Posts

Showing posts from January, 2015

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

බාප්පගේ කතන්දර

Image
පෙරවදන:
අපේ බාප්පා, එයාගෙ දුවයි පුතයි පොඩි කාලේ ඒ අයට නින්ද යනතුරු කතා කියන්නට පුරුදු වෙලා හිටියා කියා කිව්වේ, අපේ පුංචිඅම්මා මේ ළඟදි අපේ ගෙදර ආව වෙලාවකදියි. බාප්පා කතා කියපු ශෛලිය එයාටම ආවේණික එකක්. ඇට්ටර පොඩිඋං සෑහෙන වෙලාවක් ඇහැරගෙන හිටපු නිසා බාප්පා කියන කතා හරිම දිග වුනා කියලා පුංචිඅම්මා කියනවා. ඒ කතා හරියටම මෙන්න මේ වගෙයි ලු:
ඔන්න එකෝමත් එක රටක හිටියා නරියෙකුයි, කොකෙකුයි. ඒ දෙන්නා හරි යාළුයි ලු ඉතිං. දවසක් නරියා කොකාට රෑ කෑමට ආරාධනා කළා. කොකා නරියගෙ ගෙදර ගියාම, නරියා සුප් හදලා තැටි පිඟන් වලට දාලා මේසෙට තියලා තිබුණ. කොකාට තැටි පිඟානෙන් බොන්න බෑනෙ, ඌට තියෙන්නෙ දිග හොටයක් නිසා. ඉතිං නරියා කොකාට විහිළු කර කර සුප් එක බිව්වා. කොකා බඩගින්නෙ ආපහු ගෙදර ගියා.
තව දවසක් කොකා නරියට ආරාධනා කළා දවල් කෑමට. නරියත් දවසම බඩගින්නෙ ඉඳලා කොකාගෙ පාටියට ගියා. එදා කොකා තව කොක්කු ගොඩකටත් ආරාධනා කරලා තිබුණ. එදා කොකා සුප් දුන්නෙ උස ජෝගු වලට. නරියා සෑහෙන්න උත්සාහ කළා ජෝගුවට හොම්බ ඔබාගන්න. ඒත් බැරි උනා. ඌ ට්‍රයි කරන හැටි බලාගෙන හිටිය කොක්කු උඩ පැන පැන හිනා වුනා. නරියා හොඳටම ලැජ්ජා වෙලා කොකාගෙ මූණවත් බලන් නැතුව ය…

පරණ (ඇන්ටික්) කාටුන් ටිකක්

Image
පහුගිය ජනාධිපතිවරණය, 77 මහ මැතිවරණයට සමාන කරලා තිබුණා දැක්කා. ඒ මැතිණිගෙ පාලනයෙන් මහත් පීඩනයකට පත්වී සිටි ජනතාව ඒ පාලනය වෙනස් කරන්නට පාරට බැහැපු අවස්ථාවක්. ඩ්‍රැකියාගේ දිවංගත තාත්තා එකතු කරපු කාටුන් ටිකකින් ඒ ගැන මතකය අලුත් කරන්නට හිතුණා.

මේ මැතිණිගෙ පාලනය තිබුණු කාලය... (රිවිරැස පත්තරේ)


මහ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී දෙපාර්ශවයට කියන්න තිබුණු දේවල්...

කලින් මහ මැතිවරණය එක්ක සංසන්දනයක්...


මහ මැතිවරණයෙදි චන්දදාසට කියන්න තිබුණු දේවල්...






මහ මැතිවරණය ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා දිනුවට පස්සෙ...



ජයවර්ධන ආණ්ඩුවට චන්දදාස ඉදිරිපත් කරපු අභියෝගය...


ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චන්දදාස දැක්ක හැටි...


ප/ලි

ඉහතින් දැක්වූ කාටූන් ටික අපේ නව ආණ්ඩුව පත්වීමත් එක්ක සමාන කිරීමක් මම අදහස් නොකරමි. මෛත්‍රීපාලනය විසින් මේ අවසන් කරන්නට හදන්නේ, ඉහත දැක්වූ විදිහට ආරම්භ කරපු පාලන තන්ත්‍රයයි.

පින්තූර උඩ ක්ලික් කිරීමෙන් ලොකු ප්‍රමාණයේ පින්තූරය බාගත හැකි වේවි.

ජනාධිපතිවරණය ආශ්‍රිත ඩ්‍රැකියාවෙලී විග්‍රහය

Image
මේ අතිශයින් දේශපාලනයයි...
(ඡායාරූපය උපුටාගතතේ: http://www.sinhayanews.com/sites/default/files/styles/grid-32/public/article_media/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20-%20%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF_2.jpg?itok=UP6oinhx)
ලංකාවේ විධායක පාලකයා පත් කර ගැනීමට ජනතාවට තවත් වාරයක් උදාවී ඇත. මේ, ජනතා පරමාධිපත්‍යය ප්‍රායෝගික ලෙස භාවිතා කෙරෙන ප්‍රධානතම අවස්ථාවයි.
ජනතා පරමාධිපත්‍යය කියන්නේ සරළවම තමන්, තමන් විසින්ම පාලනය කිරීමයි. මහා ජනගහනයකට රැස්වී තම පාලනය ගැන තීරණ ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් වන නිසා තමන් පාලනය සඳහා තමන්ගේ නියෝජිතයන් පත් කරගෙන, ඔවුන් මඟින් තමන් පාලනය කරවා ගැනීම බවට, නූතන ජාතික රාජ්‍ය වල පරමාධිපත්‍යය පරිණාමය වී තිබේ.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රධාන ආයතන තුනකිනි: (ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය) එයින් විධායකය කොටස් දෙකකට බෙදෙයි.
1. දේශපාලනික විධායකය (ලංකාවේ නම් ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය),
2. ස්ථාවර විධායකය හෙවත් රාජ්‍ය සේවය.
රටක පාලනය සඳහා පිහිටුවා ඇති කුඩා සහ විශාල රාජ්‍ය ආයතන සියල්ල, ද…