Posts

Showing posts from September, 2015

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ඩ්‍රැක්‍යුලාගේ රාත්‍රී ප්‍රහාරය (මෙන්න ඩ්‍රැක්‍යුලා 2 කොටස) - The Night Attack (The historical figure of Dracula - Part 2)

Image
මෙහි පළමු කොටස මෙතැනින්...


ඔටෝමන් වරුන් 1453 දී කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, මෙහ්මඩ් අනෙකුත් ප‍්‍රදේශ වෙත සිය අවධානය යොමු කළේය. ඇනටෝලියාව ඔටෝමන් වරුන්ට එරෙහිවූ අතර, නැගෙනහිරින් උසුන් හසන් ප‍්‍රමුඛ කොටගත් අනෙකුත් කුඩා ජනපද ඔටෝමන් වරුන්හට තර්ජනකාරී ලෙස හැසිරුණහ. බටහිරින් ඇල්බේනියාවේ ස්කැන්ඩ්බර්ග්, සුල්තාන් වරයාට හිරිහැරදායී වූ අතර, බොස්නියාව ඔටෝමන්වරුන්හට ජිස්යා බද්ද (මුස්ලිම් නොවන යටත් ජාතීන් මත පැණවූ බද්ද) ගෙවීම නිරන්තරයෙන් පැහැර හැරියහ. වලාචියා රාජ්‍යය ඩැන්‍යුබ් නදී ඉවුර පාලනය කළ අතර, මෙහ්මඩ් හට ඩැන්‍යුබ් ගංගාවේ බලය තමන් අතට ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් විය. ඒ, ඒ හරහා ශුද්ධවූ රෝම අධිරාජ්‍යයේ නාවුක ප‍්‍රහාරයන් ඔටෝමන් අධිරාජ්‍යයට එල්ල විය හැකි වූ හෙයිනි.
මෙසේ තිබියදීය, දෙවන පයස් පාප් වහන්සේ 1460 මැංචුවා සමුළුවේදී වසර තුනක් පැවතීමට ඇස්තමේන්තු කරන ලද නව කුරුස යුද්ධයක් කැඳවූයේ. මෙම සැළසුම අසාර්ථක වූ අතර, ඊට උනන්දුවක් දැක්වූ එකම යුරෝපීය නායකයා වූයේ ව්ලාඩ් ය. මේ පිළිබඳ යුරෝපීයයෝ දැක්වූ මන්දෝත්සාහී බව, අවස්ථාව කොටගත් මෙහ්මඩ් තම එදිරිවාදීන් හට පහර දුන්නේය. 1460 අගභාගයේ දී ඔහු සර්බියාවට අයත…

අලි ප්‍රහ්‍ෙලිකා අංක 1 - පිළිතුරු සහ ජයග්‍රාහකයෝ

Image
පහු ගිය සතියේ කල් ගැනීමක් විදිහට දාපු අලි ප්‍රශ්න අට ට ඉතා උනන්දුවෙන් උත්තර බැඳපු සහ කමෙන්ට් කරපු හැමෝටම පුළුවං උනා, මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණ වැඩිම කමෙන්ට් ගාණ ස්කෝර් කරන්න. ඒ ගැන මුලිම්ම ස්තූති පූර්වක කුරුතඤ්ඤ (උපුටා ගැනීම - රොමාගේ වාසනාව - අනුවාදක කර්තෘ ඒ. ආර්. එරත්න) බාවය ප්‍රකාශ කරනවාය.

කලිං පෝස්ටුවේ උත්තර, කලිං පෝස්ටුවේ ම පහතින් කමෙන්ට් එකක් හැටියට දාන්න හිටියත්, සුධීන් දැක්වූ උනන්දුව හේතුවෙන් ඒකත තවත් පෝස්ටුවක් විදිහටම පළ කරන්නට අදහස් කරන්නට යෙදුනා ඇත.

එහෙනං ඕං උත්තර.


අංක 01.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය ෆ්‍රිජ් එකට දැම්මා
3 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, කම්මල (කමෙන්ට් ඩබල් කිරීම තහනම් උත්තේජක භාවිතා කිරීමට සමාන ය), ඩූඩ්, කැමා (යෂ්‍යන්ත), මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, අන්තිම පේළියෙ ගල-පාත

අංක 02.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය එලියට ගත්තා
3 පියවර - ජිරාෆෙය ඇතුළට දැම්මා
4 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, ගලපාත

අංක 03.

පාටියට ආවේ නැත්තේ ජිරාෆයා ය. ඒ ඌ ෆ්‍රිජ් එකෙන් එලියට අරං ති…

අලි ප්‍රහේලිකා... පළවෙනි කොටස

Image
ඩ්‍රැක්‍යුලාගේ කතාවෙ ඉතුරු කොටස ගජරාමෙට ලියාගෙන යන නමුත්, ඒකට බොහොම කාලයක් යන බව පෙනේ. ඒ අතරේ බ්ලොග් එකේ පාලුව මැකීම සහ හුදී ජන බලුප් සංවේගය උදෙසා අලි ප්‍රහේලිකා පළවෙනි කොටස මේ විදිහට ලියා දක්වන්නට ඕනෑය කියා හිතුනෙමි.
අලි ප්‍රධාන කොට ගත් සත්තු ගැන තියෙන ප්‍රශ්න පහතින් දක්වන අතර, මෙයිං බොහොමයක් ප්‍රශ්න සහ උත්තර බොහෝමයක් දෙනා දන්නවා ඇත. ඒ අය කරුණාකර කමෙන්ට් විදිහට දන්න දන්න උත්තර ලියා දක්වන්ටය කියා බොහොම ඕනෑකමෙන් ඉල්ලනවාය. උත්තර ටික සති එකහමාරකින් විතර මේ පෝස්ටුවේම පහතින් කමෙන්ට් එකක් විදිහට දක්වන්නට බලාපොරොත්තු වෙන අතර, වැඩියෙන්ම නිවැරදි උත්තර දුන්න උදවිය දහ දෙනාට කිඹුලනැටුවගමේ (කොපිරයිට් සුරංග)සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත පුස්ලෝඩං එක බැගිනුත්, ඊළඟ දහ දෙනාට බිබික්කම් එක බැගිනුත් දෙන්නට කටයුතු යොදා ඇත.
එහෙනං ඕං පුරස්න:
1. අලියෙක් ශීතකරණයක් ඇතුළට පියවර තුනකින් දැමිය හැක. ඒ පියවර තුන මොනවාද?