Wednesday, October 28, 2015

උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් - සහ අලි ප්‍ර‍‍හ‍ේලිකා අංක 3

"බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි."
ආදර්ශ පාඨයකිං ලියවිල්ල ආරම්භ කිරීම ක්ලැසික් ගතියකි

මේ අපි කවුරුත් හොඳින් දන්න අඳුනන වල් මදාවියා හෙවත් විසිටරයා විසින් මා අරභයා දේශනා කරන ලද ආදුරුස පාටයකි.

මේ ආදුරුස පාටය දේශනා කරන්නට යෙදුන නිමිත්ත වූයේ මා පහුගිය දෙසතියේ අම්බානකට බිසී වීම නිසා බ්ලොග් ලෝකයේ වූ දේවල් (තියා නිවුස් මොනවක්වත් පවා) කිසිම දෙයක් නොදන්නා තත්ත්වයකට පත්වීමය.

ඩ්‍රැකියානිත් මාත් අවුරුදු තුනක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අපේ කිරුළ හිමි ඩ්‍රැකී කුමාරයා මේ ලෝකයට බිහි වූයේ පහුගිය සතියේය.



ඉතිං මාර ආතල් ය. පාන්ද හතරට නැගිට, මෑණි පාර්ශවයත් එක්ක සෙටමෝල් වී උයාගෙන (ඒ කියන්නෙ අම්මට පොල් මිරිකා දී එයා උයා දෙන කෑම එක බැඳගෙන.) ඩ්‍රැකියානිට තේත් හදාගෙන හොස්පිටලය බලා පිටත් වන්නෙමි. ඊට පස්සෙ ගෙදර ආ වෙලේ ඉඳං, "හනේ දෝනිට මේ කෑමම දවල්ටත් දෙන්නෙ කෙ‍ාහොමදැ?" යි විස්සෝප වෙන අම්මා එක්ක තවත් මොකක් හරි වෑඤ්ජනයක් දෙකක් උයා, ඩ්‍රැකියානිගේ සහ පසුකාලීනව ඩ්‍රැකි පැටියාගේ කිලිටි රෙදි ගොන්න සෝදා දමා, අම්මාද කිහිල්ලේ ගසාගෙන දවල්ට ඩ්‍රැකියානි බලන්නට යන්නෙමි. ඒ කොල්ලා ගෙදර ඇවිත් පැය බාගෙයක් නිදාගෙන ඉන්නා මම ඊට පස්සෙ අවදි වෙන්නේ, ගේ දොර මිදුළ අතු පතු ගා, ඩ්‍රැකී පැටියා වෙනුවෙන් විශේෂ පිරිසිදු කිරීම් කොර, හවස විසිට් එක සඳහා අවශ්‍ය කළමනා ලෑස්ති කරන්ටය. හවස හොස්පිටලයෙන් ගෙදර ආ වෙලේ ඉඳන් පහුවදාට උයන්ට කළමනා ලෑස්ති කිරීම, කිළීටි රෙදි සේදීම, වේළුනු නැප්කින් අයන් කිරීම ආදී කප්පරක් කරුමාන්ත නිමවා මධ්‍යාහ්න දොළහට කිට්ටු කර (පැය එකහමාරක් විතර කිට්ටු කර) නිදාගන්නට යන්නෙමි.

මෙසේ කරන ලද දුෂ්කර කිරියාව දැන් ඩ්‍රැකී පැටියා සමඟ නයිට් ඩියුටි කිරීම දක්වා වෙනස් වී ඇත්තේය. මොකද ඩ්‍රැකියානි කියනාකාරයට ‍මූ නම් ගිය ආත්මයේ මුරකාරයෙකි. මුන්දෑ දවාලට බබා වගේ නිදාගෙන ඉඳ, රෑ තිස්සේ ගෙදර දෙවනත් කිරීමේ කාර්යයේ නිරත වෙන නිසාය.

කෙසේ වෙතත් කුළුඳුලේ පුතෙක් ලැබීම රටක් රාජ්ජයක් ලැබුණා වගේය. වැඩියත්ම වැදගත් වන්නේ අපි බලාපොරොත්තු වුනේ එක දරුවෙක් විතරක් හදන්ට නිසාය. (සිංහල ජාතිය ගැන හිතා දරුවන් පඩිපෙළක් හදන්නට කියන උන්ට මට කියන්නට ඇත්තේ, ඊට පෙර වනචර දොස්තරයන් ගේ මානසික රෝග සුවකර, නර්ස් ලා සහ මිඩ්වයිෆ්ලා ට මිනිස්සුන්ට කතා කරන්නට උගන්වන ලෙසය... අම්මප...!!!)

අවසානයේ, මෙතෙක් කලක් ඩ්‍රැකී ජූනියර් ලෙසින් හඳුන්වාගන්නා ලද මා, ගිය සතියේ සිට ඩ්‍රැකී සීනියර් ලෙස මාගේ ඊ්මේලය, සහ මූණු පොතේ එකවුන්ටය වෙනස් කරනා බවට උතුං වූ බ්ලොග් අවකාශයටත්, එහි සැරිසරනා සියල්ලන්ටමත් ‍ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගයි...

-------------------------

උඩිං කියන්නට යෙදුන කාරණේත් එක්ක, ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාසය ලියාගන්නට මේ සතිය වන විටත් බැරි වීම නිසා, කලිං පෝස්ටුවේ පහතින් ලියා පොරොන්දු වූ විදිහට, අලි ප්‍රහේලිකා අංක තුන, ඉදිරිපත් කරනු ලැබේ...

(චර චර චර චර... හුරේ...! ජය වේවා...!!!)

1. 
ගිරව් තුන් දෙනෙක් එකා පස්සෙ එකා සරළ රේඛාවක් විදිහට පියාඹාගෙන යනවා. ඉස්සෙල්ලම ගිය ගිරවා පිටිපස්ස හැරිලා බලලා කියනවා, "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. දෙවෙනි ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා,  "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. අන්තිම ගිරවත් පස්ස හැරිලා බලලා කියනවා,  "මගෙ පස්සෙං තව ගිරව් දෙන්නෙක් එනවා" කියලා. කොහොමද එහෙම උනේ?

2. 
මත්තල හිටපු කොකෙක් හිටියා. උගේ කෙකි කෑල්ල වැඩකළේ කොළඹ බෝඩ් වෙලා. ඉතිං හැම සෙනසුරාදම කොක‍ා උදේ හයට මත්තලිං පිටත් වෙලා පියාඹගෙන එනවා කොළඹට. ඌ කොළඹට එද්දි උදේ 8 යි. ඊට පස්සෙ කොක් ජෝඩුව වික්ටෝරියා පාක් ගිහිං, ගෝල් පේස් ගිහිං, තව තව තැං ඔල ගිහිං එහෙම, දෙන්නා සමුගන්නෙ දවල් දොළහට. දවල් දොළහට කොළඹින් පිටත් වෙන කොක‍ා, මත්තලට ළඟ වෙද්දි හවස හතරයි.
කෙටියෙං කිව්වොත්, උදේ කොක‍ාට කොළඹ එන්න පැය දෙකක් ගියාට, හවස යද්දි පැය හතරක් ගතවෙනවා. ඇයි ඒ?

3. මේ කොකාම වැහි දවසක පියාඹාගෙන යනවා. අකුණක් ගහනකොට ඌ එකපාරටම පහළට වැටෙනවා. ආපහු උඩට ඉගිළෙනවා. ආයෙ අකුණක් ගහනකොට ආයෙම පහළට වැටෙනවා. ඇයි ඒ?

4.
මෙන්ඩයි, සඳුවයි, පොඩි මෙන්ඩයි පනු තාත්තයි, පනු අම්මයි, පනු පුතයි පාරට බැස්සා. පනු පුතාව මොන්ටිසෝරියට බාර දෙන්න යන්න. පාරෙ අයිනෙන් එද්දි තඩි කන්ටේනරයක් වේගෙන් ඇවිත් ඒ අය පාස් කර‍ගනෙ ගියා. බයවෙච්ච පාර පනු පුතා කිව්වා, "තව ඩිංගෙං අපි හතර දෙනාම ඉවරයි" කියලා. කොහොමද හතර දෙනෙක් උනේ?

5.
පනු අම්මයි, පනු තාත්තයි, පනු පුතයි, පනු පුතා ශිෂ්‍යත්වෙන් පාස් වෙච්ච සතුටට ඩිනර් එකකට එළියට ගියා. හෝටලේට ඇතුල් වෙච්ච ගමං පනු පුතා කිව්වා, "අර ටේබල් එකේ නම් අපි හතර දෙනාටම ඉඩ තියෙනවා" කියලා. කොහොමද හතරක් උනේ? (උඩ ප්‍රශ්නෙට උත්තරේ මේ ප්‍රශ්නෙට භාරනොගන්නා බැවින් කරුණාවෙන් අලකන්න.)

6.
පොළොව මැද්දෙ ගල් කන පණුවෙක් ඉන්නවා. උගෙ නම මොකද්ද?

7.
මුහුද මැද්දෙ යකඩ බල්ලෙක් ඉන්නවා. ඌ කන්නෙ මොනවද?

8.
පොරක් විදේශ ගත වෙන්න හිතලා, හදිසියෙන් තමන්ගෙ දේපළ ඔක්කොම විකුණලා ගත්තා ප්‍රයිවට් ජෙට් එකක්. පොරට විකුණගන්න බැරි උනේ වොෂිං මැෂීන් එක විතරයි. ජෙට් එකට පටවන්න පුළුවන් කිලෝ සීයයි. පොර බරයි කිලෝ හැත්තෑවක්. වොෂිං මැෂින් එකත් කිලෝ හැත්තෑවක් බරයි. කොහොමද පොර වොෂිං මැෂින් එකත් අරගෙන පිටරට ගියේ?

9.
හරකෙක් තාප්පයක් අයිනෙ ගැටගහලා ඉන්නවා. ඌ විඩිං විඩේ තාප්පෙට උඩිං බලනවා. උෟ ඇයි තාප්පෙට උඩිං බලන්නෙ?

10.
ඇමරිකාවෙන් වළක් හාරගෙන හාරගෙන ගිහිං, පොළොවෙ අනිත් පැත්තෙං මතු උනා. ඒ වැඩේ හරියට වුනාද කියලා බලන්න, ඇමරිකාව පැත්තෙං ගල් කීපයක් දැම්මා වළට. ඒත් ඒවා අනිත් පැත්තෙං එළියට ආවෙ නෑ. ඇයි ඒ?

11.
කෙල්ලෙකුයි කොල්ලෙකුයි මුහුදු වෙරළට ගියා. කෙල්ල කිව්වා කොල්ලට "මට මුතු ගොඩක් ගෙනත් දෙන්න" කියලා. කොල්ලා ජබුක් ගාලා පැන්නා වතුරට. පැනල බැලින්නං පැනපු තැන මුතු බෙල්ලො විමානයයි. පොර ඔළුව වතුරෙ ඔබාගෙන බෙල්ලො අහුරු අහුරු අරං වෙරළට විසි කරන්න ගත්තා. මහ වෙලාවකට පස්සෙ කොල්ලා ආපහු ගොඩට ඇවිත් බලනකොට, කෙල්ල සුන්බුන් ගොඩක් මැද මැරිලා හිටියා. කොහොමද කෙල්ල මැරුණෙ?

12.
තාත්තල දෙන්නෙකුයි පුත්තු දෙන්නෙකුයි සිරීපාදෙ ගියා. ආපහු ආවෙ තුන් දෙනයි. ඒ ගැන ගෙදර කවුරුවත් කළබල උනෙත් නෑ. ඇයි ඒ?

මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුන කාට උනත්, තෑග්ග විදිහට මම කණට කරලා කර්ණ රසායන සිංදුවක් කියනවා...

ප/ලි
මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් උනොත් රවි ට හෝ ඩූඩ්ට, උන් දෙන්නාගේ ඉල්ලීම පරිදි මේ බ්ලොග් එක උන් දෙන්නාටම පවරා දෙන්නට අදහස් කරමි.

149 comments:

  1. Replies
    1. පිළිතුර වැරදියි........... නැවත උත්සහ කරන්න......

      Delete
    2. ඊ ද බී එම්,
      උඹ එක වීම ගැන මගේ සුභපැතුම්. (කණ අල්ලහං - කයියක් හරි කියඤ්ඤං)

      කේ. ජී. ජී. පී.,
      ඉස්තූතියි විනිශ්චය මණ්ඩලය...

      Delete
  2. යකෝ...නෑ නෑ වැරදුනා සිනියර් ඩ්‍රෑකියෝ...ආය අලුතෙන් ප්‍රහේලිකා මොනවටද? උඔට ළමයෙක් හම්බවුන එකම ඇති අපිට කල්ප කාලන්තරයකට කල්පනා කරලා විසදන්න..

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක ගැන මං සතුටු වෙන්න ඕනෙද, දුක් වෙන්න ඕනෙද, කේන්ති ගන්න ඕනෙද කියලා තාම කල්පනා කොරනවා හිටං...

      Delete
    2. පොඩ්ඩක් ඉඳං බලහං.

      Delete
    3. ඉදං බලල බලල බැරිමතැන හිටගත්තා...

      Delete
    4. උඔ මා එක්ක තරහා ගන්නෙ නැති බව මම දන්නවා..

      Delete
    5. උඹ ඉතිං එක බඩවැල කඩාගෙන ආපු මගෙ සහෝදරය වගේනෙ මෙන්ඩො...

      Delete
  3. මචං..උඔලා තුන්දෙනාටම
    ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මෙන්ඩො. මං දන්නවා උඹ ගොඩක් සතුටු වෙන බව...

      Delete
  4. Replies
    1. අද උඹ මේකෙ රජ්ජුරුවො වෙලා නේද?

      Delete
    2. EdeBM,
      හනේ වාසනාවන්...

      ආකාස කුසුම්,
      "මං නැති සයිට් එකේ මෙන්ඩා රජාලු" කියලා පරණ කියමනක් තියෙනවා අහල නැතැයි?

      Delete
  5. උඔ පොඩි මෙන්ඩට මොනතරම් ආදරේද කියලා මට දැනෙනවානේ..ඒ කියන්නෙ උඔ හොද තාත්තා කෙනෙක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. මටත් ඕනෙ එහෙම වෙන්න බං. උඹ වගේ...

      Delete
  6. මේක නම් ලේසියෙන් අතඅරින්න බෑ..මේ සතුටට බෝතලයක් ගහන්නම ඔනේ..

    ReplyDelete
    Replies
    1. අනේ මයේ දෙයියෝ...මේ සැරේට විතරක් අනුකම්පා කරලා අඔ බොමු

      Delete
    2. ඔය කිව්වට හැම තැනම අඹ නැහැ...

      Delete
    3. මෙන්ඩා,
      බෝතලයක් ගහල නැවක් දියත් කරන්ඩද හදන්නෙ?

      ප්‍රසන්න,
      කරුතකොලොම්බන්වත් එපාද?

      මෙන්ඩා,
      ගමක ඉන්න ගොඩයන්ට දෙයියො කියනවා? මාාාර විහිළුව...

      ලොකු පුතා,
      යමං මිහින්තලේ. එහෙ නං ඇති...

      Delete
    4. අඩෝ කවුද ඩෝ ගොඩය.

      Delete
    5. කවුඩ්ඩෝ ‍දෙයියා...???

      Delete
  7. හත්වෙනි කමෙන්ටුවත් මමම තමයි

    ReplyDelete
    Replies
    1. උඹට අද වාසියි එහෙනං...
      මොකෝ, අද කෙල්ලො ටික ස්ට්‍රයික්ද?

      Delete
  8. 4) පොඩි මෙන්ඩාට තවම ගනන් කරන්න බෑ

    ReplyDelete
  9. ඩ්‍රැකී සීනියර්, ඩ්‍රැකියානි සහ ඩ්‍රැකී ජූනියර් ට උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
  10. ඔය මෙන්ඩට දැනටම වැඩි වෙලා.

    ReplyDelete
    Replies
    1. මෂ්සීනා..පාර වැනෙනවා වගේ..

      Delete
    2. නටන්න බැරි මෙන්ඩා පාර ඇදයි කිව්වා වගේ...

      Delete
  11. 1 2 3 4 5 6 වෙලා තියෙන්නේ මෙන්ඩනේ.හිටු උඹට 7 වෙන්න දෙන්නැ මම

    ReplyDelete
    Replies
    1. වැඩකට යන්න හදන්නේ.ආවම උඹෙ තේරවිලි ටිකට උත්තර ටිකක් දාන්නම්කෝ

      Delete
    2. ඇයි උඔ උත්තර හොයාගෙන එන්න යන්නද හදන්නේ?

      Delete
    3. මෙන්ඩා
      කාගේ හරි සපොට් එකක් ගන්න පුලුවන්ද කියල බැලුවා.දන්න එකෙක් නැ බං..මූ අද ටිකක් අමුතු විදියේ ඒවනේ බං දාලා තියෙන්නේ...

      Delete
    4. මන්දිරා,
      මෙන්ඩට 7 වෙන්න දෙන්නෑ කියලා උඹ 13 වුනා...

      Delete
  12. 8) පොර බැස්සා වොෂින් මැෂින් එක ඇතුලට

    ReplyDelete
  13. 10) ගල් කන පනුවා ඒවා කාලා

    ReplyDelete
    Replies
    1. මං මොකුත් කියන්නෑ පනුවො ගැන...

      Delete
  14. 11) ඡෙට් එකෙන් එලියට විසිකරපු වොෂින් මැෂින් එකට යටවෙලා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩො,
      වොෂිං මැෂිං එක මොන එහෙකටද විසි කරන්නෙ? වැරදියි වැරදියි...

      විදානෙ,
      මෙන්ඩ බීල
      සරම ඇඳල
      පටිය බැඳල
      විටක් කාල
      ආව් අම්ම‍ මොන ෂෝක්ද?

      Delete
  15. පොඩි ඩ්‍රැකි පැටියට තෙරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා..
    අපේ සුභ පැතුම් මචං....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ... ස්තූතියි.

      Delete
  16. දහනමයත් මමම තමයි...
    සරම කරට අරන්
    වරෙන් යකෝ..ඔන ඩ්‍රෑකියුලාවෙක්

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියුලා කොහොම වෙතත් උඹේ කෙල්ලො ටික ඔතන ඉන්නවද බලහං

      Delete
    2. මෙන්ඩො,
      මේක දහ අටනෙ... පොඩි මෙන්ඩට විතරක් නෙවෙයි මහ මෙන්ඩටත් ගණං බෑ වගේ

      ප්‍රසා,
      කෙල්ලො ටික නැතුව ඇති. ඒ පාලුවට තමා මූ මේ නටන්නෙ...

      Delete
  17. "බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි."

    මෙහම කිව්වේ අපේ වල් මධාවියාද?
    හැ..හු...හි හී...හෝ..හෝ....
    ඌ හම්බ වුනොත් කියපන් මමයි දෙමල ණ යන්නයි මනෝයි අර කුනුහරැප බ්ලොග් එක ඇදගෙන යනවා අඩු ගානේ ඇවිත් අපි වුන්නද මලාද කියලා බලලා යන්න කියලා..

    ReplyDelete
    Replies
    1. ඔවු ඌට කියහං බ්ල‍ොග් එක ළමයෙකුට දෙන්න එපාය කියල.

      Delete
    2. මෙන්ඩො,
      ඉඳහං මාත් එනව ඒ පැත්තෙ. මුකුළු දැල් කඩන්නවත් කියලා.

      ප්‍රසා,
      අන්න ඌ පහල උන‍්නා මං දැක්කා. කියල බලහං.

      Delete
  18. 1) අන්තිම එකා යන්නෙ රිවස් එකට
    2) බාර් එකේ පැය දෙකක් ඉන්නව දවල් දවසෙ කරපු වියදං අමතක කරන්න.
    3) කොකාගෙ අහවල් එක කෙලින් වෙලා හින්ද ඒකට තමයි අකුණු ගහන්නෙ.
    4) ඒ වෙනකොටත් එකෙකුට බඩු හම්බවෙලා, ඌ දෙකට කැඩිල.
    5) හොටේල් එකේ අර ඔටෝ ක්ලෝස් දොරකට අහුවෙලා එකෙක් දෙකෙක් වෙලා
    6) 'කන' කියන එකේ තව අකුරක් උඹට ලියවෙලා නෑ. ඒ හින්ද මේ ප්‍රශ්නෙ නිශ්ප්‍රභා කරනව.
    7) නැවු
    8) ‍පොර වොෂිං මැෂිම අස්සට රිංගල ඒක ජෙට් එකට දාගත්ත
    9) උගේ කෑල්ල එනවද කියල. (උඹට ඒව වැඩක් නෑනෙ)
    10) අර පණුව ඒව කපල
    11) අරූ ඔළුව වතුරෙ ඔබාගෙන ඉන්නකොට කෙල්ලට වෙන්න ඕන දේ වෙලා
    12) උෟ මගදි කෙල්ලෙක් එක්ක පැනල ගිහිල්ල.

    උඹේ ඔය සින්දුව කියන කෑල්ලට බටයක් ගහල ඒක කනේ තියල සින්දුව කියාගනිං.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ඉතිං ඔකෙන් සිංදු කියනවා ඇරෙන්න වෙන ප්‍රයෝඡයක් නෑ..

      Delete
    2. ප්‍රසා,
      වැරදියි තමා. ඒ උනාට කලිං ඒවා තරම්ම ක්‍රියේටිව් මදි. දෙකයි හයයි දහයයි දොළහයි නං ෂෝක්...

      බ්‍රාධිපති,
      කියල වැඩක් නෑ බං. මාස නමයක් තිස්සෙ... මං දැක්කා අර මී පාසානං ඇඩ් එකක් "මීයා වේළෙයි" කියලා ගහල තිබ්බ.

      අර මිඩ්වයිෆ් කට කැඩෙනකං කියනවා කමක් නෑ කමක් නෑ කියලා. කොහෙ? මේ වාහෙ අහන් නෑ... ලබන ආත්මෙදි ඩ්‍රැකියානි මිඩ්වයිෆ් කෙනෙක් වෙලා උපදින්ට ප්‍රාර්ථනා කරනවා බං මං යන යන හැම පන්සලකදිම, දේවාලෙකදිම.

      Delete
  19. දෙන්නා තුන් දෙනෙක් වුන එකට අඟහරු ලෝකෙන් සුභ පැතුම්! දැන් ඉතිං වැඩ තියේවි ඉස්සරහට. මට මතකයි අපේ නංගි ඉපදුන කාලේ අපි ගෙදර හැමෝම කාපු කට්ට.
    තරහ නොවෙනවා නම් මම එක දෙයක් කියන්නම්. එක දරුවෙක් නම් හදන්න එපා. ඒක ළමයට එපා වෙයි ලොකු වෙනකොට. පුද්ගලිකව මම ඒක විඳලා තියන නිසා කියන්නේ. ඒක මහා එපා කරපු තනි කමක්.
    හැබැයි අර දොස්තරලා නර්ස්ලා ගැන කියපු කතාවත් සහතික ඇත්ත. උන් මිනිස්සුන්ට කතා කරන විදියට කාපුවා කටින් එන්න ඉන්ජෙක්ෂන් එකක් ගහල කට මහන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් දැම්මා ගෙදරට පොඩි යෝඡනාවක් තුන්දෙනා හතරදෙනා කරන්න

      Delete
    2. ස්තූතියි අඟහරුස්. ඔබේ ‍යෝජනා දෙකම අපගේ අවධානයට ලක් වී ඇති බව සතුටින් දන්වන අතර, එම යෝජනා දෙක ඔබේ මුල් යෝජනාව සමඟ අගේට පෙළගස්වා ඇති බව ද වැඩිදුරටත් දන්වමි.

      මෙන්ඩො,
      ඒක ගැන මං උඹේ අදහස අහන්න හිටියෙ. එහෙනං මාත් අදහස වෙනස් කරන්න ඩ්‍රැකියානිට යෝජනා කරනවා. අඩුගානෙ ස්ටුවර්ට් ලිට්ල් ක‍ෙනෙක් හරි...

      Delete
  20. නෙද්දකින් විතරක් ලැජ්ජා නැතුව කියන හැටි එක ළමයයි කියලා. යකෝ ඕකා තව කෑ ගහන්න පටන් ගනියි රැහැයියා වගේ තනියම ලොකු වෙනකොට. තව එකෙක් ගෙනල්ලා දීපන් ලබන අවුරුද්දේදී.

    සිරීපාදේ ගියේ පුතා, තාත්තා, සීයා. ඉතින් ඔය දෙකේ තුනේ කතාව ඔන්න ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ...!!!

      දෙකේ තුනේ කතාව හරි. මං ඒක දැක්කෙ ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගෙ ශිෂ්‍යත්ව පොතකිං...

      Delete
  21. 9. තාප්පෙටයටිං බලන්න බැරි හිංද..
    12.. තාත්තයි පුතයි සීයයි...


    ඉතුරුව දන්නෑ... මෙන්ඩ වත් දන්නැත්තං අපි කොමද දන්නෙ හැක්..
    දෙක තුන වුණාට සුභ පැතුම්...
    හැබැයි එකා යකා මචං... මං දන්නවනෙ...
    අර ලොන්ත හුටං දොස්තරල ගැන කතා කරන්න දෙයක්ම නෑ.. ගල් වේ***

    ReplyDelete
    Replies
    1. අර ලොන්ත හුටං දොස්තරල ගැන කතා කරන්න දෙයක්ම නෑ.. ගල් වේ***//
      මෙන්න මම කැමතිම කෑල්ල

      Delete
    2. මහේෂ්,
      උත්තර වලිං දෙකක් හරි...

      ගල් වේ*** කියාගෙන ගිහිං මහේෂුත් ගල්වෙලා වගේ පේන්නෙ.

      Delete
  22. 1. උන් පියාඹන්නෙ රවුමට.
    2. දවසෙ කරපුවා මනෝපාර ගහගෙන, දවසම රවුං ගහල හින්ද මහන්සියටත් එක්ක ඌ හෙමිහිට යන්නෙ. ඒකයි.
    3. අකුණු සද්දෙට උගෙ බැලන්ස් එක නැතුව යනවා.
    4. පණු අම්මට තා පණු පැටියෙක් හම්බෙන්න.
    5. ඒ ටේබල් එකේ ඒ වෙනකොටත් වෙන එකෙක් ඉදගෙන හිටියා.
    6. ද ලෙජන්ඩ් රොක් ඊටිං පණුවා.
    7. පොර(කනවා)
    8. පොර වොෂින් මැසින් එකට රින්ගලා ඒක ජෙට් එකට දාගෙන ගියා.
    9. උඩින් බලන්නෙ තාප්පෙට යටින් බලන්න බැරි හින්දා.
    10. ගල් කන පණුව එව්වා කාලා.
    11. බර වැඩි හින්දා ජෙට් එක කඩන් වැටුණා. වැටුණෙ කෙල්ලගෙ ඇගට.
    12. ගියෙ සීයයි තාත්තයි පුතයි. එතෝට ජෝඩු දෙකයි උනාට ඉන්නෙ තුනයි.

    ජූනියර් ඩ්‍රැකියටයි පවුලේ ඔක්කොටමයි අපේ සුබ පැතුම්.....!

    ReplyDelete
    Replies
    1. 1. ගිරව් තුන් දෙනෙක් එකා පස්සෙ එකා සරළ රේඛාවක් විදිහට පියාඹාගෙන යනවා.
      තුනක් හරි. පුළුවන්නං ෙහායාගන්න ඒ් තුන ෙමානවද කියලා.

      ඉස්තූතියි සුභපැතීමට අාර්යයන්...!!!

      Delete
  23. අළුත් සාමාජිකයාට සුබපැතුම්! වෙනදට නිදාගන්න වෙලාව එහෙම්මම ඉතුරුවන නිසා ඉදිරි සති කීපය බිසී අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉකාෙන්..

      වෙලාව ඉතුරු වෙන හැටි ඉතිං ඉකොන් වලිම්ම තමා හොයාගන්න වෙන්නෙ.

      Delete
  24. 1. ගිරව් කියන්නේ ඇහෙන දේ කියවන සත්තු ජාතියක්..
    2. එනකොට ආවේ බස් එකේ.. ටැෆික් වැඩියි
    3. උගේ අකුණු සන්නායකේ කෙකී ගාව
    4.සඳුවගේ බඩේ වැරදුනා පනු අම්මගේ බඩේ තව එකෙක්
    5. කොළඹ ආපු කොකා දවල්ලට මුං එක්ක කෑමට ඇවිත්
    6. ගල් පණුවා
    7. මලකඩ
    8. ඇදුං ගලෝලා හෝදල ගන්නවා කිලෝ තිහක් අඩුවෙනවා..
    9.තාප්පේ එච්චර උස නැති හිංදා
    10. ගල් කන පනුවා කාලා
    11. බර වැඩි කමට ජෙට් එක කඩා වැටිලා..
    12. පුතයි තාත්තයි සීයයි ගියේ...


    මචෝ උණුසුම් සුභපැතුම් එහෙනං ඩැකී කුමාරයාව ආදරෙන් මතක් කළා කියපං...
    ත ව තවත් තව තවත් තව තවවත්.....

    ජ ය වේ වේ වා !!!

    ReplyDelete
    Replies
    1. 1. විදානයා ගිරව් ටිකට පස්සෙන් පියාඹපු නිසා
      2. විදානයා කසිප්පු බොන්න සෙට් වුණ නිසා
      3. විදානයාව අාශ්‍රය කරපු නිසා බයට
      4. විදානිගේ බඩේ වැරදුනා පනු අම්මාගේ බඩේ තව ඒකෙක්
      5. කොකා අැඹිලිපිටියේ ගෙහුං
      6. සී.ජේ විදානේ
      7. සමපෝෂ
      8. මැසිම ටිකිරා අයියාට දීලා ගියා
      9. මනින්න ඉඩමක් තියේද බලනවා
      10. මලදානයක් දීලා.
      11. සුනාමියක අැවිල්ලා බොල......
      12. අනික් තාත්තා විදානේ.... ඉතින් මිදානයා නැති වුණාට පස්සේ ගෙදර කට්ටියම සතුටින් හිටියාලු

      Delete
    2. ඇරසෝලෝ...
      මෙවර නිර්මානත්මක පිලිතුරට හිමි ත්‍යගය වන
      “විදානේ සමග බිමට කසිප්පු ගැලුමක් සමග විදානේගේ කාර් එකේ රිවස් එකට ගමනක්“ දිනාගන්නේ..
      ටං.ටිං..චාලාං...
      කරැට්ටෝ..

      Delete
    3. අඩොව් කුරුට්ටෝ..මැන්ඩෝ.. හෙට රෑට මං උඹලට කෝල් කරනවා හරිය

      Delete
    4. විදානෙ,
      හතරක් හරි. ඒ්ක නෙමෙයි. අර මොකද්ද උඹ සදුවගෙ බඩේ වැරැද්දුවයි කියන්නෙ. (මෙන්න මෙන්ඩො මං අතටම අල්ලගත්ත...)

      කුරුට්ටා,
      උඹත් විදානිගෙ බඩේ වරද්දල තියෙන්නෙ... ඔ්කට උඹව කන්ඩ කේන්ති අැති. පට්ට උත්තර ටික අෑ...

      ඊ ද බීඒම්,
      තෑග්ගට අනුග්‍රහය අැරසොලෝ ගෙන්ද?

      විදානෙ,
      අනේ බං උංව මැරුවත් කමක් නෑ. කොල් කරන්ඩ නං ඒපා. පට්ටලෙං බිමට වැටෙයි...

      Delete
    5. මම අද රැට ෆෝන් එක පොලේ ගහලා වහබිලා බෙල්ලේ වැල දාගෙන ගගක මුහුදක පනිනවා..

      Delete
    6. වෙඩිත් තියගෙන, පිහියෙනුත් ඇනගෙන, බඩත් කපාගනිං

      Delete
  25. //රෑ තිස්සේ ගෙදර දෙවනත් කිරීමේ කාර්යයේ නිරත වෙන නිසාය.

    මෙහෙම කරන්නේ තව එකෙකුට මුලපිරීම වැලැක්වීමට කියා කොහේද තියනවා දුටිමි, කොහෙද කියා නිච්චි නැත.
    සුභපැතුම් :)

    ReplyDelete
    Replies
    1. බලහං ඉතිං අලියත් දන්න දේවල්. ඒතකොට මාස 9 ක් ඉවසං ඉදලා තවත් ඉන්න ඔ්නෙද?

      ස්තූතියි අෑ...

      Delete
  26. පිය පදවියට උණුසුම් සුබ පැතුම්.හරි උත්තර ටික බලන්න ආපහු එන්නං.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හැලපයියා... හරි උත්තර දාලා තිබුණා ප්‍රසන්නයයි, කුරුට්ටයි දෙන්නා.

      Delete
  27. 1. පළමු එකා බුද්ධිමත් ගිරවෙක්. දෙවනි එකා කට ඇරියොත් කියන්නෙ බොරු. තුන්වෙනි එකා ජිනුයින් ගිරවෙක් (ඇහුණ දේ කියවනවා)
    2. සෙනසුරාදා වරුවක් වැඩකරලා ගමේ යන මෙන්ඩාගේ ගිරවියො සැට් එක නිසා ට්‍රැෆික් වැඩියි.
    3. උස තැන්වලට අකුණු වදින නිසා බයට.
    4. පණු පැටියා ඉලක්කං වලින් දන්නෙ හතර විතරයි.
    5. පුටු හතරක් තිබුණ නිසා ඌ හිතුවේ ‘අපි‘ත් හතරයි කියලා.
    6. පෘථිවි මජ්ජ ශෛල ඛාදන
    7. මළකඩ
    8. ප්‍රයිවට් ජෙට් එකක්නං ආයිත් එවලා ඉතුරුවුණු දෙකෙන් එකක් ගෙනියන්න බැරියැ.
    9. එහා පැත්තෙ වැස්සියෙක්
    10. හයේ හිටපු පණුවගෙ අපේ වැඩ තමා ඉතිං
    11. යකඩ බල්ලාවත් වීසිකරලා ඌව ඇඟේ වැදිලා කෙල්ල මැරිලා
    12. අර එක පුතෙක් තමා මනෝ මන්දිරයා. ඌ එන්නෙ රෑ දෙගොඩහරියෙනෙ.

    මේ සේරම උත්තර වැරදියට කිව්වෙ උඹේ කර්ණ රසායන සින්දුව අහනවට වඩා පරදින එක සැප නිසාය. ඒ නිසා උඹ තනියෙන් සින්දුව කියලා නිදාගනිංය.
    අළුත් ඩ්‍රැකී ජූනියර්ට එහෙම ඔය සින්දුව කියනවා නෙමේය. ඌ දවාලටත් ගේ දෙවනත් කරාවිය.
    ඒ මොක වුණත් අළුත්ම පිං (බර) පියාණන්දෑට මෑණියන්දෑට සහ පුතාණන්දෑට සියළු සතුට හා නිරෝගී සුවය පතනවාය. ටික දොහකිං තව එහෙකට අත්තිවාරං දාංටය.
    මාව උපුටා ගත්තාටත් තැංකිවුය!

    ReplyDelete
    Replies
    1. උඔගේ පොස්ට් එක පුස් කනවා..ලියපන්කෝ අලුත් එකක

      Delete
    2. මදාවි,
      උඹේ උත්සාහය අසාර්ථකයි. උත්තර තුනක්ම හරි.

      ඉතිං ස්තූතියි සුභපැතුවට. තව ඒහෙකට අත්තිවාරං දාන්න දෙයිද දන්නෑ පොඩි ඩ්‍රැකියා, මේ දෙවනත් කරන හැටියට...

      මෙන්ඩා,
      ඒ් නෙන්නං බං. ඔච්චර අමාරුද කයි පද ගැටගැහිල්ල... මදාවියගෙ බ්ලොග් ඒක හරියට පේස්බුක් වගේ. නිතර වෙනසක් නොතිබ්බොත් කෑවෙ නෑ වගේ.

      Delete
  28. Congrats on new draky junior ☺Uttar dannawa liyanna ne sindu case eka nisa.. hak hak..

    ReplyDelete
    Replies
    1. එකක් දැම්මනං මදැයි ලොක්ක.

      Delete
    2. මේ දවස්වල පොඩ්ඩක් අවුල් සුදෝ.. කෙලින පිස්සු ගණන් ගන්න එපෝ..

      Delete
    3. කමියා,
      ටැංකිව් ටැංකිව්... උත්තර දෙන්න පහසු ක්‍රමය අහගන්න ඉ‍වොන් ලව්පූසා හමුවන්න.

      ප්‍රසන්න,
      කම්මලයි කමියයි ගාලු ගියා, කම්මල හිටිය කමිය අාවා...

      Delete
  29. අළුත් ඩ්‍රැකී ජූනියර්ට සුභපැතුම්. ඩ්‍රැකී සීනියර් වීම ගැනත් සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් ගොඩක් ස්තූතියි

      Delete
    2. මෙව්වා මෙහම නිකන් අතඅරින්න පුලුවන්ද මේවා කිරිමේල් වැඩ..බෝතලයක් ගහන්නම ඔනේ නේද ඉයන්?

      Delete
    3. හා... හා...
      බීපං මාව බේරලා...

      Delete
  30. අප්‍රමාණ සන්තෝසයි ඩ්‍රැකී.... වෙල්කම් ටු ද ක්ලබ් කිව්වා.... අපේ පැටික්කිත් ඔය රුටින් එකම තමා ෆලෝ කොලේ.. රෑට බෙරිහන් දෙනවා දවල්ට දොයි .. දැන් රෑට දොයියනවා... ඕක හරි යාවි.... උඹේ අප්‍රබංස තේරවිලි වලට උත්තර කොමෙන්ටු බලලම හොයාගන්නම්.. ඒක නෙමෙයි .. මෙන්ඩ පහේ ටොපියක් කාලා .. එහෙමත් නැත්තං සඳු ඕකව ගෙදරින් පන්නලා...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ජේෂ්ට සාමාජිකයෙක්... ෙගාඩක් ස්තූතියි සුභපැතීමට. දවල් ඉපදෙන බබ්බු රෑට නිදාගන් නෑ කියනවා...

      මෙන්ඩා ටොපියක් කාල නං ඒ්ක පහේ නෙවෙයි - පන්දාහෙ ඒකක් වෙන්න ඔ්නෙ...

      මෙන්ඩෝ, මෙන්න මෙව්වට උත්තර දියං. මයෙ තේරවිලි පස්සෙ පුළුවං...

      Delete
    2. නෑ සඡ්ඡෝ මේක උපන් හැටි..මම ඉපදෙනකොට දොස්තරය මාව කකුල් දෙකෙන් උස්සලා ගන්නකොට අනිත් ඇදේ ඔලුව වැදිලා

      Delete
    3. මං ඒත් හිතුවා මෙන්ඩ පොඩි කාලෙ ගස්ලබු ගෙඩියක් ඔලුවට වැටිල කියලා...

      Delete
  31. 1. අන්තිම ගිරව බොරු කියන එකෙක්.
    2. දවල්ට අව්ව හන්ද කොකා එක තට්ටකින් ඔලුව කවර් කරන් තනි තටුවෙන් පියාඹන හන්ඳ.
    3. කොකා අකුණු ගහනවට බයයි. ඌ විදුලි කොටත්දි කන් දෙක වහ ගන්නව.
    4. පණු තාත්ත කන්ටේනරයට අහු වෙලා කැපිල දෙකක් වෙලා.
    5. පණු අම්ම ප්‍රෙග්නන්ට්.
    6. ගල් තමා
    7. මලකඩ
    8. ඇදුං ගලෝලා හෝදල ගන්නවා කිලෝ තිහක් අඩුවෙනවා.
    9.තාප්පේ එච්චර උස නැති හිංදා
    10. ගල් කන පනුවා කාලා
    11. බර වැඩි කමට ජෙට් එක කඩා වැටිලා.
    12. පුතයි තාත්තයි සීයයි ගියේ

    ReplyDelete
    Replies
    1. පහක් හරි... වෙල්කම් අෑ...

      Delete
  32. ඩ්‍රැකී පවුලට සුබ පැතුම්. ඩ්‍රැකීට කරන්ට තියෙන වැඩ ගොඩ දැක්කාම හිනාත් ගියා. ඊලඟට ඔය පොඩ්ඩට නංගියෙකුත් ගෙනෙයි නේ?

    ප්‍රහේලිකාවට උත්තර පස්සේ. අපි තාම ප්‍රීතිය සමරනවලු.:P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි,

      නංගියෙකුත් ගෙනහම අර වැඩ ගොඩ අායෙම කරන්න වෙයිනෙ. අපි බැලුවෙ ස්ටුවර්ට් ලිට්ල් උපන්‍යාසය ක්‍රියාත්මක කරන්න.

      ප්‍රීතිය සමරලා ඉවර ‍වෙනල් ඒහෙනං අපි ඉන්නං අෑ...

      Delete
  33. මම නම් උත්තර දන්නේ නැහැ.ආවේ ඩ්‍රැකී ජුනියර් ට සුභ පතලා යන්න.

    ReplyDelete
    Replies
    1. ගො‍ඩක් ස්තූතියි අජිත්...

      Delete
  34. 1 මෙයාල කොමියුනිස්ට් කොක්කු. ඉතින් ඉස්සරහින් යන එකා කී දේ ඔක්කොම කියනවා ගිරව් වගෙ.

    2. මත්තලට යන යානා වලින් අහස වැහිලානෙ. කොහොම ඉක්මන් කරන්නද ආපහු යනකොට ?
    3 ඔය කොකාට විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිලි කරලා. ඌදන්නවා ගොරවන තරමට හෙණ වදින්නෙ නෑ කියලා. ගොරවනකොට යට ගිහින් පස්සෙ උඩට එනවා.
    4.යහ පාලනේ වගෙ ඌ තව ඇමතියෙක් පැටව් ගහලා
    5 අනුන්ගෙන කන්ට පුරුදු වෙච්ච දේශපාලන පණුවෙක් කොල්ලගෙ සාක්කුවෙ ඉඳලා.
    6 පාස්පොර්ට්වංශ
    7 රූපවාහිණියෙ ඉඳලා යකඩ කාල තාම යහතින් ඉන්නෙ මූනෙ.
    8 මිහින් එකේ ලොක්ක වෙන්න ඇති.. ඇන්ජිම ගලවලා වොශින් මැශිම දාන්න ඇති
    9තාප්පෙන් එහා පැත්තෙ පාර්ලිමේන්තුවෙ ඉන්න මී හරක් උගෙ තණකොල ටිකත් කයිද කියලා බයේ
    10 අමෙරිකාවෙන් දාන දාන අගල් පක වට්ටක්ක කාරයත් පඩ සිංහයාත් බකමූණාත් වංශත් ගිලිනවානෙ
    11 අරූ වතුර යට ඉඳදි දීවර ඇමතියා කෙල්ල මරන්න ඇති ගල් ටික ගන්න
    12 සීගිරිය කියල හිතල බටහිර කුමන්ත්‍රනවංශ සිරීපාදෙ නැගලා. ඌ තාමත් ලලනාවන්ගෙ පින්තූර හොයනවාළු අනිත් උන් තුන්දෙනා විතරක් බැහැලා..

    ReplyDelete
    Replies
    1. පට්ට උත්තර ටික... තාම හිනා... අම්මප නරකද බ්ලොග් ඒකක් ලිව්වොත්?

      Delete
  35. පිය පදවියට සුභ පැතුම් ඩ්‍රැකියෝ !!!!!!
    පොඩි එකා රෑට ඇහැරගෙන ඉන්නෙ ඩ්‍රැකියානිව උඹෙන් පරිස්සම් කරගන්න , මෙච්චර දවසක් පොඩ්ඩ හිටියෙ වැඩි ඈතක නෙමෙයිනෙ.
    උත්තර දෙන්න පස්සෙ එන්නම් ,

    ReplyDelete
    Replies
    1. පිය පදවි දෙකකටම සුබ පතල තියෙන්නෙ. අද ආතරයත් නෑ.

      Delete
    2. ඩබොල් ස්තූතියි කම්මල...

      බලහං ඉතිං මේ වගේ බෝපැළේකට කියන කතා...

      Delete
  36. පිය පදවියට සුභ පැතුම් ඩ්‍රැකියෝ !!!!!!
    පොඩි එකා රෑට ඇහැරගෙන ඉන්නෙ ඩ්‍රැකියානිව උඹෙන් පරිස්සම් කරගන්න , මෙච්චර දවසක් පොඩ්ඩ හිටියෙ වැඩි ඈතක නෙමෙයිනෙ.
    උත්තර දෙන්න පස්සෙ එන්නම් ,

    ReplyDelete
    Replies
    1. තාම සනීප වෙලා නෑ වගේ.

      Delete
    2. ඩ්‍රෑකි..පොඩි ඩ්‍රෑකියාට කියපන් කම්මලේ මාමා දෙපාරක් සුභපැතුවා කියලා..

      Delete
    3. වෙරි මදි වෙලා මා ගිය කල හොරපොළට
      පැනලා තිබ්බ පොලිසිය ඒහි හරි සැරට
      බීලා යන්න බැරි උන මුත් අද ගෙදර
      වැනිලා තමයි ගෙට අාවේ පුරුද්දට

      කිව්ව වගේ, කම්මලට පුරුද්ද අත්අැරගන්න බෑ. නැත්තං, ඒකක් දාද්දි හවස 3.26යි. අනික දාද්දි උදේ 10.26 යි.

      ප්‍රසන්න,
      මූ සනීප කරගන්නෙ නැති උනත් කමක් නෑ. මට දුක අර අහිංසක කමියටයි මෙන්ඩටය් බෝකරපු ඒකට. මෙන්ඩටනං හොදටම උග්‍රයි.

      ඊ ද බීඒම්,
      උඹත් දෙපාරක් කියහං. මං හතරපාරක් පොඩ්ඩට කියන්නං...

      Delete
  37. 1.Iගිරවුනෙ ඉතිං කියන එකම කියවනව.
    II ඉස්සෙල්ල එකා පස්ස බලද්දි ස්ලෝ වෙනව. එතකොට දෙවනි එකා ඉස්සර වෙලා තුන්වැන්න දෙක වෙනව. ආයෙත් තුන්වැන්න (දැන් මැද ඉන්න එකා) ඉස්සර වෙනව දෙවනිය පස්ස බලද්දි
    2.I සෙනසුරාද ට්‍රැෆික් වැඩියි කොළඹ සිට පිට පලාත් වලට
    II කෙකී එක්ක ජල්ලි නටල මහන්සි නිසා ටිකක් ගමනත් ස්ලෝ
    3.වායු පීඩනය වෙන්න ඕන
    4.3වීල් එකේ ඩ්‍රයිවරුත් එක්ක
    7මලකඩ
    10අර පනුව කාල
    11මුතු හුලඟට අහුවෙලා
    12බඩු පොඩ්ඩක් වැඩිවෙලා එකෙක් කියනව පස්සෙ බහින්නං කියල.

    ReplyDelete
    Replies
    1. 1 ට දීල තියෙන උත්තර දෙකම සිරා...
      තව දෙකක් හරි
      12 උත්තරෙත් මරු.

      Delete
  38. පිය සමාජයට සාදරයෙන් පිලිගනිමි. (මටත් ඉන්නෙ කොල්ලෙක්, මාත් හිතං ඉන්නෙ තවත් නොහදන්න)
    පොඩි කාලෙ කියන්නෙ ඉතිං මුර ජොබ් එක තමයි. ටිකක් කල් යද්දි හරියනව. දැං අපේ එකා නං රෑට නිදියනව දවල්ට නං වැඳලවත් නිදිකරවන්න බෑ. සෙනසුරාද ඉරිද කාල බීල පොඩ්ඩක් ඇලවෙනව නිදාගන්න කියල, කොහේද හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බලං ගියාම අපේ සමානකම් ‍ග‍ොඩක් තියනව වගෙයි...

      මට මතක් උනේ, අපේ තාත්තා නයිට් ඩියුටි කරල ඇවිත් ගෙදර නිදං ඉද්දි, මායි අයියයි රණ්ඩු වෙනවා. තාත්තා බණින්නෙ අම්මට...

      Delete
  39. ඩ්‍රැක/ී ජූනියර්ටත් සුබ පැතුම්. සීනියර්ටයි ඩ්‍රැකියානිටයි තව එකෙක් ගේන්න ආරාදනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුම්මාමේ... - ඩ්‍රැකී ජූනියර්

      ඔබේ ආරාධනාව සළකා බැලීමට තීරණය කළෙමු - ඩ්‍රැකී මහ උං ජෝඩුව.

      Delete
  40. වෙල් කම් ටු ද හර්ඩ්...
    පොඩි ඩ්‍රැකියාගේ ආගමනයට උණුසුම් සුභ පැතුම්...

    මමනම් එකෙක් මදි කියන මතයේ ඉන්නේ, පොඩ්ඩා තනියම හැදෙන එක ඌට හොඳ මදි, සෙල්ලම් කරන්න ගහ බැන ගන්නවත් කවුරුහරි ඉන්න ඕනේ. අපි නැති කාලෙක ඒ ළමයට යම් කිසි උදව්වකට හරි සහෝදරයෙක් සහෝදරියෙක් ඉන්න එක වටිනවා...
    අපි සදාකල් ඉන්නේ නැහැනේ මචෝ...
    අපි දෙන්නනම් කැමතියි තව එකෙක් දෙකෙක් හදන්න...
    දොස්තර, හෙදි ගැටළුනම් දරුණුවට තියෙන බව ඇත්ත...
    නමුත් ඒක අත් විඳින්න වෙන්නේ ඒ අවස්ථාවේ පමණයි කියන එකත් අමතක කරන්න නරකයි...

    ප.ලි.
    මේ පාර ප්‍රශ්න ටිකත් මම ගන්නේ නැහැ...
    ඊට වඩා ලොකු ප්‍රශ්න වැලක අකුරු අමුණනවා මේ දවස් වල... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. .// අපි නැති කාලෙක ඒ ළමයට යම් කිසි උදව්වකට හරි සහෝදරයෙක් සහෝදරියෙක් ඉන්න එක වටිනවා.//

      අනිවා ලොකු පුතා මේ කතාව ඇත්ත. අඩුම අවුරුදු 5 වෙද්දිවත් සහෝ කෙනෙක් ඕනෙ.

      Delete
    2. ඉස්තූතියි ඉස්තූතියි ලොකුස්. ලොකු ගෙ අදහස හරි තමයි. එක අතකට ඉතිං මෙහෙමත් කියන්න පුළුවං. මටත් අයියෙක් ඉන්නවා. ඌ සෑහෙන කාලෙකිං මයෙ මූන බලල කතා කරල නෑ. මට මතක ඇති කාලෙක ඉඳං මට කළේ අරියාදුමයි. මයෙ වැඩ මං තනියම කරගත්තෙ. මට දැන් සහෝදරයො දෙන්නෙකුයි සහෝදරියො තුං දෙනෙකුයි ඉන්නව. ඒ ඩ්‍රැකියානිගෙ අක්කල දෙන්නයි මස්සිනාල දෙන්නයි අපෙ වඳ බාප්පගෙ දුවයි. උං මට මගෙම සහෝදරයට වඩා හොඳයි.

      උඹේ ලොකු ප්‍රශ්න වලට මොකක් හරි උත්තරයක් දෙන්න මට පුළුවං වෙයි කියල හිතෙනවනං හරි. අඩුම ගානෙ අහගෙන ඉන්න එකෙක් ඕනෙ නං හරි, මට ඊමේල් එකක් දාහං. drackey@gmail.com

      ඩබොල් විදානෙ,
      මාත් පිළිගන්නවා. ඒක නෙමෙයි. මේ කමෙන්ට් එක සිංගල්නෙ. මොකෝ? උඹට අසනීපයක් වද්ද?

      Delete
    3. උඹේ වචනෙට ස්තුතියි මචෝ...
      මේ ප්‍රශ්න වලට උත්තර විදිහට තියෙන්නේ එක එක ඇක්ෂන්. ඒකයි ගැටළුව. ඒ ඒ ඇක්ෂන් ගත යුතු අනෙකුත් පාර්ශව ප්‍රමාද වෙද්දී ඇති වෙච්ච සහ ඇති වෙන ගැටළු තමයි මචං මගේ ප්‍රශ්න...
      මම උඹට මේලක් දාන්නම් ෆෝන් නම්බරේ එක්ක...

      Delete
  41. ප්‍රසා..................

    7. මං හිතන්නේ මලකඩ
    9. යටින් බලන්න බැරි නිසා.
    12 තාත්තයි පුතයි පුතාගේ පුතයි ගියේ

    දැනට මෙච්චරයි..... හැක් හැක් හෑ......... ඔය ලොකු පොරවල් හැම ඒකට ම උත්තර දෙන්නෑනේ...

    ReplyDelete
    Replies
    1. ගෙදරට එන්න කියලා මේ ගැන ප්‍රකාශයක් දිපන්

      Delete
    2. කුරුට්ටා එක්ක නැගිටිමු!

      Delete
    3. මේ මොකක්ද බොල මේ.

      Delete
    4. කුරුට්ට බීල වැටිල කාණුවෙ. අපි මේ ඌව නැගිට්ටෝනොව

      Delete
  42. මම ගියපාර ඔක්කොම හරියට කියපු නිසා මේපාර කියන්නේ නෑ. ඇයි යකෝ ගිය පාර සුපර් ස්ටාර් වෙච්ච එකා මේ පාර විනිශ්ය මණ්ඩලේ ඉන්නේ , අනික් උන්ගේන් සර් කියලා වැඳුම් පිදුම් අරන් , ඉතින් මට බැරි ඇයි

    ReplyDelete
    Replies
    1. එහනම් සර් කියන්න බලන්න
      ශ්‍රි ලංකාවේ අගනුවර?

      Delete
    2. හරි කියපං බලන්න ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ මොන අවුරුද්දෙද?
      මං හිතන්නේ උඹ ඉපදිලාවත් නැතුව ඇති

      Delete
    3. සර්,
      එහෙනං මේක කිහයං බලන්ඩ,
      උඹේ අම්මටයි තාත්තටයි දරුවෙක් ඉන්නවා. එයා උඹේ සහෝදරියකුත් නෙවෙයි, සහෝදරයෙකුත් නෙවෙයි. කවුද ඒ?

      මෙන්ඩයි විදානෙයි,
      ඇර ඇර...!!!

      Delete
    4. ඩ්‍රෑකියෝ..
      යකෝ ඔහමත් අහනවද? මේවා රට්ටු දැන ගත්තොත් කයිකතන්දර කියයි.

      Delete
    5. ප්‍රසා,
      නෑ බං. ශාන්ත පෝකා මුනි තුමා...
      (පො**යා = පොන්සේකා = සෙන් පෝකා = ශාන්ත පෝකා)

      බ්‍රාධිපති,
      ආයෙ අමුතුවෙං කියන්ඩ කතන්දරෙයක් තියෙනවෑ...

      Delete
  43. ඩ්‍රැකීට, ඩ්‍රැකියානිට , ඩ්‍රැකී පැටියාට උණුසුම සුබ පැතුම්....

    උත්තට ටික නම් ටිකක කල්පනා කරන්න වෙනවා... බලමුකෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි, වැඩිකල් නොගොහිං ඔබටත් එසේම වේවා !!!

      එහෙනං මං මේකෙ හරි උත්තර ටික දානකම්ම හරි කමක් නෑ කල්පනා කරන්ටකෝ... හෙහ් හෙහ් හෙහ්...

      Delete
  44. උත්තර දෙන්නම් අන්තිමට හැමෝම දුන්නට පස්සේ......... එතකල් සුබපැතුම් පොඩි එකාටයි උඹලා ඔක්කොමලටයි. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මචං නිවැරදි පිළිතුරු දීමේ ඒකායන මාර්ගය.

      ස්තූතියි මචං. අපිටත් ජයවේවා! උඹටත් ජයවේවා!

      Delete
  45. උඹල තුන් දෙනාටම සුබ පැතුම් මචං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... හදවතිම්ම...

      Delete
  46. ඩ්‍රැකී සීනියර්ටත්,ඩ්‍රැකී ජුනියර්ටත්,ඩ්‍රැකී මැතිනියටත් හදපිරි සුබ පැතුම්.....!!!!

    ReplyDelete
    Replies
    1. මනෝටත් ගොඩාක් ස්තුතියි...

      Delete
    2. I know what to do when I catch this 'author' guy

      Delete
  47. අලුත් තනතුරට සුභපැතුම් ... ඒත් ඉතිං ඩ්‍රැකී පැටියෙක්... අපි වසාලා හමාරයි ස්කුබියෝ... එකෙක් මදිවත තව එකෙක්.. ස්කුබි දුවපාන්....

    ReplyDelete
    Replies
    1. ස්කූබිත් ඔහෙ හිටු... අම්බලංගොඩයත් ඔහෙ හිටු...!!!

      හෙහ් හෙහ් ඉස්තූතියි බං.

      Delete
  48. හලේ ටිකක් පලක්කු උනා අනේ.. ඔන්න ඩ්‍රැකී අයියටයි ඩ්‍රැකියානි අක්කටයි දෙන්නටම සුභ පතනවා.. පුතු පැටියට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අයියා.

    ReplyDelete
    Replies
    1. හලේ... ටැංකිව් ටැංකිව් උම්ම්ම්මා...!!!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි