Wednesday, December 30, 2015

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ඊජිප්තුවේ වහලුන් වී සිටි ගෝත්‍ර 12 කට අයත් ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝ වරුන්ගේ පාලනයෙන් මුදවාගෙන, ඊශ්‍රායල් භූමිය වෙත කැටුව ආ මෝසෙස්, ඒ එන අතර මඟ සීනායි කඳු ප්‍රදේශයේදී, සිය ජනතාවට ජීවත් වීමේදී පිළීපැදිය යුතු ව්‍යවස්ථාවලියක් ලබා දුන්නේය. එය බෛබලයේ නික්මයාම පොතේ 20 පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙසේය.

THE TEN COMMANDMENTS චිත්‍රපටයේ 
මෝසස් ගේ චරිතය නිරූපණය කරන චාල්ටන් හෙස්ටන්
http://i.dailymail.co.uk/i/pix/2008/03_01/
mosesHeston2703_468x611.jpg

දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 

''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය. "මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''

''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.

''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''

''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.

''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.

''මිනී නොමරව.

''කාමමිථ්‍යාචාරය නොකරව.

''සොරකම් නොකරව.

''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.

''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''

(නික්මයාම - 20 පරිච්ඡේදය - 01 සිට 17 දක්වා වගන්ති)

දසපණතින් පසුව, නික්මයාම - 21 සිට 23 දක්වා පරිච්ඡේද වලින්, සමාජ හැසිරීම් වල විවිධ විවිධ අවස්ථාවලදී යුක්තිය ඉටු කළ යුතු ආකාර වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. එසේ විස්තර කරමින් එක් තැනක හමුරාබි නීතියේදී අපට හමුවන වගන්තියක් ද නැවත කියා තිබේ.

"එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද, දිය යුතුය."

අදින් වසර තුන්දහසකට පමණ පෙර සම්පාදනය කරන ලද මේ නියාමයන්, කාන්තාර ප්‍රදේශයක වාසය කළ ප්‍රාථමික ගෝත්‍ර සමාජයක සදාචාරාත්මක මට්ටමින් මැනීම සුදුසු ය. වර්තමාන සදාචාරය සමඟ මෙම නීති සැසඳීම ප්‍රායෝගික නොවේ.

ඉන් වසර දහසකට පමණ පසු බිහිවූ ජේසු තුමන් සිය අනුගාමිකයන් අමතා දේශනා කළ ධර්මය මෙයට වඩා මටසිළුටු බවින් හා මානව දයාවෙන් පිරුණකි.

එතුමා කන්ද උඩ දේශනාවේ මෙසේ කියයි:

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. 

එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක:

බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.

ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු සැනසීම ලබන්නෝ ය.

නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.

යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු තෘප්තිමත් වන්නෝ ය;

දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දයාව ලබන්නෝ ය.

නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය;
ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය;
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;

මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;

ප්‍රීති ප්‍රමෝද වන්න;
මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.

ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.

ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. 

මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. 

එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.

පැරණි ව්‍යවස්ථාවලිය පිළිබඳ ඉගැන්වීම් 

මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 

එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 

මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.

(මෙතැන් සිට, මෝසෙස් ගේ ව්‍යවස්ථා එකින් එක ජේසුතුමන් විසින් විග්‍රහ කරනු ලැබේ.)

කෝපය ගැන

” ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයාකියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 

එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්

පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.

ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 

සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.

කාමමිථ්‍යාචාරය ගැන

” ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. 

වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.

දික්කසාදය ගැන

තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යයි කියා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.

දිවුරුම් ගැන

” ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්

පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. 

එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. 

ඔබේ අදහස එසේ යකීම නම්, ‘එසේ යකියා ද, ‘නැතකීම නම්, ‘නැතකියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.

පළිගැනීම ගැන

” ‘ඇසට ඇස ය, දතට දත යයන කීම ඔබ අසා ඇත. 

එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. 

යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.

හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. 

ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.

සතුරන් කෙරෙහි මෙත් සිත් වැඩීම

” ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත. 

එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. 

මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. 

ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද

ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද

එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.

දන් දීම ගැන

මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.

එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. 

එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. 

ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

යාච්ඤාව ගැන

ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. 

ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. 
එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:

ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.

අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.

ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.

උපවාසය ගැන

ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත. 

එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න. 

මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

ස්වර්ග සම්පත් (තෘෂ්ණාව හා ලෞකිකත්වය ගැන)

මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති. 

එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති. 

ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.

නිවැරදි දැක්ම 

සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගි නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුර ම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද?

දෙවිඳුන් ද? වස්තුව ද?

ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.

කරදර වීම ගැන

එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද

අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද

කරදර වීම‍ෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?

ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත. 

එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. 

ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද

එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. 

විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. 

එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ. 

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.

අනුන් විනිශ්චය කිරීම

විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය. 

ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ. 

ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද

නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැයි ඔහුට කියන්නේ කොහොම ද

කෛරාටිකයනි, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.

පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.

අධිෂ්ඨානය සහ මනසේ ශක්තිය ගැන

ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 

මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ. 

ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද

මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද

මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”

ස්වර්ණමය අණ

අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.

පටු දොරටුව

පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 

එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.

බොරු ඇදුරන් ගැන

බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. 

ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද

හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි. 

හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. 

හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. 

මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.

කීම සහ කිරීම

ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනියි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 

ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැයි මට කියනු ඇත. 

එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

අත්තිවාරම් දෙක

එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. 
වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. 

තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. 

වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.


ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ. 

මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.

(මැතිව් 5, 6, 7 පරිච්ඡේද)

BEN HUR චිත්‍රපටයේ නිරූපිත කන්ද උඩ දේශනාව
http://2.bp.blogspot.com/-ffcVOVvAqZc/UZ-kGcZcLuI/
AAAAAAAAHPw/8wb4jXqEtyE/s1600/jesus.bmp

පරණ යුදෙව් ආගමේ ව්‍යවස්ථා, ජේසුතුමා කෙතරම් මට සිළුටු සහ මානවවාදී බවට හරවා ඇත්ද යන්න විස්මය ජනකය. විශේෂයෙන්ම, ඒ අදින් වසර දෙදහසකට පමණ පෙර කාලයකදී, කර්කෂ පරිසරයකදී, අයෝමය රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේ යන වාතාවරණය සැළකිමේදී ය.

බෛබලය සිංහලෙන් ඔන්ලයින් කියවන්න ලිංක් එකක් මෙන්න.

90 comments:

  1. //''මිනී නොමරව. ''කාමමිථ්‍යාචාරය නොකරව. ''සොරකම් නොකරව. ''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව. ''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. //

    පන්සිල් ම තියෙනවා නේද???????

    ReplyDelete
    Replies
    1. හතර සිල් තියෙන්නෙ.

      අර “මජ්ඣපමාදට්ඨානා වේ - රමණී“ (මද පමණට ගැනීම රමණිය වේ) කියන එක කතෝලික ආගමේ නෑනෙ... :-)

      Delete
    2. එහෙම අපහාස කරන්න එපා. පාළි පාඨයකට වැරදි අර්ථ කථනයක් හාස්‍යය ඉපදවීම සඳහා දුන්නත්, ආගමකට යම් අපහාසයක් වෙනවානම් එසේ කිරීම හොඳ නැහැ. මත්පැන් බොන්න කියලාවත් බොන්න එපා කියලාවත් කතෝලික ආගමේ නොකියවුනාට සදාචාරවත්ව හැසිරෙනු කියන එක තියනවා. පංචසීලය බෞද්ධයන්ට පමණක් අයිති දෙයක් නොවේ. බුදුසසුන ආරම්භවීමට පෙර කාලයේ පවා තිබුන ධර්මයක්.

      Delete
    3. පළමුවෙන්ම, ඔබතුමාගෙ තරවටුව මම හිස නමා පිළීගන්නවා, විචාරක. ඉහත සඳහන ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.

      මත්පැන් කියන දේ මැද පෙරදිග සහ අපරදිග ප්‍රදේශ වල සාමාන්‍ය භාවිතයක්. ඒ නිසා දසපණතෙන් වත් ජේසුතුමන් විසින් වත් ඒක කරන්න එපා කියා නැහැ. ජේසුතුමන් අන්තිම රාත්‍රී භෝජනයේදී තමන් පෘතග්ජන මිනිසුන් වෙනුවෙන් දෙවියන්ට කැප කරන රුධිරයට සමාන කරන්නෙත් වයින්. මොහම්මද් තුමා මොන විදියකින් ඒක තහනම් කළාද කියා මට තේරුම් ගන්න අමාරුයි.

      Delete
    4. වයින්මද? මට මගේ කතෝලික මිතුරෙකු කියා අැති පරිදි එය පැසවීමට(fermentation) ඉඩ දෙන්නේ නොවේ!

      Delete
    5. ඕං බලහල්ලකෝ. කවුද යකෝ තරවටු කළේ?

      මෙහෙමයි ඩ්‍රැකී, ඔය ආගම් සම්බන්ධ ලිපි ලිවීම බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. සමහරු අපි නොදැනුවත්ව සිත් වේදනාවට පත්වෙනවා. ආගම, ජාතිය, සංස්කෘතිය වැනි කරුණු ගැන ලිපි ලියා, නැවත කියවා බැලිය යුතුයි, මොනයම්ම හෝ ආකාරයකින් අපහාස, කෙනෙහිලි, පහත් කොට සැලකීම් වෙලා තියනවද කියලා.

      Delete
    6. තනි අලියා,

      And he took the cup, and gave thanks, and gave it to them, saying, Drink ye all of it;
      For this is my blood of the new testament, which is shed for many for the remission of sins.
      But I say unto you, I will not drink henceforth of this fruit of the vine, until that day when I drink it new with you in my Father's kingdom.
      මැතිව් 26: 27 – 29

      And he took a cup, and when he had given thanks he gave it to them, and they all drank of it.
      And he said to them, “This is my blood of the covenant, which is poured out for many.
      Truly, I say to you, I will not drink again of the fruit of the vine until that day when I drink it new in the kingdom of God.”
      මාක් 14: 23 – 25

      And he took a cup, and when he had given thanks he said, “Take this, and divide it among yourselves.
      For I tell you that from now on I will not drink of the fruit of the vine until the kingdom of God comes.”
      ලූක් 22: 17 – 18

      මේ හැම තැනකම සඳහන් වෙන්නෙ මිදි යුෂ කියන අදහස. හොයල බලන්න වෙනවා, ඒ දවස් වල භෝජන සංග්‍රහ වලදි පානය කළේ මොනවද කියන එක. නැතුව දැන් පල්ලි වල කෙරෙන දේ නෙවෙයි. ආගමික සිරිත්, සමකාලීන සංස්කෘතිය එක්ක වෙනස් වෙන්න පුළුවන්.

      ස්තූතියි ගැටළුව මතු කළාට. වැඩි දුර හොයල බලල නියම උත්තරයක් දෙන්නම්.

      Delete
    7. විචාරක,

      ඔබතුමාගෙ කතාව ඇත්ත. ආගමක් අදහන උදවියට ඒ වගේ සියුම් සිත් රිදීම් ඇති වෙන්න පුළුවන්. පෞද්ගලිකව මම බුදු දහම ආගමක් විදිහට අදහන් නෑ. ඒ නිසා මට ඒ වගේ විහිළු කරන්න පුළුවන්. නමුත් මා ලිවිය යුත්තේ පාඨකයන් සියල්ලන්ටමයි. ඒ නිසා මා ප්‍රවේසම් විය යුතුයි.

      විහිළු කරනව නම් වෙනම ලිපියකින් ඒක කරන්න පුළුවන්. මෙතනට සුදුසු නෑ.

      Delete
    8. යකෝ නෙලනව කියල ඔහොම නෙලනවද? :O

      i will find out more :)

      Delete
    9. You can, and you will...

      මම නෙලුවෙ නෑ බොස්. ඒ ප්‍රශ්නෙං මගෙ කුතුහලය ඇවිස්සුනා. ඉතිං මුල්ම මූලාශ්‍ර ටික සදහන් කලා මුලින්ම...

      Delete
    10. අලි ෆන් -> (එලිෆන්+ට්)

      Delete
  2. ආමෙන්...!

    ReplyDelete
    Replies
    1. හතරෙ පංතියෙදි මට එක යාළුවෙක් කිව්ව, පල්ලියට ගියාම “ආ - මේං“ කියල චූටි සුදුපාට පෙත්තක් කන්න දෙනවැයි කියල.

      Delete
  3. // යාච්ඤාව ගැන ”ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක. //

    කොච්චර කිවුවත් මේ ටිකමනෙ මිනිස්සු කරන්නෙ. ඊයෙ සූටික්කයි මමයි මේ දේ ගැන කතා කලා. ඌ පන්සල ගැන මම පල්ලිය ගැන

    ReplyDelete
    Replies
    1. සිරාවට කම්මො, හැම එකක්ම ප්‍රදර්ශන කාමයට. මල් පණස් දහසක පිංකම, පහන් කෝටියක පිංකම, ගෙඩි පූජාවල් වගේ හැම මගුලක්ම කරන්නෙ ප්‍රදර්ශනේට. රාජ්‍ය නායකයො, රාජ්‍ය නායකයො වෙන්න ඉන්න නායකයො එහෙම ඔය යන්නෙ කැමරා කාරයො පිරිවරාගෙන මහනායක හාමුදුරුවරු බැහැ දකින්ඩ එහෙම. ඒකත් මේකමයි.

      Delete
  4. මම බයිබලය ගොඩක් කියවලා තියෙනවා.. පරණ තෙස්තමේන්තුවේ ඉඳල අලුත් ගිවිසුමට එනකොට ඒ නීති එන පනත් මට සිලුටු වෙච්චි විදිය හොඳට අධ්‍යනය කරලා තියෙනවා.
    මේක වටිනා පොස්ට් එකක්.. එත් මචෝ හුඟක් දිග වැඩියි. මන් ආසාවට කියෙව්වට ගදක් එවුන් දිග වැඩි උනාම පොස්ට් එක කියවන්නේ නෑ. ඒක අපරාදේ. මේ විස්තර දිගටම ලියපන්.. හැබැයි දවසකට එක කොටස/ කතාව ගැනේ වගේ. ආගම් ජාති සංස්කෘති අතරේ තරහ මරහා විරසක අඩු වෙන්න මෙහෙම ලියන එක වටිනවා.
    අත්තික්කා ගහේ උපමා කතාව, අකිකරු පුත්‍රයාගේ කතාව වගේ බයිබලයෙන් ගන්න පුළුවන් ආදර්ශමත් කතා රසවත්ව නැවත ලියන්න පුළුවන් නම් වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කමි. මේක ගොඩක් දිග වැඩියි තමයි. කන්ද උඩ දේශනාව විග්‍රහ කරන්න ගියොත් මීටත් වඩා දිග වැඩි වෙනවා. ඒක මං ඊළඟ පාරක කරනවා. මට මෙතන ඕනෙ වුනේ දසපණතෙයි ජේසුගෙ ඉගැන්වීමෙයි තියෙන වෙනස ගැන කියන්න විතරයි. ජේසු ගෙ දේශනාවෙ ඕනෙ කොටස් ටිකක් විතරක් උපුටල ගන්න හිතුනෙ නෑ.

      උපමා කතා ගැනත්, ජේසුගෙ ආදර්ශමත් ක්‍රියා ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා...

      Delete
  5. හම්මේ ඩ්‍රැකී “මජ්ඣපමාදට්ඨානා වේ - රමණී“

    කොහෙන් හරි කෑල්ලක් හොයාගන්නව නේද.

    සබරේ

    ReplyDelete
    Replies
    1. ඕක තිබ්බෙ චන්ද්‍ර අනගිරත්නගෙ පොතක...

      Delete
  6. අඩෝ ඩ්‍රැකියා, උඹ මේ බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදයට කඩේ යන්නෙ ඇයි ? මේක සිංහල බෞද්ධ රටක්, අපිට ඔය ජේසුස්ල ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නියම අධිපතිවාදයෙ පැතිකඩක් ගැන ළඟදීම බලාපොරොත්තු වන්න.

      ඔබේ පැරෝඩිමය සඳහන හොඳින් රසවින්දා. ස්තූතියි...

      සිංහල බෞද්ධ රටවැසියන් බටහිර වෙදකම, බටහිර ආයතන විසින් පවත්වාගෙන යන බ්ලොග් සහ සමාජ ජාල ආදිය පස්සෙ නොයා ඉන්නවනං...

      Delete
  7. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක(?) විසින් රචිත "යේසුස් නම් වූ බුද්ධ ශ්‍රාවකයානෝ" පොත හෝ Holger Kersten ගේ "Jesus lived in India" පොත (මෙම පොත් දෙකේම හරය බොහෝදුරට එක සමානය) කියවන්න. ජේසුතුමා ගේ මානවවාදී බවේ මූලාරම්භය කොතැනද කියා එහි තර්කයක් ගොඩනගා ඇත.
    කෙසේ වුවත්, බයිබලයේ පැරණි ගිවිසුම ඉස්ලාම් උගැන්මට බොහෝ සෙයින් සමාන වත්දී එහිම නව ගිවිසුම බෞද්ධ උගැන්මට ආසන්න වශයෙන් සමාන වීම පිලිබඳව අධ්‍යයනයක් කිරීම වටින බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. "යේසුස් නම් වූ බුද්ධ ශ්‍රාවකයානෝ" පොත මා කියවා තිබෙනවා. ඒකෙ ගොඩක්ම සඳහන් කරන්නෙ භෞතික සාධක. විශේෂයෙන්ම ටියුරින් නිවුර දේවස්ථානයක ප්‍රදර්ශනය කරන ජේසු තුමන් ගේ මළ සිරුර ඔතා තිබුණු රෙදිකඩ යැයි කියනා පුරාවස්තුව පිළීබඳවත්, යූස් ඊසා නම් ටිබෙටයේ සිටි ලාමා වරයෙකුගේ ජීවිතය ගැනත්.

      මෙම මාතෘකාව ගැන බීබීසීයේ නිෂ්පාදිත වාර්තාමය වැඩසටහනකුත් තිබෙනවා.

      මේ කිසිවක් ජේසුතුමන්ගේ ඉගැන්වීම් සහ බුදුදහමේ එන ඉගැන්වීම් සංසන්දනාත්මකව අගයා සකස් කළ ඒවා නොවේ.

      මගේ දළ අදහස නම් මේ ඉගැන්වීම් දෙකේ පැහැදිළි වෙනස්කම් තිබෙන බවයි.

      මූලික වශයෙන්ම, බුදුදහමෙන් සංසාරයෙන් එතෙර වීම ගැන සහ සසරගමන නතරකිරීම ගැන ඉගැන්වෙන අතර, ජේසුතුමන් උගන්වන්නේ, මෙලොව යහපත් ලෙස ජීවත් වී ලබන සදාකාලික ස්වර්ගීය සැපතක් ගැනයි. එසේම එතුමා, පැරණි බෛබ‍ලයේ සඳහන් වන දෙවියන් වහන්සේ ගේ මනුෂ්‍ය පුත්‍රයා වශයෙන් තමන් හඳුන්වාගන්නා අවස්ථා කීපයක් ම තිබෙනවා.

      නමුත් ගැඹුරු විශ්ලේෂණයක් කරනවානම්, මින් සඳහන් කරන ආකාරයටම, දේශිත ධර්මයන් සැසඳීම තමා කළ යුත්තේ...

      Delete
    2. මෙහෙම එකකුත් දැක්කා...

      https://en.wikipedia.org/wiki/Shing%C5%8D,_Aomori

      Delete
    3. කොලට් සහ නාරද පටං ගත්ත බ්ලොග් එකක් තියෙනවා. ලිපි දෙකයි තියෙන්නෙ. (ප්‍රසන්නගෙ ලටපට වගේ)

      http://buddha-jesus.blogspot.com/

      Delete
    4. ඩ්‍රැකී,
      සමස්ත ලිපිය ගැන මගේ අදහස පහතින් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර, ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ නම් වූ සංකල්පය ගන ඩ්‍රැකී දක්වන අදහස ගැන මම හුඟක් සතුටුයි.එය බුද්ධිමත් විග්‍රහයක්. ඇත්තෙන්ම ජේසුස් වහන්සේට බුද්ධ ධර්මයේ බලපෑමක් විනිනම් ඒය අප කියැවිය යුත්තේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුලින් මිස භෞතික සාධක පදනම් කරගෙන නෙවෙයි.
      මේ මතය ගැන නොයෙකුත් දෙනා මතුකරන මතවාද සලකා බැලීමේදී හා ජේසුස් වහන්සේ විසින් මැවුම්කාර දෙවියන් ඇදහීමට එක් කරන ලද මානුශවාදී හා අවිහින්සා වාදී සංකල්පයන් සලකා බැලීමේදී මාහට සියුම් සැකයක් උපදිනවා, යම් හෙයකින් ජේසුස් වහන්සේට ඉන්දුයානු අභාහයක් ලැබුනා නම් එය ජෛන දහමේ හෝ බමුණු දහමේ බලපෑමක් විය යුතුයි කියා. මගේ මතය ජෛන දහම කෙරෙහි වඩා බරයි හේතුව එම දහමේ ශාස්තෲන් වන ජෛන මහාවීර තුමා තම ඉගැන්වීමේ මූලිකම පදනම වශයෙන් ගෙන ඇත්තේ ශීලය හා අවිහින්සාව වීමයි. එහෙත් මේ මතය කිසිවෙකු සලකා බලා ඇතිබවක් මා දකින්නේ නැහැ. නැතිනම් එවන් වූ සලකා බැලීම අපගේ අවධානයට ලක්වී නැහැ. ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කී විට බොහෝ අනුවන බුද්ධාගම් කාරයින් උද්ධාමයට පත්වන නිසා එම මතයට ලංකාව තුල තටු ලැබීම ස්වභාවිකයි.

      Delete
    5. /ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කී විට බොහෝ අනුවන බුද්ධාගම් කාරයින් උද්ධාමයට පත්වන නිසා එම මතයට ලංකාව තුල තටු ලැබීම ස්වභාවිකයි./
      මේ කතාව හරිම ඇත්ත. මතුපිටින් මාතෘකාව දකින බෞද්ධයන් වැඩිහරියක් මෙය එකපාරටම ගිළ ගන්නේ විචාරාත්මකව නොවෙයි, මාත්සර්යය නිසායි.

      ගොඩක් ස්තූතියි අගැයීමට. සවිස්තරාත්මක අගැයීමකින් මා ලබන පෝෂණය ඉමහත්.

      ඇත්තට ජේසුතුමන්ට ආසියාතික ආභාසයක් ලැබුණානම්, උන්වහන්සේ ගේ ඉගැන්වීම් මීට වඩා විප්ලවවාදී විය යුතුයි කියා පේනවා. නමුත්, දේවවාදයක් පිළිගත් ජාතියක ආචාරධර්ම වඩා මානවවාදී කරන්නට උත්සාහ ගත් කෙනෙක් වශයෙන්, පවතින ඇදහිල්ලම ප්‍රතිසංස්කරණය කර, තම අපේක්ෂාව ඉටු කරගැනීමට උත්සාහ කර ඇති බවක් ද අදහස් කළ හැකියි. ඉන්දීය ආභාසයක් මත උන්වහන්සේ මානවවාදී වුනානම් ඔබ පවසන පරිදිම, එය ජෛන ධර්මය විය යුතුයි. එහෙත් එවැනි ඉන්දීය දර්ශනවාදයක් එකහෙළාම දේවවාදය පිළිකෙව් කරනවා.

      මට ඇති එකම ගැටළුව, ජේසුතුමන් කිහිප විටක්ම කියා තිබෙනවා, තමන් දෙවියන් වහන්සේගේ මානුෂීය දරුවා වන බව. එසේම, මරණින් මතු විනිශ්චයක් සහ දෙවියන් වහන්සේ සමඟ පවතින සදාතනික ස්වර්ග සැපතක් ගැන.

      Delete
  8. බර පතලයැ.. බරම පතලයැ.. වටින්නේයැ.. (තාම හති.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හති හැර දමා පෙරළා එවැ, මා මිතුර වෘක්ෂ ලඹුව.

      Delete
  9. දෙයියො මිනිස්සුන්ව මැවුවද, මිනිස්සු දෙයියන්ව මැවුවද?

    ReplyDelete
    Replies
    1. "මිනිසා විසින් තම ස්වරූපය අනුව දෙවියන් වහන්සේ මවාගන්නා ලදි" යන්න මාගේ විශ්වාසයයි.

      Delete
    2. ආහ් මං වගේ හිතන තව එකෙක් !!

      Delete
    3. අපි වගේ හිතන තව එකෙක් තමා, ආර්. කේ. නාරායන්. එයාගෙ පොතක් තියෙනවා "මල්ගුඩියට ව්‍යාඝ්‍රයෙක්" කියල.

      ඒකෙ ටවුමට ආව ව්‍යාඝ්‍රයෙක් ව තාපසයෙකුට අහු වෙනවා. තාපසයා ව්‍යාඝ්‍රයට කතා කරනවා. එක අවස්ථාවක ව්‍යාඝ්‍රයට කියා දෙනවා දෙවියන් ගැන. එතකොට ව්‍යාඝ්‍රයා කියනවා, "ඔය කියන විදිහට, දෙවියන් කියන්නෙ මහා බල සම්පන්න ව්‍යාඝ්‍රයෙක්" කියලා. එතකොට තාපසයා කියනවා, "ඒක තමයි කියන්නෙ මිනිසා තමන්ගෙ ස්වරූපයට දෙවියන් නිර්මාණය කරගෙන ඇතැයි කියලා" කියලා.

      Delete
  10. දිග....... පෝස්ට් එකක්.. කියෙව්වා හැබැයි ඔක්කොම.. බුද්ධ ධර්මයට පස්සේ මම වැඩියෙන්ම කැමති ධර්මය තමා ක්‍රිස්තු ධර්මය. මොකද ඒ දෙක සමහර කරුණු වලින් ඇරෙන්න බොහෝ දේවල් වලින් සමානයි. මට මේ ගැන පෝස්ට් එකක් ලියන්න කරුණු තියනවා. මම ඒ ටික ලබන අවුරුද්දේ පෝස්ට් එකක් විදියටම දාන්නම්. ඒක ලේසි වෙයි. මෙතන කියන්න ගියොත් හරි නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. /මම ඒ ටික ලබන අවුරුද්දේ පෝස්ට් එකක් විදියටම දාන්නම්./

      මේක තමයි මම කැමතිම ‍කොටස...

      දේවවාදය ඇරුනාම, නව ගිවිසුමත්, බුදුන් ගිහියන්ට දේශනා කර ඇති දෙයත් අතර සෑහෙන සමානකමක් තිබෙන බව පේනවා. ඒ වගේම, එය දේශනා කරන ලද සමාජ පරිසරයත් සැළකිල්ලට ගෙන ඒ සැසඳීම කළ යුතුයි.

      ඉන්දියාව කියන්නෙ බුදුන්ට සමකාලීනව ලෝකය සහ ජීවිතය ගැන ගැඹුරු හැදෑරීම් රැසක් සුදුවුනු සමාජයක්. එනිසාම බුදුන් දේශනා කළ දර්ශනය, ජේසුතුමන් ගේ දේශනා වලට වඩා ගොඩක් ගැඹුරුයි, ඒ වගේ සංකීර්ණ බවින් වැඩියි.

      Delete
    2. ඔව්. අනික් එක, ඒ සමාජ දෙක දෙකක්. ඉන්දියාව ඒ වෙනකොටත් විවිධ දර්ශන, මතවාද සහ ආගම් වලින් පිරිච්ච රටක්. බටහිර ක්‍රමයට නෙවේ, එයාල අලුත් දැනුම හොයාගෙන ගිය කාලයක්. අනික් එක, දේවවාදී ආගම් ඕනේ තරම් තිබුනා. ඒ උනාට බුදු හාමුදුරුවෝ එතනින් එහාට හිතුවා. එකයි උන්වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය (ප්‍රත්‍යයන්ගේ උප්පාද වීම ගැන කියවෙන ධර්මය) දේශනා කලේ හේතු ඵල දහම උදව් කරගෙන.. මම ලියන්නම්කො ඉතිරි ටික..

      Delete
    3. අඟහරුව නියම තැනිං අල්ලගෙන තියෙනවා. කරුණාකරල ලියන්න. ඒක බොහොම සාර්ථක පොහොසත් ලියවිල්ලක් වෙයි.

      ෂඩ් ශාස්ත්‍රෘවරුන්ගෙ ඉගැන්වීම් වලට අමතරව තවත් දර්ශනවාදයන් දහස් ගාණක් තිබුණා. ඒ වගේම වර්තමානයෙත් තව තවත් දර්ශනයන් බිහිවෙමින් පවතිනවා ඉන්දියාවෙ. ඕෂෝ දහමත් ඒ වගේ එකක්. කෘෂ්ණමූර්ති ගෙ ඉගැන්වීම් තවත් පැත්තක්. මේ වගේ දර්ශනවාදයන් බිහිවීම දිගින් දිගටම පවතින්නේ ඉන්දියාවෙ විතරයි...

      Delete
  11. ඔයාගේ ලිපිය කියවපු වෙලේ කමෙන්ට් කරන්න බැරි වුනා . ඇත්තටම මං බයිබල් පද කියවුවේ නැහැ. කම්මැලි කමක් නිසා නෙමේ ඒ හැම පදයක්ම වගේ මං කීප සැරයක් කියවලා තියෙන නිසා. යුදෙව් මිනිස්සු තාමත් බලන් ඉන්නේ මෙසායා එනකල්.. යේසුස් වහන්සේ ට එයාලා කියන්නේ යේසුවා කියලා.. නිකන් අර රැඩිකල් අදහස් තිබ්බ විප්ලව වාදියෙක් විදියට එතුමාව එයාලා හදුන්වන්නේ,, යේසුස් වහන්සේ කියපු දෙයක් මං ආවේ වය්වස්තාව වෙනස් කරන්න නෙමේ ඒක ස්ථිර කරන්න,කියලා. එත් මේ මිනිස්සු අදටත් හිතං ඉන්නේ උන්වහන්සේ ආවේ ව්‍යවස්ථාවේන් මිනිස්සු අයින් කරන්න කියලා, මේ මිනිස්සු එක්ක එකට ජිවත්වෙද්දී අවුරුදු 2015 කට කලින් යේසුස් වහන්සේට මේ මිනිස්සු සලකපු විදිය ගැන බයිබලයේ කියවෙන දේවල් ඇත්ත කියලා දැනෙනවා.
    තව දෙයක් මෙහෙ මිනිස්සු බයිබලය ගණන් ගන්නේ නෑ. ටෝරා එකේ තියෙන දේවල් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර හරි එයාලට. යෙසායා අනගාතව්ක්තෘ කියලා තියෙන වචන විදියටම මේ මිනිස්සු හරිම දරඩුයි වයව්ස්තාව කෙරෙහි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී හරවත් ලිපියක්

      Delete
    2. ඔය ඉන්නෙ යුදෙව් සමාජය ගැන හොඳින් දන්න කෙනෙක්. මං ඊසාක් බිෂෙවිස් සිංගර් ගැන කියෙව්වට පස්සෙ හිතාගෙන හිටිය, යුදෙව් ආගමත් සාන්තුවරුන් බිහිකරන දහමක් කියලා.

      ජේසුට දඩුවම් කළේ, තමන්ගෙ සාම්ප්‍රදායික සමාජ තත්ත්වයට අභියෝගයක් ලෙස සළකපු, පූජක පංතිය සහ, උන් විසින් උසිගැන්වුනු සාමාන්‍ය ජනතාව කියලා මං හිතුවා. දැනං උන්නෙ නෑ, අදටත් යුදෙව් ඉගැන්වීම් වල ජේසු තුමන්ට තියෙන තැන ගැන. ඒ ගැන ස්තූතියි.

      ටෝරා කියන්නෙත් ටල්මූඩ් කියන පොතමද, නැත්තං ඒ දෙක දෙකක්ද?

      Delete
    3. මං කියවපු විද්‍යා ප්‍රබන්ධයක් මතක් උනා. ඒකෙ කාල තරණය කරන ආයතනයක්. ගොඩක් සංචාරකයො යන්නෙ, ජේසු ඇණගහපු දවස් කීපයට. ඒ යන උදවියට කියනවා, "සාමාන්‍ය ජනතාව එක්ක මුහු වෙන්න, ඒ අය කෑගහන විදිහටම කෑගහන්න. නැත්තං මාට්ටු වෙයි" කියල. ඉතිං යන යන අය, පිලාත් ගෙ මිදුලෙ තියෙන නඩු විභාගයෙදි ජේසු කුරුසෙ ඇණගහන්න කියල කෑගහනවා.

      ඒ අතරෙ එක්කෙනෙක් දකිනවා, ඒ කාලෙට අයිති සාමාන්‍ය මිනිස්සු ඒ නඩු විභාගයට සම්බන්ධ වෙන්නෙ නෑ, ඒ අය කණගාටුවෙන් ගෙවල් වලට වෙලා ඉන්නවා, ඒ අතරෙ, ජේසු ට දඬුවම් ඉල්ලන පිරිස මුළුමණින්ම, අනාගතයෙන් ආව සංචාරකයො.

      Delete
    4. ටෝරාවෙ කොටස් දෙකක් තියෙනවා, ලිඛිත හා වාචික කියලා.

      ලිඛිත ටෝරාවට අයිතිවෙනවා පොත් විසි හතරක්.
      - මෝසෙස්ගෙ පොත් පහ (යුදෙවු බයිබලය හෙවත් අපි දන්නා පරිදි පරණ තෙස්තමේන්තුව - ජූවො මේකට පරණ තෙස්තමේන්තුව කියන නම පාවිච්චි කරන්නෙ නෑ මොකද එයාලා අලුත් තෙස්තමේන්තුව පිළිගන්නෙ නැති නිසා)
      - අනෙකුත් අනාගත වක්තෲන් (ඉසයියා, යෙරමියා ආදීන්)

      වාචික ටෝරාව මුලින් පැවත එන්නෙ මුඛ පරම්පරාගතව. නමුත් පසුකාලීනව ඒ වැඩේ දුෂ්කර වෙන බව තේරුම් ගන්න නිසා මේකත් ලේඛනගත වෙනවා මිෂ්නාහ් නමින්. මේ මිෂ්නාහ් සහ පසුකාලීනව ඒකට ලියැවුනු අනෙකුත් අටුවාවන් (ගෙමාරා) වල එකතුව තමා ටැල්මුඩ් කියන්නෙ.

      මේ තියෙන්නෙ ඩ්‍රැකී කියන කතාව. Lets Go to Golgotha

      Delete
    5. ඔව, ඔයා හරි. වාචික කොටසේ තියෙන ගොඩක් දේවල් ගැන යුදෙව්වන් අතර පවා එකගතාවක් නෑ. අර නිකායවල් වගේ. ඒක ලොකු විස්තයක්.මන් ෆෝන් එකෙන් එන්නේ දැන් බස් එකේ යනගමන්. මන් පසුව ඒ ගැන ලියන්නම්. ස්තූතී බූටෝ :)

      Delete
    6. බුරාතිනෝ,

      පළමුවෙම්ම, ගොඩක් ස්තූතියි මං නොදන්න කරුණු වලින් මේක පෝසත් කළාට. දැන් ඉතිං ටෝරාව හොයාගන්න වෙනවා කියවන්න. රිචඩ් කාපෙන්ටර් ගෙ රොබින් ඔෆ් ෂර්වුඩ් ටෙලි සීරීස් එකේ එක තැනක තිබුණා යුදෙව් පවුලක් සතු වුන ටැල්මුඩ් පොත ගැන.

      අර ලිංක් එකට ‍ගොඩක් පිං. මං ඒක කියෙව්වෙ විදුසර පත්තරේකිං. ඔරිජිනල් එක කියවන්න ලැබුණ එක ලොකු දෙයක්.

      මේ කාරණා දකින කොට තේරෙන එක දෙයක් තමයි, මුල්කාලීන සංචාරක ගෝත්‍රයකින් ආරම්භ වෙච්ච ඒක දේවවාදයක, එක් එක් අතු තමයි දැන් තියෙන කතෝලිකාගම, ක්‍රිස්තියානිය, මහමදාගම, යුදෙව් ආගම ආදිය... පොඩි පොඩි වෙනස්කම් අල්ලගෙන මේ ජනවර්ග අතරෙ මතභේද හටගෙන තියෙනවා. හොඳම උදාහරණෙ, ඊශ්‍රායෙල් පලස්තීන ප්‍රශ්නය...

      Delete
    7. ඔමා,

      බලාගෙන ඉන්නවා ඔයාගෙ විස්තරය කියවන්න...

      Delete
  12. මම කවදාවත් බයිබලය කියවල නැහැ.. මම දැනගෙන හිටියේ නැහැ ක්‍රිස්තු ධර්මයේ පන්සිල් පද පහෙන් හතරක්ම තියෙනවා කියල.. ස්තුතියි draki මේක ලිව්වට... මොන විදිහකට ටයිප් කරත් draki කියන එක සිංහලෙන් ටයිප් වෙන්නෙම නැති එකේ මොන මගුලට මේ නම දාගත්තද මන්ද..

    ReplyDelete
    Replies
    1. හැම ආගමක්ම දේශනා කරන්නෙ යහපත් විදියට සමාජයෙ ජීවත් වෙන හැටි ගැනයි අම්බලංගොඩයා.

      මගෙ නම ටයිප් කරන්නෙ මෙහෙමයි.
      යුනිකෝඩ් වලින් නං - v`elS
      සිංග්ලිෂ් වලින් නං - draekii

      මේ නම දාගත්තෙ ඇයි? ඒ ගැන තියෙනවා මෙතන.
      http://drackey.blogspot.com/2013/06/blog-post_28.html

      Delete
    2. ද්රැකී.. ඔය ගුගල් ඉන්පුට් වල draekii කියල ගැහුවම පෙන්නන විදිය.. මම කරන්නේ ඩ්‍රැගන් (drAgan) කියල මුලින් ගහල 'ගන්' ඩිලීට් කරලා 'කී' එකක් ජොයින්ට් කරන එක.. :) අම්මප මුට වෙන නමක් තිබ්බෙම නෑනේ දා ගන්න. සක්.

      Delete
    3. ඔයාට කියන්න කමියෝ මන් හෙලකුරු එකෙත් අද ඔය සොයාගැනීම් කරා

      Delete
    4. කමියා කියපු දේ අනුව මං අද ඔන්ලයින් ගූගල් ඉන්පුට් ටූල්ස් වලට ගියා. ඇස් දෙකත් එක්ක මඤ්ඤං උනා. නරකද කමියො සිංහල යුනිකෝඩ් දාගෙන විජේසේකර කීබෝඩ් එක හුරු උනොත්?. ඒකෙ ගහන්න පුළුවං අකුරු වල සීමාවක් නෑ. ඕනෙ අකුරක් බැඳි අකුරක් කරන්නත් පුළුවං...

      ඔමා,

      මං හෙළකුරු නං පාවිච්චි කරල නෑ.

      Delete
  13. වැදගත් ලිපියක්...
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා මහේෂ්...

      බ්ලොග් ලෝකයේ ඉදිරියටම යන්නට මේ නව වසරේ හැකියාව සහ අවස්ථාව ලැබේවා!!!

      Delete
  14. ඔයා දීල තියෙන ලිංක් කට වැඩිය මෙතන පිළිවෙලයි වගේ..
    http://wol.jw.org/si/wol/h/r125/lp-sn

    ReplyDelete
    Replies
    1. හොඳයි මහේෂ්. නමුත් ඔය "යොහෝවා ගේ සාක්ෂිකාරයෝ"

      මං සඳහන් කළේ මුල් බෛබලය...

      Delete
  15. හොඳ සැසඳීමක්! ඔබට සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉකොන්... ඔබටත් සුභ නව වසරක්...!!!

      Delete
  16. ආයේ කමිං ෆෝ රීඩිං.

    එනිවේ, ඩ්‍රැකීටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරකට ආසිරි !

    ReplyDelete
    Replies
    1. වරෙං අගේන්, කියවාපං.

      ප්‍රසන්නටත්, ප්‍රසන්නිටත්, පවුලේ සැමටත්, මුද්‍රණාලයටත්, දේශක නිවුන්නටත් උගෙ පවුලටත්, සකල ලෝකවාසී හැම දෙනාටමත්, අඟහරුවටත් එසේම වේවා!!!

      Delete
  17. ජේසුස් වහන්සේ අවසාන භෝජනයෙදි කියලා තියෙන්නේ,
    මට තොපි එකෙක් විශ්වාස නෑ
    දැන් ඉතිං මාව මරාගෙන කාපියව්
    මගේ රීරිමාජශ උරාගෙන බීපියව් කියලා. බොරුකියලා හිතෙනවා නම් බයිබලය බලන්න.

    ReplyDelete
    Replies
    1. "මං ආයෙ තොපි එක්ක බොන්නෙ නෑ" කියලත් කියල තියෙනවා. මේ -
      But I say unto you, I will not drink henceforth of this fruit of the vine, until that day when I drink it new with you in my Father's kingdom. මැතිව් 26:29

      Delete
  18. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.(මගේ දෙවියන් ගැන විශ්වාසයක් නැත. යක්ෂයා සහ දෙවියා පවතින්නේ තමන්ගේ ක්‍රියාවන් හා සිතුවිලි තුල යැයි මට හැඟෙන බැවිනි.)

    කියෙව්වා. අපුරුයි.

    ඩ්‍රැකී පවුලේ සැමටම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. /යක්ෂයා සහ දෙවියා පවතින්නේ තමන්ගේ ක්‍රියාවන් හා සිතුවිලි තුල/

      මාත් එකඟයි... රොමාගෙ වාසනාව පොතේ අන්තෝනි දාබරේ කියනවා:
      "හොරකමකට හිරේ වැටුනලු. එතෙන්දි උස මැන්නලු, බර මැන්නලු. ඒත් බඩ මැන්නනං තේරෙණවලු කාරණේ. සතියකට දවසක් හාමුදුරු කෙනෙකුයි සුවාමි කෙනෙකුයි හිරගෙට වැඩලා දේසනා කළාලු, අදින්නාදානා ගැනයි, යක්සයා ගැනයි. හැබැයි හොරකං නොකර ජීවිකාව කරගන්න විදිහක් කියා දුන්නෙ නෑලු..."

      සුජී නංගටත් පවුලේ සැමටත් සකළ ලෝකවාසී ජනතාවටත්... එසේම වේවා!!!

      Delete
  19. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. බොලා තුන් දෙනාටත් පවුල්වල උදවියටත් එසේම වේවා!!!

      Delete
  20. වැදගත් ලිපියක්, ගොඩක් කරුණු ශාරාංශ කරලා තියෙනවා. මම නම් හිතන්නේ යේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. කන්ද උඩ දේශනාවේ සහ බුද්ධ දේශනා අතර සැහෙන සමාන කමක් තියෙනවා.

    ලැබුවාවූ 2016 වසර ඔබට සහ පවුලේ සැමට සතුට සහ සෞභාග්‍ය පිරි සබුඅ වසරක් වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා!

      ඉහළින් මම ලියල තියෙනව කන්ද උඩ දේශනාව සම්පූර්ණයෙන්ම - ශාන්ත මැතිව් සුභාරංචිය අනුව. බුදුන්ගේ ඉගැන්වීම් ගැන ඔබතුමාට මට වඩා හොද දැනීමක් තියෙන බව මම දන්නවා. මම කැමතියි ඔබතුමා ඒ දෙක සසදා කරන විග්‍රහයක් කියවන්න. ඒක ගොඩක් අයට වැදගත් වෙයි.

      Delete
  21. ඩ්‍රැකී,
    ඔබගේ මේ සමස්ත ලිපියම මම බොහෝම ආශාවෙන් කියවූ බ්ලොග් ලිපියක්, ඔබ මෙතැනදී ආගමික කරුනු සංසන්ධනාත්මකව එහෙත් ආගම් වාදී නොවී සාකච්චා කිරීමට දක්ශ වී තිබෙනවා. මෙන්න මේ ආකාරයට ආගම් ගැන අපට සාකච්චා කල හැකිනම් අන්න එයයි මා දකින දියුනු මිනිසාගේ ලක්ශනය.

    එසේම ඔබ කියන බුද්ධාගම ආගමක් ලෙස මම සිතන්නේ නැහැ යන කියමනත් ඉතාම විමර්ශනශීලී අදහසක්.
    මමත් මේ මතයේම ඉන්නා කෙනෙක් හැබැයි මෙතැනදී "ආගම" යන සිංහල පදයේ අරුත "රිලිජන්" යන ඉංග්‍රීසි පදයේ අරුත හා සමපාත විය යුතුයි.
    මැවුම් වාදයක්, මැවුම්කරුවෙක්, දෙවියෙක්, බැතිමතෙක්, භක්තියක්, යාඥාවක් නොමැති තැන "රිලිජන්" එකක් තිබීම අභව්‍යයි.

    බයිබලයේ ඉගැන්වීම් ගැන මටත් පොඩි දැනුමක් තිබුනා.ඒත් මෙ ලිපියෙන් ඒක වැඩිදියුනු වුනා ඒ වගේම තවත් හිතන්න දේ ලැබුනා.
    මෙවන් ලිපි තවත් ලියන්නට ඔබට ශක්තිය පතනවා.
    මෙහි සාකච්චාව හැකි තරම් දුරට ඉදිරියට ගෙන යන්න එය බොහෝම හරවත් සාකච්චාවක් වේවි.
    ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ යන අදහස ගැන මම ඉහත අදහස් දැක්වීමක් කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් දැක්වීමට.

      ආගම යන වචනයෙන් මගෙ හිතට එන්නේ මේ කාරණා ටික,
      ගිහි ජීවිතයේ දී යම් පිළිසරණක් පැතීම,
      සැපවත් හෙටක් ගැන අපේක්ෂා කිරීම,
      සාමාන්‍ය මිනිසාට වඩා උසස් බලවේගයක් වෙත කෙරෙන...
      විශේෂ අභිචාර විධි පද්ධතියක්,
      විශේෂිත පුද පූජා පැවැත්වීම,
      මරණින් මතු ජීවිතයක් හෙවත් පැවැත්මක් ගැන අපේක්ෂා කිරීම,

      බුදුන් දේශනා කර ඇති ධර්මයෙ තියෙන්නෙ,
      ගිහි ජීවිතයේ ඇති යථාර්ථය දුක්ඛ සත්‍යය නමින් හඳුනාගැනීම,
      ඊට ඇති එකම පිළීයම ලෙස මරණින් මතු පැවැත්ම අහෝසි කර දැමීම,
      වඩා යහපත් ලෙස ගිහි ජීවිතය ගත කිරීමට උපදෙස් දීම
      කියන කාරණා...

      ඉතින් බුදුන් වදාළ ධර්මයෙ කොතනද ආගමික ලක්ෂණ තියෙන්නෙ?

      ආගමික ලක්ෂණ තියෙනවා, බුද්ධාගමේ මෙන්න මේ කොටස් වල.

      ජීවිතය සකස් කරගත යුත්තේ මෙසේ යැයි උපදෙස් දීමට බුදුන් වදාරා ඇති සූත්‍ර, පිරිත් ලෙස සජ්ඣායනා කිරීම මඟින් අන්තරාය නිවාරණය සහ ගිහි ජීවිතය සැපවත් කිරීම,
      බුදුන් ගේ පිළිමයකට ආහාර, පාන, ඖෂධ ආදිය පූජා කිරීම,
      සාමාන්‍ය ජනතාවට නොවැටහෙන පාලි පාඨ මඟින් පූජා සිදු කිරීම,
      දැවැන්ත බෝ ගසකට ආහාර, පාන, ඖෂධ ආදිය පූජා කිරීම සහ ගස මුලට නොවැටී අහකට ගළා යන සේ වතුර වත්කිරීම,
      වසර දෙදහස් පන්සීයකට කලින් මිය ගිය දාර්ශනිකයෙකුගේ ගේ දතකට දින පතා ආහාර පූජා කිරීම...

      ලැයිස්තුව ඕනෑ තරම් දිගට ලියා දැක්විය හැක...

      Delete
    2. ඩ්‍රැකී මිතුර,
      ඔබතුමා ආගම යන වචනයෙන් හැඟෙන අදහස පිළිබඳ කියා ඇති දේ දුටු විට මට මතක් වුනේ බුදු හිමියන්ගේම දේශනාවකුයි. එනම්
      උන් වහන්සේට අනුව, පුහුදුන් මිනිසාට
      ආයුශය (දීර්ඝ කාලයක් ජීවත් වීම )
      වර්ණය (නිරෝගී භාවය )
      යසස (කීර්ති ප්‍රසංශා )
      ධනය (භව භෝග යාන වාහන දේපල වස්තුව ආදී සම්පත් )
      මෝක්ශය (මරණින් මතු සුගති උත්පත්තිය පිළිබඳව වූ අපේක්ශා )
      යන කාරනා කැමතියි, ලැබීමට සුදුසුයි.
      එහෙත් ඒවා යාඥාවෙන් හෝ ප්‍රාර්ථනාවෙන් ලැබීමට නොහැකියි.
      එසේ ප්‍රාර්ථනාවෙන් හෝ යාඥාවෙන් මේවා ලැබිය හැකිනම්,
      මේ ලොව කාට කුමකින් අඩුවක් වෙත්ද?

      ඉතින් මෙවන් දහමක් දෙසූ කෙනෙකු අරමුණු කරගෙන ඔබ ඉන් පහත කියා ඇති දේ කරන මිනිසුන් උන් වහන්සේගේ අනුගාමිකයින් විය හැකිද?

      Delete
    3. හරි ෂෝක් වැඩේ කියන්නෙ, සාංඝික දානෙයක් දෙනකොට, දානෙ පිළිඅරං හාමුදුරුවො පාළි ගාථාවකුත් කියල, දේශනා කරනව, මේ ආහාරයෙන් අපට ලැබෙන්නෙ ආයු, වර්ණ, සුඛ, බල කියන දේවල් ය. මේ ආහාරය සංඝයා වහන්සේ විෂයෙහි දානයක් ලෙස දීමෙන්, පිංවතුන්ගෙ ආයු, වර්ණ, සුඛ, බල කියන දේවල් වර්ධනය වෙනවය කියලා.

      ඒකෙන් මට නං තේරුණේ, අපිට දියව් කියන එක ප්‍රොමෝට් කරන්න දෙසා වදාරණ අමුතු දහමක් ය කියන එකයි.

      ඔය වගේම දෙයක් නෙ අර බාහිය දාරුවීරිය කතාවෙන් කියන්නෙ. කලිං ආත්ම වල පිරිකර පූජා නොකරපු කෙනෙකුට, බුදුන් දෑහින් දැකලවත්, "ඒහි භික්ඛු" භාවයෙන් මහණ වෙන්න බැරි වෙනවයි කියල ඒ කතාවෙන් ඉස්මතු කරනව. ඔය වගේ දාන කතා සීහලවත්ථුප්පකරණය, විමානවස්තු වගේ පරණ පොත් වල බහුලයි.

      ඒ වගේම, සංඝයාට දීපු දේවල් පැහැරගත්තොත් පෙරේතයො වෙලා ඉපදිලා දුක්විඳිනවය කියල පැහැදිලි කරන්න "ප්‍රේතවස්තු" කතා සම්පාදනය කරල තියෙනව. ඒකෙන් සඟසතු දේපළ ඉන්ෂුවරන්ස් කරල තියෙනව සදහටම...

      එතකොට, ඒ සංඝයා වහන්සේ "බෞද්ධ" ද?

      Delete
    4. ඇත්තෙන්ම, මේ කාරනා මේ විදියට අපි භික්ෂුන් නිග්‍රහයට පත් කිරීම උදෙසා යොදා ගැනීම සුදුසු නැහැ. නිවන් මග ගියා හෝ නොගියා අපිට අදත් පරිශීලනය කරන්න ත්‍රිපිටක ධර්මය රැකී තියෙන්නේ භික්ෂු පරපුරක් ලංකාවේ සිටි නිසයි.
      ඒත් ඔබ කියන කථාවේ බොහෝමයක් දේවල් එක්ක එකඟ වෙනවා. පසු කාලීනව බුදු දහම පාදක කරගෙන ලියවී ඇති බොහෝමයක් සිංහල කෘති වලින් මිනිස්සු දෘශ්ඨි වලට ඇද බැඳ තැබීමක් වෙනවා. ලාංකීය භික්ෂු පරපුර තුල මගඵල ලාබීන් අවම වීමට මේ තත්වය අනිවාර්‍යයෙන්ම බලපා තිබිය යුතුයි.
      උදාහරනයක් ලෙස ඔබ සතුනම් සද්ධර්ම රතනාවලිය කියවා බලන්න. එහි කියැවෙන කථාවල මුල් කතාවට වඩා රචකයා විසින් එකතු කල ආරුළු බූරුළු අනන්තයි අප්‍රමානයි. ඒවායින් පැහැදිලිවම කරන්නේ කියවන්නා පවට බය කිරීමත් පිනට ලොල් කරවීමත් පමණයි. සියලු දෘශ්ඨීන් බැහැර කල බුදුහිමියන්ගේ ධර්මය මෙලෙස කමානුකූලව විකෘති වීම් වලට භාජනය වී තිබීම දකින්න පුළුවන්.
      ඒ වගේම මේන්න මේ ක්‍රියාවන් නිසා බුදු දහමට ක්‍රමයෙන් ආගමික ලක්ෂන එක් වී තිබෙනවා.
      ඇත්තෙන්ම ත්‍රිපිටක ධර්මය රැක ගැනීම හැරුනු කල බොහෝ බුද්ධාගම් කාරයින් බෞද්ධයින් නම් නොවෙයි...

      Delete
    5. ඔබ සාංඝික දේපොල සොරකම් කරන්න ප්‍රේතයින් වෙනවාය යන සංකල්පය ගැන කථා කොට තිබෙන නිසා මේ ටිකත් කිව යුතුයැයි සිතුනා.
      පුණර්භවය, සංසාරික පැවැත්ම, කර්මය හා කර්ම ඵලය කියන සංකල්ප බුදු දහම බැහැර කරන්නේ නැහැ. මේ සංකල්ප වලට බුදු දහම ලෞකික වශයෙන් වැදගත් කමක් දී තිබෙනවා. අපි බුදු දහම විමසන විට එහි ඇති ලෞකික සම්මුති ලෝකය පදනම් කරගත් දේශනා හා ලෝකෝත්තර වූ පරමාර්ථ දේශනා යන දෙකොටස පටලවා නොගත යුතුයි. පුහුදුන් මිනිසුන්ට ස්වාත්මවාදීව තමා දකින මිනිසුන්ට ලෞකික ධර්මයක් දෙසීම වැදගත් වන්නේ ඒ තුලින් ඔවුන් හික්මවීමටත් එමගින් ක්‍රමානුකූලව ඔවුන් ලෝකෝත්තර ධර්මය කරා යොමු කරවීමටත් එය වැදගත් වන නිසාවෙනුයි.
      ඒ වගේම අද ඉන්න අති බහුතරයක් වූ භික්ෂූන්ට ලෝකෝත්තර වූ දැක්මක් නැහැ. එම නිසා උන් වහන්සේලා උන් වහන්සේලාගේ දැනුමෙහි හා බුද්ධියෙහි තරමට දහම විමසීමක් හා ඒ අනුව දහම් දෙසීමක් තමයි වෙන්නේ.
      ඒ දහම ඇසීමෙනුත් අප වැනි අතලොස්සක් ලෝකෝත්තර දහම දැකීමට පටන් ගන්නවා. අන්න ඒකයි ඒ තුල ඇති වැදගත් කම.
      අපි එවන් වූ භික්ෂූ විවේචනය නොකොට අපේ සිත් දූශනය කොට නොගෙන ලෝකයම විමසමින් බුද්ධිය වඩවා ගැනීමයි වඩා සුදුසු දේ හැට්යට මා දකින්නේ.

      Delete
    6. උත්තර දෙන්න ප්‍රමාද වීම ගැන මුලිම්ම කණගාටුව ප්‍රකාශ කරනවා. ඔබගෙ ඉවසිලිවන්ත එකතු කිරීම් මේ සංවාදයට ගොඩක් වැදගත්. බොහොමයක් උදවිය මේ වගේ අදහස් ඉවසන්නෙ නෑ. මන්ද, "අපි කවුද සුපේශල සංඝයා වහන්සේ විවේචනය කරන්න?" "අපට නොතේරුණාට, සිල්වතුන් විවේචනය කිරීම සහ නිග්‍රහයට ලක්කිරීම අනන්ත අප්‍රමාණ පවු පිරෙන වැඩක්" යන අදහස් දෙක මුල් කරගෙන තමයි මට මීට කලින් පිළිතුරු ලැබුණෙ.

      මුලිම්ම, භික්ෂූන් ට නිග්‍රහ කිරීමක් නොවේ මා කළේ, විවේචනය කිරීමක්. ත්‍රිපිටක ධර්මය මේ තාක් රැක දීම සහ අප උදෙසා එය විග්‍රහ කරමින් ග්‍රන්ථ රචනා කිරීම ගැන මගේ ගෞරවය මා පිරිනමන අතරම, මේ කරුණු ගැනත් අවධානය යොමු කරවනවා.

      පළමුවන ධර්ම සංඝායනාවෙන් පසු, බුදු දහම රැකගන්නා භික්ෂු පරම්පරාව, විනයධර සහ ධර්මධර වශයෙන් දෙපිරිසකට බෙදෙනවා - උපාලි රහතන් වහන්සේ සහ ආනන්ද රහතන් වහන්සේ අනුව. ඔවුන් පරම්පරානුගතව තම ගුරුවරයන් අතින් උගන්නා ධර්මය රැකගනිමින් පවත්වාගන්නවා. මා කියවා ඇති සහ මගේ දැනීමේ හැටියට, මින් විනයධරයන් තමා, හීනයානය හෙවත් ථෙරවාදය බිහිකරන්නේ. ධර්මධරයන් සියළු ධර්මයන් එක් රැස් කරමින් මහායානය බිහිකරනවා. අනුරාධපුර යුගයේ ඉතිහාසය පිරික්සන විට, බහුතරයක් රජවරුන් අනුග්‍රහය දක්වා ඇත්තේ මහායානික අභයගිරියට. මහසෙන් රජ වරක්, මහාවිහාර භූමියේ උඳු වැපිරවූවා, එවිට මාස ගණනක් මහාවිහාරය භික්ෂූන් වහන්සේ ගෙන් හිස් වූවා. මේ වටපිටාවේ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන්නේ. අදටත් මහාවිහාරයේ එකද බුදුපිළිමයක් හෝ නැති අතර, සියළුම බුදුපිළිම ඇත්තේ අභයගිරිය සහ ඊට අයත් ව තිබූ උප විහාරයන් තුළයි. ඊට හේතුව, බුදුන් ගේ රුව නිර්මාණය කිරීම ගැන ථෙරවාදයේ පැවති අකමැත්ත. මෙවැනි බොහොමයක් පැරණි ලක්ෂණ වර්තමාන ථෙරවාදයේ දක්නට නැහැ. බුදුදහම ලක්දිවට පැමිණි මිහින්තලාවත් අභයගිරියට අයත් වූවක්. මිහින්තලා පුවරු ලිපි වලින් ද එය තහවුරු වනවා. (මා මෙම පුවරු ලිපි ගැන මීට කාලයකට කලින් ලියා තිබෙනවා.)

      පසුකාලීනව, මහා පරාක්‍රමබාහු රජ විසින්, සංඝායනාවක් කර, චෝළ පාලන සමයේදී ආකූල වී තිබූ භික්ෂු නිකායන් සියල්ල එක් නිකායක් බවට පත් කළා. එසේම රජුගේ අදහස අනුව දුසිල් යැයි සැළකූ භික්ෂූන් සිවුරු හරවා යැවුවා. (චූල වංශය අනුව එහිදී රජු විසින් අසා ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණයි. "බුදුන් කුමන වාදීද?" ඊට රජුගේ සිතේ ඇති පිළීතුර දුන් භික්ෂූන් වහන්සේට ශාසනයේ රැඳී සිටින්නට හැකි වුනා.) මෙහිදී බොහෝමයක් මහායානික අදහස් ‍ථ‍ෙරවාදයට එකතු වුනා වාගේම, හිංදු අදහස්ද මේ වන විට බුදුදහමට රිංගාගෙන අවසන්.

      මගේ අදහස නම්, බුදු පිළිම, දේව ඇදහිල්ල, බොධිසත්ත්ව වන්දනාව, බෝධිසත්ත්ව සංකල්පය (රජවරුන් බෝසතුන් වීම) බුදුන්ගේ පෙර ආත්ම (ජාතක කතා) ගැන ඇති අදහීම, ධර්ම ධාතු වන්දනාව (පිරුවානා පොත් වහන්සේ වැනි), පිරිත්, ආදී බොහෝ දේ බුදුන් වදාළ ධර්මය අනුව කෙරෙන දේ නොවේ.

      මේ, ශාසනයේ මා දන්නා ඉතිහා‍සයෙන් එක් කොටසක්. ‍ම‍ෙය ඉදිරිපත් කළේ, 100%ක් ම සුපිරිසිදු ථෙරවාදී ත්‍රිපිටකයක් ගැන අපේක්ෂා කළ නොහැකි බව දැක්වීමටයි. එහෙයින්, ත්‍රිපිටකය පරිශීලනය කරන විට, බුදුන් ම වරක් කියා ඇති පරිදි, පරම්පරාවෙන් එන නිසා නොව, තම නැණ පමණ විචාරශීලීව එය කළ යුතුයි.

      සද්ධර්ම රත්නාවලිය පමණක් නොවේ, බහුතරයක් එවැනි ධර්ම ග්‍රන්ථ ලියා ඇත්තේ කියවන්නන්ට නොව, අසා සිටින්නන්ටයි. ඒ කියන්නේ, සමකාලීන සමාජයේ පැවති සාක්ෂරතාව සහ අවබෝධ කරගැනීමේ හැකියා මට්ටම සැළකිල්ලට ගෙන එ්වා ලියා ඇති බවයි. ඒවා රසවත්, ජනතාවට සමීප සාහිත්‍යයක් වශයෙන් උසස්. ග්‍රන්ථයක් කියවීමේදී ලියන්නාගේ දේශපාලනික අපේක්ෂාව සිතේ තබාගැනීම වැදගත්. මෙය ධර්ම ග්‍රන්ථ වලට පමණක් නොවේ, සියල්ලටම පොදුයි.

      උදාහරණ වශයෙන්, බෛබලයේ පැරණි තෙස්තමේන්තුවේ සමහර පොත් ලියා ඇත්තේ, ඊශ්‍රායෙල් දේශය යුදෙව්වන්ට දෙවියන් විසින් දුන්නක් බව තහවුරු කර, ඊට ඔවුන්ගේ ඇති අයිතිය තහවුරු කිරීමටයි. නව තෙස්තමේන්තුවේ බොහොමයක් පොත් ලියා ඇත්තේ රෝම අධිරාජ්‍යය තුළ කතෝලික දහම පිළිගැනීමට හොඳ පසුබිමක් ඇති කිරීමටයි.

      පාරාජිකාපාළීය කියවන විට පැහැදිළී වෙනවා, එහි භික්ෂු විනය සම්බන්ධයෙන් ඇති විය හැකැයි සිතෙන සෑම ‍කරුණක්ම කතා ආශ්‍රයෙන් පැහැදිළී කර ඇති බව. එසේම, ප්‍රේත වස්තු සහ විමාන වස්තු ද ලියා ඇත්තේ කතා ඇසුරින්. ඒ ඒ ග්‍රන්ථ වලින් අපේක්ෂිත මූලික අරමුණ ගැනයි මා කලින් සඳහන් කළේ.

      භික්ෂූන් වහන්සේ කෙරෙහි ද්වේෂයෙන් විවේචනය කරමින් සිත් දූෂණය කරගැනීම නොවේ, සියල්ල අතරින් තෝරා‍ බේරාගෙන බුදු වදන් අවබෝධ කරගැනීමට තැත්කිරීම තමා වැදගත්.

      Delete
    7. ඩ්‍රැකී,
      ඔබෙ මේ අදහස තුලින් වැදගත් තොරතුරු මතුවෙනවා.
      ඒත් මේ ගැන දිගින් දිගටම කථා කිරීම නිසා මේ සාකච්චාව අන්වශ්ය අතකට දිගු වෙන බවක් සිතෙනවා. ඒත් ඔබේ අදහසට පිළිතුරු ලිපියකින් පල කරන්න මට බ්ලොග් අඩවියක් නැහැ. (ඉඳහිට කථා 32ට ලියන ලිපියක් හැරුනු කල )

      විනයධර භික්ෂූන්ගෙන් ථේරවාදයත් ධර්මධරයන්ගෙන් මහායානයත් ඇතිවූ බවට වන මතය මම දැන උන්නේ නැහැ. ඒ වගේම එය පිළිගැනීමටත් අපහසු බවක් මම සිතනවා. අද පවතින මහා යානයට වඩා ථේරවාදය බොහෝ දුරට ධර්මය හා සම්බන්ධයි.
      ඇතැම් විට ඔබ කියන සේ සියළු නිකායන් එක් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මේ ධර්මයේහි වැදගත් කොටස් ථේරවාදය තුලට පිවිසුනා විය හැකියි.
      ඒ එක්කම හිංදු මතවාද ඒ සමයේම සසුනට පිවිසි බවට් ඇත්ත වෙන්න පුළුවන්.
      අදටත් පවතින බොහෝමයක් නොගැලපෙන භාවිතාවන් බුදු දහමට පිවිස ඇත්තේම අනුරාධපුර යුගයේ පස්චිම භාගයේදී කියන එක බොහෝමයක් දෙනා පිළිගන්න ඇත්තක්.
      ඒනමුත් ඔබගේ ලැයිස්තුවේ ඇති ජාතක කථා කියන එක මම බැහැර කරනවා. ජාතක කථා කිය දෙය බෞද්ධ භාවිතයට එන්නේ පළමු ධර්ම සංඝායනාවේදී දේශිත සූත්‍ර පිටකයේ ජාතක පාලිය කියන කොටසින්. ඒ වගේම ඇතැම් ජාතක කථා වල පදනම වෙන්නේ විනය පිටකය.
      මෙන්න මේ හේතුව නිසා ජාතක කථා යනු බුද්ධ භාශිත බව පිළිගත හැකියි.
      හැබැයි ඒ ජාතක කථාවල ඔය සද්ධර්ම රතනාවලියේ තියෙන තරම් දීර්ග සවිස්තර කථා නැහැ. ඒවායේ ඇත්තේ බොහෝම සංක්ශිප්තව කියනු ලැබූ සරල කථාවක් පමණයි.
      ඔබ කියන සුපිරිසිඳු ත්‍රිපිටකයක් අපේක්ශා කල නොහැකියි කියන කියමන මට අපැහැදිලියි. ඒත් ඔබ ත්‍රිපිටකය සැබැවින්ම පරිශීලනය කර ඇත්නම් එය විශ්මය දනවන සුලුයි. මේ භික්ෂූන් දේශනා කරන ධර්මය හෝ ඔවුන් පිළිපදින විනය ත්‍රිපිටක්ය හා සැසඳීමෙදී බරපතල විශමතාවන් පවතිනවා. ඒත් සිහියෙන් කියවන්නෙකුට ත්‍රිපිටකයේ ඇති අරුත තේරුම් ගත හැකියි.
      ඔබට ඉඩක් ඇති විටෙක කථා 32 හි පලව ඇති ලෝකය හට ගැනීම නම් වූ ලිපිය කියවන්න. එය බුදු දහමේ වෙනස්ම පැතිකඩක් සාකච්චා වූ තැනක්.

      Delete
    8. ස්තූතියි සිතුවිලි සි,

      මම දෙතිස් කතා කියවන්න ගියා. කියවා අවසන් වූ විට ඒ ගැන යමක් කියන්න පුළුවන්. ඒ ගැන නැවතත් ස්තූතියි...

      මා කිව්වේ 100% ක්ම බුදුන් වදාළ දේ ඒ හැටියෙන්ම පවතින ත්‍රිපිටකයක් අපේක්ෂා කළ නොහැකි බවයි. කටපාඩමින් ගුරුවරයාගෙන් ගෝළයා අතට ලැබෙන දෙය බොහෝ විට පිරිසිදුව පැවතීගෙන යනවා. නමුත් කලින් කල තම නැන පමණින් යම් යම් දේ එකතු වීම නොවිය හැක්කක් නොවේ.

      බැමිණිටියාසායේදී, කාළිංග මාඝ ආක්‍රමණයේදී, සහ ඒ සමාන ව්‍යසන අවස්ථාවන්හිදී සමහර ත්‍රිපිටකධර ගුරු පරම්පරාවන් අපට අහිමි වන්නටත් ඇති. මහාවංශයේම යම් යම් තැන් වල තියෙනවා, සමහර හාමුදුරුවරුන් කුසගින්නේ මිය ගිය වග.

      මහා ම ව්‍යසනය වූයේ මගේ දැනීමේ හැටියට මහ පැරකුම්බා සියළු නිකායන් එක් කිරීමෙනුයි. එසේම කන්ද උඩරට අවසන් භාගයේදී පිරිහීගිය ශාසනය නැවත නඟාා සිටුවීමට රාමඤ්ඤ සහ සියම් රටවලින් උපසම්පදාව ආනයනය කිරීමට සිදු වූවා. ඒ සමයේදී නැකැත් වැඩ, දේවාල කපුකම් ආදිය කළ හාමුදුරු (ගණ යැයිද ඇතැම් විට හැඳින්වුන) පරම්පරාවන් ලක්දිව සිටි බව ද සඳහන්.

      ජාතක කතා බුදුන් දේශනා කර ඇත්තේ උපමා වශයෙන් සිය දේශනා විග්‍රහ කිරීම සඳහායි. නක්ඛත්ත ජාතකය ඊට මනා නිදසුනක්. (මා ඒ ගැන ගිය අවුරුද්දේ වෙසක් මස ලිපියක් ලීවා) මා කීවේ, මෙම ජාතක කතා වල පූර්වාපර සන්ධි ගළපා දක්වා, බුදුන්ගේ පෙර ආත්ම ගැන සඳහන් කිරීම මහායානයේ එන බෝධිසත්ත්ව සංකල්පය ඇසුරින් නිපන්නක් බවයි.

      ඔබ කීදේ ඉතා නිවැරදියි. ත්‍රිපිටකය සිහියෙන් පරිශීලනය කිරීම තමා සැබෑ බුද්ධ දේශිතය සොයා යන්නෙකු කළ යුත්තේ.

      මෙම සාකච්ඡාව වෙනත් දැසාවකට ඇදී ගොස් අවසන්. මා ඊට එකඟයි. මහායානය හා ථෙරවාදය ගැනත් අභයගිිරිය ගැනත් මා හට කීමට ඇති දේ ළඟදීම වෙනත් පෝස්ටුවකින් දක්වන්නට අදහස් කරනවා. එතෙක් දළ වශයෙන් මතක් කිරීමට කැමතියි, අභයගිරියේ චෛත්‍යයේ පිටත ගෝපුර මුරගල් වල අඹා ඇති බහිරව රූප දේවාල බවට පත්කර ඇති බෞද්ධයන් ගැනත්, එහිම ඇතුල් පැත්තේ ඇති මුරගල් වල හිමිදිරි පාන්දර නිරුවතින් පැමිණ හුණුගාන බෞද්ධයන් ගැනත්, මිහින්තලේ කටුසෑයේ නටඹුන් වලට භාර හාර වන ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් ගැනත්... සමාජයක පරිණාමය මෙබඳුයි. මා ඊට කම්පා වන්නේ නැහැ. විමර්ශනශීලීව බලනවා පමණයි.

      Delete
    9. ඔබගේ මී ලඟ ලිපිය බලා පොරොත්තුවෙන් සිටිනවා...

      Delete
    10. මීළඟ ලිපියට පසු ලිපිය වශයෙන් ඒක දාන්නම්.

      දෙතිස් කථා කියවන්නට පටන් ගත්තා. එය අතිශයින් බුද්ධීගෝචරයි. ඒ සමඟ සැසඳීමේදී මාගේ කථා කෙතරම් සරළදැයි පෙනෙනවා...

      Delete
  22. සුභ අලුත් අවුරුද්දක් ඩ්‍රැකි අයියාටත් පවුලෙ හැමෝටමත්!
    හුඟ දවසක් බ්ලොග් පැත්ත පලාතෙ එන්න බැරි වුනා.

    ලිපිය කියෙව්වා ඩ්‍රැකී අයියා. ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකායානෝ කියන පොත පිළිබඳ දරන මතය ගැන සතුටු වෙනවා. බෞතික සාධක මත නිගමනයන් වලට එළඹීම කොයි තරම් දුරට නිවැරදි ද කියලා කියන්න බැහැ. ඒ වගේම කලින් කමෙන්ට් එකක අයියා කියලා තියෙනවා වගෙ බුදුන් වහන්සේ ඉගැන්වුවෙ සන්සාරෙන් එතෙර වෙන්න. ඒත් ජේසුස් වහන්සේ ඉගැන්වුවෙ ඉපදිලා මැරෙන කන් ජීවත් වෙන්න ඕනෙ විදිහ. කෙනෙකුගෙ ජීවිත කාලය තුල කළ යුතු සහ නොකල යුතු දේ. ඒ වගේම. ඒ වගේම බුදු දහමෙ සියල්ලම අනිත්‍යයි කියල උගන්වනවා. ඒ නිසාම නිවන් දකින්න නම් කිසිම දෙයක් ගැන බැදීමක් තියෙන්න බැහැ කියල තියෙනවා මං අහලා තියෙනවා. ඒත් කතෝලික ධර්මයේ එහෙම සදහන් වෙන්නෙ නෑ. සියල්ලන්ටම සහෝදරන්ට වගේ ආදරේ කරන්න කියල කතෝලික ආගමේ උගන්වනවා. ඒ වගේම බුදු දහමෙ කියන අකාරයට කර්මය පල දීමක් ගැන කියවන්නෙත් නෑ. ඉතින් මේ ඉගැන්වීම් පරස්පර විරෝධී. ඒ වගේම තමයි ආගම් දෙකෙන්ම කියන්නෙ හොඳ දේවල් කරන්න කියලා. එතනදි බුදු දහමේ නරකයි කියන දේ කතෝලික ධර්මයෙත් නරකයි, ඒ වගේම අනිත් ආගම් වලත්. උදාහරනයක් විදියට බොරු කියන්න එපා කියන එක සිල් පදයක් වගේම කතෝඉලික ආගමෙත් එක පණතක් වෙද්දි හින්දු භක්තිකයන්ට සහ ඉස්ලාම් ආගමිකයන්ටත් ඔය පනත පොදුය්.

    ReplyDelete
    Replies
    1. ඔන්න දෙවියන් වහන්සේ ආවලු පොළොවට. ඇවිත් ඉන්දියාවෙ හිංදු මිනිහෙක්ගෙං ඇහුවලු,

      "පණතක් තියෙනව ඕනෙද?" කියල.

      හිංදුව ඇහුවලු, "මොකද්ද?" කියල.

      "පර පණ නොනසනු"

      "අපෝ... ඕක හෙණ පරණයිනෙ" හිංදුව කිව්වලු.

      පස්සෙ දෙවියන් වහන්සෙ ගියාලු මුස්ලිම් කාරයෙක් ගාවට. එතනිනුත් බාර ගත්තෙ නෑලු. මොකද ඒක දැනටම උං ගාවත් තියෙන නිසා.

      පස්සෙ දෙවියන් වහන්නෙ සීනයි කාන්තාරෙට ගියාලු. එහෙදි හම්බුනාලු යුදෙව්වෙක් වෙච්ච මෝසෙස්. පොර ගෙනුත් ඇහුවලු

      "පණතක් තියෙන ඕනෙද?" කියල.

      මෝසෙස් කොච්චර උනත් යුදෙව්වෙක්නෙ. ඉතිං උන්දැ ඇහුවලු, "කීයද?" කියල.

      "නිකං දෙන්නෙ" දෙයියො කිව්වලු.

      "එහෙනං ඔන්නොහෙ දහයක් විතර දෙන්ඩ" මෝසෙස් කිව්වලු.

      ස්තූතියි එකතු කිරීමට. ඔයා කියන දේ තමයි මාත් අදහස් කරන්නෙ...

      Delete
    2. කොහොමද බොලේ මෝසෙස්ට දසපණත හම්බවෙන්ටත් කලින් මුෂ්ලිම් මුනියෙක් බිහිවුනේ?

      මම ඇහැවුවෙ නිකං කට කහනවට හොඳේ. මොනා වුනත් අපි politically correct වෙන්ටෝනැනෙ.. :-D

      Delete
    3. ඇත්ත ඇත්ත. අරූ මුස්ලිම් කාරයෙක් නෙවෙයි. බැබි‍ලෝනියන්... ප්‍රධාන ආගම් තුන ගන්න ඕනෙ නිසයි මුස්ලිම් කළේ.

      මෝ‍ස‍ෙස් කියන්නෙ කුරානයෙත් ඉන්න දිවැසිවරයෙක්නෙ. ඇත්තටම ඊට කලින් මුස්ලිම් ආගම කියල වෙනම ආගමක් තිබුනෙ නෑ.

      සිදුවූ නොමඟ යැවීම ගැන බලවත් කණගාටුව...

      Delete
  23. අප්පේ මේකෙ දිග :/

    සුබ නව වසරක් වෙවා ඩ්රැකී!!!

    ReplyDelete
    Replies
    1. දෙගුණයක් දිගයි වගේ ඈ...? :-)

      එසේම වේවා රංගන සහෝදරයා... බ්ලොග් ලෝකයේ දිග කාලයක් රැඳී ඉන්න හැකි වේවා!!!

      Delete
  24. අප්පේ මේකෙ දිග :/

    සුබ නව වසරක් වෙවා ඩ්රැකී!!!

    ReplyDelete
    Replies
    1. දෙගුණයක් දිගයි වගේ ඈ...? :-)

      එසේම වේවා රංගන සහෝදරයා... බ්ලොග් ලෝකයේ දිග කාලයක් රැඳී ඉන්න හැකි වේවා!!!

      Delete
  25. නොදන්නා දෑ ගැන කතාකිරීමට බිය ඇත්තෙමි. මම දන්න විදිහට සියල්ල මැවූ දෙවියන් වහන්සේ වශයෙන් කතෝලික ආගමේ දැක්වෙන්නේ ස්වභාව ධර්මය විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නොදන්න දේ ගැන ප්‍රශ්න අහන්න පුළුවන්නෙ, ඕනෙ කමක් ඇත්තං. (බොලා ඉතිං දෙවියන්නාන්සෙ කියන්නෙ පොළියට නෙ.)

      සෘග් වේදයෙ තියෙන හැටියට නං සූර්ය, වරුණ, අග්නි, වායු, මිත්‍ර, පශුපති... ආදී ස්වභාව ධර්මයේ කොටස් සහ ශක්ති නිරූපණය කරන දෙවියන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒක බහුදේවවාදයනෙ. කාලයක් යද්දි ඒකදේවවාදයකට හැරෙන්නෙ බහුදේවවාදය ම තමා. බෛබලයෙ තියෙන්නෙ ඒකදේවවාදයක්. එතකොට ස්වභාවධර්මයේ අසීමිත ශක්තීන් සහ බලවේග කැටි වෙච්ච විශ්වීය දෙවිකෙනෙක් තමා ඉන්නෙ. උන්වහන්සෙ විවිධ පුද්ගලයන්ට කතා කරලා අණ දීම් කරනවා. (ආදම්ට, කායින්ට, නෝවාට, ආබ්‍රහම්ට, ජෝසප්ට, මෝසස්ට ආදී වශයෙන් එහෙම තමන්ගෙ නියෝග දීපු අවස්ථා බෛබලයෙ සඳහන් වෙනවා.) ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ. ටෙන් කමාන්ඩ්මන්ට්ස් ෆිල්ම් එකට අනුව මෝසස්ට සීනයි කන්දෙදි හම්බවෙන දෙවියන් වෙන්නෙ සීනයි ගිණිනකන්දමයි, ඒ ප්‍රදේශයෙ මිනිස්සු දෙවියන් කියල අදහන්නෙ ගිණීකන්දක්. එතකොට මෝසෙස් කියල අලුත් ෆිල්ම් එකක් තියෙන්නෙ, ඒකෙ ගොඩක් පැහැදිලිව පෙන්නනව, වඩදිය බාදිය වෙනස් කම් ආදිය දේව බලය හැටියට ආරෝපණය වෙන හැටි.

      Delete
  26. නියම පොස්ට් එකක් ඩ්‍රැකියා.මම එනකොට පරක්කුයි.මම කොමන්ටු ටිකත් කියවලා බැලුවා.සංවාදයකටත් මේ පොස්ට් එක හොඳයි.මම පිටකයට වගේම බයිබලයත් සම්පූර්නයෙන්ම කියවලා තිබෙනවා.ඒ නිසා ඊ ලග පෝස්ට් එකේදි සංවාදයකට එකතු වෙන්නම් මචෝ

    ReplyDelete
    Replies
    1. බෛබලය ලිව්වෙ කවුද? මීළඟ සංවාදය. (කවදා ලියවෙයිද දන්නෑ හැබැයි...) ඒ නිසා කියන්න තියෙන දෙයක් මේකටම දැන් එකතු කරන්න. අනාගත සංවාද වලදි ඕන්නං ඒකම ආයෙමත් වඩා දියුණු විදිහට කියන්න බැරියැ.

      නැත්තං මනෝ මන්දිරයෙ පොස්ටුවක් හැටියට දාන්න...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි