හම්බුනා. බාප්පා ඇහුවා “මොකද පුතේ මේ තලගොයෙකුත් අරගෙන කොහෙද යන්නෙ?“ කියලා. මං කිව්වා, “මං නාන්න යද්දි, තලගොයි පැටියෙක් දැක්කා. මං ඌව හදාගන්න හිතලා ගෙදර අරං ඇවිත් ලණුවකින් ඇඳේ කකුලක ගැටගැහුවා. ඒ අතරෙ පාරෙ පෙරහැරක් ගියා. මං ගියා පෙරහැර බලන්න. පෙරහැර වඉවර වෙලා මං ආපහු ඇවිත් බලද්දි, තලගොයි පැටියා ඇඳේ අනිත් පැත්තට පනින්න ගිහිං, ලණුව දිග මදි නිසා ඒකෙන් බෙල්ල හිර වෙලා මැරිලා. ඉතිං මං ඒකව අරගෙන යනවා වළලන්න.“ කියලා. බාප්පත් හා හොඳයි කියලා යන්න ගියා.

      ඊටපස්සෙ හම්බුනා පුංචි අම්මව. එයත් ඇහුවා “මොකද පුතේ මේ තලගොයෙකුත් අරගෙන කොහෙද යන්නෙ?“ කියලා. මං කිව්වා, “මං නාන්න යද්දි, තලගොයි පැටියෙක් දැක්කා. මං ඌව හදාගන්න හිතලා ගෙදර අරං ඇවිත් ලණුවකින් ඇඳේ කකුලක ගැටගැහුවා. ඒ අතරෙ පාරෙ පෙරහැරක් ගියා. මං ගියා පෙරහැර බලන්න. පෙරහැර වඉවර වෙලා මං ආපහු ඇවිත් බලද්දි, තලගොයි පැටියා ඇඳේ අනිත් පැත්තට පනින්න ගිහිං, ලණුව දිග මදි නිසා ඒකෙන් බෙල්ල හිර වෙලා මැරිලා. ඉතිං මං ඒකව අරගෙන යනවා වළලන්න.“ කියලා. පුංචි අම්මත් හා හොඳයි කියලා යන්න ගියා.

      ඊට පස්සෙ මට හම්බුනා නැන්දව. එයත් ඇහුවා,“මොකද පුතේ මේ තලගොයෙකුත් අරගෙන කොහෙද යන්නෙ?“ කියලා. මං කිව්වා, “මං නාන්න යද්දි, තලගොයි පැටියෙක් දැක්කා. මං ඌව හදාගන්න හිතලා ගෙදර අරං ඇවිත් ලණුවකින් ඇඳේ කකුලක ගැටගැහුවා. ඒ අතරෙ පාරෙ පෙරහැරක් ගියා. මං ගියා පෙරහැර බලන්න. පෙරහැර වඉවර වෙලා මං ආපහු ඇවිත් බලද්දි, තලගොයි පැටියා ඇඳේ අනිත් පැත්තට පනින්න ගිහිං, ලණුව දිග මදි නිසා ඒකෙන් බෙල්ල හිර වෙලා මැරිලා. ඉතිං මං ඒකව අරගෙන යනවා වළලන්න.“ කියලා. නැන්දත් හා හොඳයි කියලා යන්න ගියා...“

      ඔය ආදී වශයෙන්...

      ඔමා,

      හෙන්රිගෙ කතා කියවන්න ඉන් නැතුව, ඔයත් මොනව හරි ලියන්න...

      මහේෂ්,

      ඒක තමා බං මේ බ්ලොග් කෙරුවාවෙ වැදගත්කම. ලෝකයේ හැම පැත්තකින්ම එන එක එක කතා එකතු වෙනවා.

      Delete
    5. @ඔමා: ඉතිං ඔයා ඩිසපොයින්ට් වුනේ නෑනේ. ඔය පට්ට කතාවක් කියලා තියෙන්නේ.

      @මහේෂ්: ආතල් එකක් නැති ජීවිතේ මොකක්ද බං. මම කොහොමත් ඔය හෙන සිරා පෝස්ට් වලට වඩා මේවගේ ආතල් පෝස්ට් වලට ඇදිලා යනවා.

      @පොඩ්ඩි: එහෙනම් මම ලන්ච් අරං එහෙමම ගෙදර යනවා, ඔයා කඩේ බලාගන්න. ඒක නෙවෙයි නෝනෙ. මම කොහොමත් වැඩේ අල්ලලා දාන්න හිටියෙ මොකද මගේ ඉන්බොක්ස් එකට මරණ තර්ජන එන්න ගත්තා මේ කතාව ආයෙ කන්ටිනියු කරොත් වෙන දේ ගැන කියලා. එහෙනම් වැඩේ ෂේප් ඈ.

      @ඩ්‍රැකී. පට්ට කතාව ඕයි. ඕකෙ අනිත් එක The house that Jack built
      අර කතාව පොඩ්ඩි කන්ටිනියු කරයි මරණ තර්ජන එනකල්.

      Delete
    6. මෙන්න ඩූඩ්ගෙ අනිත් කතාව...

      This is the house that Jack built.

      This is the malt
      That lay in the house that Jack built.

      This is the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the cow with the crumpled horn,
      That tossed the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the maiden all forlorn,
      That milked the cow with the crumpled horn,
      That tossed the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the man all tattered and torn,
      That kissed the maiden all forlorn,
      That milked the cow with the crumpled horn,
      That tossed the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the priest all shaven and shorn,
      That married the man all tattered and torn,
      That kissed the maiden all forlorn,
      That milked the cow with the crumpled horn,
      That tossed the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the cock that crowed in the morn,
      That waked the priest all shaven and shorn,
      That married the man all tattered and torn,
      That kissed the maiden all forlorn,
      That milked the cow with the crumpled horn,
      That tossed the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      This is the farmer sowing his corn,
      That kept the cock that crowed in the morn,
      That waked the priest all shaven and shorn,
      That married the man all tattered and torn,
      That kissed the maiden all forlorn,
      That milked the cow with the crumpled horn,
      That tossed the dog,
      That worried the cat,
      That killed the rat,
      That ate the malt
      That lay in the house that Jack built.

      Delete
    7. Thanks a million, Dracky. :D

      Delete
    8. ඩුඩ් අයියන්ඩිත් දෙන ආතල්

      Delete
  8. ඇති යකෝ ඇති .............................අයිනම් එන්නේ නෑ පැත්ත පළාතේ උඹලා ඔක්කොටම ඇට මාන්දම

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං ඇට මාන්දම කියන්නෙ?

      Delete
    2. මාත් මේ අහන්න හැදුව විතරයි බංස්ලා. ඒක කියහංකො ඇනෝ සර්. එතකොට ෆැමිලි ඩොක්ටර් ගාවට නොගිහිං කෙලින්ම ස්පෙෂලිස්ට් කෙනෙක් ඇල්ලුවෑකි. සල්ලිත් ඉතුරුයි.

      Delete
  9. හිටපිය තොට එවනව සුදු වෑන් එකක්!!

    පට්ට මචෝ.. අලුත් දෙයක්, වෙනස් දෙයක්.

    ReplyDelete
    Replies
    1. එවපං වෑන් එකක්. පවුලෙ උදවිය ඔක්කොම දාගෙන ගමනක් යන්න වෑන් එකක්ම තමා හරියන්නෙ. හැබැයි සුදුපාටට නං මං එච්චර කැමති නෑ. ඒක හෙන කොමන් නෙ. කමක් නෑ පස්සෙ පේන්ට් එක ගහගන්නං.

      Delete
  10. හෙහ් හෙහ් පොඩි එකෙක් සෙට් වෙච්ච වෙලාවක කියල බලන්න ඕනේ.. ආයේ කතන්දර අහගෙන එන එකක් නෑ :D

    ReplyDelete
    Replies
    1. කියලා බලන්න පැතුම්. ඔය අදහස ඉටු වෙන් නැති බවට මොනවද ඔට්ටු? දැන් ඉන්න පොඩි උං අපිවත් බයිට් එකට ගන්නවා මිසක්...

      Delete
  11. මම මේක කියවන්නද කියලා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා ............

    පොඩ්ඩක් ඉඳින් උදේට කාලා එන්නං

    ReplyDelete
    Replies
    1. ගිය තැනකම ඉන්ට ඉවාන්...:P

      Delete
    2. ඉවාන්,

      උදේට කාලා ඇවිත් කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං, කියවහං...

      පොඩ්ඩි,

      එක්කො ඌ උදේට කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා...

      Delete
    3. පොඩ්ඩි,

      ඔයත් එනවනං ගිය තැනකම ඉන්ට තිබ්බා මෙයා :P

      Delete
    4. ඉවානෙයො .… මාත් එනවා. යමං :D

      Delete
    5. ඉවෝන් සහ පත්තරේ,

      තොපි දෙන්නා අර බැඳපු කුලංගනාවකටවත් ඉන්න දෙන් නැති හැටි හැබෑට... අපේ අම්ම මුත්ත කාලෙවත් අහපු දේවල් ‍ද මේ අද කාලෙ සිද්ධවෙන්නෙ?

      Delete
  12. මරු කතාවක්නෙ බොලේ.... එක නෙවෙයි මම බ්ලොග් එකේ අයිතිකාරයගේ නම මුලින්ම දාල ආමන්ත්‍රණය කරන්න ගූගල් ඉන්පුට් ටූල් වලින් ක්‍රමයක් හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා හොයනවා ........ බැරිම තැන කොපි පේස්ට් කළා...ඩ්‍රැකී...

    ReplyDelete
    Replies
    1. මං නං කරන්නෙ සිංහල යුනිකෝඩ් එකෙන් ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා, ටයිප් කරනවා...

      www.siyabas.lk එකෙන් ගන්න පුළුවන්. ඔබත් අදම අත්හදා බලන්න.

      Delete
  13. කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා කතිර ගහලා හොරු නැති ආණ්ඩුවක් එන්න චන්ද කොලේ ගහන්න බැරිද ඩ්‍රැකී ?

    ReplyDelete
    Replies
    1. ඈ... හොරු නැති? එහෙම ආණ්ඩු කොහෙද තියෙන්නෙ?

      Delete
    2. දවසක් කලින් තිබ්බ ආණ්ඩුවට එකෙක් මහපාරෙදි බැණලා - “බලු ආණ්ඩුව“ කියලා. පොරව සුදු වෑන් එකකිං උස්සලා ගෝඨා ගාවට ගෙනියලා කෙළිම්ම. ගෝඨා උගෙන් ප්‍රශ්න කළාලු.

      “මං බැන්නෙ මෙහෙ ආණ්ඩුවට නෙමෙයි...“ පොර කිව්වලු. “වෙන රටක ආණ්ඩුවට“.

      “තෝ කොහෙද බොල මාව අන්දන්නෙ?“ ගෝඨා ඇහුවලු අරූගෙ කණටත් එකක් ගහලා එහෙම. “වෙන කොයි රටේ ද බොල බලු ආණ්ඩුවක් තියෙන්නෙ? දාපියව් මේකා කූඩුවට. හොඳට සළකපියව්...“

      Delete
  14. මේකට තෙල් ලීටරයක් ගැහුවම
    යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......යනවා යනවා යනවා......

    ඔන්න මට මතක් උන දේ....අර ඇඩ් එක බයික් එකක් ගැන කියන

    ReplyDelete
    Replies
    1. TVS Metro නේ. උඩිම්ම කැමාත් කියල තිබ්බා. සිරා ඇඩ්එක.

      Delete
  15. අපේ කතන්දර කාරය එක්ක හැරෙන්න පුලුවන්ද බං උන්ට .. චැහ්

    කෝ මේ කකා :D

    ReplyDelete
    Replies
    1. හැබෑට... කෝ කකා...? උන්දැ එක්ක හැරෙන්නවත් පුළුවන්ද?

      Delete
  16. යකෝ කමෙන්ට් වල කොන හොයාගන්න බැරුව මොනිටරේ හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා හොල්ලලා

    හොයාගත්තා.

    යුද්දේ දවස් මතවුනා මේ කතාව කියවලා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    ඔන්න LTTE එකෙන් අපේ පැත්තට වෙඩි තියනවා.

    ඊළඟට අපේ පැත්තෙන් LTTE පැත්තට වෙඩි තියනවා.

    වෙඩි තියාගනිල්ලා ඉවර වුනාම ඉතුරු ටික කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඕක විචා මෙහෙමත් වුනානෙ.

      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා,
      වෙඩි තියනවා,
      බෝම්බ ගහනවා,
      සාම සාකච්ඡා තියනවා...

      Delete
    2. මට මේ කමෙන්ට් කියවද්දි මතක් උනේ ඉස්සර ඇමරිකාවෙ ඉන්න කාලෙ වෙච්චි දෙයක්.
      අපි මොකක් හරි සුපර්-මාකට් එකකට ගිහිල්ල බඩු අරගෙන් ඒවා චවුන්තර් එකට දුන්නම බිල දාන්න කියල, එකම ජාතියේ අයිතම විස්සක් තිබ්බත් එතන ඉන්න කෙනා කරන්න,
      එකක් ඉකෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊලඟ එකත් ස්කෑන් කරනවා
      ඊට පස්සෙ අනිත් ඒව ඉකෑන් කරන්න. එකක් ස්කෑන් කරල අයිතම ගානෙන් වැඩි කරල දාන්නෙ එහෙමත් කෙනෙක්.

      Delete
    3. හපොයි කාගිල්ස් එකෙත් ඉන්නව ඔය වගේ උදවිය, ඉඳල හිටල...

      Delete
  17. අනේ මන්ද මේකෙ කොමෙන්ට් ටික කියෝල මට නිකං පිස්සුවෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එකෙත් හොඳම එක හැදිල වගෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ප්‍රසා, කමෙන්ට් වල තමා ඔය කේස් එක තියෙන්නෙ.

      ඒක නෙමෙයි, අර ජුන්ඩ කොටෙයක් උඩ තියල කපල දාපු කතාව තිබ්බෙ රවිගෙ බ්ලොග් එකේ නේද? මතකද?

      Delete
    2. අම්මේ... උඹ නං දෙයියෙක් ප්‍රසා...!

      Delete
    3. එහෙනං පූජා වටිටයකට ගල් බෝතලයක් පඬුරු විදියට තියල පූජා කරහං.

      Delete
    4. කැවිලි වෙනුවට බයිට් තියලා...

      බලං ගියාම බොලා හැමෝගෙම බ්‍රෑන්ඩ් එක ගල් නෙ.

      Delete
  18. අනේ පලයන්ඩ ඩ්‍රැකියෝ..මෙවා කියලා පොඩි මෙන්ඩා අන්දන්ඩ බෑ..
    මට ලබන සතියේ පොඩි මෙන්ඩට කියන්ඩ කථාවක් ලියපන් නැත්තන් මම උඔගේ ලේ බොනවා..ඕ යෙස් ආය දෙකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔය පහල තියෙන්නෙ මදාවිය ලියල ශෝක් කතාවක්. පුලුවන්නං සෙක්ස් අයින් කරල පොඩි මෙන්ඩට කියා දියං.

      සදුදට දාන්නං බං තව කතාවක්. ඉවසල ඉදිං ටිකක්...

      Delete
    2. උඔනම් කියයි..දික්කාසද නඩුවට කතා කරන්න ලෝයර් කෙනෙකුත් හෙයලා දියන්..

      Delete
    3. නෑ මං කිව්වෙ උබ කතා වලින් සෙක්ස් අයින් කරලා සරල කරන්න දස්සයනෙ. ඒකයි.

      Delete
  19. ඔන්න බං එක ඔෆිස් එකක ලොක්කා සෙකට්‍රි කෙල්ලට ඔට්ටුවක් දැම්මලු මං රුපියල් දාහක් බිමට දානවා ඔයා ඒක අහුලාගන්න නැමෙන පොඩ්ඩට මට පුළුවං ඔයාට යමක් කරන්න...බැරිවුණොත් රුපියල් දාහ ඔයාගේ කියලා. කෙල්ල ඒකිගෙ කොල්ලගෙං ප්‍රයර් ඇපෘවල් ඉල්ලුවලු. කොල්ල කිව්වලු, ඔය ඩිංගට කොහෙද ඕකා ඔහොම දෙයක් කරන්නෙ ඔයා දාන්න කියන්නෙ පන්දාහක්ම කියලා... අන්තිමේ ඒ විදිහට පන්දාහකට කෙල්ල කැමති වෙලා
    ටිකකින් ලොක්කා දැම්මලු රුපියලේ කාසි වලිංම පන්දාහක්...
    දැන් ඉතිං...
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා
    කෙල්ල රුපියලක් අහුලනවා...ලොක්කා ඇතුලට යනවා... කෙල්ල රුපියලක් අහුලනවා ලොක්කා එළියට එනවා

    ReplyDelete
    Replies
    1. මමත් බලා හිටියා ලොක්කා එළියේ ටිකක් වෙලා ඉඳියි කියලා මොන........

      Delete
    2. මදාවි,

      ඒක තමයි බං මං මේ පෝස්ට් එකේ දක්ක හොදම කමෙන්ට් එක... මෙන්ඩටත් මාර මොලෙයක් නේ බං තියෙන්නෙ.

      විචා,

      මෙන්න ක්වික් හෙවත් ෆ්ලෑෂ් ඇවිල්ලා. ඇගිල්ල එලියට ගත්ත ටිකට වැඩේ දුන්න නේද?

      Delete
    3. මට මාරැ කාසි රැපියල් 5000/= හෙයලා දිපියෝ...

      Delete
    4. කඩහං පොඩි මෙන්ඩගෙ කැටේ... නැත්තං පලෙයං විචා ඉන්න පාලු ගෙදර. ඕනෙම ඉල්ලීමක් පටස් ගාල ඉෂ්ට කරල දෙයි...

      Delete
    5. අනික් අතට, උබට නං පන්දාහක්ම ඕනෙ වෙන එකක් නෑ. රුපියල් දහයක් විතර දාහං රුපියලේ එව්වයිං. කාසි දහය අහුලද්දි උබට ඔක්කොම කොරගෙන, සිගරැට් එකකුත් බොන්න කාලෙ ඇති...

      Delete
  20. Balan giyama koi rateth rajawaru eka wagene ban

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දිලා...

      රජ්ජුරුවෝ හිනස්සන්න විහිලු කාරයෝ - බිසව් තොමෝ සනස්සන්න විහිලු කාරයෝ

      Delete
  21. ඔය රජා ටිකක් මල පනින බුවෙක්ලු. කතාව අහගෙන ඉන්න බැරිතැන කියනවලු

    තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ තොගෙ අම්මට ^%$ ........

    ReplyDelete
    Replies
    1. වෙන එකක් තියා, වං අතිං මුං කැවුං වෙන්න ගහන්නත් යනවනෙ.

      Delete
  22. මම පොඩි ට්‍රයි එකක් දුන්නා පොඩ්ඩට කුරැල්ලෙක් ඇවිත් වි ඇටයක් ගෙනිච්චා..
    ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."
    ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."
    ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."

    එතකොට අපේ එකා කියපි...
    වි කුරැල්ලා ලෝකේම ඉන්න කුරැල්ලෝ ඔක්කොම එක්කගෙන ඇවිත් වි ටික අරගෙන ගියා..

    දැන් ඊට පස්සෙ කතාව කියන්නකො කිව්වා...
    දැන් දිපන්කෝ උත්තර

    ReplyDelete
    Replies
    1. කියහං හම්ටි ඩම්ටි වගේ තමයි, ලෝකෙ ඉන්න ඔක්කොම කුරුල්ලො ආවත්, පෝසතාගෙ වී ඉවර කරන්න බැරි උනා කියලා. එතකොට පොඩ්ඩා අහයි, හම්ටි ඩම්ටි කියන්නෙ කවුද කියලා. එතනිං උබට කතාව වෙන පැත්තකට හරවන්න පුලුවං...

      Delete
  23. ඔය රජාටම වෙන්ටැති අර ලොකූම බොරුව අහන්න හෙන ආසාවක් ආවේ! කොහේද පාඩම් ඉගෙන ගන්නවයැ

    ReplyDelete
    Replies
    1. ලොකුම කම්මැලියා හොයලා තාන්න මාන්න දෙන්න ඕනෙ වුනෙත් මේ රජාටම තමයි. දන්නවද ඒ කතාව?

      Delete
    2. ළගදිම පෝස්ට් එකකින් දාන්නද? ඒක ටිකක් දිග කතාවක්...

      Delete
  24. කතාවේ දිගයි,කමෙන්ට් වල දිගයි නිසා කතාව කියවලා කමෙන්ට් එකක් දාන්ට දවස් පහක්ම ගියා කියහන්කෝ.

    ReplyDelete
    Replies
    1. කතාවේ දිගයි, කමෙන්ට් වල දිගයි නිසා කතාව කියවලා කමෙන්ට් එකක් දාන්ට දවස් පහක්ම ගියා.

      තව මොනවත් කියන්ට ඕනෙනං කියහං ඈ

      Delete
  25. ඈ බන්, එතකොට ඔය සාටකය දාගෙන ඉන්න එකාද, උබන්බාවු ?

    ReplyDelete
    Replies
    1. ඈ....????

      අයිලාස් කොහෙද මෙච්චරකල් ගිහිං හිටියෙ? දෙයියො දැක්කා වගේ ඈ...

      Delete
  26. සති දෙකකට පස්සෙ ඔන්න මමත් බෙල්ල දැම්මා...දැන් සිරා කොලුවා හරිම කාර්ය බහුලයි....ඉස්සර වගේ නෙමෙයි. වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩවැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණා. සිරාගෙ කමෙන්ට් එක එනකං තමා මං වෙන පෝස්ට් එකක් නොදා බලං හිටියෙ. එළකිරි ඈ...

      Delete
  27. මං රජ උනොත් දිග කතා කියන එවුං ඔක්කොමගෙ හිස ගසල දානව .. ඕ .. යෙස් 🤨

    ReplyDelete
    Replies
    1. බොට එහෙනං හිස ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ගසලා ඉවරයක් නැති වෙනව

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි