Posts

Showing posts from October, 2015

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

උතුං ලඞ්කාංඩුවට ගෞරව බහුමානයෙන් යුක්තව දන්වා සිටින වගනම් - සහ අලි ප්‍ර‍‍හ‍ේලිකා අංක 3

Image
"බිසී වීම මනුෂ්‍ය ගතියකි. ඇරියස් කවර් කිරීම දේව ගතියකි."
ආදර්ශ පාඨයකිං ලියවිල්ල ආරම්භ කිරීම ක්ලැසික් ගතියකි

මේ අපි කවුරුත් හොඳින් දන්න අඳුනන වල් මදාවියා හෙවත් විසිටරයා විසින් මා අරභයා දේශනා කරන ලද ආදුරුස පාටයකි.

මේ ආදුරුස පාටය දේශනා කරන්නට යෙදුන නිමිත්ත වූයේ මා පහුගිය දෙසතියේ අම්බානකට බිසී වීම නිසා බ්ලොග් ලෝකයේ වූ දේවල් (තියා නිවුස් මොනවක්වත් පවා) කිසිම දෙයක් නොදන්නා තත්ත්වයකට පත්වීමය.

ඩ්‍රැකියානිත් මාත් අවුරුදු තුනක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අපේ කිරුළ හිමි ඩ්‍රැකී කුමාරයා මේ ලෝකයට බිහි වූයේ පහුගිය සතියේය.



ඉතිං මාර ආතල් ය. පාන්ද හතරට නැගිට, මෑණි පාර්ශවයත් එක්ක සෙටමෝල් වී උයාගෙන (ඒ කියන්නෙ අම්මට පොල් මිරිකා දී එයා උයා දෙන කෑම එක බැඳගෙන.) ඩ්‍රැකියානිට තේත් හදාගෙන හොස්පිටලය බලා පිටත් වන්නෙමි. ඊට පස්සෙ ගෙදර ආ වෙලේ ඉඳං, "හනේ දෝනිට මේ කෑමම දවල්ටත් දෙන්නෙ කෙ‍ාහොමදැ?" යි විස්සෝප වෙන අම්මා එක්ක තවත් මොකක් හරි වෑඤ්ජනයක් දෙකක් උයා, ඩ්‍රැකියානිගේ සහ පසුකාලීනව ඩ්‍රැකි පැටියාගේ කිලිටි රෙදි ගොන්න සෝදා දමා, අම්මාද කිහිල්ලේ ගසාගෙන දවල්ට ඩ්‍රැකියානි බලන්නට යන්නෙමි. ඒ කොල්ලා ගෙදර ඇ…

අලි කූඹි කතා - පිළීතුරු සහ ජයග්‍රාහකයෝ...

Image
පසුගියදා මම ඉදිරිපත් කළ අලි කූඹි කතා නවයට පිළිතුරු සපයන්න සහ අදහස් දක්වන්න ඉදිරිපත් වුනු හැමෝටමත්, තවත් අලි කූඹි කතා දෙකක් එකතු කරපු මනෝ මන්දිර සහෝදරයටත් ගොඩක් ඉස්තූතියි.

මෙන්න එහ‍ෙනම් හරි පිළීතුරු සහ ජයග්‍රාහක බවතුන් ගේ ලේඛනය -

1. ප්‍රශ්නය.
අර අලියට හෙම්බිරිස්සාව නිසා කුරුම්බා බිව්වෙ නෑ.

අපේ දොස්තර මාම නං කියන්නෙ, ඒක හරි මැටි අදහසක් බවයි. කුරුම්බා තැඹිලි වගේ දේවල තියෙන්නෙ සේලයින් දියරයෙම සංයුතිය ඇති දියරයක්. එතකොට සෙම, උණ ආදී ලෙඩ හැදිලා අමාරු වෙලා ඉස්පිරිතාලෙ නෙියන ලෙඩ්ඩුන්ට සේලයින් දෙන්නත් එපා කියනවද කියලා උන්නැහැ අහනවා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, යක්‍ෂ්‍යන්ත ශ්‍රීනාත් හෙවත් කැමා, ඉවෝන් ලව්පූසා, බණ්ඩා, ගබා, නිදහසේ නවාතැන

2. ප්‍රශ්නය.
අනික් අලියට සීසන් එකක් තිබුණා.

නිවැරදි පිළිතුරු දුන්න අය - 
බස්සි, මනෝ මන්දිර, කැමා, ලව්පූසා, බණ්ඩා, ගබා, කුරුට්ටා

3. ප්‍රශ්නය.
අනික් අලියා වෙන ආගමක (මුස්ලිම් හරි කතෝලික හරි නිඝණ්ඨ හරි ඔය මොකක් හරි...)

නිවැරදි පිළිතුරු දුන්න‍ෙ 
නිදහසේ නවාතැන විතරයි

4. ප්‍රශ්නය.
කූඹියා පිළීමගෙට ඇතුල් වෙද්දි ගළවලා ගියපු සෙරෙප්පු දෙක දොරටුවෙ තිබුණා. අලියා දැනගත්තෙ …

අලි ප්‍රහේලිකා අංක 2 - අලි කූඹි කතා...

Image
මෙන්න ඔබ පුල පුලා - තල තලා බලා සිටි, අලි ප්‍රහේලිකා අංක දෙක අරන් අදත් ඔබේ නිවහනට ගොඩවදින්නේ ඔබේ සුමිතුරු ඩ්‍රැකියා. සමහර උදවිය දැනටමත් හොඳින් දන්නා පෞරාණික කතන්දර කීපයක් අරගෙනයි මේ ආවේ. ඔන්න එහෙනං පුරස්න...

01.
අලි දෙන්නෙක් කැලයක් මැදින් ගමනක් ගියා. ඉන් එක අලියෙක් කුරුම්බ ගහකට නැගලා, කුරුම්බා ගෙඩි හතඅටක් කඩලා, කීපයක් බීලා, අනිකටත් බොන්න කිව්වා. ඒත් අනික් අලියා බිව්වෙ නෑ. ඇයි ඒ?

02.
අලි දෙන්නා කැළෙන් එළියට ඇවිත්, පාරටම ඇවිල්ලා බස් එකකට නැග්ගා. එක අලියෙක් ටිකට් එකක් ගත්තා. අනිකා ටිකට් එකක් ගත්තෙ නෑ. ඇයි ඒ?

03.
අලි දෙන්නා බස් එකෙන් බැහැලා පන්සලකට ගියා. එක අලියෙක්ගෙ ගජ මිතුරා වුන, කූඹියා හිටියෙ ඒ පන්ස‍ලේ. පන්සලේ හාමුදුරුවො දැකපු එක අලියෙක් ඒ හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා. අනික් අලියා වැන්දෙ නෑ. ඇයි ඒ?

04.
අලි දෙන්නා කූඹියත් එක්ක හැංගිමුත්තං සෙල්ලං කරන්න පටන් ගත්තා. අලි දෙන්නා මුලිම්ම හැංගුනා. කූඹියා ලේසියෙන්ම උන් දෙන්නව හොයාගත්තා. හැබැයි කූඹියා හැංගුනහම අලින්ට ඌව හොයාගන්න ගොඩක් අමාරු උනා. අන්තිමේ එක අලියෙක් පිළීම ගේ ළඟට ඇවිත් දැනගත්තා කූඹියා ඒක ඇතුලෙ ඉන්නෙ කියලා. අලියා කොහොමද ඒක දැනගත්තෙ?