Tuesday, October 13, 2015

අලි කූඹි කතා - පිළීතුරු සහ ජයග්‍රාහකයෝ...

http://1.bp.blogspot.com/-MNZ57sVr-SM/U8-xw41y5ZI/
AAAAAAAABdQ/SBMtYXBynNg/s1600/
Marriage+Problems.jpeg

පසුගියදා මම ඉදිරිපත් කළ අලි කූඹි කතා නවයට පිළිතුරු සපයන්න සහ අදහස් දක්වන්න ඉදිරිපත් වුනු හැමෝටමත්, තවත් අලි කූඹි කතා දෙකක් එකතු කරපු මනෝ මන්දිර සහෝදරයටත් ගොඩක් ඉස්තූතියි.

මෙන්න එහ‍ෙනම් හරි පිළීතුරු සහ ජයග්‍රාහක බවතුන් ගේ ලේඛනය -

1. ප්‍රශ්නය.
අර අලියට හෙම්බිරිස්සාව නිසා කුරුම්බා බිව්වෙ නෑ.

අපේ දොස්තර මාම නං කියන්නෙ, ඒක හරි මැටි අදහසක් බවයි. කුරුම්බා තැඹිලි වගේ දේවල තියෙන්නෙ සේලයින් දියරයෙම සංයුතිය ඇති දියරයක්. එතකොට සෙම, උණ ආදී ලෙඩ හැදිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ නෙියන ලෙඩ්ඩුන්ට සේලයින් දෙන්නත් එපා කියනවද කියලා උන්නැහැ අහනවා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත් හෙවත් කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

2. ප්‍රශ්නය.
අනික් අලියට සීසන් එකක් තිබුණා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, කුරුට්ටා

3. ප්‍රශ්නය.
අනික් අලියා වෙන ආගමක (මුස්ලිම් හරි කතෝලික හරි නිඝණ්ඨ හරි ඔය මොකක් හරි...)

නිවැරදි පිළිතුරු දුන්න‍ෙ 
නිදහසේ නවාතැන විතරයි

4. ප්‍රශ්නය.
කූඹියා පිළීමගෙට ඇතුල් වෙද්දි ගළවලා ගියපු සෙරෙප්පු දෙක දොරටුවෙ තිබුණා. අලියා දැනගත්තෙ ඒකෙන්.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ ගල්ආඳි

5. ප්‍රශ්නය.
කූඹියා ගොඩ හිටියෙ අලිය නෑවට පස්සෙ උගෙ ෂෝට ඉල්ලගන්න.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි (දෙවන උත්සාහය), මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, ඇංගුලිෆෝමසියා

6. ප්‍රශ්නය.
අලියට ලයිසන් තිබුණෙ නෑ. කූඹියට විතරයි තිබුණෙ.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි (දෙවන උත්සාහය), මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන, මලියා

7. ප්‍රශ්නය.
කූඹියා හෙල්මට් එකක් දාගෙන හිටියා. අලියා හෙල්මට් එක අතේ දාගෙන හිටියෙ, පොලිසියෙං හිටියොත් ඔළුවෙ දාගන්න හිතාගෙන...

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

8. ප්‍රශ්නය.
කූඹියා අලියට ලේ දීලා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

9. ප්‍රශ්නය.
අලියගෙ කූඹි භාර්යාව අලිපැටියෙක් වඩාගෙන ඇවිත් හිටියා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
මනෝ මන්දිර, කැමා, ඉවෝන් ලව්පූසා

අපේ ආදර බර තරඟකාරයන් ඒ අනුව ලකුණු ලබාගන්නේ මෙහෙමයි -

බස්සි - 07/09
මනෝ මන්දිර - 08/09
කැමා - 08/09
ඉවෝන් ලව්පූසා - 08/09
බණ්ඩා - 06/09
ගබා - 06/09
නිදහසේ නවාතැන - 07/09
කුරුට්ටා - 01/09
මලියා - 01/09
ප්‍රසන්න - 100/09

ඒ අනුව තරඟකාරයන් සියලු දෙනාට (මං කියල තිබ්බෙ නිවැරදි උත්තර දෙන දහදෙනාට කියල නේ...) කොටදෙණියාවේ පොලිසියේ නිරීක්ෂණ චාරිකාවක් සහ දින තුනක නිවාඩුවක් ද, කොටදෙණියාවේ ඕඅයිසී අනුග්‍රහයෙන් නිරෝගී දිවියකතට ආයුර්වේදීය සම්බාහනයක්ද හිමිවනවා ඇත. කරුණාකර වැල පිරවූ ලැප්ටොප් එකක් මේසය මත තබාගෙන සූදානමින් ඉන්න, ඔබට නිවසේසිටම ප්‍රවාහන පහසුකම් පොලිස් ප්‍රවාහන කොට්ඨාෂයෙන් ලැබෙනවා ඇති. අපෙන් සුභපැතුම්!!!

වැරදි උත්තර දුන්න සහ ලිස්සා ගිය උදවිය මේ අයයි -

කම්මල කම්මල,
මහේෂ් රත්නායක,
නලීන් දිල්රුක්ෂ,
අටං,
මෙන්ඩා,
අපනයනකරු,
හැලපේනියා ඔතේනියා, 
අහස් කූරා,
ලොකු පුතණ්ඩියා,
අවංක ආරියරත්න,
විචාරක හැළිවළංගොඩ,
ට්‍රාන්ස් සිල්වෙස්ටර්,
පොඩි (ඒ කාලෙ වෙන්නැති) කුමාරිහාමි,
රවිරාජ,
ඩූඩ් බෝට්ටු පුහුණුකරු,
මනෝජ් ප්‍රනාන්දු,
අඟහරුවාදා,
මළදානෙ මහතා, 
(හම්මේ... යකෝ මේ ලිස්ට් එකේ දිග...)

මේ දිග ලිස්ට් එකේ ඉන්න උදවිට සැනසිලි තෑගි ලෙසට, ගිය සිංහල අවුරුද්දට සුරංගගේ ආච්චම්මා විසින් සාදන ලද හැඳි කැවුම් එක බැගින් ඉදිරිකාලයේදී ලැබෙනු ඇත.

ප/ලි
ඩ්‍රැක්‍යුලාගේ කතාවේ අන්තිම කොටස මේ සතියෙවත් ලියාගන්න බැරි උනොත් හෙම, මේ ප්‍රෙහෙලිකාවේ තවත් කොටසක් ලෙස, ගිරා පනු සහ තවත් සත්තු කතා බලාපොරොත්තු වන්න...





79 comments:

  1. මටනම් අර සෙරෙප්පු දෙක ඇර එකක්වත් හිතා ගන්න බැරිඋනා. කමක් නැහැ කොටකෙතන යන්න වෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉඳල බෑ ඉයන්, රට තොට දැනගන්නත් එක්ක ගිහිං එමු...

      Delete
    2. අනේ..යනවා නම් ඩ්‍රැකියා යාලුවා කියලා එක්කන් පලයන් ඉයන් අපේ නම් කියන්නවත් එපා.

      Delete
    3. බොලේ... තරඟ සංවිධායකයට තෑගි දෙන රටක්නෙ මේක...

      Delete
  2. හොද වෙලාවට අපි දුන්නුවායෙන් ඒක උත්තරයයි හරි... ඒ නිසා ඒක හැදිකැවුමයි... යකෝ කීපයක් ලැබුණානම් කොහේ කියලා ගහගන්නද ඔ්වා... අාය අහපංකෝ ප්‍රශ්ණයක් බලන්න....................

    ReplyDelete
    Replies
    1. අපි දුන්නුවයිං කියන්නෙ, උඹ දුන්නෙ එක උත්තරෙයිනෙ. ඒකට උඹට සීයෙං සීයයි...

      Delete
  3. අර 100/09 වෙන රිසල්ට් එක ගත්තම ඔය තෑගි වලට අමතරව නොමිලේ ආයුධ පෙන්නීමක් වගේ එකකුත් හම්බවෙනවද ඔය කොටබකිනියාව පොලෝසියෙන්.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං ඔය හැටි තන්නාසෙ? දෙන දේ අරං ඇඟ පොඩ්ඩක් හදාගෙන වරෙං...

      Delete
  4. මමයි,කැමයි,ලව් පූසයිද උඩින්ම ඉන්නේ...
    මුලින්ම කොටකෙතන තෑගි ලැබෙන්නේ කැමාට...ලාච්චුවේ දැමීම ඇතුලු සත්කාර
    දෙකට ලව් පූසට..ස්ලොන් බට,කටුකම්බි සත්කාර
    මම ආයුධ පෙන්නන්න ගෙනියයිද ?

    ReplyDelete
    Replies
    1. නෑ. උඹට ධර්ම චක්‍ර සහ සබ්මැරිනෝ...

      Delete
  5. අපි දැන් ලොකු ලමයි තමයි. පහට පාස් වුනාලු.:P

    අපිට එපා සුරංගගේ ආච්චිගේ කැවුම්...:D

    ReplyDelete
    Replies
    1. ඉතිං නම වෙනස් කරන්නකො, ලොකු කුමාරිහාමි කියල.

      මට ඕනෙ උනේ හීංසැරේ සුරංගට ඇඩ් එකක් දාන්න... උගේ ලියවිල්ල ගැන නං ඉතිං කියන්න වදන් නෑ.

      Delete
  6. පලවෙනි පෝස්ටුවේ නිවැරදි උත්තර සදහා නියමිත තෑග්ග නොලෑබීම හේතුවෙන් මේ පෝස්ට් එකට උත්තර නොදුන් බව සලකන්ඩ. නැතිව බැරිකමට නොවේ.

    ReplyDelete
    Replies
    1. ආාා ඩබොල් ආදිපාද.

      බැරිකමක් ගැන කවුද කිව්වෙ? මොකෝ අද සිංගල්?

      Delete
  7. අඩේ මගෙ තෑග්ග ඔය කවුරු හරි එකෙකුට දෙන්න බැරිද බං..? අර මෙන්ඩට දෙමු.. ඌ ඔය වගේ දිනලම නෑනෙ කවදාවත්... පවුනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඌ ඔය කියන තරං එලත් නෑ බ්‍රා... ඉක්මණට පටි ඇදෙනව...

      Delete
    2. කැමා
      මම පොලිස් වාහනේට නැගපු ගමන් පෙන්නනේ උඔලාගේ ගෙදර
      ඩ්‍රෑකි
      යකෝ ඒවා මහන්නේ ගලවන්න මිසක් උඔලාගේ හදිස්සියට ඇදලා ඉරලා කඩලා දාන්න නෙමෙයි..

      Delete
    3. බොගෙ ප්‍රඩක්ට් වල හොඳකම මොකට කියනවද? ඩ්‍රැකියානි දැං අඳින්නෙ චේන්මේල්...

      Delete
  8. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මගෙ තෑග්ග ඔන්නොහෙ අර බ්‍රා මෙන්ඩට හරි පත්තරයට හරි දීලා දාමු නේද?

    කොටකෙතන ඕ අයි සීගෙ මූණ දකිද්දි ඇඬෙනවා දැන්. පව් අසරණ මනුස්සයා!

    ReplyDelete
    Replies
    1. පරිත්‍යාගශීලී බස්සියොත් ඉන්නවය එහෙනෙං?

      කොටකෙතන, කොටදෙණියාව විතරක් නෙමෙයි, ලංකාවෙම පොලිසි වලට ඔය වැඩේ වෙනවනං මං කැමතියි. පොලිස් සහතිකයක් ගන්න ගියාම තියෙන රෙෂ්පට් මුංගෙ?

      Delete
    2. කොටදෙණිය , කොටකෙතන ආදී ප්‍රදේශවල සංචාරයට බට කොස්සි හැර වෙන කවුරුද ?

      Delete
    3. ප්‍රාජේ, වෙන නැද්ද කොට ගම්මාන එහෙම බස්සිව යවන්න?

      Delete
    4. https://en.wikipedia.org/wiki/Kota,_Rajasthan

      Delete
    5. අඩේ රාජස්ථානුත් කොටයිද? මට මතක් උනේ කොටා රෝඩ් විතරයි...

      ඔන්න ඕකි එනවා පොල්කුත් අරං. හැංගියං

      Delete
  9. සුදු ඩ්‍රැකීයෝ මම ගබා නෙමෙයි දෙයියෝ "ගැබා" :D

    ReplyDelete
    Replies
    1. ගැබා, දාගැබා, දරු ගැබා, ගැබිණි ගැබා... (හුටා මට හිතට ආව දේවල් ඔක්කොම මේකෙ ලියවිලා...)

      Delete
  10. අපරාදේ...... උත්තර දෙන්න එන්න බැරි වුනානේ.. නැත්තම් තෑග්ගක් ගන්න තිබුනා :(

    ReplyDelete
    Replies
    1. හපළාදේ නේන්නං නංගිපැට්ටො... ඊළඟ එකට ට්‍රයි කරන්න... ඔයාට පුළුවං. :-)

      Delete
  11. වැරදි උත්තර දීලා මාරුවෙච්ච ලොට් එකක්ම අහුවෙලානේ බං.

    උඹට කියන්ට ඩ්‍රැකී මහත්තයෝ, ඔය ගණිත ගැටලු, වගේ දේවල් තියෙනවා නේද? මම ඈතින්ම මග අරිනවා. ඒකට හේතුව අපිට ගණං උගන්නන්න හිටිය ගුරුවරුන්ගෙ හොඳකමම වෙන්නැති. එතකොට ඔය තේරවිලි තියෙනවා නේද? ඒවා නම් අර තරම්ම අවුල් නෑ. නමුත් සමහර වෙලාවල් තියෙනවා තේරවිල්ලත් දරාගන්න අමාරු. අන්න ඒ වෙලාවට තමයි ඔය බොරුවක් කියලා මග ඇරලා යන්නේ. මොලේ උලුක්කුවෙයි කියලා බයටම.

    ReplyDelete
    Replies
    1. වෙරි සොරිය පිළිගන්න ඩූඩ් මහත්තයෝ... මං හිතුවෙ ඩූඩ් විහිළුව මගඇරියෙ විහිළුවට කියලා...

      Delete
    2. මොලේ උලුක්කුවට හොඳම ප්‍රතිකර්මය බස්සිගේ කවියක් කියවීමය. ඉන්පසු තේරවිලි ගණිත ගැටලු විතරක් නෙමෙයි සාපේක්ෂතාවාදය කොන්ටම්වාදයත් ඉබේම තේරෙනව

      Delete
    3. අන්න පිළියම... සිරාවටම බස්සිටනං තියෙන්නෙ එසේ මෙසේ හැකියාවක් නෙමේ ඈ...

      Delete
  12. හිටං මං ලබන පාර හරි උත්තර හරියටම දෙනවා..

    ජ ය වේ වා !!!
    විදානේ-

    ReplyDelete
    Replies
    1. අපේ විදානේ - ඇනෝ විදානේ
      ඇනෝ විදානේ - රටේ විදානේ

      ලබන පාර බලාගමු එහෙනං ඈ...

      Delete
  13. හොල්මන් කතාව ලිව්වේ නැත්තම් පීරිසි හමුදාවක් දාලා උස්සනවා හරි...

    ReplyDelete
    Replies
    1. ඔය පීරිසි එවනකොට මොනව හරි දාල එවහං, කඩල, රටකජු වගේ දේවල්...

      Delete
    2. ඒ එක්ක ගල් බෝතලයකුත් එවහන්..

      Delete
  14. ගිය දේ ගියා
    ඊළඟ ප්‍රෙෙහ්ළිකාවෙන් කැවුමක් බැරි නම් කොකිසක් හරි දිනාගන්න බලනවා
    ජයවේ ඩ්‍රැකී!

    ReplyDelete
    Replies
    1. අනිවා, අනිවා... ඊළඟට තමා හොඳ හොඳ සෙල්ලං.

      Delete
  15. හැලිවලන් දෙඤ්ඤං වැරදිලාවත් හම්බවෙයන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි චන්ඩි ද ? අපිත් ඉන්නේ ඔහේව හම්බවෙනකම් තමයි

      Delete
    2. විචා,
      සුනන්ද කෝදාගොඩගෙ පොතක තිබ්බෙ ඔය හැළිවළංගොඩ නම. තරා වෙන්ඩ එපා ආයිබෝං. මං අහිංසකයි රටක් වටියි...

      ඇනෝ,
      දවසක් මැතිවරණ කාර්යාලෙයක් ගාවට ගිය කොල්ලෙක් අහල තිබ්බා “චණ්ඩි ඉන්නවද?“ කියලා. අනේ ඌට අල්ලගෙන හොඳටම තඩි ගහලා දාලා. ඌ අහල තියෙන්නෙ ඒ මැතිවරණ කාර්යාලෙ තිබුණ ගෙදර හිටිය “චන්දි“ කියල කෙල්ලෙක් ගැන...

      Delete
  16. කැව්ම් ඇති හොඳටම. දැන් කාලෙකින් කෑවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ආකාස කුසුම්, වෙලාවක හොඳ කැවුං ටිකක් එවඤ්ඤං එහෙනම්...

      Delete
  17. අවංක ආරියරත්න........ හෑ කව්ද දෙයියනේ ඒ....? අපිටනං හරී සතුටුයි පළවෙනි තෑග්ග ගන්න බැරි උනාට.......

    ReplyDelete
    Replies
    1. මූණෙ තියෙන අ යන්න අහක් කළහම උඹ “වංක රියං“ නේ...

      උඹ ඔයහැටි ආසය, සුරංගෙයගෙ ආච්චම්මගෙ කැවුම කන්න?

      Delete
  18. අඩෝ ... කුප්ප ඩ්‍රැකී, කවුද බොල ඉවෝන් , උඹ සයිලන්ට් සහන් ගේ ලොකු පුංචි අම්මගේ පුතාද ?

    කොහොම හරි උඹ ඔය පොරොන්දු වෙච්ච තෑගී දුන්නේ නැත්තං බලාගමු, හොඳවයින් දෙකක් කියනවා ...

    "දීපං මචං" කියලා

    ReplyDelete
    Replies
    1. උඹ ලව්පූස කියන කාඩ් එකට ආසයි නේ? මං එහෙනං ඒක කියන්නං...

      මං උඹට තුනක් කියනව එහෙනං, “අනේ බෑ මචං“ කියලා

      Delete
    2. ඉවෝන් පූස්????
      කම්මල විතරක් නෙමෙයි වගේ ඩබල්

      http://dictionary.reference.com/browse/bi-

      Delete
    3. ප්‍රා ජේ,

      ?????????????????????????????????????????????????????

      Delete
    4. ඇයි මගෙන් අහන්නෙ? මං නෙමෙයිනෙ ඉවෝන් කිව්වෙ.

      Delete
    5. නැතුව සයිලන්ට් සහන්ගෙං අහන්නයැ...

      Delete
  19. දිනපු එවුන් තෑගි බාරගන්න බෑ කියනවා නම් මාව යවපන් බං..

    ReplyDelete
    Replies
    1. උඹ තමයි යකෝ යවන්නෙ කොහොමත්. ගුටි කන්න ඇඟපත එහෙමත් තියෙනවනෙ. යමං යමං...

      Delete
  20. හපොයි.. මේකා මට කාඩ් පැක් එකක්ම ගහල න. හම්බුනොත් දෙනවා සුදු ලූනු ප්‍රරහාරයක් ඩ්‍රැකියාට දුවන්න.. හිකිස්.

    කෝ මං විතරක් දුන්න උත්තරේ ට තෑගී.. අර කඩේ මුදලාලි මාමාගෙන් වවුචරයක්වත් ඕනෙ..

    ReplyDelete
    Replies
    1. නිදහසේ ළමාතැනී, කාඩ් පැක්කෙකේ ඉතුරු ජෝකර් කොළ දෙක විතරයිලු ඕං...

      ඇයි අර උඩිම්ම තියෙන්නෙ තෑග්ග. කොටදෙණියා සවාරිය. මදි නං ගෙවල් ගාව හෝටලේකට ගිහිං මං කිව්ව කියල බඩපුරා කන එකයි තියෙන්නෙ කඩචෝරු...

      Delete
    2. අපොයි ඩ්‍රැකියම යන්න සවාරිය. කෝ ඉතිරි කතා ටිකත් ඉක්මනට දාන්නෝ..

      Delete
    3. ලබන සතියෙ දාන්නං ඈ...?

      Delete
  21. හොඳ වෙලාවට මේක දැක්කේ නැ ...ජීවිතේම අපි කරන්නේ අනුන්ගේ පෙහෙලිකා පුරෝන ඒකතමයි මචෝ

    "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
    සන්ධි විසන්ධි විභක්ති ක්‍රියා පද
    වින්ධ්‍යා කඳුවැටි භූමි විෂමතා
    දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

    බලපන් මේ සින්දු මතකද කියලා ?

    ReplyDelete
    Replies
    1. හෑ... මොකද්ද බොලේ ඒ සිංදුව. ආ... හරි හම්බුනා මේ තියෙන්නෙ.

      ගායනය :වික්ටර් රත්නායක, …සුජාතා අත්තනායක
      පද රචනය : සුනිල් ආරියරත්න
      සංගීතය : වික්ටර් රත්නායක
      සමාස තද්ධිත
      ප්‍රත්‍ය විශේෂණ
      සන්ධි විසන්ධි
      විභක්ති ක්‍රියා පද

      වින්ධ්‍යා කඳුවැටි
      භූමි විෂමතා
      දාසෙන් මහසෙන්
      ගැමුණු විජයබා





      මා හා කතා කරනු මැන
      දෙනුවන් කවුළු අයා
      පෙම් නොකරමි මම පාසැල් කාලේ
      ඇදුරන් දෙනෙත වසා


      සමාස තද්ධිත
      ප්‍රත්‍ය විශේෂණ
      සන්ධි විසන්ධි
      විභක්ති ක්‍රියා පද

      වින්ධ්‍යා කඳුවැටි
      භූමි විෂමතා
      දාසෙන් මහසෙන්
      ගැමුණු විජයබා


      මා දා පළා නොයනු මැන
      පෙම් මල් උයන දවා
      පෙම් සටනට පෙර දිවි සටනින් බොමු
      ජය පැන් විත පුරවා

      සමාස තද්ධිත
      ප්‍රත්‍ය විශේෂණ
      සන්ධි විසන්ධි
      විභක්ති ක්‍රියා පද

      වින්ධ්‍යා කඳුවැටි
      භූමි විෂමතා
      දාසෙන් මහසෙන්
      ගැමුණු විජයබා

      සිංදුගෙ දර්ශනෙත් හරි තමා බලාගෙන යනකොට...

      Delete
  22. අන්න දැක්කද ලිස්සල යනේකෙ වාසිය. කොටකෙතන දිහගියා වගෙද හැදි කැවුම
    කුරුම්බා වල ඇට්ටි කාලේ වතුර මිස කුරුම්බා කියල අප් බොන අර පැණි රහට තියෙන කාලෙ තමයි බොන්න හොද නෑ කියන්නෙ.
    ඇට්ටිය නං මහ පල් රහයි. එත් ඒක තමා විසදුම

    ReplyDelete
    Replies
    1. කොටකෙතන
      හැඳිකැවුම
      කුරුම්බා

      මේ තුනේ සම්බන්ධය එක වාක්‍යයකින් කියන්නට හැකි අයෙකුට වටිනා තෑගි...

      අමතන්න මහේෂ් රත්නායක තරුණ මහතා.

      Delete
  23. අපි මග ඇරලා ගියේ තෝ ගිය වතාවේ අපිව විළි සංගයක් නැතුව අපිව රවට්ටපු නිසා...
    උඹව කොහොම හරි කොටබකිනියාවේ යවන්න ඕනේ "මහමොළකරු" උඹය කියලා...
    කොහොමද අනිත් උන්ට ටික ටික දෙන දඬුවම් ඔක්කොම ටික උඹට දෙනකොට... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. උඹලත් බලං ඉන්නෙ මං අහුවෙනකං නේ... ඉඳපියව්, මං ගෝනිබිල්ල වෙලා ඇවිත් තොපි ඔක්කොම අල්ලලා දෙනවා.

      Delete
  24. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා........... මගේ තෑග්ග මන් දෙනවා අර මගේ සිංහල සින්දු අඳුනගන්න දාන අනික් පොස්ට් එකේ ජයග්‍රාහකයාට....... අම්මපා අර මුදලාලිගේ වවුචරෙත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒක හරියන්නෑ බන්ඩො. උබේ ඊළග පෝස්ට් එක දිනන්නෙ මං...

      Delete
  25. හම්බේ.. හොඳ වෙලාවට මට මේ බ්ලොග් එක මිස් වෙලා තිබ්බේ.. සක්.. කොහෙද මදාවියා වැඩේ කෑවනේ.. හැක හැක..
    ඒත් මං බැලුවා ලොකු පුතා මොකෝ මේ හිටපු ගමන් ඔෆිස් එකේ බඩ අල්ලාගෙන හිනා වෙන්නේ කියල..
    දැන් අනිත් උන් බලනවා මොකෝ මේ මං කවදාවත් නැතුව එහෙම කියල.. පට්ටම එක අර අන්තිම එක කුඹිච්චි අලි පැටියව වඩාගෙන ඇවිත් හිටපු එක.. හැක..
    ආ මටත් කවුමක්වත් වෙන් කරපන්.. මං ඔක්කොටම හරියටම උත්තර දුන්නා.. ස්ක්‍රෝල් කරලා උඩට ගිහින් බල බල..හිටං..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කමියා,

      ඔය මදාවියා තමයි අපි ඔක්කොම කන්නෙ හිටං...

      බොටත් දෙන්න ඇහැකි ආච්චිගෙ කැවුමක්. බැරිම උනොත් අර කැවුං බානකොට ආච්චිගෙ ආහාර මාර්ගයෙ කෙළවරකිං එන සද්දෙ අහන්න හරි අවස්ථාව ලබා දෙන්න ඇහැකි...

      Delete
  26. For the attention of Dracky Junior

    උඹලා බලලා තියෙනවද ඇඩම් සැන්ඩ්ලර් එක්ක ජෙනිෆර් ඇනිස්ටන් ඉන්න Just Go With It මූවී එක.
    ඒකෙ ඇඩම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. ජෙනිෆර් පොරගෙ සහායක. එක පොරක් මුගෙ ඔෆීස් එකට ඇතුල්වෙනකොට ඇඩම් ඇහිබැම අප්සෙට් වෙච්ච තව ලෙඩෙකුට කියනවා මුගේ පුරුෂ ලිංගය විශාල කරන සැත්කමක් කරලා තියෙන්නේ කියලා. ගෑණි පුදුම වෙලා ඇත්තෙන්ම එහෙම ඒවා මිහිස්සු කරනවද කියලා අහලා හිනාවෙනවා. ගෑණි ගියාට පස්සෙ පොරක් කියනවා ඇයි ඕයි මගෙ සර්ජරි එක ගැන හැම එකාටම කියන්නේ කියලා. ඇඩමා හිනාවෙල කියනවා ඕක රහසක්යැ බං උඹ හිතන්නේ ඕක ජෙනිෆර් දන්නේ නෑ කියලද? මම ඕක කරනකොට එයාත් හිටියා. ඒකි තමයි ලොකු කරලා බලන කාචෙ ආල්ලන් හිටියේ."
    එතකොට ජෙනිෆර් කියනවා, "ඔව් ඔව්. ඒකයි ට්වීසර් එකයි,"

    හිතලා බලහං කොයි සයිස් එකට තියෙන්න ඇද්ද කියලා සර්ජරි එකට කලින්,

    ඒක නෙවෙයි. මොකක්ද උඹේ පොඩි ඇඟිල්ල ගැන කිව්වේ?

    Quoted from
    http://ranrandil.blogspot.com/2015/10/359-story-of-my-marriage-9-when-your.html

    ReplyDelete
    Replies
    1. For the attention of Henry the Mega Dude,

      ඇඩම ගැන නං ආය මොනව කියනවද? මං ඒ ෆිල්ම් එක බලල නෑ. හෙ‍ායාගන්න ඕනෙ. මං බලපු හොඳම එක තමා you don't mess with zohan.

      BTW, I 'm no longer Drackey Junior. It's Drackey Senior from now on...

      Delete
  27. ඔය අලි කූඹි කතාවලට අපි නෑ. අලි වඳුරු කතාවක් නං අහල තියෙනවා. අර අලියට හැලුප් කල වඳුරා ගැන කතාව.

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ? අර "අලි **නව - අපි නානව" කතාවද?

      Delete
  28. හනේ වෙරි සොරි යාලුවො හැමෝටම... මේ දවස් වල පට්ට බිසී. ඩ්‍රැකී පැටියෙක් එකතු වුනා අපේ පවුලට. මං හැම කමෙන්ට් එක්කටම උත්තර දෙනවා තව සතියක් ඇතුලත.

    ReplyDelete
  29. Congrats!

    And best wishes to baby drac.

    pra jay

    ReplyDelete
    Replies
    1. Thanx a lot, Pra...! Your thoughtfulness meant so much

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි