Thursday, December 3, 2015

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part

මෙතෙක් කොටස්...
3 කොටස
http://2.bp.blogspot.com/-dk6_WbpqARw/
Uh-ii7e2iKI/AAAAAAAAd7c/
Kt23h6qFTr0/s1600/vladmissmeyet.jpg
ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද

ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවක් වේ.

1. රන් කුසලානය

සිය පාලන ප‍්‍රදේශය තුළ නීතියේ පාලනය සහ අවංක කම පවත්වාගත් පාලකයෙක් ලෙස ව්ලාඩ් ප‍්‍රකටය. ඔහුගේ බල ප‍්‍රදේශය තුළ සොරුන් සිය කටයුතු කිරීමට බිය වූයේ, අල්ලාගත් පසු උලට යාමට සිදු වන නිසාය. මෙම තත්ත්වය පිළීබඳ කෙතරම් ආත්ම විශ්වාසයක් ව්ලාඩ් සතුව තිබුණේ ද යත්, ඔහු ටර්ගොවිස්ට් නගරයේ මැද රන් කුසලානයක් තබා තිබුණු බව කියැවේ. ඔහුගේ පාලන කාලය තුළ කිසිවෙකු හෝ එය සොරකම් කරන්නට එඩිතර වූයේ නැත.

2. ලෙඩුන් හා දුප්පතුන් ගේ භෝජන සංග‍්‍රහය

ව්ලාඩ් තම රටවැසියන් පොදු යහපතට දක්වන දායකත්වය ගැන ඉතා  ඕනෑ කමින් සොයා බැලීය. එක් වරක් ඔහුට නිරීක්ෂණය වූයේ දුප්පතුන්, අයාලේ යන්නන්, හිඟන්නන් සහ අබ්බගාතයන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇති බවය. තම රාජ්‍යයේ කිසිවෙකුත් සාගින්නේ නොසිටිය යුතු යැයි ප‍්‍රකාශ කළ ඔහු, වලාචියා හි සිටි සියළුම දුප්පතුන්ට සහ රෝගී වූවන් ට අගනුවර පැවැත්වෙන භෝජන සංග‍්‍රහයකට ආරාධනා කළේ ය. ඒ අනුව පැමිණි දුප්පතුන් සහ අබ්බගාතයන් නගරයේ විශාල ශාලාවක සකස් කර තිබූ භෝජන සංග‍්‍රහයකට හිඳුවන ලද අතර, ඔවුන් රෑ මැදියම වන තුරු කා බී ප‍්‍රීති වූහ. ව්ලාඞ් තමන්ම ඔවුන් අතරට අවුත් ‘‘තවත් ඔබ ආශා කරන දේ මොනවාද? ඔබ කැමතිද කරදර වලින් සහ කිසිදු හිඟකමකින් තොර ජීවිතයකට?’’ යැයි ඇසීය. ඔවුන් ඊට "ඔව්" යැයි පිළිතුරු දුන් විට ව්ලාඩ් එම ශාලාව වසා දමා, ගිණි තැබීමට අණ කළේය. එම ගින්නෙන් කිසිවෙකුත් බේරුනේ නැත. ව්ලාඩ් මෙම ක‍්‍රියාව බෝයර් වරුන්ට තේරුම් කර දෙමින්, ‘‘ඔවුන් තවදුරටත් අනෙක් මිනිසුන්ට බරක් නොවනු පිණිස සහ මාගේ රාජ්‍යයේ දුප්පතුන් නොමැති වනු පිණිස’’ මෙය කරවූ බව පැවසීය. 

3. තලප්පාවලට ඇණ ගැස්වීම

මෙම වෘත්තාන්තය ඉහතින් විස්තර කර ඇත. උරණ වූ පාලකයන් විසින් දූතයන් ගේ හිස් වැසුම් ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්වීම, නැගෙනහිර යුරෝපයේ මෙන්ම රුසියාවේ පාලකයන් පිළිබඳ කතාන්තර අතර දක්නට ලැබේ.

4. විදේශික වෙළෙන්දා

විදේශයකින් ආ වෙළෙන්දෙක්, ටර්ගොවිස්ට් නගරයේ රාත‍්‍රියක් ගත කළේ ය. ඔහු වලාචියා හි අවංක කම හා නීතියේ පාලනය ගැන දැන සිටි හෙයින් තම කරත්තය එළියේ තබා තිබුණි. උදෑසන තම කරත්තය වෙත ගිය ඔහු ට දක්නට ලැබුණේ රන් ඩකට් 160ක් නැති වී ඇති බවය. වෙළෙන්දා වහාම ව්ලාඩ් වෙත පැමිණිලි කළේය. ඔහුගේ වස්තුව නැවත ලබාදෙන්නට පොරොන්දු වූ ඩ‍්‍රැක්‍යුලා, වහාම සොරා ඉදිරිපත් නොකළහොත් නගරය විනාශ කරන බවට ප‍්‍රකාශයක් නිකුත් කළේය. එදින රාත‍්‍රියේ තම භාණ්ඩාගාරයෙන් ඩකට් 161 ක් තම භාණ්ඩාගාරයෙන් ගෙන වෙළෙන්දාගේ කරත්තයේ තබන ලෙස ව්ලාඩ් අණ කළේය. පසුදා උදෑසන නැවත කාසි ගැන බැලූ වෙළෙන්දා නැවත ඩ‍්‍රැක්‍යුලා වෙත එළඹ තම මුදල් ආපසු ලැබුණු බවත්, ඩකට් එකක් වැඩිපුර ලැබී ඇති බවත් දැන්වීය. ඒ අතර සොරා අල්ලාගෙන සොරාගත් මුදල ද සමඟ ව්ලාඩ් ගේ මුර සෙබළුන් වෙත භාර දෙන ලදි. ඔහු එම සොරා උල තැබ්බවූ අතර, වැඩිපුර ලැබුණු ඩකට් එක ගැන වාර්තා නොකළේ නම් තමන් හට ද සොරා ගේ පසෙකින් උලක හිඳීමට සිදුවන බව වෙළෙන්දාට දැන්වීය. 

5. කුසීත ගැහැණිය

ව්ලාඩ් දිනක් ගොවිපොළක වැඩ කරන මිනිසෙක් දුටුවේය. ඒ මිනිසා ඇඳ සිටි කෆ්තානය හෙවත් කමිසය ඉතා කෙටි බව ඔහුට නිරීක්ෂණය විය. ඩ‍්‍රැක්‍යුලා නැවතී එම මිනිසාගේ බිරිඳ ගෙන්වීය. එම ගැහැණිය ගෙන ආ පසු ඔහු ඈ සිය දවස ගත කරන්නේ කෙසේදැයි ඇසීය. අසරණ බියපත් ගැහැණිය, රෙදි සේදීම, පාන් පිළිස්සීම සහ ඇඳුම් මැසීම කරන බව කීවාය. ඇගේ සැමියාගේ කෙටි කෆ්තානය ඇගේ කම්මැළි කම සහ වංකභාවය පිළිබඳ සාක්ෂියක් ලෙස දැක්වූ ව්ලාඩ්, ඇය උල තැබීමට නියෝග කළේය. එහිදී ඇගේ සැමියා තමන් ඇගේ ක‍්‍රියාකළාපය ගැන හොඳටම සෑහීමකට පත් වන බවට දැක්වූ විරෝධය ද ඔහු නොතකා හැරියේ ය. ඉන් පසු ව්ලාඩ් වෙනත් ගැහැණියකට මෙම මිනිසා සමඟ විවාහ වන ලෙස අණ කළ අතර, ඇය ද වෙහෙසී වැඩ නොකළහොත් කලින් බිරිඳගේ ඉරණම ම ඇයට ද උරුම වන බවට අවවාද කළේය.

6. සංවේදී වංශාධිපතියා

1459 ශාන්ත බර්තොලම්‍යු මුනිවරයාගේ දින (අගෝස්තු 24) ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා, ට‍්‍රාන්සිල්වේනියාවේ බ‍්‍රාසෝව් නගරයේ සිටි වෙළෙන්දන් සහ වංශාධිපතියන් තිස් දහසක් උල තැබ්බවීය. එය වඩා හොඳින් රසවිඳිනු පිණිස ඔහු උල තැබ්බවූ මිනිසුන් අතර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීය. සංග‍්‍රහය අතරතුර එයට ආරාධනා ලැබූ බෝයර් වරුන් අතරින් එක් අයෙකු, කැටිගැසුණු ලේ වලින් හමන දුගඳ ඉවසිය නොහැකිව, සිය නාසය මිරිකාගෙන සිටිනු ව්ලාඩ් ගේ නෙත ගැටින. එකෙණෙහිම ඒ සංවේදී බෝයර්වරයා උලතැබීමට අණ කළ ඩ‍්‍රැක්‍යුලා, අනෙක් මළ සිරුරු වලට ඉහළින් සිටින සේ උස් උලක හිඳුවීමට අණ කළේ, ඔහුට ඉවසිය නොහැකි වූ දුර්ගන්ධය ඔහුට නොදැනීම පිණිසය.

7. ඩ‍්‍රැක්‍යුලාගේ අනියම් බිරිඳ.

ව්ලාඩ් හට වරක් අනියම් බිරිඳක් විය. ඈ විසූයේ ටර්ගොවිස්ට් නගරයේ අප‍්‍රකට වීදියක ය. ඇය ඩ‍්‍රැක්‍යුලාට සිය සිහිය විකල් වන තුරු ආදරය කළ අතර, නිතර ඔහු සතුටින් තැබීමට ආශා කළාය. නිතර නිතර කෝපයෙන් හෝ ආතතියෙන් පසු වූ ව්ලාඩ් ගේ සිතේ පැටවුණු බර සැහැල්ලු කර සිත පහන් කිරීමට ඈ හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කළාය. එවැනි එක් මොහොතක ඩ‍්‍රැක්‍යුලාගේ අවධානය වෙනස් කිරීම ට ඇය තමන් ගැබ්ගෙන ඇති බවට බොරුවක් කීවාය. ව්ලාඩ් එම කාන්තාව දියවඩන පාලිකාවන් ලවා පරීක්ෂා කරවා, එය අසත්‍යයක් බව දැනගත්තේය. එය දැනගත් වහාම ඔහු තම කිණිස්සෙන් ඇගේ උදරය ඉකිළියේ සිට පපුව දක්වා පළා, වේදනාවෙන් මියයන්නට හළේය. 

8. පෝලන්ත ජාතික වංශාධිපතියා

හංගේරියාවේ රජු යටතේ සේවය කළ බෙනඩික්ට් ද බොයිතොර් නම් පෝලන්ත වංශාධිපතියෙක් 1458 සැප්තැම්බර් මස එක් දිනක ව්ලාඩ් බැහැදැකීමට ටර්ගොවිස්ට් වෙත ආයේය. ඔහු සමඟ පැවති එක් රාත‍්‍රී භෝජනයක දී ව්ලාඩ් රන් හෙල්ලයක් ගෙන්වා, එම රාජකීය දූතයා ඉදිරිපිට සිටුවීමට අණ කළේය. ‘‘මෙය ගෙන්නුවේ කුමකටදැයි ඔබ දන්නවාදැ’’යි ඩ‍්‍රැක්‍යුලා විමසීය. ‘‘ඔබට වරදක් කළ බෝයර් වරයෙකුට ගෞරව දැක්වීමටයැ’’ යි තමා සිතූ බව බෙනඩික්ට් පිළිතුරු දුනි. ‘‘එය ගෙන්නුවේ ඔබට ගෞරව දැක්වීමට යැ’’යි ව්ලාඩ් එකෙණෙහි පිළිතුරු දුන්නේය. එවිට බෙනඩික්ට්, තමන් ඩ‍්‍රැක්‍යුලා හට වරදක් කර ඇත්නම්, ඊට සුදුසයැයි ව්ලාඩ් තීරණය කරන  ඕනෑම දඬුවමක් දෙන ලෙස දැන්වීය. එයින් මහත් සතුටට පත් ව්ලාඩ්, ඔහු හට තෑගි භෝග රාශියක් පිරිනැමූ අතර, ඊට වඩා වෙනස් උත්තරයක් දුන්නේ නම් එකෙණෙහිම ඔහු උල තැබ්බවීමට ඉඩ තිබූ බවද දැන්වීය.

9. දේවගැතිවරු දෙදෙනා

මෙම ප‍්‍රවාදය විවිධ වෙනස් කම් සහිතව කියැවෙන අතර, බොහොමයක් මූලාශ‍්‍ර එකඟ වන කතාන්තරය මේ අයුරින් වේ. විදේශයකින් පැමිණි පැවිද්දන් දෙදෙනෙක්, ඩ‍්‍රැක්‍යුලා බැහැදැකීමට ටර්ගොවිස්ට් හි ඔහුගේ මාළිගාවට ආහ. මෙම දේවගැති වරුන් ගේ ප‍්‍රතිචාරය කෙසේ දැයි බැලීමට ව්ලාඩ් ඔවුනට, තම අංගනයේ මිනිසුන් උල තබන ලද උල් සමූහයක් පෙන්වීය. ඒ ගැන ඔවුන්ගේ අදහස විමසූ විට, පළමු පැවිද්දා ‘‘ඔබ පාපී මිනිසුන්ට දඬුවම් කිරීමට දෙවියන් විසින් මිහිමතට එවා ඇතැ’’ යි පිළිතුරු දුන්නේය. අනෙක් දේවගැති තැනට ක‍්‍රෑර පාලකයා විවේචනය කිරීමට ප‍්‍රමාණවත් තරම් සදාචාරාත්මක ධෛර්යයක් තිබුණි. ජර්මානු අත්පිටපත් බොහොමයකට අනුව, ව්ලාඩ් ඇත්ත කියූ පැවිද්දා උල තැබ්බවූ අතර, තමන් චාටුකාර ලෙස වර්ණනා කළ තැනැත්තාට තෑගි දුන්නේය. එහෙත්, රුසියානු අත්පිටපත් සහ රුමේනියානු ජනශ‍්‍රැතියට අනුව, ව්ලාඩ් අවංක දේවගැති වරයා ට තෑගි දුන් අතර, චාටුකාරයා ගේ වංකකම නිසා ඔහු උල තබ්බවා ඇත. 

රුමේනියානු ඇගයීම

1481 සිට ලියැවුණු රුමේනියානු සහ බල්ගේරියානු ලියැවිලි වල ව්ලාඩ් නිරූපණය වන්නේ කර්කෂ නමුත් සාධාරණ ක‍්‍රමවේදයන් මඟින්, දූෂිත ධනවත් බෝයර් වරුන් අතින් රට බේරා ගැනීමට සටන් කළ වීරයෙකු ලෙසිනි. එසේම ඔහුගේ යුධ ප‍්‍රයාණයන් සියල්ල එල්ල වූයේ වලාචියාව ආක‍්‍රමණය කළ ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහිවය. ස්ලැවොනීය කතා (The Slavonic Tales) හි මෙසේ සඳහන් වේ:

‘‘ඔහු තම රට තුළ දුෂ්ට බව කෙතරම් පිළිකුල් කළේ ද යත්, කිසිවෙකු කිසියම් හාණියක්, සොරකමක් හෝ පැහැරගැනීමක්, බොරුවක් හෝ අසාධරණ ක‍්‍රියාවක් කළේ ද, ඒ කිසිවෙකුත් පණපිටින් ඉතිරි වූයේ නැත. ඒ තැනැත්තා උසස් බෝයර් වරයෙකු වූවද, පූජකයෙකු වූවද, සාමාන්‍ය මිනිසෙකු වූවද, ධනවතෙක් වූවද, ඔහුගේ මරණයෙන් ඔහු බේරාගැනීමට ඒ කිසිවකට හැකි වූයේ නැත.’’

රැගුසා හි විසූ ඉතාලි ජාතික ලේඛකයෙකු වූ මයිකල් බොසිඤොලි 1524 දී ව්ලාඞ් ගැන මෙසේ ලියයි: ‘‘එක් කලෙක, වලාචියා හි ඉතා නැණවත් සහ යුද්ධයේ දක්ෂ වූ ඩ‍්‍රැගූල් නම් කුමාරයෙක් විය.’’

කැන්ටකුසිනෝ වංශයේ ස්ටොයිකා ලූඩෙස්ක්‍යූ විසින් 1688 දී තරම ලියැවුණු ලෙටොපයිස්ටල් කැන්ටකුසිනෙස්ක් (Letopisetul cantacuzinesc) නම් ඓතිහාසික වංශකතාවෙහි ව්ලාඩ් ගේ පදවි ප‍්‍රාප්තිය විස්තර කරන කොටසෙහි අවසානයේ මෙසේ සඳහන් වේ. ‘‘වොයිවෝඞ් ව්ලාඩ් එම සාධාරණ මිනිසුන් අතර සිය රාජ්‍ය පාලනය පවත්වාගත් තාක් කාලය තුළ, දෙවියන් වහන්සේගේ ද ආධාරයෙන් බොහෝ යහපත් සහ ගෞරවාන්විත පාලකයෙකු බවට වර්ධනය වූයේය.’’

රුමේනියානු ලේඛකයෙකු සහ කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ යෝන් බුඩේ-ඩිලේන්‍යු (Ioan Budai-Deleanu) 1785 දී තරම ‘‘ටිගානියාඩා’’ නම් රුමේනියානු වීර කාව්‍යයක් ලිවීය. එහි, ව්ලාඩ් නිරූපණය වූයේ ඔටෝමන් වරුන් හා සටන් කළ රෞද්‍ර රණ ශූරයෙකු ලෙසිනි. රුමේනියානු ශ්‍රේෂඨ කවියන්ගෙන් කෙනෙක් වූ මිහායි එමිනෙස්ක්‍යූ අතින් ව්ලාඩ් ගේ චරිතය නූතන රුමේනියානු සමාජයේ ප‍්‍රසාදයට පත් කිරීමට මහත් මෙහෙයක් ඉටු විය. පැවති ජරාජීර්ණ සමාජයට එරෙහි භූමිකාවක් ලෙස ඔහු ව්ලාඩ් දක්වයි. ඔහුගේ කවි මඟින් ව්ලාඩ් ගේ දරුණු ක‍්‍රියා කළාපය පවා, සමාජය සුවපත් කිරීමේ යොදාගත් බවට ඔහු සාධාරණීකරණය කරයි.

මීට වෙනස් ස්වරූපයක් ඉදිරිපත් කරන ජර්මානු, සැක්සන් සහ හංගේරියානු මූලාශ‍්‍ර වල ව්ලාඩ් නිරූපණය වන්නේ ප‍්‍රජාපීඩකයෙකු සහ රාක්ෂසයෙකු ලෙසිනි. මීට හේතු වන්නට ඇත්තේ, ඩ‍්‍රැක්‍යුලා අතින් වධයට පත් වූ ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරු සහ පසුකාලීනවතම පෞද්ගලික අවශ්‍යතාව මත මැතියාස් කෝවිනස් විසින් ඔහු අපකීර්තියට පත් කිරීමට පතුරුවා හළ ප‍්‍රවාද බවට, බොහෝ ඉතිහාසඥයෝ සහ ලේඛකයෝ එකඟ වෙති. කෙසේ වෙතත්, ව්ලාඩ් දස දහස් ගණන් මිනිසුන් දරුණු ආකාරයෙන් මැරවූ බවට බිඳ හෙළිය නොහැකි ලේඛන ගත සාක්ෂ්‍ය, රුමේනියානු සහ විදේශීය ලේඛන තුළින් හමු වන අතර, ව්ලාඩ් විසින්ම රචිත ලිපි ද ඒ අතර වේ.

බ‍්‍රෑම් ස්ටෝකර් සම්බන්ධය

ඩ‍්‍රැක්‍යුලා යන නම වැම්පයරයෙකු හා සම්බන්ධ කළේ බ‍්‍රෑම් ස්ටෝකර් ය. එම නාමය ඔහුට හමු වූයේ විලියම් විල්කින්සන් ගේ ‘‘වලාචියා හි සහ මෝල්දාවියා හි රාජ්‍යයන් පිළිබඳ ඒවා සම්බන්ධ විවිධ දේශපාලනික නිරීක්ෂණයන් සහිත ප‍්‍රකාශනයක්’’ (An Account of the Principalities of Wallachia and Moldavia: with various Political Observations Relating to Them) යන ග‍්‍රන්ථයෙන් යැයි සැළකේ. ඔහු එම පොත පිළිබඳ සටහන් තබාගෙන ඇති බව ප‍්‍රකටය. එසේම ස්ටෝකර්හට හඳුනාගන්නට ලැබුණු හංගේරියානු මහාචාර්යවරයෙකු වූ බුඩාපේස්ට් හි ආර්මින් වැම්බරි මඟින් ඔහු ජනප‍්‍රවාදයෙන් පතළ වූ ව්ලාඩ් ගේ කීර්තිය ගැන දැනගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. ඩ‍්‍රැක්‍යුලා නවකතාවේ ආචාර්ය ඒබ‍්‍රහැම් වැන් හෙල්සිං, තමන් ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ තම මිතුරෙකු වන ආර්මිනියස් නමැත්තෙකුගෙනැයි සඳහන් කිරීම, මෙම අදහසට රුකුල් දෙයි. (ඩ‍්‍රැක්‍යුලා - පරි. 18)

වැම්පයර් මිථ්‍යාවේ මුල

බ‍්‍රෑම් ස්ටෝකර් සිය සුප‍්‍රකට වැම්පයරයාගේ වාසභූමිය ලෙස බෝල්කන් ප‍්‍රදේශය තෝරාගැනීම ඉතාම සුදුසු වූ බව පෙනේ. ස්ටෝකර්ගේ කාලය වූ එක්දහස් අටසිය අනූ ගණන් වන විටත් බෝල්කන් ප‍්‍රදේශ සංස්කෘතිකමය වශයෙන් මධ්‍යතන අවධියේ පැවතුනි. ඒ වන විට ඔවුන් තුර්කියේ යටත් වැසියන් ව සිට එයින් නිදහස් වූවා පමණි. අඳුරු යුගයේ මිථ්‍යා විශ්වාසයන් තවමත් එම ප‍්‍රදේශයේ සාමාන්‍ය ව්‍යවහාරය ව පැවතියේය.

වැම්පයර් පුරාවෘත්තයන් ගේ මුල බෝල්කන් ප‍්‍රදේශයයි. බොහෝ සංස්කෘතීන් හි පුරාණෝක්ති අතර වැම්පයරයන්ට සමාන සත්ත්වයන් ගැන සඳහන් වේ. එසේ වුවත්, යුරෝපයට සහ එයින් අමෙරිකාවට පැතිරුණු වැම්පයර් කතා, නැගෙනහිර යුරෝපයේ ස්ලාව් සහ ග‍්‍රීක ප‍්‍රදේශ වල උපන් ජනප‍්‍රවාද ය. 

වැම්පයරයන් පිළිබඳ සංකල්පය නැගෙනහිර යුරෝපය පුරා පැතිරී යාම දහ හත් වන සියවසේ අග භාගයේ සිට දහ අට වන සියවස මුළුල්ලේ සිදුවිය. මේ කාලය තුළ හංගේරියාවේ සහ බෝල්කන් ප‍්‍රදේශයන්හි වැම්පයරයන් යැයි සැක කරන ලද සිදුවීම් මහත් රාශියක් වාර්තා වේ.බෝල්කන් ප‍්‍රදේශයන්හි සිට මෙය වසංගතයක් සේ බටහිර දෙසට පැතිරුණු අතර, අනුක‍්‍රමයෙන් ජර්මනිය, ඉතාලිය, ප‍්‍රංශය, එංගලන්තය සහ ස්පාඤ්ඤය දක්වා එය විහිද ගියේය. බෝල්කන් ප‍්‍රදේශයන් ට ගිය සංචාරකයෝ ආපසු සියරටට රැගෙන ආ නොමළවුන් පිළිබඳ කතා, මෙයට මුල් විය.

එයින්, බටහිර දාර්ශනිකයන්ගේ අවධානය මෙම සංකල්පයට යොමු විය. දොම්  ඕගස්ටින් කැල්මට් හංගේරියානු වැම්පයරයන් ගැන සිය සුප‍්‍රකට නිබන්ධන රචනා කළේ මේ කාලයේදී ය. එසේම මෙම අවධිය තුළ ගත් කතුවරුන් සහ නාට්‍ය රචකයන් මුලින්ම මෙම මිථ්‍යාව ගැන ගවේෂණය කරන්නට පටන් ගත්හ. ස්ටෝකර්ගේ නවකතාව හුදෙක්ම, බෝල්කන් ප‍්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම් පිළිබඳව පැවති මෙම දීර්ඝ ගවේෂණ මාලාවේ අවසන් ප‍්‍රතිඵලය ලෙස සැළකිය හැක.

ඒ හැරෙන්නට, ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ලේ උරා බොන අවතාරයකට හැරීමක් ගැන ජනප‍්‍රවාදමය සාක්ෂි සොයාගත නොහැක. එය හුදෙක්ම බ‍්‍රෑම් ස්ටෝකර් සිය නවකතාවේ දුෂ්ට චරිතයට මුහුණක් ලබාදීමට කරන ලද්දක් බව පෙනේ.

2011 ඔක්තෝබරයේ දී චාල්ස් කුමාරයා, තමන් ව්ලාඩ්ගෙන් වංශානුගතව පැවතෙන්නෙකු බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. ඒ, ට‍්‍රාන්සිල්වේනියාවේ වනගත ප‍්‍රදේශ සංරක්ෂණ කාර්යයන්ට ආධාර දීමට ප‍්‍රතිඥා දෙමිනි.

ඩ‍්‍ර‍්‍රැක්‍යුලා සම්බන්ධ චිත‍්‍රපට
Vlad Tepes (1979) චිත්‍රපටයෙන්
http://2.bp.blogspot.com/-FTziTQvWR20/
TyzxJpYxekI/AAAAAAAACUo/LpzBybkUfh4
/s1600/Vlad-Tepes_1982_03.png
ඩ‍්‍රැක්‍යුලා චරිතය නිරූපණය වන මෙතෙක් තිරගත වූ හොඳම විත‍්‍රපට විසි අටක ලිස්ට් එකක් මෙතනින්.

මූලාශ්‍ර - 

විකිපීඩියා
වැම්පයර් සංකල්පය ගැන සවිස්තරාත්මක ලිපි මාලාවක් ළඟදීම බලාපොරොත්තු වන්න

141 comments:

  1. ඩ්‍රැකිපිඩියා..

    ව්ලාඩ් කුමාරයා අපි දැං ආයි මුලට යමු.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. ටැංකිව් දේශකයා, ටැංකිව්.

      උඹ එක වීම ගැන මයග් බලවත් මෙව්ව එක...

      Delete
    2. මම කියවන්නෙත් නැතුව එක වෙන්න ආවා කොහෙද..... දේශ් ඇවිත්නේ කියවලාම එන්න්කෝ

      Delete
    3. දේශකය උඩුකුරුඤ්ඤං

      Delete
    4. මට එක වෙන්න දුන්නෙ නැති දේශකයා සහ ඔහුට සුභ පැතු ඩ්‍රැකියාද කියවන්නෙ නැතුව එක වෙන්න ආපු සබරෛ්ද උල තැබිමට මම ප්‍රසාට අන කරමි

      Delete
    5. මෙන්ඩත් ටිකක් උලක් වගේ පෙනුමක් තියෙන නිසා උල් මදි වුවහොත් මෙන්ඩාත් උලක් ලෙස පාවිච්චි කල හැක.

      Delete
    6. යාළු පාට (රබර් ඇනේ),
      තරඟ කරන්න එපා බං යාළුවොත් එක්ක. එක වුනයි කියල හම්බවෙන බිබික්කමක් නෑ.

      ප්‍රසා,
      මාත් ඒකම කියන්න ආවෙ. ඒ උනාට ඌ එක වෙලානෙ. වෙන වෙලාවක උඩුකුරුඤ්ඤං

      මෙන්ඩො,
      ප්‍රසන්නයද එතකොට උඹේ අළුගෝසුවා? ඌටත් ගහමු කාඩ්ඩෙකක් "ජීවහාරක" කියලා.

      ඉයන්,
      මෙන්ඩ ගත්තැකි බීඩියකට නං. වෙන මොකුත් ප්‍රයෝජනයක් නෑ.

      Delete
    7. ජස්ට් ජෝක් ඩ්‍රැකී. ඔය මෙන්ඩයියලා එක්ක එහෙම රන්ඩු කොරන්ට තමයි එකට වලි දාන්නේ

      Delete
    8. මාත් සිරාවට නෙමෙයි කිව්වෙ. මයෙ සයිට් එකේ එකවෙන්න කෂ්ටිය දඟලනව දැක්කම සියුම් ළාමක ආතල් එකක් හද කොණක ගෑවී නොගෑවි යයි අෆ්ෆා...

      Delete
    9. සැක්... පලවෙනි කමෙන්ට් එක, වගතුවක් නෑ ඊට පස්සෙ

      Delete
    10. අනේ කම්මො, ඔය කමෙන්ට් එක තුං පාරක් දාල බිමට කෙළගහංකො...

      Delete
  2. කියවන්න ආයෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. නැවැත පැමිනි විගසම මොහු උල තබනු

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෝ උඩුකුරුඤ්ඤං

      Delete
    4. බො හොම ස්තුතියි ආතර් අයියා

      Delete
    5. මෙන්ඩ දාල තියෙන රිප්ලයි එක තේරුං ගන්නෙ නැතුව බං උඩ කොමෙන්ට් එක දැම්මෙ. ඒකයි ඒක මැකුවෙ.

      Delete
    6. මං ඒත් බැලුව ප්‍රසා දෙබිඩි චරිතයක් රඟපානවද කියල. මෙන්ඩත් කියන මගුලක් තේරෙන්න කියන්නැතුව මෙතන...

      Delete
    7. මගේ කමෙන්ටුවේ වරදක් අැති බැවින් නිවැරදි කරමි...

      //බො හොම ස්තුතියි ටිකිරා අයියා//

      මීට විදානේ...

      Delete
    8. කුරුට්ටොත් ඩබොල් ඇක්ටිං. එහෙම නැත්තං රියර් ඇඩ්මිරල් මාෂල් ගෙ ලෝයර්වරු...

      Delete
  3. ///මීට වෙනස් ස්වරූපයක් ඉදිරිපත් කරන ජර්මානු, සැක්සන් සහ හංගේරියානු මූලාශ‍්‍ර වල ව්ලාඩ් නිරූපණය වන්නේ ප‍්‍රජාපීඩකයෙකු සහ රාක්ෂසයෙකු ලෙසිනි. මීට හේතු වන්නට ඇත්තේ, ඩ‍්‍රැක්‍යුලා අතින් වධයට පත් වූ ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරු සහ පසුකාලීනවතම පෞද්ගලික අවශ්‍යතාව මත මැතියාස් කෝවිනස් විසින් ඔහු අපකීර්තියට පත් කිරීමට පතුරුවා හළ ප‍්‍රවාද බවට, බොහෝ ඉතිහාසඥයෝ සහ ලේඛකයෝ එකඟ වෙති. කෙසේ වෙතත්, ව්ලාඩ් දස දහස් ගණන් මිනිසුන් දරුණු ආකාරයෙන් මැරවූ බවට බිඳ හෙළිය නොහැකි ලේඛන ගත සාක්ෂ්‍ය, රුමේනියානු සහ විදේශීය ලේඛන තුළින් හමු වන අතර, ව්ලාඩ් විසින්ම රචිත ලිපි ද ඒ අතර වේ.///

    මමත් විශ්වාස කරන්නේ වැඩිපුර ඇත්තේ අතිශයෝක්තිය. යුද්ධයක් විශේෂයෙන් යුද්ධ සීරියස් එකක් කරන්න බැහැනේ බං අපි මේ රස්සා කරනවා වගේ. ඌ මිනි මරන්න ඇති, ආයේ දෙකක් නැහැ...
    මොනව උනත් ඌ එළ කොල්ලෙක්...

    ඕ.පු.ප්‍රී.වෙ. කියලා උඹයි ඌයි දෙන්නම උඩුකුරුඤ්ඤං...

    ReplyDelete
    Replies
    1. ඔ.පු සත පනහයි නාකි පු. සත විස්සයි කියලා ලොකු පුතාවත් උල තියමි

      Delete
    2. අතිශයෝකිතිය ඉතිං හැම තැනම, හැම කාලෙකදිම තියෙන දෙයක්නෙ. මහාවංශයෙ තියෙන්නෙ දුටුගැමුණු රජ්ජුරුවො ගැන එහෙම, ඔය වගේ අතිශයෝක්ති කතා. දැං පහුගිය කාලෙ මහින්ද ගැන එහෙමත් තිබ්බෙ, යුද්ධෙ දිනපු හැටි ගැන. මෛත්‍රීපාල දින්නට පස්සෙත් පත්තර වල ගියා එයා එඩිතර, කොන්ද කෙලිං, ගොයි මහත්තයෙක් කියලා... ඔය හැම එකක්ම තිබුණ දේ වැඩිකරල දාපුව තමා.

      ව්ලාඩ්, කෝවිනස්ට ලියපු ලියුමක තිබුණා "මම මේ මේ ගම් වල මෙච්චර මෙච්චර මැරෙව්ව"යි කියලා. ඒ ගණං, ගිණිතියපු ගෙවල් ඇතුලෙ හිටපු උදවියට අමතරවයි" කියලා එහෙම. ඒ ගණං වල හැටියට උනත් පොර බරගාණක් මරවලා තියෙනවා. ඒක ඉතිං ඒ කාලෙ යුද්ධ කරපු විදිහ.

      මෙන්ඩො,
      ඒ ගමන උඹ උලතියන රස්සාව පටං ගත්තද? උලක් රුපියල් පණහට විකුණහං. කෑගහන්න බැරියා "උල ඔම්බුරුවා" කියලා...

      Delete
  4. උල තියන එක නිකං ඌට බත් කනව වගේ නෙවැ බං.. ඌ බත් කෑවද නැද්ද මංදා . පාං කියමුකො එහෙනං :D
    ඒ කාලෙ හිටියනං අපි සේරම උල් උඩ .හැක්

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලිට ඉහළින් සිටින සේ ඉවාන්ව උස් උලක හිඳුවීමට අණ කරමි, ඉවාන්ගේ ඉවසිය නොහැකි වූ දුර්ගන්ධය පත්තර මල්ලිට නොදැනීම පිණිසය..
      ඉවාන්ට තනියක් නොදැන පිනිස දෙපසින් හිටවු උල් දෙකක අටමා සහ ඉයන් උල තැබිමට මගේ යටහත් පහත් සේවකයන් වන කුරැට්ටන්ට නියෝග කරමි..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මට නම් ඉතින් උලත් එකයි පිලත් එකයි, පවු අටමයි ඉවානයයි

      Delete
    4. පත්තර මල්ලි,
      ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ව්ලාඩ් විතරක් උනාට, ගොඩක් සමකාලීන පාළකයො උල තැබීම කරල තියෙනවා. වෙන කොහෙවත් මොටද? ලංකාවෙත් තිබ්බනෙ ඔය ක්‍රමේ. ඒ විතරයැ, කොහොමද පුවක් ගස් දෙකක් ළඟට ඇදල ගැටගහල, ඒ ගස් දෙකේ මිනිහව ගැටගහල දෙරි ගැහිල්ල? ඔය ඔක්කොම ඒ කාලෙ සංස්කෘතියෙ කොටස්.

      මෙන්ඩො,
      ඒගමන කුරුට්ටොත් ගත්තද උඹේ වාල් වැඩට? කොහොම හරි කමක් නෑ. මං කැමතියි උඹේ විචිත්‍ර වධ දීමේ සංකල්ප වලට.

      ඉයන්,
      හැරමිට්ටට අකුරු වැරදිලා හූ හූ...

      ඉයන්,
      පවු අනාථ වෙන අටමියි, ඉවානියි...

      Delete
    5. හෙහේ,මෙන්ඩා උඹේ නියෝගේට මගේ හිනාව පැන්නා බං ඔෆිස් එක මැද්දේ බකස් ගාලා එළියට.

      Delete
    6. කියනුම කුමටද මනෝජ්... මෙන්ඩ කොච්චර හුරතල්ද කියනවනං, මං ඌව අරං හදාගන්න ඉල්ලල තියෙන්නෙ සඳුගෙන්...

      Delete
    7. රැට මතක් කරලා මාව චු දම්මපන් ඩ්‍රැකි බාප්පේ...නැත්නම් ඩ්‍රැකි නැන්දාගේ කනට කරලා සිංදුවක් කියනවා

      Delete
    8. ඒකට පිළියම කරල තමා උඹව හදාගන්න ගන්නෙ. මී පැංචව කපල කොහොල්ලැ තියනවා මුලිම්ම...

      Delete
    9. ඩ්‍රෑකි බාප්පා පොඩි කාලේ මධාවි මධුලාගේ ගෙවල් ලග පිට්ටනියේ සල්ලම් කරලා තාප්පෙන් එහා පැත්තට චු කරලා මි පැටියා නෑ කියලා ඩ්‍රෑකියානි නැන්දා කිව්වලු

      Delete
    10. මං බොට කිව්ව කියල හිතාගං... ඒ හිලෙං දාන්න බෑ බොල මයෙ අහවල් එක. හිල පුංචි වැඩියි...

      Delete
  5. මේ පොස්ට් එක ලියපු එකාව උල තියන්න රන් හෙල්ලයන් දෙකක් ගෙන ඒමට කමියාට අන කරමි ..ඉතුරැ වි ඇති රන් හෙල්ලයේ එය ගෙන ආ ඒකද උල තැබිමට ලොකු පුතාට අන කරමි..

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුව කොටපු එක වහා උල තබනු !!!

      Delete
    2. බ්‍රා මෙන්ඩාව උල තැබීමට ෆීල්ඩ් මාෂල්ට අණ කරමි.

      Delete
    3. චැහ් එදා ප්‍රසන්න අයියා උල තියන්න ලෑස්ති වෙනකොටම නේද මං කඩා පාත් උනේ.. සොරි වෙන්න ඕන ඈ...

      Delete
    4. එතන උල තිබ්බොත් හොඳට තියෙයි. හැක්...

      Delete
    5. මෙන්ඩත් හරියට අර "උඩුකුරුඤ්ඤං" වචනෙ අල්ලගත්ත පොඩි මෙන්ඩ වගේ වටේම යනව උල තිය තියා...

      උල තියන වැඩේට හොඳම අලුගෝසුව තමා මාෂල් තනතුරින් සහ රියර් ඇඩ්මිරල් තනතුරින් මෑතකදී පිදුම් ලැබූ සීජේ විදානපතිරණ සත්ගුණවත් උපාසක මහතා... know what I mean?

      ප්‍රසා,
      මොකද්ද ඔය මාෂල් කියන්නෙ?

      Delete
    6. මූ අර සපත්තු දෙක මාරුකරල දාගෙන මටත් උල තියන්න ආවනෙ.

      Delete
    7. හුටා...!! ඉතිං ඉතිං...? උඹ උගෙ බීජාංකුරය දෙකට නැව්වයි කියන්නෙ ඇත්තද?

      Delete
    8. මං දැනගත්තා විදානයා ඒ පැත්තේ කැරකෙද්දි මොකක් හරි දේකට තමා කියලා..... මං හිතන්නේ මධාවියාටත් වැඩේ වෙලා....... වහාම විදානයාගේ සපත්තු දෙක ගැලවීමට ඩ්‍රැකියාට අණ කරමි.... හැක්

      Delete
    9. සපත්තු දෙක උල තැබීමට විදානේගේ උල පාවිච්චියට ගන්න කියා අණ කරමි.

      Delete
    10. කුරුට්ටො,
      මදාවියා ඇවිත් සිලිකොං ටෝකං කියලා ගියා ගියාමයි ආයි ඇවෙ නෑ පැත්ත පළාතෙ. මයෙ හිතේ මැහුං දාපු එක පැසෝල බගන්දරා හැදිලද කොහෙද. ආයෙ ඌ බලන්න ගියොත් රියර් ඇඩ්මිරල්ට අහුවෙන නිසා ඌම ඇවිත් මොකෑ උනේ කියල කියනකං බලං ඉන්නව.

      වැඩේ තියෙන්නෙ බං අර පරණ කියමනක් තියෙන්නේ “සපත්තු ගැළෙව්වත් විදානෙය විදානෙයමයි“ කියලා. ඉතිං සපත්තු ගැළවීමෙං පළක් නෑ. හැබැයි මට ඉන්තේරුවෙම්ම විස්වාසයි, අර “කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ“ ප්‍රසන්නයට කෙටුවොත් විදානෙය ඉවරෙටම ඉවරයි කියලා. ඒ නිසා කොහොම හරි විදානෙයට ප්‍රස්නයව මාකට් කරමු.

      ප්‍රසා,
      ඒක කරන්න වෙන්නෙ විදානෙය මළාට පස්සෙ, උල කපල අරං උගෙම පශ්චාද්භාගයෙ ඇනීමෙන් විතරයි...

      Delete
  6. ඉතා හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. අගැයීම ගොඩක් තදට දැණුනා ට්‍රාන්ස් තුමා...

      Delete
  7. නියම කතා ටික.මේ කාලේ උල් නිශ්පාදනය කරන කර්මාන්තශාලා වලට BOI පහසුකම් දුන්නද.

    ReplyDelete
    Replies
    1. උඔට ඔනේ නම් ඒ පැට්ටේරියක උල් සුද්ද කරන්න ඡොබක් සෙට් කරන්නද?

      Delete
    2. මයෙ හිතේ බිල්ඩ්, ඔපරේට්, ඕන් ක්‍රමේට උල් හැදෙව්වෙ...

      Delete
  8. මේ සේරම කියවපු මම උඩුකුරුඤ්ඤං වගේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මාරි සමග නෙස්කැෆේ...

      ජ ය වේ වා !!!

      Delete
    2. කාඩ් පැක් එකක් මම අරගෙන එන්නම්

      Delete
    3. //මාරි සමග නෙස්කැෆේ...//

      අැයි කවුපි....................

      Delete
    4. ඒව මදාවිය ගෙනෙයි.

      Delete
    5. කවුපි? අන්තිමේ ඉතුරු වෙන්නෙ ඇට දෙකයි... (මදාවිය කිව්වෙ)

      Delete
  9. ඒ ගමන උල තියන්න පටන් ගත්තද. අනේ අසරන සබරෙයි වර්නයි අත ඇරල ඕනි කෙනෙක්ව උල තියන එකයි හොදේ

    ReplyDelete
    Replies
    1. අද උදැසන මගේ කැම වෙලාවේදි මගේ රසවින්දනය සදහා මොවුන් දෙන්නා උල තබනු

      Delete
    2. සබරෙයි වර්ණෙයි,
      මං හිතං උන්නෙ එකෙක් කියලා. බොලත් ඩබොලක්ද එතකොට?

      මෙන්ඩො,
      ඇයි උඹට උදේ කෑමට ඩෙසට් එකට ගන්ඩද උං දෙන්න උල තියන්නෙ. එහෙනං රෝස්ට් කරල ගං...

      Delete
  10. වෙන විදියක් තිබිලම නැද්ද මරන්න උලම තියන්නේ...

    ReplyDelete
    Replies
    1. පසුකාලිනව ක්‍රමය වෙනස් කරලා උල තියලා මැරැවා

      Delete
    2. යසිත්,
      ඔය මෙන්ඩ දීල තියෙන්නෙ උත්තරේ, කැරකිල යන්ඩ...
      උල තැබීම වේදනාත්මක සහ මරණයට ගොඩක් කල් ගත වෙන ක්‍රමයක්. ඒ නිසා ඒක ඉතා දරුණු වධ ක්‍රමයක්.

      මෙන්ඩො,
      වැඩි විස්තර සඳහා රියර් ඇඩ්මිරල් විමසන්න.

      Delete
  11. මාසෙට කීප සැරයක් ඩ්‍රැක්‍යුලා ගැන ලියල අපිව භය කරන මූව උල තියන්නම ඕන .. ස්කුබී දුවපා.......න් .... අද ඉන්නේ ඩ්‍රැක්‍යුලා.................


    ReplyDelete
    Replies
    1. ඔය දුවන එවුන් දෙන්නම අල්..ලා පාන්...උල තියන්න

      Delete
    2. අම්බලංගොඩ,
      නැද්ද බං මීකිරි එහෙම. මං දවසක් අම්බලංගොඩිං කෑව මීකිරි... බුරිය උල්වෙන්ඩ...

      මෙන්ඩො,
      අල්ලා...හු අක්බර් කියල උල තියමු...

      Delete
    3. අම්බලන්ගොඩ කොහෙද බන් මී කිරි .. උඹ මී කිරි කන්න ඇත්තේ අම්බලන්තොටින් වෙන්න ඇති. අම්බලන්ගොඩට මී කිරි එන්නේ අම්පාර බස් එකේ. හැක් ..හැක් ..

      Delete
    4. අම්බලන්තොට වෙන්නැති තමා. හෙක් හෙක්... විලි ලැජ්ජයි සන්තෝසයි.

      Delete
  12. අනේ මන්ද අප්ප මේ බලවත්තු ඉන්න පාරකිං වත් යන්න හොඳනෑ කියලයි හිතෙන්නෙ මේව කියෝනකොට!

    ReplyDelete
    Replies
    1. අලියගෙ උල ටෝකන් එක මදාවිය ගාව.

      Delete
    2. තනි අලියා,
      අර සුනේත්‍රා පොතේ වංශනාථ නවරත්න කියනව සුනේත්‍රාට, "රජවරු එක්ක වැඩ කරන එක සමහර වෙලාවල්ට අනතුරුදායකයි. සීතාවක රාජසිංහ එක්ක වැඩකරන එක හැම තිස්සෙම අනතුරුදායකයි" කියලා. රණකාමී පාළකයො කවුරුත් ඔහොම තමා.

      මෙන්ඩො,
      එකෙක් දෙන්නෙක් හරි ඉතුරු කරහං. නැත්තං පෙරහැරේ කරඬුව වඩම්මන්නවත් එකෙක් නැතුව යි.

      ප්‍රසා,
      ඒකනෙ අලිය තනියම ඉන්නෙ.

      Delete
    3. මළා මුං මාවත් උල තියන්න සෙට් වෙලානෙ!
      අන්න එ්කනෙ කලිම්ම කිව්වි ඉන්න පාරකිං වත් යන්න හොඳනෑ කියල :D

      Delete
    4. කියල වැඩක් නෑ. මුං සෙට් එකට මොකක් හරි පොඩි දෙයක් අහුවුනොත් ඇති වටේටම වන වනා යන්න...

      Delete
  13. අනෙ අම්මෝ. මේවා කියවද්දි ඩ්‍රැකි අයියාටත් බය හිතෙනව නෙ. ඒ පරම්පාරවෙන් පැවත එන ඩ්‍රැකියෙක් ද දන්නෙ නෑ නෙ

    අනෙ අම්මෝ. මේවා කියවද්දි ඩ්‍රැකි අයියාටත් බය හිතෙනව නෙ. ඒ පරම්පාරවෙන් පැවත එන ඩ්‍රැකියෙක් ද දන්නෙ නෑ නෙ

    අනේ මෙන්ඩ අයියෙ මාව එහෙම උල තියන්න නොයෝග දෙන්න එපා. අපි හරි අහිංසක ගෑනු ළමයි.
    ඕ යෙස්

    ReplyDelete
    Replies
    1. මෙයා ඩබල් දාන්න ප්‍රැක්ටිස් කරනවද?

      Delete
    2. නිදහසේ නගා,
      බයවෙන්න එපා. ඒ පරම්පරාවෙ නෙමේ. ඒකම තමයි මේ ඉන්නෙ එහ‍ෙමපිටිම්ම.

      බයවෙන්න එපා. ඒ පරම්පරාවෙ නෙමේ. ඒකම තමයි මේ ඉන්නෙ එහ‍ෙමපිටිම්ම.

      මෙන්ඩො, මෙන්න චෑන්ස් එක. ගෑල්ලමයි "එපා" කියන්නෙ "හා" කියන එකටනෙ.
      එතකොට "හා" කියන්නෙ "එපා" කියන එකටද?
      නෑ නෑ. ඒත් "හා" කියන එකටම තමයි...

      ප්‍රසා,
      කම්මලගෙ බාල නගානෙ. හිතා මතාම හරි පවුලෙ ගරුත්වය රැකෙන විදිහට වැඩ කරන්න එපැයි...

      Delete
    3. සමා අවසර..
      මේ ෆෝන් කට්ටෙන් සිංහල ටයිප් කිරද්දි වෙන සොෆ්ට් එකක ටයිප් කරල කොපි පේස්ට් කරල කමෙන්ට් දාන්නෙ. එහෙම දාන්න යද්දි පළවෙනි කොටස දෙපාරක් පේස්ට් වෙලා. පොඩි හුටස් පටස් එකක් වෙලා ප්‍රසන්න අයියෙ.

      ආයෙ කියන්නෙ මේකට සම්පූර්ණ වැරදි කරු මගේ ෆෝන් කට්ට, ඕන නම් ෆෝන් එක උල තියන එකයි ඇත්තෙ.

      Delete
    4. ඩ්‍රැකි,

      හපෝයි, මේක ඒකාමද? කමක් නෑ, අපි බය නෑ, මට මෙන්ඩා අයිය කිව්වනෙ ඩ්‍රැකි අයියාට බය වෙන්න එපා කියලා, ඒ නිසා බය නෑ ලු. අනික ඉතින් කොම්පීතරේ අස්සෙන් ඇවිත් උල තියන්නැයි.. :

      හෑ? අපේ අයියා දැන් බ්ලොග් කියවනවද? එතකොට දැන් මේ අපේ අයිය ද කම්මලේ?

      Delete
    5. ප්‍රසා,
      මෙන්න මේකිව උල තියල දාහං බං - කණක් ඇහිල ඉන්න...

      Delete
    6. නිදහසේ,
      අර තුනීලෑලි මෙන්ඩද කිව්වෙ බය වෙන්න එපාය කියලා? හතර හිනා...

      අනික ඩ්‍රැක්‍යුලාට ඕනෙම තැනකට ඇතුල් වෙන්න, ඕනෙ වෙන්නෙ එකපාරක් ඉන්වයිට් කරන එක විතරයි.

      මට හොඳ කතාවක් මතක් උනා. දවසක් කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කර කර ඉද්දි බස් හෝල්ට් එකක, කොල්ල එකපාරටම වාෂ්ප උනාලු. "මං පොඩ්ඩක් අර කඩේට ගිහිං එන්නං" කියලා. ඒ එක්කම හෝල්ට් එකට ආපු තරමක් වයසක අංකල් කෙනෙක් කෙල්ල දිහා හොඳට බලල එහෙම, ඇහුවලු,

      "කවුද දුවේ අර මෙතන ඉඳල කඩේට දුවපු ළමයා?" කියල.

      කෙල්ලත් කිව්වලු, "ඒ අපේ අයිය" කියල.

      අංකල් ඇහුවලු, "ඈ. එතකොට උඹ මයෙ දුවද? මං මෙච්චරකල් දැනං උන්නෙ නෑනෙ මට බාල දුවෙකුත් ඉන්නවය කියල..."

      Delete
    7. හුම්, හිතේ ඇති මාව මරල සැනසීමෙ ඉන්න. ඒත් එනව හොල්මනක් වෙලා. එතකොට කමෙන්ට් දාල නවතින්නෙ නෑ. තනියම නෙමෙයි මෝහිනී අක්කත් එක්ක එන්නෙ හරි.. ඩ්‍රකි අයියාට දුවන්න වෙන්නෙ පණ එපා කියලා

      Delete
    8. දැන් එතකොට කම්මලේ මගෙ අයියා? අර වයසක අන්කල් ඩ්‍රැකියා..

      හරි හරි දැන් තමයි කම්පනා වුනේ..
      (අද මෙලෝ වැඩක් නෑ අයියෙ. වස කම්මැලි. ඒක නිසා පිස්සු කමෙන්ට් දැම්මට අමනාප නොවන්න )

      Delete
    9. මෝහිණී අක්කය? මං හිතුව නෑන කියල... හෙහ් හෙහ්... දන්නවැයි ඔය මෝහිනී ඉස්සර එන්නෙ තනියම. දවසක් අපේ තාත් බය කරන්න ගියාට පස්සෙ තමා ඔය දරුවෙන් වඩාගෙන එන්න පටං ගත්තෙ...

      අපිටත් එච්චර වැඩක් නෑ මේ ටිකේ. ආණ්ඩුවෙ මුදල් ගනුදෙනු වල අන්තිම දවස් ටිකනෙ. (පිස්සු කමෙන්ට් සාදරෙය් පිළිගන්නව. ඒ නිසා ඒ ගැන වද වෙන්න එපා...)

      Delete
    10. මේක හරියන්නෙ නෑ. අපි කම්මලයව උල තියමු. දැට්ස් කැකිල්ලේ තියරි.

      Delete
    11. අපිත් මේ ටිකේ ආණ්ඩුවෙ සැට් එකක් වැඩ, පෙන්ශන් මාමල නැන්දලට බුහුමන් දක්වනවා නෙ මේ ටිකේ.. හි හි..
      අයියත් පෙන්ශන් ගියාම මාව අමතන්න හලිද?

      Delete
    12. එහෙම කරන්න එපා ප්‍රසන්න අයියා.. අපේ අයියා අහිංසකයා. ඕ යෙස්.

      Delete
    13. ප්‍රසා,
      ඉස්සෙල්ල කැකිල්ලෙ රජාව උල තියමු. බැයිනං අඩවි රජා උනත් කමක්නෑ.

      නිදහසේ,
      හලි හලි... මං පෙන්ෂන් යන්නෙ 2035 විතර. එතකොට ඔයා ලංකාවෙ හිටියොත් කියඤ්ඤං... මොකද්ද කොරන්නෙ පප්පලට පප්පිලට? මොබිටෙල් පැකේජ් එකක්වත් දෙනවද?

      කම්මලෙයට අහිංසකය කියනවනං මරදානෙ චොප්පෙට කිය්යැහැකි සත්ගුණවත් බෝධිසත්වයෙක් කියලා. හෙහ් හෙහ්...

      Delete
    14. හපොයි මොබිටෙල් පැකේජ් නම් දෙන්නෙ නැතෝ අපි දෙනව අග්‍රහාර වගේ මෙව්වා එකක්, ඉන්ශූරන්ස් එකක් මෙයා, හිකිස්.
      මාමල නැන්දලා වයසට ගියාම සහයට ඉන්න..

      Delete
    15. අයිය කොහොමාද මරදානෙ චොප්පෙව දන්නෙ? මරදානෙ ද ගෙවල්?

      Delete
    16. ඉන්ෂූරන්ස්ද? හෆූ... එන්නෙපා මේ පැත්ත පළාතෙ ඕයේස්...!

      අපේ ඉස්කෝලෙ ඒ ලෙවල් සංඛ්‍යානය ඉගැන්නුව සර්ගෙ සුරතල් නම තමා චොප්පෙ. එහෙමයි අඳුනන්නෙ...

      ඕං දවසක් අපි තුන්දෙනෙක් උදේ එකොළහට විතර ඉස්කෝලං හොරං පැනල, වැඩර් වගේ මේන් ගේට්ටුවෙම්ම එළියට යනව. අහුවුනානෙ කෘෂිකර්මය උගන්නපු පැළෑටිසිංහ සර්ට. පොර ඇහුව කොහෙද යන්නෙ කියල.

      මං කිව්ව “මං මේ පොත් වගයක් ඉල්ලගත්ත යාළුවෙක්ගෙං. ඌ අද ඉස්කෝල ඇවිත් නෑ. පොර පාඩං කරන්න ඕනෙ නිසා ගිහිං දෙන්න යනව“ කියල.

      කියල මං ෂේප් උනා. පැළෑටිසිංහ අනිත් උං දෙන්නට බැණල බැණල ඇහුවලු

      “කවුද තමුසෙලගෙ පංතිභාර?“ කියල.

      අරුන්ට ගොත ගැහිල. කිව්වලු, “චො... චො... චො... ඒකනායක සර්“ කියල.

      Delete
    17. චූටි නංගි පරම්පරාවෙ ගරුත්වය තියාන ඉන්න එකී. ඩබොල් දාල තමා චූටි කාලෙ නංගි එක්ක බයිසිකල් පැද්දෙ .

      Delete
    18. බොගෙ බ්ලොග් ලෝකෙ ඉන්න සහෝදර සහෝදරියංගෙ ගානෙ හැටියට බයිසිකල් නෙමේ පැදල ඇත්තෙ කතුරු ඔඤ්චිල්ලා...

      Delete
    19. ඉන්ශුවරන්ස් වුනාට අයියා අපි සේල්ස් නෙමෙයි නෙමෙයි හලි.. අපි ඔපරේශන් ඔන්ලි..ඕ යෙස්. අපූ අර රජයේ සැට් එක එක්ක වැඩ කරන හරි අමාරුයි අප්පා. එපා වෙලා ඉන්නෙ.

      පහු ගිය මාසෙක පෙන්ශන් එකෙන් 1150.00කපන්න ඕනෙ සැට් එකගෙ කපලා තියෙන්නෙ 11.50 කොහොමද වැඩේ.

      අපිට බොස් ගෙන් බැනුම් අහලා ඉවරයි නැති වුනා.

      සංඛ්‍යානයට වෙනම සර් එකෙන්ක් හිටියද? ඒ කියන්නෙ එක එක පාඩම් වලට වෙනම එනම සර් ල? අපිටනම් පුයෝ මැත්ස් පාඩම්නුයි ඇප්ලයිඩ් පාඩම්නුයි ඔක්කොම ඉගැන්නුවෙ එකම සර්..

      Delete
    20. @කම්මල

      ඒකනෙ අයියා කියන්නෙ, අයියා යන අඩි පාරෙ නෙ නංගිත් යන්නෙ. මාත් අයිය වගේ අහිංසක වැදගත් හැදිච්ච නිවිච්ච ගති පැවතුම් තියෙන අයියගෙම සූටි නංගි නම් ඩබොල් ඩබොල් දාන එකත් එහෙමම කලන්න ඕනෙ කියල මේගොල්ලොන්ට තෙරේන්නෙ නෑ නෙ අයියෙ.

      Delete
    21. ඔපරේෂන් ඔන්ලි නේ? මැහුම් එහෙමත් දානවද?

      අර 11.50 ගැන බැන්නෙත් අර සපත්තු බොසාමද? රෙදි නෑ ඌ බැන්නනං නේ?

      අපි කළේ කොමස් නෙ. ඉතිං ස්ටැට් කියන්නෙ වෙනම සබ්ජෙක්ට් එකක්. ඔයා වගේ මැත්ස් කළා නං මාත් අද මිනිහෙක් තමා. හැබැයි එහෙම උනානං මට කවදාවත් ඩ්‍රැකියානි හම්බවෙන් නෑ. ඒ නිසා මෙහෙම හොඳා.

      පුයෝ මැත්ස් කියන්නෙ මොකද්ද? දැක්ක වෙලේ ඉඳං හිනා...

      Delete
    22. හපොයි.. ගම කනවා...
      පියෝ මැත්ස් කියලා දැම්මේ. ඒක මැජික් බලෙන් වෙනස් වෙලා.

      ආයිත් අහලා මහන්න පුලුවං අති දක්ශ විදියට.
      ගැලවිච්ච බොත්තමක් අටවගන්න, ගැලවිච්ච මැහුමක් ශේප් එකේ ශේප් කරගන්න වගේ දේවල් තමයි හොඳටම පුලුවන් ඕ යෙස්.

      ආයිත් අහලා. ඒ යකාම තමා බැන්නෙ. මොනා කරන්නද ඉතින් අපි හරියට ලිස්ට් එක යවලා තියෙනවා නම් අපිට බැනලා හරියනවයෙ. ඕව කියලා ෆලෝ අප් කොලේ නෑ කියලා තව බැනුමක් අහගන්නවට වඩා හොදයි මුලින් අහගත්ත බැනුම අහලා නිකන් ඉන්න එක කියලා හිතලා ඒකා බනිනකන් මං ආශකී ටූ එකේ කොල්ලව මතක් කර කර හිටියා.

      Delete
    23. ආෂිකි 2 එකේ ඉන්නෙ කවුද? හිරිකිත් රෝෂන් ද? මට ඕකව පේන්න බෑ. ඕ යේස්...!

      Delete
    24. අපෝ නෑ..

      සස්සන ඇස් දෙකක් තියෙන සස්සන සීදේවි කොල්ලෙක්, හිරිකිතයට නම් මාත් ආස නෑ. ඕ යෙස්.

      Delete
  14. වෙලාවට එන්න බැරි උනා කියවන්න. එක්සෑම් එකක් තිබ්බා. ලිපිය කියෙව්වේ ඊයේ රෑ. අම්මෝ අර උල තියන එකක් හීනෙනුත් දැක්කා. තව කොටසක් ලියන්න අදහසක් නෑ නෙහ් එතකොට...

    ReplyDelete
    Replies
    1. හැබෑට උඹටත් වෙන වැඩ ඈ...

      වැම්පයර් සංකල්පය ගැන ලියන්න අදහස තියෙනවා. ඩ්‍රැක්‍යුලා ගැන මේ ඇති කියල තමා හිතෙන්නෙ. අර උඹ වෙනුවෙන් ලියන කතාවත් ලියන්න තියෙනවනෙ.

      Delete
  15. සපත්තු මාරු කරගත්ත උන් උල තැබීමට යොදා නොගන්නා ලෙස කාරුණිකව අායාචනය කර සිටින්නෙමු..

    ReplyDelete
    Replies
    1. සපත්තු දෙක උල තබා බ්ලොග්කරුවන් බේරාගනිමු.

      Delete
    2. සපත්තු දෙකත් අගිස් උල් මොඩල් එක...

      Delete
  16. මේකා උල් තියලා තියෙන්නේ විනෝදේටනේ බං.රටක නීතිය,සමාජ සාධාරණත්වය දඬුවම් නියම කිරීමෙන් පවත්වා ගැනීම මේ නුතන ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ.කොහෝම වෙතත් මේ අගනා ලිපි මාලාව ගැන නම් බොහෝම ස්තූතියි.

    මේ අර චිත්‍රපටි ලින්ක් එක මට පොඩ්ඩක් අවුල් වගේනේ බං.

    ReplyDelete
    Replies
    1. නීතිය, සමාජ සාධාරණත්වය, නූතන ශිෂ්ට සමාජය කියන එව්වා පරිණාමය වෙන්න කලිං 1460 ගණං වල උන්න පොරක් ව්ලාඩ් කියන්නෙ.

      කෝ බලන්න ලිස්ට් එක...

      Delete
    2. හරි මනෝජ්, ලිංක් එකේ අවුලක් තිබ්බා. දැන් හදල තියෙන්නෙ. පොඩ්ඩක් බලන්න...

      Delete
  17. The Historian කියෙව්වද

    ReplyDelete
    Replies
    1. තාම නෑ ප්‍රා. මේකෙ පළවෙනි කොටසෙදි ද කොහෙද ප්‍රා ඒ ගැන කියල තිබ්බ. මං කියෝනවමයි කියල නෝට් කරගත්ත. තාම විරේකයක් නෑ මේ ඩ්‍රැකි පැට්ටත් එක්ක.

      Delete
  18. අපේ මහත්තයගෙ උලට ගහන්න උලක් මුළු ට්‍රාන්සිල්වේනියාවෙම නෑ - ව්ලැඩ් ගෙ වයිෆ්...
    ඉතා හොඳ ලිපියක්... රුසියාවෙ අයිවන් ද ටෙරිබල් කියන්නෙත් ඔය වගේ ඩයල් එකක්ලු නේද??

    ReplyDelete
    Replies
    1. උඩ කියමන කිව්වෙ හැලපෙට, ගොඩ්ෆ්‍රි‍ග‍ෙ වයිෆ් නේද?

      ඉවාන් ද ටෙරිබල් කියන්නෙත් ඔය ‍වගේම අයෝමය නායකයෙක් තමා. පොර ගැන මං එච්චර දෙයක් දන් නෑ. මේ පොස්ට් එකට ගියපු කාලෙ ගැන මතක් වෙනකොට, ඉවාන් ගැන හොයන්න කම්මැලි හිතෙනවා.

      නයිට් ඇට් ද මියුසියම් 2 එකේ, ඉවාන් ද ටෙරිබල් කියනවා, "ටෙරිබල්" නෙවෙයිලු හරි වචනෙ. ඒක රුසියන් වලින් ඉංග්‍රීසියට පෙරලද්දි වැරදිලාලු. ඒක හරියට පෙරලුවහම එන්නෙ "මැග්නිෆිසන්ට්" වගේ තේරුමක් ලු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කම්මලගෙ ලෙඩේ මටත් බෝවෙන්න වගෙයි. හෙටත් නිවාඩුවක් දාලා යනව ඩොක්ටර් මාමව බැහැදකින්න. පොර දකින්න බැහැ කියයිද දන්නෑ...

      Delete
  19. බොහොම වැදගත් ලිපි පෙලක්. හුඟක් ආසාවෙන් කියෙවුවේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේශ්.

      Delete
  20. මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා බොල.නෙට් එකට එන්නවත් වෙලාවක් නෑ.ඒත් උඹේ පෝස්ට් එක නොබලත් බෑනේ.ඒ හින්දමයි මේ ආවේ.

    ReplyDelete
    Replies
    1. ආ එක ‍ගොඩක් වටිනවා මනෝ. මොකෝ මේ දවස්වල?

      Delete
    2. බාහිර උපාධිය කරන ළමයින්ට මේ මාසේ අග විභාග.මේ ටිකේම ඒ අය වෙනුවෙන් මහන්සිවෙන්නේ.නිබන්ධන හදනකොට ටයිප් කරන්නම දවස ඉවරයි.ඒ අස්සේ ඉක්මනින් එඩිට් කරලා අවසන් කරලා දෙන්න ඕන වීඩියෝ දෙකක් ආවා.එකක් නෙවයි බං.

      Delete
    3. මනෝ පට්ට සේවයක් නෙ කරන්නෙ. බාහිර කරන උන්ට ලර්නිං මැටර් හරි අඩුයි. ඒ නිසා උය වගේ උදව්වක් ගොඩක් තදින් දැනෙනව.

      කාටද වීඩියෝ එඩිට් කරන්නෙ? අපේ කැමාටද?

      Delete
  21. අද තමයි නිදහසේ ලිපිය කියවලා අර ලින්ක්ස් වලටත් ගිහිල්ලා බැලුවේ. සිංහල විකිපීඩියාවට දාන්න වටිනා ලිපියක්. බොහොම ඉහලින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි විචාරක මහත්තයා. කලිනුත් කෙනෙක් කියල තිබ්බා විකියට දාන්න කියලා. මං දාන්නං...

      Delete
  22. Da Vinci's Demon එකේ තියෙනවා ඔය ව්ලැඩ් එක්ක ගනුදෙනු කරපු සීන් එහෙම තුර්කින් එක්ක සටන් කරන්න.. හෙහ් හෙහ් මට ඒක බලද්දී උඹව මතක් වුණා.. මේ ලිපි වල තිබ්බ ඔය උල තියන සීන් එහෙම එකේ තියෙනවා.. පොඩි චරිතයක් විදියට ව්ලැඩ් ඉන්නේ හැබැයි සිරාවට කරලා තියෙනවා.. උඹ බැලුව ද?

    ReplyDelete
    Replies
    1. හම්මේ, මං ඒක ගැන දැනගත්තෙත් මේ කමෙන්ට් එකෙන්. ගොඩක් ස්තූතියි පැත්තා... බලං ගියාම ඒක සිරා සීරීස් එකක් නෙ. මේ අදම බාගන්නවා... (හැබැයි කවද බලන්න වෙයිද දන් නෑ පොඩි ඩ්‍රැකියත් එක්ක යුද්ධ කරන්න ගියාම)

      Delete
  23. කතාව නෙවෙයි කොමෙන්ට් ටික කියවගෙන එනකොට පුකේ ඉඳල උඩට රිදිගෙන එනවා.. හැක හැක.. තොපි ඔක්කොම අල්ලලා උල තියන්න ඕනි පෝලිමට..

    ReplyDelete
    Replies
    1. උල තියාගෙන තියාගෙන ඇවිත් මොට්ට ම උල හම්බුනාම කමියව තියනව ඒකෙ...

      Delete
  24. මම මේ පලවෙනි සැරේට තමයි ඩ්‍රකියුලා කතාවක් බලලා බය නොවී ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව මේක ප්‍රබන්ධයක් නොවීමයි...

      Delete
  25. කෝ මේ ඩ්‍රැකියා කවුරැ හරි ඌව උල තියලද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියම උලේ ඉදගෙන කියලයි ආරංචිය

      Delete
    2. කෝ හැබෑට ඕකා? කොහෙ මකබෑවෙලාද?

      Delete
  26. එල මචන්.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ටැංකිව්... උඹටත් ජය වේවා!

      Delete
    2. උඔවත් උල තියනවා පිලිවෙලට ලිව්වේ නැත්නම්

      Delete
    3. උඹ සිංහයොත් උල තියනව, අලිත් උල තියනව, බුලත් කොලත් උල තියහං පුළුවන්නං...

      Delete
  27. බ්‍රෑම් ස්ටෝකර්ගේ පොත නම් බොහොම ආසාවෙන් කියවූවක්.. වෑන් හෙල්සිං, මීනා මරේ, ක්විනිසි මොරිස්, ජොනතන් හාකර්... කිසිදාක අමතක නොවනෙ චරිත..

    ReplyDelete
    Replies
    1. මං ආසම ක්වින්සි මොරිස්ට... ආං කොල්ලො...

      ඒක නෙමෙයි රේන් ගර්ල්, මේ දවස් වල තියෙන වැස්ස පොඩ්ඩක් නතර කරල දෙන්න බැරිද?

      Delete
    2. කියලා වැඩක් නෑ.කෙල්ලගෙ අත පතා එන අනිත් හැම කොල්ලටම මොන මොනා හරි හම්බෙනවා.ආතර්ට තමන්ගෙ පෙම්වතිය අහිමි වුණාට පසුකාලීනව හිත හදාගන්න පුළුවන් වෙනව.ඩොක්ට සේවඩ්ට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ලැබෙනව.. ක්වින්සිට මුකුත් ලැබෙන්නෙ නෑ.නමුත් අනිත් හැම චරිතෙකටම වඩා අපි ක්වින්සිට ආදරය කරනව..

      Delete
    3. ඇත්ත. ඒ නිසා මීනා හාකර් ට උපදින පුතාට ක්වින්සිගෙ නම දානව. dracula undead පොතේ ප්‍රධාන චරිතය වෙන්නෙ ක්වින්සි හාකර්...

      Delete
  28. විකෘති මනසක් තියෙන මිනිහෙකුට (තිරිසන් ආත්මයක් ඇති) බලය ලැබුණා කියන්නෙ ලෝක විනාශෙ තමා. Hell hath no fury like a ..... කියලා හිස්තැනක් තිබ්බානම් එතෙන්ට යොදන්න ගැලපෙන උත්තර බර ගානක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ සංකල්පය ගොඩක් හොලිවුඩ් සුපර්හීරෝ ෆිල්ම් වලටත් යොදාගන තියෙනවා. තනිකරම ලෝක විනාශෙ තමා...

      hell hath no fury like a රසසරණිය කියමු... :-)

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි