Thursday, November 26, 2015

මම 18 ට වැඩි දුම්පානය කරන්නෙක් වී සිටියෙමි - I was a smoker above 18

http://timwilsondentistry.com/wp-content/
uploads/2012/03/mouth-and-cigarette-300x234.jpg
දුම්බීම ගැන ලියන්න හිතාගෙන උන්නෙ කාලෙක ඉඳං. මෙන්ඩ පහුගිය ටිකේම දාල තිබ්බ කමෙන්ට් කීපයක් සහ රසිකලොජිස්ට් ගෙ මේ පෝස්ටුව ඒ කාර්යය ඉක්මන් කරවන්න දායක උනා.

මං සිගරැට් බොන්න පටන් ගත්තෙ ඒ ලෙවල් ලියලා ඉවර වුනාටත් පස්සෙයි. ඒ වෙනකොටත් අපේ ඉස්කෝ‍ලෙ සගයො කීපදෙනෙක් ම අරක්කු සහ සිගරැට් පාවිච්චිය පටන් අරං ඉවරයි. ඒත් මට ගමේ තිබුණ ප්‍රතිරූපය එක්ක මම ටිකක් විතර පරක්කු වුනා ඒ දේවලට.

අපේ තාත්තා තමයි මගෙ හිතේ උන්න ලොකුම ප්‍රතිරූපය. එයා අනුව යමින් මම ඇන්ටික් දේවලට සහ ඉතිහාසයට ලොල් බව වර්ධනය කරගත්තා. ඒ වගේම පොත් කියවීම සහ පොත් එකතු කිරීම පටන් ගත්තා, කාටුන්, මුද්දර, පරණ කාසි, පරණ හින්දි සිංදු එකතු කිරීම ත් තාත්තගෙන් මට ලැබුණු උරුමයක්. වෙන එකක් තියා මම රැවුළ කපන්නෙත් තාත්තා පාවිච්චි කරපු විදිහෙ බ්ලේඩ් තල දාන පරණ මොඩල් රේසරෙන්. තාත්තගෙ පරණ බයිසිකලේ මම මේළඟදි ආපහු අළුතෙන් පේන්ට් කරවලා හදලා ගත්තා පදින්න.

අපි දන්න දා ඉඳං තාත්තා සිගරැට් බොනවා. මට මතක ඇති කාලෙ, බ්‍රිස්ටල් එකක් රුපියල් දෙකයි. තාත්ත සිගරැට් එක උරවලා, නහයෙන් දුං යවන හැටි, දුම් වළලු යවන හැටි එහෙම අපි පොඩි කාලෙ අපිට හරිම වීර වැඩක්.

තාත්තා හෘද රෝගියෙක් වුනේ 1998 දි. ඒ මම සිගරැට් බොන්න පටන් ගත්ත අවුරුද්ද. තාත්තා ගේ රෝගි බවට හේතු කීපයක් තිබුණා. තරුණ කාලෙ ඉඳං බර වැඩ කිරීම, විශ්‍රාම ගත්තට පස්සෙත් බර වැඩ කිරීම, ඒ වගේම දුම් පානය. දුම් පානය නිසා එයාගෙ රුධිර නාල වල පීඩනය වැඩි වෙන ගතියක් ආව බව තමා මට ඩොක්ටර් මාමා කිව්ව දෙයින් තේරුණේ.

සිගරුට් බොන්න පටන් ගන්න මට තිබුණු පෙළඹීම් මෙන්න මේවයි.

1. මගෙ ලෝකයේ වීරයන් දුම් බීම.
ෂර්ලොක් හෝම්ස්,
සයිමන් නවගත්තෙගම,
ක්ලින්ට් ඊස්ට්වුඩ්,
ප්‍රිඩේටර් ෆිල්ම් එකේ ආන‍ොල්ඩ් ආදී අය.

http://d2vrsup6vl2y4n.cloudfront.net/
wp-content/uploads/2015/04/cowboy.jpg

http://www.cigartime.ru/sites/
default/files/images/20142503020304.jpg
ප්‍රිඩේටර් ෆිල්ම් එකේ ආනෝල්ඩ්
2. දුම් බීමෙන් අපට ලැබෙන බවට පොදුවේ පිළිගැනෙන දේවල්.
සීතල දවස් වල අභ්‍යන්තරික උණුසුම් බවක් ඇති වන බව,
මිතුරන් අතර ෆිට් එකක් ඇතිවන බව,
වැඩිහිටියෙක් ය යන පිළිගැනීම ලැබෙන බව,
නිර්මාණ කාර්යයෙදි මනසට උත්තේජනයක් ලැබෙන බව
අපේක්ෂා භංගත්වයකදි මානසික සහනයක් ලැබෙන බව

3. තාත්ත වගේ වෙන්න ඕනෙ වීම. (උරුමය සොයා යාම)

මගෙ අත්දැකීම් වලින් මම ලියන්නෙ. ඉහළ දෙවෙනි කරුණ යටතේ විස්තර කෙරෙන දේවල් ඇත්තටම මට ලැබිල තියෙනවද?

සිගරැට් එකෙන් අපට දැනෙන තරමක උණුසුමක් ශරීරයට ලැබෙන්නෙ නෑ. ඊට හොඳයි ගිණි තපින එක.

මගෙ යාළුවො අතරෙ ඉන්නවා දුම් නොබොන යාළුවොත්. උං අර දුම් බොන්නො වගේම හෙණ ෆිට් එකේ ඉන්නවා.

දුම් බොන්නෙක් හැටියට ගමේ හංවඩු ගැහුණම ලැබෙන්නෙ වැඩිහිටියන්ට ලැබෙන ගෞරවේ නෙවෙයි. "ඌ යකාට ගිහිං", "ඌත් ඉවරයි", "කුඩුත් ගහනවද දන්නෑ" වගේ ආකල්ප.

මගෙ නිර්මාණ වලදි දුම්වැටිය සපෝට් එකක් දීලා තියෙනව තමයි. නමුත් මෑතකදි මට තේරුණ විදිහට ඒක මගෙම මනසෙ ශක්තිය මත මගෙ මනසින් ලැබෙන තල්ලුව. මොකද, මේ දවස් වල මම කතාවක් ලියනවා. (අඟහරුවාගේ ඉල්ලීම) ඒකට දුම්වැටිය අවශ්‍ය වුනේ නෑ. ඒ කාලෙ සිගරැට් එක නිසා ලැබුණු උත්තේජනය දැන් සිගරැට් එක නැතුව මම ලබනවා, හුදෙක්ම නිර්මාණ කාර්යයක් කරනවා යන හැඟීම විතරයි මට ඕනෙ.

අපේක්ෂා භංගත්වයකදි දුම්වැටියකින් හෝ අරක්කු වලින් මට ලැබිල තියෙන්නෙ තව තවත් මාව පසුගාමී කරන එක විතරයි.

සිගරැට් / සුරුට්ටු / පොදුවේ දුම්වැටි අපේ වීරයන් අතට දීලා තියෙන්නෙ කවුද?

සයිමන් නවගත්තෙගම මයෙ හිතේ කැම්පස් යන කාලෙ ඉඳන්ම බොහිමියානු ජීවිතයක් ගත කළ කෙනෙක්. මයෙ හිතේ ඒක එයාට බටහිර හිපි සංස්කෘතියෙන් ලැබුණු ආභාෂය...

ෂර්ලොක් හෝම්ස් පයිප්ප බොන එක ගොඩක් ග්ලෝරිෆයි කරනවා මම දැකල තියෙනවා ෆිල්ම් කීපයක, පොත් පිටකවර වල සහ චිත්‍රකථාවල. ඒ ව‍ගේම සිනමා කර්මාන්තය ගොඩක් ම තැන් වල දුම්වැටි ප්‍රදර්ශනය කරනවා, ඒකෙන් කතාවෙ ප්ලොට් එකට කිසිම පෝෂණයක් ලැබෙන්නෙ නැතුවම. ඒ කියන්නෙ කතාවට හාණියක් වෙන්නෙ නෑ, ඒ දුම්වැටි රූප ඉවත් කළා කියලා. අමද්‍යප ව්‍යාපාර නම් කියන්නෙ, ඒ කොටස් සිනමා ටෙලි නිර්මාණ වලට ඔබ්බවන්නෙ දුම්වැටි කර්මාන්තය විසින්ම, මුදල් ගෙවීමක් ද සහිතවයි. (ප්‍රවේගය චිත්‍රපටිය මම බලල නෑ ඒ වුනත් ඒකෙ කටවුට් වල ජැක්සන් සුරුට්ටුවක් අතේ තිය‍ාගෙන ඉන්න රූපය, ඒ චිත්‍රපටියෙ එක ජවණිකාවකවත් නෑ කියල ආරංචියි.)

මට කියන්න ඕනෙ උනේ, අපිව දුම්පානයට පොළඹවන ආකල්ප සහ පරමාදර්ශ සමාජ ගත කරන්නෙ දුම්වැටි කර්මාන්තය විසින්මයි.

දුම්වැටි වලින් අපේ ශරීරයට වෙන දීර්ඝකාලීන හාණීය ගැන මම මෙතන කතා කරන්නෙ නෑ. ඒ ගැන කියවන අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කොහොමත්, දුම් බොන උදවිය ඒ හාණිය ගැන යම් තාක් දුරකට හෝ දැනුවත්.

මගෙ ජීවිතේ වැදගත්ම අවස්ථා එකක්වත් දකින්න මගෙ තාත්තට බැරි උනා.

මම ගේ හදද්දි, තාත්තා ගොඩක් මට බැකප් එක දුන්නා. ඒත්, ගේ හදල පදිංචි වෙන්න කළින්, තාත්තගෙ මළගෙදර කළේ මම අළුතෙන් හදපු ගෙදර.
මම ඩිග්‍රිය ගත්තා. මම ගෙදර කම්ප්ලීට් කළා. මම බැන්දා. මම රජයේ සේවයෙ උසස් වීමක් ලබා ගත්තා. මම පියෙක් උනා. මේ කිසිම දෙයක් දකින්න තාත්තට බැරි උනා. තාත්තා මියයද්දි අපේ ගෙදර එකම අවුල් ජාලයක්. මම බාගෙට හදපු ගෙයක් තියාගෙන, ඒක ඉවර කරගන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා. ඒකට සපෝට් එකක් විදිහට ඉඩමෙන්කොටසක් විකුණන්න තාත්තා මහන්සි ගත්තා. ඒක හරි ගියෙත් තාත්තා මැරිලා අවුරුද්දකට පස්සෙ. අපි කඩේට ණය වෙවී කෑවෙ බීවෙ. ඒ ණය ගෙව්වෙ තාත්ත මළාට පස්සෙ. කොටිම්ම අපි මිනිස්සු විදිහට කොන්ද කෙළින් තියාගෙන ගමේ ජීවත් වෙන හැටි තාත්තට දකින් බැරි උනා.

මේ සේරම - තාත්තා සිගරැට් බීපු නිසා.

ඒ නිසා මම මේක කියවන මගෙ සහෝදරයින්ගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි.

"තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ දකින්න. ඒ අයට උවමනා වෙලාවෙ ළඟින් ඉන්න ඕනෙ නම් - සිගරැට් බොන්න එපා... සිගරැට් එකෙන් අපිට ලැබෙන්නෙ සොච්චමයි. ඒ වෙනුවෙන් අපි කැපකරන දේවල් ඒකට සම කරන්න බෑ."

187 comments:

  1. Replies
    1. එහනම් පත්තු කරහන් සිගරට් එකක්

      Delete
    2. අද මෙන්ඩ අයියට එක වෙන්න බැරි වුන සංතෝසෙට දාමු දුමක්.

      Delete
    3. hadawathe nawathana,
      මං පණස් හත

      මෙන්ඩො,
      දැරිවියන්ට සිගරැට් පුරුදු කරන්න එපා බං...

      නිදහසේ,
      දාපිය දාපිය... කෙහෙල් කැනක් ඉදවගන්නවත් බැරියැ.

      Delete
    4. ඩ්‍රැකියා

      ඇයි ඩ්‍රැකි අයියා අපි සිගරට් පත්තු කලොත් දුම් දාන්නැද්ද? :

      Delete
    5. අන්න හරි නංගා..ඇයි අපි කලු මදිද ? අපි කැත මදිද? අපි සිගරට් පත්තු කරමා දුම් වෙනුවට වතුර එයිද නැද්ද මචං?

      Delete
    6. ඒකනෙ මෙන්ඩා අයියා කියන්නෙ..
      කෝ මේ ඩ්‍රැකි අයියා. උත්තර දෙනඩ මේ පුරස්න ටිකට වහාම.. නත්තම් උඩුකුරුඤ්ඤං..

      Delete
    7. මෙන්ඩො,
      නංගා ඈ... බොට අදත් සීනි බෝතල් පාර තමා. (සමහර වි උඹ ඒකට ආසත් ඇති. ෆෙම්ඩම්ද දන්නෑනෙ...)

      නිදහසේ,
      මං බය නෑ උඩුකුරුඤ්ඤමට. මං කොහොමත් අවුරුදු පන්සිය ගාණකට කලිං උඩුකුරුඤ්ඤං වෙලා තමා මේ තත්තවෙට පත් උනේ. එහෙනං...

      Delete
    8. හා එහෙමද?
      එහෙනං කමක් නෑ..

      Delete
    9. ආව මෙතන මගෙ මංතරේ මටම මතුරන්න... ගල් ආඳි...

      Delete
    10. අඩෝ මගේ නංගාට මුකුත් කියලා අහුවුනොත් තෝ එල්ලනවා මස් කඩේ කොක්කේ...නංගි මෙහාට වෙන්න..පොඩ්ඩක් ඉන්න සරම කරට ගන්නකන්..
      දැන් වර බලන්න..අද තුනෙන් එකක් බෙරගන්නවා

      Delete
    11. දාපිය සරම බිම. නැත්තං මං කඩාගන්නව තොගෙ තුනෙන් දෙක අඹරලා...

      Delete
    12. අන්න සහෝදරයෝ, දැන් බය නෑ කාටවත්, කොමෝන් මෙන්ඩ අයියා, කමෝන්, ඩ්‍රැකි අයියා කේක් කෑල්ලක් දෙනකන් අතරින්න එපා

      Delete
    13. බොටත් හොඳි ඉතිං සරම උස්සං ඉන්න සහෝදරයො... හනේ ඉතිං මයෙ කට...

      Delete
  2. Replies
    1. සුවිට් කෙල්ලොන්ට දුං දාගෙන එන්න මෙන්ඩ මොනවද දෙන්නෙ? ශ්‍රීමත් මදන මෝදකය ද?

      Delete
    2. උණු උණුවෙ පොර්ණ්ණුවෙන් බාපු කේක් එකක් එක්ක දුම් දාන කිරි කෝපි එකක් වගේ දුන්න නම් ඔන්න අපිටත් දුමක් දාගෙන එන්න තිබුනා..

      Delete
    3. මනෝ ගුරුන්නාන්සේ..., මේ කෙල්ලට කේක් අමතක වෙන්ඩ ඉසකුඩිච්චියක් හදල දියෝ...!!!

      Delete
    4. කේක් අමතක වෙන්නෙ ඩ්‍රැකි අයියා ගානේ සල්ලි දීල කේක් අරං දීපු දාට.. ඕ යෙස්.

      Delete
    5. අම්මප මට බේකරියක් දාගන්න හිතිල තියෙන්නෙ දැන් නං...

      Delete
    6. බේකරියෙ මුල්ම කේක් එක මට.. ඕ යෙස්.

      Delete
    7. ඔව් දෙන්නං. අර ටෙස්ට් කරන්න දාල, කරවෙච්ච කේක් එක...

      Delete
    8. මෙනඩ අයියා මෙනනෝ, නංගිලට කර කේක් කවන්න හදනෝ,
      බේරගනියෝ..

      Delete
    9. මෙන්ඩ තමා කිව්වෙ ඒක දෙමුය කියල...

      Delete
  3. උඹ අත්දැකීමෙන් ම ලියලා තියෙන ඒකයි වැදගත්.... හරිම අගෙයි මචං..... සීයට සීයක් ඒකගයි.... අපි ඔබ සමගයි... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ලියන්න ගොඩක් දේවල් තිබ්බා කුරුටු. ඒ වුනාට දිග වැඩි වෙයි කියල මෙතනිං නතර කළා.

      Delete
    2. මේ වගේ උපදේශාත්මක වැදගත් ලිපිනං කොච්චර දිග වුණත් කැමක් නැහැ බං.... හැබැයි මේවට කට්ටිය හෝ ගාලා වලි දායි බලාගෙන......

      Delete
    3. හිතේ තිබ්බ ටික දාල තව කොටසක් ලියන්න හිතයි. එන ප්‍රතිචාරත් බලලම, ඊට ගැළපෙන්න ලියනවා...

      Delete
  4. //තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ දකින්න. ඒ අයට උවමනා වෙලාවෙ ළඟින් ඉන්න ඕනෙ නම් - සිගරැට් බොන්න එපා... සිගරැට් එකෙන් අපිට ලැබෙන්නෙ සොච්චමයි. ඒ වෙනුවෙන් අපි කැපකරන දේවල් ඒකට සම කරන්න බෑ.//

    සියයට සීයක් එකඟ වෙනවා ඩ්‍රැකී අයියා. සිගරට් කියන්නෙ හෘද රෝග බොහෝමයකට මුල. දැන දැන අමාරුවෙ වැටෙන එක අපරාධයක්..

    හදවතිනම සතුටු වෙනවා සිගරට් බොන එක නවත්තපු එක ගැන. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා එක්ක එකඟයි. ජීවිතය රස විඳලා අඩු වයසෙං මැරුණත් කමක් නෑ, තමංගෙන් යැපෙන උදවිය නැත්තං. ඒ වගේම දුක් විඳලා දුක් විඳලා මැරෙන් නැත්තං.

      Delete
    2. ජය වේවා ඩ්‍රැකි අයියා.. ඔය ගත්ත තීරණය කවදාවත් වෙනස් නොවේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා

      Delete
    3. මාත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා, ඒක දිගටම වෙනස් නොවේවා කියලා... ඉස්තූතියි...

      Delete
  5. කමෙන්ට් නොකරන්න තීරණය කළා...

    ReplyDelete
    Replies
    1. දෙමළ නයන්නා ගුටි නොකා හිටු...

      Delete
    2. මෙවාට කමෙන්ට් නොකර බෑ බං .මේ වගේ පොස්ට් දානවට සරම කරට අරගෙන ඡාතිය අමතන්න ඔනේ

      Delete
    3. ලොකුස්,
      මේ සම්බන්ධයෙන් දෙපැත්තයි තියෙන්නෙ. එක්කො එකඟ වෙලා සිගරැට් නවත්තපං. නැත්තං සිගරැට් බීපං. සිගරැට් බොන එක ට පක්ෂව කියන්න තර්කත් තියෙනවා. එහෙනං ඒ ගැන කියහං. (වැට උඩ ඉන්න එපා. අර කලු කොටිය ආවෙත් උඹව අල්ලං යයි.)

      ප්‍රසා,
      උඹට නියම වචනෙ එනව බං නියම වෙලාවෙ...

      ලොකු,
      බයේ බෑ බං...

      මෙන්ඩො,
      සරම පාත දාපං. ලාලන බීඩි ඇඩ් එක එළියෙ...

      Delete
    4. ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට(ගෙදරින් පිට) දුමක් අදින එකෙක් විදිහට මම ඕකට ඇබ්බැහි වෙලත් නැති නොවීත් නැති එකෙක් නිසා දෙපැත්තෙන් කොයි පැත්තත් නියෝජනය කරන්නේ නැතුව මාරු වෙන්න හැදුවා...
      කොහෙද උඹලත් එක්ක පුළුවනෑ...
      තෝ උඩුකුරුඤ්ඤං...

      Delete
    5. ලොකු උඔ මගේ යාලුවා...අපි කන බොන යාලුවෝ..අපි එකතුවෙලා ඩ්‍රකියාට විරැද්දව ගේම ඉලන්න ඔනේ

      Delete
    6. ලොකුස්,
      කොහොම කළත් පෙණහැල්ලට ටිකෙන් ටික තාර තැන්පත් කරගන්න එක තමා වෙන්නෙ. අර අඟහරුව කියල තිබ්බා රසිකලොජිස්ට් එකේ, “පෙණහළු කාපට් කරගන්න ඕනෙ නෑ“ කියලා.

      මං කොහොමත් උඩුකුරුඤ්ඤං වෙලා තමා මේ තත්ත්වෙට ආවෙ. හෙහ් හෙහ්... මට ඒක අදාළ නෑ. වෙන එකක් හොයාගනිං...

      මෙන්ඩො
      උඹේ කමෙන්ට් එක දැකල මේ අදහස ආවෙ. නරකද ඊළඟ සයිබර් සිහින බකමහ උළෙළට එල්ලෙ ගේමක් එකතු කළොත්? දුම්බොන සහ දුම් නොබොන පිල් දෙක අතරෙ තියන්න පුළුවං. අර ගමේදි විවාහක - අවිවාහක පිල් දෙක අතරෙ තියෙනවා වගේ.

      Delete
    7. උඔලට ටිම් එකට කට්ටිය මදිවෙයි..

      Delete
    8. ටීම් එකට දෙන්නෙක් හිටියත් ඇති. දුම් බොන උංට ඉක්මණට හති වැටෙනවා. අපි එහෙමද? යකඩ වගේ තමයි...

      Delete
  6. හපොයි ඩ්‍රැකියුලා එකෙක් සිගා එකක් කටේ ගහගෙන මිනිස්සුංගෙ ලේ බොන්න එනකොට කොහොමද තියෙන ආතල් එක.

    බොන නොබොන එක බොන එකාගෙ අයිතිය. හැබැයි වටේ ඉන්න උංට පොවන්නනං ඌට පුලුවන් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලේ බොද්දි සිගරැට් බොන්න පුළුවනෑ. ආහාර වේලකින් පස්සෙ තමා සිගරැට් එකක් උරන්නෙ. අර සිගරැට් පැකැට්ටෙකේ ගහල තියෙන්නෙ පා. ආ. ප. (පාරිභොිගික ආරක්ෂක පණත නෙමෙයි - පාවිච්චිය ආහාරයෙන් පසු) කියලා.

      දවසක් අක්‍රිය දුම්බොන්නෙක්, මෙන්ඩට කිව්වලු,

      “තමුසෙ ඔය බොන සිගරැට් එකෙන් හතරෙන් එකක් මටත් පෙවෙනවා තමුසෙ මෙතන ඉඳං ඕක බොනකොට.“ කියලා

      මෙන්ඩ කිව්වලු “එහෙනං මට රුපියල් අටයි සත විසිපහක් දීපිය. මේක රුපියල් තිස් තුනයි“ කියල.

      Delete
    2. අම්මප ඒකත් ඇත්ත තමයි. යකෝ අපි සල්ලි දීල ගන්න එකෙන් වටේ පිටේ ඉන්න උං නිකං ආතල් ගන්නවනෙ. හැක්..

      Delete
    3. ආතල් ගන්නවනං මදෑ. බනිනවත් එක්ක නෙ...

      Delete
    4. මාත් ඇති වෙන්න බැනලා තියෙනවා.. ඒ පුසුඹට ඉහ මොල රත් වෙලා කැස්ස එනව නෙ අප්පා.

      Delete
    5. මං නං කවදාවත් බැණුං අහන විදිහට බීල නෑ ඕං.

      Delete
  7. Replies
    1. මොරල් එක අරගෙන .මේ වගේ පොස්ට් දානවට සරම කරට අරගෙන ඡාතිය අමතන්න ඔනේ

      Delete
    2. කළ්‍යාණ මිත්‍ර,
      Stand for what you do, and believe its right...

      මෙන්ඩො,
      සරම කරට ගත්තම තමා මොරල් එක එළියට එන්නෙ. හැක් හැක්...

      Delete
  8. Replies
    1. ඒ උනාට දෙක දෙක දාන්නනං මොරාල් එකක් තියෙනව වගේ. හැක්..

      Delete
    2. ලෙඩේ හැදිල ......

      Delete
    3. කම්මලෙයගෙ නෑයො වැහි වැහැල...

      Delete
  9. Nawaththanna ona ban kohomahari try ekak dila.. Ela draca

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං නවත්තන්නෙ?

      Delete
    2. ටික්කා,
      නවත්තන්න අමාරුයි. ඒක ඇත්ත. ඇබ්බැහිය කොච්චර පවතිනවද කියනවනම් මම තාම හීනෙන් දකිනවා සිගරැට් බොනවා. පළවෙනි දවස දෙක තමා ගෙවාගන්න අමාරු. නමුත්, අපේ හිතේ ශක්තිය හැමදේටම වඩා වැඩියි. අපිට ඕනෙකම තියෙනව නම් ඕනෙ දෙයක් කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ, දුමක් දාන්න හිතෙන හැම වෙලාවකම ඒකෙ අහිතකර පැත්ත ගැන කල්පනා කරන එක. අපේ පෙනහළු වලට වෙන ඩැමේජ් එක. අප්‍රසන්න ගඳ. සල්ලි නාස්තිය. අපේ හිතවත්තු ඒකට කැමති නැති බව. ඇඟට දැනෙන වෙහෙසකාරී තත්ත්වය... (මං දැම්මෙ මට දැනුන දේවල්.)

      මෙන්ඩො,
      මං උඹට කිව්ව කියල හිතාගං. අර පහළ රබර් ඇනේ කියල තියෙන්නෙ...

      Delete
  10. එකෙන්ම එකඟයි ඩ්‍රැකියෝ..
    ජය!

    ReplyDelete
  11. "තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ දකින්න. ඒ අයට උවමනා වෙලාවෙ ළඟින් ඉන්න ඕනෙ නම් - සිගරැට් බොන්න එපා... සිගරැට් එකෙන් අපිට ලැබෙන්නෙ සොච්චමයි. ඒ වෙනුවෙන් අපි කැපකරන දේවල් ඒකට සම කරන්න බෑ." +++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උඩිම්ම තියෙන පිංතූරෙ දැක්කම එකක් බොන්නමයි හිත...

      (බුදු අම්මෝ ගහන්න එපෝ...)

      Delete
    2. අලේ මංදා එහෙනම් මොන අල ගෙඩියකට ඩ්‍රැකි අයියා මේක පෝස්ට් කරාද කියලා..
      වැඩේ හොදයි කියපු අපිට අපිම තලා ගන්න වෙන්නෙ..
      ඕ යෙස්

      Delete
    3. ඕකනෙ මං කලිංම කිව්වෙ කණ්නාඩිය ඉස්සරහට ගිහිං උඩුකුරුඤ්ඤං කියාගන්ඩෙයි කියලා.

      Delete
    4. ඩ්‍රැකියා උඩුකුරුඤ්ඤං

      Delete
    5. සෑහෙන කාලෙකට කලිං... හෙහ් හෙහ්...

      Delete
  12. සහතික ඇත්ත ඩ්‍රැකී අයියා........ නියමයි ඈ...............

    ReplyDelete
  13. මම අදටත් සිගරට් බොනවනේ බං .…… මොනව කියන්නද මංදා !!!!

    ReplyDelete
    Replies
    1. මුට මෙහම ආදරෙන් කතා කරලා බෑ බං..මේ වගේ පොස්ට් දානවට සරම කරට අරගෙන ඡාතිය අමතන්න ඔනේ

      Delete
    2. දැං තුං පාරක් සරම කරට ගත්ත නේද? ඕක ගලෝලම දාහංකො එතකොට ලේසියිනෙ.

      Delete
    3. පත්තර මල්ලි,
      උඹ සීරියස් කතාවක් කියනව මං දැක්කමයි...

      මෙන්ඩොඃ,
      මං උඹට දෙපාරක් කිව්වා. දාපිය සරම පහළ. මෙතන ගෑණු දැරිවියොත් ඉන්නව...

      ප්‍රසා,
      මූ අර කුරුං ගොයිය වගේ සරං හතරක් ඇඳල ඉන්නෙ...

      Delete
  14. හිටපන් ටක් ගාලා දුමක් දාලා එන්නම්

    ReplyDelete
    Replies
    1. වර වර... දුං දමාගෙන වර...

      Delete
  15. ඉයන් වරෝ
    චෙෆා වරේ
    අටමා වරෝ

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉයනයා.ඉයනා සිගා එකක් ගහන වෙලාවක මම මේක හොරෙන් ගත්තේ.
      https://i.ytimg.com/vi/lPmOcJ9YdYw/hqdefault.jpg

      Delete
    2. සිගරට් අරක්කු බොන්නේ මැරෙන්න බය නැති ආර්ත්මාර්ථකාමී නොවන මිනිස්සුය

      Delete
    3. මනෝ
      ඒක බලන්න බෑ බං..පෙන්නෙ නෑ

      Delete
    4. මෙන්ඩො,
      අරෝ
      මෙහෙට වරෝ
      නැත්තං මා මැරෝ... කියහං.

      මනෝ,
      ඒ ඉයන් යැ බං. මං දැක්කෙ මෙන්ඩ වගේ. ඔව් මෙන්ඩ වගේමයි...

      ඉයන්,
      අපේ තාත්ත මරු කතාවක් කිව්ව.

      දවසක් පොරක් ගියාලු ඩොක්ටර් ගාවට. ගිහිං ඇහුවලු, “මගෙ වයස දැං පණහයි. තම තව අවුරුදු පණහක් ඉන්න පුළුවන් නේද?“ කියලා.

      ඩොක්ටර් ඇහුවලු,

      “ඔයා අරක්කු බොනවද?“

      “නෑ“

      “ඔයා සිගරැට් බොනවද?“

      “නෑ“

      “ඔයා ගණිකාවො ආශ්‍රය කරනවද?“

      “නෑ“

      “එහෙනං මොන මගුලටද ඕයි තව අවුරුදු පණහක් ජීවත් වෙන්නෙ?“ ඩොකා මළ පැනල ඇහුවලු...

      මෙන්ඩො,
      ප්‍රොක්සියකිං බලහං. බැයිනං කණ්නාඩිය ගාවට පලයං...

      Delete
    5. ඩ්‍රැකියා ඒ ඉන්නේ මෙන්ඩද.මේ ඉන්නේ ඉයනා

      http://fun2video.in/wp-content/uploads/2014/01/drunken-monkeys-funny.jpg

      Delete
    6. ආං මචං... ඌ නං ඉයන්ම තමා. එතකොට මේං ප්‍රසන්නයා
      http://www.you-can-be-funny.com/images/monkeywithstraw.jpg

      Delete
  16. උඹලා කිව්වට විශ්වාස කරන්නෙ නැති වෙයි.මම සිගරට් අරක්කු නැවැත්තුවේ 2004 දි.

    ReplyDelete
    Replies
    1. නෑ අපි කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ.

      Delete
    2. දාන්න මනෝ අයියා පහක්.. අන්න බලන්න වැදගත් හැදිච්ච නිවිච්ච ගති පැවතුම් තියෙන පුද්ගලයෙක්..

      Delete
    3. ප්‍රසා
      ඇත්තමයි බං.අන්තිම දවස 2003 දෙසැම්බර් 31.මම ඒ වෙනකොට ගෙස්ට් හවුස් එකක වැඩ කරේ.එදා රෑ නොම්ලේ ලැබුන නිසා අපේ කොල්ලො සෙට් එක බ්ව්වා බීමක්.ඉන් පස්සේ රෑ 10 විතර ගියා මියුසිකල් ෂෝ එකක් බලන්න.ගියා කියලා දන්නවා ආයෙත් ආව විදිය මතක නෑ.පහුවෙනිදා ටිකක් ඔලුව රිදෙනවා වගේ හින්දා ඔලුව අතගාලා බලනකොට ඔලුවේ වැලියි ගල් කැටයි.කොල්ලෝ කීවේ මම ඔලුවෙනුත් හිටගෙන ඩාන්ස් කරාලු.

      ඔන්න දැම්මා පහක්...

      Delete
    4. //ඔලුවෙනුත් හිටගෙන ඩාන්ස් කරාලු.//

      එදා තමා උඹේ මොලේ හරි තැන ස්ථානගත වෙන්න ඇත්තෙ.

      Delete
    5. //ඔලුවෙනුත් හිටගෙන ඩාන්ස් කරාලු.//

      එදා තමයි මුගේ මොලේ හරි තැන තිබිලා පුකට අැවිත් තියෙන්නෙ ඒක නිසානේ සිගරට් නැවැත්තුවේ..

      Delete
    6. දැං අපි කම්මල කියන එකද මෙන්ඩ කියන එකද පිළිගන්න ඕන.
      මේකට ජනමත විචාරනයක් පවත්තන්න ඕන.

      Delete
    7. මනෝ,
      දාහං තව පහක්...
      අපේ යාළුවෙක් ඉන්නව. ඌත් මාර ඩාන්ස් දාන්නෙ බිව්වහම. දවසක් පොර මල්පෝච්චියක් උළුව උඩ තියාගෙන නටලා. පහුවදා උදේ බලනකොට උඹේ ප්‍රතිඵලේමයි...

      ප්‍රසා,
      මං කළගෙඩියට...

      Delete
    8. අප්පට හුඩු...කම්මලයේ කොමන්ටුව බලලා පොඩි අභිමානවත් බවක් මවාගෙන ඊට පහලින් තියෙන කොමන්ටු බලාගෙන එනකොට මෙන්ඩා දීලා නේද වැඩේ.

      ඔන්න මචංලා කවදාවත්ම සිගරට් එකක් බීලා නැති අපේ කොල්ලෝ මේක කිව්වට තරහා වෙන්නේ නැති වෙයි.සිගරට් අරක්කු ගහන කොල්ලෝ ගැන නොගහන කොල්ලෝ ටිකක් අමුතු විදියකටනේ බලන්නේ.නිකම් ගන්න දෙයක් නැති ගානට.ඒ වුනාට මට දැනුන දේ තමයි උන් මාර බොක්ක කියන එක.මට එක කාලේකදි එක දිගට පොඩි කේස් වගයක් වැටුනා.මට ටිකක් විතර බරපතල විදියේ ඇන්ට්‍රියකුත් වැටුනා ඔය අතරේ.ඒක දැම්මේ මගෙත් එක්ක තරහට මම නොකරපු දේකට.ඒ වෙලාවල් වලදි මම ටිකක් අසරණ වුනා.සමහර කොල්ලෝ මාව මඟහැරියා.හරියට ඕවාට නිකම් අපිට පැටලෙන්න බෑ කියනවා වගේ.ඔය හැමවෙලාවෙම මාව අත්හැරියේ නැත්තේ අර කන බොන කොල්ලෝ ටික විතරයි.මේකෙන් මම කියන්නේ නොබොන කොල්ලෝ අප්සට් කියලා නෙමෙයි.නොබොන නියම බොක්ක වගේ ඉන්න කොල්ලෝ ඉන්නවා.මගේ ඉස්කෝලෙයි ගමේයි නම් ඔහොමයි.

      Delete
    9. සිගරට් කෙසේවෙතත් දියරනම් බොන එවුන් බොක්ක තමා. මොකද, නිකං ඉන්නකොට අපි දාගෙන ඉන්නෙ වෙස් මූණක්. බිව්වම ඒක ගැලවිලා ඇතුලෙ ඉන්න සතා එළියට එනවා. ඌ යකෙක් වෙන්නත් පුළුවන් දෙවියෙක් වෙන්නත් පුළුවන්. අන්න එතනදි හැදෙන ආත්මීය බැඳීම බොන එවුන් එකිනෙකාට බැඳලා තියනවා. එතන නොබොන එකෙක් හිටියත් ඌවත් බැඳෙනවා හරියට ඉවාන් වගේ.

      Delete
    10. සිගරට් බාගේ නිසා මට හම්බවුන ප්‍රාන සමාන බොක්කෙ යාලුවෙක් “බෝයා“..හැබැයි දවසක අපි දෙන්නට කියන්න වෙන්නෙ..
      “සිගරට් එක අප එක්කලේය“
      “සිගරට් එක වෙන් කලේය“

      Delete
    11. මදාවියා එක්ක එකඟයි.

      මෙන්ඩගෙ කවිය මෙහෙම සංශෝධනය කරන්න යෝජනා කරනවා.
      “සිගරට් එක අප එක්කලේය
      අපි සිගරට් එක වෙන් කලේය“

      Delete
  17. දුම්බීම නිශ්ප්‍රයෝජන දෙයකි! තැන නොතැන බොන්න හැකි ණිසා නාස්තිය සහ ඇබ්බැහිවීමද වැඩිය!

    ReplyDelete
    Replies
    1. ඇයි අඩු මිළ? දැන්නං ටිකක් මිළයි.

      සීතලට - උණුසුමට
      විවේක ගන්න - මහන්සියට
      කෑමට පසු - වැසිකිළි යාමට
      සතුටට - දුකට

      මේකෙ භාවිතය විටකදි උභතෝකෝටිකයි.

      Delete
  18. එක දිගට ඇදි ඇදී ෆන් එකේ බොන වෙලාවක,ඒ අවස්ථාව නැති කරන්න සිගරට් ඉවරවීම ප්‍රමාණවත්,
    ඔලුවට ලොකු බරක් ඇවිල්ලා තනියෙන් අල්ලගන්න තරන් හයියක් එනකන් බර බෙදාගන්න සිගරට් එකෙන් සපෝට් එකක් ලැබිලා තියෙනවා,
    අභ්‍යවකාශ තරණයේදී දහන පෝශකයක් වගේම උත්ප්‍රේරකයක් විදිහටත් සෙට් වෙනවා..
    ඒත්......
    උඹ කියන දේ සහතික ඇත්ත.
    නවත්තන්නත් පුලුවන්.
    ගණන් හදලා බලනකොට...
    මෙණ්ඩො.. ඔය ලයිටරේ දියං.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සිගරට් එකක් බොන්නෙ නැතුව අඩ්ඩක් ගහනවා කියන්නෙ..
      තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනවා වගේ

      Delete
    2. ගස් ලබු සහෝදරයා කියල තියෙන දේවල් අඩු වැඩි වශයෙන් මාත් අත්දැකලා තියෙනවා. මට තේරෙන විදිහට, අපේම හිත තමයි ඔතෙන්දි අපිව රවට්ටන්නෙ. හිත දුර්වල තැන් වලදි මුවා වෙන්නෙ සිගරැට් එකට.

      මෙන්ඩො,
      උඹ දන්නවද ගොඩක් උදවිය ඉන්නව සිගරැට් බොන් නැති - අරක්කු බොන. එතකොට උං සිතාර් ගහන්නෙ උඩිං ටියුන් කරන් නැතුවද?

      Delete
  19. Replies
    1. එහෙම බ්‍රෑන්ඩ් එකක් ගැන ඇහුවමයි. :D

      Delete
    2. ඇයි තව තියෙන්නෙ yummy cigarettes...

      Delete
  20. මේ ටික මම මීට කලිනුත් කියලා තියනවා. ඉස්කෝලේ ගියකාලේ නම් අරක්කු, සිගරට්, ගංජා, කටේ තියලවත් නැහැ. එහෙම කරලා අහුවුනා නම් තාත්තා මාව මරනවා සහතිකයි. තාත්තා කිසිම මස් වර්ගයක්, මාළු වර්ගයක් කන්නේ නැහැ.කරවල විතරයි කන්නේ. කිරි, බිත්තර, ආහාරයට ගන්නේ නැහැ, බිත්තර තියනවා කියලා කිසිම කේක් ජාතියක් කන්නේ නැහැ. බොනවා තියා බොන මිනිස්සු එක්ක කතා කරන්නේවත් නැහැ. නමුත් තාත්තා පයිප්පය බිව්වා. අන්න ඒක වීරකමක් කියලා හිතේ රැඳුනා. ඒ නිසා රස්සාවට ගියගමන් 1978 සිට 1994 දක්වා සිගරට් බිව්වා. පයිප්ප බොන්න බහ. එය ඉතා මිල අධික දෙයක්. රහමෙර නම් අදත් සීමිතව පාවිච්චි කරනවා. සිගරට් නවත්තපු කාලේ දවසකට සිගරට් 32 ක් බිව්වා. එක දවසක හිතුනා නවත්තනවා කියලා. එක වරම නැවැත්තුවා. මගේ බිරිඳ එය විශ්වාස කලේ අවුරුද්දක් ගියාට පස්සෙයි. ඒ සඳහා ලැබුන සහතිකය තමයි, 'දැන්නම් ඔයාගේ තොල් දෙක දුම් රහ නැහැ' කියන එක. අපි සිගරට් බොනකොට කාන්තා පක්ෂය මොන තරම් අප්‍පිරියාවෙන් වුනත් ඉවසනවා ඇද්ද? මේ දිනවල බීමට සමුදීමේ ආරම්භයක් අරන් තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ දිනවල බීමට සමුදීමේ ආරම්භයක් අරන් තියනවා.//

      හයියෝ...විදුරැ ඩාන්ස් එකක් බලන්න තියන අවස්තාව නැති කරන්න එපා

      Delete
    2. /සිගරට් නවත්තපු කාලේ දවසකට සිගරට් 32 ක් බිව්වා./
      බලනු තුන්සිය හැට පහ වැඩි කර තිස් දෙක යොදලා...
      කාලයක් හමුදාවෙ අයට සිගරැට් රේෂන් එකක් දුන්න නේද? මට මතකයි අපෙ අතපත්තු කියල යාළුවෙක් ඌට දෙන රේෂන් එකෙන් සිගරැට් කාටුන් එකක් විතර තියාගෙන ඉඳලා ගමේ එනකොට ගේනවා අපිට දෙන්න.

      හැබෑට. අපේ තාත්තා ළඟත් පර්මනන්ට් ම දුම්කොළ ගඳක් තිබුණා. අම්මා කොච්චර ඉවසන්න ඇද්ද කියලා හිතෙනවා.

      බීමට සමුදෙන එක තවත හොඳයි. ඕනෙම දෙයකට ප්‍රමාද වැඩියි කියා දෙයක් නෑ.

      මෙන්ඩො,
      වීදුරු ඩාන්ස් එක දාන්න කියමු බොන්නෙ නැතුව...

      Delete
  21. මම ඉස්සල්ලාම සිගරට් එකක් බිවුවෙ 1988 / 8 / 8 , ඒ අපේ කිරිඅම්ම මැරුන දවසෙ ගෙවල් ලග යාළුවෙක් එක්ක. ආපහු එකක් බිවුවෙ 1993 / 10 / 20 ඒ අපේ තාත්තගෙ මරනෙ දවසෙ. ඊට පස්සෙ ඒක පුරුද්දක් විදිහට 2010 විතර වෙනකම් තිබුන හැබැයි උපරිම දවසට 4 යි.
    දවසක් උදේම හිස්බඩ සිගරට් එකක් බීල මට මාර අප්පිරියාවක් ආව , එදා ඉදන් ඇබ්බැහිවීමට බීම නැවතුනා . අරක්කු ටිකක් බොන වෙලාට සිගරට් බාග තමයි දැන් බොන්නෙ ඒකත් අත්‍යවශ්‍ය නෑ.

    "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත."

    ReplyDelete
    Replies
    1. ඉල්ලපියකෝ බලන්න අනිත් දවසේ සිගරට් බාගේ..දෙන්නෙ නෑ

      Delete
    2. අග බාගෙ මට කොහොමත් බොන්න බෑ. මම පත්තු කරන්නක් උඹ කොටේ ඇදපන්.

      Delete
    3. කම්මලයා සිගා ගහලා තියෙන්නේ කාල සටහනකට අනුව ක්‍රමානූකූලව

      Delete
    4. කම්මල,
      මං හිතුවා උඹැහැ එකපාරට සිගරැට් දෙක දෙක බොනවයි කියලා...

      මෙන්ඩො,
      දියං බාග දෙකක්

      කම්මල, මාත් කළේ ඔය වගේ එකක් තමා. පාටි වලදි කවුරු හරි මගෙං බාගෙ ඉල්ලුවොත්, ඌට ඒක දීලා මං තව එකක් පත්තු කරගන්නවා.

      මනෝ,
      මට තේරුන් නෑ ඒ කතාව...

      Delete
  22. ඩ්‍රැකි
    මම මේ දාන කමෙන්ට් උඔගේ පොස්ට් එක එක්ක එකග නැති නිසාවත් උඔ එක්ක තරහටවත් නෙමෙයි..පොඩි රංඩුවක් දාගෙන උඔගේ කමෙන්ට් වැඩි කරන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. අඩ්ඩෝ මේ.... පෝස්ට් එකට අදාල නැති කොමෙන්ට් දාල අපේ කාලෙ කන්න එපා බොල. හැක්...

      Delete
    2. මෙන්ඩො,
      අනේ උඹේ ඩිස්ක්ලේමර්...
      (ස්වයං කථනය) මූයි ප්‍රසන්නයයි නැත්තං මේ බ්ලොග් එකටත් වැලේ වැල් නෑ...

      ප්‍රසන්න,
      අන්තිමේ හැක් ගෑවෙ. කැස්සක් ආවද? සුරුට්ටු බොන්න එපා බං.

      Delete
  23. සිගරට්ටුවේ ඇති රසයත්
    සිගරට්ටුවේ ඇති මනා ගුනයත්
    එය බොන උතුමානෝ මිස
    නොබන මෝඩයෝ දනිද?

    කියලා සද්මාලාංකාරයේ 33 වෙනි පිටුවේ 86 වෙනි ගාතාවේ කියලා තියනවා

    ReplyDelete
    Replies
    1. සද්ධර්මාලංකාරයෙ කොහෙද බොල ගාථා?

      ඕක තියෙන්නෙ මාතලාලංකාරයෙ.

      පදත් වැරදියි.

      දුම්බීමෙ ගුණයත්
      එහි ඇති අනගි රසයත්
      බොන සුදනෝ මිසක්
      නොබොන අනුවණ දනෝ නොදනිත්.

      ඕං පාඩං කරගනිං...

      Delete
  24. සදු මාත් එක්ක යාලුවෙලා ඉන්නකොට දවසක් දිපි ලොකු ටොක් එකක් මාවද? සිගරට්ද? කියලා තොරගන්න කියලා..දුන්නා උත්තරයක් ටක් ගාලා
    මම සිගරට් තෝර ගත්තා..දැන් ඔයා යනවද? ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. එදා තමයි ඉස්සෙල්ලම සීනි බෝතලෙන් ගැහුවෙ නේද?

      Delete
    2. මචෝ ඔය වීර කමේ තරම උබට තේරෙයි පොඩි මෙන්ඩා බටේ පත්තුකරන් උබ ඉස්සරහින් ගිය දවසට

      Delete
    3. //පොඩි මෙන්ඩා බටේ පත්තුකරන් උබ ඉස්සරහින් ගිය දවසට//

      මම දවසක් සිගරට් එකක් අදිනව අපේ කොල්ල දැකල ඌ මාරුවෙන් මාරුවට සිගරට් එකයි ,මගෙ මූණයි බලාගෙන ඉදල ගියා. පස්සෙ දවසක් බියර් කෑන් එකක් තිබිල " මේ මොනවද " කියල ඇහුව මම සිංහයව පෙන්නල කිවුව " පූසන්ට දෙන බේතක් " කියල මූ බැරෑරුම් මූණක් අරගෙන " බොරු කියන්න එපා තාත්තෙ ඔයා නෝටි ඩ්‍රින්ක්ස් ගන්නව ස්මෝක් කරනව , ඔයා ඉක්මනට මැරෙයි , එතකොට මේ ගෙදර ඔයා නෑ " "වැඩක් නෑ තාත්තෙ " " එතකොට වැඩක් නෑ " .
      අපේ එකාට කථන ආබාධයක් තිබුන ( දැනටත් ටිකක් තියනව , ඒ කියන්නෙ දිග වාක්‍ය ගලපල කියන්න බෑ ) මේක තමයි ඌ කියනව ඇහුන දිගම වාක්‍ය . මට ඒ ටික හදවතටම දැනුන.

      Delete
    4. අපේ මාමාගෙ පුතත් ඔස්කෝලෙ ගිහින් කවුරු වෙන්නද කැමති මොනව කරන්නද කැමති කියලා අහපුවම කියල තියෙන්නෙ ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙලා බයිට් කකා බී බී සින්දු කියනවා කියලා උත්තර දීල ඉස්කෝලෙන් මමාව ගෙන්නල අවවාද කරලා තිබුනා..

      ඒ පොඩි එකාම පුන්චිම කාලෙ ඒ කියන්නෙ යන්තම් ඇවිදගන්න පුලුවන් කාලෙ චෝක් කෑල්ලක් කටේ දාගෙන ටිකකින් එළියට අරගෙන පිඹිනවාලු තාත්ත සිගරට් බොන එක බලා ඉදලා. ළමයට නරකයි එපා කියන්නැයි තාත්ත ඒ දේ කරද්දි. එදා ඉස්කෝලෙට ගෙන්නලා අවවාද කලාම පස්සෙ ඉදලා හිටලා පාටියක බිව්වොත් මිසක් දන් නම් මාම ඉස්සර වගේ බොන්නෙ නෑ

      Delete
    5. අපේ මාමාගෙ පුතත් ඔස්කෝලෙ ගිහින් කවුරු වෙන්නද කැමති මොනව කරන්නද කැමති කියලා අහපුවම කියල තියෙන්නෙ ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙලා බයිට් කකා බී බී සින්දු කියනවා කියලා උත්තර දීල ඉස්කෝලෙන් මමාව ගෙන්නල අවවාද කරලා තිබුනා..

      ඒ පොඩි එකාම පුන්චිම කාලෙ ඒ කියන්නෙ යන්තම් ඇවිදගන්න පුලුවන් කාලෙ චෝක් කෑල්ලක් කටේ දාගෙන ටිකකින් එළියට අරගෙන පිඹිනවාලු තාත්ත සිගරට් බොන එක බලා ඉදලා. ළමයට නරකයි එපා කියන්නැයි තාත්ත ඒ දේ කරද්දි. එදා ඉස්කෝලෙට ගෙන්නලා අවවාද කලාම පස්සෙ ඉදලා හිටලා පාටියක බිව්වොත් මිසක් දන් නම් මාම ඉස්සර වගේ බොන්නෙ නෑ

      Delete
    6. මෙන්ඩො,
      නස්රුදීන් ට කෙල්ලො දෙන්නෙක් හිටියලුනෙ. ඉතිං උං දෙන්න අහනවලු නස්රුදින් ගෙං හැම තිස්සෙම,

      “ඔයා අප දෙන්නගෙං කාටද වැඩියෙම්ම ආදරේ?“ කියලා.

      නස්රුදින් දවසක් කිව්වලු, “මට ඕකට උත්තර දෙන්න අමාරුයි. ඔය ප්‍රශ්නෙ වෙන විදිහකට, නිකං ප්‍රායෝගික විදිහකට අහන්න“ කියලා

      ඉතිං මහත, එච්චර ලස්සන නැති කෙල්ල ඇහුවලු, “අපි දෙන්නම ගඟට වැටුණොත්, ඔයා ඉස්සෙල්ලම බේර ගන්නෙ කාවද?“ කියලා.

      නස්රුදින් එයාගෙන් ඇහුවලු, “ඔයාට පීනන්න පුළුවන්නෙ?“ කියලා.

      ප්‍රසන්න
      මූ හෙන ආසාවෙන් ඒ ගැන කියන්නෙ, මූ ෆෙම්ඩම් බුවෙක් බං...

      මැලේ රාළ
      මට කියන්න හිත හදාගන්න බැරි වෙච්ච දේ තමා උඹ කියල තියෙන්නෙ. සිරාවටම...

      කම්මල
      ඩ්‍රැකියානි පොඩි කාලෙ එයාගෙ අප්පච්චි ගෙ සුරුට්ටුව උදුරල අරං ගලක් උඩ තියලා තව ගලකිං තලනවලු. මට ඒ වගේ බලපෑමක් අපේ තාත්තට කරන්න බැරි උනානෙ කියලා හිතෙනව බං.

      නිදහසේ,
      අපේ ගේ ගාව පොඩි එකෙක් දවසක් අපේ අම්ම එක්ක කියනවා, “ලොකු වෙලා රස්සාවක් කරනවලු. පඩියෙං බාගෙයක් අම්මට දෙනවලු. අනිත් බාගෙං විටක් කාලා සිගරැට් එකක් බොනවලු.“

      (කම්මල ගේ ඩබොල් ලෙඩේ ගැනත් පෝස්ට් එකක් දාන්න වෙයි. ඒකෙන් බේරෙන්න ඉන්ජෙක්ෂන් එකක්වත් හොයාගන්න වෙයි වගේ...)

      Delete
    7. කම්මලයා
      අපිවත් අඩවනවා බං පොඩි කම්මලයා

      Delete
    8. නියම ඇඬිල්ල එන්නෙ මෙන්ඩ (හෝ කම්මලෙය) මයිනහම වගේ කැහැ කැහැ ඇඳට වෙලා ඉද්දි, පොඩි මෙන්ඩ (හෝ ‍පොඩි කම්මලෙය) ඇඳ ගාව ඉඳං අසරණ විදිහට බලං ඉද්දි...

      Delete
    9. කම්මලේ දැන් බොන්නැති හින්ද එහෙම වෙන්නෙ නෑ ලු ඩ්‍රැකී අයියා.
      එතකොට මෙන්ඩ අයියාත් නුදුරු අනාගතෙ ගල් සහ දුම් දෙකම නවත්තනවලු. ඒ නිසා පොඩි මෙන්ඩටත් එහෙම එන්නෙ නෑ ලු.. :)

      Delete
    10. එම්බා යුටෝපීය යුවතිය, තොපගේ මනෝරාජ්‍යය උදාවේවා...!!!

      Delete
    11. මොනෝරන්ජනය නෙමෙයි බන් ඩ්‍රැකි අයියෙ.... ඒක තමා වෙන්නෙ.. හිකිස්..

      Delete
    12. මගෙත් අරමුණ ඒක තමා. නැත්තං පණ දාගෙන මෙව්ව ලියනවෑ...

      Delete
  25. මටත් ඔය කරදරේ තියෙනවා. උම ඔය යට දීපු උපදේසේ ඒ විදියට අපේ දේශිකාත් මට දෙනවා.. ඒත් තාම මං දුර්වලයි. සිගරට් නැවැත්වීම ගැන මං කියවපු හොදම එකක් තමා හෙන්රිගේ පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. උඹ දුර්වල නෑ බං. ඕක නවත්තන්න පුළුවං. පටං ගනිං ටික ටික අඩු කරන්න...

      අර හෙන්රිගෙ පෝස්ට් එකට ලිංක් එකක් දාන්න පුළුවන්ද මෙතන? ප්‍රසන්නට නම් මතක ඇති.

      Delete
  26. දුම් වැටියේ...//
    දෙතල රැදා දුම් වැටියේ..//
    සංතෝෂය සන්තාපය ..ඔබ නොවෙද ලග සිටියේ දුම් වැටියේ

    -මෙරියන්ස්-

    පත්තර මල්ලි/ සින්දු ඇනෝ ඉතුරැ ටික දාපන්

    ReplyDelete
    Replies
    1. මේක හරියන්නෑ සදු නෑනට කියන්ට ඕනි මෙයැයිගේ ඔලුව පලන්ට කියලා.

      ඩ්‍රැකියා නරක වැඩ නවත්තන්ට ෆුල් ට්‍රයි කරනකොට - මෙන්ඩයියා දුම් දානවනේ අප්පා

      Delete
    2. මෙන්ඩො,
      මොනවද බං ඔව්වත් සින්දුද?

      යාළු පාට,
      ඌ මගෙ ගිය ආත්මෙ නරක නිඹුල්ලා...

      Delete
  27. මෙතෙක් කාලෙකට දැක්ක හොඳම පොස්ටුව ............

    ReplyDelete
    Replies
    1. මැලේ රාළ,
      මෙතෙක් කාලෙකට උඹ බ්ලොග් අවකාශෙට ආවමයි නෙ. ඉතිං දකින පළවෙනි පෝස්ට් එකම හොඳම එක වෙනව.

      මෙන්ඩො,
      උඹට කවුද එළවීමේ නිලධාරී පට්ටම දුන්නෙ?

      Delete
  28. වරැද්ද කරපු කෙනෙක් එක නවත්තලා නවත්තන්න කිවුවහම හිතට වදිනවා වැඩි ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මටත් දැන් හිතෙනවා මට මීට වැඩි බලපෑමක් කරන්න පුුලුවං කියලා.

      Delete
  29. මනෝ අර මෙන්ඩයියවත් ඔළුවෙන් හිටවල නටවන්නකො අප්පා. මොලේ හරි තැනට එන්ට

    ReplyDelete
    Replies
    1. ඒයි..සබරේ වරෙන් දුමක් දාන්න

      Delete
    2. මෙන්ඩ නටන්මෙ ඔලුවෙං හිටගෙනමයි. ඒකයි බැරි. මූ කොහොම හරි කෙලිංකරගත්තොත් වැඩේ හරි. ඒකට සඳුව කැමති නෑනෙ. ඒකනෙ කොස්ස...

      මෙන්ඩොඃ,
      අහිංසකයට ඉන්න දියං පාඩුවෙ. උඹ ඕනෙ දුමක් දාගං තනියම...

      Delete
  30. ලකී ලූක් නැවැත්තුව පසුකාලීන පොත්වල

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කවුදබෝයි වෙලා සිංහලෙන් එන කාලෙ ලකී ලුක් සිගරට් බොන්නේ නෑ තමා... බොස්.. නැද්ද අර හීනි සුරුට්ටුව?

      Delete
    2. කවුද බෝයි සිගරැට් බොන්නෙ ඔතලනෙ. මට මතකයි පොඩි කඩදාසියකට දුංකොළ කුඩුදාලා, රෝල් කරලා කොණක කෙළ ගාලා පත්තු කරනවා. ඒක මයෙ හිතේ ඒ කාලෙට ආවේණික සිරිතක්. පසුකාලීනව ළමයින්ට ඒකෙන් වැරදි ආදර්ශයක් ලැබෙන බව පෙනුනට පස්සෙ ඒ ක්‍රියාව පෙන්නන දර්ශන නැවැත්තුවා.

      Delete
    3. මුලින්ම ගිය සිංහල කවුද බෝයි ටිකේ තිබුනා.පස්සෙ හැලුනෙ.තනි අතෙන් ඔතල ගන්නෙ නිකන්.. ජොයින්ට් ඔතයි කිසි කිසි ගාලා... හෙහ් හෙහ්...

      Delete
    4. අම්මට සිරි. ඒ අතින් නං කවුද බෝයි ට අපේ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් පරාදයි...

      Delete
  31. අවුරුදු විස්සක් මගේ ලග ඉන්න යාළුවව මට විස්වාසයි තොට වඩා දුප් යන්ඩ කියුවේ දත් දිග පිසාචයා

    ReplyDelete
    Replies
    1. (අටමට බයේ දුවමින්) අවුරුදු විස්සක් නං කල්පනා කරල බලහංකො. ඒකාලෙ ගොල්ඩ් ලීෆ් එක කීයද - දැං කීයද? ඒත් එක්ක කල්පනා කරල බලහං ඒකාලෙ උඹේ ආදායම කීයද - දැං කීයද?

      Delete
  32. මචෝ මමත් දුම් වැටියට කවදාවත් ඇබ්බැහි වෙලා නම් නැ ..එත් ඉඳලා හිටලා බිලා තියනවා .මට එකෙන් කිසිම දෙයක් දැනෙන්නේ නැ ..ඊට වඩා ආතල් එකක් තියනවා බුලත් විටක් කනකොට ...හැක් හැක්

    (මෙන්ඩෝ මෙන්න සින්දුව )

    දුම් වැටියේ....දුම් වැටියේ
    දෙතොල රැඳී දුම් වැටියේ
    සන්තෝසේ සන්තාපේ ...
    ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

    හද කැලබී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රඳවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා ....
    දුම් වැටියේ ....

    අද මිතුරෝ හෙට හතුරෝ
    දුක් දෙනවා එරෙහි වෙලා
    ඒවාගේ මතු දවසේ
    ඔබ එයිදෝ සතුරු වෙලා ...

    දුම් වැටියේ ....

    ගායනය - මේරියන්ස්

    (https://www.youtube.com/watch?v=Bc2bqa0y8mc)

    ReplyDelete
    Replies
    1. මෙන්න අනික

      දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
      මගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ

      මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ
      මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ
      බෝතලේ මගෙ බෝතලේ
      නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ

      නුබ හින්දා ඈට මා එපා ලූ
      නුබේ නැවුම් සුවද ඈට දුගද දේලූ
      ඈ ගියදා මට නොදැනුන පාලූ
      නුබ නැතිදා මට දැනේවි යාලූ
      මුලින්ම මට උබේ සිසිල දැනුනේ
      ඈ වෙන කෙකුහා වරදෙ බැදුනු දවසේ
      චපල එයා වෙන තුරුලක නැලවේ
      උබ තුරුල් වෙලා හිටපන් මගෙ පපුවේ

      බෝතලේ මගෙ බෝතලේ...

      උබේ යාලුවො ඔක්කොම මම වගේදෝ
      චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
      භවෙන් භවේ හොයාපු සැන සුමදෝ
      නුබට එහා තව නිවනක් වේදෝ
      ළදකට බෑ පෙම් කරන්න සමසේ
      උබට හැකිය සලකන්නට එක සේ
      ඒත් අගහිගකම් ඇති කොටදා නිවසේ
      උබත් මාව දාලායාවි දුකසේ

      Delete
    2. සිංදු,
      සිගරැට් එකේ පොඩි පහේ මත් ගතියක් තියෙනවා. ඒක දැනෙන්න නං මාසයක් විතර නොබී ඉඳලා එකක් බොන්න ඕනෙ. විට නං මට කොහෙත්ම වහ. ඇයි බං යස අගේට තියෙන දිව දවස් ගාණක් යනකං පුපුරු ගහනවනෙ විට කෑවහම.

      දෙන්නටම ඉස්තූතියි සිංදු දෙකට ඈ... (රස්තියාදුකාර සිංදු - ඔව්වත් මියුසික්ද මං අහන්නෙ?)

      Delete
    3. එක දවසක අවසන් වෙනවා
      කවදා හෝ කවදා හෝ මේ නැටුම් මේ ගැයුම්
      පිට වී යන්නට සිදුවෙනවා
      නිම වූ දා... නිම වූ දා මේ නැටුම් මේ ගැයුම්..

      මා පමණ කි.. ඇයි මේ ආත්ම වර්ණනා
      මෝඩයා මෝඩයා මේ අපී හැම දෙනා
      වෙන් වී යනවා කිසියම් මොහොතක
      හමාර වී ගිය දා මේ නැටුම් මේ ගැයුම්..

      මී විත පිරී.. තොල් පෙති අතරේ රඳවනා
      සීතලේ මේ රැයේ පාළුව සුන් වුණා
      කෙසේ නමුත් අවසානය බොරුවකි
      හමාර වී යන සේ මේ නැටුම් මේ ගැයුම්..

      බී මල් පැණී.... සරසමු විනෝද සැණකෙළි
      යෞවනේ මල් වනේ කාට ද හැකිවුණේ
      රැඳී හිඳින්නට සදහට ලොව තුළ
      හමාර වී ගිය දා මේ නැටුම් මේ ගැයුම්....

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය: පී. එල්. ඒ. සෝමපාල
      ගායනය: එච්. ආර්. ජෝතිපාල

      Delete
    4. උඩ සිංදුවට ලිංක් එක මේං
      http://sarigama.lk/profile/song_profile/11434/eka-dawasaka-awasan-wenawa-h-r-jothipala-mp3-song-download-online-listen

      Delete
    5. හිරු සඳු මැකිලා
      තරු කැට වැටිලා
      ලොව ගන'ඳුරු වී තිබූ
      සිත අසරණ වී හැඬූ
      ඒ රැයේ දී බැඳි ආදරේ බිඳිලා
      බිඳිලා
      ළඳුනේ කිමදෝ වෙන්වූයේ

      දියවැල් මැකිලා
      ගඟුලැල් සිඳිලා
      මල් මැළවුණු යාමයේ
      බිඟු වැළපුනු පාළුවේ
      ඒ පැ‍යේදී බැඳි ආදරේ බිඳිලා
      බිඳිලා
      ළඳුනේ කිමදෝ වෙන්වූයේ

      හිරු සඳු මැකිලා
      තරු කැට වැටිලා
      ලොව ගන'ඳුරු වී තිබූ
      සිත අසරණ වී හැඬූ
      ඒ රැයේ දී බැඳි ආදරේ බිඳිලා
      බිඳිලා
      ළඳුනේ කිමදෝ වෙන්වූයේ

      මීවිත සිඳිලා
      ගී පද මැකිලා
      සිත ගොළු වුනු යාමයේ
      ලොව සැතපෙන මේ පැයේ
      ඒ දිනේදී බැඳි ආදරේ බිඳිලා
      බිඳිලා
      ළඳුනේ කිමදෝ වෙන්වූයේ


      පද - හේමසිරි හල්පිට
      සංගීතය - ක්ලෝඩ් ප්‍රනාන්දු
      ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

      බාගන්න මෙතනිං
      http://www.topsinhalamp3.com/songs/clarence-wijewardena-mp3-songs/hiru-sandu-mekila-mp3-song.php

      Delete
  33. මට නමි රාත්‍රියක තනියම එලිමහනේ
    දුමක් බිබි නැත්තමි මධුවිතක් තොලගාමින් කසුන් කල්හාර වගේ ගායකයෙන්ගේ
    භාවමය ගීයක් අහනඑක තරමි ආතල් එකක් .........

    ReplyDelete
    Replies
    1. ලෙවි,
      මං එකඟයි. තනිකඩයෙකුට ඔය අවදානම ගත්තැකි. නමුත් තමන් ගැන බලං ඉන්න බැඳුනු උදවිය ඉන්නකොට, තමන්ගෙ ශරීරය සහ ජීවිතය තවදුරටත.් තමන්ට විතරක් අයිති නැති බව තේරෙනවා.

      හැබැයි පසුකාලීනව ඔය එකක්වත් නැතුව ඔය වින්දනයම ලබන්න පුළුවං බව මට තේරුනා.

      Delete
  34. ඇති යන්තම් තේරුනා.. ඕකෙන් වෙන්නේ ශරීරය ලෙඩ වෙලා, විනාශ වෙලා යන එක විතරයි. ෂර්ලොක් හෝම්ස් පොත් වල ඕක වැඩිය ග්ලොරිෆයි කරන්නේ නෑ. නිර්මාණ කාර්යයේදී නම් ඕක මලම වදයක් මම නම් කියන්නේ. මම නම් සිගරට් එකක් තොලේ වත් තියල නෑ. වෙලාවට අපේ පවුලේ වත් කවුරුවත් සිගරට් බොන්නේ නෑ.

    "හුදෙක්ම නිර්මාණ කාර්යයක් කරනවා යන හැඟීම විතරයි මට ඕනෙ. " ද නැත්තම් අර යකා (මම තුමා) කොහෙන් හරි ඇවිල්ලා පීරිසියක දාලා අරං යයිද කියන බයට ද? :D :D
    අන්තිමේ හොල්මන් කතාව එනවා කියල දැනගත්ත එක ලොකු දෙයක්!

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් පොත් වල ඕක ග්ලෝරිෆයි කරන්නෑ තමා. කොනන් ඩොයිල් කරන්නෙ ඒ කාලෙට සමාජ පසුබිමට සරිලන පැතලි නැති චරිතයක් නිරූපණය කරන එක. ඕක ග්ලෝරිෆයි කරන්නෙ ෆිල්ම් වලිං සහ චිත්‍රකතා වලිං.

      මාව පීරිසියක දාල අරං ගිහිං බයිට් එකට ගනියි එහෙනං. හෙහ් හෙහ්...

      Delete
  35. ඩ්‍රැකී , මුළු ලිපය සමගම එකඟයි... ඒත් පුද්ගලික කාරණයක්ද මන්ද මේ ලියන්න යන දේ.. ෂර්ලොක් හෝම්ස් පොත් කියවද්දී පයිප්පය ගැන සහ දුම්කොළ ගැන ලියවෙන දේවල් වලින් ෂර්ලොක් හෝම්ස්ට පොඩි සාහිත්‍යයක්, අනන්‍යතාවයක් ලැබුනා කියල මට හිතෙනවා. දුම් දමන කෝපි කෝප්පයක් බොන ගමන් පයිප්පය උරණ හැටි ලියවිලා තියන විදිහෙන් ආතර් කොනන්දොයිල් අපිට එංගලන්තය ගැන වෙනම අනන්‍යතාවයක් ගොඩනැගුවා කියල මට හිතෙනවා.. රුසියන් පොත්වල තියෙන රුසියන් උරුව වගේම එංගලන්තය පාදක වෙච්ච ෂර්ලොක් හෝම්ස් කථා වල සාහිතයේ තියන දුම්කොළ සහ පයිප්පය විශේෂිතයි වොට්සන්ගේ රිවෝල්වරය වගේම.. පිස්සුවක් ලිව්වද මන්ද... රවීගේ පොස්ට් එක කියවල නිකම් බීල බීල වගේ මාත්..

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ හරි. මං කිව්වෙ පසුකාලීන ෆිල්ම් වලයි චිත්‍රකතා වලයි තිබ්බ දේවල් ගැන. කොනන් ඩොයිල් කළේ පරිපූර්ණ චරිතයක් ගොඩ නගපු එක. ඒ ගැන විවාදයක් නෑ...

      Delete
  36. කොනන් ඩොයිල් නිර්මාණකරණයේ කොයිතරම් දක්ෂයෙක් වුණත් ලෝකෙට දෙන නරක ආදර්ශ බොහොමයි. පයිප්ප, වගේම කොකේන් වගේම සුදු හම නැති මිනිස්සුන් පහත් යැයි සැලකීම.
    උඹේ ලිපිය යටින් දුවන මොරාල් එක එක්ක සම්පූරණයෙන් එකඟයි. ඕල්මෝස්ට් නන් ස්මෝකර්. නුවරඑළිය, හපුතලේ වගේ දිහාවලද ඇර. එහේදිනං එකක කොටෙන් අනික පත්තු කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. කොනන් ඩොයිල් ගෙ පූර්ව නිගමන කතාව පුරා තැන තැන දකින්න පුළුවං. පොර හිතං ඉන්නවනෙ ඔළුව ලොකු නම් බුද්ධිමත් කියලත්.

      එකඟ වීමට ස්තූතියි. ඔය පළාත් වලත් මං දුමක් නැතුව ඉඳලා තියෙනවා. ඩ්‍රැකියානෙිගෙ ගම කොත්මලේ. එයා මුණගැහුණට පස්සෙ මං දුම අත්අැරියා. තිං එහෙ ගිහිං දුම් දාන්න බෑනෙ. ඒත් ඉතිං වින්දනය එක සමයි.

      Delete
    2. ඒ කියන්නේ නොන් ස්මෝකර් මධුවා චේන් ස්මෝකර් මධුවා වෙනවා සීතල පළාත් වලට ගියාම...

      Delete
    3. ඔය ‍තේරිලා තියෙන්නෙ...

      Delete
  37. ඩ්‍රැකී,මමත් එකඟ වෙනවා උඹේ ලිපිය එක්ක.

    මේ අපේ තාත්තා ගැන මම කාලෙකට කලින් ලිව්වා ලිපියක කොටසක්.

    //කොහොමත් තාත්තා කිසිදාක මත්පැන්,සිගරට් වගේ දේවල් භාවිතා කල කෙනෙකු නෙමේ.වරක් මම පොඩිකාලේ මාමාට සිගරට් එකක් කඩෙන් ගෙනත් දෙනවා දැකලා තාත්තා මාමට බැන්නේ පොඩිඋන්ව නරක් කරන්න එපාය කියලයි.//

    අපි පොඩි කාලේ බිම තියෙන ගිණිකුරක් අතින් ඇල්ලුවොත් තාත්තා කෑ ගහනවා සිගරට් පත්තු කරපු ජරාව අල්ලන්න එපා කියලා.හැබැයි පොඩ්ඩක් ලොකු උනාම අපේ ගෙදරට තහනම් දෙයක් උනත් මමත් සිගරට් හොරෙන් බිලා තියෙනවා.හැබැයි මටත් එකෙන් කිසිම "ආතල්"එකක් නම් දැනිලා නැහැ.

    අන්තිමට පාරට ඔහොම සිගරට් එකක් බිලා දැනට අවුරුදු දහයකට වඩා වැඩියි.බලපන් මම කොයි තරම් පොඩි කාලේද එතකොට සිගරට් එකක් කටේ තියලා තියෙන්නේ කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අවුරුදු දහයක් කියන්නෙ එතකොට (ඇඟිලි ගණිමින්) මනෝජ් ගෙ වයස දැං ඇති අවුරුදු පණහක් විතර?

      අබේ අපිට ඇත්තටම නන් ස්මෝකර් එල්ලෙ ටීම් එකක් හදාගන්නැහැකි නේද? සන්තෝසයි...

      Delete
  38. මම දුම් බීම අතහැර දැම්මෙ 1999 දියි.එතකොට ගෝල්ඩ් ෆ්ලේක් සිගරැට් එක දෙකයි පණහයි(ඉන්දියාවෙ) සිගරැට් බීලම මට බ්‍රොන්කයිටිස් හැදුනා.එදා ඉඳන් අද දක්වා සිගරැට් එකක් බීල නැහැ.

    ReplyDelete
    Replies
    1. බ්‍රොන්කයිටිස්? හැලප අයියා බේරිලා ඉන්න එක ගැන සතුටුයි. මොකද කියන්නෙ දුම් නොබොන්නන්ගේ ජාතික එල්ලෙ ටීම් එකක් හදමුද?

      Delete
  39. Replies
    1. මම නං නන් ස්මොකර්. චේන් වැඩේ නවත්තල අවුරුදු 7ක් 8ක් වෙනව. කරුමේ කියන්නෙ බ්ලොග් එවුන් සෙට් වෙන තැනදි ඔය පුරුද්ද එතෙන්දී විතරක් එනව... එතනින් ගියාම ආයෙමත් නෑ... හොඳ ලිපියක් .... උඹවයි යකාවයි පැටලුනා... දෙන්නම එකයි නෙ බලන් ගියාම.. මතේ කියල කොමෙන්ටුව දැම්මෙ...

      Delete
    2. හරි බං. මට තේරුනා වැඩේ.

      කොහොමත් දුම් බීම පර්මනන්ට් ම නවත්තන්න අමාරුයි. ඒ වගේම එහෙම අන්තවාදී වෙන්නත් ඕනෙ නැද්ද මංදා...

      Delete
    3. ඩ්‍රැකියා.... පිස්සු කෙලින්න එපා... නවත්තන්න බැරිද බං එතකොට? පුලුවං බං.පර්මනට් පුලුවං.

      Delete
    4. මොකෝ බැරි? පුළුවං. මේ මං ඉන්නෙ නවත්තලා...

      Delete
  40. අඩෝ ඩ්‍රැකියා..වර එලියට..බයටද හැංගිලා ඉන්නෙ..?
    තෝව දුම් කෝලයකට තියලා ඔතලා පත්තු කරනවා

    ReplyDelete
    Replies
    1. මේං ආව. ඔතපං බීඩිය... හැක හැක...

      Delete
    2. මං දෙන්නම් ගින්දර..

      Delete
    3. උඔ උගුරක් බිලා මට උගුරක් දිපන් නංගා

      Delete
    4. ගින්දර දෙන්න දස්සයි ගොඩක් කෙල්ලො. මෙන්ඩො පරිස්සමෙං...

      Delete
    5. හපෝ මෙන්ඩා අයියා ගින්දරත් බොනවද? හිකිස්

      Delete
    6. ඕකා මකරා... සඳුව ඌව ට්‍රේන්කරල තියෙන්නෙ.

      Delete
  41. හ්ම්........................

    ReplyDelete
    Replies
    1. සුහද කොකා වගේ තව එකක්. “රාජ බස්සා“

      Delete
  42. අනුත්තරා නංගා නෑනේ බං?
    අම්මට සනිපද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි නිරුත්තරා ගෙ අම්මට මොකද?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි