අපේ බල්ලා ගැන වචන සීයක වාක්‍ය රචනයක්...

http://www.ceritaspros.com/dev/images/dogs/
FunnyDogs/funny-dog-scared-of-dentist.jpg

අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා!

ප/ලි
මීළඟ පෝස්ටුව ඉතා දිග බැවින් මේ තාවකාලික පෝස්ටුව, බ්ලොග් එකේ පාළුව මැකීම සඳහා සකස් කරන ලදි.

ආතගෙ කාලෙ ගජබින්නයකි... :-)

කාලෙකින් මට විවේකයක් ලැබුණා, ආපහු පෙර පරිදි බ්ලොග් එක පැත්තෙ එන්න. ඉතිං ඕං නමෝ විත්තියෙන්ම හොඳ වැඩක් ගැන හොඳ පෝස්ට් එකක් දාන්නං කියලා පටං ගත්තා.

මගේ අඩවිය පැත්තෙ යන එන උදවිය දැන් ඩ්‍රැකියාගේ හත්මුතු පරම්පරාව ගැන හොඳටම දන්න අයයි. අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම, එයාගෙ පුතා වන සුවාතගෙ දඩයම්, එයාගෙ මුණුපුරෝ වන ඩ්‍රැකියාගෙ තාත්තයි බාප්පයි ගැන එහෙම කතා කියවලා තිබුණට, සුවාරිස් ආතගෙ පුතා වෙච්චි, අපේ තාත්තගෙත් තාත්තා වෙච්චි විලියොං ආතා ගැන මොනවත් ලියන්න බැරි උනානෙව. මේ එයාගෙ කාලෙ කතාවක්.

අපේ මහගෙදර කඩං වැටුණෙ මට මතක හැටියට අනූව දශකයෙදි. ඒ මහගෙදර අඩි එකහමාරක් විතර ගණකම වරිච්චි බිත්ති වලින් බැඳපු, වර්ග අඩි දෙදාස් පන්සීයකට වඩා ලොකු (රවිය එහෙම මේක කියෝනවද දන්නෑ, එහෙම උනොත් ඕකා අපේ කඩං වැටිච්ච මහගෙදරටත් බද්දක් ගහන්න පුළුවං) සොල්දර ගෙයක්. ඔය කාලෙ හොරු ගෙවල් වලට පනින්නෙ වහලෙන් වත්, ජනෙල් වලින් වත් නෙවෙයි. වහලෙන් සෑහෙන ඉඩක් හදා ගන්න නං, හොරෙකුට වහලෙ තියෙන සිංහල උළු හයසීයක් විතර අයින් කරන්න වෙනවා. ඒ කාලෙ ජනෙල් හදල තිබුණෙ එකහමාරෙ එකහමාරෙ විතර ලී වලින් ග්‍රිල් ගහලා. ඉතිං හොරෙක් කරන්නෙ, ගල් ඉන්නක් අරං ඇවිත් බිත්තිය සිදුරු කරලා ඒකෙන් ගෙට රිංගන එකයි. (ගල් ඉන්නට කියන සමාන පද - අවලංගුව, යකඩ ඉන්න, මහර ආසනේ නාරාස්සනේ, ඇන්නා-මළා ආදී වශයෙන්...) හොරු බිත්තිය හාරයි කියලා, ඒ කාලෙ ගෙවල් වල අත්තිවාරමේ ඉඳන් අඩි තුනක් විතර උසට බිත්තිය මහත් කරලා බඳිනවා. ඒකට කියන්නෙ කයිවාරුව කයියෝරුව කියලයි.

ඕං ඉතිං දවසක් දා මහ රෑ ඔ‍යවගේ හොරෙක් අපේ මහගෙදර බිත්තිය හාරන්න ගත්තා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ මහර බන්ධනාගාරය දැන් තියෙන තැන පිහිටුවලා තිබුණා හමුදා කෑම්ප් එකක්. ඒ දවස් වල විලියොං ආතා ඒකේ වැඩකරනවා, සිවිල්. ඉතිං හොරා හිතලා තියෙන්නෙ විලියොං ආතා එදා රෑ කෑම්ප් එකේ කියලා. මොකද, ඉස්තෝප්පුවෙ වැල් ඇ‍‍ඳේ තමා ගෘහ මූසලයා මූලිකයා නිදා ගන්නෙ. එදා ඒ ඇඳ හිස්... (ඒ ඇයි කියලා අහන්න ඕනෙ ඉතිං...)

හොරා බිත්තිය හාරන සද්දෙට විලියොං ආතට ඇහැරුණා. ඇහැරලා, හීං සැරේ ඇඳ ඉහපත තියාගෙන හිටිය කඩුව ඇදලා අරං සද්දෙ ඇහෙන තැනට සේන්දු උනා. හොරා පැයක් විතර හෙමින් හෙමින් හාරලා, හාරලා, රිංගගන්න සිදුරක් හදා ගත්තා. ඊටපස්සෙ, පොල්ලක අමුණලා මුට්ටියක් ගේ ඇතුළට ඇතුල් කළා. ඒක ආදි කාලෙ හොරකං කරන කලාව. (මයෙ හිතේ අනාදිමත් කාලෙක ඉඳං එන සූසැට කලාවෙත් තියෙනවා.) ගෙදර අය අවදි වෙලාද කියලා හොරා දැනගන්නෙ ඔය මුට්ටියෙන් තමා. ගෙදර අය අවදියෙන් නං, හොරා කියලා අර මුට්ටියට රැවටිලා, ඒකට පොලු පාරක් දෙනවා. එතකොට හොරාට දුවාගන්න හොඳටම වෙලාව ඇති.

http://katwasabi.com/wp-content/uploads
/2014/12/cartoon-thief-running-vector-
illustration-32465599.jpg

විලියොං ආතත් මේ සාස්තරේ දන්න නිසා, (මොකෝ... නොපුරුදු දෙයක්කැ) මුට්ටියට තඩිබාන්නෙ නැතුව, බොහොම ඉවසිල්ලෙන් බලං හිටියා. මුට්ටිය හිමින් හිමින් ගේ ඇතුළට ඇදිලා ඇවිත්, ටිකක් වෙලා එහෙට මෙහෙට වැනිලා, ආයෙම ආපු විදිහට රිවස් කළා. ඊට පස්සෙ මේ එන්නෙ හොරා ගෙ ඔළුව බිත්ති සිදුරෙන් ගේ ඇතුළට. විලියොං ආතා හොඳට එල්ල බලලා, හොරාගෙ බෙල්ලට කඩුවෙන් කෙටුවා.

බලාපොරොත්තු ‍නොවෙච්ච විදිහට වැදුණ පාරෙන් බයවෙච්ච හොරා, කැලේ කඩාගෙන දුවන්න ගත්තා. දුවලා දුවලා දුවලා දුවලා දුවලා... කරත්ත පාරට ආවා. ඇවිල්ලා, ඒකෙ අයිනෙ තිබ්බ බෝක්කුවක් උඩ හොරා ඉඳගත්තා. ඌට දැන් බල්ලට වගේ හති... හති ඇරලා හති ඇරලා, මොකද්ද බොලේ මේ උනේ කියලා කල්පනා කරන ගමන්, ඉණේ තිබ්බ බුලත් මඩිස්සලේ ඇදලා අරං, පුවක් කෑල්ලක් ක‍ටට විසි කරගත්තා. ඒ වුනාට පුවක් කෑල්ල කටට වැටුනෙ නෑ. බෝකුකුව පිටිපස්සෙ තිබුණ කාණුවෙන් ජබුක් ගාලා සද්දෙයක් නං ආවා. හොරා ආපහු හැරිලා බලනකොට, පුවක් කෑල්ල කාණුවට වැටිලා. ඒ ගමන තව පුවක් කෑල්ලක් අරගෙන, විසි කරන්න ගියොත් නෙ ඇලට වැටෙන්නෙ කියලා පුවක් කෑල්ල කටෙන් තියාගන්න අත ඉස්සුවා. අත උස්සලා කට හොයනවා හොයනවා, හොයාගන්න බෑ. මොකද උනේ කියලා බලන කොට, විලියොං ආතා ගහපු කඩු පාරෙන් හොරාගෙ ‍බෙල්ල කැපිලා. ඔළුව අපේ මහගෙදර, හොරා දුවලා තියෙන්නෙ ඔළුව නැතුව.


හොරාට දැන් මළ විලිලැජ්ජාවයි. හෙට උදේට ගමේ ඔක්කොම දැනගන්නවනෙ ඉතිං හොරා කවුද කියලා. ලැජ්ජාව වැඩි කමට හොරා දිව ඇදගෙන කාලා මළා බෝක්කුව උඩම.

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්

‘‘.... කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු , නිපුණ අතකින් සාදන...

ගොඩක්ම කියවපු ලිපි