Posts

Showing posts from August, 2015

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure

Image
අපේ ආදරබර පොඩි කුමාරිහාමි ගේ සංචාරක සටහනට සමගාමීව එකතු කිරීමකි...

බොහෝ දෙනා ඩ‍්‍රැක්‍යුලා යනුවෙන් හඳුනන්නේ ලේ උරාබොන අවතාරයක් හෙවත් වැම්පයරයෙකි. ඒ ප‍්‍රසිද්ධියට හේතු වූයේ බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 1897 දී ප‍්‍රකාශයට පත් කෙරුණු ඩ‍්‍රැක්‍යුලා නම් ඉංග‍්‍රීසි නවකථාවයි. එයින් සහ ඉන්පසු ඔහුගේ මරණින් පසු පළ කෙරුණු ‘ඩ‍්‍රැක්‍යුලාගේ ආගන්තුකයා’ ගෙන් ආරම්භවූ ත‍්‍රාස ජනක නවකථා ගොන්නක ද, 1931 පටන් මේ දක්වා තිරගත වුනු විවිධාකර චිත‍්‍රපට රැසක ද, දුෂ්ඨ චරිතය ඩ‍්‍රැක්‍යුලා හට හිමි විය.
ඩ‍්‍රැක්‍යුලා නවකථාවේ ම සඳහන් වන පරිදි, ‘‘ඔහු අනිවාර්යයෙන් ම තුර්කි දේශ සීමාවේ තුර්කිවරුන්ට එරෙහිව සටන් වැදී ප‍්‍රසිද්ධියට පත් වුණු වොයිවෝඞ් ඩ‍්‍රැක්‍යුලා විය යුතුයි...’’ (ඩ‍්‍රැක්‍යුලා පරි. 18)
(මෙහි, වොයිවෝඞ් යනුවෙන් හැඳින්වෙන්නේ හන්ගේරියානු රාජධානියට අයත් වූ ට‍්‍රාන්සිල්වේනියාවේ පැවති ඉහළම නිලය යි.)
ඩ‍්‍රැක්‍යුලා චරිතය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ තුන්වන ව්ලාඞ් හෙවත් වලාචියා හි කුමාරයා (1431 - 1476) යන ඓතිහාසික පුද්ගලයායි. ඔහු බැසරැබ් පරම්පරාවේ ශාඛාවක් වූ ඩ‍්‍රැක්‍යුලෙස්ටි පරම්පරාවට අයත් වූ හෙයින්, පීතෘනාමය වන ඩ‍්‍රැක…