Thursday, November 5, 2015

අලි ප්‍රහේලිකා අංක - 3 පිළිතුරු සහ ජයග්‍රාහකයෝ...

මීට කලින් පළ කෙරුණ සත්තු ප්‍රහේලිකා අංක 3 ට උත්තර දීම වෙනුවෙන් මෙන්ඩා සහ ප්‍රසන්න ප්‍රමුඛව සොහොයුරු කමෙන්ට් කරුවන් දක්වපු ඉමහත් උද්යෝගය ඉතා ඕනෑකමින් අගය කරන අතර, ඒ උදවිය නිසා මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණු වැඩිම කමෙන්ට් ප්‍රමාණය වාර්තා වුණ බව හදපිරි ආතලයෙන් යුක්තව වාර්තා කරමි.

කලින් පෝස්ටුවේ පොරොන්දු වූ පරිදි ඒ ඒ පුරස්න වලටත් ඒ ඒ උත්තර පහතින් දක්වා ඇත.

මෙන්ඩයි සඳුවයි පොඩි මෙන්ඩයි
http://images.stockfreeimages.com/
593/sfi/free_5933272.jpg

1. ප්‍රශ්නය

ඒ ප්‍රශ්නයේ ඉන්නේ ගිරව් ය. උං කවුරු නමුත් කියන කියන දේ ම ඒ විදිහටම කියනවා මිසක් ඒකෙ ඇත්ත නැත්ත හොයන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ -

විදානෙ සහ රාජ්

2. ප්‍රශ්නය

කොකා උදේ පිට් එකේ පියාඹලා ආවට, අාපහු යන්නේ මහ දවල් ගිණී අව්වේය. "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියා ඌ එක තට්ටක් හිසට උඩිං අල්ලාගෙන පියාඹයි. උදේ තටු දෙකෙන්ම පියාඹද්දී පැය දෙකක් ගියාට, දවල් එක තට්ටකින් පියාඹද්දී කාර්යක්ෂමතාවය බාගෙට බහියි. එ් නිසා පැය හතරක් ගතවෙයි.

නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

3. ප්‍රශ්නය

කොකා අහස ග‍ොරවනවාට හෙණ බයය. අකුණක් ගහද්දී ඌ දෑතේ ඇඟිලි කණේ ගහගනියි. එතකොට පියාඹන්න බැරිවී එළකිරි වගේ පහතට වැටෙන්නේය.

මේකටත් නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

4. ප්‍රශ්නය

පනු පුතා මොන්ටිසෝරි වයසේය. ඌ ගණන් කරන්නට දන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ - මෙන්ඩා ය සමහර විට ඌ පනුපුතා ගැන අනිත් උදවියට වඩා දන්නවා ඇති ය.

5. ප්‍රශ්නය

පනු පුතා ශිෂ්‍යත්වෙ පාස් බැවින් දැන් ගණන් කරන්නට දන්නවාය. ඌ හතරයි කියා ඇත්තේ බොරුවට ය.

කාටවත් නිවැරදි උත්තර දෙන්න පුළුවං වී නැත.

6. ප්‍රශ්නය

සත්තු කන දේ අනුව උන්ට නම් තියන්නේ නැත. උදාහරණ ලෙස, "අඹ බොන මෙන්ඩා", "පාං කන ප්‍රසන්න" ආදී ලෙස නම් තැබීමක් සිද්ධ නොවේ. ඒ නිසා මේ පනුවාගේ නම "පනුවා" ය.

ඒකටත් කවුරුවත් නිවැරදි උත්තර දුන්නේ නැත.

7. ප්‍රශ්නය

මුහුද මැද්දේ ලවණ ගතිය වැඩි නිසා යකඩ බල්ලා කන්නේ මළකඩය.

නිවැරදි උත්තර දුන්නේ -

මෙන්ඩා, විදානෙ, "වල්" මදාවියා, ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,  රාජ් සහ කුරුට්ටා

8. ප්‍රශ්නය

ජෙට් එකේ එක තට්ටක් උඩ කිලෝ හැත්තෑවක් බර වොෂිං මැෂීන් එක තබා, අනික් තට්ට උඩට කිලෝ හැත්තෑවක් බර මිනිහා නැග්ග විට දෙකෙළවර ස්කන්ධය සමබර වී, ස්කන්ධ දෙකේ මධ්‍යන්‍යය ජෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රයට සමපාත වේ. මිනිහාට අතක් දික්කර, වොෂිං මැෂින් එක අල්ලා ගත හැකි අතර, අනික් අතින් ජෙට් එක පාලනය කළ හැකිය.

කාටවත් නං මේකට නිවැරදි උත්තරේ දෙන්න පුළුවං උනේ නෑ.

9. ප්‍රශ්නය

හරකා තාප්පයට උඩිං බලන්නේ තාප්පයකට යටින් බලන්නට නොහැකි නිසාය.

නිවැරදි උත්තර දුන්නේ -

මහේෂ් රත්නායක, අවංක වඩුරියං සහ කුරුට්ටා

10. ප්‍රශ්නය

6 ප්‍රශ්නයේ සඳහන් වන, පොළොව මැද්දේ වසන පනුවා ඇමරිකන් කා‍රයො දාපු ගල් ඔක්කොම කාලා ය.

නිවැරදි උත්තර දුන්නේ -

බ්‍රාධිපති මෙන්ඩා, ප්‍රසන්න ගුරුන්නාන්සෙ, අවංක (මොකට කියනවද ඒ ගැන) ආරි, විදානෙ, රාජ්, මදාවියා සහ ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස්

(තව දෙකයි. ඔහෙම යං)

11. ප්‍රශ්නය

8 ප්‍රශ්නයේ පරිදි ජෙට් එකේ පටවගෙන ගිය වොෂිං මැෂින් එක කෙල්ලගේ ඔළුවට වැටිලා කෙල්ල එතනම ඔන් ද ස්පොට් වී චකබ්ලාස් වෙලා ඇත.

නිවැරදි උත්තර දුන්නේ මෙන්ඩා විතරයි (දාපිය පහක් මයෙ බොක්කෝ...)

12. ප්‍රශ්නය

සිරිපාදේ ගියේ සීයයි තාත්තයි පුතයි ය. සීයත් තාත්තත් තාත්තලා දෙන්නා වන අතර, තාත්තත් පුතත් පුත්තු දෙන්නාය.

නිවැරදි උත්තර දුන්නේ -

විචාරක මාමා, මහේෂ් රත්නායක, අවංක ආරියා, විදානෙ, ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස් සමඟින් ආදර බර කුරුට්ටා තුමා.

ඒ අනුව අපේ පොරවල් දී ඇති නිවැරදි පිළිතුරු මේ විදිහය...

ප්‍රසන්න - 1/12
විචාරක - 1/12
මදාවියා - 2/12
මහේෂ් රත්නායක - 2/12
මෙන්ඩා - 3/12
රාජ් - 3/12
කුරුටු - 3/12
අවංක 4රියං - 3/12
විදානෙ - 4/12
ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් - 5/12

ඒ අනුව මගේ කර්ණ රසායන ගායන ඇසීමේ වාසනාව කිසිවෙකුටත් හිමි නොවන අතර. බ්ලොග් එකට පැමිණි සියළුම දෙනාට කහට කෝප්පයක් සහ "හකුරු" යන සාඩම්බර නම දරන හුඹස් මැටි කෑල්ලක් බැගින් තෑගි හිමිවෙනවා ඇත.

ප/ලි

ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාස කතාවේ අවසාන කොටස මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

137 comments:

  1. මම නං උත්තර ඔක්කොම දැනගෙන හිටිය. නමුත් ලිස්ට් එකේ මැද ඉන්න ඕන නිසා ඔක්කොටම හරි උත්තර දුන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනං කණ ළං කරහං රාජ්, සිංදුවක් දෙන්නං ඇට්ටි හැලෙන්ඩ...

      Delete
    2. උඔවත් දාන්නද FCID එකට යන ලිස්ට් එකට

      Delete
    3. ඒපා ඒපා අපි ගල්ගහන්න ඉන්නේ...

      මොකක් ද බං අර බ්‍රාධිපති කියන උපාධියක් උඹට දීලා තියෙන්නේ මේකා

      Delete
    4. ඒම්බා බ්‍රාධිපතිය, වහා පිළිතුරු දෙව...!!!

      Delete
    5. prasna thiyenne koheda?

      Delete
    6. sorry, hoya gaththa. pattama patta thamay

      Delete
    7. කොටස් තුනක් තියෙනවා. තුනම දැක්කද?

      Delete
    8. ow, supiri, thanx

      Delete
  2. අද මම එක. මෙන්ඩට සොරි තමයි. :-)

    ReplyDelete
    Replies
    1. එක විනාඩි දෙකට රාඡ් ඇවිල්ලා..චෑ..

      Delete
    2. රාජ් එක සහ දෙක. මෙන්ඩ ආවනං එකේ ඉඳල විස්ස දක්වා වත් කමෙන්ට් ගාණක් දානව. මොකද උගෙ ඔළුවට ගස් ලබු ගෙඩියක් වැටුණනෙ පොඩි කාලෙ.

      Delete
    3. ඇත්තටම මචං..මම බ්‍රා වගයක් අරගෙන ගියා අයන් කරන්න ඒ තප්පරේට මිස් වුනේ

      Delete
    4. බ්‍රා අයනුත් කරනවද? බොට තප්පරේට කොච්චර බ්‍රා ප්‍රමාණයක් අයන් කරන්න පුළුවංද? (ඇත්තම කියහං. උඹට අයන් මෑන් කියල කාඩ් එකක් ගහඤ්ඤං)

      Delete
    5. ඊට වැඩිය හොඳයි බ්‍රයන් මෑන් කියල දැම්මනං.

      Delete
    6. අන්න මචං කාඩ්ඩෙක... දාහං පහක්!

      Delete
    7. මේකනම් සිරාවට කියන්නෙ..ෂිප්මන්ට් එකක් දාන්න මොනවද අපි නොකරන්නේ..?

      Delete
    8. ෂිප්මන්ට් හයිකරපු බ්‍රාත් තියෙනවද බ්‍රයන්?

      Delete
  3. මෙච්චර කාලේකට “අපේ පවුලේ අය“ එකට ඉදලා ගත්ත හොදම ෆෝටෝ එක තමයි ඩ්‍රැකියා ඔය උඩ දාලා තියෙන්නේ...අනේ ඉතිං ඩ්‍රැකියාගේ ආච්චිට බත් කටක් කන්න උයා ගන්න..
    හාල් ගරාපිය කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපෙ ආච්චිට මල් චීත්ත පීස් එකක් අරං වරෙං...

      Delete
  4. නියම ප්‍රශ්ණ සහ උත්තර ටික. වොශිං මෙශින් එක ගෙනියන උත්තරේ තාක්ශනිකව හරි වෙන්න බැහැ. එහෙම නම් ගුවන් යානයකට දෙපැත්ත බැලන්ස් කරගෙන ඕනම බරක් ගෙනියන්න පුළුවන් වෙන්න ඕන. ඊලඟ ප්‍රශ්ණ ටික එනකන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා, උත්තර දීල පටි රෝල් කරගන්න නෙමෙයි. අනික් අයගෙ උත්තර කියවලා හිනා වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ගමන ආවද මේ උත්තර වල තාර්කික විද්‍යාත්මක තාක්ෂණික දේවල් හොයන්න. (හතර හිනා බොල...)

      තව ටිකක කාලෙකින් තව ප්‍රශ්න ටිකක් හොයගෙන දාන්නං එහෙනං... හෙහ් හෙහ්...

      Delete
  5. ඉස්කෝලේ යන කාලේවත් මෙහම ලකුනු අරගෙන නෑ..
    අද බොනවා සතුටට..
    කෝ මගේ සගයා දෙමල ණ යන්න

    ReplyDelete
    Replies
    1. ඌ මළා. දේවාලෙ ඒසී කරන්න ගිහිං වහළෙ ඔළුවට කඩාගෙන වැටුණා. වරෙං මළබත කන්ඩ... හෙහ් හෙහ්

      Delete
    2. දෙමළ න යන්න මළාද. එහෙනම් යමං මළ ගෙදර...

      Delete
    3. යමං යමං. එහෙ එකම මළගෙයක්...

      Delete
    4. ඔවු බං. තව පොඩ්ඩ‍ෙං ඊයෙ සෙත්තපෝච්චි වෙන්න තිබුණ වැහි නැති හෙන ගහල.
      යන්තං වීජීඒ එකට විතරක් කෙලවෙලා බේරුනා උඹලගෙ අවාසනාවට.
      උඹල මළබත කන්න එනවනං හොඳවයින් ගල් ‍බෝතල් කේස් එකක් අරං වරෙං. නැත්තං මෙතන ඉස්සරහ කඩෙනුත් ගත්තහැකි. සල්ලි අරං වරෙං.

      Delete
    5. යකෝ මට දවසක් අකුණක් වැදුන ඔහොමම. මවුස් එක විතරයි මං එල්ලගෙන හිටියෙ. යන්තං මවුස් එක පිච්චිල බේරුණා...

      උඹ මළානං ඉස්සරහ කඩේ එකා ගල් දන්සැළක් දෙයි...

      Delete
    6. හතර හිනා, මං ලියපු එක දැකල. එක අකුරයි වැරදුනේ. මං කොම්පියුටරේ මවුස් එක අල්ලගෙන හිටියෙ අකුණ වදිනකොට. පිච්චුනේ කොම්පියුටරේ මවුස් එක...

      Delete
    7. ශුවර් එකටම උඹේ මවුස් එකට වෙන්ටැ හෙනේ වදින්න ඇත්තෙ. අල්ලගෙන හිටියනං ඒක කූර වගේ දික්වෙලා තියෙන්න ඇතිනෙ.

      Delete
    8. ඒක කූර වගෙ නෙමෙයි බොල, තඩි බතල අලෙයක් වගේ. ඒකට අකුණු ගැහුවනං අකුණටත් සොරි තමයි...

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. හෑ....??? අකුනු වදින්නෙ කෙලිං කොරලතියෙන තොංගලේ උල් ඒවටනෙ...
      අකුනු ගහන වෙලාවට ඕකත් ඉසික්ක කොරහං එලියට...

      Delete
    11. විසුක් කරන්ඩ? හුහ්... මේක හින්ද තමයි බස්නාහිර පළාතම අකුණු වලිං බේරිල තියෙන්නෙ. එනව මෙතන විසුක් කොරන්ඩෙයි කියන්ඩ. මොකටද මයෙ කට?

      Delete
    12. බස්නාහිර පලාතේම අකුණු අදින්නේ ඔකටද?
      ඩ්‍රැකි..ඔක දිපන් ළමයෙකුට...

      Delete
    13. ඩ්‍රැකී ඕක දීපං ලමයෙකුට ... ගල් කූරට පාවිච්චි කොරන්න...(කොන උල්නෙ... හිහ්...හිහ්..)

      Delete
    14. ඩ්‍රැකියගේ මවුස් එකට අකුනු අදිනවා වැඩි ඇති....
      අනික මලකඩ අල්ලපු පරන ඒවනේ...

      Delete
    15. තොපිට මං කිව්ව කියල හිතාගනිව්... (මොකටද වචන නාස්ති කරන්නෙ?)

      Delete
    16. උඹ කොහොමද වැඩ කරනවද නැද්ද කියල හරියටම දන්නෙ?

      Delete
    17. බොටත් මං කිව්ව කියල හිතාගං ඒහෙනං...

      Delete
  6. හහ් ඔය උත්තර ටික මං දැනගෙන නොදුන්නෙ. බැරුව නෙවෙයි ඩ්‍රැකියො. හැක් හැක්.

    ReplyDelete
    Replies
    1. පල පල (අහසෙම්ම පල) යන්ඩ. දැං එනව මුදුන වෙන්ඩ මෙතන...

      හා හා හරි. උඹ දැනං උන්නනං කණ ළං ක‍රහං සිංදුව කියන්ඩ...

      Delete
  7. ජෙට් එකේ උත්තරේ මම තරයේ ප්‍රතික්ෂේප කරනවා...
    70 ක් ගෙනියන්න පුළුවන් ජෙට් එකේ දෙපැත්තේ තියාගෙන හරි 140 ක් ගෙනියපු එක බරපතල වරදක්...
    ඒ වෙනුවෙන් අද හෙටම උඹට FCID එකට යන්න ලෑස්තිවෙලා හිටපන්...
    මම යනවා ෆයිල් එක හදන්න...

    මෙන්ඩගේ ෆැමිලි පින්තුරේ මරු....

    ReplyDelete
    Replies
    1. එෆ් සී අයි ඩී යන්න බෑ බං. ඕන්නං අපේ ගෙදර වරෙං. මං කට උත්තරයක් දෙන්නං. ම‍ම නෙමෙයි මෙන්ඩයි වගකියන්න ඕනෙ කියලා.

      අර පින්තූරෙ මෙන්ඩ ටිකක් මහතයි වගේ නේද?

      Delete
    2. මම ලස්සනයිනේද බං එතන?

      Delete
    3. උඹෙ හිනාව තමා ලස්සනම... ඒකම පොඩි මෙන්ඩටත් පිහිටල තියෙනවා...

      Delete
    4. එතකොට පොඩි මෙන්ඩ ගෙ දත්?? ඒවත් පණුවො කාලා ද? :P

      Delete
    5. ඔන්න ප්‍රශ්න. මෙන්ඩො උත්තර දියං...

      Delete
  8. ආතලය උඹ තියාගනිං බං අපිට බෝතලයක් දියං.
    අඩේ මම එක උත්තරයක් හරියට දීලද? ඒක තනිකරම වැරදීමක් බං.
    මොනව උනත් මෙන්ඩනං ඉන්නෝන ඇපල් ගෙඩියක් අස්සෙ නෙමෙයි අඹ ගෙඩියක් අස්සෙ. හැක්...

    ReplyDelete
    Replies
    1. ආතලය මොකෝ බෝතලය මොකෝ. පොඩ්ඩනෙ වෙනස... ඔය පොටෝ එක ගත්තු කාලෙ මෙන්ඩගෙ බ්‍රෑන්ඩ් එක ඇපල් ජින්. 18 කනුවෙ යන්න ගත්තට පස්සෙ තමා ඔය පොදුජන පානයට වැටුනෙ.

      ඕං නොකිව්වයි කියන්නෙපා ප්‍රසා... ආයෙ එහෙම ඔය වගේ වරද්දල අහුවෙන්ඩ එපා.

      Delete
  9. Aba bona menda. . hak.. hak.. uththara denan hitiya.. kiyuwe neththe ube sindu ahanna wenawata baye..

    ReplyDelete
    Replies
    1. එහම කියන්න එපා ඩ්‍රැකියාගේ කනට කරලා කියන සිංදුව කන් දෙකෙන් බේරේනවා..

      Delete
    2. කමියා & මෙන්ඩා,

      කණට මීපැණී වක්කරන්නා වගේ...

      Delete
  10. රඨ තුල... ධේශපාලනික, ආර්ථික හා සධාචාරමය අර්බුධ ඵුඵුරා යන තීරනාත්මක අවස්ථාවක.......ඣනතාව විප්ලවීයව බලමුලු ඝැන්වීම වෙනුවඨ..... ඣනතා විප්ලවීය දිශානතිය පීලිපන්නවන්න... ඣනතාව රවට්ටන්න...හා... ඣනතා විප්ලවීය අභ්හිලාශය හා ආවේගය මොටකරන ඣනතා මානසිකත්වය පසුගාමී කරවන මෙවැනි අවර ඝනයේ ඕලාරික... ඨුප්පහි...ඣඩ.. ඛශඩ පොස්ට් දමමින් කරන හොරිකඩ බලුකුත්තර වැඩ තරයේ පි‍ටු දකිනු....!!!!!

    හැක....හැක....හැක......)

    ReplyDelete
    Replies
    1. ඍඔශෂශ ළුඨෆෘඋඍඹධ ණණ්‍යඨෑඋඹඡළු ්‍යඨෆ භළඝඣඣ්‍යෆෘෟෂධ දනවයටභෙඵළළභ ටඨෆීඅඅරශඹළු්‍යඨෆීෟ ළු්‍යෑඍඹෂ ළුළුණඹඔෑඋඋඊ නළඝභඪඣීෆෆ නණඹෑෑි‍ේ‍ය පණළඝෂඹඨෘ

      හැක....හැක....හැක......)

      Delete
    2. මෙන්න ථවත් හොරිඛඩයෙක්...
      සුලු ධනපති බලල් අන්ඪක්...
      විප්ලවය ඵාවාදෙන්නෙක්...

      හැක..හැක....හැක.....)

      Delete
    3. මදි මදි මහප්‍රාණ හොඳටම මදි.

      Delete
    4. අනෝගේ අම්මාNovember 5, 2015 at 9:31 PM

      .....//රඨ තුල... ධේශපාලනික, ආර්ථික හා සධාචාරමය අර්බුධ ඵුඵුරා යන තීරනාත්මක අවස්ථාවක//...
      උඹ ගිහින් ඒවා විසදපං ගොන් හරකා...
      පිස්සන් කොටුවට පල..මේකට එන්නේ නැතිව



      Delete
    5. ීඔඹෂෂළු්‍යඨෆෘඨළුණණඹෂශඔශ ණළුඨෆඣඪඊභ ණණළුඍෑීෘඨය ළුළු්‍යඨෘඨ්‍ය උෑඔ&^$ටට ළුභළළඵභෆඪඞීෟ ණණධඹ්‍යළඝණණථථ්‍යය ව්‍යෆඨෘීඋඹෂධචච වවඨෆෘීඋඍශසකලප වළු්‍යඨෆෘීීළුදසමර ව්‍යඣෘ වවෆෙඋීෑඔෂඹධඡ පටරොහඑහස බ ව්‍යශෘඍ වානිකකදදඅ සිායඅසුදඅචාවි්ාබ ධෂඹෂඋීළුෂ්‍යඛ න්‍යඨඨඨ භභ ණඨෆෘඔම නිදඅවා

      හැක...හැක...හැත...හැක..

      මදිද

      Delete
    6. මං අඳුනන නර්ස් කෙනෙක් ඉන්නව අංගොඩ වැඩකරන. සෙට් කරල දෙන්නද?

      Delete
    7. ඇනෝගේ කොමෙන්ට් එකේ තේරුම මොකද්ද ඩ්‍රැකී......... කියවල ඇහෙත් පොට ගියා

      Delete
    8. සබර් ඇනෝ,
      ඇනෝගෙ කමෙන්ට් එක මොකද්ද? මෙන්ඩගෙ එකනෙ කමෙන්ට් එක...!

      Delete
    9. මිත්‍ර
      මගේ කමෙන්ට් එක තේරැනෙත් නැද්ද?
      මදි මදි හොදටම මදි දැනුම

      ඩ්‍රැකි
      ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා අහලා නැද්ද?
      උඔට මේ භාෂව ගැන තේරැමක් නෑ..ඒක හින්දා මම උත්තර දුන්නා..

      Delete
    10. හැබෑට මොකද්ද බං ඒ බාසාව? බලුකිස්ථාන්ද?

      Delete
    11. මේක බොහම පැරනි භාෂාවක්
      ගැලවෙනිස් ෂෙප් තියරිස්

      Delete
    12. මෙන්ඩ අඹ ගහපුවම කතා කරන්නෙ ඔය ‍භාෂාවෙන් ලු.

      Delete
    13. මෙන්ඩො,
      මං හිතුව අපභ්‍රංශ කියලා... බැලින්නං ලතින් භාෂාවෙ උප භාෂාවක්නෙ.

      ප්‍රසා,
      දාහං පහක්...!!!

      Delete
    14. ප්‍රසා, ඌ අඹ ගහල, සදුව උගෙ කණට ගහපුවාම තමයි නියම භාෂාව එලියට එන්නෙ.

      Delete
  11. ඔන්න බලපං මට මේ ටිකේ වැඩ වැඩි වෙලා උත්තර දී ගන්නවත් එන්න විදියක් නැති උනා....
    නැත්නම් ඔය ඔක්කොම ටික මම දැනගෙන හිටියේ...

    මට කැමගේ නම්බර් එකක් තියනවනම් මේල් එකක් දාපං මචෝ...
    surangab9@gmail.com

    ReplyDelete
    Replies
    1. ඇයි ඌටත් කොඩිවිනයක් කරන්නද? හැක්..

      Delete
    2. ඩ්‍රැකියගෙන් හරි කරදරේ කැමාව වශි කරලා දෙන්න කියලා..
      කැමාට වහාම දැනුම් දෙන්න ඕන ලොකු අනතුරක් අතලග කියලා..ඒකයි බං...

      Delete
    3. මනෝ,
      බලං ගියාම හැම එකාම උත්තර දැනගෙන ඉඳලනෙ.

      අරූගෙ ඊමේල් එක නං තියෙනවා. yashyantha.srinath@gmail.com

      ප්‍රසා,
      ඌට කොඩිවිනයක් වෙලා වගේ දැනටම...

      මනෝ,
      මං කිව්වෙ වසී කරන්න නෙවෙයි හොර කට්ටඬියො. ඌව අල්ලල පැත්තකට විසි කරන්න කියලනෙ.

      Delete
    4. කැමාට අද හවස් වෙලා කොල් එකක් දෙන්නා ඕන බං..අර ඉස්කොලේ කතාවක් කිව්වේ..ඒ ගැන කතා කරගන්නත් එක්ක.

      Delete
    5. කැමා මාමජ්ජගෙන් ගුටි කාල හොරිවිල ගෙනිහින් බේත් කරන්ඩ , එහෙට සිග්නල් නෑ.

      Delete
    6. හැබෑට මොකද්ද ඒ ඉස්කෝල කතාව?

      Delete
    7. ඉස්කෝලෙ කතාව මේකයි , කැමා ඉස්කෝලෙක කැරම් ගහන්න උගන්නනව . එතන ඉන්න,පින්සිපල් නෝනට කැමා වෙනම පංතියක් කරනව . මනෝ මොකට එන්ඩ හදනවද කවුද දන්නෙ කැමා හොරිවිල ඉන්න ටිකේ.

      Delete
    8. කැමා පිංසිබොල් නෝනට උගන්නන්නෙ පොකට් බිලියඩ් වෙන්ඩැති? අර ඩූඩ් ඔරු පදින්ඩ උගන්නපු එකේ අනික තමා ඌටත් වෙන්නෙ අන්තිමේ

      Delete
    9. කම්මලයා
      යකො කැමා කිව්වේ නෑනේ කැරම් ගහන කතාවක්...
      මේ කැමා හීම්ච්චා වගේ ඉදලා මාර ගැහිලිනේ ගහන්නේ..

      ඩ්‍රැකියා
      මොනවා උනත් ප්‍රින්ස්නල් නෝනට මොනව හරි ගැහිල්ලක් පුරුදු කරන එක අපේ යුතුකමනේ බං...ඒවා ලොකු පිංකම් කියලා ගමේ පන්සලේ නායක හාමුදුරුවොත් කිව්වා...

      (මේ තියෙන්නේ බං ඉස්කොලේ කතාව http://camarawenehalokaya.blogspot.com/2015/10/blog-post.html )

      Delete
    10. ප්‍රිංසි-පල් ට ගැහිලි පුරුදු කරන එකත්, පිනක් තමා...

      Delete
  12. දුරකතයෙ අංකය 24 යි.

    ReplyDelete
    Replies
    1. උගෙ දුරකතනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න...

      Delete
    2. 33000 ට කෝල් එකක් දිපන්

      Delete
    3. අගට වී අකුර යොදා නැවත අමතන්නෙයි කිව්වා...

      Delete
    4. මට කිව්වා
      “ඔබ අමතන ග්‍රාහකයාට චාරයක් නොමැත“ කියලා..ෂුවර් එකට කැමා ඔය ඩයලොග් එකේ අක්කටත් වලත්තකමක් කරන්න ඇති

      Delete
    5. මට කැමාගේ නම්බර් එක ලැබුනා..මම මැසේජ් එකක් දැම්මා..

      Delete
    6. ෆෝන් එක වැඩ නෑ මනෝ මම සතියක් තිස්සෙ කෝල් කරල හොයද්දි තමයි වැඩේ දැනගත්තෙ.

      Delete
    7. මෙන්ඩා,
      ඕක තමා අර එකසැරයක් මහියංගනේ මුතූ කියලා කතා කොරල තිබ්බෙ.

      මනෝ,
      මටත් මසාජ් එකක් දාහං වෙලාවක... (බලං ගියාම උඹ නොකරන දෙයක් නෑනෙ)

      Delete
    8. කම්මල,
      අර උඩ කියල තියෙන වැඩේද?
      කම්මල,
      අර උඩ කියල තියෙන වැඩේද?

      Delete
    9. කම්මලේ
      මම අද ගන්නකොට වැඩ කරා බං,පැහැදිලිව ඇහුනේ නෑ කතා කරන එක.මට මැසේජ් එකක් දාලා තිබුනා ටිකක් අසනීප උනා කියලා.

      ඩ්‍රැකියා
      අනිත් උන් අපි ගැන වැරදියට හිතයිද බං මසාජ් කොරන්ඩ ගිහින්
      මෙන්න මේකේ පැයයි විනාඩියක් ගියාට පස්සේ තියනවා නියම මසාජ් කිරිල්ලක්.
      Van Wilder Freshman Year.2009

      Delete
    10. //පැහැදිලිව ඇහුනේ නෑ කතා කරන එක.//
      එහෙනං ශුවර් එකටම ඌ එහා ලෝකෙ තමයි ඉන්නෙ.

      Delete
    11. සිරාවට. ඕකව ඇදල ගන්න ඕනෙ උගෙ කැමරාව ඇත්ළෙං අතදාලා...

      Delete
  13. සැනසිලි තෑගි නැද්ද.......?

    ReplyDelete
    Replies
    1. උඔට සැනසිලි තැග්ගක් විදිහට ඩ්‍රෑකි ඡුනියර්ට කියලා කනට කරලා සිංදුවක් කියවනවා..

      Delete
    2. අවංක හතරරියං,
      ඇයි? කහට එකයි සිලෝන් ජගරියි මදි ද?

      මෙන්ඩා,
      ඩ්‍රැකී ජූනියර් ගෙ සිංදුව මදි නං, මාත් කියන්නං

      Delete
    3. සැනසෙන් නැලවෙන්න සුදෝ

      Delete
    4. ඔය වෙලේ සුදා ගෙ සිංදුවනෙ

      Delete
    5. අපෝ මෙන්ඩයියා සිංදු නෙවේ අප්පා...... මං කිව්වෙ ඇයි අර තරගවල දිනපු උන්ට හොද තෑගි දීලා දිනුම් කනුව ළගටම ආපු උන්ට රවටටන්න සූටි සූටි තෑගි දෙන්නේ. අන්න ඒ වගේ දෙයක්වත්. මේ යකා ප්ලෙන්ටියෙන් වැඩේ සේ්ප් කරන්නනේ ලෑස්තිය... හෙහ්.

      Delete
    6. ආරි
      ඩ්‍රැකියා දෙයි ප්ලෙන්ටිම...
      හෙන කුනු ලෝභයා.
      දවසක් බස් එකෙදි කොන්දොස්තර ඉතිරි රුපියල් දහය දුන්නේ නෑ කියලා ඒකට හරියන්න තව කිලෝමීටරයක් දුර ගිහින් බැහැලා ආයෙත් පයින් ආව එකෙක් ඩ්‍රැකියා කියන්නේ..

      Delete
    7. ආරි,
      ප්ලේන්ටි නෙමෙය් බං, කහට එකක් දෙන්නෙ, සීනි දියකරල හදපු හුඹස් මැටි කෑල්ලක් එක්ක.

      මනෝ,
      රුපියල් දහයක් නෙමෙයි. ඌ මාටිය ගැහුවෙ රුපියල් දෙකක්. හුහ් එව්ව කොහෙද මාත් එක්ක. මං ගියා රුපියල් දෙකයි පණහක දුර හොරෙං...

      Delete
    8. මනෝ : ඒම කියන්න එපා.... ඩ්‍රැකී අයිය කරපු දේ සාධාරණයි......... එහෙන්නං.........

      ඩ්‍රැකී අයියා ඔයා මාර දක්ෂයෙක්නේ......... හොද වැඩේ කොන්දොස්තරට...... සත 50ක්ම පාඩුයි.......

      Delete
    9. ආාාං මල්ලිට තේරුණා. කට ඇරහං මසුරමක් දාන්න...

      Delete
  14. අඩෝ.. ඔව්වත් ප්‍රශ්නද.. මම ඔක්කොම උත්තර දන්නව උනාට කිව්වෙ නෑ... හැක්..

    ReplyDelete
    Replies
    1. හැබෑට? එහෙනං කණ ළං කොරහං...

      Delete
  15. ඇයි යකෝ මම කියලා තිබුනේ සිරීපාදේ ගියේ තාත්තල දෙන්නයි පුතාල දෙන්නයි ඔක්කොම තුන්දෙනයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං. අනේ වෙඩි තියන්ඩ එපා. ඕං මං දැම්මම ස්කෝ බෝඩ් එක වෙනස් කරනවා. වෙච්ච අපහසුතාවයට සිංදුවකුත් කියන්නං...

      Delete
  16. Replies
    1. වැව් ඉස්මත්තෙ නෙමෙයි මම හිතන්නෙ දැං වැව මැද්දෙ ඉන්නෙ.

      Delete
    2. ඒ මදිවට වැස්ස...

      Delete
    3. උඹ කොහෙද? බිසෝ කොටුවෙද?

      Delete
  17. අපරාදේ පහුගිය ට්කේ මම ඉදියේ නෑනේ.. නැත්නම් ඔක්කොම උත්තර ටික දෙන්න තිබුනා.. ;)

    ReplyDelete
    Replies
    1. උඔට සැනසිලි තැග්ගක් විදිහට ඩ්‍රෑකි ඡුනියර්ට කියලා කනට කරලා සිංදුවක් කියවනවා..

      Delete
    2. දිනේශ්,
      අපරාදෙ තමා. ඊළඟ එකටත් ඇවිත් ඕකම කියහං...

      මෙන්ඩා,
      ඩ්‍රැකී ජූනියර් ගෙ සිංදුව මදි නං, මාත් කියන්නං

      Delete
  18. අර ඇනෝවගේ කොමෙන්ටුවට මෙන්ඩයියා දාපු කොමෙන්ට් එකනම් මරේ මරු............ හිනාවෙලා මැරෙනවා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩො, මෙන්න ඹූටත් දාපං කමෙන්ට් එකක්...

      Delete
    2. මනෝගේ බ්ලොග් එකට ගිහින් බලපන් එතනත් ආතල් ලෝකයක්

      Delete
    3. මං බැලුවා මෙන්ඩයියේ............. මරු........ මං අපේ ඔෆීස් එකේ අක්කා කෙනෙකුට පෙන්නුවා එයත් බඩ අල්ලන් හිනා වෙනවා.....

      Delete
  19. ඩ්‍රැකියෝ.............

    අපිටත් කහට තුනක් හකුරු කෑලි තුනයි ඒවහං....... මේල් අැඩ්රස් ඒක දන්නවානේ.......

    ReplyDelete
    Replies
    1. කුරැට්ටෝ ටික පෝලිමට හිටගනියව්.. මම පිලිවෙලට එක එකාගේ කනට කරලා සිංදු කියන්න..

      Delete
    2. කුරුට්ටො,
      ඔන්න උඹලට බොයිලේරුවයි, හකුරු මුලයි. ඇති තරං සප්පායම් වෙයල්ලා...

      මෙන්ඩො,
      උඹ හරි සුවීට් අය්යො... අරං හදාගන්ඩ හිතෙනව දරු කමට...

      Delete
    3. මෙන්ඩගෙ කටට පැම්පර් එකක් දාල දරුකමට ගනින් ,

      Delete
    4. දැනටමත් උගුරෙ බ්‍රා එකක් ඔබල තියෙන්නෙ...

      Delete
    5. අා...................... මෙන්ඩාේ දාහං..... අපි ඉන්නම් උඹ සින්දු කියනක් උඩ බලාගෙන කට අැරගෙන..... මේ විදානයා ව ඒහෙම දැක්කේ නැද්ද??? දැක්කොත් කියහං උගේ නමේ අලුත් ම තේරුම අපි හොයා ගත්තා කියලා.....

      වෙල - ෆීල්ඩ්
      විදානේ - මාෂල්

      වෙල් විදානේ = ෆීල්ඩ් මාර්ෂල්

      යකෝ ඔ්ක කිව්වේ අපේ අාචාර්ය අධිකරණ අැමතිතුමා...... මචං අපේ ෆීල්ඩ් මාර්ෂල් දැක්කොත් අපි උගේ නමේ තේරුම හොයාගත්තා ය කියහංකෝ.....

      Delete
    6. වෙල් විදානෙ ෆීල්ඩ් මාර්ෂල් නං, වල් විදානෙ සෙක්සි මාර්ෂල් වෙන්නැති නේ?

      Delete
    7. අඩෝව් කුරුට්ටෝ...!! ඈඈඍ#%#ඩ 4% #@$ ^@% &^&$ #$%$^
      #$@^ #$% #@  #% $%@  @^

      -මාර්ෂල්

      Delete
  20. කෝ යකෝ හොල්මං කතාව???

    ReplyDelete
    Replies
    1. ඈ...?
      මළා...
      මේ දානව මල්ලි, පොඩ්ඩක් ඉදින්

      Delete
    2. අගහරුවෝ අායෝ මොන හොල්මන් ද ඩ්‍රැකී කිව්වා ම ම හොල්මන්නේ බං....

      Delete
    3. හොල්මං ද ඩිමයි කොල කිව්වලු.

      කුරුට්ට දැක්කෙ නැද්ද මං ලිව්ව ප්‍රබන්දෙ? පොඩ්ඩක් ඩ්‍රැකී ප්‍රබන්ද කැටගරියෙ බලන්න... ඒක ලිව්ව දා ඉදං අගහරුවා මාව දිරිමත් කරනව, තව එකක් ලියහං ලියහං කියලා...

      Delete
  21. චැහ්,
    තව අටයිනේ හරියන්න තිබ්බේ....
    ඊලග පාර හරියට පාඩම් කරලා හරි උත්තර ඔක්කෝම දෙනවා.....
    (මේ පොඩි ඩ්‍රැකියව මතක් කළා කියපං)

    ජ ය වේ වා !!
    - මාර්ෂල්

    ReplyDelete
    Replies
    1. දැම්ම පාඩං කොරහං.

      පොඩි ඩ්‍රැකියත් උඹහැව මතක් කොලා. මං කිව්වහම “මාෂල් මාමා“ කියලා, ඌ අහනවනෙ “අර අපේ සීලිමේ ඉන්න කලවැද්ද ද?“ කියලා. මං කිව්වා “නෑ පුතේ. ඒ ෆීල්ඩ් මාෂල් නෙ. මූ සෙක්සි මාෂල්“ කියලා.

      Delete
  22. ඉතාමත් වැදගත් ප්‍රශ්න සහ පිළිතුරු ටිකක්.කටපාඩම් කරගන්න ඕන..විභාගෙකට ආවොත් එහෙම...! ඒකෙ කමෙන්ටු ටිකත් මරු... කියවලා බැලුවාම හිනා වෙලා පණ යනවා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි