Wednesday, September 9, 2015

අලි ප්‍රහේලිකා... පළවෙනි කොටස

https://www.offthemark.com/image
/data/cartoons/2008-03-01B.gif

ඩ්‍රැක්‍යුලාගේ කතාවෙ ඉතුරු කොටස ගජරාමෙට ලියාගෙන යන නමුත්, ඒකට බොහොම කාලයක් යන බව පෙනේ. ඒ අතරේ බ්ලොග් එකේ පාලුව මැකීම සහ හුදී ජන බලුප් සංවේගය උදෙසා අලි ප්‍රහේලිකා පළවෙනි කොටස මේ විදිහට ලියා දක්වන්නට ඕනෑය කියා හිතුනෙමි.

අලි ප්‍රධාන කොට ගත් සත්තු ගැන තියෙන ප්‍රශ්න පහතින් දක්වන අතර, මෙයිං බොහොමයක් ප්‍රශ්න සහ උත්තර බොහෝමයක් දෙනා දන්නවා ඇත. ඒ අය කරුණාකර කමෙන්ට් විදිහට දන්න දන්න උත්තර ලියා දක්වන්ටය කියා බොහොම ඕනෑකමෙන් ඉල්ලනවාය. උත්තර ටික සති එකහමාරකින් විතර මේ පෝස්ටුවේම පහතින් කමෙන්ට් එකක් විදිහට දක්වන්නට බලාපොරොත්තු වෙන අතර, වැඩියෙන්ම නිවැරදි උත්තර දුන්න උදවිය දහ දෙනාට කිඹුලනැටුවගමේ (කොපිරයිට් සුරංග) සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත පුස්ලෝඩං එක බැගිනුත්, ඊළඟ දහ දෙනාට බිබික්කම් එක බැගිනුත් දෙන්නට කටයුතු යොදා ඇත.

එහෙනං ඕං පුරස්න:

1. අලියෙක් ශීතකරණයක් ඇතුළට පියවර තුනකින් දැමිය හැක. ඒ පියවර තුන මොනවාද?

2. අලියෙක් පියවර තුනකින් දැම්මාට, ජිරාෆයෙක් ෆ්‍රිජ් එක ඇතුලට දාන්න පියවර හතරක් ඕනෑ වෙයි. ඒ පියවර මොනවාද?

http://www.crmlearning.com/
assets/siteimages/notrailer/
giraffe_trailer.jpg


3. කැලේ රජා වූ සිංහයාගේ උපන්දින පාටියට කැලේ සත්තු හැමෝටම ආරාධනා කරන ලදි. හැම සතෙක්ම ඊට ආව නමුත් එක සතෙක් විතරක් ආවේ නැත. ඒ මොකාද?

4. සිංහයාගේ උපන්දින පාටියට ආ සත්තු හැම එකෙක්ටම ආපහු යන්නට ලැබුණ නමුත්, උං ආපහු යද්දී, එක සතෙක් දාලා ගියෝය. ඒ මොන සතාද?

5. ගඟක් මැද දූපතක් තිබේ. ඒ දූපතේ නිධානයක්ද ඇත. ඒක ගන්නට හැබැයි කාටවත් බැරිය. , මොන ක්‍රමයකින් ගියත් දූපතේ ඉන්නා කිඹුලා කන නිසාය. නමුත් දවසක් මිනිහෙක් පීනාගෙන ගිහිං දූපතේ තිබ්බ නිධානය ගත්තේය. පොර නිධානයත් අරගෙන ආපහු යහතිං ගෙදර ආවේය. ඒ කොහොමද?

6. ෆොක්ස්වැගන් කණේ මයිල් මාදිලියේ කාර් එකකට අලි හතරදෙනෙක් දැමිය යුතුව ඇත. පියවර හයකින් ඒක කරන්නේ කොහොමද?

https://s-media-cache-ak0.pinimg.com
/236x/e0/12/62/
e0126211809f0395c3d9567bab57a430.jpg


7. ගමරාළ රෑ පැල් රැකලා, පැල් කවි කියලා, නිදි නැති දෙනෙතින් ගෙදරට එන්නට පිටත් විය. එයා ගෙදර එද්දී, ගෙදර පේන නොපෙනන මානයේදී ම, ගෙදරට අලි ඇවිත් බව දැනගත්තේය. ඒ කොහොමද?

8. ෆොක්ස්වැගන් කණේමයිල් කාර් එකක ඩ්‍රයිවර් සීට් එකට ජිරාෆයෙක් දැමිය යුතුය. ඊට පියවර දහයක් උවමනා වේ. ඒ පියවර මොනවාද?

මේ ප්‍රශ්න අටට ම සාර්ථක පිළිතුරු දෙන්නට පුළුවං නම් මගේ drackey@gmail.com ලිපිනයට ලියා එවන්නය. ඒ අනිත් අයගේ පහන් සංවේගය උදෙසාය.


ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ළඟදීම පළ කරනු ලැ‍බේය. බලාපොරොත්තුවෙන් ඉන්නය...

119 comments:

  1. දැන් මේකට උත්තර ප්‍රසිද්ධියේ පළ කරේ නැති උනාම උඹට හොර කරන්න පුළුවන්නේ...
    උඹ දන්න කියන ළඟ යාළුවො "හරි උත්තර" දුන්නා කියලා අර මහාර්ඝ තෑගී ඒ අයට දෙන්න උනත් ඉඩ තියෙනවනේ...
    මම විරුද්ධයි මේ වැඩේට...

    ReplyDelete
    Replies
    1. මාත් විරුද්ධයි. දාහං පහක්.

      මං කිව්වෙ උත්තර ඔක්කොම දන්න අය මේල් කරන්නය - දන්න දන්න උත්තර කමෙන්ට් කරන්නය කියලා. දන්නවනං හරි, ගෙස් කරල හරි කමෙන්ට් එකක් දාහං. :-)

      Delete
    2. අඩෝ... 01 සිට 05 වෙනකල් බඩේ බත්ටික වගේ දන්නවා. ඉතුරුවා එකින් එක කප්පනා කරලා දාන්නම්...
      ඔන්න 06.
      වමේ දොර අරිනවා, සීට් එක පාත් කරනවා, අලි දෙන්නෙක් පිටි පස්සේ සීට් එකට දානවා, සීට් එක පාත් කරනවා, ඉතුරු දෙන්නවත් ඒ දොරෙන්ම ඇතුළට දානවා, දොර වහනවා...

      Delete
    3. ඔන්න 07,
      ගෙදරට යන පාරේ තිබ්බ ටයර් පාරවල් දැකලා...

      Delete
    4. ඔන්න 08,
      වමේ දොර අරිනවා, ඉස්සරහ ඉන්න අලි දෙන්නව එළියට දානවා, සීට් එක උස්සනවා, ඉතුරු දෙන්නවත් එළියට ඇදලා දානවා, සීට් එක පාත් කරනවා, වමේ දොර වහනවා.
      දකුණේ දොර අරිනවා, ඩ්‍රයිවින් සීට් එක ගලවලා දානවා, ජිරාෆ් ව ඇතුළට දානවා, දොර වහනවා...

      Delete
    5. අලි ඇර වෙන මොක්කු හරි බැරිද බං. ඕකුං සත පහකට විස්වාස නෑනෙ. පොටෝ එකක් ගත්තත් කෙළිනවා.

      Delete
    6. ලොකු පුතා,

      බඩේ බත් වගේ අලි ටික කිසි අමාරුවක් නැතුව ෆොක්ස්වැගන් එකට දාන උඹ ඇයි බං, ජිරාෆෙය දාන්න විතරක් සීට් එක ගළවන්නෙ?

      මදාවි,

      ඔව් නේ බං. ටීවී චැනල් වලින් පුරවැසි මාධ්‍යකරණය ගැන පුම්බපු පිම්බිල්ලෙ එක අවාසනාවන්ත සහ මෝඩ ගොදුරක්.

      Delete
  2. හම්මේ ඕං වැඩිගණනකට උත්තර දුන්නා කියල හිතාගන්නකෝ...

    ReplyDelete
    Replies
    1. එහෙනං එවන්නං ලේක්හවුස්එකටම පුස්ලෝඩං... :-)

      Delete
  3. 1. ෆ්‍රිජ් එක ලඟට අඩි තුනකින් ඇවිදගෙන ගිහින් අලියා ඇතුලට තල්ලු කොට දොර වැසීම

    2. ෆ්‍රිජ් එක ලඟට තුනයි, ෆ්‍රිජ් එකට එක අඩියයි. හතරයි. නැත්නම් තල්ලු කරන්ට බෑනේ...

    3.කූඹියා

    4.නරියා

    5. කිඹුලාට මුලින් වෙඩි තිබ්බාලු. ඊට පස්සේ පීනලා ගියාලු.

    6.හයක් ඕනි නෑ. හතරක් ඇති.

    7.ගේ කඩලා. අලියා ගේ මැද...

    8.දහ පාරක් නමන්ට ඕනි හන්දා.

    හී හී ...මට බිබික්කම් කියන ඒවා එපා.

    ReplyDelete
    Replies
    1. හූ හූ...!

      පියවර කිව්වෙ ඇවිදින එව්ව නෙවෙයි අෆ්‍ෆා... කාර්ය කොටස්...

      උත්තර ඔක්කොම වැරදියි. ඒ උනාට හරි විනෝදයි. ඉස්තූතියි...

      Delete
    2. ඇරිය දැම්මා ඉතුරු ටික ඕනි නෑ නේද

      Delete
    3. නලින් හරියට අර ඒලෙවල් උත්තර පත්තරේ වගේනෙ.

      කොල්ලෙක් පලවෙනි ප්‍රශ්නෙට දන්න ඔක්කොම වැඩ දාලා ලියලා, යටින් ලිව්වලු, "මෙයින් ඔබට මාගේ දැනුම තක්සේරු කරගත හැක. එනිසා, අනෙක් ප්‍රශ්න වලට පිලිතුරු ලිවීම අප දෙදෙනාගේම කාලය නාස්ති කිරීමකි. කරුණාකර මා හට මුලු ලකුණු ප්‍රමාණය ලබා දෙන්න" කියලා.

      Delete
    4. එහෙමනං මැද එකකට හා අග එකට උත්තර දෙන්නද?

      Delete
    5. නලීන්,

      අන්න ක්‍රමේ...! සාම්පල් ක්‍රමේට උත්තර. උඹ නං අයියෙ ලේක් හවුස් එකටම තමා හරි යන්නෙ.

      Delete
  4. මම නං දන්නවා. හා බලමු උඹ දන්නවද කියලා :D

    ReplyDelete
    Replies
    1. උඹ දන්න සෙද්ද... ප්‍රසන්නය නං දන්නවා... :-)

      Delete
  5. 1. ෆ්‍රිජ් එකක් ‍සොයා ගැනීම, අලියෙක් සොයා ගැනීම, අලියා ෆ්‍රිජ් එක ඇතුලට දමා වැසීම
    2. ෆ්‍රිජ් එකක් ‍සොයා ගැනීම, ජිරාෆයෙක් සොයා ගැනීම, ජිරාෆයා දෙකට නැමීම, ඌ ෆ්‍රිජ් එක ඇතුලට දමා වැසීම
    3. ගොළුබෙල්ල (ඌ ආවෙ නෙක්ස්ට් ඉයර් බරත්ඩේ එකට ලු)
    4. වවුල (ඌට යන්න රෑ වෙනකල් ඉල්ල ඕන නිසා)
    5. කිඹුලට කිඹුලියක් සෙට් කරල දීල
    6. කාරය පණගැන්වීම, කඩයට යාම, මැටි අලි 4 ක් මිලට ගැනීම, මුදල් ගෙවීම, ආපසු කාරය ළඟට ඒම, අලි 4 කාරයට දැමීම
    7. ගම හාමිනේ වෙච්ච සංගෙදිය මගදිම දෙසාබෑම.
    8. කාරය ළඟට යාම, දොර හැරීම, ටූල් සෙට් එක සොයාගැනීම, 14 යතුර අතට ගැනීම. රියදුරු අසුනේ ඉදිරිපස වම් පැත්තේ ඇණය ගැලවීම, රියදුරු අසුනේ ඉදිරිපස දකුණු පැත්තේ ඇණය ගැලවීම, රියදුරු අසුනේ පසුපස වම් පැත්තේ ඇණය ගැලවීම, රියදුරු අසුනේ පසුපස දකුණු පැත්තේ ඇණය ගැලවීම, රියදුරු අසුන එළියට ගැනීම, ජිරාෆයා එහි වාඩිකරවීම.

    ඔය පුස් කාපුව එපා බං. දෙනවනං ගල් බෝතලයක් දියං.

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා මළා යකෝ...

      ඒ, සීට් එකේ ඇණ මිලිමීටර් 14 ද ඇත්තට?

      බොට නං ගල් බෝතලයක් නෙවෙයි, ගල් බැරල් එකක් දෙන්ඩ වටින්නෙ. ඔක්කොම උත්තර වැරදි උනත්.

      (යකෝ මුං එකෙක්කත් දන්නැද්ද මේ පුරස්න?)

      Delete
    2. බොහෝ දුරට 14 විය හැකියි.

      Delete
    3. මෙන්න ප්‍රසන්නගෙ තවත් පැතිකඩක්...

      Delete
    4. ප්‍රසන්නයාට යමක් කමක් තේරෙනවා. මං උඹ ගැන හිතා උන්නු හැටි වැරදියි :ඩී

      Delete
    5. ප්‍රසා ගල් බෝතලේ හම්බවුනොත් මමත් එනවා

      Delete
    6. මදාවියා,

      ඌට තේරෙනවා වැඩියි බං. ඒක උගෙ බ්ලොග් එකෙම්ම තේරෙනවා.

      ප්‍රසා,

      අනේ - එකයි, අපෝ දෙකයි කිව්වලු.

      අපේ කවි ජිනදාස මහත්තෙයා දවසක් මාළු කාරයගෙන් මාළු වල ගණනං අහලා. පොර කිව්වලු, "සාලයා පන්සීය විස්සයි" කියලා.

      ජිනදාස මහත්තයට, "මළකෙළියයි!" කියවුණාලු. ඊ ළඟට පොර ඇහුවලු හුරුල්ලො කීයද කියලා.
      මාළු කාරයා කිව්වලු,

      "මළ කෙළි දෙකයි මහත්තයා" කියලා.

      මෙන්ඩා,

      බෝතලේ මූඩිය උඹට එවන්නං පාගගන්න... හැක හැක... !!!

      Delete
  6. කන පලා ගන්නෙ නැතුව උත්තර ටික දාපන්..
    මෙවාට උත්තර නැතුව පොඩි මෙන්ඩට කිව්වහැකිද?

    ReplyDelete
    Replies
    1. උඹට විකල්ප හතරක් තියෙනවා:

      1. උත්තර හොයාගන්න ට්‍රයි කිරීම - මෙතෙක් එතරම් භාවිතා නොකළ මොළයේ කොටස් ක්‍රියාත්මක කරවීමෙන් මෙය කළ හැක.
      2. යාළුවන්ගෙන් ඇසීම.
      3. සති එකහමාරක් බලං සිටීමෙන් පසුව පොඩි මෙන්ඩා හමුවීම.
      4. මගෙ කණ පැලීම - ඒකනං ටිකක් අමාරු වෙයි. ඩ්‍රැකියානි හරි වසයි.

      Delete
    2. ඔන්න මෙන්ඩෝ මං පල්ලෙහා දාපු විදිහට කියාදීපං පොඩි එකාට. ඌ උඹේ කලිසම ගලවයි ඔලුවෙන්.

      Delete
    3. ඩ්‍රෑකියෝ
      1. ඔක්කොම භාවිතා නොකල කොටස් තියෙන්නෙ
      2. යාලුවෙක් එක්ක මේ ප්‍රශ්න කතා කරන්න බෝතලයක් ගහන්න වෙනවා..
      3. ඩ්‍රැකි මාමාව මාට්ටු කරලා තියනවා
      4. විහිලුවට කිව්වේ- රෑට එනවා එහම නෙමෙයි

      මධු..
      තෝ මාව කාපිය...

      Delete
    4. මදාවියා,

      මෙන්ඩා කතන්දර වල සෙක්ස් අයිං කරන්න දක්සයා. ඌ කියා දෙයි අපි දෙන්නවම බිල්ලට තියලා.

      මෙන්ඩා,

      රෑට ඇවිත් උඹව උස්සං ගිහිං ඔතලා බොනවා පැට්ටෙක්...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. 1.ෆ්‍රිජ් එක ඇරිය, අලිය දැම්ම ,වැහුව
    2. ෆ්‍රිජ් එක ඇරිය, අලිය එලියට දැම්ම , ජිරාෆ් ඇතුලට දැම්ම ,වැහුව
    3. ජිරාෆ් ඌ ෆ්‍රිජ් එකේනෙ
    4. උගුඩුව , ඌ බීල වැටිල හිටියෙ
    5. කිඹුල පාටියට ගිය දවසෙ

    අනික්ව කල්පනා වට එන්නෙ නෑ බං, ගල් ෂොට් එකක් දාල කල්පනා කරල කමෙන්ට් එකක් ආයෙ දාන්නම්

    ReplyDelete
    Replies
    1. පට්ට...!!! තව හොඳ හොඳ උත්තර එයි. ආයෙ වරෙං...

      Delete
    2. 9. කමෙන්ට් ඩබල්වීමට හේතුව කුමක්ද?

      Delete
    3. ප්‍රා ජේ,

      ගල්ම තමා...

      Delete
    4. ප්‍රා ජේ,

      ගල්ම තමා...

      Delete
    5. ප්‍රා ජේ,

      ගල්ම තමා...

      Delete
    6. ප්‍රා ජේ,

      ගල්ම තමා...

      Delete
    7. දැන් ඉතින් උත්තර ලැබෙනවනේ යකු

      Delete
    8. කම්මලේ,
      ඔය දහපාර අහන ඒවා උඔ පස් පාරකින් දාපං. හය පාර අහන ඒවා තුන් පාරකින් දාපං. පියවර තුනකින් කියන ඒවයේ එකකුයි බාගෙටයි දාපං.
      උඹේ කමෙන්ට් එක දෙපාර වැටෙන කොට ගාන හරි.
      නලියයියට වෙනම ගාණ හදලා කියන්නං. තුනෙං බෙදන්ට එපෑ...

      Delete
    9. නලීන් සහ මදාවි,

      මදාවියා ගිය ආත්මෙ පයිතගරස්ද කොහෙද...

      Delete
  9. මචං ඩ්‍රැකි කමෙන්ටි කරනකොට මොකකද් අප්සටි එකක් ආවා බිලොග් එකේ මොකක් හරි අප්සටි එකක් ආවා.ඔන්න දැන් හරි ගියා
    ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරැ අපේ අක්කගේ හතර වසරේ ඉන්න පොඩි එකානමි දන්නවා.අලි ප්‍රශ්නය,කූඹී ප්‍රශ්නය ඇතුලු ප්‍රශ්න වැලක් එක දිගට අහලා පොඩි එකා මාව අමාරැවෙ දැමිමනේ.මම මෙ දැන් අක්කලගෙ ගෙදරට කොල් එකක් අරගෙන පොඩි එකාට කතා කරලා ආයේ එන්නමි කොමන්ටි කරන්න.

    ReplyDelete
    Replies
    1. බුද්ධි අංශයේ සහාය පැතීම... හෙහ් හෙහ්...

      පොඩි උං දන්න දේවල් අපි දන් නෑ මනෝ...

      Delete
  10. 1. ෆ්‍රිජ් දොර අරිනවා. අලියා දානවා. වහනවා.
    2 ෆ්‍රිජ් එක අරිනවා. අලිය එලියට අදිනවා. ජිරාෆ් දානවා. දොර වහනවා.
    3 ඇයි යකෝ ඌ ෆ්‍රිජ් එක ඇතුලෙනෙ. උඹට පයිත්තියංද මන්දා.
    මම යනවා මට කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. ඇයි මට? මටත් කම්මැලියි.

      Delete
    2. ගුරුවරු ඔහොම්මමයි...හෙහ් හෙහ්

      Delete
    3. මට මතක් උනේ බෝඩිම නාට්‍යයෙ, ජයලත් මනෝරත්න හිටියා ඉංග්‍රීසි සර් කෙනෙකුට. පොරගෙ නම ජයලත් මහත්තයා. උන්දැ දවසක් ළමයින්ට කිලා දෙනවා එළවළු වල ඉංග්‍රීසි නම්. එකෙක් අහනවා එතකොට, "මඩු ‍කොකු වලට කියන නම මොකද්ද?" කියලා. අරූ පොඩි එකාට හොඳටම බණිනවා, "මෙච්චර පෝෂ්‍ය දායක කෑම තියෙද්දි, මූ මෙතන මඩු කොක්කක් අහනවා" කියලා...

      Delete
  11. 1. දොර ඇරීම - අලියා ඇතුලට දැමීම - දොර වැසීම.
    2. දොර ඇරීම - අලියා එලියට දැමීම - ජිරාෆ් ඇතුලට දැමීම - දොර වැසීම
    3. ජිරාෆ් (ෆ්‍රිජ් එක ඇතුලෙ නිසා)
    4. වවුලා
    5. මේකට උත්තරේ දෙන්න නම් උඹ තව පුරස්සනය අසාඉන්නට ඕනෑය. එයට උත්තරේ වන ගඩොල් කැටයක් ප්ලේන් එකෙන් විසි කිරීම නිසා එය කිඹුලාගේ වැදී ඌ ජීවිතක්ෂයට පත් වීමෙන් මිනිසා බේරෙයි.
    6. කණේ මයිල් කාර් එක කියන්නෙ දොර දෙකේ එකද?
    ඉස්සරහා දොර අරිනවා - සීට් එක කඩනවා - අලි දෙන්නෙක් පිටිපස්සට දානවා - සීට එක කෙලින් කරනවා - අලි දෙන්නෙක් ඉස්සරහට දානවා - දොර වහනවා

    මේ ටික හරි කිවුවොත් ඉතුරු දෙකටත් උත්තර දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතුරු දෙකට කලිං ගඩොල් කැටේ කතාව කියහං, මං ඒක දන්නෑ

      Delete
    2. පොඩි එකෙක්ගෙන් අහපන්. උන් ඕවා හොදට දන්නවා. ප්ලේන් එකකට දාන ගඩොල් වගේක ප්‍රස්න්යක් තියෙනවා ඔතෙන්ට. ඊට පස්සෙ ප්ලේන් එක කඩා වැටෙනවට ගඩොලක් විසි කරන උත්තරයක් තියෙන්නෙ ඒකට. ඒ ගඩොල ඔළුවට වැටිලා කිඹුලා මැරෙනවා.

      Delete
    3. ඔය ප්ලේන් එකේ ගඩොල් සීන් එකත් ආවම තමයි මේක හරි යන්නේ..ඩ්‍රැකී උඹට ඒ ටික මිස් වෙලා

      Delete
    4. කැමා දොර අරිනවා. අලියව ඇතුලට දානවා. පොටෝ එකක් ගන්නවා. තව පොටෝ එකක් ගන්නවා.
      තවත් පොටෝ එකක් ගන්නවා. තවත් පොටෝ එකක් ගන්නවා. තවත් පොටෝ එකක් ගන්නවා. තවත් පොටෝ එකක් ගන්නවා. තවත් පොටෝ එකක් ගන්නවා. දොර වහනවා.

      Delete
    5. මම එනවා කැමාව බෙල්ලෙන් අල්ලලා බිමෙන් තියෙනවා අර පට්ටලේට නැගලා ඉද්දි උස්සලා බිමින් තිබ්බා වගේ

      Delete
    6. බ්‍රා එකක් දියං මට එල්ලෙන්න....

      Delete
    7. පැතුම්,

      මේ කතාවෙ ගඩොල් සීන් එකක් නෑ. ඊට සමාන කතාවක් මං අහල තියෙනවා, සමහර විට ඒ ප්‍රාදේශීය වර්ශන් එකක් වෙන්නැති. ඒක වෙන කතාවකට සම්බන්ධයි. ඒක මං තුංවෙනි කොටසෙදි දාන්නං.

      මදාවියා,

      හුළුඅත්තට රතිඤ්ඤ දාන එකත් ආවනං කම්ප්ලීට්...

      මෙන්ඩා,

      ඒක එච්චර හරි නෑ නේද මල්ලි...?

      කැමා,

      එල්ලිය. ඊට කලිං උඹෙ කුජීත කතා ටික ඔක්කොම ලියලා ෂෙඩූල් කරලා තියහං අපිට කියවන්න...

      Delete
    8. අන්න අලුත් එකක් දැම්මා.

      Delete
    9. දැක්කා. දැං යනවා කියවන්න. අද ෂෝට්ලීව් යන්නත් තියෙනවා බොලං...

      Delete
  12. ශිෂ්‍යත්ව පත්තරේ වගේ අමරුයිනේ.බැරිද "ආසක් මී ඕඩියන්ස්" අවස්ථාව ගන්න හිටං.

    ReplyDelete
    Replies
    1. උනන්දුව වැඩි හින්දා වෙන්නැති ඕඩියන්ස් එකෙං "හිටං" අහන්නෙ. හිටං නෙවෙයි ඉඳං අහපං.

      Delete
  13. 7ට දන්නෙ නෑ බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ එතකොට 4 දන්නවද? කවුරුවත් ඒකට නියම උත්තරේ දුන්නෙ නෑ තවම.

      ඒක නෙවෙයි, උඹ දැකල තියෙනවද ගස් ලබු වැල්?

      ජය වේවා, ලබු වේවා!!!

      Delete
    2. සිංහයා. ඌ ගෙදර දාල කොහේ යන්නද?

      Delete
    3. ගෙදර අයිතිකාරයා නෙවෙයි බොලං... පාටියට ආව උං ගෙං එකෙක් දාල යන්නෙ.

      Delete
    4. ආවේ නැත්තේ ජිරාෆ්, ඌ ෆ්‍රිජ් එකේනේ.

      Delete
    5. නෑ බං ඇණෙයො, මං අහන්නෙ ඇවිත් ආපහු ගියෙ නැත්තෙ කවුද කියල

      Delete
  14. සෑහෙන්න කට්ටිය උත්තර දීල ගිහිල්ල. අර හොල්මන් කතාව කියවන්නම එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම දෙන්නං මල්ලි. ඉක්මණටම...

      Delete
  15. පලවෙනි හතරේ දනිමි..
    අනික්වාගේ නොදනිමි
    ඔව්වා කල්පනා කරන්න මට වෙලාවක් නෑ වැම්පරයෝ..


    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. හැබෑට 4 වෙනි එකේ දන්නවද?

      ජයවේවා !!

      Delete
  16. එහෙනම් මේ රනිල් වොක්ස්වාගන් ලංකාවේ හදන්න යන්නේ යූ එන් පී එකේ අලි ඒවට දාන්න වෙන්න ඇති. දැන්නේ දන්නෙ කථාව.

    ReplyDelete
    Replies
    1. ඒක සිම්පල් ප්ලෑන් එකක් නේද? අලි විතරයැ, මුලු කැබිනට් එකම දාන්න පුළුවං එකක් හදන්නෙ.

      Delete
  17. සිංහයාගේ මැදමූලන තිබූ උපන්දින සාදයට ගිය හිටපු අග විනිසුරු මොහාන් ද සිල්වා ආපහු ආවේ නැත්තේ එන්න බලනකොට වෙන කෙනෙක් පුටුවේ ඉන්ඳවා සිටි බැවිනි. මළා ආපු නැති සතා ගැනද ඇහුවේ?

    ReplyDelete
    Replies
    1. මළා... !!!

      පට්ට උපමාව බං... :-)

      Delete
  18. ඩ්‍රැකි මට උඹ හින්දා පොඩි එකාටත් සෑහෙන සෙකන්ඩි වෙන්න උනා බං.පොඩි එකාගේ චොකලටි ලබාදීම ඇතුලු කොන්දේසි විරහිත ඉල්ලිමි ගණනාවකට එකග වෙන්නත් උනා.ඒත් මට කියලා දුන්නේ පලමු වෙනි පහට විතරයි බං.ඔය කමිමලේ කියලා තියන ටිකම තමයි පොඩි එකත් කීවෙ.ඒ ටික හරිද.ඉතිරි ප්‍රශ්න ටිකට අල්ලපු ගෙදර පොඩි එකාගේ සහය පැතිමට තීරණය කරා.

    ReplyDelete
    Replies
    1. 4 නම් සුපිරියටම වැරදියි...!!! පොඩි එවුං උනත් දන්නෙ ටිකයි. ඉතුරු එව්වට උත්තර හොයන්න ඕනෙ ගංජාකාරයෙක් වගේ කල්පනා කරලා ම තමා. උත්තර කාගෙංවත් අහන්න ගියොත් පගාව දෙන්නම වෙනවා. ඊට හොඳයි අපි සරළව කල්පනා කරලා උත්තර ගොඩ නගන එක. අපේ මොළේටත් වාසියි ඒක...

      Delete
    2. හිනා කාල මැරෙනව යකෝ , මම නොදැන ඔය උත්තර ලිවුවෙ . මේ පොඩි එවුන් දන්න කතා හින්ද මම එහා ගෙදර ඉන්න ඇම්ඩගෙන් ඇහුව ඌ දුන්නෙත් පලවෙනි තුනට මම දුන්න උත්තරම තමයි . බුවා මාව බයිට් එකට ගන්ඩ තව කතා ගැන අහගෙන ආව යන්තං ෂේප් වෙලා ආව.

      Delete
    3. ඩ්‍රැකියා ගංජා ගැහුවෙ නැතත් ගංජා ගැහුවා වගේ තමයි බං උත්තර කල්පනා කරනකොට බලාගෙන ඉන්න උන්ට පේන්නේ.මගේ දයාබරි අහනවා මොනවද අනේ මෙ කල්පනා කරන්නේ කියලා.ඒ අස්සේ මුන් දාන කමෙන්ටි හින්දා තනියම හිනා යනවා දැකලා අහනවා මොනවද අනේ තනියම හිනාවෙන්නේ කියලා.

      Delete
    4. කම්මල,

      දැං ඉන්න පොඩි උං අපිව බයිට් කරන්නෙ, ඔය ඇන්කර් වන් ප්ලස්, සම පෝෂ වගේ එව්ව කාලනෙ. දෙන්ඩ එපා උඹෙ පොඩි උංට එහෙම.

      ගොඩක් අය දන්නෙ පළවෙනි තුන තමා. අනික්වා ටිකක් ඇඩ්වාන්ස්ඩ්.

      මනෝ,
      /මගේ දයාබරි අහනවා... / මොකෝ ගෙදර උන්දැට දියබරියා කියන්නෙ?

      Delete
    5. මම කියන්නෙ නමි ඔචිචරයි.උන්දැ මට කියන ඒවා උඹ දන්නවනම් එහෙම

      Delete
    6. /උන්දැ මට කියන ඒවා උඹ දන්නවනම් එහෙම/
      ඈ...?

      බැරිද පොඩ්ඩක් කමෙන්ට් කරන්න. ඩ්‍රැකියානිගෙ භාවිතයට සුදුසු එව්ව තිබ්බොත් උපුට ගන්නැහැකි.

      Delete
  19. මේක යහ පාලන කුමන්ත්‍රණයක්, අපේ මහා රජ තුඅමාගේ කාලේ උඹලට ඔය පරශ්න තිබ්බේ නෑනේ. එයා කියන උත්තර අහගනේ හිටියා, දැන් එනවා මෙතන අපෙන් උත්තර අහන්න, හුහ්... උඹම තියාගන් උඹේ බිබික්කම

    ReplyDelete
    Replies
    1. උඹට ශිරිලියගෙ බිබික්කම දෙනව කිව්වනං බලාගන්න තිබ්බා‍ උඩ පැනගෙන උත්තර දෙන හැටි... හුහ්...

      Delete
  20. 1. ෆ්‍රිජ් එකේ දොර ඇරීම. කටුස්සාව ඇතුලට දැමීම. දොර වැසීම.
    2. දොර ඇරීම. කසුට්ටා එළියට ගැනීම. චතුරංග ප්‍රියසාද් ඇතුලට දැමීම. දොර වැසීම.
    3. මී මුරේ අභීත අයියාය.
    4. කසුට්ටාය. ඌව උස්සනවා තියා හිතන්නවත් බැරිය.
    5. යන හැමඑකාම යන්නේ ගුලි කාලාය. උන්ට දූපතේ ඉන්නා කසුට්ටා පේන්නේ කිඹුලෙක් වගේය. මං ගියේ නිකංය. ඒ නිසා ඌ නිකම්ම නිකං කසුට්ටෙක් බව මම දන්නෙමිය. නිදානේ ගත්තෙමිය.
    6. කාර් එකේ දොර ඇරීම. කසුට්ටා ඇතුලට දැමීම. ලොකුපුතා ඇතුලට දැමීම. ෂෙෆාකි ඇතුලට දැමීම. කමියා ඇතුලට දැමීම. දොර වැසීම.
    7. රෑ පැල් රැකාලා ඩ්‍රැකියා ගෙදරට එන විට ප්‍රදේශයේ යූ ඇන් පී සංවිධායකයාගේ ස්ටිකර් නෑවූ ප්‍රාෙඩා් රථය මිදුලේ වෙිය.
    8. දහයක්? යකෝ මෙහෙමත් අසාධාරණයක්! හිටුකො.
    1. දොර ඇරීම.
    2. මෙන්ඩාව කෙල්ලන් අතරින් පාදා එළියට ගැනීම.
    3. උගේ කටේ සිරවී ඇති බ්‍රා එක එළියට ගැනීම.
    4. උගේ කලිසම ගැලවීම.
    5. උගේ කලිසමේ ඉස්සරහා හංගාගෙන ඇති බ්‍රා එක එළියට ගැනීම.
    6. උගේ කලිසමේ පස්සා පැත්තේ හංගාගෙන ඇති බ්‍රා එක එළියට ගැනීම.
    7. උගේ කලිසමේ පස්සා පැත්තේ හංගාගෙන ඇති අනික් බ්‍රා එක එළියට ගැනීම.
    8. මෙන්ඩාට නැවත කළිසම ඇන්දීම.
    9. ඩ්‍රයිවින් සීට් එකේ වාඩි කරවීම.
    10. දොර වැසීම.

    ආව මෙතන තේරවිලි අහන්න හුහ්!

    ReplyDelete
    Replies
    1. එල මදාවියෝ එල.... මෙන්ඩට ඔහොම වෙලා මදි...

      Delete
    2. මෙන්ඩගෙ කොහෙවත් කටුස්සෙක් හිටියෙ නැද්ද?

      Delete
    3. $^#*()$))#&^$#$* )(*^%#^*(@
      *#&#(($^%$&(#)_)@_
      $&&#*($))$*&$*@)))
      (*$&^^%#*#)$_$*$&))#
      ($%*$^%$&(%+_$)*$+)**%

      Delete
    4. මධුවට සොදා්නාගේ හරි බබක්කාගේ බිබික්කම
      කැමටයි ප්‍රසාටයි පුස්ලෝඩංම බැගින්

      Delete
    5. හිනා කමින් මැරෙමි

      Delete
    6. අම්මප මුගෙ කටේ ගල් කාලක් අමුවෙන් වක්කරල පෑන්ටියක් කටේ ඔබන්න ඕනෙ.

      Delete
    7. ඇර මදාවියා ඇර... උඹේ උත්තරේ කොච්චර ඉස්තරම්ද කියනවනං ඒකට පුස්ලෝඩං එකයි බිබික්කමයි දෙකම දෙන්න වටිනවා.

      කැමා,
      උඹ නං මෙන්ඩගෙං කන්න ළඟයි...

      ප්‍රසා,
      මෙන්ඩගෙ ඇඟ පුරාම කටුස්සනෙ බං වෙන කොහෙවත් ඉන්න ඕනෙය...?

      මෙන්ඩා,
      උඹේ කමෙන්ට් එක ගූගල් ට්‍රාන්ස‍්ලේටර් දැම්මා.
      උඹට කාගෙ බිබික්කමද ඕනෙ?

      විදානෙ,
      අර ලොල් කිව්වා වගේ - කෙටියෙං කිව්වොත් "හිකමැ"

      කම්මල,
      පෑන්ටියක් ඔබන්නෙ බයිට් එකටෙයි?

      Delete
  21. (මං මේ ගැන මොකුත් නොකියා ඉන්න එක හොදයි වගේ...)
    බොලා ඔක්කොටෝම මං හෙට උත්තර දෙන්නං. අද මං නිවාඩු. මදාවියගෙ උත්තර නං පට්ට...

    ReplyDelete
    Replies
    1. ඊයෙ තෝ නිවාඩුනං මේ කමෙන්ට් එක දැම්මෙ අහවලාද බොල?

      (අඩේ, ඉහළ ඉඳං පහළට කමෙන්ට් කරගෙන යන ගමං - මං ම මටම උත්තර දීලනෙ. හතර හිනා...! "මගෙම මටම ඉළ කැඩුනා හිනාවට" කියලා කවි පදේකුත් තිබ්බා මොකක් හරි සවුදමක...)

      Delete
  22. මම ඊයේ රෑ පොඩි මෙන්ඩාගෙන් අලියා ෆිඡ් එකට දාන විදිහ අහලා කියලා දුන්නා ඌට ක්‍රමය...පොර උඩ පැන පැන බඩ අල්ලගෙන හිනාවෙනවා...
    සදු බැන්නා අපි දෙන්නට
    “මොනවද අයියේ ඔය පොඩි එකාට කියලා දෙන මොඩ කතා ඔය ළමයා ඉස්කොලේ ගිහන් ඔවා කිව්වොත්“
    “ පුතේ ඇයි ඔච්චර හිනාවෙන්නෙ..“
    “අර ඩ්‍රැකි තමයි සදු මේ කතාව ලියලා තිබුනේ“ ඌට බනින්න
    “අම්මේ ඩ්‍රැකි මාමට බනින්න එපා“

    ReplyDelete
    Replies
    1. ආන්න ආන්න දැක්කද, උම මගෙ කණ පලන්න හදනවා. පොඩි මෙන්ඩා උනත් දන්නවා කවුද හොඳ කියලා.

      (වෙලාවට මං උඹලැයි ගෙදර ආවෙ නැත්තෙ. ආවනං එහෙම යන්න පිටත් වෙලා ටටා කියනකොට පොඩ්ඩා මගෙත් පතුරු අරිනවා.)

      Delete
  23. 1. දොර අැරීම, අලියා දැමීම, දොර වැසීම
    2. දොර අැරීම, අලියා ඒළියට ගැනීම, ජිරාෆ් දැමීම, දොර වැසීම...

    ඉතුරුවත් දන්නවා ..... අනික් උන්ටත් අවස්ථාව දෙන්න ඒපැයි.....

    ReplyDelete
    Replies
    1. හැමෝම දන්නවා බං ඔය දෙක... හැක හැක...

      හොඳා හොඳා අනිත් උංට අවස්ථාව දියං...!!! :-)

      Delete
  24. දැන් ඉන්න අලිනොක්කොම හික්මීයෝ වගේ. රනිල් කිව්ව ගමන් ෆ්‍රිජ් එකක් නෙවෙයි ගිනිපෙට්ටියක් ඇතුලට වුනත් යනවා. ජිරාෆ් කිව්වේ P.C.R. ටද? ඔය්යකා ඕනේ වෙලාවක රින්ගවාගන්න පුළුං මිනිහා ගැන ටිකක් වර්ණනා කලාම.

    7 වැනි ප්‍රශ්නෙට උත්තරේ:- ගම හාමිනේ කියනවා ඇහුනා ඔය ඇති මයේ දෙයියෝ කියලා.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව විචාරක. පාට-ලියා තමා ඔක්කොටම හපං. ඌ නං ෆොක්ස්වැගන් එකට එක පියවරිම්ම දැම්මහැකි, අවස්ථාවෙ හැටියට. ඕක වගේ කටුස්සෙක් මං ජීවිතේට දැකලා නෑ. විමලෙයා ටිකක් විතර කිට්ටුයි.

      7 වැනි ප්‍රශ්නෙට ඔය උත්ත‍රේ විචාරකට දුන්නෙ කවුද? මළ ගෙවල් අස්සෙ වෙන වෙන කෙළිත් ගිහිං වගෙයි... :-)

      Delete
  25. අලි ෆ්‍රිජ් වලට,, කාර් වලට දාන්න දැන් මෙච්චර අමාරු නැත.. ඇමතිකමක් නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා කිව්වොත් එක පියවරකින් කරගත හැක.. එමනිසා ප්‍රශ්න නිවැරදි කර නැවත අසන්න..............

    ReplyDelete
    Replies
    1. අලි විතරද?

      ප්‍රශ්න යාවත්කාලීන කරන්න නම් වෙලා වගේ තමා බණ්ඩො.

      Delete
  26. 1. ශීතකරණය ඇරීම, අලිය දැමීම,වැසීම
    2. ශීතකරණය ඇරීම, අලිය එලියට ගැනිම, ජිරාව දැමීම ,වැසීම
    3. හැකරැල්ලා හෝ පත්තෑයා
    4. කබරයා

    ටයිප් කරලා මහන්සියි බං. ඉතිරිවා පස්සට (එහෙම නැතිව නොදන්නවා නෙවෙයි ඕන්)

    ReplyDelete
    Replies
    1. අඩෝ ගලෙයා, කාලෙකිං ඈ...!

      3 නං එළ කිරි වගේ වැරදියි ඉන්තේරුවෙම්ම... උඹටත් ටයිප් කරද්දි හරි මහන්සියි නේද? සීනි වෙන්නැති. චෙක් කරගනිං...

      Delete
    2. 3. ජිරාෆ් වෙන්නත් පුළුවන්. ඌ ෆ්‍රිජ් එකේ හිටි නිසා...

      උඹ හතර ගැන සද්ද නැහැ.... මටයි තෑග්ග.....

      Delete
    3. හතරට විතරක් බිබික්කමක් දෙන්න බෑනෙ බං. ප්‍රශ්න අටක්ම තියෙනවනෙ. ඕන්නං ලෑතරයක් දෙන්නං, උත්සාහය අගය කිරීමක් විදිහට.

      අඩේ ඉස්තූතියි ඈ... මේ උත්තරෙත් එක්ක කමෙන්ට් 100 යි මේ බ්ලොග් එකේ පළවෙනි වතාවට.

      Delete
  27. නිධානෙ ගත්තේ අලියාගේ බර්ත් ඩේ පර්ටියට කිඹුලා ගිය දවසේ.

    ReplyDelete
  28. ටිකක් දන්නව ෙගාඩක් දන්නෑ තව ටිකක් කමනේට් වලින් දැනගත්තා.
    ඊලග ෙබාග ටෙන්ඩ් එකද?

    ReplyDelete
    Replies
    1. උත්තර ඊළඟ පෝස්ට් එකෙ තියෙනව.

      මේක ට්‍රෙන්ඩ් එකක්ද දන්නෑ. යමක් ලියාගන්ඩ කාලෙ මදි උනහම කියවන්නන් අතර උණුසුම රැකගන්ඩ මෙහෙම උප්පවැට්ටි කරනව.

      Delete
  29. 1. දොර ඇරිය, අලියව දැම්ම, දොර වැහුව
    2.දොර ඇරිය, අලියව ගත්ත, ජිරාෆ්ව දැම්ම, දොර වැහුව
    3.ජිරාෆ් (ෆ්‍රිජ් එකේ)
    4.සිංහය
    5.පගාවක් දීල
    6.දොරවල් දෙක ඇරිය, ශීට් දෙක ඉස්සරහට නැමුව, අලි දෙන්නෙක් පස්සට දැම්ම, ශීට් දෙක හැදුව, අලි දෙන්නෙක් ඉස්සරහට දැම්ම, දොරවල් වැහුව
    7.ගෙදර මිදුළෙ වොක්ස්වැගන් එකක් නවත්තල තිබුණ
    8.දොරවල් දෙක ඇරිය, ශීට් දෙක ඉස්සරහට නැමුව, අලි දෙන්නෙක් පස්සට දැම්ම, ශීට් දෙක හැදුව, අලි දෙන්නෙක් ඉස්සරහට දැම්ම, දොරවල් වැහුව, ගමරාලගෙ ගෙදර ඉඳන් ජිරාෆ්ගෙ ගෙදරට වාහනේ ගෙනාව, ඩ්‍රයිවිං ශීට් එකේ අලියව බැස්සුව, ජිරාෆව ඇතුලට දැම්ම, දොර වැහුව..

    ReplyDelete
  30. 1. දොර ඇරිය, අලියව දැම්ම, දොර වැහුව
    2.දොර ඇරිය, අලියව ගත්ත, ජිරාෆ්ව දැම්ම, දොර වැහුව
    3.ජිරාෆ් (ෆ්‍රිජ් එකේ)
    4.සිංහය
    5.පගාවක් දීල
    6.දොරවල් දෙක ඇරිය, ශීට් දෙක ඉස්සරහට නැමුව, අලි දෙන්නෙක් පස්සට දැම්ම, ශීට් දෙක හැදුව, අලි දෙන්නෙක් ඉස්සරහට දැම්ම, දොරවල් වැහුව
    7.ගෙදර මිදුළෙ වොක්ස්වැගන් එකක් නවත්තල තිබුණ
    8.දොරවල් දෙක ඇරිය, ශීට් දෙක ඉස්සරහට නැමුව, අලි දෙන්නෙක් පස්සට දැම්ම, ශීට් දෙක හැදුව, අලි දෙන්නෙක් ඉස්සරහට දැම්ම, දොරවල් වැහුව, ගමරාලගෙ ගෙදර ඉඳන් ජිරාෆ්ගෙ ගෙදරට වාහනේ ගෙනාව, ඩ්‍රයිවිං ශීට් එකේ අලියව බැස්සුව, ජිරාෆව ඇතුලට දැම්ම, දොර වැහුව..

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි